Pali BJT2684. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඡත්තමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ඡත්තදානස්සිදං ඵලං.
Sinhala BJT2684. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ඡත්‍රපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT2685. පඤ්චවීසෙ ඉතො කප්පෙ සත්ත ආසුං ජනාධිපා, මහාරහ සනාමා තෙ චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2685. මෙයින් පස්විසිවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරහ නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT2686. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2686. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඡත්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඡත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඡත්තදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඡත්තදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT294. සද්දසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT294. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2687. අනුග්ගතම්භි ආදිච්චෙ පනාදො විපුලො අහු, බුද්ධසෙට්ඨස්ස ලොකම්හි පාතුභාවො මහෙසිනො.
Sinhala BJT2687. හිරු උදාවන්නටත් පෙර ප්‍රනාදය මහත් විය. (මෙය) මහර්ෂී වූ බුදුරජානන් වහන්සේගේ ලොව පහළවීම යි.
Pali BJT2688. සද්දමස්සොසහං තත්ථ න ච පස්සාමි තං ජිනං, මරණෙ ච අනුප්පත්තෙ බුද්ධසඤ්ඤමනුස්සරිං.
Sinhala BJT2688. (ගිලන්ව ඇඳෙහි වැතිර සිටි) මම එහි ශබ්දය ඇසීමි. ඒ බුදුරජුන් නො දිටිමි. මරණය ලං වූ කල්හි ද බුද්ධ යන නාමය මෙනෙහි කෙළෙමි.
Pali BJT2689. චතුනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2689. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධ යන හැඟීමක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවගේ මේ විපාක යි.
Pali BJT2690. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2690. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සද්දසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසද්දසඤ්ඤකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසද්දසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT295. ගොසීසනික්ඛෙපකත්ථෙරාපදානං.
Sinhala BJT295. ගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය
Pali BJT2691. ආරාමද්වාරා නික්ඛම්ම ගොසීසං සන්ථතං මයා, අනුභොමි සකං කම්මං පුබ්බකම්මස්සිදං ඵලං.
Sinhala BJT2691. මා විසින් (භික්‍ෂුසඞ්ඝයා) අරම් දොරින් නික්මෙන (මඩසහිත) මගෙහි ගවහිස් කබලක් අතුරණ ලදි. (ආජානීය අශ්ව වාහනාදිය ලැබීමෙන්) එකල තමා කළ ස්වකීය කර්‍මයේ විපාකය විඳිමි. පූර්‍ව කර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT2692. ආජානීයා වාතජවා සින්ධවා සීඝවාහනා, අනුභොමි සබ්බමෙතං ගොසීසස්ස ඉදං ඵලං.
Sinhala BJT2692. ආජානීය අශ්වයෝ ද වාතවේගයෙන් දුවන වාතජව අශ්වයෝ ද සෛන්‍ධව (සින්‍ධුදේශයේ උපන්) අශ්වයෝ ද යන මේ සියලු ශීඝ්‍රවාහන (සම්පත්) අනුභව කරමි. ගව හිස් කබල (සඞ්ඝයාගේ ගමන් පහසුව සඳහා) දැමීමෙහි මේ විපාකය යි.
Pali BJT2693. අහො කාරං පරමකාරං සුඛෙත්තෙ සුකතං මයා, සඞ්ඝෙ කතස්ස කාරස්ස න අඤ්ඤං කලමග්ඝති.
Sinhala BJT2693. පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍යයි. මා විසින් සරු කෙතෙහි උතුම් පින්කමක් කරණ ලදි. සඞ්ඝයා විෂයයෙහි කරණ ලද උපකාරය සසඳන විට අනික් සත්කාරයක් (එයින්) කලාවකට ද නො අගී.
Pali BJT2694. චතුනවුතෙ ඉතො කප්පෙ යං සීසං සන්ථරිං අහං, දුග්ගතිං නාභිජානාමි සන්ථරස්ස ඉදං ඵලං.
Sinhala BJT2694. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් ගව හිස් කබලක් අතුළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගමන් පහසුව ඇතිවන සේ සඞ්ඝයා සඳහා ගෙරි හිස් කබල) ඇතිරීමේ මේ විපාකය යි.
