Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3801-3900 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඵලදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඵලදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT306. සම්පසාදකත්ථෙරාපදානං.
Sinhala BJT306. සම්පසාදක ස්ථවිරාවදානය
Pali BJT2740. නමො තෙ බුද්ධවීරත්ථු විප්පමුත්තොසි සබ්බධි, ව්යසනං හි{1} අනුප්පත්තො තස්ස මෙ සරණං භව.
Sinhala BJT2740. බුද්ධවීරයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ සියලු ස්කන්‍ධ ධාතු ආයතනයන්ගේ මිදුනේ වෙහි ය. මම දුකට පැමිණියෙම් වෙමි. ඒ මට පිහිට වනු මැනවි.
Pali BJT2741. සිද්ධත්ථො තස්ස ව්යාකාසි ලොකෙ අප්පටිපුග්ගලො, මහොදධිසමො සඞ්ඝො අප්පමෙය්යො අනුත්තරො.
Sinhala BJT2741. ලෝකයෙහි අනුපම පුද්ගල වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙමේ ඔහට මෙසේ වදාළේ ය. සඞ්ඝ තෙමේ මහසයුර මෙන් ගැඹුරු ගුණ ඇත්තේ ය. අපමණ ගුණ ඇත්තේ ය. අනුත්තර වූ ගුණ ඇත්තේ ය.
Pali BJT2742. තත්ථ ත්වං විරජෙ ඛෙත්තෙ අනන්තඵලදායකෙ, සඞ්ඝො චිත්තං පසාදෙහි{2} සුබීජං වාපි{3} රොපය.
Sinhala BJT2742. අනන්ත විපාක දෙන්නා වූ (කෙලෙස්) රජස් රහිත (පුණ්‍ය) ක්‍ෂේත්‍රය වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවනු මැනව. එහි කුසල් නැමැති මනා බිජුවට ද රෝපණය කරණු මැනව (කියායි.)
Pali BJT2743. ඉදං වත්වාන සබ්බඤ්ඤූ ලොකජෙට්ඨො නරාසභො, මමෙවං{4} අනුසාසිත්වා වෙහාසං නභමුග්ගමි.
Sinhala BJT2743. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙමේ මෙය වදාරා මට මෙසේ අනුශාසනා කොට අහසට නැංගේ ය.
Pali BJT2744. අචිරං ගතමත්තම්හි සබ්බඤ්ඤුම්හි නරාසභෙ, මරණං සමනුප්පත්තො තුසිතං උපපජ්ජහං.
Sinhala BJT2744. නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් වැඩි නොබෝ වෙලාවකින් මම මරණයට පත්වූයෙම් තුසිතයෙහි උපනිමි.
Pali BJT2745. තදාහං විරජෙ ඛෙත්තෙ අනන්තඵලදායකෙ, සඞ්ඝෙ චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT2745. එකල්හි මම (කෙලෙස්) රජස් විරහිත අනන්ත ඵලදායක වූ සඞ්ඝයා කෙරෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT2746. චතුනවුතෙ ඉතො{5} කප්පෙ පසාදමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි පසාදස්ස ඉදං ඵලං.
Sinhala BJT2746. මෙහින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (සඞ්ඝයා කෙරෙහි) යම් ප්‍රසාදයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (සඞ්ඝයා කෙරෙහි) පැහැදීමෙහි මේ විපාක යි.
Pali BJT2747. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2747. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සම්පසාදාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසම්පසාදකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTසම්පසාදක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT307. ආරාමදාකත්ථෙරාපදානං.
Sinhala BJT307. ආරාමදායක ස්ථවිරාවදානය
Pali BJT2748. සිද්ධත්ථස්ස භගවතො ආරාමො රොපිතො මයා, සන්දච්ඡායෙසු රුක්ඛෙසු උපසන්තෙසු පක්ඛිසු.
