Pali BJT2410. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2410. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොවණ්ණවටංසකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝවණ්ණවටංසකිය ස්ථවිරයන් වයන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසොවණ්ණවටංසකියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTසෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT228. මිඤ්ජවටංසකියත්ථෙරාපදානං.
Sinhala BJT228. මිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය
Pali BJT2411. නිබ්බුතෙ ලොකනාථම්හි සිඛිම්හි වදතං වරෙ, වටංසකෙහි ආකිණ්ණං බොධිපූජමකාසහං.
Sinhala BJT2411. වාදීන් අතුරෙහි උතුම් වූ සිඛී බුදුරජුන් පිරිනිවී කල්හි මම කඩාමල්කඩින් ගැවසීගත් බෝධිපූජාවක් කෙළෙමි.
Pali BJT2412. එකතිංසෙ ඉතො කප්පෙ යං පූජමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.
Sinhala BJT2412. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2413. ඉතො ඡබ්බීසතිකප්පෙ අහුං මෙඝබ්භ නාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2413. මෙයින් සවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මේඝබ්හ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2414. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2414. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මිඤ්ජවටංසකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මිඤ්ජවටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමිඤ්ජවටංසකියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTමිඤ්ජවටංසකිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT229. සුකතාවෙලියත්ථෙරාපදානං.
Sinhala BJT229. සුකතාවේලිය ස්ථවිරාවදානය
Pali BJT2415. අසිතො නාම නාමෙන මාලාකාරො අහුං{4} තදා, ආවෙලං පග්ගහෙවොන රඤ්ඤො දාතුං වජාමහං.
Sinhala BJT2415. එකල්හි මම අසිත නම් මල්කරුවෙක් වීමි. හිසෙහි පළඳින මාලාවක් රජුට දීම සඳහා මම ගෙණ යමි.
Pali BJT2416. අසම්පත්තම්හි රාජානං අද්දසං සිඛිනායකං. හට්ඨො හට්ඨෙන චිත්තෙන බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2416. රජු වෙත පැමිණීමට පෙර සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි. සොම්නස්වූයෙම් සොම්නස් සිතින් එය බුදුරජුන්හට පිදීමි.
Pali BJT2417. එකතිංසෙ{5} ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2417. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2418. පඤ්චවීසෙ ඉතො කප්පෙ රාජාහොසිං මහබ්බලො, වෙභාරො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2418. මෙයින් පස්විසිවනු කපෙහි මහත් බල ඇති වෙභාර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2419. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2419. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුකතාවෙලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුකතාවේලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුකතාවෙලියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසුකතාවේලිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT230. එකවන්දියත්ථෙරාපදානං.
Sinhala BJT230. එකවන්‍දිය ස්ථවිරාවදානය
Pali BJT2420. උසභං පවරං වීරං වෙස්සභුං විජිතාවිනං, පසන්නචිත්තො සුමනො බුද්ධසෙට්ඨං අවන්දිහං{1}.
Sinhala BJT2420. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ පස්මරුන් ජයගත් වෙස්සභූ බුදුරජුන්හට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වැන්දෙමි.
Pali BJT2421. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
Sinhala BJT2421. එක්තිස්වනු කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වන්‍දනාවෙහි මේ විපාකය යි.
Pali BJT2422. චතුවීසතිකප්පම්හි විගතානන්දනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2422. සූවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විගතානන්ද නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2423. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2423. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකවන්දියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් එකවන්‍දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකවන්දියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඑකවන්‍දිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTආලම්බනඤ්ච අජිනං මංසදා රක්ඛදායකො අව්යාධි අඞ්කොලං{2} සොණ්ණං මිඤ්ජං ආවෙල වන්දනං පඤ්චපඤ්ඤාස ගාථායො ගණිතා අත්ථදස්සිහි.
Sinhala BJTආලම්බනය අජින ය - මංසද ආරක්ඛද ය අව්‍යාධි අඞ්කෝල සහ - සොණ්ණමිඤ්ජ ආවේලවන්‍දනය පස්පණස් ගයකින් - මෙම තෙවිසි වනු වග වේ.
Pali BJTආලම්බනදායකවග්ගො තෙවීසතිමො.
Sinhala BJTආලම්බනදායක වර්‍ගය තෙවිසිවැනි යි.
Pali BJT24. උදකාසනවග්ගො
Sinhala BJT24. උදකාසන වර්‍ගය
Pali BJT231. උදකාසනදායකත්ථෙරාපදානං
Sinhala BJT231. උදකාසනදායක ස්ථවිරාවදානය
Pali BJT2424. ආරාමද්වාරා නික්ඛම්ම ඵලකං සන්ථරිං අහං, උදකඤ්ච උපට්ඨාසිං උත්තමත්ථස්ස පත්තියා.
Sinhala BJT2424. මම අරම් දොරින් නික්ම උත්තමාර්‍ත්‍ථය වූ නිවණට පැමිණීම පිණිස (වැඩහිඳීමට) පුවරුවක් ඇතිරීමි. පැන් ද එළවා තැබීමි.
Pali BJT2425. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ආසනෙ චොදකෙ ඵලං.
Sinhala BJT2425. මෙයින් එක්තිස්වනු කපෙහි දී යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනාමි. අසුන හා දිය එළවා තැබීමෙහි මේ විපාකය යි.
Pali BJT2426. ඉතො පණ්ණරසෙ කප්පෙ අභිසාමසමව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2426. මෙයින් පසළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසාම නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2427. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2427. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදකාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින්ආයුෂ්මත් උදකාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋදකාසනදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTඋදකාසනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT232. භාජනදායකත්ථෙරාපදානං{1}
Sinhala BJT232. භාජනදායක ස්ථවිරාවදානය
Pali BJT2428. නගරෙ බන්ධුමතියා කුම්භකාරො අහං තදා, භාජනං අනුපාලෙසිං භික්ඛුසඞ්ඝස්ස තාවදෙ.
Sinhala BJT2428. මම එකල්හි බන්‍ධුමතී නගරයෙහි කුම්භකාරයෙක් (=කුඹුලෙක්) වීමි. එකෙණෙහි භික්‍ෂුසඞ්ඝයාට භාජන සැපයීම කෙළෙමි.
Pali BJT2429. එකනවුතෙ ඉතො කප්පෙ භාජනං අනුපාලයිං, දුග්ගතිං නාභිජානාමි භාජනස්ස ඉදං ඵලං.
Sinhala BJT2429. මෙයින් එක්අනූවන කපෙහි යම් භාජන සැපයීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භාජන දානයාගේ මේ විපාකය යි.
Pali BJT2430. තෙපඤ්ඤාසෙ ඉතො කප්පෙ අනන්තජාලි නාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2430. මෙයින් තෙපණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අනන්තජාලි නම් සක්විත් රජෙක් වීමි.
Pali BJT2431. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2431. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භාජනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් භාජනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTභාජනදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTභාජනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT233. සාලපූපියත්ථෙරාපදානං{*}
Sinhala BJT233. සාලපූපිය ස්ථවිරාවදානය
Pali BJT2432. අරුණවතියා නගරෙ අහොසිං පූපිකො අහං, මම ද්වාරෙන ගච්ඡන්තං සිඛිනං අද්දසං ජිනං.
Sinhala BJT2432. මම අරුණවතී නගරයෙහි පූප සාදන්නෙක් වීමි. (එකල්හි) මාගේ ගෙදොරින් වඩිනා සිඛී බුදුරජුන් දිටිමි.
Pali BJT2433. බුද්ධස්ස පත්තං පග්ගය්හ සාලපූපං{2} අදාසහං, සම්මග්ගතස්ස බුද්ධස්ස විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2433. මම බුදුරජුන්ගේ පාත්‍රය ගෙණ සම්මග්ගත වූ ඒ බුදුරජානන් වහන්සේට පැහැදි සිතින් හල් පූ දිනිමි.
Pali BJT2434. එකතිංසෙ ඉතො කප්පෙ යං ඛජ්ජකමදාසහං.{3} දුග්ගතිං නාභිජානාමි සාලපූපස්සිදං ඵලං.
Sinhala BJT2434. මෙයින් එක්තිස්වනු කපෙහි මම යම් ඛාද්‍යයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හල් පූ දනෙහි මේ විපාකය යි.
Pali BJT2435. ඉතො චුද්දසකප්පම්හි අසොසිං අමිතඤ්ජලො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2435. මෙයින් තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අමිතඤ්ජල නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2436. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2436. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාලපූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සාලුපූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසාලපූපියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTසාලුපූපිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT234. කිලඤ්ජදායකත්ථොරාපදානං.
Sinhala BJT234. කිලඤ්ජදායක ස්ථවිරාවදානය
Pali BJT2437. තිවරායං පුරෙ රම්මෙ නළකාරො අහං තදා, සිද්ධත්ථෙ ලොකපජ්ජොතෙ පසන්නා ජනතා තහිං.
Sinhala BJT2437. (ප්‍රාකාරත්‍රයකින් පරික්‍ෂිප්ත බැවින්) තිවරා නම් වූ රම්‍ය නගරයෙහි මම එකල්හි නළකරුවෙක් (=කුළුපොත්තෙක්) වීමි. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් කෙරෙහි පැහැදුනු ජනසමූහයෝ එහි වූහ.
Pali BJT2438. පූජත්ථං ලොකනාථස්ස කිලඤ්ජං පරියෙසති, බුද්ධපූජං කරොන්තානං කිලඤ්ජං අදදිං අහං.
Sinhala BJT2438. ලෝකනාථයන් වහන්සේට පිදීම සඳහා කළාලයක් සොයයි. මම ඒ බුද්ධපූජාව කරණවුනට කළාලයක් දිනිමි.
Pali BJT2439. චතුනවුතෙ ඉතො{1} කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි කිලඤ්ජස්ස ඉදං ඵලං.
Sinhala BJT2439. මෙයින් සිවුඅනූවනු කපෙහි දී යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කළාලදානයාගේ මේ විපාකය යි.
Pali BJT2440. සත්තසත්තතිකප්පම්භි රාජා ආසිං ජුතින්ධරො,{2} සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2440. සත්සැත්තෑවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2441. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2441. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිලඤ්ජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කිලඤ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකිලඤ්ජදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTකිලඤ්ජදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT235. වෙදිකාරකත්ථෙරාපදානං.
Sinhala BJT235. වේදිකාරක ස්ථවිරාවදානය
Pali BJT2442. විපස්සිනො භගවතො බොධියා පාදපුත්තමෙ, පසන්නචිත්තො සුමනො කාරෙසිං වෙදිකං අහං.
Sinhala BJT2442. විපස්සී බුදුරජුන්ගේ උතුම් බෝරුකට මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් වේදිකාවක් කෙළෙමි.
Pali BJT2443. එකනවුතෙ ඉතො කප්පෙ කරොසිං වෙදිකං අහං, දුග්ගතිං නාභිජානාමි වෙදිකාය ඉදං ඵලං.
Sinhala BJT2443. මම මෙයින් අනූවන කපෙහි වේදිකාවක් කරවූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකාදානයාගේ මේ විපාකය යි.
Pali BJT2444. ඉතො එකාදසෙ කප්පෙ අසොසිං සුරියස්සමො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2444. මෙයින් එකොළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුරියස්සම නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2445. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2445. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වෙදිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවෙදිකාරකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTවේදිකාරක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT236. වණ්ණකාරත්ථොරාපදානං
Sinhala BJT236. වණ්ණකාර ස්ථවිරාවදානය
Pali BJT2446. නගරෙ අරුණවතියා වණ්ණකාරො අහං තදා, චෙතියෙ දුස්සභණ්ඩානි නානාවණ්ණං රජෙසහං{3}.
Sinhala BJT2446. මම එකල්හි අරුණවතී නගරයෙහි වර්‍ණකාරයෙක් (රඟපොවන්නෙක්) වීමි. මම සෑයෙහි වත්බඩු නන්වන් කොට පෙවීමි.
Pali BJT2447. එකතිංසෙ ඉතො කප්පෙ යං වණ්ණං රජයිං තදා, දුග්ගතිං නාභිජානාමි වණ්ණදානස්සිදං ඵලං.
Sinhala BJT2447. මෙයින් එක්තිස්වනු කපෙහි යම් සායම් පෙවීමක් (පින් පිණිස) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි.
Pali BJT2448. ඉතො තෙවීසතිකප්පෙ චන්දූපමසමානකො{1}, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2448. මෙයින් තෙවිසිවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චන්‍දූපම නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2449. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2449. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වණ්ණකාරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින්ආයුෂ්මත් වණ්ණකාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවණ්ණකාරත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTවණ්ණකාර ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT237. පියාලපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT237. පියාලපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2450. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, පියාලං පුප්ඵිතං දිස්වා ගතමග්ගෙ ඛිපිං අහං.
Sinhala BJT2450. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. මම පිපුණු පියල් ගසක් දැක බුදුරජුන් වැඩිය මගෙහි (ඒ මල් ගෙණ) (පිදීම් වශයෙන්) අතුළෙමි.
Pali BJT2451. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2451. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2452. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2452. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පියාලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පියාලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපියාලපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTපියාලපුප්ඵිය ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT238. අම්බයාගදායකත්ථොරාපදානං.
Sinhala BJT238. අම්බයාගදායක ස්ථවිරාවදානය
Pali BJT2453. සකෙ සිප්පෙ අපත්ථද්ධො අගමං කානනං අහං, සම්බුද්ධං යන්තං දිස්වාන අම්බයාගං අදාසහං.
Sinhala BJT2453. ස්වකීය (තර්‍කව්‍යාකරණාදි) ශිල්පයෙහි දක්‍ෂ වූ මම වනයට ගියෙමි. මම (මග) වඩින්නා වූ බුදුරජුන් දැක අඹදනක් දිනිමි.
Pali BJT2454. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අම්බයාගස්සිදං ඵලං.
Sinhala BJT2454. මෙයින් එක්අනූවන කපෙහි යම් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඹදනෙහි මේ විපාකය යි.
Pali BJT2455. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2455. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අම්බයාගදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බයාගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅම්බයාගදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඅම්බයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT239. ජගතිකාරකත්ථෙරාපදානං.
Sinhala BJT239. ජගතිකාරක ස්ථවිරාවදානය
Pali BJT2456. නිබ්බුතෙ ලොකනාථම්භි අත්ථදස්සි නරුත්තමෙ, ජගතී කාරිතා මය්හං බුද්ධස්ස ථූපමුත්තමෙ.
Sinhala BJT2456. අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි මා විසින් ඒ බුදුරජුන්ගේ උතුම් සෑයෙහි පිළිදැගුම් කරවන ලදී.
Pali BJT2457. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ජගතියා ඉදං ඵලං.
Sinhala BJT2457. මෙයින් එක්සිය අටළොස්වන කපෙහි යම් කර්‍මයක් කරණ ලද ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිදැගුම් කරවීමෙහි මේ විපාකය යි.
Pali BJT2458. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2458. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජගතිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ජගතිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTජගතිකාරකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTජගතිකාරක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT240. වාසිදායකත්ථෙරාපදානං.
Sinhala BJT240. වාසිදායක ස්ථවිරාවදානය
Pali BJT2459. කම්මාරොහං පුරෙ ආසිං තීවරායං පුරුත්තමෙ, එකා වාසි මයා දින්නා සයම්භූං අපරාජිතං.
Sinhala BJT2459. මම පෙර උතුම් තීවරා පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් සියල්ල දත් පස්මරුන් දිනූ බුදුරජුන් උදෙසා එක් වෑකැත්තක් දෙන ලදී.
Pali BJT2460. චතුනවුතෙ{1} ඉතො කප්පෙ යං වාසිමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි වාසිදානස්සිදං ඵලං.
Sinhala BJT2460. මෙයින් සිවුඅනූවන කපෙහි යම් වෑකැති දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වෑකැති දනෙයි මේ විපාකය යි.
Pali BJT2461. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2461. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වාසිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් වාසිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවාසිදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTවාසිදායක ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඋදකාසන භාජනං සාලපූපී{2} කිලඤ්ජකො වෙදිකා වණ්ණකාරො ච පියාල අම්බයාගදො ජගතී වාසිදාතා ච ගාථා තිංස ච අට්ඨ ච.
Sinhala BJTඋදකාසන භාජන - සාලපුප්ඵි කිලඤ්ජක වේදිකා වණ්ණකාර - පියාල අම්බයාගද ජගතී වාසිදාතා දැයි දස - අටතිස් ගයින් බැඳියේ.
Pali BJTඋදකාසනවග්ගො චතුවීසතිමො.
Sinhala BJTඋදකාසන වර්‍ගය සූවිසි වැනි යි.