Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3401-3500 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT255. සත්තපාටලියත්ථෙරාපදානං.
Sinhala BJT255. සත්තපාටලිය ස්ථවිරාවදානය
Pali BJT2515. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, සත්තපාටලිපුප්ඵානි බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2515. පර්‍වතාන්තරයෙහි වැඩහුන්නා වූ පිපුණු කිණිහිරී රුකක් මෙන් බබලන බුදුරජුන්හට පළොල් මල් සතක් පිදීමි.
Pali BJT2516. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2516. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2517. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2517. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සත්තපාටලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තපාටලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසත්තපාටලියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTසත්තපාටලිය ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT256. උපාහනදායකත්ථෙරාපදානං.
Sinhala BJT256. උපාහනදායක ස්ථවිරාවදානය
Pali BJT2518. අහොසි චන්දනො නාම සම්බුද්ධස්සත්රජො තදා, එකොපාහනො මයා දින්නො බොධිං සම්පජ්ජ මෙ තුවං.
Sinhala BJT2518. එකල්හි චන්‍දන නම් බුද්ධපුත්‍රයෙක් විය. මා විසින් උන්වහන්සේට එක් පාවහන් සඟළක් දිනිමි. (දී මෙසේ පැතීමි). එම්බා පාවහන් සඟළ “ඔබ මා (ශ්‍රාවක) බෝධියට පමුණුවන්න” යි (කියායි).
Pali BJT2519. එකනවුතෙ ඉතො කප්පෙ යමුපාහනං දදිං තදා, දුග්ගතිං නාභිජානාමි උපාහනස්සිදං ඵලං.
Sinhala BJT2519. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පාවහන් සඟළක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
Pali BJT2520. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2520. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපාහනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උපාහනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋපාහනදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඋපාහනදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT257. මඤ්ජරිපූජකත්ථෙරාපදානං.
Sinhala BJT257. මඤ්ජරීපූජක ස්ථවිරාවදානය
Pali BJT2521. මඤ්ජිරිකං කරිත්වාන රථියං පටිපජ්ජ’හං, අද්දසං සමණානග්ගං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJT2521. මම මල් කලඹක් කොට ගෙණ වීථියට පිවිසියෙමි. (එහි දී) බික්සඟන විසින් පිරිවැරුණු ශ්‍රමණාග්‍ර වූ (බුදුරජානන් වහන්සේ) දුටිමි.
Pali BJT2522. පසන්නචිත්තො සුමනො පරමාය ච පීතියා, උභො හත්ථෙහි පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2522. පරම ප්‍රීතියෙන් පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මල් කලඹ) දෝතින් ගෙණ බුදුරජුන්හට පිදීමි.
Pali BJT2523. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT2523. මෙයින් දෙයානූවන කපෙහි යම් මල් පිදුමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2524. ඉතො තෙසත්තතිකප්පෙ එකො ආසිං මහීපති, ජොතියො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2524. මෙයින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති ජෝතිය නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2525. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2525. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මඤ්ජරිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මඤ්ජරීපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමඤ්ජරිපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTමඤ්ජරීපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT258. පණ්ණදායකත්ථෙරාපදානං.
Sinhala BJT258. පණ්ණදායක ස්ථවිරාවදානය
Pali BJT2526. පබ්බතෙ හිමවන්තම්හි වාකචීරධාරො අහං, අලොණපණ්ණභක්ඛොම්හි නීයමෙසු ච සංවුතො.
Sinhala BJT2526. මම හිමවතෙහි වැහැරි සිවුරු දරන ලුණු රහිතව කොළ අනුභව කරන්නා වූ ශීල සංවෘත තවුසෙක් වෙමි.
Pali BJT2527. පාතරාසෙ අනුප්පත්තෙ සිද්ධත්ථො උපගච්ඡි මං, තාහං බුද්ධස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT2527. පෙරබත පැමිණි කල්හි සිද්ධාර්‍ත්‍ථ තථාගත තෙම මා වෙත වැඩියේ ය. මම පහන් වූයෙම් සියතින් (ලුණුරහිතව පිසූ කොළ) බුදුරජුන්හට පිදීමි.
Pali BJT2528. චතුනවුතෙ{1} ඉතො කප්පෙ යං පණ්ණමදිදං තදා, දුග්ගතිං නාභිජානාමි පණ්ණදානස්සිදං ඵලං.
Sinhala BJT2528. මෙයින් සිවුඅනූවනු කපෙහි වූ එකල්හි යම් පණීදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පණීදානයාගේ මේ විපාකය යි.
