Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3301-3400 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT25. තුවරදායකවග්ගො
Sinhala BJT25. තුවරදායක වර්‍ගය
Pali BJT241. තුවරදායකත්ථෙරාපදානං
Sinhala BJT241. තුවරදායක ස්ථවිරාවදානය
Pali BJT2462. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, භරිත්වා{3} තුවරමාදාය සඞ්ඝස්ස අදදිං අහං.
Sinhala BJT2462. මම පෙර මහවෙනෙහි මුවවැද්දෙක් වීමි. මම තුවරඇට (බඳුනකින්) ගෙණවුත් සඞ්ඝයාට දුනිමි.
Pali BJT2463. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි තුවරස්ස ඉදං ඵලං.
Sinhala BJT2463. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. තුවර දනෙහි මේ විපාකය යි.
Pali BJT2464. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2464. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තුවරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තුවරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතුවරදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTතුවරදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT242. නාගකෙසරියත්ථෙරාපදානං.
Sinhala BJT242. නාගකේසරිය ස්ථවිරාවදානය
Pali BJT2465. ධනුං අද්වෙජ්ඣං කත්වාන වනමජ්ඣොගහිං අහං, කෙසරං ඔසටං{1} දිස්වා සතපත්තං සමුට්ඨිතං.
Sinhala BJT2465. මම (මුවන් මැරීම සඳහා) දුන්න නිසැක කොට සරසාගෙණ වනයට ඇතුළු වීමි. මනාව පිපුණු කුඩා විලක් දැක උඩට නැගුණු පියුමක්
Pali BJT2466. උභො හත්ථෙහි පග්ගය්හ සිරෙ කත්වාන අඤ්ජලිං, බුද්ධස්ස අභිරොපෙසිං තිස්සස්ස ලොකබන්ධුනො.
Sinhala BJT2466. දෝතින් ගෙණ හිසෙහි ඇඳිලි බැඳගෙණ ලෝකබන්‍ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
Pali BJT2467. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2467. මෙයින් දෙඅනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2468. තෙසත්තතිම්හි කප්පම්හි සත්ත කෙසරනාමකා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2468. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කේසර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2469. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2469. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාගකෙසරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගකේසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනාගකෙසරියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTනාගකේසරිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT243. නළිනකෙසරියත්ථෙරාපදානං
Sinhala BJT243. නළිනකෙසරිය ස්ථවිරාවදානය
Pali BJT2470. ජාතස්සරස්ස වෙමජ්ඣෙ වසාමි ජලකුක්කුටො, අථද්දසං{2} දෙවදෙවං ගච්ඡන්තමනිලඤ්ජසෙ.
Sinhala BJT2470. (මම) ස්වයංජාත විලක් මැද දියකුකුළෙක්ව වසමි. ඉක්බිති (එහිදී) අහසෙහි වඩින්නා වූ බුදුරජුන් දුටුවෙමි.
Pali BJT2471. තුණ්ඩෙන කෙසරිං{3} ගය්හ විප්පසන්නෙන චෙතසා, බුද්ධස්ස අභිරොපෙසිං තිස්සස්ස ලොකබන්ධුනො.
Sinhala BJT2471. තුඩින් නෙළුම් මල් ගෙණ පැහැදි සිතින් ලෝකබන්‍ධු වූ තිස්ස බුදුරජුන්හට පිදීමි.
Pali BJT2472. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිදං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2472. මෙයින් දෙයානූවන කපෙහි යම් නෙළුඹුමල් පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2473. තෙසත්තතිම්භි කප්පම්හි සතපත්තසනාමකො{4}, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2473. තෙසැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සතපත්ත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2474. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2474. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නළිනකෙසරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නළිනකෙසරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනළිනකෙසරියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTනළිනකෙසරිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT244. විරවිපුප්ඵියත්ථෙරාපදානං{5}
Sinhala BJT244. විරවිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2475. ඛීණාසවසහස්සෙහි නිය්යාති ලොකනායකො, විරවිපුප්ඵං පග්ගය්හ{6} බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2475. ලෝකනායක වූ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරජානන් වහන්සේ මාර්‍ගයෙහි වඩින සේක. එකල්හි (මම) විරවිපුෂ්පයන් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
Pali BJT2476. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2476. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2477. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2477. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විරවිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් විරවිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවිරවිපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTවිරවිපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT245. කුටිධූපකත්ථෙරාපදානං.
