Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2901-3000 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2229. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2229. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛණ්ඩඵුල්ලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛණ්ඩඵුල්ලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඛණ්ඩඵුල්ලියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඛණ්ඩඵුල්ලියස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT194. අසොකපූජකත්ථෙරාපදානං
Sinhala BJT194. අසෝකපූජක ස්ථවිරාවදානය
Pali BJT2230. තීවරායං{2} පුරෙ රම්මෙ රාජුය්යානමහූ තදා, උය්යානපාලො තත්ථාසිං රඤ්ඤො බද්ධචරො අහං.
Sinhala BJT2230. එකල්හි රම්‍ය වූ තීවරා පුරයෙහි රාජෝද්‍යානයක් විය. මම එහි රජුගේ සහචර වූ උයන්පල්ලෙක් වීමි.
Pali BJT2231. පදුමො නාම නාමෙන සයම්භූ සප්පභො අහු, නිසින්නං පුණ්ඩරීකම්භි ඡායා න ජහි තං මුනිං.
Sinhala BJT2231. නමින් පදුම නම් වූ ප්‍රභාසහිත සම්බුදු වරයෙක් විය. හෙළ පියුමෙහි සෙවන වැඩහුන් ඒ බුදුරජුන් නො හළේය.
Pali BJT2232. අසොකං පුප්ඵි තං දිස්වා පිණ්ඩිභාරං සුදස්සනං, බුද්ධස්ස අභිරොපෙසිං ජලජුත්තමනාමිනො.
Sinhala BJT2232. පිපුනු දැකුම්කලු අශෝක ගසක් දැක (එයින්) මල්පොකුරක් පදුම නම් වූ බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT2233. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2233. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2234. සත්තතිංසම්හිතො කප්පෙ සොළස අරුණඤ්ජහා{3}, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2234. මෙයින් සත්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අරුණඤ්ජහ නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT2235. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2235. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අසොකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අසෝකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅසොකපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඅසෝකපූජකස්ථවිරාවදානය සිව්වැනි යි.
Pali BJT195. අඞ්කොලකත්ථෙරාපදානං.
Sinhala BJT195. අඞ්කෝලක ස්ථවිරාවදානය
Pali BJT2236. අඞ්කොලං පුප්ඵිතං දිස්වා මාලාවරං සකොසකං{1}, ඔචිනිත්වාන තං පුප්ඵං අගමං බුද්ධසන්තිකං.
Sinhala BJT2236. පිපුනු රුකඟුන ගසක් දැක එහි උතුම් මල් කොපු සහිතව ම නෙලා ඒ මල් ගෙණ (සිද්ධාර්‍ත්‍ථ) බුදුරජුන් වෙත ගියෙමි.
Pali BJT2237. සිද්ධත්ථො තම්හි සමයෙ පටිලීනො{2} මහාමුනි, මුහුත්තං පතිමානෙත්වා ගුහායං පුප්ඵමොකිරිං.
Sinhala BJT2237. එ සමයෙහි මහාමුනි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජහු විවෙක සුවයෙන් හුන්හ. (මම උන්වහන්සේට) මොහොතක් බුහුමන් දක්වා ඒ මල් ගුහාවෙහි විසිර වීමි.
Pali BJT2238. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං{3} ඵලං.
Sinhala BJT2238. මෙයින් සිව්අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද , (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2239. ඡත්තිංසම්භි ඉතො කප්පෙ ආසෙකො දෙවගජ්ජිතො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2239. මෙයින් සතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති දෙවගජ්ජිත නම් එක් සක්විති රජෙක් විය.
Pali BJT2240. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2240. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඞ්කොලකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අඞ්කෝලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅඞ්කොලකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඅඞ්කෝලකස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT196. කිසලයපූජකත්ථෙරාපදානං.
Sinhala BJT196. කිසලයපූජක ස්ථවිරාවදානය
Pali BJT2241. නගරෙ ද්වාරවතියා මාලාවච්ඡො මමං අහු, උදපානො ච තත්ථෙව පාදපානං විරොහනො.
