Pali BJT182. රජනීයෙ න රජ්ජන්ති දුසස්නීයෙ න දුස්සරෙ, මොහනීයෙ න මුය්හන්ති මම සිස්සා දුරාසදා.
Sinhala BJT182. ලං විය නොහැක්කා වූ මාගේ ඒ ශිෂ්‍යයෝ ඇලිය යුතු දෙයෙහි නො ඇලෙත්. ගැටිය යුතු දෙයෙහි නො ගැටෙත්. මුළා විය යුතු දෙයෙහි මුළා නො වෙත්.
Pali BJT183. ඉද්ධිං වීමංසමානා තෙ වත්තන්ති නිච්චකාලිකං, පඨවිං තෙ පකම්පෙන්ති සාරම්භෙන දුරාසදා.
Sinhala BJT183. ඉදුහබල ආදියෙන් කිසිවෙකු විසිනුත් ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ නිරතුරු ව ම විකුර්‍වණඍද්ධිය විමසමින් පවතිත්. පෘථිවිය ද කම්පා කෙරෙත්.
Pali BJT184. කීළමානා ච තෙ සිස්සා කීළන්ති ඣායකීළිතං, ජම්බුතො ඵලමානෙන්ති මම සිස්සා දුරාසදා.
Sinhala BJT184. ඒ මාගේ ශිෂ්‍යයෝ ඉදින් ක්‍රීඩා කරන්නාහු නම්, ධ්‍යානක්‍රීඩාව ම කෙරෙත්. දුරාසද වූ ඔහු මහ දඹ රුකෙන් ගෙඩි ගෙණෙත්.
Pali BJT185. අඤ්ඤෙ ගච්ඡන්ති ගොයානං අඤ්ඤෙ පුබ්බවිදෙහකං{1} අඤ්ඤෙ ච උත්තරකුරුං එසනාය දුරාසදා.
Sinhala BJT185. ලං විය නොහැක්කා වූ ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් ප්‍රත්‍යය සෙවීම පිණිස අපරගෝයානයට යෙත්. ඇතැම් කෙනෙක් පූර්‍වවිදෙහයට ද ඇතැම් කෙනෙක් උතුරුකුරුදිවයිනට ද යෙත්.
Pali BJT186. පුරතො ඛාරිං පෙසෙන්ති පච්ඡතො’ව වජන්ති තෙ, චතුබ්බීසසහස්සෙහි ඡාදිතං හොති අම්බරං.
Sinhala BJT186. අහසින් යන්නා වූ මාගේ ශිෂ්‍යයෝ පළමු කොට (පිරිකර) කද යවති. ඔහු පසු ව යෙත්, සූවිසිදහසක් වූ ඔවුන් විසින් අහස්තලය වසන ලද්දේ වේ.
Pali BJT187. අග්ගිපාකී අනග්ගී ච දන්තො දුක්ඛලිකා පි ච, අසමෙන කොට්ටකා{2} කෙචි පවත්තඵලභොජනා.
Sinhala BJT187. ඔවුනතුරෙන් ඇතැම් කෙනෙක් (ඵලාඵලපත්‍රාදිය) ගින්නෙන් පිස කති. ඇතැම්හු නො පිසා අමුවෙන් ම කති. ඇතැම්හු දත්වලින් ම පොතු ගලවා කති. කිසිකෙනෙක් ගලින් කොටාගෙණ කත්. ඇතැම්හු ස්වයංපතිත ඵලාහාරයෙන් ජීවත් වෙති.
Pali BJT188. උදකොරොහනා{3} කෙචි සායං පාතො සුචීරතා, තොයාභිසෙචනකරා{4} මම සිස්සා දුරාසදා.
Sinhala BJT188. ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍යයෝ ශුද්ධිය කැමැති වන්නාහු දියෙන් තමා තෙමීම කරන්නාහු උදැහැන ද සවස ද දියෙහි ගිලෙති.
Pali BJT189. පරූළ්හකච්ඡනඛලොමා පඞ්කදන්තා රජස්සිරා, ගන්ධිතා සීලගන්ධෙන මම සිස්සා දුරාසදා.
Sinhala BJT189. දුරාසද වූ මාගේ ශිෂ්‍යයෝ දික් වූ කිසිලි ලොම් හා නිය ඇත්තාහු මල බැඳුනු දත් ඇත්තාහු දූලි වැකුනු හිස් ඇත්තාහු සීලසුගන්‍ධයෙන් සුගන්‍ධවත් වූහ.
Pali BJT190. පාතොව සන්නිපතිත්වා{5} ජටිලා උග්ගතාපනා, ලාභාලාභං පකිත්තෙත්වා ගච්ඡන්ති අම්බරෙ තදා.
Sinhala BJT190. එකල්හි උග්‍රතපස් ඇති ජටාධර වූ තවුසෝ උදෑසන ම රැස් ව (ඔවුනට ලැබුනු) කුදුමහත් ලාභයන් ගැණ කථා කොට අහසෙහි යෙති.
Pali BJT191. එතෙසං පක්කමන්තානං මහාසද්දො පවත්තති, අජිනචම්මසද්දෙන මොදිතා{6} හොන්ති දෙවතා.
Sinhala BJT191. එසේ යන්නා වූ මොවුන්ගේ (වැහැරි සිවුරුවලින් හටගත්) මහා ශබ්ද පවතී. අඳුන් දිවිසම්හඬින් දෙවියෝ සොම්නස් වූවාහු වෙති.
Pali BJT192. දිසො දිසං පක්කමන්ති අන්තලික්ඛචරා ඉසී, සකෙ බලෙනුපත්ථද්ධා{7} තෙ ගච්ඡන්ති යදිච්ඡකං.
Sinhala BJT192. අහසෙහි හැසිරෙන්නා වූ එම ඍෂීහු දිසානුදිසාවන්ට ගමන් කෙරෙති. ස්වකීය ශරීරබලයෙන් හා ධ්‍යානබලයෙන් යුත් ඔහු යම් යම් තැනකට යනු කැමැත්තාහු නම්, ඒ ඒ තැනට ම යෙති.
Pali BJT193. පඨවීකම්පකා එතෙ සබ්බෙව නභචාරිනො, උග්ගතෙජා දුප්පසභා සාගරො’ව අඛොභියා.