Pali BJT2529. සත්තවීසතිකප්පම්හි රාජා ආසිං යදත්ථියො{2}, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2529. සත්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යදර්‍ත්‍ථය නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2530. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2530. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පණ්ණදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පණ්ණදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපණ්ණදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTපණ්ණදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT259. කුටිදායකත්ථෙරාපදානං.
Sinhala BJT259. කුටිදායක ස්ථවිරාවදානය
Pali BJT2531. විපිනචාරී සම්බුද්ධො රුක්ඛමූලෙ වසී තදා, පණ්ණසාලං කරිත්වාන අදාසිං අපරාජිතෙ.
Sinhala BJT2531. වනයෙහි හැසිරෙන්නා වූ සර්‍වඥ තෙමේ එකල්හි රුක්මුලක විසීය. මම පස්මරුන් දිනූ උන්වහන්සේට පන්සලක් කරවා දිනිමි.
Pali BJT2532. එකනවුතෙ ඉතො{1} කප්පෙ යං පණ්ණකුටිකං අදං, දුග්ගතිං නාභිජානාමි කුටිදානස්සිදං ඵලං.
Sinhala BJT2532. මෙයින් එක්අනූවනු කපෙහි යම් පණීකුටියක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කුටිදානයාගේ මේ විපාකය යි.
Pali BJT2533. අට්ඨවීසෙ{2} ඉතො කප්පෙ සොළසාසිංසු රාජානො{3}, සබ්බත්ථඅහිවස්සීති වුච්චරෙ චක්කවත්තිනො.
Sinhala BJT2533. මෙයින් අටවිසිවනු කපෙහි සබ්බත්‍ථඅභිවස්සී නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2534. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2534. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුටිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුටිදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTකුටිදායක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT260. අග්ගජපුප්ඵියත්ථෙරාපදානං.{*}
Sinhala BJT260. අග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2535. සුවණ්ණවණ්ණං සම්බුද්ධං නිසින්නං පබ්බතන්තරෙ, ඔභාසයන්තං රංසියා{4} සිඛිතං සිඛිනං යථා.
Sinhala BJT2535. කඳු අතුරෙහි වැඩහුන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රශ්මිය කරණ කොට ගෙණ ගිනි කඳක් මෙන් බබලන සිඛී බුදුරජුන් (දුටිමි.)
Pali BJT2536. අග්ගජං පුප්ඵමාදාය උපගච්ඡිං නරුත්තමං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2536. මම අග්ගජ නම් වූ මල් ගෙණ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එය) බුදුරජුන්හට පිදීමි.
Pali BJT2537. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2537. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2538. පඤ්චවීසතිකප්පම්භි අහොසිං අමිතව්හයො{5}, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2538. පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2539. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2539. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අග්ගජපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින්ආයුෂ්මත් අග්ගජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅග්ගජපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඅග්ගජපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTථොමකෙකාසන චිතකං චම්පතො සත්තපාටපි පාහනො{6} මඤ්ජරී පණ්ණං කුටිදො අග්ගපුප්ඵියො ගාථායො ගණිතා{7} චෙත්ථ එකතාළීසමෙව ච.
Sinhala BJTථොමක ඒකාසන - චිතක චම්පක සත්තපාටලි උපාහන මඤ්ජරී - පණ්ණ කුටිද අග්ගපුප්ඵිය එක්සාළිස් ගයකින් - මේ වග නිම කරණ ලදී.
Pali BJTථොමකවග්ගො ඡබ්බීසතිමො.
Sinhala BJTථොමකවර්‍ගය සවිසි වනු යි.
Pali BJT27. ආකාසුක්ඛිපියවග්ගො
Sinhala BJT27. ආකාසුක්ඛිපිය වර්‍ගය
Pali BJT261. ආකාසුක්ඛිපියත්ථෙරාපදානං.
Sinhala BJT261. ආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය
Pali BJT2540. සුවණ්ණවණ්ණං සිද්ධත්ථං ගච්ඡන්තං අන්තරාපණෙ, ජලජග්ගෙ දුවෙ ගය්හ උපගච්ඡිං නරාසභං.
Sinhala BJT2540. ඇතුළු වීථියෙහි වඩනා වූ ස්වර්‍ණවර්‍ණ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් (දිටිමි). අග්‍ර ජලජපුෂ්පද්වයක් ගෙණ උන්වහන්සේ වෙත එළඹියෙමි.
Pali BJT2541. එකඤ්ච පුප්ඵං පාදෙසු බුද්ධසෙට්ඨස්ස නික්ඛිපිං, එකඤ්ච පුප්ඵං පග්ගය්හ ආකාසෙ උක්ඛිපිං අහං.
