Pali BJT281. වීථන්තරෙ{9} අනුප්පත්තං උපගන්ත්වාන පුච්ඡ’හං, කථං ගොත්තො’සි ත්වං වීර කස්ස සිස්සො’සි මාරිස?
Sinhala BJT281. මම වීථිය තුළට පැමිණ උන්වහන්සේ වෙත එළඹ ‘වීරයන් වහන්ස, ඔබ වහන්සේ කිනම් ගෝත්‍ර ඇති සේක් ද? නිදුකානන් වහන්ස, කවරෙකුගේ ශිෂ්‍යයෙක් වන සේක්දැ’ යී විචාළෙමි.
Pali BJT282. සො මෙ පුට්ඨො වියාකාසි අසම්භීතොව{10} කෙසරී, බුද්ධො ලොකෙ සමුප්පන්නො තස්ස සිස්සො’ම්හි ආවුසො.
Sinhala BJT282. මා විසින් විචාරණලද උන්වහන්සේ කේශරසිංහයකු මෙන් නිර්භීත ව මෙසේ ප්‍රකාශ කළ සේක:- බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේකි. ඇවැත්නි, මම උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් වෙමි.’
Pali BJT283. කීදිසං තෙ මහාවීර අනුජාත මහායස,{11} බුද්ධස්ස සාසනං ධම්මං? සාධු මෙ කථයස්සු භො.
Sinhala BJT283. ‘අනුජාත (බුද්ධ) පුත්‍රයානෙනි, මහා සශස් ඇත්තානෙනි, මහා වීරයානෙනි, ඔබගේ ඒ බුදුරජානන් වහන්සේගේ ශාසනධර්‍මය කෙබඳු ද? පින්වත, මට යහපත් ලෙස ශාසනය පවසනු මැනව.’
Pali BJT284. සො මෙ පුට්ඨො කථි{1} සබ්බං ගම්භීරං නිපුණං පදං, තණ්හාසල්ලස්ස භන්තාරං සබ්බදුක්ඛාපනූදනං.{2}
Sinhala BJT284. මාවිසින් විචාරණලද හෙතෙමේ ගැඹුරු වූ සියුම් වූ තෘෂ්ණා නැමැති හුල නැති කරන්නා වූ සියලු දුක් දුරු කරන්නා වූ අමෘත පද සඞ්ඛ්‍යාත ධර්‍මය මෙසේ පැවැසී ය:-
Pali BJT285. “යෙ ධම්මා හෙතුප්පභවා තෙසං හෙතුං තථාගතො ආහ, තෙසඤ්ච යො නිරොධො, එවංවාදී මහාසමණො”
Sinhala BJT285. “හේතුප්‍රභව වූ හෙවත් හේතූන් නිසා ඇති වන්නා වූ යම් ඵලධර්‍ම කෙනෙක් ඇත් නම්, එ ම (එල) ධර්‍මයන්ගේ හෙතුධර්‍ම ද, තථාගතයන් වහන්සේ වදාළසේක. (එසේ ම උන්වහන්සේ) එකී හේතුධර්‍මයන්ගේ වැළැක්ම (=නිරෝධය) ද (හේතු නිරෝධයෙන් ඇති වන්නාවූ ඵලනිරෝධය ද) වදාළසේක. මහාශ්‍රමණ වූ බුදුරජානන් වහන්සේ මෙබඳු කථා ඇති සේක”.
Pali BJT286. සො’හං විස්සජ්ජිතෙ පඤ්හෙ පඨමං ඵලමජ්ඣගං, විරජො විමලො ආසිං සුත්වාන ජිනසාසනං.
Sinhala BJT286. ඒ මම ප්‍රශ්නය (මෙසේ) විසඳු කල්හි ප්‍රථමඵලයට හෙවත් සෝවාන්ඵලයට පත් වීමි. එම බුද්ධානුශාසනය අසා කෙලෙස් රජස් රහිත වූ නිර්‍මල වූවෙක් වීමි.
Pali BJT287. සුත්වාන මුනිනො වාක්යං පස්සිත්වා ධම්මමුත්තමං, පරියොගාළ්හසද්ධම්මො ඉමං ගාථං අභාස’හං.
Sinhala BJT287. (අස්සජි) තෙරුන්ගේ වචනය අසා උත්තම වූ ධර්‍මය (ආර්‍ය්‍ය මාර්‍ගඥානයෙන්) දැක බැසගන්නාලද බුදුසසුන් ඇත්තෙම් මෙ ම ගාථාව කීමි:–
Pali BJT288. “එසො’ව ධම්මො යදි තාවදෙව පච්චබ්යථා පදමසොකං, අදිට්ඨං අබ්භතීතං බහුකෙහි{3} කප්පනහුතෙහි.
Sinhala BJT288. “ඉදින් මෙපමණක් වුවත් ධර්‍මය මෙය මැ යි. ඔබ නිර්‍වාණ පදය ප්‍රතිවේධ කෙළෙහි ය. බොහෝ වූ කල්ප නහුත ගණනක් අප විසින් නො දක්නාලදු ව ඉක්මගිය ඒ නිර්‍වාණපදය ඔබ වහන්සේ ප්‍රතිවේධ කළ සේක.
Pali BJT289. ස්වාහං ධම්මං ගවෙසන්තො කුතිත්ථෙ සඤ්චරිං අහං, සො මෙ අත්ථො අනුප්පත්තො කාලො මෙ නප්පමජ්ජිතුං”.
Sinhala BJT289. ඒ මම ධර්‍මය සොයන්නෙම් කුතීර්‍ත්‍ථයන්හි හැසුරුණෙමි. සෙවිය යුතු ඒ අර්‍ත්‍ථය ම විසින් ලබන ලදී. මට පමා නො වන්නට කාලය වේ.”
Pali BJT290. තොසිතො’හං අස්සජිනා පත්වාන අචලං පදං, සහායකං ගවෙසන්තො අස්සමං අගමා’සහං.
Sinhala BJT290. මම අස්සජි තෙරුන් විසින් සතුටු කරණ ලද්දෙම් වෙමි. මම නිශ්චල වූ අමෘතපදයට (=සෝවාන් ඵලයට) පැමිණ මිත්‍රයා (=කෝලිත) සොයමින් අසපුවට ගියෙමි.
Pali BJT291. දූරතොව මමං දිස්වා සහායො මෙ සුසික්ඛිතො, ඉරියාපථසම්පන්නො{4} ඉදං වචනමබ්රවී.
