Pali BJT2624. සිද්ධත්ථො ලොකපජ්ජොතො සබ්බලොකතිකිච්ඡකො, තස්ස පණ්ණං මයා දින්නං නිසින්නං{2} පණ්ණසන්ථරෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2625. චතුනවුතෙ ඉතො{3} කප්පෙ යං පණ්ණමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පණ්ණදානස්සිදං ඵලං.
Sinhala BJT2625. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (කෑමට පිළියෙල කළ) කොළයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පර්‍ණදානයාගේ මේ විපාක යි.
Pali BJT2626. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2626. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පණ්ණදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපණ්ණදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTපර්‍ණදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT282. ඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT282. ඵලදායක ස්ථවිරාවදානය
Pali BJT2627. සිනෙරුසමසන්තොසො ධරණීධරසාදිසො, වුට්ඨිහිත්වා සමාදිම්භා භික්ඛාය මමුපට්ඨිතො.
Sinhala BJT2627. සිනේරු පර්‍වතය මෙන් ශාන්ත වූ මහමෙර මෙන් ස්ථිර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවත් තෙමේ සමාධියෙන් නැගිට පිඬු පිණිස මා වෙත එළඹියේ ය.
Pali BJT2628. හරීතකං ආමලකං අම්බ ජම්බු විභීටකං, කොලං භල්ලාතකං බිල්ලං ඵාරුසකඵලානි ච.
Sinhala BJT2628-2629. අරළු, නෙල්ලි, අඹ, දඹ, බුළු, ඩෙබර, බදුලු, බෙලි, බොරළු දමනු යන ගෙඩි දැයි ඒ සියල්ල මුළු ලොවට අනුකම්පා කරන්නා වූ සිදුහත් බුදුරජුන් හට පැහැදි සිතින් මා විසින් දෙන ලදි.
Pali BJT2829. සිද්ධත්ථස්ස මහෙසිස්ස සබ්බලොකානුකම්පිනො, තඤ්ච සබ්බං මයා දින්නං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2630. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT2630. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පලතුරු දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරු දනෙහි මේ විපාක යි.
Pali BJT2631. සත්තපඤ්ඤාසිතො කප්පෙ එකජ්ඣො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2631. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකජ්ඣ නම් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2632. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2632. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඵලදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඵලදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT283. පච්චුග්ගමනියත්ථෙරාපදානං.
Sinhala BJT283. පච්චුග්ගමනිය ස්ථවිරාවදානය
Pali BJT2633. සීහං යථා වනචරං නිසභාජානියං යථා, කකුධං විලසන්තංව ආගච්ඡන්තං නරාසභං.
Sinhala BJT2633-2634. වනයෙහි (එකලාව) හැසිරෙන්නා වූ සිංහයකු මෙන් ද ශ්‍රේෂ්ඨ ආජානියයකු මෙන් ද බබලන්නා වූ කුඹුක් ගසක් මෙන් ද (ක්ලේශ රෝගයෙන් පෙළෙන) සකල ලෝකයාට වෛද්‍යවරයකු මෙන් ද ලොව බබුළුවන්නා වූ නරශ්‍රේෂ්ඨ වූ (ඉදිරියට) වඩින සිදුහත් බුදුරජුන් (දැක) පැහැදි සිතින් පෙර ගමන් කෙළෙමි.
Pali BJT2634. සිද්ධත්ථං ලොකපජ්ජොතං සබ්බලොකතිකිච්ඡකං, අකාසිං පච්චුග්ගමනං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2635. එකනවුතෙ ඉතො කප්පෙ පච්චුග්ගච්ඡිං නරාසභං, දුග්ගතිං නාභිජානාමි පච්චුග්ගමනෙ ඉදං ඵලං.
Sinhala BJT2635. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන්හට පෙර ගමන් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පෙර ගමන් කිරීමෙහි මේ විපාක යි.
Pali BJT2636. සත්තවීසෙ ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, සපරිවාරොති නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2636. මෙයින් සත්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සපරිවාර නම් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2637. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2637. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පච්චුග්ගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුගමනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපච්චුග්ගමනියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTපච්චුගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT284. එකපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT284. ඒකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2638. දක්ඛිණම්භි දුවාරම්හි පිසාචො ආසහං තදා, අද්දසං විරජං බුද්ධං පීතරංසිං’ව භානුමං.