Sinhala BJT245. කුටිධූපක ස්ථවිරාවදානය
Pali BJT2478. සිද්ධත්ථස්ස භගවතො අහොසිං කුටිගොපකො, කාලෙන කාලං ධූපෙසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT2478. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ ගඳකිළියෙහි වතාවත් කරන්නෙක් වීමි. කලින් කල පහන් සිතැත්තෙම් සියතින් දුම් ගැස්වීමි.
Pali BJT2479. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං{1} ඵලං.
Sinhala BJT2479. මෙයින් සිවුඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2480. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2480. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුටිධූපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටිධූපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුටිධූපකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTකුටිධූපක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT246. පත්තදායකත්ථෙරාපදානං
Sinhala BJT246. පත්තදායක ස්ථවිරාවදානය
Pali BJT2481. පරමෙන දමථෙන සිද්ධත්ථස්ස මහෙසිනො, පත්තදානං මයා දින්නං උජුභූතස්ස තාදිනො.
Sinhala BJT2481. (කාය-වචී-මනෝ වඞ්කතාවන්ගෙන් තොර බැවින්) ඍජු ගුණ ඇති (අටලෝ දහම්හි නො සැලෙන බැවින්) තාදී ගුණ යුත් උතුම් වූ දමථයෙන් යුත් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් පාත්‍රදානයක් (=පාත්‍රයක්) දෙන ලදි.
Pali BJT2482. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පත්තදානස්සිදං ඵලං.
Sinhala BJT2482. මෙයින් සිවුඅනූවනු කපෙහි යම් (පාත්‍ර) දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාත්‍රදානයාගේ මේ විපාකය යි.
Pali BJT2483. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2483. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පත්තදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පත්තදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපත්තදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTපත්තදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT247. ධාතුපූජකත්ථෙරාපදානං.
Sinhala BJT247. ධාතුපූජක ස්ථවිරාවදානය
Pali BJT2484. නිබ්බුතෙ ලොකනාථම්හි සිද්ධත්ථම්හි නරුත්තමෙ, එකා ධාතු මයා ලද්ධා දිපදින්දස්ස{2} තාදිනො.
Sinhala BJT2484. ලෝකනාථ වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන්ගේ එක් ධාතූන් වහන්සේ නමක් මා විසින් ලබන ලදී.
Pali BJT2485. තාහං ධාතුං ගහෙත්වාන බුද්ධස්සාදිච්චබන්ධුනො, පඤ්චවස්සෙ පරිචරිං තිට්ඨන්තං ච නරුත්තමං.
Sinhala BJT2485. මම ආදිච්චබන්‍ධු වූ ඒ බුදුරජුන්ගේ ධාතුව රැගෙණ ජීවමාන බුදුරදුන්හට මෙන් අවුරුදු පසක් සේවය කෙළෙමි.
Pali BJT2486. චතුනවුතෙ ඉතො කප්පෙ යං ධාතුං පූජයිං තදා, දුග්ගතිං නාභිජානාමි ධාතුපට්ඨහනෙ ඵලං.
Sinhala BJT2486. මෙයින් සිවුඅනූවන කපෙහි යම් ධාතු පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධාතූන්ට උවැටැන් කිරීමෙහි (පිදීමෙහි) මේ විපාකය යි.
Pali BJT2487. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2487. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධාතුපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ධාතුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTධාතුපූජකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTධාතුපූජක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT248. සත්තලිපුප්ඵපූජකත්ථෙරාපදානං{1}
Sinhala BJT248. සත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය
Pali BJT2488. සත්ත සත්තලිපුප්ඵානි සීසෙ කත්වානහං තදා, බුද්ධස්ස අභිරොපෙසිං වෙස්සභූම්භි නරුත්තමෙ.
Sinhala BJT2488. වෙස්සභූ බුදුරජුන් ලොව පහළ වූ කල්හි මම සත්තලි පුෂ්ප (=පළොල් මල්) සතක් හිසෙහි කොට ගෙණවුත් ඒ බුදුරජුන්හට පිදීමි.
Pali BJT2489. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං{2}, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං{3} ඵලං.
Sinhala BJT2489. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2490. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2490. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සත්තලිපුප්ඵපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සත්තලිපූප්ඵපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසත්තලිපුප්ඵපූජකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසත්තලිපූප්ඵපූජක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT249. බිම්බිජාලියත්ථෙරාපදානං.
Sinhala BJT249. බිම්බිජාලිය ස්ථවිරාවදානය
Pali BJT2491. පදුමුත්තරො නාම ජිනො සයම්භූ අග්ගපුග්ගලො, චතුසච්චං පකාසෙති දීපෙති අමතං පදං.
Sinhala BJT2491. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ පදුමුත්තර බුදුරජතෙම චතුස්සත්‍යය දේශනා කරයි. අමෘත පදය (=නිවන) දක්වයි.
Pali BJT2492. බිම්බිජාලිකපුප්ඵානි{4} පුඵු කත්වානහං තදා, බුද්ධස්ස අභිරොපෙසිං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT2492. එකල්හි මම රත්කරව් මල් කඩා තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජුන්හට පිදීමි.
Pali BJT2493. අට්ඨසට්ඨිම්හිතො කප්පෙ චතුරො කිඤ්ජකෙසරා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2493. මෙයින් අටසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති කිඤ්ජකේසර නම් වූ සිවු සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2494. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2494. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බිම්බිජාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බිම්බිජාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබිම්බිජාලියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTබිම්බිජාලිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT250. උද්දාලදායකත්ථෙරාපදානං{1}
Sinhala BJT250. උද්දාලදායක ස්ථවිරාවදානය
Pali BJT2495. කකුසන්ධො නාම නාමෙන සයම්භූ අපරාජිතො, පවනා නික්ඛමිත්වාන අනුප්පත්තො මහානදිං.
Sinhala BJT2495. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් ජයගත් කකුසඳ නම් බුදුරජ තෙමේ වැඩවසන විහාරයෙන් නික්ම මහා නදියට වැඩියේ ය.
Pali BJT2496. උද්දාලකං ගහෙත්වාන සයම්භූස්ස අදාසහං, සංයතස්සුජුභූතස්ස පසන්නමානසො තදා{2}.
Sinhala BJT2496. මම එකල්හි ඇසළ (මල්) ගෙණ සන්සුන් වූ ඍජු ගුණ ඇති බුදුරජුන්හට පහන් සිත් ඇත්තෙම් පිදීමි.
Pali BJT2497. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිද ඵලං.
Sinhala BJT2497. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
Pali BJT2498. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2498. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උද්දාලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උද්දාලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋද්දාලදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඋද්දාලදායක ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTතුවර නාග නළිනා විරවී කුටිධූපකො පත්තො ධාතු සත්තලියො බිම්බී උද්දාලකෙන ච සත්තතිංසති ගාථායො ගණිතායො විභාවිහි.
Sinhala BJTතුවරනාග නලින - විරවී කුටිධූපක පත්ත ධාතු සත්තලිය - බිම්බී උද්දාලද මෙවග වූ දසවත් - සත්තිස් ගයින් බැඳියේ.
Pali BJTතුවරදායකවග්ගො පඤ්චවීසතිමො.
Sinhala BJTතුවරදායක වර්‍ගය පස්විසි වැනි යි.
Pali BJT26. ථොමකවග්ගො
Sinhala BJT26. ථොමක වර්‍ගය
Pali BJT251. ථොමකෙත්ථෙරාපදානං.
Sinhala BJT251. ථොමක ස්ථවිරාවදානය
Pali BJT2499. දෙවලොකෙ ඨිතො සන්තො විපස්සිස්ස මහෙසිනො, ධම්මං සුණිත්වා මුදිතො ඉමං වාචමභාසහං{3}.
Sinhala BJT2499. දෙව්ලොව සිටියේ ම විපස්සී බුදුරජුන්ගේ ධර්‍මය අසා සතුටු වූයෙම් මම මේ වචනය කීමි.
Pali BJT2500. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, බහුං ජනං{4} තාරයසි දෙසෙන්තො අමතං පදං.