Sinhala BJT291. මනා ව හික්මුනා වූ මාගේ මිත්‍ර තෙමේ දුර දී ම සන්හුන් ඉරියවු වලින් යුතු වූ මා දැක මෙ ම වචනය කී ය:
Pali BJT292. පසන්නමුඛනෙත්තො’සි මුනිභාවොව දිස්සති අමතාධිගතො කච්චි නිබ්බානං අච්චුතං පදං?
Sinhala BJT292. “ඔබ පහන් වූ මුහුණ හා නෙත් ඇත්තේ ය. මුනිභාවය ම පෙණේ. කිම, අමෘතය (=නිවණ) අවබෝධ කෙළේ ද? අච්‍යුත සඞ්ඛ්‍යාත නිර්‍වාණ පදය අවබෝධ කෙළේ ද?
Pali BJT293. සුභානුරූපො ආයාසි ආනෙඤ්ජකාරිතො විය, දන්තොව දන්තදමථෙ{5} උපසන්තොසි බ්රාහ්මණ.
Sinhala BJT293. බ්‍රාහ්මණය, උත්තම දමථයෙන් (තෙමසක් හෙණ්ඩු ආදියෙන්) හික්මවනලද ඇතකු මෙන් පහන් පැහැයට සුදුසු ව එන්නේ ය. (ඔබ) සන්සිඳුනේ ද?”
Pali BJT294. අමතං මයා අධිගතං සොකසල්ලපනූදනං,{6} ත්වම්පි තං අධිගච්ඡාහි{7} ගච්ඡාම බුද්ධසන්තිකං.
Sinhala BJT294. “ශෝකය නැමැති හුල දුරු කරන්නා වූ (ඇද දමන්නා වූ) අමෘතය (නිවණ) මා විසින් අවබෝධ කර ගන්නාලදී. ඔබ ද එය අවබෝධ කර ගන්න. අපි බුදුරජානන් වහන්සේ සමීපයට යමු”.
Pali BJT295. ‘සාධූ’ති සො පටිස්සුත්වා{8} සහායො මෙ සුසික්ඛිතො, හත්ථෙන හත්ථං ගණ්හිත්වා උපාගමි{9} තව’න්තිකං.{10}
Sinhala BJT295. හික්මුනා වූ ඒ මාගේ යහළු තෙමේ මැනවැයි පිළිවදන් දී අතින් අත ගෙණ ඔබවහන්සේගේ සමීපයට පැමිණියේ ය.”
Pali BJT296. උභොපි පබ්බජිස්සාම සක්යපුත්ත තව’න්තිකෙ{1}, තව සාසනමාගම්ම විහරාම අනාසවා.
Sinhala BJT296. ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේගේ සමීපයෙහි (අපි) දෙදෙන ම පැවිදි වන්නෙමු. ඔබවහන්සේගේ අවවාදය ලැබ ආශ්‍රව රහිත ව වසමු.
Pali BJT297. කොලිතො ඉද්ධියා සෙට්ඨො අහං පඤ්ඤාය පාරගො, උභොව එකතො හුත්වා සාසනං සොභයාමසෙ.
Sinhala BJT297. කෝලිත තෙමේ ඍද්ධියෙන් ශ්‍රේෂ්ඨ ය. මම ප්‍රඥාවේ පරතෙරට ගියෙමි. දෙදෙන ම එක් ව සසුන හොබවමු.
Pali BJT298. අපරියොසිතසඞ්කප්පො කුතිත්ථෙ සඤ්චරිං අහං, තව දස්සනමාගම්ම සඞ්කප්පො පූරිතො මම.
Sinhala BJT298. කෙළවරට නො පත් බලාපොරොත්තු ඇත්තෙම් කුතීර්‍ත්‍ථයන්හි හෙවත් නො යා යුතු මගෙහි හැසුරුණෙමි. ඔබවහන්සේ දැකීම නිසා මාගේ බලාපොරොත්තුව සම්පූර්‍ණ වි ය.
Pali BJT299. පඨවියං පතිට්ඨාය පුප්ඵන්ති සමයෙ දුමා, දිබ්බගන්ධා සම්පවන්ති තොසෙන්ති සබ්බපාණිනං{2}.
Sinhala BJT299. පොළොවෙහි පිහිටා වෘක්‍ෂයෝ (සුදුසු) කාලයෙහි පිපෙත්. දිව සුවඳ හමත්. සියලු ප්‍රාණීන් සතුටු කරත්.
Pali BJT300. තථෙවා’හං මහාවීර සක්යපුත්ත මහායස, සාසනෙ තෙ පතිට්ඨාය සමයෙ’සාමි පුප්ඵිතුං.
Sinhala BJT300. මහාවීරයන් වහන්ස, ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, එසේ ම ඔබ වහන්සේගේ සසුනෙහි පිහිටා (රහත්මඟ නුවණින්) පිපෙන්නට (සුදුසු) කාලය සොයමි.
Pali BJT301. විමුත්තිපුප්ඵං එසන්තො භවසංසාරමොචනං, විමුත්තිපුප්ඵලාභෙන තොසෙමි සබ්බපාණිනං.
Sinhala BJT301. භවසංසාරයෙන් මුදවන්නා වූ විමුක්තිය නැමැති පුෂ්පය සොයන්නෙම් දැන් එම විමුක්තිපුෂ්පලාභයෙන් සියලු සත්ත්‍වයන් සතුටු කරමි.
Pali BJT302. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපෙත්වාන මහාමුනිං, පඤ්ඤාය සදිසො නත්ථි තව පුත්තස්ස චක්ඛුම.
Sinhala BJT302. පසැස් ඇත්තානන් වහන්ස, බුද්ධක්‍ෂේත්‍රය යම් පමණ වේ නම්, ඒ සියලු තන්හි (කෝටිලක්‍ෂයක් සක්වළ) සම්මා සම්බුදුරජානන් වහන්සේ හැර ප්‍රඥාවෙන් ඔබවහන්සේගේ පුත්‍රයාට (=ශාරීපුත්‍රයන්ට) සමාන කෙනෙක් නැත.
Pali BJT303. සුවිනීතා ච තෙ සිස්සා පරිසා ච සුසික්ඛිතා, උත්තමෙ දමථෙ දන්තා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT303. ඔහුගේ ශිෂ්‍යයෝ ද සුවිනීතයෝ ය. පිරිස ද මැනවින් හික්මුනේ ය. උතුම් ශික්‍ෂාවෙහි දමනය වූවෝ හැම කල්හි ඔහු ඒ ශාරිපුත්‍රයන් පිරිවරත්.
