Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3901-4000 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2801. සුදස්සනො මහාවීරො දෙසෙන්තො අමතං පදං, පරිවුතො සාවකෙහි වසතී ඝරමුත්තමෙ.
Sinhala BJT2801. මනා දැකීම් ඇති මහාවීර වූ සිදුහත් බුදුරජතෙම අමාදහම් දෙසමින් ශ්‍රාවක සඞ්ඝයා විසින් පිරිවරණලදු ව උත්තම විහාරයෙහි වැඩ වෙසෙයි.
Pali BJT2802. තාය වාචාය මධුරාය සඞ්ගණ්හාති{1} මහාජනං, ඝොසො ච විපුලො ආසි ආසංසො{2} දෙවමානුසෙ.
Sinhala BJT2802. ඒ මිහිරි බසින් මහාජනයාට සඞ්ග්‍රහ කෙරෙයි. දෙවි මිනිසුන් අතුරෙහි පැතිරී ගිය දෙසුම් හඬ ද මහත් විය.
Pali BJT2803. නිග්ඝොසසසද්දං සුත්වාන සිද්ධත්ථස්ස මහෙසිනො, සද්දෙ චිත්තං පසාදෙත්වා අවන්දිං ලොකනායකං.
Sinhala BJT2803. මෙසේ සිදුහත් බුදුරජුන්ගේ මහත් ශබ්දයෙහි සිත පහදවා ලෝකනායක වූ බුදුරජුන් වැන්දෙමි.
Pali BJT2804. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2804. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ මිහිරි හඬෙහි) යම් ශබ්දසංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි මේ විපාක යි.
Pali BJT2805. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2805. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සද්දසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසද්දසඤ්ඤකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTසද්දසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT318. තිරංසියත්ථෙරාපදානං.
Sinhala BJT318. තිරංසිය ස්ථවිරාවදානය
Pali BJT2806. කෙසරිං අභිජාතංව අග්ගික්ඛන්ධංව පබ්බතෙ, ඔභාසෙන්තං දිසා සබ්බා{3} සිද්ධත්ථං පබ්බතන්තරෙ.
Sinhala BJT2806. ශ්‍රේෂ්ඨජන්ම ඇති කේශරසිංහයකු වැනි වූ ද, පර්‍වතයෙහි (දිලියෙන) ගිනිකඳක් වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන්නා වූ කඳු අතුරෙහි (වැඩහුන්) සිදුහත් බුදුරජුන් (දිටිමි.)
Pali BJT2807. සුරියස්ස ච ආලොකං චන්දාලොකං තථෙව ච, බුද්ධාලොකඤ්ච දිස්වාන විත්ති මෙ උදපජ්ජථ.{4}
Sinhala BJT2807. බුද්ධාලොකය ද, සූර්‍ය්‍යාලෝකය ද එසේ ම චන්‍ද්‍රාලෝකය ද, දැක මට ප්‍රීතිය පහළ විය.
Pali BJT2808. තයො ආලොකෙ දිස්වාන බුද්ධඤ්ච{5} සාවකුත්තමං, එකංසං අජිනං කත්වා සන්ථවිං ලොකනායකං.
Sinhala BJT2808. මේ තුන් එළිය දැක අඳුන් දිවිසම එකස් කොට ශ්‍රාවකොත්තම වූ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙම්.
Pali BJT2809. තයො හි ආලොකකරා ලොකෙ ලොකතමොනුදා, චන්දො ච සුරියො චාපි බුද්ධො ච ලොකනායකො.
Sinhala BJT2809. ලොව්හි ලොවඳුරු දුරු කරන්නා වූ එළිය පතුරුවන්නෝ තිදෙනෙක් වෙති: චන්‍ද්‍රයා ද සූර්‍ය්‍යයා ද ලෝකනායක වූ බුදුරජ ද යන මේ තිදෙනා යි.
Pali BJT2810. ඔපම්මමුපදස්සෙත්වා කිත්තිතො මෙ මහාමුනි, බුද්ධස්ස වණ්ණං කිත්තෙත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT2810. මා විසින් (මෙසේ) උපමා දක්වා මහාමුනි වූ බුදුරජ පසසන ලදී. බුදුරජුන්ගේ ගුණ ප්‍රකාශ කොට කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT2811. චතුනවුතෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT2811. මෙයින් සිවුඅනූවන කපෙහි යම් බුදුගුණ වැණුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදු ගුණ පැවසීමෙහි මේ විපාක යි.
