Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3501-3600 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2571. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2571. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2572. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2572. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සලලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලපූප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසලලපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසලලපූප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT269. උපාගතාසයත්ථෙරාපදානං.
Sinhala BJT269. උපාගතාසය ස්ථවිරාවදානය
Pali BJT2573. හිමවන්තස්ස වෙමජ්ඣෙ සරො ආසි සුනිම්මිතො, තත්ථාහං රක්ඛසො ආසිං හෙඨසීලො භයානකො.
Sinhala BJT2573. හිමවත මැද මැනවින් නිම කළ විලක් විය. මම එහි අනුන් වෙහෙසන සුලු භයානක රකුසෙක් වීමි.
Pali BJT2574. අනුකම්පකො කාරුණිකො විපස්සී ලොකනායකො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකෙ{1}.
Sinhala BJT2574. අනුකම්පාව ඇති කරුණාවත් වූ ඒ විපස්සී බුදුරජ තෙම මා (ඒ දරුණු ජීවිතයෙන්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
Pali BJT2575. උපාගතං මහාවීරං දෙවදෙවං නරාසභං, ආසයා අභිනික්ඛම්ම අවන්දිං සත්ථුනො අහං.
Sinhala BJT2575. මම එසේ පැමිණියා වූ මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ (උන්වහන්සේ දිටිමි) (දැක) වසන තැනින් නික්ම ශාස්තෲන් වහන්සේට වැන්දෙමි.
Pali BJT2576. එකනවුතෙ ඉතො කප්පෙ යං වන්දිං පුරිසුත්තමං, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
Sinhala BJT2576. මෙයින් එක්අනූවන කපෙහි පුරුෂෝත්තම වූ බුදුරජුන්හට යම් වැඳීමක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වැඳීමෙහි මේ විපාකය යි.
Pali BJT2577. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2577. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපාගතාසයො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාගතාසය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋපාගතාසයත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTඋපාගතාසය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT270. තරණියත්ථෙරාපදානං.
Sinhala BJT270. තරණිය ස්ථවිරාවදානය
Pali BJT2578. සුවණ්ණවණ්ණො සම්බුද්ධො විපස්සී දක්ඛිණාරහො, නදීතීරෙ ඨිතො සත්ථා භික්ඛුසඞ්ඝපුරක්ඛතො.
Sinhala BJT2578. දක්‍ෂිණාර්‍හ වූ ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරන ලද ශාස්තෘ වූ විපස්සී බුදුරජ තෙම ගංතෙරෙහි සිටියේය.
Pali BJT2579. නාවා න විජ්ජතෙ තත්ථ සන්තාරණී මහණ්ණවෙ, නදියා අභිනික්ඛම්ම තාරෙසිං ලොකනායකං.
Sinhala BJT2579. මහගඟ තරණය කරණ නැවක් එහි නො වීය. මම ගඟින් නික්ම අවුත් ලෝකනායක වූ ඒ බුදුරජුන් එතර කරවීමි.
Pali BJT2580. එකනවුතෙ ඉතො කප්පෙ යං තාරෙසිං නරුත්තමං, දුග්ගතිං නාභිජානාමි තරණාය ඉදං ඵලං.
Sinhala BJT2580. මෙයින් එක්අනූවනු කපෙහි බුදුරජුන් ගඟින් එතර කිරීම් සඞ්ඛ්‍යාත යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුදුරජුන් එතර කිරීමෙහි මේ විපාකය යි.
Pali BJT2581. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2581. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතරණියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTතරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඋක්ඛෙපී තෙල චන්දි ච දීපදො ච බිළාලිදො මච්ඡො ජවො සලලදො රක්ඛසො තරණො දස ගාථායො චෙත්ථ සඞ්ඛාතා තාළීසං චෙකමෙව ච.
Sinhala BJTඋක්ඛේපී තෙලචන්‍දී - දීපද හා බිළාලිද මච්ඡජල සලලද - රක්ඛස තරණ යී දස එක්සාළිස් ගයකින් - මෙම වග කියා නිම විනි.
Pali BJTආකාසුක්ඛිපියවග්ගො සත්තවීසතිමො.