Sinhala BJT193 මේ සියලු තන්හි කැමැති සේ හැසිරෙණ මොහු හැම දෙන ම පෘථිවී කම්පනයෙහි සමත් වූවෝ ද අහසෙහි හැසිරීමෙහි දක්‍ෂ වූවෝ ද උග්‍ර තේජස් ඇත්තාහු ද අභිභවනය කළ නො හැක්කාහු ද සයුර මෙන් අනුන් විසින් නො කැළඹිය හැක්කෝ ද වෙති.
Pali BJT194. ඨානවඞ්කමිනො{8} කෙචි කෙචි නෙසජ්ජිකා ඉසී, පවත්තභොජනා කෙචි මම සිස්සා දුරාසදා.
Sinhala BJT194. ගුණයන් කරණ කොට ගෙණ ලං විය නො හැක්කා වූ මාගේ ශිෂ්‍ය වූ ඇතැම්හු සිටීම ය සක්මන් කිරීම ය යන ඉරියවු දෙකින් යුක්තයෝ ය. ඇතැම්හු හිඳීම්ඉරියවු පමණක් ඇත්තෝ ය. එසේ ම ඇතැම්හු ස්වයං පතිත ඵල අනුභව කරන්නෝ වෙති.
Pali BJT195. මෙත්තාවිහාරිනො එතෙ හිතෙසී සබ්බපාණිනං, අනත්තුක්කංසකා සබ්බෙ න තෙ වම්භෙන්ති කස්සචි.
Sinhala BJT195. මොහු සව්සතුනට හිතවත් වූවාහු මෛත්‍රී විහරණ ඇත්තාහු ය. සියල්ලෝ ම තමා හුවා නො දක්වන්නෝ ය. කිසිවෙකු හෙළා දක්නෝ ද නො වෙති.
Pali BJT196. සීහරාජාව‘සම්භිතා{9} ගජරාජාව ථාමවා, දුරාසදා ව්යග්ඝාරිව ආගච්ඡන්ති මම’න්තිකෙ.
Sinhala BJT196. සිහරජකු මෙන් නිර්භීත වූවෝ ඇත්රජකු මෙන් බලවත් වූවෝ ව්‍යාඝ්‍රයකු මෙන් ලං විය නො හැක්කෝ මාගේ සමීපයට පැමිණෙත්.
Pali BJT197. විජ්ජාධරා දෙවතා ච නාගාගන්ධබ්බරක්ඛසා, කුම්භණ්ඩා දානවා ගරුළා උපජීවන්ති තං සරං.
Sinhala BJT197. විද්‍යාධරයෝ ද, දේවතාවෝ ද, නාග ගන්‍ධර්‍ව රාක්‍ෂස කුම්භාණ්ඩ අසුර ගුරුළු යන මොහු ද ඒ විල ඇසුරෙන් වෙසෙති.
Pali BJT198. තෙ ජටාඛාරිභරිතා{1} අජිනුත්තරවාසනා{2}, අන්තලික්ඛචරා සබ්බෙ උපජීවන්ති තං සරං.
Sinhala BJT198. ජටා හා තවුස්පිරිකරකත්හි බර උසුලන්නා වූ අඳුන්දිවිසම් පොරවා ගත් ආකාශචාරී වූ සියලු ම ඍෂිහු ඒ විල ඇසුරෙන් වෙසෙති.
Pali BJT199. සදානුච්ඡවිකා එතෙ අඤ්ඤමඤ්ඤං සගාරවා, චතුබ්බීසසහස්සානං ඛිපිතසද්දො{3} න විජ්ජති.
Sinhala BJT199. හැමකල්හි මනා පැවැතුම් ඇති ඔහු ඔවුනොවුනට ගෞරව සහිත වූවාහු ය. සූවිසිදහසක් වූ ඔවුන්ගේ කිඹිසිලි ශබ්දයකුදු නැත.
Pali BJT200. පාදෙ පාදං නික්ඛිපන්තා අප්පසද්දා සුසංවුතා, උපසඞ්කම්ම සබ්බෙ’ව සිරසා වන්දරෙ මමං.
Sinhala BJT200. පියවරින් පියවර තබන්නාහු නිශ්ශබ්දව මනා සංවරයෙන් යුත් ව සියල්ලෝ ම මා වෙත එළඹ හිස නමා වඳිත්.
Pali BJT201. තෙහි සිස්සෙහි පරිවුතො සන්තෙහි ච තපස්සිහි, වසාමි අස්සමෙ තත්ථ ඣායී ඣානරතො අහං.
Sinhala BJT201. ශාන්ත වූ තපෝගුණ ඇති ඒ සිසුන් විසින් පිරිවරණ ලද මම ඒ අසපුවෙහි ධ්‍යාන කරණ සුලු ව ධ්‍යානයෙහි ඇලුනෙම් වෙසෙමි.
Pali BJT202. ඉසීනං සීලගන්ධෙන පුප්ඵගන්ධෙන චූභයං, ඵලීනං ඵලගන්ධෙන ගන්ධිතො හොති අස්සමො.
Sinhala BJT202. ඍෂීන්ගේ සිල්සුවඳින් ද මල්සුවඳින් ද යන මේ උභය සුගන්‍ධයෙන් හා ගස්වල පල සුවඳින් ද අසපුව සුවඳවත් වේ.
Pali BJT203. රත්තින්දිවං න ජානාමි අරති මෙ න විජ්ජති, සකෙ සිස්සෙ ඔවදන්තො භිය්යො හාසං ලභාම’හං.
Sinhala BJT203. රෑ දාවල් නො දනිමි. මාගේ සිත්හි කුසල් දහම්හි නො ඇලීමක් නැත. සිය සිසුනට අවවාද කරන්නා වූ මම වැඩියක් ම ප්‍රීතිය ලබමි.
Pali BJT204. පුප්ඵානං පුප්ඵමානානං ඵළානඤ්ච විපච්චතං දිබ්බා ගන්ධා පවායන්ති සොභයන්තා මම’ස්සමං
Sinhala BJT204. පිපෙන්නා වූ මල්වල ද පැසෙන්නා වූ ගෙඩිවල ද දිව්‍යමය වූ සුගන්‍ධයෝ මාගේ අසපුව හොබවමින් හමත්.