Sinhala BJT2241. දවාරවතී නගරයෙහි මාගේ පුෂ්පඋද්‍යානයෙක් විය. ගස්වල වැඩීමට ජලය සපයන ලිඳෙක් ද එහිම විය.
Pali BJT2242. සබලෙන උපත්ථද්ධො සිද්ධත්ථො අපරාජිතො, මමානුකම්පමානො සො ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
Sinhala BJT2242. ස්වබලයෙන් තහවුරු බවට පත් පස්මරුන් දිනූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජහු මට අනුකම්පා කරණුවෝ අහස් මගෙහි වඩිති.
Pali BJT2243. අඤ්ඤං කිඤ්චි න පස්සාමි පූජායොග්ගං මහෙසිනො, අසොකපල්ලවං දිස්වා ආකාසෙ උක්ඛිපිං අහං.
Sinhala BJT2243. මහර්ෂීන් වහන්සේට පිදීමට සුදුසු අන් කිසිවක් නො දකිමි. මම හෝපළු (දලු) දැක එය ගෙන අහසෙහි දැමීමි.
Pali BJT2244. බුද්ධස්ස තෙ කිසලයා ගච්ඡතො යන්ති පච්ඡතො, සොහං දිස්වාන තං ඉද්ධිං{4} අහො බුද්ධස්සුළාරතා.
Sinhala BJT2244. ඒ අසෝක පල්ලවයෝ වඩින්නා වූ බුදුරජුන් පසුපසින් යෙත්. මම ඒ විස්මය දැක “බුදුරජානන් වහන්සේගේ උදාර බව ආශ්චර්‍ය්‍යයැ” යි සිතීමි.
Pali BJT2245. චතුනවුතෙ ඉතො කප්පෙ පල්ලවං අභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2245. මෙයින් සිවුඅනූවක කපෙහි යම් හෝපළු පිදීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2246. සත්තවීසෙ{5} ඉතො කප්පෙ එකො එකස්සරො{6} අහු, සත්තරතනසම්පන්නො චක්කවත්ති මහබ්බලො.
Sinhala BJT2246. මෙයින් සත්විසිවෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකස්සර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2247. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2247. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිසලයපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කිසලයපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකිසලයපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTකිසලයපූජක ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT197. තින්දුකදායකත්ථෙරාපදානං.
Sinhala BJT197. තින්‍දුකදායක ස්ථවිරාවදානය
Pali BJT2248. ගිරිදුග්ගචරො ආසිං මක්කටො ථාමවෙගිකො, ඵලිනං තින්දුකං දිස්වා බුද්ධසෙට්ඨං අනුස්සරිං.
Sinhala BJT2248. මම ජවවේගයෙන් යුත් ගිරිදුර්‍ගයන්හි හැසිරෙන වඳුරෙක් වීමි. (එකල්හි) ගෙඩි හටගත් තිඹිරි ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
Pali BJT2249. නික්ඛමිත්වා කතිපාහං විචිනිං ලොකනායකං, පසන්නචිත්තො සුමනො සිද්ධත්ථං තිභවන්තගුං.
Sinhala BJT2249. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ත්‍රිභවාන්තගත සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් කිහිපදිනක් ම සෙවීමි.
Pali BJT2250. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, ඛීණාසවසහස්සෙහි ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT2250. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජුහු මාගේ අදහස දැන රහතුන් දහසක් සමග මා වෙත වැඩියහ.
Pali BJT2251. පාමොජ්ජං ජනයිත්වාන ඵලහත්ථො උපාගමිං, පටිග්ගහෙසි භගවා සබ්බඤ්ඤූ වදතං වරො.
Sinhala BJT2251. සතුට උපදවා ඒ තිඹිරිගෙඩි ගත් අතැතිව (බුදුරජුන් වෙත) එළඹියෙමි. ශ්‍රේෂ්ඨ සර්‍වඥ වූ භාග්‍යවත්හු එය පිළිගත්හ.
Pali BJT2252. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානයස්සිදං ඵලං.