Pali BJT2812. එකසට්ඨිම්භිතො කප්පෙ එකො ඤාණධරො අහු, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2812. මෙයින් එක්සැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඤාණධර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2813. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2813. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිරංසියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිරංසිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිරංසියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTතිරංසිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT319. කන්දලිපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT319. කන්‍දලිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2814. සින්ධුයා නදියා තීරෙ අහොසිං කස්සකො තදා, පරකම්මායනෙ යුත්තො පරභත්තං අපස්සිතො.
Sinhala BJT2814-2815. එකල්හි (මම) සින්‍ධුනදීතීරයෙහි අනුන්ගේ මෙහෙ කිරීමෙහි යෙදුනු ගොවියෙක් වීමි. අනුන්ගෙන් ලැබෙන බතක් නොසෙවුනෙම් වීමි. සින්‍ධු ගං ඉවුර දිගේ ගමන් කරන්නා වූ මම පිපුණු නෙළුම් මලක් මෙන් සමාධියෙන් යුතුව හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
Pali BJT2815. සින්ධුමනුචරන්තො’හං සිද්ධත්ථං ජිනමද්දසං, සමාධිනා නිසින්නංව සතපත්තංව පුප්ඵිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2816. සත්ත කන්දලිපුප්ඵානි වණ්ටෙ ඡෙත්වානහං තදා, මත්ථකෙ අභිරොපෙසිං බුද්ධස්සාදිච්චබන්ධුනො.
Sinhala BJT2816. මම එකල්හි කඳලගෙඩියමල් සතක් නටුවෙන් කඩා හිරුගොත්හි වූ බුදුරජුන්ගේ හිසමත නගාලීමි.
Pali BJT2817. සුවණ්ණවණ්ණං සම්බුද්ධං අනුකූලෙ සමාහිතං, තිධා පභින්නමාතඞ්ගං කුඤ්ජරංව දුරාසදං.
Sinhala BJT2817. සුදුසු තන්හි හෙවත් සුදුසු අරමුණෙහි එකඟ වූ සිත් ඇති ස්වර්‍ණවර්‍ණ වූ ත්‍රිමදගලිත හස්තිරාජයකු වැනි වූ දුරාසද වූ (=ගුණයෙන් කිසිවකු විසින් ලංවිය නො හැක්කා වූ)
Pali BJT2818. තමහං උපගන්ත්වාන නිපකං භාවිතින්ද්රියං, අඤ්ජලිං පග්ගහෙත්වාන අවන්දිං සත්ථුනො අහං.
Sinhala BJT2818. ප්‍රඥාවත් වූ වැඩූ සැදැහැ ඈ ඉඳුරන් ඇති ඒ බුදුරජුන් වෙත එළඹ මම ඒ බුදුන් ඇඳිලි බැඳ වැන්දෙමි.
Pali BJT2819. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2819. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2820. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2820. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කන්දලිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කන්‍දලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකන්දලිපුප්ඵියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTකන්‍දලිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT320. කුමුදමාලියත්ථෙරාපදානං.
Sinhala BJT320. කුමුදමාලිය ස්ථවිරාවදානය
Pali BJT2821. උසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං, විපස්සිනං මහාවීරං අභිජාතංව කෙසරිං.
Sinhala BJT2821-2822. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂී වූ පස්මරුන් දිනූ විශිෂ්ට ජන්ම ඇති සිංහයකු වැනි වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ මහමගට පිළිපන් විපස්සී බුදුරජුන් (දිටිමි). දැක කුමුදුමල් ගෙණ (එයින්) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
Pali BJT2822. රථියං පටිජ්ජන්තං ආහුතීනං පටිග්ගහං, ගහෙත්වා කුමුදං මාලං බුද්ධසෙට්ඨං සමොකිරිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2823. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2823. මෙයින් එකානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2824. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2824. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුමුදමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුමුදමාලියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTකුමුදමාලිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTආරක්ඛදො භොජනදො ගතසඤ්ඤී පදුමියො, පුප්ඵාසනි සන්ථවිකො සද්දසඤ්ඤී තිරංසිකො කන්දලිකො කුමුදී ච සත්තපඤ්ඤාස ගාථකා.
Sinhala BJTආරක්ඛ ද භෝජන ද ගතසඤ්ඤී පදුමිය පුප්ඵාසනී සන්‍ථවික සද්දසඤ්ඤී තිරසිංක කන්‍දලික කුමුදීදැයි ගී සත්පණසෙක් වේ.