Pali BJT304. ඣායී ඣානරතා ධීරා සන්තචිත්තා සමාහිතා, මුනී මොනෙය්යසම්පන්නා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT304. ධ්‍යාන කරණ සුලු වූ ධ්‍යානයෙහි ඇලුනාවූ ධෛර්‍ය්‍යවත් වූ ශාන්ත සිත් ඇති සන්සුන් වූ නැණවත් මෞන නම් වූ නුවණින් යුත් භික්‍ෂූහු හැම කල්හි ඔහු පිරිවරත්.
Pali BJT305. අප්පිච්ඡා නිපකා ධීරා අප්පාහාරා ආලොලුපා, ලාභාලාභෙන සන්තුට්ඨා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT305. අල්පෙච්ඡ වූ ප්‍රාඥ වූ ධෛර්‍ය්‍යවත් වූ ස්වල්පාහාර ගන්නා වූ ලොල් නො වූ ලාභ අලාභ දෙකෙහි සම ව සතුටු වන්නා වූ භික්‍ෂූහු ඔහු පිරිවරත්.
Pali BJT306. ආරඤ්ඤකා ධුතධරා ඣායිනො ලූඛචීවරා, විවෙකාභිරාතා ධීරා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT306. අරණෙහි වසන්නා වූ (=ආරණ්‍යක) ධූතාඞ්ගධාරී වූ ධ්‍යාන කරන්නා වූ රූක්‍ෂචීවරධාරී (=ගොරෝසු සිවුරු දරන්නා) වූ විවේකයෙහි ඇලුනා වූ ධෛර්‍ය්‍යවත් වූ (භික්‍ෂූහු) හැමකල්හි ඔහු පිරිවරත්.
Pali BJT307. පටිපන්නා ඵලට්ඨා ච සෙඛා ඵලසමඞ්ගිනො, ආසිංසකා{3} උත්තමත්ථං පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT307. සිවුමගට පැමිණියෝ ද රහත් පෙලෙහි සිටියෝ ද යට තුන් පෙලෙන් යුතු වූවෝ ද යන මේ ආර්‍ය්‍ය භික්‍ෂූහු අටදෙන නිවණ බලාපොරොත්තුවෙන් හැම කල්හි ඔහු පිරිවරත්.
Pali BJT308. සොතාපන්නා ච විමලා සකදාගාමිනො ච යෙ, අනාගාමී ච අරහා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT308. යම්, පිරිසිදු වූ සෝතාපත්තිමාර්‍ගඵලයට පැමිණියෝ ද සකෘදාගාමීහු ද අනාගාමීහු ද රහත්හු ද වෙත් නම්, ඔහු හැම කල්හි ඔහු පිරිවරත්.
Pali BJT309. සතිපට්ඨානකුසලා බොජ්ඣඞ්ගභාවනාරතා, සාවකා තෙ බහූ සබ්බෙ පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT309. (සතර) සතිපට්ඨානයන්හි දක්‍ෂ වූ ද (සප්ත) බෝධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනාවූ ද, බොහෝ වූ ඒ සියලු ශ්‍රාවකයෝ හැමකල්හි ඔහු පිරිවරත්.
Pali BJT310. ඉද්ධිපාදෙසු{1} කුසලා සමාධිභාවනාරතා, සම්මප්පධානමනුයුත්තා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT310. (සතර වැදෑරුම්) ඍද්ධිපාදයන්හි දක්‍ෂවූවෝ ද, සමාධි භාවනාවෙහි ඇළුනෝ ද (සතර) සම්‍යක් ප්‍රධානයෙහි යෙදුනෝ ද ඔහු හැමකල්හි පිරිවරත්.
Pali BJT311. තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච ඉද්ධියා පාරමිං ගතා, පඤ්ඤාය පාරමිං පත්තා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT311. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද ෂඩභිඥා ඇත්තෝ ද ඍද්ධියෙන් හා ප්‍රඥාවෙන් පරතෙරට ගියෝ ද ඔහු හැම කල්හි පිරිවරත්.
Pali BJT312. එදිසා තෙ මහාවීර තව සිස්සා සුසික්ඛිතා, දුරාසදා උග්ගතෙජා පරිවාරෙන්ති තං සදා.
Sinhala BJT312. මහාවීර වූ බුදුරජානන් වහන්ස, මැනවින් හික්මුනා වූ ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තේජස් ඇති ඒ මෙබඳු වූ ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ ඔහු හැමකල්හි පිරිවරත්.
Pali BJT313. තෙහි සිස්සෙහි පරිවුතො සඤ්ඤතෙහි තපස්සිහි, මිගරාජාව’සම්භිතො{2} උළුරාජාව සොභසි.
Sinhala BJT313. සංයත වූ කෙලෙස් තවන ගුණ ඇති එම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලද්දා වූ ද හෙතෙම බිය රහිත සිහරදකු මෙන් ද චන්‍ද්‍රයා මෙන් ද බබලන්නේ ය.
Pali BJT314. පඨවියං පතිට්ඨාය රුහන්ති ධරණීරුහා, වෙපුල්ලතං පාපුණන්ති ඵලඤ්ච දස්සයන්ති තෙ.
Sinhala BJT314. වෘක්‍ෂයෝ පොළොවෙහි පිහිටා වැඩෙත්. මහත්බවට ද පැමිණෙත්. ඒ වෘක්‍ෂයෝ ඵල ද දක්වත් (=ඵල දරත්).
Pali BJT315. පඨවීසදිසො ත්වං’සි සක්යපුත්ත මහායස, සාසනෙ තෙ පතිට්ඨාය ලභන්ති අමතං ඵලං.
Sinhala BJT315. (එසේම) ශාක්‍යපුත්‍රයන් වහන්ස, මහා යශස් ඇත්තානන් වහන්ස, ඔබවහන්සේ පොළොව සමාන වනසේක. ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ඒ උතුමෝ අමෘතඵලය (නිවණ) ලබත්.
Pali BJT316. සින්ධු සරස්සතී චෙව නදියො චන්දභාගිකා{3}, ගඞ්ගා ච යමුනා චෙව සරභූ ච අථො මහී.