Sinhala BJT2252. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දුනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
Pali BJT2253. සත්තපඤ්ඤාසකප්පම්හි උපනන්ද සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2253. සත්පණස්වන කපෙහි සත් රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති උපනන්‍ද නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2254. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2254. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තින්දුකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තින්‍දුකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතින්දුකදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTතින්‍දුකදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT198. මුට්ඨිපූජකත්ථෙරාපදානං.
Sinhala BJT198. මුට්ඨිපූජක ස්ථවිරාවදානය
Pali BJT2255. සුමෙධො නාම භගවා ලොකජෙට්ඨො නරාසභො, පච්ඡිමෙ අනුකම්පාය පධානං පදහී ජිනො.
Sinhala BJT2255. පස්මරුන් දිනූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරර්‍ෂභ වූ සුමේධ නම් භගවත්හු පශ්චිම ජනානුකම්පාවෙන් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩුහ.
Pali BJT2256. තස්ස චඞ්කමමානස්ස දිපදින්දස්ස තාදිනො, ගිරිනෙලස්ස පුප්ඵානං මුට්ඨිං බුද්ධස්ස රොපයිං.
Sinhala BJT2256. (දවසෙක) සක්මන්හි යෙදෙන ද්විපදෝත්තම වූ තාදී ගුණ ඇති ඒ බුදුරජුන්හට ගිරිනිල් මල්මිටක් පිදීමි.
Pali BJT2257. තෙන චිත්තප්පසාදෙන සුක්කමූලෙන චොදිතො, තිංසකප්පසහස්සානි දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2257. ඒ චිත්තප්‍රසාදයෙන් කළ කුසලමූලයෙන් මෙහෙයන ලදුයෙම් කප් තිස්දහසක් මුළුල්ලෙහි දුගතියක නූපනිමි.
Pali BJT2258. තෙවීසතිකප්පසතෙ සුනෙලො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො එකො ආසිං මහබ්බලො.
Sinhala BJT2258. දෙදහස් තුන්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති සුනෙල නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2259. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2259. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මුට්ඨිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමුට්ඨිපූජකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTමුට්ඨිපූජකස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT199. කිඞ්කණිපුප්ඵියත්ථෙරාපදානං{1}
Sinhala BJT199. කිඞ්කණිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2260. සුමඞ්ගලොති නාමෙන සයම්භු අපරාජිතො, පවනා නික්ඛමිත්වාන නගරං පාවිසී ජිනො.
Sinhala BJT2260. සියල්ල තමන් ම අවබෝධ කළා වූ පස්මරුන් දිනූ අපරාජිත වූ සුමඞ්ගල බුදුරජහු විහාරයෙන් නික්ම නුවරට පිවිසියහ.
Pali BJT2261. පිණ්ඩචාරං චරිත්වාන නික්ඛම්ම නගරා මුනි, කතකිච්චොව සම්බුද්ධො සො වසී වනමන්තරෙ.
Sinhala BJT2261. කොට නිම වූ සියලු බුදුකිස ඇති සර්‍වඥ මුනීහු පිඬු පිණිස හැසිර නුවරින් නික්ම වනතුරෙහි වුසූහ.
Pali BJT2262. කිඞ්කණිපුප්ඵං පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං, පසන්නචිත්තො සුමනො සයම්භුස්ස මහෙසිනො.
Sinhala BJT2262. (ඒ දවස්) පහන් සිත් ඇත්තෙම් සතුටු වූයෙම් කිඞ්කණිපුෂ්පයන් ගෙණ සියල්ල තමන්ම දතුවා වූ මහර්ෂී වූ බුදුරජුන්හට එළැවීමි.
Pali BJT2263. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2263. මෙයින් සිවු අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2264. ඡළාසීතිම්භිතො කප්පෙ අපිලාපිය{2} නාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2264. මෙයින් සඅනූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අපිලාපිය නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2265. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2265. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිඞ්කණිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කිංකණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකිඞ්කණිපුප්ඵියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTකිංකණිපුප්ඵිය ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT200. යූථිකාපුප්ඵියත්ථෙරාපදානං{3}
Sinhala BJT200. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2266. පදුමුත්තරො නාම ජිනො ආහුතීනං පටිග්ගහො, පවනා කික්ඛමිත්වාන විහාරං යාති චක්ඛුමා.