Pali BJTආරක්ඛදායකවග්ගො බත්තිංසතිමො.
Sinhala BJTආරක්‍ෂාදායක වර්‍ගය දෙතිස්වනු යි.
Pali BJT33. උම්මාපුප්ඵියවග්ගො
Sinhala BJT33. උම්මාපුප්ඵිය වර්‍ගය
Pali BJT321. උම්මාපුප්ඵියත්ථෙරාපදානං{*}
Sinhala BJT321. උම්මා පුප්ඵීය ස්ථවිරාවදානය
Pali BJT2825. සමාහිතං සමාපන්නං සිද්ධත්ථමපරාජිතං, සමාධිනා උපවිට්ඨං අද්දසාහං නරුත්තමං.
Sinhala BJT2825. අරමුණෙහි පිහිටු වූ සිතැති සමවතට සමවන් පස්මරුන්ගෙන් නො පැරදුනු සමාධියෙන් හුන් සිදුහත් බුදුරජුන් දිටිමි.
Pali BJT2826. උම්මාපුප්ඵං ගහෙත්වාන බුද්ධස්ස අභිරොපයිං, සබ්බෙ පුප්ඵා එකසීසා උද්ධවණ්ටා{1} අධොමුඛා.
Sinhala BJT2826. (දැක) දියබෙරලිය මල් ගෙණ බුදුරජුන් පිදීම. හැම මල් සමසිස් උඩුහුරු නටු ඇති ව යටිමිණි ව සිටියේ ය.
Pali BJT2827. සුචිත්තා විය තිට්ඨන්තෙ ආකාසෙ පුප්ඵසන්ථරෙ{2}, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජහං.
Sinhala BJT2827. ඉතා විසිතුරුව අහසෙහි මල් ඇතිරියක් මෙන් සිටි කල්හි (ඒ පිළිබඳව ඇති වූ) එම චිත්තප‍්‍රසාදය හේතු කොට ගෙණ මෙම තුසිත දෙව් ලොව උපනිමි.
Pali BJT2828. චතුනවුතෙ ඉතො{3} කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2828. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2829. පඤ්චපඤ්ඤාසිතො කප්පෙ එකො ආසිං මහීපති, සමන්තච්ඡදනො නාම චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2829. මෙයින් පස්පණස්වන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්නච්ඡදන නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2830. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2830. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උම්මාපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මෙ අයුරින් ආයුෂ්මත් උම්මාපූප්ඵීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋම්මාපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTඋම්මාපුප්ඵීයස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT322. පුලිනපුජකත්ථෙරාපදානං.
Sinhala BJT322. පුලිනපූජක ස්ථවිරාවදානය
Pali BJT2831. කකුධං විපසන්තංව නිසභාජානියං යථා, ඔසධිංව විරොචන්තං ඔභාසන්තං නාරාසභං.
Sinhala BJT2831. බබලන කුඹුක් ගසක් වැනි වූ ද, ශ්‍රේෂ්ඨ ආජානීයයකු බඳු වූ ද, ඕසධී තාරකාව මෙන් දිලියෙන ප‍්‍රභාශ්වර වූ නරශ්‍රේෂ්ඨ බුදුරජුන් දිටිමි.
Pali BJT2832. අඤ්ජලිං පග්ගහෙත්වාන අවන්දිං සත්ථුනො අහං, සත්ථාරං පරිවණ්ණෙසිං සකකම්මෙන තොසිතො.{4}
Sinhala BJT2832-2833. (දැක) මම ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේ වැන්දෙමි. බුදුරජුන් පැසසීමි. සිය පින්කමින් තුටු වූයෙම් පිරිසිදු වැලි ගෙණ ඔඩොක්කුවෙහි ලා ගෙණ ගොස් විපස්සී බුදුරජුන් වැඩි මගෙහි දැමීමි.
Pali BJT2833. සුසුද්ධං පුලිනං ගය්හ ගතමග්ගෙ සමොකිරිං, උච්ඡඞ්ගෙන ගහෙත්වාන විපස්සිස්ස මහෙසිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2834. තතො උපඩ්ඪපුලිනං විප්පසන්නෙන චෙතසා, දිවාවිහාරෙ ඔසිඤ්චිං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT28334. ඉක්බිති වෙසෙසින් පහන් වූ සිතින් ඉන් අඩක් වැලි බුදුරජුන් දහවල් වසන තන්හි තාදීගුණ ඇති තථාගතයන්හට පූජාවක් ලෙස විසුළෙමි.