Pali BJT2695. පඤ්චසත්තතිකප්පම්භි සුප්පතිට්ඨිත නාමකො, එකො ආසිං මහාතෙජො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2695. පන්සැත්තෑවන කපෙහි මහත් බල ඇති අතිශය තෙදවත් සුප්පතිට්ඨිත නම් එක් සක්විති රජෙක් වීමි.
Pali BJT2696. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2696. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගොසීසනික්ඛෙපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගෝසීසනික්ඛේපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTගොසීසනික්ඛෙපකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTගෝසීසනික්ඛේපක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT296. පාදපූජකත්ථෙරාපදානං.
Sinhala BJT296. පාදපූජක ස්ථවිරාවදානය
Pali BJT2697. පබ්බතෙ හිමවන්තම්භි අහොසිං කින්නරො තදා, අද්දසං විරජං බුද්ධං පීතරංසිංව භානුමං.
Sinhala BJT2697. එකල්හි මම හිමවත් පව්වෙහි කිඳුරෙක් වීමි. එහි රන්වන් රස් ඇති උදා හිරු මෙන් බබලන බුදුරජුන් දිටිමි.
Pali BJT2698. උපෙතං තමහං{1} බුද්ධං විපස්සිං ලොකනායකං, චන්දනං තගරඤ්චාපි පාදෙ ඔසිඤ්චහං තදා.
Sinhala BJT2698. (තමා සිටින තැනට) වැඩියා වූ ලෝකනායක වූ ඒ විපස්සී බුදුරජුන් දැක මම සිරිපා මුල සඳුන් ද තුවරලා ද ඉස්සෙමි.
Pali BJT2699. චතුනවුතෙ ඉතො කප්පෙ යං පාදමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි පාදපූජායිදං ඵලං.
Sinhala BJT2699. මෙයින් එක්අනූවන කපෙහි යම් ශ්‍රීපාද පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිරිපා පීදිමෙහි මේ විපාකය යි.
Pali BJT2700. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2700. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාදපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පාදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපාදපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTපාදපූජක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT297. දෙසකිත්තකත්ථෙරාපදානං
Sinhala BJT297. දෙසකිත්තක ස්ථවිරාවදානය
Pali BJT2701. උපසාළ්හක නාමො’හං අහොසිං බ්රාහ්මණො තදා, කානනං වනමොගාළ්හං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT2701. එකල්හි මම උපසාළ්හක නම් බමුණෙක් වීමි. මහවනයට පිවිසි ලෝකජ්‍යේෂ්ඨ වූ පරම පුරුෂ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ
Pali BJT2702. දිස්වාන වන්දිං පාදෙසු ලොකාහුතිපටිග්ගහං, පසන්නචිත්තං මා ඤත්වා බුද්ධො අන්තරධායථ.
Sinhala BJT2702. බුදුරජුන් දැක සිරිපා වැන්දෙමි. පහන් සිත් ඇති මා දැන බුදුරජ තෙම අතුරුදහන් විය.
Pali BJT2703. කානනා අභිනික්ඛම්ම බුද්ධසෙට්ඨමනුස්සරිං, තං දෙසං කිත්තයිත්වාන කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT2703. වනයෙන් නික්ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. (බුදුරජුන් වැඩියා වූ) ඒ දෙසට පසසා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT2704. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං දෙසමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT2704. මෙයින් දෙයානූවන කපෙහි (බුදුරජුන් වැඩියා වූ ඒ) යම් දෙසකට පැසසූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
Pali BJT2705. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2705. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දෙසකිත්තකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසකිත්තක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTදෙසකිත්තකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTදෙසකිත්තක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT298. සරණගමනියථෙරාපදානං.
Sinhala BJT298. සරණගමනිය ස්ථවිරාවදානය
Pali BJT2706. පබ්බතෙ හිමවන්තම්භි අහොසිං ලුද්දකො අහං, විපස්සිං අද්දසං බුද්ධං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT2706. මම හිමවත් පව්වෙහි වැද්දෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
Pali BJT2707. උපාසිත්වාන සම්බුද්ධං වෙය්යාවච්චමකාසහං, සරණඤ්ච උපාගච්ඡිං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT2707. මම සම්බුදුරජුන් වෙත එළඹ වතාවත් කෙළෙමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (=අටලෝදහමින් නොසැලෙන) බුදුවරයන් වහන්සේ සරණ ද ගියෙමි.