Sinhala BJT2638. මම එකල්හි දකුණු දොරටුවෙහි පිසාචයෙකිම් වීමි. (එහි) දී පීතවර්‍ණ රස් ඇති (උදාවන) හිරු වැනි වූ කෙලෙස් රජස් නැති බුදුරජුන් දිටිමි.
Pali BJT2639. විපස්සිස්ස නරග්ගස්ස සබ්බලොකහිතෙසිනො, එකපුප්ඵං මයා දින්නං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT2639. සර්‍වලෝකහිතෛෂී වූ නරශ්‍රේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති විපස්සී බුදුරජුන්හට මා විසින් එක් මලක් පුදන ලදි.
Pali BJT2640. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2640. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2641. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2641. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඒකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT285. මඝවපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT285. මඝවපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2642. නම්මදානදියා තීරෙ සයම්භු අපරාජිතො, සමාධිං සො සමාපන්නො විප්පසන්නො අනාවිලො.
Sinhala BJT2642. නර්‍මදා නදී තීරයෙහි පස් මරුන් දිනූ බුදුවරයෙක් විය. නො කැළඹුනා වූ පහන් සිත් ඇති හෙතෙම සමාධියට සමවැදුනේ විය.
Pali BJT2643. දිස්වා පසන්නො සුමනො සම්බුද්ධං අපරාජිතං, තාහං මඝවපුප්ඵෙන සයම්භුං පූජයිං තදා.
Sinhala BJT2643. පහන් වූ සොම්නස් වූ මම අපරාජිත වූ එම සර්‍වඥයන් වහන්සේ දැක එකල්හි එම බුදුරජුන් හට මඝව නම් වූ මලින් පිදීමි.
Pali BJT2644. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2644. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2645. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2645. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මඝවපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මඝවපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමඝවපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTමඝවපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT286. උපට්ඨාකදායකත්ථෙරාපදානං.
Sinhala BJT286. උපට්ඨාකදායක ස්ථවිරාවදානය
Pali BJT2646. රථියං පටිපජ්ජන්තං ආහුතීනං පටිග්ගහං, දිපදින්දං මහානාගං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT2646. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ වීථියට පිවිසෙන බුදුරජුන් (දිටිමි.)
Pali BJT2647. පක්කොසාපිය තස්සාහං සබ්බලොකහිතෙසිනො, උපට්ඨාකො මයා දින්නො සිද්ධත්ථස්ස මහෙසිනො.
Sinhala BJT2647. මම (උපස්ථායකයකු) කැඳවා සර්‍වලෝක හිතෛෂී වූ ඒ සිදුහත් බුදුරජුන් හට මා විසින් (ඒ) උපස්ථායකයා දෙන ලදී.
Pali BJT2648. පටිග්ගහෙත්වා සම්බුද්ධො නිය්යාතෙසි මහාමුනි, උට්ඨාය ආසනා තම්හා පක්කාමි පාචිනාමුඛො.
Sinhala BJT2648. මහාමුනි වූ සර්‍වඥ තෙමේ (උපස්ථායකයා) පිළිගෙණ (ආපසු මට පාවා දුනි) ඉක්බිති එම අසුනෙන් නැගිට ප්‍රාචීන දිශාභිමුඛව (=නැගෙනහිරට මුහුණ ලා) වැඩියේ ය.
Pali BJT2649. චතුනවුතෙ ඉතො කප්පෙ උපට්ඨාකමදං තදා, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
Sinhala BJT2649. මෙයින් සිවුඅනූවනු කපෙහි උපස්ථායකයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (උපස්ථායකදානයෙහි) උවැටැනෙහි මේ විපාක යි.
Pali BJT2650. සත්තපඤ්ඤාසීතො කප්පෙ බලසෙන සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2650. මෙයින් සත්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බලසේන නම් සක්විති රජෙකිම් වීමි.
Pali BJT2651. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2651. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපට්ඨාකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උපට්ඨාකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋපට්ඨාකදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨමං.
Sinhala BJTඋපට්ඨාකදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT287. අපදානියත්ථෙරාපදානං.
Sinhala BJT287. අපදානිය ස්ථවිරාවදානය
Pali BJT2652. අපදානං සුගතානං කිත්තයිං’හං මහෙසිනො, පාදෙ ච සිරසා වන්දිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT2652. මම මහර්ෂී වූ බුදුරජුන්හට තථාගතයන්ගේ අපදානය පැවැසීමි. පහන් වූයෙම් සියතින් ශ්‍රීපාදයන් ද හිස නමා වැන්දෙමි.