Sinhala BJT2500. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂොත්තමය, ඔබවහන්සේට නමස්කාර වේවා. ඔබ අමා පදය (ධර්‍මය) දෙසමින් බොහෝදෙන (සසර සයුරින්) එතර කෙරෙහිය (කියා යි.)
Pali BJT2501. එකනවුතෙ ඉතො කප්පෙ යං වාචමභණිං තදා, දුග්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.
Sinhala BJT2501. මෙයින් එක්අනූවන කපෙහිදී යම් (බුදුරජුන්හට ස්තුති) වචනයක් කීවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධස්තුති කරණයෙහි මේ විපාකය යි.
Pali BJT2502. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2502. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ථොමකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ථොමක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTථොමකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTථොමකස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT252. එකාසනදායකත්ථෙරාපදානං.
Sinhala BJT252. ඒකාසනදායක ස්ථවිරාවදානය
Pali BJT2503. විජහිත්වා දෙවවණ්ණං සභරියො ඉධාගමිං, අධිකාරං කත්තුකාමො බුද්ධසෙට්ඨස්ස සාසනෙ.
Sinhala BJT2503. බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සසුනෙහි කුසල් කරණු කැමැත්තෙම් බිරිය සහිත වූයෙම් දෙව් වෙස හැර මෙහි පැමිණියෙමි.
Pali BJT2504. දෙවලො නාම නාමෙන පදුමුත්තරසාවකො, තස්ස භික්ඛා මයා දින්නා විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2504. (එකල්හි) දේවල නම් පදුමුත්තර බුදුරජුන්ගේ ශ්‍රාවකයෙක් විය. මා විසින් උන්වහන්සේට පහන් සිතින් භික්‍ෂාවක් දෙන ලදි.
Pali BJT2505. සතසහස්සෙ ඉතො{1} කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පිණ්ඩපාතස්සිදං ඵලං.
Sinhala BJT2505. මෙයින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිණඩපාතදානයාගේ මේ විපාකය යි.
Pali BJT2506. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2506. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින්ආයුෂ්මත් ඒකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකාසනදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඒකාසනදායක ස්ථවිරාවදානය දෙවැනි යි
Pali BJT253. චිතකපූජකත්ථෙරාපදානං
Sinhala BJT253. චිතකපූජක ස්ථවිරාවදානය
Pali BJT2507. ආනන්දො නාම සම්බුද්ධො සයම්භු අපරාජිතො, අරඤ්ඤෙ පරිනිබ්බායි අමනුස්සම්හි කානනෙ.
Sinhala BJT2507. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ ආනන්‍ද නම් සම්බුදු රජ තෙමේ අමනුෂ්‍ය පරිගෘහිත වනයෙහි පිරිනිවන් පා වදාළේය.
Pali BJT2508. දෙවලොකා ඉධාගන්ත්වා චිතං කත්වානහං තදා, සරීරං තත්ථ ඣාපෙසිං සක්කාරඤ්ච අකාසහං.
Sinhala BJT2508. මම එකල්හි දෙව්ලොවින් මෙයි පැමිණ චිතකයක් කොට (බුද්ධ) ශරීරය එහි දැවීමි. සත්කාර ද කෙළෙමි.
Pali BJT2509. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2509. මෙයින් එක්අනූවනු කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2510. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2510. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTචිතකපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTචිතකපූජක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT254. තිචම්පකපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT254. තිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2511. හිමවන්තස්ස අවිදූරෙ{2} විකතො{3} නාම පබ්බතො, තස්ස වෙමජ්ඣෙ වසති සමණො භාවිතින්ද්රියො.
Sinhala BJT2511. හිමනතට නුදුරෙහි විකත නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතයාගේ මධ්‍යයෙහි වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙමේ වෙසෙයි.
Pali BJT2512. දිස්වාන තස්සොපසමං විප්පසන්නෙන චෙතසා, තීණි චම්පකපුප්ඵානි ගහෙත්වාන සමොකිරිං.
Sinhala BJT2512. උන්වහන්සේගේ සන්හුන් බව දැක පැහැදි සිතින් සපු මල් තුණක් ගෙණ විසිරවීමි. (පිදීමි).
Pali BJT2513. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2513. මෙයින් එක්අනූවනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2514. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2514. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිචම්පකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිචම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිචම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTතිචම්පකපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.