Pali BJT205. සමාධිම්හා වුට්ඨහිත්වා ආතාපී නිපකො අහං, ඛාරිභාරං ගහෙත්වාන වනං අජ්ඣොගහිං තදා.
Sinhala BJT205. එකල්හි මම සමාධියෙන් නැගිට කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ සප්‍රාඥ වූයේ තවුස්පිරිකරකද ගෙණ වනයට පිවිසියෙමි.
Pali BJT206. උප්පාතෙ සුපිනෙ චාපි ලක්ඛණෙසු සුසික්ඛිතො, පවත්තමානං{4} මන්තපදං ධාරයාමි අහං තදා.{5}
Sinhala BJT206. උත්පාතශාස්ත්‍රයෙහි ද ස්වපනශාස්ත්‍රයෙහිද ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද මැනවින් හික්මුනේ දඹදිව පවත්නා මන්ත්‍රපද ද දරමි.
Pali BJT207. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, විවෙකකාමො සම්බුද්ධො හිමවන්තමුපාගමි.
Sinhala BJT207. ලෝකජ්‍යේෂ්ඨ වූ ද නරශ්‍රේෂ්ඨ වූ ද සියල්ල දන්නා වූ අනවමදර්ශී භාග්‍යවතුන් වහන්සේ විවෙක සැප කැමති සේක් හිමවතට එළඹි සේක.
Pali BJT208. අජ්ඣොගහෙත්වා හිමවන්තං අග්ගො කාරුණිකො මුනි, පල්ලඞ්කං ආභුජිත්වාන නිසීදි පුරිසුත්තමො.
Sinhala BJT208. පුරුෂෝත්තම වූ ශ්‍රේෂ්ඨ වූ කාරුණික වූ බුදුරජානන් වහන්සේ හිමවතට පිවිස පලඟ බැඳ වැඩහුන් සේක.
Pali BJT209. තත්ථ’ද්දසාසිං{6} සම්බුද්ධං සප්පභාසං මනොරමං, ඉන්දීවරං’ව ජලිතං ආදිත්තං’ව හුතාසනං.
Sinhala BJT209. දිලියෙන මහනෙල්මලක් මෙන් ද ආලොකවත් ගින්නක් මෙන් ද මනහර ප්‍රභා සහිත වූ බුදුරජානන් වහන්සේ එහි දී දිටිමි.
Pali BJT210. ජලන්තං දීපරුක්ඛං’ව විජ්ජුං’ව ගගනෙ{7} යථා, සුඵුල්ලං සාලරාජා ව අද්දසං ලොකනායකං.
Sinhala BJT210. දිලියෙන පහන් රුකක් මෙන් ද, අහසෙහි විදුලිය මෙන් ද මනා ව පිපී ගිය සල්රුකක් මෙන් ද බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT211. අයං නාගො මහාවීරො දුක්ඛස්ස’න්තකරො මුනි, ඉමං දස්සනමාගම්ම සබ්බදුක්ඛා{8} පමුච්චරෙ.
Sinhala BJT211. මේ “අග” සඞ්ඛ්‍යාත පව් නැති මහාවීර වූ දුක් කෙළවර කරන්නා වූ බුදුරජානන් වහන්සේ ය. මේ දර්‍ශනය ලැබ සියල්ලෝ දුකින් මිදෙත්.
Pali BJT212. දිස්වාන’හං දෙවදෙවං ලක්ඛණං උපධාරයිං, බුද්ධො නු ඛො න වා බුද්ධො හන්ද පස්සාමි{9} චක්ඛුමං.
Sinhala BJT212. මම දෙවියනට දෙවි වූ උන්වහන්සේ දැක “බුදු කෙනෙක් දෝ! බුදු කෙනෙක් නොවෙත් දෝ” යි ලක්‍ෂණ පරීක්‍ෂා කෙළෙමි. “ඒකාන්තයෙන් පසැස් ඇති උතුමෙකැ” යි දකිමි.
Pali BJT213. සහස්සාරානි චක්කානි දිස්සන්ති චරණුත්තමෙ, ලක්ඛණානි’ස්ස දිස්වාන නිට්ඨං ගච්ඡිං තථාගතෙ.
Sinhala BJT213. උතුම් ශ්‍රී පාදයෙහි දහසක් දැවි ඇති චක්‍ර ලක්‍ෂණයෝ පෙණෙත්. උන්වහන්සේගේ මහාපුරුෂලක්‍ෂණ දැක තථාගත බැව්හි නිශ්චයට පැමිණියෙමි.
Pali BJT214. සම්මජ්ජනිං ගහෙත්වාන සම්මජ්ජිත්වාන’හං තදා, අථ{1} පුප්ඵෙ සමානෙත්වා බුද්ධසෙට්ඨං අපූජයිං.
Sinhala BJT214. එකල්හි මම මුස්න ගෙණ හැමද මල් ගෙණවුත් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ පිදීමි.
Pali BJT215. පූජයිත්වාන සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං, එකංසං අජිනං කත්වා නමස්සිං ලොකනායකං.
Sinhala BJT215. චතුරෝඝයන් තරණය කළා වූ ආශ්‍රව රහිත වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ පුදා අඳුන්දිවිසම එකස් කොට ලෝකනායක වූ තථාගතයන් වහන්සේට නමස්කාර කෙළෙමි.
Pali BJT216. යෙන ඤාණෙන සම්බුද්ධො විහරිත්ථ{2} අනාසවො, තං ඤාණං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT216. ආශ්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ සම ඤාණයකින් යුක්ත ව වැඩවිසූ සේක් නම්, ඒ ඤාණය කියන්නෙමි. කියන්නා වූ මාගේ ඒ වචනය අසවු.
Pali BJT217. සමුද්ධරසි’මං ලොකං සයම්භූ අමිතොදය, තව දස්සනමාගම්ම කඞ්ඛාසොතං තරන්ති තෙ.
Sinhala BJT217. අමිතෝදය වූ හෙවත් අපමණ වූ දියුණුව ඇති බුදුරජානන් වහන්ස, මේ ලෝකවාසී සත්‍වයා නඟාලුව මැනව. ඔවුහු ඔබවහන්සේගේ දර්‍ශනය නිසා සැකය නැමැති සැඩපහර තරණය කෙරෙත්.