Sinhala BJTආකාශොතෙක්‍ෂප වර්‍ගය සත්විසිවනු යි.
Pali BJT28. සුවණ්ණබිම්බොහනවග්ගො
Sinhala BJT28. ස්වර්‍ණබිම්බොහන වර්‍ගය
Pali BJT271. සුවණ්ණබිම්බොහනියත්ථෙරාපදානං
Sinhala BJT271. සුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය
Pali BJT2582. එකාසනං අහමදං පසන්නො සෙහි පාණිහි, බිම්බොහනඤ්ච පාදාසිං උත්තමත්ථස්ස පත්තියා.
Sinhala BJT2582. උත්තමාර්‍ත්‍ථය වූ නිවන් ලබනු පිණිස මම සියතින් එක් අසුනක් දිනිමි. බිම්බොහන (=මෙට්ට) යක් ද දිනිමි.
Pali BJT2583. එකනවුතෙ ඉතො කප්පෙ බිම්බොහනමදාසහං, දුග්ගතිං නාභිජානාමි බිම්බොහනස්සිදං ඵලං.
Sinhala BJT2583. මෙයින් එක් අනූවන කපෙහි මම යම් බිම්බොහන දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිම්බොහන දානයාගේ මේ විපාකය යි.
Pali BJT2584. ඉතො තෙසට්ඨිමෙ කප්පෙ අසමො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2584. මෙයින් තෙසැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති අසම නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2585. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2585. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුවණ්ණබිම්බොහනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බොහනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුවණ්ණබිම්බොහනියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසුවණ්ණබිම්බොහනිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT272. තිලමුට්ඨිදායකත්ථෙරාපදානං
Sinhala BJT272. තිලමුට්ඨිදායක ස්ථවිරාවදානය
Pali BJT2586. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකග්ගනායකො, මනොමයෙන කායෙන ඉද්ධියා උපසඞ්කමි.
Sinhala BJT2586. ලෝකනායක වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන මනෝමය වූ කයින් හෙවත් චිත්ත ගතියට හැර වූ සිරුරින් යුතුව ඍද්ධියෙන් (මා වෙත) එළඹියේ ය.
Pali BJT2587. සත්ථාරමුපසඞ්කන්තං වන්දිත්වා පුරිසුත්තමං, පසන්නචිත්තො සුමනො තිලමුට්ඨිමදාසහං.
Sinhala BJT2587. මම එසේ එළඹියා වූ පුරුෂෝත්තම වූ ශාස්තෲන් වහන්සේට වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් තල මිටක් දිනිමි.
Pali BJT2588. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි තිලමුට්ඨ්යා{1} ඉදං ඵලං.
Sinhala BJT2588. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් තිලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තලමිටක් දීමෙහි මේ විපාකය යි.
Pali BJT2589. ඉතො සොළසකප්පම්භි නන්දියො{2} නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2589. මෙයින් සොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නන්‍දිය නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2590. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2590. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිලමුට්ඨිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිලමුට්ඨිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිලමුට්ඨිදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTතිලමුට්ඨිදායක ස්ථවිරාවදානය දෙවැනි යී.
Pali BJT273. චඞ්ගොටකියත්ථෙරාපදානං{*}
Sinhala BJT273. චඞ්ගොටකිය ස්ථවිරාවදානය
Pali BJT2591. මහාසමුද්දං නිස්සාය වසතෙ පබ්බතන්තරෙ, පච්චුග්ගන්ත්වාන කත්වාන චඞ්ගොටකමදාසහං.
Sinhala BJT2591. සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම මහසයුර ඇසුරු කොට ඇති කඳු අතරක වැඩ වෙසෙයි. මම (මල්) ගොටුවක් සාදා ගෙණ උන්වහන්සේට පෙර ගමන් කොට එය පිළිගැන්වීමි.
Pali BJT2592. සිද්ධත්ථස්ස මහෙසිනො සබ්බසත්තානුකම්පිනො, පුප්ඵචඞ්ගොටකං දත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT2592. මම සියලු සත්ත්‍වයන්ට හිතානුකම්පා ඇති සිදුහත් බුදුරජුන් හට මල්ගොටුව පිළිගන්වා (ඒ හේතුවෙන්) කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT2593. චතුනවුතෙ ඉතො කප්පෙ චඞ්ගොටකමදං තදා, දුග්ගතිං නාභිජානාමි චඞ්ගොටකස්සිදං ඵලං.