Sinhala BJT316-317. සින්‍ධු ය, සරස්වතී ය, චන්‍ද්‍රභාගී ය, ගඞ්ගා ය, යමුනා ය, සරභූ ය, මහී ය, යන මේ ගඞ්ගාවෝ වෙත් ද, ගලා බස්නා වූ මේ ගඞ්ගාවන්ගේ ජලය සාගරය පිළිගණී. (සයුරට වැටීමෙන් පසු සින්‍ධු ජලය ගඞ්ගා ජලය යන) පළමු නම් අත්හරියි. සාගරය ලෙස ම ප්‍රකට වේ.
Pali BJT317. එතාසං සන්දමානානං සාගරො සම්පටිච්ඡති, ජහන්ති පුරිමං නාමං සාගරොත්වෙ’ව ඤායති.
Sinhala BJTSegment missing in this edition
Pali BJT318. තථෙ’විමෙ චතුබ්බණ්ණා{4} පබ්බජිත්වා තව’න්තිකෙ, ජහන්ති පුරිමං නාම බුද්ධපුත්තානි ඤායරෙ.
Sinhala BJT318. එසේ ම මේ කුල සතරට අයත් වූවෝ ඔබවහන්සේගේ සමීපයෙහි පැවිදි ව පළමු නම හරිත්: බුද්ධපුත්‍රයෝ ය යි ප්‍රකට වෙත්.
Pali BJT319. යථාපි චන්දො විමලො ගච්ඡං ආකාසධාතුයා, සබ්බෙ තාරාගණෙ ලොකෙ ආභාය අතිරොචති.
Sinhala BJT319. යම් සේ අහසෙහි ගමන් කරන්නා වූ නිර්‍මල වූ චන්‍ද්‍රයා සියලු තාරකාසමූහය ස්වකීයප්‍රභාවෙන් මැඩ ලෝකයෙහි අතිශයින් බබළා ද,
Pali BJT320. තථෙ ත්වං මහාවීර පරිවුතො දෙවමානුසෙ, එතෙ සබ්බෙ අතික්කම්ම ජලසී සබ්බදා තුවං.
Sinhala BJT320. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ දෙවිමිනිසුන් විසින් පිරිවරණ ලද සේක් මේ සියලු දෙන ඉක්මවා හැම කල්හි ඔබවහන්සේ ම බබලනසේක.
Pali BJT321. ගම්භීරෙ උට්ඨිතා ඌමි න වෙලං අතිවත්තරෙ,{5} සබ්බාව වෙලං{6} ඵුසන්ති, සංචුණ්ණා විකිරන්ති තා.
Sinhala BJT321. ගැඹුරු දියෙහි නැගුනු රළහු වෙරළ නො ඉක්මවත්. ඒ සියලු ම රළහු වෙරළෙහි හැපෙත්. කැඩී ගිය ඒ රළහු (වෙරළෙහි ම) විසිරී යත්.
Pali BJT322. තථෙව තිත්ථියා ලොකෙ නානාදිට්ඨි බහුජ්ජනා, ධම්මං වදිතුකාමා{7} තෙ නාතිවත්තන්ති තං මුනිං.
Sinhala BJT322. එසේ ම ලෝකයෙහි තීර්‍ත්‍ථකයෝ ද නොයෙක් ලබ්ධි ඇති තීර්‍ත්‍ථක වූ බොහෝ දෙනා ද ධර්‍මය දෙසනු කැමැත්තාහු ඒ බුදුරජානන් වහන්සේ නො ඉක්මවත්.
Pali BJT323. සචෙ ච තං පාපුණන්ති පටිවාදෙහි{8} චක්ඛුම, තවන්තිකං උපාගන්ත්වා සඤ්චුණ්ණාව භවන්ති තෙ.
Sinhala BJT323. පසැස් ඇත්තානන් වහන්ස, ඉදින් (යමෙක් ඒ ඒ ලබ්ධි ගෙණ විරුද්ධවාදයෙන් වාද කිරීමට) ඔබ කරා පැමිණෙත් ද, ඔහු ඔබවහන්සේ සමීපයට පැමිණ සුණු විසුණු වෙත්.
Pali BJT324. යථාපි උදකෙ ජාතා කුමුදා මන්දාලකා{9} බහු, උපලිම්පන්ති තොයෙන කදදම{10} කලලෙන ච.
Sinhala BJT324. දියෙහි හටගත් කුමුදු ද මඳාලා නම් ජලජපුෂ්ප ද අනිකුත් බොහෝ ජලජපුෂ්පයෝ ද යම් සේ දියෙන් ද මඩින් ද තැවරී පවතිත් ද,
Pali BJT325. තථෙව බහුකා සත්තා ලොකෙ ජාතා විරූහරෙ, අට්ටිතා රාගදොසෙන කද්දමෙ කුමුදං යථා.
Sinhala BJT325. එසේ ම ලෝකයෙහි උපන්නා වූ බොහෝ සත්ත්‍වයෝ මඩෙහි කුමුදු මෙන් රාගද්වේෂයන්ගෙන් පීඩිත වූවෝ වැඩෙත්.
Pali BJT326. යථාපි පදුමං ජලජං ජලමජ්ඣෙ විරූහති, න සො{11} ලිම්පති තොයෙන පරිසුද්ධො{12} හි කෙසරී.
Sinhala BJT326. යම් සේ ජලයෙහි හටගන්නා වූ පියුම දිය මැද වැඩේ ද, එය දියෙන් නො ම තැවරෙයි. පියුම පිරිසිදු මැයි.
Pali BJT327. තථෙව ත්වං මහාවීර ලොකෙ ජාතො මහාමුනි, නො පලිම්පසි{1} ලොකෙන තොයෙන පදුමං යථා.
Sinhala BJT327. එසේ ම ලොව පහළ වූ මහාවීර වූ බුදුරජානන් වහන්ස, ඔබවහන්සේ පියුමක් මෙන් ලෝකයා හා නො තැවරෙණසේක.
Pali BJT328. යථාපි රමමකෙ මාසෙ බහූ පුප්ඵන්ති වාරිජා, නාතික්කමන්ති තං මාසං සමයො පුප්ඵනාය සො.
Sinhala BJT338. යම් සේ ජලජපුෂ්පයෝ බක්මාසයෙහි බෙහෙවින් පිපෙත් ද ඒ මාසය නො ඉක්මවත් ද, (ඒ මස) මල් පිපීමට සුදුසු කාලය වේ.
Pali BJT329. තථෙව ත්වං සක්යපුත්ත පුප්ඵිතො තෙ විමුත්තියා, සාසනං නාතිවත්තන්ති{2} පදුමං වාරිජං යථා.