Pali BJT218. තුවං සත්ථා ච කෙතූ ච ධජො යූපො ච පාණිනං, පරායණො පතිට්ඨා ච දීපො ච දිපදුත්තමො.
Sinhala BJT218. ඔබවහන්සේ ලෝකයාට ශාස්තෘ වනසේක. උතුම්බැවින් ජයකොඩිය ද වනසේක. (ප්‍රකටාර්‍ත්‍ථයෙන්) ධ්වජය ද වනසේක. (යාග) ස්තම්භය ද වනසේක. උතුම් වූ පිහිට ද වනසේක. මොහඳුර නසන ප්‍රදීපය ද වනසේක. දෙපා ඇතියනට උතුම් ද වනසේක.
Pali BJT219. සක්කා සමුද්දෙ උදකං{3} පමෙතුං ආළ්හකෙන වා, න ත්වෙව තව සබ්බඤ්ඤූ ඤාණං සක්කා පමෙතවෙ.
Sinhala BJT219. සමුදුරෙහි ජලය නැළියකින් හෝ මිනුමට හැකි වුව ද ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය මිනුමට නො හැක්කේ මැයි.
Pali BJT220. ධාරෙතුං පඨවිං සක්කා ඨපෙත්වා තුලමණ්ඩලෙ, න ත්වෙව තව සබ්බඤ්ඤුඤාණං සක්කා ධරෙතවෙ.
Sinhala BJT220. පොළොව තරාදිතටුවක තබා දරනු හැකි වුව ද ඔබවහන්සේගේ සර්‍වඥතාඥානය දරන්නට නො හැක්කේ මැ යි.
Pali BJT221. ආකාසං මිනිතුං සක්කා රජ්ජුයා අඞ්ගුලෙන වා, න ත්වෙව තව සබ්බඤ්ඤුඤාණං සක්කා පමෙතවෙ.
Sinhala BJT221. අහස රැහැනකින් හෝ අඟලෙන් හෝ මිනිය හැකි වුව ද ඔබවහන්සේගේ සර්‍වඥතාඥානය පමණ කරණු නො හැක්කේ මැයි.
Pali BJT222. මහාසමුද්දෙ උදකං පඨවිං චා’ඛිලං ජහෙ{4}, බුද්ධඤාණං උපාදාය උපමාතො{5} න යුජ්ජරෙ.
Sinhala BJT222. බුද්ධඥානය තෙම මහසමුදුරෙහි අපමණ වූ ජලය ද, අපමණ වූ මහ පොළොව ද, ඉක්මවා යයි. බුදු නැණ හා සම කරන්නට උපමාවශයෙන් (කිසිවක්) නො යෙදේ.
Pali BJT223. සදෙවකස්ස ලොකස්ස චිත්තං යෙසං{6} පවත්තති. අන්තොජාලීකතා{7} එතෙ තව ඤාණම්හි චක්ඛුම.
Sinhala BJT223. පසැස් ඇතියානන් වහන්ස, දෙවියන් සහිත ලෝකයෙහි යම් පමණ සත්‍වකෙනෙකුන් පිළිබඳ ව සිත පවතී නම් එපමණ වූ මේ සත්‍ව සමූහයා ඔබ වහන්සේගේ නුවණ නමැති දැලෙහි ඇතුළට පිවිසියාහු වෙති.
Pali BJT224. යෙන ඤාණෙන පත්තොසි කෙවලං බොධිමුත්තමං, තෙන ඤාණෙන සබ්බඤ්ඤූ මද්දසි පරතිත්ථියෙ.
Sinhala BJT224. සර්‍වඥයන් වහන්ස, ඔබ වහන්සේ යම් නුවණක් කරණ කොට ගෙණ හුදු උතුම් වූ සම්‍යක්සම්බෝධියට පැමිණියාහු ද එම ඤාණය කරණ කොට ගෙණ අන්‍ය තීර්‍ත්‍ථකයන් මඩින්නෙහි ය.
Pali BJT225. ඉමා ගාථා ථවිත්වාන{8} සුරුචී නාම තාපසො, අජිනං පත්ථරිත්වාන පඨවියං නිසීදි සො.
Sinhala BJT225. ඒ ‘සුරුචි’ නම් තවුස් තෙමේ{*} මෙම ගාථාවන්ගෙන් (උන්වහන්සේට) ස්තුති කොට පොළොවෙහි අඳුන්දිවිසම එලා හිඳ ගත්තේ ය.
Pali BJT226. චුල්ලාසීතිසහස්සානි අජ්ඣොගාළ්හො මහණ්ණවෙ, අච්චුග්ගතො තාවදෙව ගිරිරාජා පවුච්චති.
Sinhala BJT226. මේරූ පර්‍වතරාජයා මහසමුදුරෙහි යොදුන් අසූසාරදහසක් ඇතුළට බැසගත්තේ එපමණ ම (යොදුන් අසූසාරදහසක්) සමුදුරෙන් උඩට නැග ඇත්තේ ය යි කියනු ලැබේ.
Pali BJT227. තාව අච්චුග්ගතො නෙරූ ආයතො විත්ථතො ච සො, චුණ්ණිතො අණුභෙදෙන කොටිසතසහස්සසො{1}
Sinhala BJT227. දිගුපුළුලිනුදු එපමණ ම උඩට නැගුනු මේරුපර්‍වතය කෙළලක්‍ෂ ගණනින් අණුභේදයෙන් සුණු කරණ ලද්දේ–
Pali BJT228. ලක්ඛෙ ඨපියමානම්හි පරික්ඛයමගච්ඡථ, න ත්ථෙව තව සබ්බඤ්ඤූ ඤාණං සක්කා පමෙතවෙ{2}.
Sinhala BJT228. (එම අණු) ලක් (=අලගු) තබන කල්හි දු ක්‍ෂය වීමට පැමිණියයි. ඔබ වහන්සේගේ සර්‍වඥතාඥානය ප්‍රමාණ කරන්නට නො හැක්කේ මැ යි.