Pali BJT2653. ද්වෙනවුතෙ ඉතො කප්පෙ අපදානං පකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
Sinhala BJT2653. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගතාපදානයක් පැවසූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අපදාන කීර්‍තනයෙහි (=තථාගතචරිතය පැසසීමෙහි) මේ විපාක යි.
Pali BJT2654. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2654. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අපදානියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අපදානිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅපදානියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඅපදානිය ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT288. සත්තාහපබ්බජිතත්ථෙරාපදානං.
Sinhala BJT288. සත්තාහපබ්බජිත ස්ථවිරාවදානය
Pali BJT2655. විපස්සිස්ස භගවතො සඞ්ඝො සක්කතමානිතො, ව්යසනං මෙ අනුප්පත්තං ඤාතිභෙදො පුරෙ අහු.
Sinhala BJT2655. මා විසින් විපස්සී බුදුරජුන්ගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සත්කාර හා බුහුමන් කරණ ලදුයේ විය. මට ආපදාවක් පැමිණියේ ය. පෙර ඤාතීන් අතර භේදයක් ඇති විය.
Pali BJT2656. පබ්බජ්ජ මුපගන්ත්වාන ව්යසනූපසමාය’හං, සත්තාහාභිරතො තත්ථ සත්ථුසාසනකම්යතා.
Sinhala BJT2656. මම ඒ උවදුරින් සන්සිඳීම පිණිස බුදුසස්නෙහි රිසියෙන් පැවිදිව සතියක් එහි ඇලුනෙම් විසීමි.
Pali BJT2657. එකනවුතෙ ඉතො කප්පෙ යමහං පබ්බජිං තදා, දුග්ගතිං නාභිජානාමි පබ්බජ්ජාය ඉදං ඵලං.
Sinhala BJT2657. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් හෙයකින් මම් පැවිදි වූයෙම් ද (ඒ පැවිදි වීම හේතු කොට ගෙණ) දුගතියක් නො දනිමි. පැවිද්දෙහි මේ විපාක යි.
Pali BJT2658. සත්තසට්ඨිම්හිතො කප්පෙ සත්ත ආසුං මහීපතී, සුනික්ඛමාති ඤායන්ති චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2658. මෙයින් සත්සැටවනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සුනික්ඛම නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2659. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2659. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සත්තාහපබ්බජිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තාහපබ්බජිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසත්තාහපබ්බජිතත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසත්තාහපබ්බජිත ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT289. බුද්ධුපට්ඨාකත්ථෙරාපදානං
Sinhala BJT289. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
Pali BJT2660. වෙටම්බරීති{1} මෙ නාමං පිතුසන්තං මමං තදා, මම හත්ථං ගහෙත්වාන උපානයි මහාමුනිං.
Sinhala BJT2660-2661. මාගේ නම වෙටම්බරී ය. එකල්හි මාගේ පියතෙම මේ ලෝකාග්‍රනායක වූ බුදුවරු මට දහම් දෙසන්නාහු යයි කියා මාගේ අත ගෙණ බුදුරජුන් වෙත පැමිණ වීය. මම පහන් වූයෙම් සියතින් උන්වහන්සේට මැනවින් උපස්ථාන කෙළෙමි.
Pali BJT2661. ඉමෙ මං උද්දිසිස්සන්ති බුද්ධා ලොකග්ගනායකා, තෙ’හං උපට්ඨිං සක්කච්චං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2662. එකතිංසෙ ඉතො කප්පෙ බුද්ධෙ පරිචරිං තදා, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
Sinhala BJT2662. මෙයින් එස්තිස්වන කපෙහි වූ එකල්හි බුදුවරුන්හට පරිචරණය (=වතාවත්) කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාක යි.
Pali BJT2663. තෙවීසම්හි ඉතො කප්පෙ චතුරො ආසු ඛත්තියා, සමණුපට්ඨාකා{1} නාම චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2663. මෙයින් තෙවිසිවන කපෙහි මහත් බල ඇති සමණුපට්ඨාක නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2664. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2664. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බුද්ධුපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබුද්ධුපට්ඨාකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTබුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT290. පුබ්බඞ්ගමියත්ථෙරාපදානං.