Sinhala BJT329. එසේ ම ශාක්‍යපුත්‍රයානන් වහන්ස, ඔබවහන්සේ පුබුදු වූ සේක. ඔබවහන්සේගේ ශිෂ්‍යයෝ (අර්‍හත්ඵලඥානයෙන්) පුබුදු වූවාහු ය. යම් සේ ජලජ වූ පියුම් පිපෙන කාලය නො ඉක්මවා ද, එසේ ම ඔහු අවවාදානුශාසනය නො ඉක්මවත්.
Pali BJT330. සුපුප්ඵිතො සාලරාජා දිබ්බං ගන්ධං පවායති, අඤ්ඤසාලෙහි පරිවුතො සාලරාජාව සොභති.
Sinhala BJT330. (යම් සේ) මැනවින් පිපුනා වූ ශාලවෘක්‍ෂරාජයා දිවසුවඳ වහනය කෙරේ ද, අනික් සල්රුක් විසින් පිරිවරණ ලද ශාලවෘක්‍ෂරාජයා ම හොබනේ වේ ද,
Pali BJT331. තථෙව ත්වං මහාවීර බුද්ධඤාණෙන පුප්ඵිතො, භික්ඛුසඞ්ඝපරිවුතො සාලරාජාව සොභසි.
Sinhala BJT331. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ (වහන්සේ) බුදුනැණින් පුබුදු වූ සේක. භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද සේක් ශාලවෘක්‍ෂරාජයකු මෙන් ශෝභමාන සේක.
Pali BJT332. යථාපි සෙලො හිමවා ඔසධො සබ්බපාණිනං, නාගානං අසුරානඤ්ච දෙවතානඤ්ච ආලයො.
Sinhala BJT332. යම් සේ හිමවත්පර්‍වතය හැම සතුනට (අවශ්‍ය) ඖෂධ ඇත්තේ වේ ද, නාගයනට ද අසුරයනට ද දෙවතාවනට ද වාසස්ථාන වේ ද,
Pali BJT333. තථෙව ත්වං මහාවීර ඔසධො විය පාණිනං, තෙවිජ්ජා ඡළභිඤ්ඤා ච ඉද්ධියා පාරමිං ගතා.
Sinhala BJT333. එසේ ම මහාවීරයන් වහන්ස, ඔබ ප්‍රාණින්ගේ සසර ලෙඩ නැසීමට (අවශ්‍ය) ඖෂධය වනසේක. ත්‍රිවිද්‍යා ඇත්තෝ ද, ෂඩභිඥා ඇත්තෝ ද, ඍද්ධියෙන් පරතෙරට ගියෝ ද ඔබවහන්සේ ඇසුරු කෙරෙත්.
Pali BJT334. අනුසිට්ඨා මහාවීර තයා කාරුණිකෙන තෙ, රමන්ති ධම්මරතියා වසන්ති තව සාසනෙ.
Sinhala BJT334 මහාවීරයන් වහන්ස, කාරුණික වූ ඔබ වහන්සේ විසින් අනුශාසනා කරණලද ඔහු ධර්‍මරතියෙන් ඇලෙති. (එසේ ඇලී) ඔබ වහන්සේගේ සසුනෙහි වෙසෙත්.
Pali BJT335. විගරාජා යථා සීහො අභිනික්ඛම්ම ආසයා, චතුද්දිසා විලොකෙත්වා{3} තික්ඛත්තුං අභිනාදති{4}.
Sinhala BJT335. යම් සේ කේශරසිංහයෙක් ගුහාවෙන් නික්ම සිවුදිග බලා තෙවරක් සිංහනාද කෙරේ ද,
Pali BJT336. සබ්බෙ මිගා උත්තසන්ති මිගරාජස්ස ගජ්ජතො, තථා හි ජාතිමා එසො පසූ{5} තාසෙති සබ්බදා.
Sinhala BJT336. කේශර සිංහයාගේ ගර්‍ජනයෙන් සියලු සිවුපාවෝ තැති ගණිත්. ඒ එසේ ම ය. ජාතිමත් වූ සිංහ තෙමේ හැම කල්හි සිවුපාවුන් තැති ගන්වයි.
Pali BJT337. ගජ්ජතො තෙ මහාවීර වසුධා සම්පකම්පති,{6} බොධනෙය්යං’වබුජ්ඣන්ති තසන්ති මාරකායිකා.
Sinhala BJT337. මහාවීරයන් වහන්ස, (එසේ) ගර්‍ජනා කරන්නා වූ ඔබවහන්සේගේ නාදය පෘථිවිය කම්පා කරයි. ඉන් අවබෝධයට සුදුස්සෝ ධර්‍මය අවබෝධ කෙරෙත්. මාරපාක්‍ෂිකයෝ තැති ගණිත්.
Pali BJT338. තසන්ති තිත්ථියා සබ්බෙ නදතො තෙ මහාමුනෙ{7}, කාකසෙනාව විබ්භන්තා{8} මිගරඤ්ඤා යථා මිගා.
Sinhala BJT338. මහාමුනීන් වහන්ස, නාද කරන්නා වූ (=දහම් දෙසන) ඔබවහන්සේගේ නාදයෙන් සියලු තීර්‍ත්‍ථකයෝ තැති ගණිත්. (ඒ තීර්‍ත්‍ථකයෝ) කවුඩුරැළක් මෙන් තැති ගන්නාහු කේශරසිංහයා කෙරෙන් පලායන සිවුපාවුන් මෙනි.
Pali BJT339. යෙ කෙචි ගණිනො ලොකෙ සත්ථාරොති පවුච්චරෙ, පරම්පරාගතං ධම්මං දෙසෙන්ති පරිසාය තෙ.
Sinhala BJT339. යම් කිසි ගණප්‍රධාන කෙනෙක් ලෙව්හි ශාස්තෘ ය යි කියනු ලැබෙත් ද, ඔහු පිරිසට පරම්පරාගත වූ ධර්‍මය දේශනා කෙරෙත්.
Pali BJT340. න හෙ’වං{9} ත්වං මහාවීර ධම්මං දෙසෙසි පාණිනං, සාමං සච්චානි බුජ්ඣිත්වා කෙවලං බොධිපක්ඛියං.
Sinhala BJT340. මහාවීරයන් වහන්ස, ඔබවහන්සේ සත්ත්‍වයනට එසේ පරම්පරාගත ධර්‍ම දේශනා නො කරණ සේක හුදෙක් බෝධිපාක්‍ෂික වූ සත්‍යයන් තමන්වහන්සේ ම අවබෝධ කොට ගෙණ,-
Pali BJT341. ආසයානුසයං ඤත්වා ඉන්ද්රියානං බලාබලං, භබ්බාභබ්බෙ විදිත්වාන මහාමෙඝොව ගජ්ජසි.