Sinhala BJT2748. මා විසින් සිදුහත් බුදුරජුන්හට ආරාමයක් රෝපණය කරණ ලදී. ගණසා සෙවනලු රුක්හි පක්‍ෂීන් (කැදලිතුළට වී) සන්සුන් වන (සවස්) කල්හි.
Pali BJT2749. අද්දසං විරජං බුද්ධං ආහුතීනං පටිග්ගහං, ආරාමං අතිනාමෙසිං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT2749. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ (කෙලෙස්) රජස් විරහිත බුදුරජුන් දිටිමි. දැක ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන්හට අරම පිළිගැන්වීමි.
Pali BJT2750. හට්ඨො හට්ඨෙන චිත්තෙන ඵලං පුප්ඵඤ්චදාසහං{1}, තතො ජාතප්පසාදො ච{2} තං වනං පරිණාමයිං.
Sinhala BJT2750. මම සතුටු වූයෙම් සතුටු සිතින් ම ගෙඩි ද මල් ද (උන්වහන්සේට) පිදීමි. ඉක්බිති හටගත් ප්‍රසාද ඇත්තෙම් ම එම වන (අරම) පිරිනැමීමි.
Pali BJT2751. බුද්ධස්ස යමිදං දාසිං විප්පසන්නෙන චෙතසා, භවෙ නිබ්බත්තමානම්හි නිබ්බත්තති ඵලං මම.
Sinhala BJT2751. පැහැදි සිතින් බුදුරජුන්හට යම් ඒ ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට ඵලවර්‍ග නොහොත් කුශල විපාකය උපදී.
Pali BJT2752. චතුනවුතෙ ඉතො කප්පෙ යමාරාමං දදිං{3} තදා, දුග්ගතිං නාභිජානාමි ආරාමස්ස ඉදං ඵලං.
Sinhala BJT2752. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් ආරාමදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආරාමදානයාගේ මේ විපාක යි.
Pali BJT2753. සත්තතිංසෙ ඉතො කප්පෙ සත්තාසුං මුදුසීතලා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2753. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මුදුසීතල නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2754. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2754. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආරාමදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරාමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආරාමදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTආරාමදායක ස්ථවිරාවදානය සත්වැන්න යි.
Pali BJT308. අනුලෙපදායකත්ථෙරාපදානං.
Sinhala BJT308. අනුලේපදායක ස්ථවිරාවදානය
Pali BJT2755. අත්ථදස්සිස්ස මුනිනො අද්දසං සාවකං අහං, කවකම්මං කරොන්තස්ස සීමාය උපගච්ඡහං.
Sinhala BJT2755. මම අත්‍ථදස්සී බුදුරජුන්ගේ ශ්‍රාවකයකු දිටිමි. සීමාවක නවකම් කරද්දී මම එතැනට එළඹියෙමි.
Pali BJT2756. නිට්ඨිතෙ නවකම්මෙ ච අනුලෙපමදාසහං, පසන්නචිත්තො සුමනො පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
Sinhala BJT2756. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍ර සඞ්ඛ්‍යාත සඞ්ඝයා කෙරෙහි පැහැදි සිතින් නවකම් නිමි කල්හි මම එහි සුණු ආලේප කෙළෙමි.
Pali BJT2757. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි අනුලෙපස්සිදං ඵලං.
Sinhala BJT2757. මෙයින් එක්දහස් අටසිය කපෙහි වූ එකල්හි යම් (සුධාලේපන) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අනුලේප දානයාගේ මේ විපාක යි.
Pali BJT2758. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2758. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අනුලෙපදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅනුලෙපදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඅනුලේපදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT309. බුද්ධසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT309. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2759. උදෙන්තං සතරංසිං’ව පීතරංසිං’ව භානුමං, වනන්තරගතං සන්තං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT2759-2760. සියක් රැස් ඇති රන්වන් රැසින් යුත් උදාවන හිරු වැනි වනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වු නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් සිහිනෙන් දිටිමි. මම එහි (=බුද්ධාලම්බනයෙහි) සිත පහදවා සුගතියෙහි උපනිමි.