Pali BJT2835. එකනවුතෙ ඉතො කප්පෙ පුලිනං යමසිඤ්චහං, දුග්ගතිං නාභිජානාමි පුලිනස්ස ඉදං ඵලං.
Sinhala BJT2835. මෙයින් එක්අනූවන කපෙහි මම යම් වැලි ඉසීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැලි ඉසීමෙහි මේ විපාක යි.
Pali BJT2836. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2836. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුලිනපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුලිනපූජකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTපුලිනපූජකස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT323. හාසජනකත්ථෙරාපදානං.
Sinhala BJT323. හාසජනක ස්ථවිරාවදානය
Pali BJT2837. දුමග්ගෙ පංසුකූලකං{1} ලග්ගං දිස්වාන සත්ථුනො, අඤ්ජලිම්පග්ගහෙත්වාන භිය්යො උච්චරිතං මයා.
Sinhala BJT2837. ශාස්තෲන් වහන්සේගේ පසුල් සිවුර ගස්මුදුනක එල්බෙනු දැක මා විසින් ඇඳිලි බැඳ (එය) වඩාත් ඔසවන ලදී.
Pali BJT2838. දූරතො පතිදිස්වාන{2} හාසො මෙ උදපජ්ජථ,{3} අඤ්ජලිම්පග්ගහෙත්වාන භිය්යො චිත්තං පසාදයිං.
Sinhala BJT2838. ආපසු හැරී නැවත එය දැක්මෙන් මට සතුට පහළ විය. (ඉක්බිති) මුදුනෙහි ඇඳිලි බැඳ වඩාත් සිත පැහැද වීමි.
Pali BJT2839. එකනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2839. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි (බුදුරජුන්ගේ පසුල් සිවුර පිළිබඳ) යම් පහන් හැඟීමක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධචීවරය පිළිබඳ පහන් හැඟීමෙහි මේ විපාක යි.
Pali BJT2840. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2840. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හාසජනකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් හාසජනක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTහාසජනකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTහාසජනකස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT324. යඤ්ඤසාමිකත්ථෙරාපදානං.
Sinhala BJT324. යඤ්ඤසාමික ස්ථවිරාවදානය
Pali BJT2841. ජාතියා සත්තවස්සොහං අහොසිං මන්තපාරගූ, කුලවංසං{4} අධාරෙසිං යඤ්ඤො උස්සාහිතො මයා.
Sinhala BJT2841. උපතින් සත්හැවිරිදි වූ මම වේදයෙහි පරතෙර පතුයෙම් කුල පරපුර දැරීමි. මා විසින් යාගයක් අරඹන ලදී.
Pali BJT2842. චුල්ලාසීතිසහස්සානි පසූ හඤ්ඤන්ති මෙ තදා, සාරථම්භුපනීතානි{5} යඤ්ඤත්ථාය උපට්ඨිතා.
Sinhala BJT2842. එකල්හි මා විසින් අසූසාරදහසක් සිවුපාවෝ මරණ ලැබෙත්, (ඒ සිවුපාවෝ) යාගය පිණිස යූපස්ථම්භය වෙත පමුණුවන ලද්දාහු පසෙක සිටියාහුය.
Pali BJT2843. උක්කාමුඛපහට්ඨොව ඛදිරඞ්ගාරසන්නිභො, උදයන්තොව සුරියො පුණ්ණමාසෙව චන්දිමා.
Sinhala BJT2843-2844. උදුන්මුවැ පහළ ස්වර්‍ණයකට බඳු වූ ද උදාවන හිරු වැනි වූ ද පසළොස්වක් දිනයෙහි සඳු වැනි වූ ද කිහිරඟුරු මෙන් බබළන පැහැපත් මුහුණු ඇත්තේ සතුටු වූ තුන්ලෝවාසීන් විසින් පුදන ලද (තිලොවට) හිත වූ මුදුන් පමුණුවා ගත් සියලු අභිමතාත්‍ථි ඇති සිදුහත් බුදුරජ තෙම (එතැනට) එළඹ මේ වචන වදාළේය:
Pali BJT2844. සිද්ධත්ථො සබ්බසිද්ධත්ථො තිලොකමභිතො හිතො, උපගන්ත්වාන සම්බුද්ධො ඉදං වචනමබ්රවි-
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2845. “අහිංසා සබ්බපාණානං කුමාර මම රුච්චති, ථෙය්යා ච අතිචාරා ච මජ්ජපානා ච ආරති.