Sinhala BJT341. (සත්ත්‍වයන්ගේ) අධ්‍යාශයයන් හෙවත් චරියාවන් ද ථාමගත වූ කෙලෙස් ද දැන (ශ්‍රද්ධාදි) ඉන්‍ද්‍රියයන්ගේ බලදුබලබව ද (ධර්‍මාවබෝධයට) භව්‍ය අභව්‍ය (=සමත් අසමත්) පුඟුලන් ද දැන (සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ) මහා මෙඝයක් (=සිවුදිගට ම වසින්නා වූ මහ වැසිවලාවක්) මෙන් ධර්‍මදේශනා නමැති සිංහනාදයෙන් ගර්‍ජනා කරණසේක.
Pali BJT342. චක්කවාළපරියන්තං{1} නිසින්නා පරිසා භවෙ, නානාදිට්ඨි විචින්තෙන්තා{2} විමතිච්ඡෙදනාය තං.
Sinhala BJT342-343. නානාලබ්ධීන්ට ගැති ව වසන්නා වූ සක්වළගල කෙළවර කොට පිරී හුන් පිරිස වන්නී ය. සැක දුරු කිරීම පිණිස ඒ සියලු දෙනාගේ සිත් (මේ මේ ය යි) දැන, (සුදුසු) උපමා කීමෙහි සමත් බුදුරජානන් වහන්ස, (ඔබවහන්සේ) එක ම ප්‍රශ්නයක් (විසඳා) කියමින් ම (සක්වළගැබ පුරා සිටි) ප්‍රාණීන්ගේ සැක සිඳින සේක.
Pali BJT343. සබ්බෙසං චිත්තමඤ්ඤාය ඔපම්මකුසලො මුනි, එකං පඤ්හං කථෙන්තොව විමතිං ඡින්දසි{3} පාණිනං.
Sinhala BJTSegment missing in this edition
Pali BJT344. උපතිස්සසදිසෙහෙව{4} වසුධා පූරිතා භවෙ, සබ්බෙව තෙ පඤ්ජලිකා කිත්තයුං ලොකනායකං.
Sinhala BJT344. උපතිස්ස නමැති සැරියුත්මහතෙරුන් වැනියන්ගෙන් මේ පොළොව පිරී තිබේ නම්, ඒ සියල්ලෝ ම බදැඳිලි ඇත්තාහු ලෝකනායක වූ බුදුරදුන් ගුණ කියන්නාහ.
Pali BJT345. කප්පං වා තෙ කිත්තයන්තා නානාවණ්ණෙහි කිත්තයුං, පරිමෙතුං න සක්කෙය්යුං{5} අප්පමෙය්යා තථාගතා.
Sinhala BJT345. ඔහු කපක් මුළුල්ලෙහි ද නානාප්‍රකාර ලෙස ගුණ කියන්නාහු නමුදු, එම ගුණ පමණ කරන්නට නො හැක්කාහු ය. තථාගතවරයෝ අපමණ ගුණ ඇත්තෝ ය.
Pali BJT346. යථා සකෙන ථාමෙන කිත්තිතො හි මයා{6} ජිනො, කප්පකොටිම්පි කිත්තෙන්තා එවමෙව පකිත්තයුං.
Sinhala BJT346. ස්වකීයශක්තිය පරිදි මා විසින් බුදුරජානන් වහන්සේ වර්‍ණනා කරණ ලදහ. කල්පකෝටි සඞ්ඛ්‍යාත කාලයක් මුළුල්ලෙහි ගුණ කීර්‍තනය කරන්නාහු නමුත් මෙසේ ම කීර්‍තනය කෙරෙත්.
Pali BJT347. සචෙ හි කොචි දෙවො වා මනුස්සො වා සුසික්ඛිතො, පමෙතුං පරිකප්පෙය්ය{7} විඝාතං ‘ව ලභෙය්ය සො.
Sinhala BJT347. ඉදින් මනා ව හික්මුනා වූ කිසියම් දෙවියෙක් හෝ මිනිසෙක් හෝ (එ ම ගුණ) මනින්නට සිතන්නේ නම්, හෙතෙම වෙහෙසට ම පැමිණෙන්නේ ය.
Pali BJT348. සාසනෙ තෙ පතිට්ඨාය සක්යපුත්ත මහායස, පඤ්ඤාය පාරමිං ගන්ත්වා විහරාමි අනාසවො.
Sinhala BJT348. මහායශස් ඇත්තානන් වහන්ස, ශාක්‍යපුත්‍රයානන් වහන්ස, (මම) ඔබවහන්සේගේ සසුනෙහි පිහිටා ප්‍රඥාවෙන් පරතෙරට ගොස් අංශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT349. තිත්ථියෙ සම්පමද්දාමි වත්තෙමි ජිනසාසනං, ධම්මසෙනාපතී අජ්ජ සක්යපුතස්ස සාසනෙ.
Sinhala BJT349. තීර්‍ත්‍ථකයන් මඩිමි. බුදුසසුන පවත්වමි. අද ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි ධර්‍මසේනාපති වෙමි.
Pali BJT350. අපරිමෙය්යෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුඛිත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං{8}.
Sinhala BJT350. ම විසින් අපමණ කලක් මුළුල්ලෙහි කරණලද කර්‍මය මෙහි දී ඵලය දැක්වී ය. මැනවින් විද හරණා ලද ඊපහරක් මෙන් ඒ කර්‍මඵලය මාගේ කෙලෙස් දැවී ය.
Pali BJT351. යො කොචි මනුජො භාරං ධාරෙය්ය මත්ථකෙ සදා, භාරෙන දුක්ඛිතො අස්ස භාරෙහි භරිතො තථා.
Sinhala BJT351. යම්කිසි මිනිසෙක් තෙම හැම කල්හි හිසින් බරක් දරන්නේ නම්, (එම) බර කරණකොට ගෙණ දුකින් පෙළුනෙක් වන්නේ ය. එසේ ම බරින් බරට පත් වූවෙක් ද වෙයි.
Pali BJT352. ඩය්හමානො තීහග්ගීහි භවෙසු සංසරිං අහං, භරිතො භවභාරෙන නෙරුං උච්චාරිතො{9} යථා.