Sinhala BJT2266. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පස්මරුන් ජයගත් පසැස් ඇති පදුමුත්තර බුදුරජහු වනයෙන් නික්ම විහාරයට වඩිති.
Pali BJT2267. උභො හත්ථෙහි පග්ගය්හ යූථිකං පුප්ඵමුත්තමං, බුද්ධස්ස අභිරොපෙසිං මෙත්තචිත්තස්ස තාදිනො.
Sinhala BJT2267. උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත්සිත් ඇති තාදී ගුණ යුත් බුදුරජුන් පිදීමි.
Pali BJT2268. තෙන චිත්තප්පසාදෙන අභිභොත්වාන සම්පදා, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2268. ඒ චිත්තප්‍රසාදයෙන් සම්පත් අනුභව කොට මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනෙමි.
Pali BJT2269. ඉතො පඤ්ඤාසකප්පෙසු එකො ආසිං ජනාධිපො, සමිත්තනන්දනො නාම චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2269. මෙයින් පණස්වෙනි කපෙහි මහත් මහත් බල ඇති ජනාධිපති වූ සමිත්තනන්‍දන නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2270. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2270. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යූථිකාපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTයූථිකාපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTයූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTතමාලී තිණසන්ථාරො ඛණ්ඩඵුල්ලී අසොකියො අඞ්කොලකී කිසලයො තින්දුකො නෙලපුප්ඵියො කිඞ්කණිකො යූථිකො ච ගාථා පඤ්ඤාස අට්ඨ ච.
Sinhala BJTතමාලී තිණසන්‍ථාර - ඛණ්ඩඵුල්ලි අසෝකිය අඞ්කොලකි කිසලය - තීන්‍දුක නෙලපුප්ඵිය කිඞ්කණික යූථික දැ යි - දසවත් අටපණස් ගී.
Pali BJTතමාලපුප්ඵියවග්ගො වීසතිමො.
Sinhala BJTතමාලපුප්ඵිය වර්‍ගය විසිවැනියි.
Pali BJTඅථ වග්ගුද්දානං:
Sinhala BJTයලි වගෙහි උද්දානය:
Pali BJTභික්ඛාදායී පරිවාරො සෙරෙය්යො සොභිතො තථා ඡත්තො ච බන්ධුජීවො ච{1} සුපාරිචරියොපි ච කුමුදො කුටජො චෙව තමාලී දසමො කතො. ඡසතානි ච ගාථානං ඡසට්ඨි ච තතුත්තරිං.
Sinhala BJTභික්ඛාදායී පරිවාර - සෙරෙය්‍ය සොභිත සහ ඡත්ත බන්ධුජීව - සුපාරිචරිය ද කුමුද කුජට සහ - තමාලීවහ දැයි දස සසිය සසැට ගයෙකි - ඉන් වැඩියෙකුදු වේ ම ය.
Pali BJTභික්ඛාවග්ගදසකං.
Sinhala BJTභික්ෂාවර්‍ගදශකය යි.
Pali BJTදුතියං සතකං සමත්තං.
Sinhala BJTද්විතීය ශතකය සමාප්තයි
Pali BJT21. කණිකාරපුප්ඵියවග්ගො
Sinhala BJT21. කණිකාරපුප්ඵිය වර්‍ගය
Pali BJT201. කණිකාරපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT201. කණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2271. කණිකාරං පුප්ඵිතං දිස්වා ඔචිනිත්වානහං තදා, තිස්සස්ස අභිරොපෙසිං ඔඝතිණ්ණස්ස තාදිනො.
Sinhala BJT2271. මම එකල්හි පිපුණු කිණිහිරි රුකක් දැක චතුරෝඝයන් තරණය කළා වූ තාදී ගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට (ඒ මල් නෙලා) පිදීමි.
Pali BJT2272. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2272. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2273. පඤ්චතිංසෙ ඉතො කප්පෙ අරුණපාණීති විස්සුතො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2273. මෙයින් පන්තිස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති අරුණපාණී යැ යි ප්‍රකට වූ සක්විති රජෙක් වීමි.
Pali BJT2274. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2274. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කණිකාරපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකණිකාරපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTකණිකාරපුප්ඵිය ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT202. මිනෙලපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT202. මිනෙලපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2275. සුවණ්ණවණ්ණො භගවා සතරංසී පතාපවා. චඞ්කමනං සමාරූළ්හො මෙත්තචිත්තො සිඛීසභො.
Sinhala BJT2275. හිරුමෙන් ප්‍රතාපවත් වූ ස්වර්‍ණවර්‍ණ වූ මෙත් සිත් ඇති සිඛී භාග්‍යවත්හු සක්මනට නැගුනාහ.
Pali BJT2276. පසන්නචිත්තො සුමනො වන්දිත්වා{2} ඤාණමුත්තමං, මිනෙලපුප්ඵං පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2276. එ දවස් මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ශ්‍රේෂ්ඨඥාන ඇති බුදුරජුන්හට වැඳ මිනෙල පුෂ්පයන් ගෙණ (එම) බුදුරජුන්හට පිදීමි.
Pali BJT2277. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2277. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2278. එකූනතිංසෙ කප්පම්හි සුමෙධයස{1} නාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2278. එකුන්තිස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත්බල ඇති සුමේධයස නම් වූ සක්විති රජෙක් වීමි.
Pali BJT2279. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2279. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මිනෙලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මිනෙලපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමිනෙලපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTමිනෙලපුප්ඵිය ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT203. කිඞ්කිණිකපුප්ඵියත්ථෙරාපදානං{*}
Sinhala BJT203. කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2280. කඤ්චනග්ඝියසඞ්කාසො සබ්බඤ්ඤූ ලොකනායකො, ඔදකං දහමොගය්හ සිනායි ලොකනායකො.
Sinhala BJT2280. රන් ඇගෑවක් මෙන් බබලන සර්‍වඥ වූ ලෝකනායක බුදුරජ තෙමේ සිසිල් දිය සහිත විලකට බැස ජලස්නානය කෙළේය.
Pali BJT2281. පග්ගය්හ කිඞ්කිණිං{2} පුප්ඵං විපස්සිස්සාභිරොපයිං, උදග්ගචිත්තො සුමනො දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT2281. මම කිඞ්කිණික මල් ගෙණ ඔදවැඩි සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති විපස්සී බුදුරජුන්හට පිදීමි.
Pali BJT2282. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2282. මෙයින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2283. සත්තවීසතිකප්පම්හි රාජා භීමරථො අහු, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2283. සත්විසිවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භීමරථ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2284. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2284. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කිඞ්කිණිකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකිඞ්කිණිකපුප්ඵියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTකිඞ්කිණිකපුප්ඵිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT204. තරණියත්ථෙරාපදානං
Sinhala BJT204. තරණිය ස්ථවිරාවදානය
Pali BJT2285. අත්ථදස්සීතු භගවා දිපදින්දො නරාසභො, පුරක්ඛතො සාවකෙහි ගඞ්ගාතීරමුපාගමි.
Sinhala BJT2285. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදසේක් ගංතෙරට එළඹි සේක.
Pali BJT2286. සමතිත්තිකා කාකපෙය්යා ගඞ්ගා ආසි දුරුත්තරා, උත්තාරයිං භික්ඛුසඞ්ඝං බුද්ධං ච දිපදුත්තමං.
Sinhala BJT2286. මම මුවවිට දක්වා සමව පිරුණු කපුටුවනට පවා ඉවුරෙහි සිට පැන් පානය කළ හැකි සේ දියෙන් පිරී ගිය තරණය කොට එතර යාම දුෂ්කර වූ (ඒ ගඟින්) ද්විපදෝත්තම වූ බුදුරජුන් ද භික්‍ෂු සඞ්ඝයා ද එතර කරවීමි.
Pali BJT2287. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි තරණාය ඉදං ඵලං.
Sinhala BJT2287. එක්දහස් අටසියවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (ගඟින්) තරණය කරවීමෙහි මේ විපාකය යි.