Sinhala BJT2845-2846. “කුමර සව්සත්නට හිංසා නො කිරීම මට රිසියේ. එසේ ම සොරකමින් දුරාචාරයෙන් මත්පැන් පීමෙන් වැලැක්මත්, සමචරියාවෙහි ඇල්ම ද, බහුශ‍්‍රැත බව හා කෘතඥ බව ද, (මට රිසියේ). මේ ධර්‍මයෝ මෙලොව්හි ද පරලොව්හි ද ප‍්‍රශංසා කටයුත්තෝ වෙත්.
Pali BJT2846. රති ච සමචරියාය බාහුසච්චං කතඤ්ඤුතා, දිට්ඨෙ ධම්මෙ පරත්ථ ච එතෙ ධම්මා පසංසියා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2847. එතෙ ධම්මෙ භාවයිත්වා සබ්බසත්තහිතෙ රතො, බුද්ධෙ චිත්තං පසාදෙත්වා භාවෙහි මග්ගමුත්තමං”.
Sinhala BJT2847. මේ ධර්‍මයන් වඩා සව්සත්නට හිත වැඩෙහි ඇළුනේ බුදුරජුන් කෙරෙහි සිත පහදවා උතුම් මග (=ප‍්‍රතිපත්තිය) වඩව”.
Pali BJT2848. ඉදං වත්වාන සබ්බඤ්ඤූ ලොකජෙට්ඨො නරාසභො, මමෙවමනුසාසිත්වා වෙහාසමුග්ගතො ගතො.
Sinhala BJT2848. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙම මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහස් නැග නික්ම ගියේ ය.
Pali BJT2849. පුබ්බෙ චිත්තං විසොධෙත්වා පච්ඡා චිත්තං පසාදයිං, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජහං.
Sinhala BJT2849. පළමු ම සිත පිරිසිදු කොට පසුව සිත පැහැද වීමි. මම ඒ චිත්තප‍්‍රසාදයෙන් තුසිත දෙව්ලොව උපනිමි.
Pali BJT2850. චතුනවුතෙ ඉතො කප්පෙ යදා චිත්තං පසාදයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2850. මෙයින් සිවුඅනූවක කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන් කෙරෙහි) සිත පැහැද වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුන් සිහි කොට සිත පැහැදැ වීමෙහි මේ විපාක යි.
Pali BJT2851. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2851. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යඤ්ඤසාමිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් යඤ්ඤසාමික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTයඤ්ඤසාමිකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTයඤ්ඤසාමික ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT325. නිමිත්තසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT325. නිමිත්තසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2852. වන්දහාගානදීතීරෙ වසාමි අස්සමෙ අහං, සුවණ්ණමිග මද්දක්ඛිං චරන්තං විපිනෙ අහං.
Sinhala BJT2852. මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි අසපුවක වෙසෙමි. මම වනයෙහි හැසිරෙන රන්වන් මුවකු දිටිමි.
Pali BJT2853. මිගෙ චිත්තං පසාදෙත්වා ලොකජෙට්ඨමනුස්සරිං, තෙන චිත්තප්පසාදෙන අඤ්ඤෙ බුද්ධෙ අනුස්සරිං.
Sinhala BJT2853. ඒ රන්වන් මුවා කෙරෙහි සිත පහදවා බුදුරජුන් සිහි කෙළෙමි. ඒ සිත් පැහැදීමෙන් අන් බුදුරුවන් සිහි කෙළෙමි.
Pali BJT2854. අබ්භතීතා ච යෙ බුද්ධා වත්තමානා අනාගතා, එවමෙව විරොචන්ති මිගරාජාව තෙ තයො.
Sinhala BJT2854. “අතීතයෙහි යම් බුදුකෙනෙක් වූවාහු ද වර්‍තමානයෙහි හා අනාගතයෙහි යම් බුදුකෙනෙක් වෙත් ද, ඒ තෙකල්හි වූ බුදුවරු මේ ස්වර්‍ණමෘගරාජයා මෙන් බබලත්” යයි සිහි කෙළෙමි.
Pali BJT2855. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2855. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුදුවරයන් වහන්සේ කෙනකුන් සිතින් සිහිපත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒ බුදුවරුන් සිහිපත් කිරීමෙහි මේ විපාක යි.