Sinhala BJT352. මම (රාග – දෝස – මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙමින් සසරෙහි හැසුරුණෙමි. මහමෙර ඔසොවා ගත්තකු මෙන් භවය නමැති බරින් බර වූයෙම් වෙමි.
Pali BJT353. ඔරොපිතො ච මෙ භාරො භවා උග්ඝාටිතා මයා, කරණීයං කතං සබ්බං සක්යපුත්තස්ස සාසනෙ.
Sinhala BJT353. මා විසින් මාගේ (ඒ භව) භාරය බහා තබන ලදී. සියලු (නව) භවයෝ විධවංසනය කරණ ලදහ. ශාක්‍යපුත්‍ර වූ බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි සියලු කටයුතු කරණලදී.
Pali BJT354. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපෙත්වා සක්යපුඞ්ගවං, අයං අග්ගොම්හි පඤ්ඤාය සදිසො මෙ න විජ්ජති.
Sinhala BJT354. සම්පූර්‍ණ බුද්ධක්‍ෂේත්‍රයෙහි බුදුරජානන් වහන්සේ හැර මම ප්‍රඥාවෙන් අග්‍ර වෙමි. මට සමානයෙක් නො පෙණේ.
Pali BJT355. සමාධිම්හි සුකුසලො ඉද්ධියා පාරමිං ගතො, ඉච්ඡාමානො ච’හං අජ්ජ සහස්සං අභිනිම්මිනෙ.
Sinhala BJT355. සමාධියෙහි අතිශයින් දක්‍ෂ වෙමි. ඍද්ධියෙහි පරතෙරට ගියෙම් වෙමි. මම අද කැමැති වන්නෙම් නම්, ඍද්ධිමය රූප දහසක් මවන්නෙමි.
Pali BJT356. අනුපුබ්බවිහාරස්ස වසීභූතො මහාමුනි, කථෙසි සාසනං මය්හං නිරොධො සයනං මම.
Sinhala BJT356. අනුපූර්‍වවිහාර පිළිබඳ වසඟබව ඇති සර්‍වඥයෝ මට සසුන වදාළහ. මාගේ සැතපීම නිරෝධය (=නිරොධසමාපත්තියට සමවැදීම) යි.
Pali BJT357. දිබ්බචක්ඛු විසුද්ධං මෙ සමාධිකුසලො අහං, සම්මප්පධානානුයුත්තො බොජ්ඣඞ්ගභාවනාරතො.
Sinhala BJT357. මාගේ දිවැස පිරිසිදු ය. මම සමාධියෙහි දක්‍ෂ වෙමි. සම්‍යක් ප්‍රදහනයෙහි යෙදුනෙම් බෝධ්‍යඞ්ගභාවනාවෙහි ඇලුනෙම් ද වෙමි.
Pali BJT358. සාවකෙන හි පත්තබ්බං සබ්බමෙව කතං මයා,{1} ලොකනාථං ඨපෙත්වාන සදිසො මෙ න විජ්ජති.
Sinhala BJT358. ශ්‍රාවකයකු විසින් ලැබියයුතු සියල්ල මා විසින් ලබන ලදී. බුදුරජානන් වහන්සේ හැර මට සමාන වූවෙක් විද්‍යාමාන නො වේ.
Pali BJT359. සමාපත්තිනයකුසලො{2} ඣානවිමොක්ඛානං ඛිප්පලාභී{3}, බොජ්ඣඞ්ගභාවනාරතො සාවකගුණපාරමිං ගතො’ස්මි.{4}
Sinhala BJT359. සමාපත්තික්‍රමයන්හි දක්‍ෂ වූයෙම් (ලෞකික) ධ්‍යානයන්ට ද (ලෝකෝත්තර වූ) විමෝක්‍ෂයන්ට ද ශීඝ්‍ර ව සමවදිනෙම් බෝධ්‍යඞ්ග භාවනාවෙහි ඇලුනෙම් ශ්‍රාවකගුණයන්ගේ පරතෙරට ගියෙම් වෙමි.
Pali BJT360. සාවකගුණෙනාපි ඵුස්සෙන{5} බුද්ධියා පුරිසුත්තමගාරවා{6}, සද්ධාය සඞ්ගහිතං{7} චිත්තං සදා සබ්රහ්මචාරිසු.
Sinhala BJT360. පෝෂිත වූ හෝ පවිත්‍ර වූ ශ්‍රාවක ගුණයෙන් ද බුද්ධියෙන් ද බුද්ධ ගෞරවයෙන් වූ ශ්‍රද්ධාවෙන් ද යුත් මාගේ සිත හැමකල්හි සබ්‍රම්සරුන් කෙරෙහි යෙදුනේ ය.
Pali BJT361. උද්ධටවිසො’ව{8} සප්පො ඡින්නවසාණො’ව උසභො, නික්ඛිත්තමානදප්පො{9} උපෙමි ගරුගාරවෙන ගණං.
Sinhala BJT361. උදුරා හළ විෂ (දළ) ඇති සර්‍පයකු මෙන් ද, සිඳුනු අං ඇති ගවයකු මෙන් ද, බැහැර කළ (ගෝත්‍රමදාදි) මානදර්‍ප ඇත්තෙම් සංඝයා වෙත ආදරබහුමානයෙන් එළඹෙමි.
Pali BJT362. යදි රූපිනී භවෙය්ය පඤ්ඤා මෙ වසුමතී න සමෙය්ය, අනොමදස්සිස්ස භගවතො ඵලමෙතං ඤාණථවනාය.{10}
Sinhala BJT362. ඉදින් මාගේ ප්‍රඥාතොමෝ මූර්තිමත් වන්නී නම්, මහපොළොව ඊට සම නො වන්නී ය. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නුවණට පැසසීමේ ඵලයයි මේ.
Pali BJT363. පවත්තිතං ධම්මචක්කං සක්යපුත්තෙන තාදිනා, අනුවත්තෙමහං සම්මා{11} ඤාණථවනායිදං ඵලං.
Sinhala BJT363. තාදිගුණ ඇති ගෞතම බුදුරජානන් වහන්සේ විසින් පවත්වන ලද ධර්‍මචක්‍රය මම මැනැවින් ඒ අනු ව පවත්වමි. (අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ) නුවණට පැසසීමේ මේ ඵලය යි.
Pali BJT364. මා මෙ කදාචි පාපිච්ඡො කුසීතො හීනවීරියො, අප්පස්සුතො අනාචාරො සමෙතො අහු කත්ථචි.