Pali BJT2760. අද්දසං සුපිනන්තෙන සිද්ධත්ථං ලොකනායකං, තත්ථ චිත්තං පසාදෙත්වා සුගතිං උපපජ්ජහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2761. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2761. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි බුද්ධාරම්මණයක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (=බුද්ධාලම්බන ප්‍රීතියෙහි) මේ විපාක යි.
Pali BJT2762. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2762. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බුද්ධසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබුද්ධසඤ්ඤකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTබුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT310. පබභාරදායකත්ථෙරාපදානං.
Sinhala BJT310. පබභාරදායක ස්ථවිරාවදානය
Pali BJT2763. පියදස්සිනො භගවතො පබ්භාරො සොධිතො මයා, ඝටකඤ්ච උපට්ඨාසිං පරිභොගාය තාදිනො.
Sinhala BJT2763. මා විසින් සිදුහත් බුදුරජුන්හට ගල්පාතෙක් පිරිසිදු කරණ ලදී. තාදී ගුණ ඇති බුදුරජුන්ගේ පරිභොගය පිණිස (පැන්) කළයක් ද එළවා තැබීමි.
Pali BJT2764. තං මෙ බුද්ධො වියාකාසි පියදස්සී මහාමුනි, සහස්සකණ්ඩො සතභෙණ්ඩු ධජාලූ හරිතාමයො.
Sinhala BJT2764-2765. මහාමුනි වූ පියදස්සී බුදුරජ තෙමේ මට ඒ කරුණ මෙසේ ප්‍රකාශ කළේය. (කෙසේ ද යත්?) “දහසක් කඬ (බෙදුම්) ඇති ගෝලාකාර වූ සියයක් මුදුන් ඇති ධජයන්ගෙන් යුත් වූ කොළවන් වූ ඒ මහාප්‍රාසාදය ද අපමණ වූ රුවන් ද නිපදින්නේ ය” කියා යි. (මෙසේ) මම පබ්භාර (=ගල්තලු) දානය දී කල්පයක් ස්වර්‍ගයෙහි සුව වින්දෙමි.
Pali BJT2765. නිබ්බත්තිස්සති සො යූපො රතනඤ්ච අනප්පකං, පබ්භාරදානං දත්වාන කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2766. ඉතො බත්තිංසකප්පම්භි සුසුද්ධො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2766. මෙයින් දෙතිස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් සුසුද්ධ නම් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2767. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2767. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පබ්භාරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පබ්භාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපබ්භාරදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපබ්භාරදායක ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකෙසරං ගන්ධ මන්නඤ්ච ධම්මසඤ්ඤී ඵලෙන ච, පසාදාරාමදායී ච ලෙපකො බුද්ධසඤ්ඤකො, පබ්භාරදො ච ගාථායො එකපඤ්ඤාස කිත්තිතා.
Sinhala BJTකේසරගන්‍ධ ආනන්‍ද ධම්මසඤ්ඤී ඵලද පාසාදාරාමදායී ලේපක බුද්ධසඤ්ඤක පබ්භාරැදැයි දසවත් එක්පණස් ගයිනි බැඳියේ.
Pali BJTපදුමකෙසරියවග්ගො{1} එකතිංසතිමො.
Sinhala BJTපදුමකේසරිය වර්‍ගය එක්තිස් වනු යි.
Pali BJT32. ආරක්ඛදායකවග්ගො
Sinhala BJT32. ආරක්ඛදායක වර්‍ගය
Pali BJT311. ආරක්ඛදායකත්ථෙරාපදානං.
Sinhala BJT311. ආරක්ඛදායක ස්ථවිරාවදානය
Pali BJT2768. ධම්මදස්සිස්ස මුනිනො වති කාරාපිතා මයා, ආරක්ඛො ච මයා දින්නො දිපදින්දස්ස{1} තාදිනො.