Pali BJT229. සුඛුමච්ඡිකෙන ජාලෙන උදකං යො පරික්ඛිපෙ, යෙ කෙචි උදකෙ පාණා අන්තොජාලීකතා සියුං.
Sinhala BJT229. යමෙක් සියුම් ඇස් (=සිදුරු) ඇති දැලකින් දිය වට කරන්නේ ද, එවිට ජලයෙහි යම් කිසි ප්‍රාණි කෙනෙක් වෙත් නම්, (ඔහු) එම දැල තුළට වදින්නාහු ය.
Pali BJT230. තථෙව හි මහාවීර යෙ කෙචි පුථු තිත්ථියා, දිට්ඨිගහනපක්ඛන්තා{3} පරාමාසෙන මොහිතා.
Sinhala BJT230. මහාවීරයන් වහන්ස, එසේ ම යම් කිසි පෘථග්ජන තීර්‍ත්‍ථක කෙනෙක් දෙසැට මිසදිටු නමැති දැලට පිවිසියාහු දෘෂ්ටිපරාමර්‍ශනයෙන් මුළා වූවාහු වෙද්ද.
Pali BJT231. තව සුද්ධෙන ඤාණෙන අනාවරණදස්සිනා, අන්තොජාලගතා{4} එතෙ ඤාණං තෙ නාතිවත්තරෙ.
Sinhala BJT231. ආවරණයක් නැති ව දක්නාසුලු වූ පිරිසිදු නුවණින් තෙල තීර්‍ත්‍ථකයෝ ඔබ වහන්සේගේ නුවණ දැල තුළට පිවිස්වන ලදහ. ඔවුහු ඔබ නැණ නො ඉක්මවත්.
Pali BJT232. භගවා තම්හි සමයෙ අනොමදස්සී මහායසො, වුට්ඨහිත්වා සමාධිම්හා දිසං ඔලොකයී ජිනො.
Sinhala BJT232. පස්මරුන් දිනූ මහා යශස් ඈති අනවමදර්ශී නම් භාග්‍යවතුන් වහන්සේ එසමයෙහි සමාධියෙන් නැගිට දිශාවලෝකනය කළසේක.
Pali BJT233. අනොමදස්සීමුනිනො නිසභො නාම සාවකො, පරිවුතො සතසහස්සෙහි සන්තචිත්තෙහි තාදිහි.
Sinhala BJT233-234. අනවමදර්ශී නම් බුදුරජානන් වහන්සේගේ නිසභ නම ශ්‍රාවක තෙමේ සන්සිඳුනු සිත් ඇති (අටලෝ දහම්හි නො සැලෙන) තාදිගුණ යුත් ශුද්ධ වූ ෂඩභිඥා ඇති ධ්‍යාන කරණ සුලු වූ ලක්‍ෂගණන් රහතුන් විසින් පිරිවරණ ලදුයේ බුදුරජානන් වහන්සේගේ සිත දැන ඒ ලෝකනායකයන් වහන්සේ වෙත එළඹියේ ය.
Pali BJT234. ඛීණාසවෙහි සුද්ධෙහි ඡළභිඤ්ඤෙහි ඣායිහි{5}, චිත්තමඤ්ඤාය බුද්ධස්ස උපෙසි{6} ලොකනායකං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT235. අන්තලික්ඛෙ ඨිතා තත්ථ පදක්ඛිණමකංසු තෙ, නමස්සන්තා පඤ්ජලිකා ඔතරුං බුද්ධසන්තිකෙ.
Sinhala BJT235. එහි අහසෙහි සිටියා වූ උන්වහන්සේලා (බුදුරජානන් වහන්සේ) ප්‍රදක්‍ෂිණා කළාහු ය. බදැඳිලි ඇති ව නමදිමින් සර්‍වඥයන් වහන්සේ වෙතට බැස්සාහු ය.
Pali BJT236. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, භික්ඛුසඞ්ඝෙ{7} නිසීදිත්වා සිතං පාතුකරී ජිනො.
Sinhala BJT236. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පස්මරුන් දිනුවා වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා අතර වැඩහිඳ සිනා පහළ කළසේක.
Pali BJT237. වරුණො නාමු’පට්ඨාකො සබ්බඤ්ඤුස්ස මහෙසිනො{8}, එකංසං චීවරං කත්වා අපුච්ඡි ලොකනායකං.
Sinhala BJT237. මහර්ෂි වූ සර්‍වඥයන් වහන්සේගේ ‘වරුණ’ නම් උපස්ථායක තෙමේ සිවුර එකස් කොට ගෙණ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ගෙන් මෙසේ විචාළේ ය:
Pali BJT238. “කො නු ඛො භගවා හෙතු සීතකම්මස්ස සත්ථුනො? න හි බුද්ධා අහෙතූ හි සීතං පාතුකරොන්ති තෙ.”
Sinhala BJT238. ‘භාග්‍යවතුන් වහන්ස, ශාස්තෘ වූ ඔබ වහන්සේගේ සිනා පහළ කිරීමට හේතුව කුමක් ද? ඒ සර්‍වඥ බුදුවරයෝ කරුණු රහිත ව සිනා පහළ නො කරති.’
Pali BJT239. අනොමදස්සී භගවා ලොකජෙට්ඨො නරාසභො, සඞ්ඝමජ්ඣෙ{9} නිසීදිත්වා ඉමං ගාථමභාසථ.
Sinhala BJT239. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අනවමදර්ශි භාග්‍යවතුන් වහන්සේ සංඝයා මැද හිඳ මෙ ම ගාථාව වදාළසේක:-
Pali BJT240. ‘යො මං පුප්ඵෙන පූජෙසි ඤාණඤ්චාපි අනුත්ථවි, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.’
Sinhala BJT240. ‘යම් තවුසෙක් තෙම මා මලින් පිදී ද, මාගේ (සර්‍වඥතා) ඥානයට නැවත නැවත ස්තුති කෙළේ ද, ඒ තවුසා (කවරෙක් දැයි) මම තොපට පැහැදිලි කරන්නෙමි. පවසන්නා වූ මාගේ වචනය අසවු.’
Pali BJT241. බුද්ධස්ස ගිරමඤ්ඤාය සබ්බෙ දෙවා සමාගතා, සද්ධම්මං සොතුකාමා තෙ සම්බුද්ධං උපසඞ්කමුං.