Sinhala BJT364. කිසි කලෙකත් පවිටෙක් කුසීතයෙක් පසුබට වීර්‍ය්‍ය ඇත්තෙක් අල්පශ්‍රැතයෙක් ආචාර විරහිතයෙක් මාගේ ආශ්‍රයට නො පැමිණේවා.
Pali BJT365. බහුස්සුතො ච මෙධාවී සීලෙසු සුසමාහිතො, චෙතොසමථානුයුතෙතා අපි මුද්ධනි තිට්ඨතු.
Sinhala BJT365. බහුශ්‍රුත වූ ද, නුවණැති වූ ද, සිවුපිරිසුදුසිල්හි මැනැවින් හික්මුනා වූ ද චිත්තසමථයෙහි යෙදුනා වූ ද පුද්ගලයා මාගේ හිස මත පවා සිටීවා.
Pali BJT366. තං වො වදාමි භද්දන්තෙ යාවන්තෙත්ථ සමාගතා, අප්පිච්ඡා හොථ සන්තුට්ඨා ඣායී ඣානරතා සදා.
Sinhala BJT366. මෙහි රැස් වූ යම් පමණ කෙනෙක් වෙත් නම්, පින්වත්නි, තෙපි අල්පේච්ඡයෝ ද, ලද දෙයින් සතුටු වන්නෝ ද, ධ්‍යාන ඇත්තෝ ද, ධ්‍යානයෙහි ඇලුනෝ ද වවු යන (මේ වචනය) තොපට කියමි.
Pali BJT367. යමහං පඨමං දිස්වා විරජො විමලො අහුං, සො මෙ ආචරියො ධීරො අස්සජි නාම සාවකො.
Sinhala BJT367. මම යම්කෙනකුන් පළමුකොට දැක කෙලෙස්රජස් නැති නිර්‍මල වූවෙක් වීම් ද, ඒ ධෛර්‍ය්‍යවත් වූ මාගේ ආචාර්‍ය්‍යතෙමේ අස්සජි නම් ශ්‍රාවකයන් වහන්සේ ය.
Pali BJT368. තස්සාහං වාහසා අජ්ජ ධම්මසෙනාපතී අහුං, සබ්බත්ථ පාරමිං පත්වා{12} විහරාමි අනාසවො.
Sinhala BJT368. මම උන්වහන්සේගේ බලයෙන් අද ධර්‍මසේනාපති වීමි. සියලු ගුණයන්හි පරතෙරට පැමිණියෙම් ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT369. යො මෙ ආචරියො ආසි අස්සජි නාම සාවකො, යස්සං දිසායං වසති උස්සීසම්හි කරොමහං.
Sinhala BJT369. යම් අස්සජි නම් ශ්‍රාවකයෙක් තෙම මාගේ ආචාර්‍ය්‍ය වී ද, උන්වහන්සේ සම දිසාවක වෙසෙත් නම්, මම එ දෙසට හිස හරවා නිදම්.
Pali BJT370. මම කම්මං සරිත්වාන ගොතමො සක්යපුඞ්ගවො, . භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා අග්ගට්ඨානෙ ඨපෙසි මං.
Sinhala BJT370. ශාක්‍යසිංහ වූ ගෞතම බුදුරජානන් වහන්සේ මාගේ (කුශල) කර්‍මය පූර්‍වෙනිවාසානුස්මaපූර්වේනිවාසානුස්මෘතිඥානයෙන් සිහි කොට භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රශ්‍රාවකස්ථානයෙහි තැබූසේක.
Pali BJT371. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT371. මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහු ය. සියලු භවයෝ සමූහනනය (=විනාශ) කරණ ලද්දාහු ය. හස්තිරාජයකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT372. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.{*}
Sinhala BJT372. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් වි ය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලද්දාහු ය. බුදුරජානන් වහන්සේගේ අනුසාසනය කරණලදී.
Pali BJT373. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.{*}
Sinhala BJT373. මේ සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන ද කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාරිපුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමේ අයුරින් ආයුෂ්මත් ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළසේකි.
Pali BJTසාරිපුත්තත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTපළමුවැනි වූ ශාරිපුත්‍රස්ථවිරාවදානය යි.
Pali BJT2. මහාමොග්ගල්ලානත්ථෙරාපදානං.
Sinhala BJT2. මහාමෞද්ගල්‍යායන ස්ථවිරාවදානය
Pali BJT374. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, විහාසි හිමවන්තම්හි දෙවසඞ්ඝපුරක්ඛතො.
Sinhala BJT374. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනෝමදස්සී භාග්‍යවතුන් වහන්සේ දිව්‍යසමූහයා විසින් පිරිවරණ ලදු ව හිමවතෙහි විසූහ.
Pali BJT375. වරුණො නාම නාමෙන නාගරාජා අහං තදා, කාමරූපී විකුබ්බාමි{1} මහොදධිනිවාසහං.{2}
Sinhala BJT375. එකල්හි මම නමින් වරුණ නම් වූ නාගරාජයෙක් වීමි. කැමැති රූපයන් මවනසුලු වූයෙම් ඍද්ධිවිකුර්‍වණය කරමි. මම මහසයුර නිවාස කොට ඇත්තේ වීමි.
Pali BJT376. සඞ්ගණියං{3} ගණං හිත්වා තුරියං පට්ඨපෙසහං, සම්බුද්ධං පරිවාරෙත්වා වාදෙසුං අච්ඡරා තදා.
Sinhala BJT376. නිතර සිය පිරිවර වූ නාගසමූහයා හැර මම තූර්‍ය්‍යවාදනයන් පැවැත්වීමි. එකල්හි නාමෙණෙවියෝ (අනෝමදස්සී) බුදුරජානන් වහන්සේ පිරිවරා ගෙණ වාදනය කළාහු ය.
Pali BJT377. වජ්ජමානෙසු තුරියෙසු{4} දෙවා තුරියානි{5} වජ්ජයුං,{6} උභින්නං සද්දං සුත්වාන බුද්ධො’පි{7} සම්පබුජ්ඣථ.
Sinhala BJT377. (මනුෂ්‍ය - නාග) තූර්‍ය්‍යයන් වාදනය කරණු ලබන කල්හි (චාතුර්මහාරාජික) දෙවියෝ ද දිව්‍යතූර්‍ය්‍යයන් වාදනය කළාහු ය. මේ දෙපිරිස ගේ තුර්‍ය්‍යශබ්දය අසා බුදුරජානන් වහන්සේ ඒ බව දත් සේක.