Sinhala BJT290. පුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය
Pali BJT2665. චුල්ලාසීතිසහස්සානි පබ්බජිම්හ අකිඤ්චනා, තෙසං පුබ්බඞ්ගමො ආසිං උත්තමත්ථස්ස පත්තියා.
Sinhala BJT2665. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලැබීම පිණිස අසූහාරදහසක් දෙනා (කිසිදු වස්තුවක් නො මැති බැවින්) අකිඤ්චක වූ පැවිද්දෝ වූහ. මම ඔවුනතුරෙන් පුරෝගාමියා වීමි.
Pali BJT2666. සරාගා සභවා{2} චෙතෙ විප්පස්නනමනාවිලා,{3} උපට්ඨහිංසු සක්කච්චං පසන්නා සෙහි පාණිහි.
Sinhala BJT2666. පැහැදුනු නො කැලඹුනු මොවුහු රාග සහිතයෝ ය. භවෝත්පත්තිය නැති නො කොළෝය. පහන් සිත් ඇති (රහත්නට) සියතින් ම මැනවින් උවටැන් කළාහුය.
Pali BJT2667. ඛීණාසවා වන්තදොසා කතකිච්චා අනාසවා, ඵරිංසු{4} මෙත්තචිත්තෙන සයම්භූ අපරාජිතා.
Sinhala BJT2667. ක්‍ෂය කළ ආශ්‍රව ඇති, දුරු කළ කෙලෙස් දොස් ඇති, රහත් බවට පත්, සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ (උන්වහන්සේ) හැමදෙන (අප කෙරෙහි) මෙත් සිත පැතිර වූහ.
Pali BJT2668. තෙසං උපට්ඨහිත්වාන සම්බුද්ධානං පතිස්සතො, මරණඤ්ච අනුප්පත්තො දෙවත්තඤ්ච අගම්හසෙ.
Sinhala BJT2668. ඒ සියලු සම්බුදුවරයන් වහන්සේට උවටැන් කොට එළඹ සිටි සිහි ඇතිව මරණයට පැමිණියමෝ දේවත්‍වයට ද ගියෙමු.
Pali BJT2669. චතුනවුතෙ ඉතො කප්පෙ යා සීලමනුපාලයිං, දුග්ගතිං නාභිජානාමි සඤ්ඤමස්ස ඉදං ඵලං.
Sinhala BJT2669. මෙයින් සිවුඅනූවන කපෙහි යම් සීලයක් රැකියෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සංයමයාගේ මේ විපාක යි.
Pali BJT2670. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2670. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුබ්බඞ්ගමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුබ්බඞ්ගමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුබ්බඞ්ගමියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපුබ්බඞ්ගමිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTපණ්ණං ඵලං පච්චුග්ගමං{5} එකපුප්ඵී ච මඝවා උපට්ඨාකාපදානඤ්ච පබ්බජ්ජා බුද්ධුපට්ඨාකො පුබ්බඞ්ගමො ච ගාථායො අට්ඨතාළීස කිත්තිතාති.
Sinhala BJTපණ්ණ ඵල පච්චුග්ගමිය - ඒකපුප්ඵි මාඝව උපට්ඨාන අපදාන - පබ්බජ්ජා බුද්ධුපට්ඨාක පුබ්බඞ්ගම ද දසවත් - අටසාළිස් ගයෙක් වේ.
Pali BJTපණ්ණාදායකවග්ගො එකූනතිංසතිමො.
Sinhala BJTපර්‍ණදායක වර්‍ගය එකුන්තිස්වනු යි.
Pali BJT30. චිතකපූජකවග්ගො
Sinhala BJT30. චිතකපූජක වර්‍ගය
Pali BJT291. චිතකපූජකත්ථෙරාපදානං.
Sinhala BJT291. චිතකපූජක ස්ථවිරාවදානය
Pali BJT2671. අජිතො නාම නාමෙන අහොසිං බ්රාහ්මණො තදා, ආහුතිං යිට්ඨුකාමො’හං නානාපුප්ඵං සමානයිං.
Sinhala BJT2671. එකල්හි මම අජිත නම් බමුණෙකිම් වීමි. පූජාවක් කරණු කැමැත්තෙම් නොයෙක් මල් රැස් කෙළෙමි.