Sinhala BJT241. බුදුරජානන් වහන්සේගේ වචනය දැන සියලු දෙවියෝ එක් වූහ. සද්ධර්‍මය අසනු කැමැත්තා වූ ඔහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.
Pali BJT242. දසසු{1} ලොකධාතූසු දෙවතා යා{2} මහිද්ධිකා, සද්ධම්මං සොතුකාමා තෙ සම්බුද්ධං උපසඞ්කමුං.
Sinhala BJT242. දසදහස්සක්වළ මහර්ධි ඇති යම් දේවතාවෝ වෙත් ද, ඔහු සද්ධර්‍මය අසනු කැමැත්තාහු බුදුරජානන් වහන්සේ වෙත එළඹියාහු ය.
Pali BJT243. “හත්ථි අස්සා රථා පත්ති සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති ‘මං{3} නිච්චං බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT243. ඇත්, අස්, රිය, පාබළ යන සිවුරඟ සෙනග නිතර මොහු පිරිවරාගන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ ඵලය යි.
Pali BJT244. සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, උපට්ඨිස්සන්ති’මං{4} නිච්චං බුද්ධපූජායි’දං ඵලං.
Sinhala BJT244. සැට දහසක් තූර්‍ය්‍යයෝ ද අලඞ්කාර, කළ භේරීහු ද, මොහුට නිතර (වැයීමෙන්) උවටැන් කරන්නාහු ය. මෙය බුද්ධපූජාවෙහි ඵලය යි.
Pali BJT245. සොළසිත්ථිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
Sinhala BJT245-246. මැනවින් අලඞ්කාර කරණලද විසිතුරු අබරණ ඇත්තා වූ එල්බනලද මිණිකොඬොල් ඇත්තා වූ දිග ඇසිපිහාටු ඇත්තා වූ සිනා සහිත වූ මනා වූ ශරීරාවයව ඇති සිහින් කටිප්‍රදේශ ඇති සොළොස් දහසක් ස්ත්‍රීහු නිරතුරු ව ම මොහු පිරිවරන්නාහු ය. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT246. අළාරපම්හා හසුලා{5} සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති’මං{3} නිච්චං බුද්ධපූජායි’දං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT247. කප්පසතසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං චක්කවත්තී රාජා රට්ඨෙ භවිස්සති.
Sinhala BJT247. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලෙව්හි සිත් අලවා වසන්නේ ය. දහස්වරක් රටෙහි සක්විති රජවන්නේ ය.
Pali BJT248. සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT248. ශක්‍රදේවේන්‍ද්‍ර ව දහස්වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. (කරන්නා වූ) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් විසින් අපමණ ය.
Pali BJT249. පච්ඡිමභවෙ සම්පත්තෙ{6} මනුස්සත්තං ගමිස්සති, බ්රාහ්මණී ‘සාරියා’ නාම ධාරයිස්සති කුච්ඡිනා.
Sinhala BJT249. අන්තිම (රහත් වන) භවය පැමිණිකල්හි මිනිසත්බවට පැමිණෙන්නේ ය. “සාරී” නම් බැමිණියගේ කුසින් දරන්නී ය.
Pali BJT250. මාතුයා නාමගොත්තෙන පඤ්ඤායිස්සත’යං නරො, සාරිපුත්තො’ති නාමෙන තික්ඛපඤ්ඤො භවිස්සති.
Sinhala BJT250. මේ තැනැත්තේ මවගේ නාමගෝත්‍රයෙන් ප්‍රකට වන්නේ ය. නාමයෙන් ශාරීපුත්‍ර නම් වූ තීක්‍ෂණප්‍රඥා ඇත්තෙක් වන්නේ ය.
Pali BJT251. අසීතිකොටී{7} ඡඩ්ඩෙත්වා පබ්බජිස්සත’කිඤ්චනො, ගවෙසන්තො සන්තිපදං චරිස්සති මහිං ඉමං.
Sinhala BJT251. අසුකෙළක් (ධනය) හැරදමා අකිඤ්චන (=ධනය නැත්තෙක්) ව පැවිදි වන්නේ ය. මොක්‍ෂපදය සොයමින් මේ පෘථිවියෙහි හැසිරෙන්නේ ය.
Pali BJT252. අපරිමෙය්යෙ{8} ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT252. මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් මතුයෙහි “ඔක්කාක” කුලයෙහි උපදින ගෝත්‍රයෙන් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන සේක.
Pali BJT253. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සාරිපුත්තො ‘ති නාමෙන හෙස්සති අග්ගසාවකො.
Sinhala BJT253. උන්වහන්සේගේ ධර්‍මය දායාද්‍යයකොට ඇති ඖරස බුද්ධපුත්‍ර වූ ධර්‍මයෙන් ම මවාලූවාක් වැනි වූ නමින් ශාරීපුත්‍ර නම් වූ අග්‍රශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT254. අයං භාගීරථී{9}ගඞ්ගා හිමවන්තා පභාවිතා, මහාසමුද්දමප්පෙති තප්පයන්ති මහොදධිං.
Sinhala BJT254. හිමවතින් පටන් ගත් මේ ‘භාගීරථී” ගඞ්ගා තොමෝ මහ සමුදුර පුරවමින් සයුරට පැමිණෙන්නී ය.
Pali BJT255. තථෙවා ‘යං සාරිපුත්තො සකෙ තීසු{10} විසාරදො, පඤ්ඤාය පාරමිං ගන්ත්වා තප්පයිස්සති පාණිනො.
Sinhala BJT255. එසේ ම මේ ශාරීපුත්‍රතෙමේ ස්වකීය (කුලපරම්පරාවෙහි පවත්නා වූ) ත්‍රිවේදයෙහි විශාරද වූයේ ප්‍රඥාවෙන් ශ්‍රාවකපාරමීඥානයෙහි තෙරට ගොස් (සියලු) සත්‍ත්‍වයන් සන්තර්‍පණය කරන්නේ ය.
Pali BJT256. හිමවන්තං උපාදාය සාගරඤ්ච මහොදධිං, එත්ථ’න්තරෙ යං පුලිනං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT256. හිමාලපර්‍වතයෙහි පටන් මහා ජලස්කන්‍ධය දරන්නා වූ සයුර තෙක් මේ අතරෙහි යම් පමණ වැලිරැසක් ඇද්ද, එ ද ගණන් වසයෙන් අසඞ්ඛ්‍ය වේ.