Sinhala BJT2593. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි (එසේ) මල් ගොටුවක් පිදූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ගොටුවක් පිදීමෙහි මේ විපාකය යි.
Pali BJT2594. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2594. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චඞ්ගොටකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ගොටකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචඞ්ගොටකියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTචඞ්ගොටකිය ස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT274. අබ්හඤ්ජනදායකත්ථෙරාපදානං.
Sinhala BJT274. අබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය
Pali BJT2595. කොණ්ඩඤ්ඤස්ස භගවතො වීතරාගස්ස තාදිනො, ආකාසසමචිත්තස්ස{1} නිප්පපඤ්චස්ස ඣායිනො.
Sinhala BJT2595-2596. වීතරාගී වූ තාදී ගුණ ඇති ආකාශය සමව පැතුරුණු (මෙත්) සිත් ඇති ප්‍රමාද විහරණ නැති ධ්‍යාන කරන්නා වූ සියලු මුළා වීම් ඉක්ම වූ සකල ලෝක හිතෛෂී භාවයෙන් යුත් ද්වීපදෝත්තම වූ භාග්‍යවත් කොණ්ඩඤ්ඤ බුදුරජුන්හට මා විසින් ආලේපන තෛලයක් දෙන ලදී.
Pali BJT2596. සබ්බමොහාතිවත්තස්ස සබ්බලොකහිතෙසිනො, අබ්භඤ්ජනං මයා දින්නං දිපදින්දස්ස සත්ථුනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2597. අපරිමෙය්යෙ ඉතො කප්පෙ අබ්භඤ්ජනමදං තදා, දුග්ගතිං නාභිජානාමි අබ්භඤ්ජනස්සිදං ඵලං.
Sinhala BJT2597. මෙයින් අසඞ්ඛ්‍ය කල්පයකට පෙර වූ එකල්හි (යම්) ආලේපන තෛලයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලේපන තෛල දානයාගේ මේ විපාකය යි.
Pali BJT2598. ඉතො පණ්ණරසෙ කප්පෙ චිරප්පො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2598. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චිරප්ප නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2599. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2599. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අබ්භඤ්ජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අබ්භඤ්ජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅබ්භඤ්ජනදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඅබ්භඤ්ජනදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT275. එකඤ්ජලියත්ථෙරාපදානං.
Sinhala BJT275. ඒකඤ්ජලිය ස්ථවිරාවදානය
Pali BJT2600. උදුම්බරෙ වසන්තස්ස නියතෙ පණ්ණසන්ථරෙ, වුත්ථෙකාසො මයා දින්නො සමණස්ස මහෙසිනො.
Sinhala BJT2600. දිඹුල් ගස් සෙවනෙහි නියමිත කොළ ඇතිරියක වසන්නා වූ මහර්ෂී වූ තිස්ස බුදුරජානන් වහන්සේට මා විසින් විසුමට තැනක් දෙන ලදී.
Pali BJT2601. තිස්සස්ස දිපදින්දස්ස ලොකනාථස්ස තාදිනො, අඤ්ජලිං පග්ගහෙත්වාන සන්ථරිං පුප්ඵසන්ථරිං.
Sinhala BJT2601. ලෝකනාථ වූ තාදී ගුණ ඇති ඒ තිස්ස බුදුරජානන් වහන්සේට ඇඳිලි බැඳ මල් ඇතිරියක් අතුළෙමි.
Pali BJT2602. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කරිං පුප්ඵසන්ථරං, දුග්ගතිං නාභිජානාමි සන්ථරිස්ස ඉදං ඵලං.
Sinhala BJT2602. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් ඇතිරියක් පූජා කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මල් ඇතිරිය දීමෙහි මේ විපාකය යි.