Sinhala BJT2541. එක මලක් බුදුරජුන්ගේ ශ්‍රිපාදයට පිදීමි. එකක් ගෙණ අහසට දැමීමි.
Pali BJT2542. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිදං ඵලං.
Sinhala BJT2542. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
Pali BJT2543. ඉතො බත්තිංසකප්පම්හි{1} එකො ආසිං මහීපති, අන්තලික්ඛචරො{2} නාම චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2543. මෙහින් දෙතිස්වනු කපෙහි පෘථිවීශ්වර වූ මහත් බල ඇති අන්තලික්ඛවර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2544. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2544. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආකාසුක්ඛිපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආකාසුක්ඛිපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආකාසුක්ඛිපයත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTආකාසුක්ඛිපිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT262. තෙලමක්ඛියත්ථෙරාපදානං.
Sinhala BJT262. තෙලමක්ඛිය ස්ථවිරාවදානය
Pali BJT2545. සිද්ධත්ථම්හි භගවති නිබ්බුතම්භි නරාසභෙ, බොධියා වෙදිකායාහං තෙලං මක්ඛෙසිං තාවදෙ.
Sinhala BJT2545. නරශ්‍රේෂ්ඨ වූ සිදුහත් බුදුරජුන් පිරිනිවි කල්හි මම (උන්වහන්සේගේ) බෝධි වේදිකාවෙහි තෙල් ගැල්වීමි.
Pali BJT2546. චතුනවුතෙ ඉතො කප්පෙ යං තෙලං මක්ඛයිං තදා, දුග්ගතිං නාභිජානාමි මක්ඛනාය ඉදං ඵලං.
Sinhala BJT2546. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් තෙල් ගැල්වීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තෙල් ගැල්වීමෙහි මේ විපාකය යි.
Pali BJT2547. චතුවීසෙ ඉතො කප්පෙ සුච්ඡවී නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2547. මෙයින් සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුච්ඡවි නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2548. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2548. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තෙලමක්ඛියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තෙලමක්ඛිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතෙලමක්ඛියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTතෙලමක්ඛිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT263. අඩ්ඪචන්දියත්ථෙරාපදානං.
Sinhala BJT263. අඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය
Pali BJT2549. තිස්සස්ස ඛො භගවතෙ බොධියා පාදපුත්තමෙ, අඩ්ඪචන්දං මයා දින්නං ධරණීරුහපාදපෙ.
Sinhala BJT2549. තිස්ස බුදුරජුන්ගේ උතුම් බෝරුක මුල මා විසින් අර්‍ධචන්‍ද්‍රාකාරයෙන් නොයෙක් වර්‍ගයන්හි මල් පුදන ලදී.
Pali BJT2550. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.
Sinhala BJT2550. මෙයින් දෙයානූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2551. පඤ්චවීසෙ ඉතො කප්පෙ දෙවලො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2551. මෙයින් පස්විසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දේවල නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2552. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2552. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඩ්ඪචන්දියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅඩ්ඪචන්දියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඅඩ්ඪචන්‍දිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT264. පදීපියත්ථෙරාපදානං{*}
Sinhala BJT264. පදීපිය ස්ථවිරාවදානය
Pali BJT2553. දෙවභූතො අහං සන්තො ඔරුය්හ පඨවිං තදා, පදීපෙ පඤ්ච පාදාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT2553. එකල්හි දෙවියකු වූ මම පොළොවට බැස පහන් වූයෙම් සියතින් ම පහන් පසක් පිදීමි.
Pali BJT2554. චතුනවුතෙ ඉතො කප්පෙ යං පදීපමදං තදා, දුග්ගතිං නාභිජානාමි දීපදානස්සිදං ඵලං.
Sinhala BJT2554. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් ප්‍රදීප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
Pali BJT2555. පඤ්චපඤ්ඤාසකෙ කප්පෙ එකො ආසිං මහීපති, සමන්තචක්ඛු නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2555. පස්පණස්වනු කපෙහි පෘථිවීශ්වර වූ සමන්තචක්ඛු නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
Pali BJT2556. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2556. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදීපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදීපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපදීපියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTපදීපිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT265. බිළාලිදායකත්ථෙරාපදානං.
Sinhala BJT265. බිළාලිදායක ස්ථවිරාවදානය
Pali BJT2557. හිමවන්තස්ස අවිදූරෙ රොමසො නාම පබ්බතො, තම්හි පබ්බතපාදම්හි සමණො භාවිතින්ද්රියො.
Sinhala BJT2557. හිමවතට නුදුරෙහි රෝමස නම් පර්‍වතයක් විය. ඒ පර්‍වත පාදයෙහි රක්නා ලද ඉඳුරන් ඇති සමිතපාපී වූ පසේබුදුවරයෙක් විය.