Pali BJT257. තම්පි සක්කා අසෙසෙන සඞ්ඛාතුං ගණනා යථා, න ත්වෙව සාරිපුත්තස්ස පඤ්ඤාය’න්තො භවිස්සති.
Sinhala BJT257. ඒ වැලිරැස ද සම්පූර්‍ණයෙන් ගිණිමෙන් මෙ පමණ ය යි ප්‍රමාණ කරන්නට හැකි වන්නේ නුමුදු ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.
Pali BJT258. ලක්ඛෙ ඨපියමානම්භි ඛීයෙ ගඞ්ගාය වාලුකා, න ත්වෙව සාරිපුත්තස්ස පඤ්ඤාය’න්තො භවිස්සති.
Sinhala BJT258. අලගු තබන කල්හි දු ගඞ්ගා නම් නදියෙහි වැලි අවසන් වන්නේ ය. ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ මැ යි.
Pali BJT259. මහාසමුද්දෙ ඌමියො ගණනාතො අසඞ්ඛියා, තථෙව සාරිපුත්තස්ස පඤ්ඤාය’න්තො න හෙස්සති.
Sinhala BJT259. මහසයුරෙහි රළ ගණන් වශයෙන් මෙපමණයයි සඞ්ඛ්‍යා කළ හැකි නො වේ. එසේ ම ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේගේ ප්‍රඥාවෙහි කෙළවරක් නො වන්නේ ය.
Pali BJT260. ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, පඤ්ඤාය පාරමිං ගන්ත්වා හෙස්සති අග්ගසාවකො
Sinhala BJT260. ශාක්‍යකුල ශ්‍රේෂ්ඨ වූ ගෞතම සම්මා සම්බුදුරජාණනන් වහන්සේ සතුටු කොට ප්‍රඥාවෙන් ශ්‍රාවක පාරමීඥානයෙහි තෙරට ගොස් අග්‍රශ්‍රාවක යෙක් වන්නේ ය.
Pali BJT261. පවත්තිතං ධම්මචක්කං සක්යපුත්තෙන තාදිනා, අනුවත්තෙස්සතී සම්මා{1} වස්සෙන්තො{2} ධම්මවුට්ඨියො.
Sinhala BJT261. තාදිගුණ ඇති (=අටලෝ දහම්හි නො සැලෙන) (සර්‍වඥ වූ) ශාක්‍යපුත්‍රයන් වහන්සේ විසින් පවත්වනලද ධර්‍මචක්‍රය දහම්වැසි වස්වමින් මැනවින් ඒ අනු ව පවත්වන්නේ ය.
Pali BJT262. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා අග්ගට්ඨානෙ ඨපෙස්සති.
Sinhala BJT262. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතමබුදුරජානන් වහන්සේ මේ සියල්ල වෙසෙසින් නුවණින් දැන භික්‍ෂුසංඝයා මධ්‍යයෙහි හිඳ අග්‍රස්ථානයෙහි තබන්නේ ය.
Pali BJT263. අහො මෙ සුකතං කම්මං අනොමදස්සිස්ස සත්ථුනො, යස්සා’හං කාරං කත්වාන සබ්බත්ථ පාරමිං ගතො.
Sinhala BJT263. “අනවමදර්ශී” බුදුරජානන් වහන්සේගේ සමීපයෙහි මා විසින් පුණ්‍යකර්‍මයක් මැනවින් කරණ ලදි. ආශ්චර්‍ය්‍යයෙකි. ‘යම් ඒ අනවමදර්ශී නම් බුදුවරයෙක් වී ද, උන්වහන්සේ විෂයයෙහි එකී පුණ්‍යසම්භාරය කොට සකලගුණසමූහයෙහි පරතෙරට ගියේ වෙමි.
Pali BJT264. අපරිමෙය්යෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං.
Sinhala BJT264. අපමණ කලක් මුළුල්ලෙහි මා විසින් කරණ ලද කුශලකර්‍ම ඵලය මේ පශ්විමාත්මභාවයෙහි දී දැක්වී ය. දක්‍ෂ දුනුවායෙකු විදි හීයෙහි වේගය මෙන් සුමිදුනෙමි. මම කෙලෙස් දැවීමි.
Pali BJT265. අසඞ්ඛතං ගවෙසන්තො නිබ්බානං අචලං පදං, විචිනං තිත්ථියෙ සබ්බෙ තදා’හං සංසරිං භවෙ.
Sinhala BJT265. හේතුප්‍රත්‍යයයන්ගෙන් සකස් නො වූ නිශ්චල වූ නිර්‍වාණපදය සොයන්නෙම් සියලු තීර්‍ත්‍ථකයන් පරීක්‍ෂා කරන්නෙම් එකල්හි මම භවයෙහි සැරිසැරිමි.
Pali BJT266. යථාපි ව්යාධිතො පොසො පරියෙසෙය්ය ඔසධං, විචිනෙය්ය වනං{3} සබ්බං ව්යාධිතො පරිමුත්තියා.
Sinhala BJT266. ලෙඩකින් පෙළෙන්නා වූ පුරුෂයෙක් තෙම ලෙඩින් මිදීම පිණිස ඖෂධයක් සොයන්නේ යම්සේ සියලු වනය පරීක්‍ෂා කරන්නේ ද,
Pali BJT267. අසඞ්ඛතං ගවෙසන්තො නිබ්බානං අමතං පදං, අබ්බොකිණ්ණං{4} පඤ්චසතං පබ්බජිං ඉසිපබ්බජං.
Sinhala BJT267. (එසේ) අසංස්කෘත වූ අමෘතපදය වූ නිර්‍වාණය සොයන්නා වූ මම අවිච්ජින්න ව (=නො කඩ කොට පිළිවෙළින්) පන්සියයක් අත්බැව්හි ඍෂි ප්‍රවුජ්‍යාවෙන් පැවිදි වීමි.
Pali BJT268. ජටිභාරෙන භරිතො අජිනුත්තරනිවාසනො{5} අභිඤ්ඤාපාරමිං ගන්ත්වා බ්රහ්මලොකං අගච්ඡ’හං.