Sinhala BJT2768. ධම්මදස්සී බුදුරජුන්හට මා විසින් වැටක් කරණ ලදී. තාදී ගුණ ඇති ද්විපදෝත්තමයන් වහන්සේට මා විසින් ආරක්‍ෂාව ද දෙන ලදි.
Pali BJT2769. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, තෙන කම්මවිසෙසෙන පත්තො මෙ ආසවක්ඛයො.
Sinhala BJT2769. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙණ මා විසින් රහත්බව ලබන ලදි.
Pali BJT2770. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2770. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආරක්ඛදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආරක්ඛදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTආරක්ඛදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT312. භොජනදායකත්ථෙරාපදානං.
Sinhala BJT312. භෝජනදායක ස්ථවිරාවදානය
Pali BJT2771. සුජාතො සාලලට්ඨීව සොභඤ්ජනමිවුග්ගතො, ඉන්දලට්ඨිරිවාකාසෙ විරොචති සදා ජිනො.
Sinhala BJT2771. මැනවින් වැඩුන තරුණ සල්ගසක් මෙන් ද උස්ව නැගුනා වූ ශෝභනකවෘක්‍ෂයක් මෙන් ද, අහසෙහි දේදුන්නක් මෙන් ද බුදුරජතෙම හැම කල්හි බබළයි.
Pali BJT2772. තස්ස දෙවාතිදෙවස්ස වෙස්සභුස්ස මහෙසිනො, අදාසිං භොජනමහං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2772. මහර්ෂි වූ දේවාතිදේව වූ ඒ වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිතින් බොජුනක් දිනිමි.
Pali BJT2773. තං මෙ බුද්ධො අනුමොදි සයම්භූ අපරාජිතො, ‘භවෙ නිබ්බත්තමානම්හි ඵලං නිබ්බත්තතූ තව.’
Sinhala BJT2773. එය (පිළිගත්) සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් බුදුරජ තෙම “භවයෙහි උපදනා කල්හි ඔබහට (මෙහි) පුණ්‍ය ඵලය නිපදේවා” යි මට අනුමෙවෙනි බණ දෙසීය.
Pali BJT2774. එකතිංසෙ{2} ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භොජනස්ස ඉදං ඵලං.
Sinhala BJT2774. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භොජනදානයාගේ මේ විපාක යි.
Pali BJT2775. පඤ්චවීසෙ ඉතො කප්පෙ එකො ආසිං අමිත්තභො{3}, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2775. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත්තභ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2776. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2776. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භොජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් භෝජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTභොජනදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTභෝජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT313. ගතසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT313. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2777. ආකාසෙ ච{4} පදං නත්ථි අම්බරෙ අනිලඤ්ජසෙ, සිද්ධත්ථං ජිනමදදක්ඛිං ගච්ඡන්තං තිදිවඞ්ගණෙ{5}.
Sinhala BJT2777. ශබ්දය ඇදගන්නා බැවින් අම්බර නම් වූ වායුමාර්‍ගය වූ හෙයින් අනිලඤ්ජස නම් වු දෙව්ලොවට මිදුලක් බඳු හෙයින් ත්‍රිවිදිවාඞ්ගණ නම් වූ ගුවනෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි. (එහෙත්) ඒ අහස්හි (උන්වහන්සේගේ) පියවරක් ද නැත.
Pali BJT2778. අනිලෙනෙරිතං දිස්වා සම්මාසම්බුද්ධචීවරං, විත්ති මෙ තාවදෙ ජාතා{6} දිස්වාන ගමනං මුනෙ{7}.
Sinhala BJT2778. සුළඟින් සැලෙන සම්මාසම්බුදු සිවුර දැක උන්වහන්සේගේ ගමන ද දැක බුදුරජුන් කෙරෙහි එකෙණෙහි මට සතුට උපන.