Pali BJT2708. එකනවුතෙ ඉතො කප්පෙ සරණං යමගච්ඡහං, දුග්ගතිං නාභිජානාමි සරණගමනප්ඵලං.
Sinhala BJT2708. මම මෙයින් එක්අනූවන කපෙහි බුදුරජුන් සරණ කොට ගියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ සරණගමනයෙහි විපාකය යි.
Pali BJT2709. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2709. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසරණගමනියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසරණගමනිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT299. අම්බපිණ්ඩියත්ථෙරාපදානං.
Sinhala BJT299. අම්බපිණ්ඩිය ස්ථවිරාවදානය
Pali BJT2710. රොමසො නාම නාමෙන දානවො ඉති විස්සුතො, අම්බපිණ්ඩී මයා දින්නා{1} විපස්සිස්ස මහෙසිනො,
Sinhala BJT2710. එකල්හි නමින් රෝමස නම් වූ මම දානව යයි ප්‍රකට වූයෙම් වීමි. ඒ මා විසින් විපස්සී බුදුරජුන්හට අඹකැනක් දෙන ලදි.
Pali BJT2711. එකනවුතෙ ඉතො කප්පෙ යමම්බමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අම්බදානස්සිදං ඵලං.
Sinhala BJT2711. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් අඹ දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
Pali BJT2712. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2712. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අම්බපිණ්ඩියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅම්බපිණ්ඩියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTඅම්බපිණ්ඩිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT300. අනුසංසාවකත්ථෙරාපදානං.
Sinhala BJT300. අනුසංසාවක ස්ථවිරාවදානය
Pali BJT2713. පිණ්ඩාය චරමානාහං විපස්සිං අද්දසං ජානං, උළුඞ්කභික්ඛං පාදාසිං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT2713. මම පිඬු පිණිස හැසිරෙන්නා වූ විපස්සී බුදුරජුන් දිටිමි. ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති (ඒ බුදුරජුන්හට) සැන්දක් පමණ වූ භික්‍ෂාව දිනිමි.
Pali BJT2714. පසන්නචිත්තො සුමනො අභිවාදෙසහං තදා, අනුසංසාවයිං බුද්ධං උත්තමත්ථස්ස පත්තියා.
Sinhala BJT2714. මම එකල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි. උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස බුදුරජුන් පැසසීමි.
Pali BJT2715. චතුනවුතෙ ඉතො කප්පෙ අනුසංසාවයිං අහං, දුග්ගතිං නාභිජානාමි අනුසංසාවනාඵලං.
Sinhala BJT2715. මෙයින් එක්අනූවන කපෙහි මම (බුදුරජුන්) පැසසීමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
Pali BJT2716. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං
Sinhala BJT2716. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අනුසංසාවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුසංසාවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅනුසංසාවකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඅනුසංසාවක ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTචිතකං පාරිඡත්තො ච සද්ද ගොසීසසන්ථරං පදං පදෙසං සරණං අම්බො සංසාවකො පි ච සත්තතාළිස ගාථායො ගණිතායො විභාවිහි.
Sinhala BJTචිතක පාරිච්ඡත්ත සද්ද ගොසීසසන්‍ථර පද පදෙස් සරණ ද අම්බ සහ සංසාවක ද සත්සාළිස් ගයෙක් ගැණිනී ගණන් දතුවන්
Pali BJTචිතකපූජකවග්ගො තිංසතිමො.
Sinhala BJTචිතකපූජක වර්‍ගය තිස්වනු යි.
Pali BJTඅථ වග්ගුද්දානං:
Sinhala BJTයලි වර්‍ග උද්දානය:
Pali BJTකණිකාරො හත්ථිදදො ආලම්බණුදකාසනං තුවරං ථොමකො වෙච උක්ඛෙපං සීසුපධානං පණ්ණදො චිතපූජී ච ගාථායො චෙව සබ්බසො චත්තාරි ච සතානීහ එකපඤ්ඤාසමෙව ච. පඤ්චවීසසතා සබ්බා ද්වාසත්තති තදුත්තරි, තිසතං අපදානානං ගණිතා අත්ථදස්සිහි.