Pali BJT2856. සත්තවීසෙ ඉතො කප්පෙ එකො ආසිං මහීපති, අරඤ්ඤසත්තො නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2856. මෙයින් සත්විසිවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අරඤ්ඤසත්ත නම් රජෙකිම් වීමි.
Pali BJT2857. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2857. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිමිත්තසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නිමිත්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනිමිත්තසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTනිමිත්තසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT326. අන්නසංසාවකත්ථෙරාපදානං.
Sinhala BJT326. අන්නසංසාවක ස්ථවිරාවදානය
Pali BJT2858. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අන්තරාපණෙ, කඤ්චනග්ඝියසඞ්කාසං බත්තිංසවරලක්ඛණං.
Sinhala BJT2858. අතුරු අවුණෙහි (අන්තරාපනයෙහි) වඩින්නා වූ කසුන් ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස් ලකුණු යුත් රන්වන් බුදුරජුන් (දිටිමි).
Pali BJT2859. සිද්ධත්ථං සබ්බසිද්ධත්ථං අනෙජමපරාජිතං, සම්බුද්ධං අතිනාමෙත්වා භොජයිං තං මහාමුනි.
Sinhala BJT2859. සර්‍වාර්‍ත්‍ථයන් සිදු කළ කම්පාවක් නොමැති පස්මරුන් පරදවා ජය ගත් සිදුහත් බුදුරජුන් වැඩම කරවා මහාමුනි වූ සර්‍වඥයන් වහන්සේ වැළඳ වීමි.
Pali BJT2860. මුනි කාරුණිකො ලොකෙ ඔභාසයි මමං තදා, බුද්ධෙ චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT2860. එකල්හි ලොව්හි කාරුණික වූ බුදුරජ තෙම මාවෙත ආලොකය පැතිර වීය. මම බුදුරජුන් කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT2861. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භික්ඛාදානස්සිදං ඵලං.
Sinhala BJT2861. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාක යි.
Pali BJT2862. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2862. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අන්නසංසාවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අන්තසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅන්නසංසාවකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඅන්තසංසාවක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT327. නිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT327. නිග්ගුණ්ඩිපුප්ඵීය ස්ථවිරාවදානය
Pali BJT2863. යදා දෙවො දෙවකායා චවති ආයුසඞ්ඛයා, තයො සද්දා නිච්ඡරන්ති දෙවානං අනුමොදතං.
Sinhala BJT2863. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් ච්‍යුත ව යේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ විවිධ ශබ්දකෙනෙක් නිකුත් ව යෙත්:{*}
Pali BJT2864. “ඉතො භො සුගතිං ගච්ඡ මනුස්සානං සහව්යතං, මනුස්සභූතො සද්ධම්මෙ ලභ සද්ධමනුත්තරං.
Sinhala BJT2864. ‘පින්වත, මෙයින් සැව මනුෂ්‍යයන්ගේ ස්වභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ‍්‍රද්ධාව ලබනු මැනව (1)
Pali BJT2865. සා තෙ සද්ධා නිවිට්ඨස්ස මූලජාතා පතිට්ඨිතා, යාවජීවං අසංහීරා සද්ධම්මෙ සුප්පවෙදිතෙ.
Sinhala BJT2865-2867. තාගේ ඒ ශ‍්‍රද්ධා තොමෝ (තථාගත) ප‍්‍රවිදිත වූ (කුශල) සද්ධර්‍මයෙහි නිශ්චය විසින් බැස ගන්නා ලද්දී හටගත් මුල් ඇත්තී (තොප) දිවි ඇති තාක් නොසැලුනී වේවා. කයින් කුසල්, වචනයෙන් කුසල් බොහෝ කොට - සිතින් ව්‍යාපාද රහිත ක්ලේශෝපධි රහිත කුසල් කොට - තවද දන් දීමෙන් ඒ ඔපධික (අත්බැව් සපුවට හා සම්පත් භවයට හිතවූ) පින් බොහෝ කොට - අන් මිනිසුන් ද කුශලධර්‍මයෙහි, බ‍්‍රහ්මචර්‍ය්‍යයෙහි පිහිටුවනු මැනව”. (2)
Pali BJT2866. කායෙන කුසලං කත්වා වාචාය කුසලං බහුං, මනසා කුසලං කත්වා අබ්යාපජ්ජං නිරූපධිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත