Pali BJT2288. තෙරසෙතො කප්පසතෙ පඤ්ච සබ්භොගවා{3} අහුං, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2288. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්ගොගවා නම් පස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2289. පච්ඡිමෙ ච භවෙ අස්මිං ජාතො’හං බ්රාහ්මණෙ කුලෙ, සද්ධිං තීහි සහායෙහි පබ්බජිං සත්ථුසාසනෙ.
Sinhala BJT2289. මම මේ පශ්චිම භවයෙහි බමුණු කුලයෙහි උපනිමි. යහළුවන් තිදෙනකු සමග ශාස්තෘශාසනයෙහි පැවිදි වීමි.
Pali BJTපටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJTසිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තරණිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතරණියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTතරණිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT205. නිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT205. නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2290. විපස්සිස්ස භගවතො ආසිමාරාමිකො අහං, නිග්ගුණ්ඩිපුප්ඵං පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2290. මම විපස්සී බුදුරජානන් වහන්සේගේ ආරාමිකයෙක් වීමි. (ඒ මම) නික මල් ගෙණ බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT2291. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2291. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2292. පඤ්චතිංසෙ ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, මහාපතාපො නාමෙන{1} චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2292. මෙයින් පන්තිස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ මහාපතාප නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2293. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2293. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිග්ගුණ්ඩිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTනිග්ගුණ්ඩිපුප්ඵිය ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT206. උදකදායකත්ථෙරාපදානං.
Sinhala BJT206. උදකදායක ස්ථවිරාවදානය
Pali BJT2294. භුඤ්ජන්තං සමණං දිස්වා විප්පසන්නමනාවිලං, ඝටෙනො’දකමාදාය සිද්ධත්ථස්ස අදාසහං.
Sinhala BJT2294. මම පැහැදුනු ඉඳුරන් ඇති කෙලෙස් කැලඹිලි නැති වළඳන්නා වූ ශ්‍රමණයන් වහන්සේ දැක ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට කළයෙන් දිය ගෙණවුත් දුනිමි.
Pali BJT2295. නිම්මලො හොම’හං අජ්ජ විමලො ඛීණසංසයො, භවෙ නිබ්බත්තමානම්හි ඵලං නිබ්බත්තතෙ සුභං.
Sinhala BJT2295. මම අද පහ වූ සැක ඇතියෙම් පිරිසිදු වූයෙම් නිර්‍මල වූයෙම් වෙමි. (ඒ හේතුවෙන්) භවයෙහි උපදනා කල්හි යහපත් විපාක ඇති වේ.
Pali BJT2296. චතුනවුතෙ ඉතො කප්පෙ උදකං යං තදා අදං{2}, දුග්ගතිං නාභිජානාමි උදකදානස්සිදං ඵලං.
Sinhala BJT2296. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ජලදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උදකදානයාගේ මේ විපාකය යි.
Pali BJT2297. එකසට්ඨිම්හිතො කප්පෙ එකොව විමලො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2297. මෙයින් එක් සැටවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විමල නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2298. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2298. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋදකදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඋදකදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT207. සලලමාලියත්ථෙරාපදානං
Sinhala BJT207. සලලමාලිය ස්ථවිරාවදානය
Pali BJT2299. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, ඔභාසෙන්තං දිසා සබ්බා සිද්ධත්ථං නරසාරථිං.
Sinhala BJT2299. කිණිහිරි රුකක් මෙන් බබළමින් පර්‍වතයන් අතුරෙහි හුන් සියලු දිගුන් හෙළි කරන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් දිටිමි.
Pali BJT2300. ධනුමද්වෙජ්ඣං කත්වාන උසුං සන්නය්හ’හං තදා, පුප්ඵං සවණටං ඡෙත්වාන බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2300. එකල්හි මම දුන්න නිසැක කොට හීය යොදා (විද) නටු සහිත මලක් කඩා බුදුරජුන්හට පිදීමි.
Pali BJT2301. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං{1}, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2301. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2302. එකපඤ්ඤාසි’තො කප්පෙ එකො ආසිං ජුතින්ධරො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2302. මෙයින් එක් පණස්වනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2303. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2303. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සල්ලමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සලලමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසලලමාලියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTසලලමාලිය ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT208. කොරණ්ඩපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT208. කොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2304. අක්කන්තඤ්ච පදං දිස්වා චක්කාලඞ්කාර භූසිතං, පදෙනා’නුපදං යන්තො විපස්සිස්ස මහෙසිනො.
Sinhala BJT2304. සක් ලකුණෙන් බබලන තබන ලද ශ්‍රී පාද සටහන් දැක (මම ඒ) විපස්සී බුදුරජුන්ගේ පියවර සටහන් අනුව යන්නෙම්-
Pali BJT2305. කොරණ්ඩං පුප්ඵිතං දිස්වා සමූලං පූජිතං මයා, හට්ඨො හට්ඨෙන චිත්තෙන අවන්දිං පදමුත්තමං.
Sinhala BJT2305. පිපුණු කොරණ්ඩ වෘක්‍ෂයක් දැක සතුටු වූයෙම් මුලසිට ම ඇති ඒ සියලු මල් මා විසින් (බුදුරජුන්හට) පුදන ලදී. සතුටු සිතින් ම උතුම් පා වැන්දෙමි.
Pali BJT2306. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි පදපූජායිදං ඵලං.
Sinhala BJT2306. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියවර සටහන් පිදීමෙහි මේ විපාකය යි.
Pali BJT2307. සත්තපඤ්ඤාසකප්පම්හි එකො වීතමලො අහු, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2307. සත්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වීතමල නම් එක් සක්විති රජෙක් වීමි.
Pali BJT2308. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2308. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොරණ්ඩපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කොරණ්ඩපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකොරණ්ඩපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTකොරණ්ඩපුප්ඵිය ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT209. ආධාරදායකත්ථෙරාපදානං
Sinhala BJT209. ආධාරදායක ස්ථවිරාවදානය
Pali BJT2309. ආධාරකං මයා දින්නං සිඛිනො ලොකබන්ධුනො, ධාරෙමි පඨවිං{1} සබ්බං කෙවලං වසුධං ඉමං.
Sinhala BJT2309. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන්හට මා විසින් ආධාරකයක් (පාත්‍රාධාරයක්) පුදන ලදී. මම (ඒ හේතුවෙන්) ධනය සහිත මේ මුළු පොළොව ම දරමි.
Pali BJT2310. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT2310. මා විසින් සියලු කෙලෙස් දවන ලදී. සියලු භවයෝ වනසන ලදහ. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
Pali BJT2311. සත්තවීසෙ ඉතො කප්පෙ අහෙසුං චතුරො ජනා, සමත්තචරණා{2} නාම චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2311. මෙයින් සත්විසිවනු කපෙහි මහත් බල ඇති සමන්තචරණ නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2312. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2312. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආධාරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආධාරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTආධාරදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTආධාරදායක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT210. වාතාතපනිවාරියත්ථෙරාපදානං{*}
Sinhala BJT210. වාතාතපනිවාරිය ස්ථවිරාවදානය
Pali BJT2313. තිස්සස්ස තු භගවතො දෙවදෙවස්ස තාදිනො, එකච්ඡත්තං මයා දින්නං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2313. දෙවියනට දෙවි වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජුන්හට පැහැදුනු සිතින් එක් ඡත්‍රයක් මා විසින් පුදන ලදී.
Pali BJT2314. නිවුතං හොතී මෙ පාපං කුසලස්සු’පසම්පදා, ආකාසෙ ඡත්තං ධාරෙන්ති පුබ්බකම්මස්සිදං ඵලං.
Sinhala BJT2314. ඒ හේතුවෙන් මාගේ පව් වැළැක්කේ විය. (තමා වෙත) කුශලයන්ගේ පැමිණීම විය. අහසෙහි ඡත්‍ර දරත්. පූර්‍ව (ඡත්‍රදානමය ) කර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT2315. චරිමං වත්තතෙ මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT2315. (මා විසින්) සියලු භවයෝ නසන ලදහ. මෙය මාගේ අන්තිම භවයයි. සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය ද දරමි.
Pali BJT2316. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං ඡත්තමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඡත්තදානස්සිදං ඵලං.
Sinhala BJT2316. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ඡත්‍රදානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඡත්‍රදානයාගේ මේ විපාකය යි.
Pali BJT2317. ද්වෙසත්තතිම්හිතො කප්පෙ අට්ඨාසිංසු ජනාධිපා, මහානිදානනාමෙන රාජානො චක්කවත්තිනො.
Sinhala BJT2317. මෙයින් දෙසැත්තෑවන කපෙහි ජනාධිපති වූ මහානිදාන නම් අට සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2318. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2318. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වාතාතපනිවාරියො{*} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් වාතාතපනිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවාතාපනිවාරියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTවාතාතපනිවාරිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකණිකාරො මිනෙලඤ්ච කිඞ්කිණී තරණෙන ච නිග්ගුණ්ඩිපුප්ඵි දකදො සලලො ච කුරණ්ඩකො ආධාරකොතපවාරී{3} අට්ඨතාළීස ගාථකා.
Sinhala BJTකණිකාර මිනෙලි - කිඞ්කිණි සහ තරණ ද තිග්ගුණ්ඩිපුප්ඵි උදකද - සලලකුරණ්ඩක ද ආධාරක ආතපවාරි යයි දස - අටසාළිස් ගයින් බැඳී.
Pali BJTකණිකාරපුප්ඵියවග්ගො එකවීසතිමො.
Sinhala BJTකණිකාරපුප්ඵියවර්‍ගය එක්විසිවැනි යි.
Pali BJT22. හත්ථිවග්ගො
Sinhala BJT22. හත්‍ථි වර්‍ගය
Pali BJT211. හත්ථිදායකත්ථෙරාපදානං.
Sinhala BJT211. හත්‍ථිදායක ස්ථවිරාවදානය
Pali BJT2319. සිද්ධත්ථස්ස භගවතො දිපදින්දස්ස{1} තාදිනො, නාගසෙට්ඨො මයා දින්නො ඊසාදන්තො උරූළ්හවා.
Sinhala BJT2319. තාදී ගුණ ඇති ද්විපදෝත්තම වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට රාජවාහනයෝග්‍ය වූ උඩට නැගුනු මහත් දළ ඇති ඇත් රජෙක් මා විසින් පුදන ලදි.
Pali BJT2320. උත්තමත්ථං අනුභොමි සන්තිපදමනුත්තරං, අග්ගදානං{2} මයා දින්නං සබ්බලොකහිතෙසිනො.
Sinhala BJT2320. (ඒ හේතුවෙන්) නිරුත්තර උත්තමාර්‍ත්‍ථය වූ ශාන්තිපදය අනුභව කරමි. සර්‍වලොකහිතෛෂීන් වහන්සේට මා විසින් අග්‍රදානයක් දෙන ලදී.
Pali BJT2321. චතුනවුතෙ ඉතො කප්පෙ යං නාගමදදිං{3} තදා, දුග්ගතිං නාභිජානාමි නාගදානස්සිදං ඵලං.
Sinhala BJT2321. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් හස්තිනාගයකු දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. හස්තිනාගයා දන් දීමෙහි මේ විපාකය යි.
Pali BJT2322. අට්ඨසත්තතිකප්පම්භි සොළසා’සිංසු ඛත්තියා, සමන්තපාසාදිකා නාම චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2322. අට සැත්තෑවන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2323. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2323. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා හත්ථිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් හත්‍ථිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTහත්ථිදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTහත්‍ථිදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT212. පානධිදායකත්ථෙරාපදානං
Sinhala BJT212. පානධිදායක ස්ථවිරාවදානය
Pali BJT2324. ආරඤ්ඤකස්ස{4} ඉසිනො චිරරත්තතපස්සිනො, වුද්ධස්ස{5} භාවිතත්තස්ස අදාසිං පානධිං අහං.
Sinhala BJT2324. මම බොහෝ කලක් තපස්කම් කළ වෘද්ධ වූ වඩනාලද සිත් ඇති අරණෙහි වසන ඍෂිවරයකුහට පාවහනක් දුනිමි.
Pali BJT2325. තෙන කම්මෙන දිපදින්ද ලොකජෙට්ඨ නරාසභ, සබ්බං යානං{6} අනුභොමි පුබ්බකම්මස්සිදං ඵලං.
Sinhala BJT2325. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්ස, ඒ පුණ්‍යකර්‍ම හේතුවෙන් සියලු යානයන් (ලබා) පරිභෝග කරමි.
Pali BJT2326. චතුනවුතෙ{7} ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පානධිස්ස ඉදං ඵලං.
Sinhala BJT2326. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පාවහන් දනෙහි මේ විපාකය යි.
Pali BJT2327. සත්තසත්තති’තො කප්පෙ අට්ඨ ආසිංසු ඛත්තියා, සුයානා නාම නාමෙන චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2327. මෙයින් සත්සැත්තෑවනු කපෙහි මහත් බල ඇති සුයාන නම් වූ අට සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2328. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2328. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පානධිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පානධිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපානධිදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTපානධිදායක ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT213. සච්චසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT213. සච්චසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2329. වෙස්සභූ තම්හි සමයෙ භික්ඛුසඞ්ඝපුරක්ඛතො, දෙසෙති අරියසච්චානි නිබ්බාපෙන්තො මහාජනං.
Sinhala BJT2329. එසමයෙහි භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද වෙස්සභූ බුදුරජ තෙම කෙලෙස් ගිනි නිවමින් මහාජනයාට ආර්‍ය්‍යසත්‍යයන් දේශනා කෙරෙයි.
Pali BJT2330. පරමකාරුඤ්ඤපත්තොම්භි සමිතිං අගමාසහං, සොහං නිසින්නකො සන්තො ධම්මස්සොසිං සත්ථුනො.
Sinhala BJT2330. එකල්හි මම අතිශය දුකට පත්වූයෙම් වෙමි. (ඒ බුදුරජුන් දහම් දෙසන) සමාගමයට ගියෙමි. එහි හුන් මම බුදුරජුන්ගේ ධර්‍මය ඇසීමි.
Pali BJT2331. තස්සාහං ධම්මං සුත්වාන දෙවලොකමගච්ඡහං, තිංසකප්පානි දෙවෙසු අවසිං තත්ථහං පුරෙ.
Sinhala BJT2331. මම උන්වහන්සේගේ ධර්‍මය අසා දෙව්ලොවට (උප්පත්ති වශයෙන්) ගියෙමි. මම පෙර දෙව්ලොවෙහි තිස්කපක් විසීමි.
Pali BJT2332. එකතිංසෙ{1} ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි සච්චසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT2332. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ධර්‍මසංඥාවක් ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චතුරාර්‍ය්‍යසත්‍ය සංඥාවෙහි මේ විපාකය යි.
Pali BJT2333. ඡබ්බීසම්හි ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, එකඵුසිතනාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2333. මෙයින් සවිසිවැනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති ඒකඵුසිත නම් වූ එක් සක්විති රජෙක් වීමි.
Pali BJT2334. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2334. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සච්චසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සච්චසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසච්චසඤ්ඤකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTසච්චසඤ්ඤක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT214. එකසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT214. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2335. දුමග්ගෙ පංසුකූලිකං ලග්ගං දිස්වාන සත්ථුනො, අඤ්ජලිං පග්ගහෙත්වාන පංසුකූලං අවන්දිහං{2}.
Sinhala BJT2335. ගසක් මුදුනෙහි එල්ලෙන්නා වූ තථාගතයන් වහන්සේගේ පසුල් සිවුර දැක මම ඇඳිලි බැඳ ඒ පසුල් සිවුර වැන්දෙමි.
Pali BJT2336. එකතිංසෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2336. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පාංශුකූල චීවර සංඥාවක් ලැබූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2337. පඤ්චවීසෙ ඉතො කප්පෙ එකො ආසිං ජනාධිපො, අමිතාභොති නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2337. මෙයින් පස්විසිවෙනි කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති අමිතාභ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2338. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2338. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකසඤ්ඤකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඒකසඤ්ඤක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT215. රංසිසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT215. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT2339. උදෙන්තං සතරංසිංව සිතරංසිංව{1} භානුමං, ව්යග්ඝූසභංව පවරං සුජාතං පබ්බතන්තරෙ.
Sinhala BJT2339. උදාවන්නා වූ හිරු මෙන් ද එසේ ම (උදාවී) පැතිරීගිය රැස් ඇති හිරු මෙන් ද, යහපත් ජන්ම ඇති උතුම් ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද කඳු අතුරෙහි (වැඩහුන් බුදුරජුන් දිටිමි.)
Pali BJT2340. බුද්ධස්ස ආනුභාවො සො ජලතෙ පබ්බතන්තරෙ, රංසෙ චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං.
Sinhala BJT2340. කඳු අතුරෙහි ඒ බුද්ධානුභාවය බබලයි. මම බුද්ධරශ්මියෙහි සිත පහදවා කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT2341. අවසෙසෙසු කප්පෙසු කුසලං සුකතං{2} මයා, තෙන චිත්තප්පසාදෙන බුද්ධානුස්සතියා පි ච.
Sinhala BJT2341. සෙසු කල්පයන්හි මා විසින් මැනවින් කුසල් කරණ ලදී. ඒ චිත්තප්‍රසාදයෙන් ද බුද්ධානුස්සතිභාවනාවෙන් ද,
Pali BJT2342. තිංසකප්පසහස්සෙතො යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං{3} ඵලං.
Sinhala BJT2342. මෙයින් තිස්දහස්වනු කපෙහි එදා යම් සංඥාවක් ලැබූයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නොම දනිමි. බුද්ධසඤ්ඤාවෙහි මේ විපාකය යි.
Pali BJT2343. සත්තපඤ්ඤාසකප්පම්හි එකො ආසිං ජනාධිපො, සුජාතො නාම නාමෙන චක්කවත්ති මහබ්බලො.
Sinhala BJT2343. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුජාත නම් මහත් බල ඇති සක්විතිරජෙක් වීමි.
Pali BJT2344. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2344. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රංසිසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTරංසිසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTරංසිසඤ්ඤක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT216. සණ්ඨිතත්ථෙරාපදානං.
Sinhala BJT216. සණ්ඨිත ස්ථවිරාවදානය
Pali BJT2345. අස්සත්ථෙ හරිතොභාසෙ සංවිරූළ්හම්හි පාදපෙ, එකං බුද්ධගතං සඤ්ඤං අලභිස්ස{4} පතිස්සතො.
Sinhala BJT2345. මනාව වැඩුනු ඇසතු බෝරුක්හි හරිද්වර්‍ණ (=කොළපාට) රශ්මියෙහි සිහියෙන් යුතුව හුන්නෙම් එකම (බුද්ධානුස්සති සංඥාව) ලැබීමි.
Pali BJT2346. එකතිංසෙ{5} ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, තස්සා සඤ්ඤාය වාහසා පත්තො මෙ ආසවක්ඛයො.
Sinhala BJT2346. මෙයින් එක්තිස්වනු කපෙහි වූ එකල්හි යම් (බුද්ධානුස්සති) සංඥාවක් ලැබූයෙම් ද, ඒ බුද්ධානුස්මෘතිසංඥා බලයෙන් මාගේ ආස්‍රවක්‍ෂය විය. (රහත් වීමි.)