Pali BJT2672. ජලන්තං චිතකං දිස්වා සිඛිනො ලොකබන්ධුනො, තං ච පුප්ඵං සමානෙත්වා චිතකෙ ඔකිරිං අහං.
Sinhala BJT2672. සිඛී බුදුරජානන් වහන්සේගේ සෑය දැක මම ඒ සියලු මල් ගෙණවුත් එයින් සෑය පිදීමි.
Pali BJT2673. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2673. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2674. සත්තවීසෙ ඉතො කප්පෙ සත්තාසුං මනුජාධිපා, සුපජ්ජලිතනාමා තෙ චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2674. මෙයින් සත්විසිවන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති සුපජ්ජලිත නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2675. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2675. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචිතකපූජකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTචිතකපූජක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT292. පුප්ඵධාරකත්ථෙරාපදානං
Sinhala BJT292. පුප්ඵධාරක ස්ථවිරාවදානය
Pali BJT2676. වාකචීරධරො ආසිං අජිනුත්තරවාසනො, අභිඤ්ඤාපඤ්චනිබ්බත්තා චන්දස්ස පරිමජ්ජකො.
Sinhala BJT2676. (මම) වැහැරි සිවුරු දරණ, එකස් කොට හැඳගත් අඳුන් දිවි සම් ඇති, ඉපද වූ පඤ්චාභිඥා ඇති, සඳ පිරිමැදීමෙහි සමත් (=ඉදුමත්) තවුසෙකිම් වීමි.
Pali BJT2677. විපස්සිං ලොකපජ්ජොතං දිස්වා අභිගතං මම, පාරිච්ඡත්තකපුප්ඵානි ධාරෙසිං සත්ථුනො අහං.
Sinhala BJT2677. මා සමීපයට වැඩියා වූ මුළු ලොවට පහනක් බඳු වූ විපස්සී බුදුරජුන් දැක මම ඒ ශාස්තෲන් වහන්සේට පරසතු මල් (ගෙණවුත් කුඩයක් කොට) දැරීමි.
Pali BJT2678. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිධාරයිං, දුග්ගතිං නාභිජානාමි ධාරණාය ඉදං ඵලං.
Sinhala BJT2678. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් සැතක් දැරුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පච්ඡත්‍රය (=මල්කූඩය) ක් දැරීමෙහි මේ විපාක යි.
Pali BJT2679. සත්තාසීතිම්භිතො කප්පෙ එකො ආසිං මහීපති, සමන්තධාරණො නාම චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2679. මෙයින් සත්අසූවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති සමන්තධාරණ නම් එක් සක්විත්තෙකිම් වීමි.
Pali BJT2680. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2680. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුප්ඵධාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵධාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුප්ඵධාරකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTපුප්ඵධාරක ස්ථවිරාවදානය දෙවනු යි.
Pali BJT293. ඡත්තදායකත්ථෙරාපදානං.
Sinhala BJT293. ඡත්තදායක ස්ථවිරාවදානය
Pali BJT2681. පුත්තො මම පබ්බජිතො කාසායවසනො තදා, සො ච බුද්ධත්තං සම්පත්තො නිබ්බුතො ලොකපූජිතො.
Sinhala BJT2681. එකල්හි මාගේ පුත්‍ර තෙමේ කසාවත් හැඳගත් පැවිද්දෙක් විය. හෙතෙම ශ්‍රාවක බෝධිය (රහත් බව) ට පැමිණියේ ලෝකයා විසින් පුදනු ලැබුවෙක් ව පිරිනිවන් පෑයේ ය.
Pali BJT2682. විචිනන්තො සකං පුත්තං අගමං පච්ඡතො අහං, නිබ්බුතස්ස මහන්තස්ස චිතකං අගමාසහං.
Sinhala BJT2682. මම සිය පුතු සොයමින් පසුපසින් ගියෙමි. මම පිරිනිවන් පෑ රහතන් වහන්සේගේ සෑය වෙත පැමිණියෙමි.
Pali BJT2683. පග්ගය්හ අඤ්ජලිං තත්ථ වන්දිත්වා චිතකං අහං, සෙතච්ඡත්තඤ්ච පග්ගය්හ ආරොපෙසිං අහං තදා.
Sinhala BJT2683. මම එහි ඇඳිලි බැඳගෙණ සෑය වැඳ එකල්හි ශ්වේතච්ඡත්‍රයක් ද ගෙණ (සෑයට) නැංවීමි.