Pali BJT2603. ඉතො චුද්දසකප්පම්හි අහොසිං මනුජාධිපො, එකඤ්ජලිකො නාම චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2603. මෙයින් තුදුස්වන කපෙහි මනුජාධිපති වූ මහත් බල ඇති ඒකඤ්ජලික නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2604. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2604. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකඤ්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකඤ්ජලියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඒකඤ්ජලිය ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT276. පොත්ථදායකත්ථෙරාපදානං.
Sinhala BJT276. පොත්‍ථකදායක ස්ථවිරාවදානය
Pali BJT2605. සත්ථාරං ධම්මමාරබ්භ සඞ්ඝඤ්චාපි මහෙසිනං{1}, පොත්ථදානං මයා දින්නං දක්ඛිණෙය්යෙ අනුත්තරෙ.
Sinhala BJT2605. මහර්ෂී වූ බුදුරජුන් හා ධර්‍මය හා සඞ්ඝයා හා ඇරබ අනුත්තර දක්‍ෂිණාර්‍හ බුදුරජුන් කෙරෙහි මා විසින් නියඳ වතක් දෙන ලදී.
Pali BJT2606. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පොත්ථදානස්සිදං ඵලං.
Sinhala BJT2606. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (එම වස්ත්‍රදානය කිරීම් වශයෙන්) යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුමුතුරුණු සඳහා දුන්) ඒ නියඳ වස්ත්‍රදානයාගේ මේ විපාක යි.
Pali BJT2607. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2607. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පොත්ථදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පොත්‍ථදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපොත්ථදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTපොත්‍ථදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT277. චිතකපූජකත්ථෙරාපදානං.
Sinhala BJT277. චිතකපූජක ස්ථවිරාවදානය
Pali BJT2608. චන්දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, සත්ත මාලුවපුප්ඵානි චිතමාරොපයිං{2} අහං.
Sinhala BJT2608. මම චන්‍ද්‍රභාගා ගං ඉවුරෙහි යටි ගං බලා යමි. (එහි දී) මාලුව මල් සතක් ගෙණ (වැලිවලින් සෑයක් කොට එම) චිතකයට පිදීමි.
Pali BJT2609. චතුනවුතෙ ඉතො කප්පෙ චිතකං යං අපූජයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං{3} ඵලං.
Sinhala BJT2609. මෙයින් සිවුඅනූවන කපෙහි යම් චිතක පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතක පූජාවෙහි මේ විපාක යි.
Pali BJT2610. සත්තසට්ඨිම්භිතො කප්පෙ පටිජග්ගසනාමකා, සත්තරතනසම්පන්නා සත්තාසුං චක්කවත්තිනො.
Sinhala BJT2610. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් යුත් පටිජග්ග යන නම් ඇති සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2611. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2611. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචිතකපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTචිතකපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT278. ආලුවදායකත්ථෙරාපදානං
Sinhala BJT278. ආලුවදායක ස්ථවිරාවදානය
Pali BJT2612. පබ්බතෙ හිමවන්තම්හි මහාසින්ධු සුදස්සනා, තත්ථද්දසං වීතරාගං සප්පභාසං සුදස්සනං.
Sinhala BJT2612-2613. හිමවත් පව්වෙහි සුදර්‍ශනීය වූ මහාසින්‍ධු නම් නදියකි. පැහැපත් වූ ඉතා සන්හුන් බැව්හි යෙදුනු සුදස්සන නම් රහතන් වහන්සේ දැක විස්මිත වූ සිත් ඇත්තෙම් පහන් සිතින් යුතුව සියතින් ම උන්වහන්සේට අල (කැබැල්ලක්) පිළිගැන් වීමි.
Pali BJT2613. පරාමොපසමෙ යුත්තං දිස්වා විම්හිතමානසො, ආලුවං තස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2614. එකංතිසෙ ඉතො කප්පෙ යමාලුවමදං{1} තදා, දුග්ගතිං නාභිජානාමි ආලුවස්ස ඉදං ඵලං.
Sinhala BJT2614. මෙයින් එක්තිස්වන කපෙහි යම් ආලුව දානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ආලුව (=අල) දනෙහි මේ විපාකය යි.
Pali BJT2615. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2615. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආලුවදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආලුවදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTආලුවදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT279. එකපුණ්ඩරීකත්ථෙරාපදානං.
Sinhala BJT279. ඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය
Pali BJT2616. රොමසො නාම නාමෙන සයම්භූ සුබ්බතො{2} තදා, පුණ්ඩරීකං මයා දින්නං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2616. එකල්හි මනා ව්‍රත ඇති සියල්ල තෙමේ ම අවබෝධ කරගත් නමින් රෝමස නම් බුදුවරයෙක් විය. මා විසින් පැහැදි සිතින් (උන්වහන්සේට) පියුමක් දෙන ලදි.
Pali BJT2617. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුණ්ඩරීකමදං තදා, දුග්ගතිං නාභිජානාමි පුණ්ඩරීකස්සිදං ඵලං.
Sinhala BJT2617. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පියුමක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුණ්ඩරීකදානයාගේ මේ විපාක යි.
Pali BJT2618. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2618. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකපුණ්ඩරීකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකපුණ්ඩරීක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකපුණ්ඩරීකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTඒකපුණ්ඩරීක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT280. තරණියත්ථෙරාපදානං
Sinhala BJT280. තරණිය ස්ථවිරාවදානය
Pali BJT2619. මහාපථම්භි විසමෙ සෙතු කාරාපිතො මයා, තරණත්ථාය ලොකස්ස පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT2619. මා විසින් ලොවැස්සන්ගේ ගමනාගමනය පිණිස පහන් සිත් ඇත්තේ විසම වූ මහමගෙහි සියතින් ම හෙයක් (=ඒ දණ්ඩක්) කරවන ලදී.
Pali BJT2620. එකනවුතෙ ඉතො කප්පෙ සෙතු කාරාපිතො මයා, දුග්ගතිං නාභිජානාමි සෙතුදානස්සිදං ඵලං.
Sinhala BJT2620. මෙයින් එක්අනූවන කපෙහි මා විසින් යම් හෙයක් කරවන ලද ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හෙය දීමෙහි මේ විපාක යි.
Pali BJT2621. පඤ්චපඤ්ඤාසිතො කප්පෙ එකො ආසිං සමොගධො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2621. මෙයින් පස්පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝගධ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2622. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2622. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතරණියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTතරණිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසුවණ්ණං තිලමුට්ඨී ච චඞ්ගොටබ්භඤ්ජ අඤ්ජලි පොත්ථකො චිත මාලුවො එකපුණ්ඩරි සෙතුනා ද්වෙචත්තාළීසගාථායො ගණිතායො විභාවිහි.
Sinhala BJTසුවණ්ණ තිල මුට්ඨි - චඞ්ගොටබ්භඤ්ජ අඤ්ජලී පොත්‍ථක චිත මාලුව - එක පුණ්ඩරීක සෙතු දස දෙසාළිස් ගයකින් - මෙම වග නිම කරණ ලදි.
Pali BJTසුවණ්ණබිම්බොහනවග්ගො අට්ඨවීසතිමො.{*}
Sinhala BJTස්වර්‍ණබිම්බොහන වර්‍ගය අටවිසිවනු යි.
Pali BJT29. පණ්ණාදායකවග්ගො
Sinhala BJT29. පණ්ණදායක වර්‍ගය
Pali BJT281. පණ්ණදායකත්ථෙරාපදානං.
Sinhala BJT281. පණ්ණදායක ස්ථවිරාවදානය
Pali BJT2623. පණ්ණසාලෙ නිසින්නොම්භි පණ්ණභොජනභොජනො, උපවිට්ඨඤ්ච මං සන්තං උපාගච්ඡි මහාමුනි{1}.
Sinhala BJT2623-2624. මම පර්‍ණභෝජන අනුභවයෙහි (කොළ බුදීමෙහි) යෙදුනෙම් පන්සලක හුන්නෙම් වෙමි. මුළු ලොවට වෙදකු වැනි වූ ලොව බබුළුවන්නා වූ සිද්ධාර්‍ත්‍ථ සර්‍වඥයන් වහන්සේ (එසේ) හුන් මා වෙත එළඹි සේක. එළඹ කොළ ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට (කෑම සඳහා තවන ලද) කොළයක් මා විසින් දෙන ලදි.