Pali BJT2779. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2779. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (බුදුරජුන්ගේ ගමන පිළිබඳ) සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධසංඥාවෙහි (=බුද්ධානුස්සතියෙහි) විපාක යි.
Pali BJT2780. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2780. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගතසඤ්ඤක ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTගතසඤ්ඤකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTගතසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT314. සත්තපදුමියත්ථෙරාපදානං.
Sinhala BJT314. සත්තපදුමිය ස්ථවිරාවදානය
Pali BJT2781. නදීකූලෙ මසාමහං නෙසාදො නාම බ්රාහ්මණො, සතපත්තෙහි පුප්ඵෙහි සම්මජ්ජිත්වාන අස්සමං.
Sinhala BJT2781. මම ගං ඉවුරෙහි නේසාද නම් බමුණෙක් ව පියුම්වලින් අසපුව හැමද වෙසෙමි.
Pali BJT2782. සුවණ්ණවණ්ණං සම්බුද්ධං සිද්ධත්ථං ලොකනායකං, දිස්වා වනෙන{1} ගච්ඡන්තං හාසො මෙ උපපජ්ජථ.
Sinhala BJT2782. වනහිසින් වඩින ලොවට ගුරු වූ රන්වන් වූ සිදුහත් බුදුරජුන් දැක මට ප්‍රීතිය පහළ විය.
Pali BJT2783. පච්චුග්ගන්ත්වාන සම්බුද්ධං ලොකජෙට්ඨං නරාසභං, අස්සමං අතිනාමෙත්වා ජලජග්ගෙහි ඔකිරිං.
Sinhala BJT2783. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් වෙත පෙරගමන් කොට අසපුව ද පිළිගන්වා උතුම් නෙළුඹුමලින් පිදීමි.
Pali BJT2784. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2784. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2785. ඉතො තෙසත්තමෙ කප්පෙ චතුරො පාදපාවරා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2785. මෙයින් එක්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පාදපාවර නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2786. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2786. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සත්තපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසත්තපදුමියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසත්තපදුමිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT315. පුප්ඵාසනදායකත්ථෙරාපදානං.
Sinhala BJT315. පුප්ඵාසනදායක ස්ථවිරාවදානය
Pali BJT2787. සුවණ්ණවණ්ණං සම්බුද්ධං සතරංසිං’ව{2} භානුමං, අවිදූරෙන ගච්ඡන්තං සිද්ධත්ථං අපරාජිතං.
Sinhala BJT2787. නුදුරෙන් වඩින්නා වූ රන්වන් වූ සියක් රැස් ඇති හිරු මෙන් (බබළන්නා වූ) පස්මරුන් දිනූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.
Pali BJT2788. තස්ස පච්චුග්ගමිත්වාන පවෙසෙත්වාන අස්සමං, පුප්ඵාසනං මයා දින්නං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2788. උන්වහන්සේට පෙරගමන් කොට (මාගේ) අසපුවට පමුණුවා පැහැදි සිතින් මා විසින් පුෂ්පාසනයක් දෙන ලදි.
Pali BJT2789. අඤ්ජලිම්පග්ගහෙත්වාන වෙදජාතො තදා අහං, බුද්ධෙ චිත්තං පසාදෙත්වා තං කම්මං පරිණාමයිං.
Sinhala BJT2789. එකල්හි මම හටගත් ප්‍රීති සිත් ඇත්තෙම් ඇඳිලි බැඳ බුදුරජුන් කෙරෙහි සිත පහදවා ඒ (ප්‍රසාදමය) පුණ්‍යකර්‍මය මුහුකුරුවා ලීමි.
Pali BJT2790. යං මෙ අත්ථි කතං පුඤ්ඤං සයම්භූම්හපරාජිතෙ, සබ්බෙ තෙන කුසලෙන විමලො හොමි සාසනෙ.
Sinhala BJT2790. පස්මරුන් දිනූ බුදුරජුන් කෙරෙහි මා විසින් කරණ ලද යම් පින්කමක් ඇද්ද, ඒ සියලු ම කුශලය හේතු කොට ගෙණ ශාසනයෙහි පිරිසිදු (රහත්) වූවෙක් වෙමි.
Pali BJT2791. චතුනවුතෙ ඉතො කප්පෙ පුප්ඵාසනමදං තදා, දුග්ගතිං නාභිජානාමි පුප්ඵාසනස්සිදං ඵලං.
Sinhala BJT2791. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (යම්) පුෂ්පාසනදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පාසනදානයාගේ මේ විපාක යි.
Pali BJT2792. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2792. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුප්ඵාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුෂ්පාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුප්ඵාසනදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTපුෂ්පාසනදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT316. ආසනත්ථවිකත්ථෙරාපදානං.
Sinhala BJT316. ආසනත්‍ථවික ස්ථවිරාවදානය
Pali BJT2793. චෙතියං උත්තමං නාම සිඛිනො ලොකබන්ධුනො, අරඤ්ඤෙ ඉරිනෙ{1} වනෙ අන්ධාහිණ්ඩාමහං තදා.
Sinhala BJT2793. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් පිළිබඳ උත්තම නම් සෑයක් විය. එකල්හි මම ජනසඤ්චාර විරහිත (පාළු) මහවෙනෙහි මංමුළා වූයෙම් (ඒ මේ අත) ඇවිදීමි.
Pali BJT2794. පවනා නික්ඛමිත්වාන දිට්ඨං සීහාසනං මයා, එකංසං අඤ්ජලිං කත්වා ථවිස්සං{2} ලොකනායකං.
Sinhala BJT2794. වනයෙන් නික්ම (යන) මා විසින් ශ්‍රේෂ්ඨ (=බුද්ධ) ආසනය දක්නා ලදි. (උතුරුසළුව) සකස් කොට ඇඳිලි බැඳ ලෝකනායක වූ බුදුරජුන්හට ස්තුති කෙළෙමි.
Pali BJT2795. දිවසභාගං ථවිත්වාන බුද්ධං ලොකග්ගනායකං, හට්ඨො හට්ඨෙන චිත්තෙන ඉමං වාචමුදීරයිං.
Sinhala BJT2795. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන්හට දවහල මුළුල්ලෙහි ස්තුති කොට සොම්නස් වූයෙම් සොම්නස් වූ සිතින් ම මේ වචන කීමි:
Pali BJT2796. “නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, සබ්බඤ්ඤූසි මහාවීර ලොකජෙට්ඨ නරාසභ”.
Sinhala BJT2796. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ලෝකජ්‍යේෂ්ඨයන් වහන්ස, නරශ්‍රේෂ්ඨයන් වහන්ස, මහාවීරයන් වහන්ස, මුබත් සර්‍වඥ වෙහු ය” කියා යි.
Pali BJT2797. අභිත්ථවිත්ථා සිඛිනං නිමිත්තකරණෙනහං, ආසනං අභිවාදෙත්වා පක්කාමි උත්තරාමුඛො.
Sinhala BJT2797. මම බුද්ධාසනය නිමිති කිරීමෙන් සිඛී බුදුරජුන්හට ස්තුති කොට බුද්ධාසනය වැඳ උතුරුදිගට මුහුණ ලා නික්මුනෙමි.
Pali BJT2798. එකතිංසෙ ඉතො කප්පෙ සන්ථවිං{3} වදතං වරං, දුග්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.
Sinhala BJT2798. මෙයින් එක්තිස්වන කපෙහි බුදුරජුන්හට ස්තුති කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තුති කිරීමෙහි මේ විපාක යි.
Pali BJT2799. සත්තවීසෙ ඉතො කප්පෙ අතුල්යා{4} සත්ත අස්සු තෙ, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2799. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අතුල්‍ය නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2800. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2800. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආසනත්ථවිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනත්‍ථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආසනත්ථවිකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTආසනත්‍ථවික ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT317. සද්දසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT317. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය