Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2347. ඉතො තෙරසකප්පම්හි ධනිට්ඨො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2347. මෙයින් තෙළෙස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධනිට්ඨ නම් ක්‍ෂත්‍රියෙක් වීමි.
Pali BJT2348. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2348. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සණ්ඨිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සණ්ඨිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසණ්ඨිතත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTසණ්ඨිත ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT217. තාලවණ්ටදායකත්ථෙරාපදානං
Sinhala BJT217. තාලවණටදායක ස්ථවිරාවදානය
Pali BJT2349. තාලවණ්ටං මයා දින්නං තිස්සස්සා’ දිච්චබන්ධුනො, ගිම්හනිබ්බාපනත්ථාය පරිළාහොපසන්තියා.
Sinhala BJT2349. ග්‍රීෂ්මය නිවීම පිණිස ද දැවීම සන්සිඳෙනු පිණිස ද මා විසින් තිස්ස බුදුරජුන්හට තල්වැටක් (විජිනිපතක්) පුදන ලදී.
Pali BJT2350. සන්නිබ්බාපෙමි රාගග්ගිං දොසග්ගිඤ්ච තදුත්තරිං, නිබ්බාපෙමි ච මොහග්ගිං තාලවණ්ටස්සිදං ඵලං.
Sinhala BJT2350. රාගාග්නිය නිවමි. එයින් අධික වූ ද්වේෂාග්නිය ද නිවමි. එසේ ම මොහාග්නිය ද නිවමි. විජිනිපත් දනෙහි මේ විපාකය යි.
Pali BJT2351. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනං.
Sinhala BJT2351. මාගේ කෙලෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. (දැන්) සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
Pali BJT2352. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං{1} ඵලං.
Sinhala BJT2352. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2353. තොසට්ඨිම්හි ඉතො කප්පෙ මහානාම සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2353. මෙයින් තෙසැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහානාම නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2354. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2354. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තාලවණ්ටදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තාලවණ්ටදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතාලවණ්ටදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTතාලවණ්ටදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT218. අක්කන්තසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT218. අක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2355. කුසාටකං ගහෙත්වාන උපජ්ඣායස්ස’හං පුරෙ, මන්තං ච අනුසික්ඛාමි කණ්ඩභෙදස්ස{2} පත්තියා,
Sinhala BJT2355. මම පෙර උපාධ්‍යායයන්හට දළකඩක් ගෙණ (ගියෙමි.) (එකල මම) හී පහර බිඳී යන සේ (ජල්පනය කරණ) මන්ත්‍රයකුදු ඉගෙණ ගතිමි.
Pali BJT2356. අද්දසං විරජං බුද්ධං ආහුතීනං පටිග්ගහං, උසභං පවරං අග්ගං තිස්සං බුද්ධං ගණුත්තමං.
Sinhala BJT2356. ලෝකයාගේ පූජාවනට භාජන වූ කෙලෙස් රජස් විරහිත ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ ගණප්‍රධාන වූ තිස්ස නමැති බුදුවරයන් වහන්සේ දිටිමි.
Pali BJT2357. කුසාටක පත්ථරිතං අක්කමන්තං නරුත්තමං, සමුග්ගතං මහාවීරං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT2357. ලොව පහළ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදවීතිහාරය (සක්මන්) කරන්නා වූ බුදුරජානන් වහන්සේට ඒ වස්ත්‍රය (පියවිළි කොට) අතුරණ ලදී.
Pali BJT2358. දිස්වා තං ලොකපජ්ජොතං විමලං චන්දසන්නිභං, අවන්දිං සත්ථුනො පාදෙ විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2358. (ඒ මත වඩනා) ලෝකයට ප්‍රදීපයක් වැනි වූ නිර්‍මල චන්‍ද්‍රයා හා සමාන වූ බුදුරජුන් දැක පැහැදි සිතින් ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැන්දෙමි.
Pali BJT2359. චතුනවුතෙ{3} ඉතො කප්පෙ යං අදාසිං කුසාටකං, දුග්ගතිං නාභිජානාමි කුසාටකස්සිදං ඵලං.
Sinhala BJT2359. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මහලු පිළියක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මහලු පිළියක් දීමෙහි මේ විපාකය යි.
Pali BJT2360. සත්තතිංසෙ ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, සුනන්දො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2360. මෙයින් සත්තිස්වනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති සුනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2361. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2361. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අක්කන්තසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අක්කන්තසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTඅක්කන්තසඤ්ඤකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඅක්කන්තසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT219. සප්පිදායකත්ථෙරාපදානං.
Sinhala BJT219. සප්පිදායක ස්ථවිරාවදානය
Pali BJT2362. නිසින්නො පාසාදවරෙ නාරීගණපුරක්ඛතො, ව්යාධිතං සමණං දිස්වා අභිනාමෙසහං{1} ඝරං.
Sinhala BJT2362-2363. මම ස්ත්‍රීසමූහයා විසින් පිරිවරණ ලදුයෙම් උතුම් ප්‍රාසාදයෙහි හුන්නෙම් රෝගී මහණකු දැක ස්වකීය ගෘහයට පමුණුවා ගතිමි. මහාවීර වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ වැඩහුන්නා වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට මා විසින් ගිතෙල් දෙන ලදී.
Pali BJT2363. උපවිට්ඨං මහාවීරං දෙවදෙවං නරාසභං, සප්පිතෙලං මයා දින්නං සිද්ධත්ථස්ස මහෙසිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2364. පස්සද්ධදරථං දිස්වා විප්පසන්නමුඛින්ද්රියං, වන්දිත්වා සත්ථුනො පාදෙ අනුසංසාවයිං පුරෙ.
Sinhala BJT2364. පැහැදි මුහුණු හා ඉඳුරන් ඇති සංසිඳුනු කාය - චිත්ත දරථ ඇති උන්වහන්සේ දැක ඒ ශාස්තෲන් වහන්සේගේ පා වැඳ ඉදිරියෙහි සිටගෙණ ප්‍රශංසා කෙළෙමි.
Pali BJT2365. දිස්වා මං සුප්පසන්නත්තං{2} ඉද්ධියා පාරමිඞ්ගතො, නභං අබ්භුග්ගමී ධීරො හංසරාජාව අම්බරෙ.
Sinhala BJT2365. අතිශයින් පහන් බැව් ඇති ඍද්ධියෙහි කෙළපැමිණි ප්‍රාඥ වූ ඒ සර්‍වඥතෙම අහසෙහි (යන) හස් රජකු මෙන් අහසට නැංගේය.
Pali BJT2366. චතුන තෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි සප්පිතෙලස්සිදං ඵලං.
Sinhala BJT2366. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් (ගිතෙල්) දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
Pali BJT2367. ඉතො සත්තරසෙ කප්පෙ ජුතිදෙව{3} සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2367. මෙයින් සත්ළොස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතිදේව නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2368. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2368. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සප්පිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTසප්පිදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසප්පිදායක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT220. පාපනිවාරියත්ථෙරාපදානං.
Sinhala BJT220. පාපනිවාරිය ස්ථවිරාවදානය
Pali BJT2369. පියදස්සිස්ස භගවතො චඞ්කමං සොධිතං මයා, නළකෙහි පටිච්ඡන්නං වාතාතපනිවාරණං.
Sinhala BJT2369. බටපඳුරින් වැසීගිය අව්සුලං වළහන සක්මනක් මා විසින් පියදස්සී බුදුරජුන් සඳහා පිරිසිදු කරණ ලදී.
Pali BJT2370. පාපං විවජ්ජනත්ථාය කුසලස්සුපසම්පදා, කිලෙසානං පහානාය පදහිං සත්ථුසාසනෙ.
Sinhala BJT2370. පව් වළහනු පිණිස ද කුසල් රැස් කිරීම පිණිස ද කෙලෙස් දුරුකිරීම පිණිස ද බුදුසසුනෙහි වීර්‍ය්‍ය වැඩීමි.
Pali BJT2371. ඉතො එකාදසෙ කප්පෙ යං අග්ගිදෙවොති විස්සුතො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2371. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිදේව යයි ප්‍රසිද්ධ සක්විති රජෙක් වීමි.
Pali BJT2372. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2372. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාපනිවාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පාපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපාපනිවාරියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපාපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTහත්ථි පානධි සච්චඤ්ච එකසඤ්ඤී ච රංසියො සණ්ඨිතො තාලවණ්ටී ච{4} තථා අක්කන්තසඤ්ඤකො සප්පි පාපනිචාරී ච චතුපඤ්ඤාස ගාථකාති.
Sinhala BJTහත්‍ථි පානධි සච්ච - ඒකසඤ්ඤිය රංසිය සණ්ඨිතය තාලවණටිය - අක්කන්ත සඤ්ඤක ද සප්පි පාපනිවාරිය දැයි - සිවුපණස් ගයින් බැඳියේ.
Pali BJTහත්ථිවග්ගො බාවීසතිමො.
Sinhala BJTහස්තිවර්‍ගය දෙ විසි වැනි යි.
Pali BJT23. ආලම්බනදායකවග්ගො
Sinhala BJT23. ආලම්බණදායක වර්‍ගය
Pali BJT221. ආලම්බනදායකත්ථෙරාපදානං.
Sinhala BJT221. ආලම්බනදායක ස්ථවිරාවදානය
Pali BJT2373. අත්ථදස්සිස්ස{1} භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, ආලම්බනං මයා දින්නං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT2373. (අටලෝ දහම්හි කම්පා නො වන බැවින්) තාදී ගුණ ඇති, ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ අත්‍ථදස්සී බුදුරජුන්හට මා විසින් ආලම්බනඵලකයක් (වැතිරෙන පුවරුවක්) පුදන ලදි.
Pali BJT2374. ධරණිං පටිපජ්ජාමි විපුලං සාගරප්පරං, පාණෙසු ච ඉස්සරියං වත්තෙමි වසුධාය ච.
Sinhala BJT2374. සයුර කෙළවර කොට ඇති මහත් වූ පෘථිවිය රජයෙමි. ධනය කෙරෙහි ද ප්‍රාණීන් කෙරෙහි ද ආධිපත්‍යය පවත්වමි.
Pali BJT2375. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2375. මා විසින් කෙලෙස්හු දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJT2376. ඉතො ද්වෙසට්ඨිකප්පම්භි තයො ආසිංසු ඛත්තියා, එකාපස්සිත නාමා තෙ චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2376. මෙයින් දෙසැටවනු කපෙහි මහත් බල ඇති ඒකාපස්සිත නම් ඒ තුන් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2377. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2377. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආලම්බනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආලම්බනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආලම්බනදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTආලම්බදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT222. අජිනදායකත්ථෙරාපදානං.
Sinhala BJT222. අජිනදායක ස්ථවිරාවදානය
Pali BJT2378. එකතිංසෙ{2} ඉතො කප්පෙ ගණසත්ථා අහොසහං, අද්දසං විරජං බුද්ධං ආහුතීනං පටිග්ගහං.
Sinhala BJT2378. මෙයින් එක්තිස්වන කපෙහි මම ගණාචාර්‍ය වූයෙම් වෙමි. කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ සිඛී බුදුරජුන් දිටිමි.
Pali BJT2379. චම්මඛණ්ඩං මයා දින්නං සිඛිනො ලොකබන්ධුනො, තෙන කම්මෙන දිපදින්දෙ{3} ලොකජෙට්ඨෙ නරාසභෙ.
Sinhala BJT2379. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් සම්කඩක් දෙන ලදී. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කර්‍මය කරණ කොට ගෙණ-
Pali BJT2380. සම්පත්තිං අනුභොත්වාන කිලෙසෙ ඣාපයිං අහං, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT2380. මම සම්පත් අනුභව කොට කෙලෙස් ද දැවීමි. සම්බුදු සසුනෙහි (මේ) අන්තිම ශරීරය ද දරමි.
Pali BJT2381. එකතිංසෙ ඉතො කප්පෙ අජිනං යමදාස’හං, දුග්ගතිං නාභිජානාමි අජිනස්ස ඉදං ඵලං.
Sinhala BJT2381. මම මෙයින් එක්තිස්වනු කපෙහි යම් අඳුන් දිවිසමක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඳුන් දිවිසම් දනෙහි මේ විපාක යි.
Pali BJT2382. ඉතො පඤ්චමකෙ කප්පෙ රාජා ආසිං සුදායකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2382. මෙයින් පස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුදායක නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2383. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2383. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අජිනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අජිනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅජිනදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඅජිනදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT223. ද්විරතනියත්ථෙරාපදානං{*}
Sinhala BJT223. ද්විරතනිය ස්ථවිරාවදානය
Pali BJT2384. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, අද්දසං විරජං බුද්ධං ආහුතීනං පටිග්ගහං.
Sinhala BJT2384. මම පෙර මහවෙනෙහි මුව වැද්දෙක් වීමි. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ කෙලෙස් මල නැති බුදුරදුන් දිටිමි.
Pali BJT2385. මංසපෙසී මයා දින්නා විපස්සිස්ස මහෙසිනො, සදෙවකස්මිං ලොකස්මිං ඉස්සරං කාරයාමහං.
Sinhala BJT2385. විපස්සී බුදුරදුන්හට මා විසින් මස් කැබැල්ලක් පුදන ලදි. මම (ඒ හේතුවෙන්) දෙවියන් සහිත ලෝකයෙහි ආධිපත්‍යය කරමි.
Pali BJT2386. ඉමිනා මංසදානෙන රතනං නිබ්බත්තතෙ මම, දුවෙ’මෙ රතනා ලොකෙ දිට්ඨධම්මස්ස පත්තියා.
Sinhala BJT2386. මෙම මස් දන කරණ කොට ගෙණ මට (කාය-චිත්ත සම්පත්ති සඞ්ඛ්‍යාත) රුවන් උපදී. මේ රුවන් දෙක ලෙව්හි නිවන් ලැබීමට උපකාර වේ.
Pali BJT2387. තෙහං සබ්බෙ අනුභොමි මංසදානස්ස සත්තියා, ගත්තඤ්ච මුදුකං මය්හං පඤ්ඤා නිපුණවෙදිනී{1}.
Sinhala BJT2387. මම ඒ සියලු සම්පත් අනුභව කරමි. මස් දනෙහි ශක්තිය කරණ කොට ගෙණ මාගේ ශරීරය ද මෘදුය. සියුම් දෙය අවබෝධ කරගත හැකි ප්‍රඥාව ද වේ.
Pali BJT2388. එකනවුතෙ ඉතො{2} කප්පෙ යං මංසමදදිං අහං, දුග්ගතිං නාභිජානාමි මංසදානස්සිදං ඵලං.
Sinhala BJT2388. මෙයින් එක්අනූවන කපෙහි මම යම් මස් දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මස් දනෙහි මේ විපාකය යි.
Pali BJT2389. ඉතො චතුත්ථකෙ කප්පෙ එකො ආසිං ජනාධිපො, මහාරොහිත නාමො සො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2389. මෙයින් සිවුවන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාරෝහිත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2390. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2390. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ද්විරතනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ද්විරතනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTද්විරතනියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTද්විරතනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT224. ආරක්ඛදායකත්ථෙරාපදානං
Sinhala BJT224. ආරාමදායක ස්ථවිරාවදානය
Pali BJT2391. සිද්ධත්ථස්ස භගවතො වෙදි කාරාපිතා{3} මයා, ආරක්ඛො ච මයා දින්නො සුගතස්ස මහෙසිනො.
Sinhala BJT2391. මා විසින් සිදුහත් බුදුරජුන්හට වේදිකාවක් කරවන ලදි. මා විසින් මහර්ෂී වූ බුදුරජුන්හට ආරක්‍ෂාවක් ද දෙන ලදි.
Pali BJT2392. තෙන කම්මවිසෙසෙන න පස්සෙ{4} භයභෙරවං, කුහිඤ්චි උප්පන්නස්ස තාසො මය්හං න විජ්ජති.
Sinhala BJT2392. ඒ කර්‍මවිශේෂය කරණකොට ගෙන භයජනක අරමුණක් නො දකිමි. කොහි උපන්නේ නමුදු මට ත්‍රාසයක් විද්‍යාමාන නැත.
Pali BJT2393. චතුනවුතෙ ඉතො{5} කප්පෙ යං වෙදිං කාරයිං අහං,{6} දුග්ගතිං නාභිජානාමි වෙදිකාය ඉදං ඵලං.
Sinhala BJT2393. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් වේදිකාවක් කරවීම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වේදිකා දනෙහි මේ විපාකය යි.
Pali BJT2394. ඉතො ඡට්ටම්භි කප්පම්හි අපස්සෙන සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2394. මෙයින් සවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපස්සේන නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2395. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2395. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආරක්ඛදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආරක්ඛදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආරක්ඛදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTආරක්ඛදායක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT225. අව්යාධිකත්ථෙරාපදානං{*}
Sinhala BJT225. අව්‍යාධික ස්ථවිරාවදානය
Pali BJT2396. විපස්සිස්ස භගවතො අග්ගිසාලමදාසහං, ව්යාධිතානඤ්ච ආවාසං උණ්හොදකපටිග්ගහං.
Sinhala BJT2396. මම විපස්සී බුදුරජුන්හට ගිනිහල්ගෙයක් දිනිමි. රෝගීන්හට නිවාස ස්ථානයක් ද, උණුදිය වත්කරන භාජනයක් ද දිනිමි.
Pali BJT2397. තෙන කම්මෙනයං මය්හං අත්තභාවො සුනිම්මිතො, ව්යාධාහං නාභිජානාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT2397. ඒ කර්‍මය හේතුකොට ගෙණ මට මේ ආත්මභාවය මොනොවට මැවින. මම ව්‍යාධිය (කුමැයි) නො දනිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT2398. එකනවුතෙ ඉතො කප්පෙ යං සාලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි අග්ගිසාලායිදං ඵලං.
Sinhala BJT2398. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් ශාලාවක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අග්නිශාලාදානයෙහි මේ විපාකය යි.
Pali BJT2399. ඉතො සත්තමකෙ කප්පෙ එකො’සිං අපරාජිතො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2399. මෙයින් සත්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අපරාජිත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2400. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2400. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අව්යාධිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අව්‍යාධික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅව්යාධිකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඅව්‍යාධික ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT226. අඞ්කොලපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT226. අඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2401. නාරදො ඉති මෙ නාමං කස්සපො ඉති මං විදූ, අද්දසං සමණානග්ගං විපස්සිං දෙවසක්කතං.
Sinhala BJT2401-2402. නාරද යනු මගේ නමයි. මට කාශ්‍යප යයි ද කියති. ශ්‍රමණයනට අග්‍ර වූ දෙවියන් විසින් සත්කාර කරණ ලද අනුව්‍යඤ්ජන දරන්නා වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ විපස්සී බුදුරජුන් දිරිමි. මම රුකඟුන මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
Pali BJT2402. අනුබ්යඤ්ජනධරං බුද්ධං ආහුතීනං පටිග්ගහං, අඞ්කොලපුප්ඵං පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2403. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2403. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2404. චතුසත්තතිතො කප්පෙ රොමසො නාම ඛත්තියො, ආමුත්තමාලාභරණො සයොග්ගබලවාහනො.
Sinhala BJT2404. මෙයින් සූසැත්තෑවනු කපෙහි ස්වර්‍ණ සිවිකා ආදි යානයන් ද, මහාමාත්‍ය සෙවකාදි බලයන් ද, හස්ති අශ්ව රථ සඞ්ඛ්‍යාත වාහනයන් ද, යන මොවුන්ගෙන් යුක්තවූයෙම් පැළැඳි මාලාභරණ ඇත්තෙම් රෝමස නම් රජෙක් වීමි.
Pali BJT2405. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2405. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඞ්කොලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅඞ්කොලපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඅඞ්කෝලපුප්ඵිය ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT227. සොවණ්ණවටංසකියයත්ථෙරාපදානං{*}
Sinhala BJT227. සෝවණ්ණවටංසකිය ස්ථවිරාවදානය
Pali BJT2406. උය්යානභූමිං නිය්යන්තො අද්දසං ලොකනායකං, වටංසකං ගහෙත්වාන සොවණ්ණං සාධුනිම්මිතං.
Sinhala BJT2406. උද්‍යාන භූමියට නික්ම වඩනා වූ මම ලෝකනායක වූ (සිඛී) බුදුරජුන් දිටිමි. මැනවින් කොට නිමවන ලද ස්වර්‍ණවර්‍ණ වූ (හිස පළඳනා) කඩාමල්කඩක් ගෙණ,
Pali BJT2407. සීඝං තතො සමොරුය්හ{1} හත්ථික්ඛන්වධගතො අහං, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJT2407. ඇතුපිට සිටි මම වහා එයින් බැස ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට (ඒ මාලාව) පිදීමි.
Pali BJT2408. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං{2}, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං{3} ඵලං.
Sinhala BJT2408. මෙයින් එක්තිස්වනු කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2409. සත්තවීසෙ ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, මහාපතාප නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2409. මෙයින් සත්විසිවනු කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මහාපතාප නම් සක්විති රජෙක් වීමි.