Pali BJT2558. බිළාලිකෙ{1} ගහෙත්වාන සමණස්ස අදාසහං, අනුමොදි මහාවීරො සයම්භූ අපරාජිතො.
Sinhala BJT2558. මම බිළාලි නම් අල ගෙණ ගොස් ඒ ශ්‍රමණයන් වහන්සේට දුනිමි. සියල්ල තෙමේ ම දත් මහාවීර වූ පස්මරුන් දිනූ ඒ පසේබුදුරජ තෙම අනුමෝදනාව කෙළේය.
Pali BJT2559. බිළාලී තෙ මමං{2} දින්නා විප්පසන්නෙන චෙතසා, භවෙ නිබ්බත්තමානම්හි ඵලං නිබ්බත්තතං තව.
Sinhala BJT2559. තොප විසින් මට පැහැදි සිතින් බිළාලි අල දෙන ලද ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි තොපට ද එහි ඵල නිපදේවා (කියායි).
Pali BJT2560. චතුනවුතෙ ඉතො කප්පෙ යං බිළාලිමදාසහං, දුග්ගතිං නාභිජානාමි බිළාලියා ඉදං ඵලං.
Sinhala BJT2560. මම මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බිළාලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බිළාලිදානයාගේ මේ විපාකය යි.
Pali BJT2561. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2561. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බිළාලිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබිළාලිදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTබිළාලිදායක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT266. මච්ඡදායකත්ථෙරාපදානං.
Sinhala BJT266. මච්ඡදායක ස්ථවිරාවදානය
Pali BJT2562. චන්දභාගානදීතීරෙ උක්කුසො ආසහං තදා, මහන්තං මච්ඡං පග්ගය්හ සිද්ධත්ථමුනිතො අදං.
Sinhala BJT2562. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කබරුස්සෙක් (පක්‍ෂි විශේෂයක්) වීමි. මහත් මත්ස්‍යයකු ගෙණ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට දුනිමි.
Pali BJT2563. චතුනවුතෙ ඉතො කප්පෙ යං මච්ඡමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මච්ඡදානස්සිදං ඵලං.
Sinhala BJT2563. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් මත්ස්‍යදානයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මත්ස්‍යදානයාගේ මේ විපාකය යි.
Pali BJT2564. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2564. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මච්ඡදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මච්ඡදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමච්ඡදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTමච්ඡදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT267. ජවහංසකත්ථෙරාපදානං.
Sinhala BJT267. ජවහංසක ස්ථවිරාවදානය
Pali BJT2565. වන්දභාගානදීතීරෙ ආසිං වනචරො තදා, සිද්ධත්ථමද්දසං බුද්ධං ගච්ඡන්තමනිලඤ්ජසෙ.
Sinhala BJT2565. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි වැද්දෙක් වීමි. අහස්මගෙහි වඩින්නා වූ සිදුහත් බුදුරජුන් දිටිමි.
Pali BJT2566. අඤ්ජලිම්පග්ගහෙත්වාන උල්ලොකෙන්තො මහාමුනිං, සකං චිත්තං පසාදෙත්වා අවන්දිං නායකං අහං.
Sinhala BJT2566. මම මහාමුනි වූ ඒ බුදුරජුන් බලමින් ඇඳිලි බැඳ සිය සිත පහදවා ලෝකනායක වූ උන්වහන්සේට වැඳීමි.
Pali BJT2567. චතුනවුතෙ ඉතො කප්පෙ යමවන්දිං නරාසභං, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
Sinhala BJT2567. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් බුදුවරයෙකුට වැන්දෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.
Pali BJT2568. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2568.සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජවහංසකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ජවහංසක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTජවහංසකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTජවහංසක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT268. සලලපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT268. සලලපූප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2569. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, විපස්සිමද්දසං බුද්ධං රංසිජාලසමාකුලං.
Sinhala BJT2569. මම එකල්හි චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. (එහිදී) රශ්මිජාලාවන්ගෙන් ගැවසීගත් විපස්සී බුදුරජුන් දිටිමි.
Pali BJT2570. පසන්නචිත්තො සුමනො පරමාය ච පිතායා, පග්ගය්හ සලලං පුප්ඵං විපස්සිං ඔකිරිං අහං.
Sinhala BJT2570. මම පහන් සිතැත්තෙම් සොම්නස් වූයෙම් මහත් වූ ප්‍රීතියෙන් සලල (=හොර) මල් ගෙණ ඒ විපස්සී බුදුරජුන්හට විසිරවීමි. (පිදීමි.)