Sinhala BJTකණිකාර හත්‍ථිද්ද ආලම්බනු දකාසන, තුවර ථොමක සහ උක්ඛේප සීසූපධාන ද. පණ්ණද චිතකපූජිදැයි සැම ලෙසින් ඇති මෙහි ගී, සතරෙක් ද සියයක් එක්පණසෙක් ද යලි එහි, පස්විසි සියක් හා දෙසැත්තෑවකි උතුරා, අපදාන තෙසියක් මෙහි මෙතෙක් ගයින් කියන ලදී.
Pali BJTතතියං සතකං{1} සමත්තං.
Sinhala BJTතෙවෙනි සියය නිමියේ ය.
Pali BJT31. පදුමකෙසරියවග්ගො
Sinhala BJT31. පදුමකේසර වර්‍ගය
Pali BJT301. පදුමකෙසරියත්ථෙරාපදානං.
Sinhala BJT301. පදුමකේසරිය ස්ථවිරාවදානය
Pali BJT2717. ඉසිසඞ්ඝෙ අහං පුබ්බෙ ආසිං මාතඞ්ගවාරණො, මහෙසීනං පසාදෙන පදමකෙසරමොකිරිං
Sinhala BJT2717. මම පෙර පසේබුදුවරුන් වහන්සේ මැද මාතඞ්ග හස්ති කුලයෙහි උපන් ඇතෙක් වීමි. පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් පියුම් කෙසුරු විසිර වීමි.
Pali BJT2718. පච්චෙකජිනසෙට්ඨෙසු ධුතරාගෙසු තාදිසු, තෙසු චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT2718. පිඹ හළ රාග ඇති තාදී ගුණ යුත් (=අටලෝ දහමින් නො සැලෙන) ඒ පසේබුදුවරුන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT2719. එකනවුතෙ ඉතො කප්පෙ කෙසරං ඔකිරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2719. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි පියුම් කෙසුරු විසිරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2720. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2720. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමකෙසරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපදුමකෙසරියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTපදුමකේසරිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT302. සබ්බගන්ධියත්ථෙරාපදානං.
Sinhala BJT302. සබ්බගන්‍ධිය ස්ථවිරාවදානය
Pali BJT2721. ගන්ධමාලං මයා දින්නං විපස්සිස්ස මහෙසිනො, අදාසිං උජුභූතස්ස කොසෙය්යං වත්ථමුත්තමං.
Sinhala BJT2721. විපස්සී බුදුරජුන්හට මා විසින් සුවඳ මල් දෙන ලදී. (=එසේ ම කායවඞ්කාදියෙන් තොර බැවින්) ඍජු වූ උන්වහන්සේට උතුම් කෝසෙය්‍ය වස්ත්‍රයක් (හැම සුවඳ ගන්වා) දිනිමි.
Pali BJT2722. එකනවුතෙ ඉතො කප්පෙ යං ගන්ධමදදිං{1} පුරෙ, දුග්ගතිං නාභිජානාමි ගන්ධදානස්සිදං ඵලං.
Sinhala BJT2722. මෙයින් එක් අනූවන කපෙහි වූ ඒ අතීතයෙහි යම් ගන්‍ධදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගන්‍ධදානයෙහි මේ විපාක යි.
Pali BJT2723. ඉතො පණ්ණරසෙ කප්පෙ සුචෙලො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2723. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචෙල නම් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2724. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සබ්බගන්ධියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බගන්‍ධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසබ්බගන්ධියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTසබ්බගන්‍ධිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT303. පරමන්නදායකත්ථෙරාපදානං.
Sinhala BJT303. පරමන්නදායක ස්ථවිරාවදානය
Pali BJT2725. ණිකාරං’ව ජොතන්තං උදයන්තං’ව භානුමං, විපස්සිමද්දසං බුද්ධං ලොකෙජෙට්ඨං නරාසභං.
Sinhala BJT2725. කිණිහිරි රුකක් මෙන් ද උදාවන හිරු මෙන් ද බබලන ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
Pali BJT2726. අඤ්ජලිම්පග්ගහෙත්වාන අභිනෙසිං{2} සකං ඝරං, අභිනෙත්වාන{3} සම්බුද්ධං පරමන්නං අදාසහං.
Sinhala BJT2726. මම ඇඳිලි බැඳ (ඒ බුදුරජුන්) සිය ගෙදොරට පමුණුවා සම්බුදුරජුන්හට වරබොජුන දිනිමි.
Pali BJT2727. එකනවුතෙ ඉතො කප්පෙ පරමන්නං දදිං තදා, දුග්ගතිං නාභිජානාමි පරමන්නස්සිදං ඵලං.
Sinhala BJT2727. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි උතුම් ආහාරදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උතුම් ආහාරදානයාගේ මේ විපාක යි.
Pali BJT2728. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2728. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පරමන්නදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පරමන්නදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපරමන්නදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTපරමන්නදායක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT304. ධම්මසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT304. ධම්මසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2729. විපස්සිනො භගවතො මහාබොධිමහො අහු, රුක්ඛට්ඨෙ යෙව{1} සම්බුද්ධෙ ලොකජෙට්ඨෙ නරාසභෙ.
Sinhala BJT2729. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සම්බුදුරජුන් බෝරුක්මුල්හි සිටියදී ම (නොහොත් බුදුරජුන් බෝරුක්මුල සිටින කල්හි) මෙන් සිතා (සිදුකරණ) විපස්සී බුදුරජුන් පිළිබඳ මහාබෝධි පූජාවක් විය.
Pali BJT2730. භගවා තම්හි සමයෙ භික්ඛුසඞ්ඝපුරක්ඛතො, චතුසච්චං පකාසෙති වාචාසභිමුදීරයං.
Sinhala BJT2730. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු අභීත වචනයෙන් චතුස්සත්‍යය වදාරණ සේකි.
Pali BJT2731. සඞ්ඛිත්තෙන ච දෙසෙන්තො විත්ථාරෙන ච දෙසයං{2}, විවට්ටච්ඡදො සම්බුද්ධො නිබ්බාපෙසි මහාජනං.
Sinhala BJT2731. විසුළ කෙලෙස් සෙවෙනි ඇති ඒ සම්බුදුරජ තෙම සැකෙවින් ද විතර විසින් ද (දහම්) දෙසමින් මහාජනයා නිවණට පැමිණ වීය.
Pali BJT2732. තස්සාහං ධම්මං සුත්වාන ලොකජෙට්ඨස්ස තාදිනො, වන්දිත්වා සත්ථුනො පාදෙ පක්කාමි උත්තරාමුඛො.
Sinhala BJT2732. මම ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තාදි ගුණ ඇති උන්වහන්සේගේ ධර්‍මය අසා (එම) ශාස්තෲන් වහන්සේගේ පා වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT2733. එකනවුතෙ ඉතො කප්පෙ යං ධම්මමසුණිං තදා, දුග්ගතිං නාභිජානාමි ධම්මසඤ්ඤායිදං ඵලං.{3}
Sinhala BJT2733. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ධර්‍මයක් ඇසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මසංඥායෙහි මේ විපාක යි.
Pali BJT2734. තෙත්තිංසම්හි ඉතො කප්පෙ එකො ආසිං මහීපති, සුතවා නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2734. මෙහින් තෙතිස්වනු කපෙහි මහත් බල ඇති පෘථිවීශ්වර වූ සුතවා නම් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2735. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2735. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTධම්මසඤ්ඤකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTධම්මසඤ්ඤක ස්ථවිරාවදානය සිව්වැනි යි.
Pali BJT305. ඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT305. ඵලදායක ස්ථවිරාවදානය
Pali BJT2736. භාගීරථීනදීතීරෙ අහොසි අස්සමො තදා, තමහං අස්සමං ගච්ඡිං ඵලහත්ථො අපෙක්ඛවා{4}.
Sinhala BJT2736. එකල්හි භාගීරථි නදීතීරයෙහි අසපුක් විය. මම පලතුරු ගත් අත් ඇත්තෙම් බලාපොරොත්තු සහිත වූයෙම් ඒ අසපුවට ගියෙමි.
Pali BJT2737. විපස්සිං තත්ථ අද්දක්ඛිං පීතරංසිං’ව භානුමං, යං මෙ අත්ථි ඵලං සබ්බං අදාසිං සත්ථුනො අහං.
Sinhala BJT2737. එහි දී රන්වන් රස් ඇති (උදාවන හිරු මෙන් බබලන්නා) වූ විපස්සී බුදුරජුන් දිටිමි. මා ලඟ යම් ඵල වර්‍ගයක් වී ද ඒ සියලු ඵල මම ඒ බුදුරුන්හට දිනිමි.
Pali BJT2738. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT2738. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාක යි.
Pali BJT2739. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2739. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.