Sinhala BJT268. මම තවුස් දළමඬුලු බරින් බර වූයෙම් අඳුන්දිවිසමින් කළ උතුරුසළු පොරවන්නෙම් අභිඥාවන්ගේ පරතෙරට පැමිණ බඹලොවට ගියෙමි.
Pali BJT269. නත්ථි බාහිරකෙ{6} සුද්ධි ඨපෙත්වා ජිනසාසනං, යෙ කෙචි බුද්ධිමා සත්තා සුජ්ඣන්ති ජිනසාසනෙ.
Sinhala BJT269. බුදුසසුනෙහි හැර ඉන් පිට සසුනක ශුද්ධියක් නැත. බුද්ධිමත් වූ කිසියම් සත්ත්‍වකෙනෙක් වෙත් නම් ඔහු සර්‍වඥශාසනයෙහි දී පිරිසුදු වෙති.
Pali BJT270. අත්තකාරමයං{7} එතං නයිදං ඉතිහීතිහං,{8} අසඞ්ඛතං ගවෙසන්තො කුතිත්ථං සඤ්චරිං අහං.
Sinhala BJT270. එය (=ඒ පිරිසිදු වීම) ම විසින් කරණ ලද්දක් ම ය (=මගේ අත්දැකීමක් ම ය). ‘මෙය මෙසේ විය. මෙසේ වී ය’ යි කියන ආරංචියක් නො වේ. මම නිවණ සොයන්නෙම් වැරැදි තීර්‍ත්‍ථයන්හි හැසුරුනෙමි.
Pali BJT271. යථා සාරත්ථිකො පොසො කදලිං ඡෙත්වාන ඵාලයෙ, න තත්ථ සාරං වින්දෙය්ය සාරෙන රිත්තකො හි සො.
Sinhala BJT271. යම් සේ හර කැමැත්තා වූ පුරුෂයෙක් තෙම කෙසෙල්ගසක් කපා පළන්නේ ද, හෙතෙම එහි හරයක් නො ලබන්නේ ය. ඒ කෙසෙල්ගස හරයෙන් හිස් වූවක් ම ය.
Pali BJT272. තථෙව තිත්ථියා ලොකෙ නානාදිට්ඨි බහුජ්ජනා, අසඞ්ඛතෙන රිත්තා’සෙ{1} සාරෙන කදලී යථා.
Sinhala BJT272. එසේ ම ලෝකයෙහි තීර්‍ත්‍ථකයෝ ද නානාදෘෂ්ටි ගත් බොහෝ දෙන ද නිවණින් හිස් වූවෝ ම වෙති. හරයෙන් හිස් වූ කෙසෙල්ගස මෙනි.
Pali BJT273. පච්ඡිමභවෙ සම්පත්තෙ{2} බ්රහ්මබන්ධු අහොස’හං, මහාභොගං{3} ඡඩ්ඩයිත්වා පබ්බජිං අනගාරියං.
Sinhala BJT273. අන්තිමජාතියෙහි මම බ්‍රාහ්මණකුලයෙහි උපන්නෙක් වීමි. මහත් වූ භෝගස්කන්‍ධය හැර අනගාර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
Pali BJT(පඨමභාණවාරං)
Sinhala BJT(පළමුවැනි බණවර යි.)
Pali BJT274. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගූ, බ්රාහ්මණො සඤ්ජයො නාම තස්ස මූලෙ වසාමහං.
Sinhala BJT274. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ ත්‍රිවේදයෙහි පරතෙරට ගිය සඤ්ජය නම් බමුණෙක් වි ය. මම ඔහුගේ සමීපයෙහි වසමි.
Pali BJT275. සාවකො තෙ මහාවීර අස්සජි නාම බ්රාහ්මණො, දුරාසදො උග්ගතෙජො පිණ්ඩාය චරතී තදා.{4}
Sinhala BJT275. මහාවීරයන් වහන්ස, “අස්සජි” නම් බ්‍රාහ්මණ තෙම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙක් වි ය. එකල්හි ලං විය නො හැක්කා වූ උග්‍ර වූ තේජස් ඇති උන්වහන්සේ පිඬු පිණිස හැසිරෙණ සේක.
Pali BJT276. තමද්දසාසිං{5} සප්පඤ්ඤං මුනිං මොනෙ සමාහිතං, සන්තචිත්තං මහානාගං සුඵුල්ලං පදුමං යථා.
Sinhala BJT276. මැනවින් පිපි පියුමක් වැනි වූ අතිශ්‍රේෂ්ඨ වූ සන්සුන් සිත් ඇති සප්‍රාඥ වූ මෞන ධර්‍මවිෂයයෙහි එකඟ සිත් ඇති ඒ අස්සජි ස්ථවිරයන් වහන්සේ දුටුවෙමි.
Pali BJT277. දිස්වා මෙ චිත්තමුප්පජ්ජි{6} සුදන්තං සුද්ධමානසං, උසභං පවරං වීරං අරහා’යං භවිස්සති.
Sinhala BJT277. මනා ව දැමුනා වූ පිරිසිදු සිත් ඇති ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ වීර වූ උන්වහන්සේ දැක හෙතෙම රහත් කෙනෙක් වන්නේ ය යි මට සිතක් උපන.
Pali BJT278. පාසාදිකො ඉරීයති අභිරූපො සුසංවුතො, උත්තමෙ දමථෙ දන්තො අමතදස්සි{7} භවිස්සති.
Sinhala BJT278. දුටුවන් පහදවන්නේ ඉරියවු පවත්වයි. මනා රූ ඇත්තේ ය. සංවරණය කළ ඉඳුරන් ඇත්තේ ය. උතුම් දමනයෙන් දැමුනේ ය. නිවන් දක්නාසුලු වූවෙක් වන්නේ ය.
Pali BJT279. යන්නූනා’හං උත්තමත්ථං පුච්ඡෙය්යං තුට්ඨමානසං, සො මෙ පුට්ඨො කථෙස්සති පටිපුච්ඡාම’හං තදා.
Sinhala BJT279. මම සතුටු සිත් ඇති උන්වහන්සේගෙන් (තමන් වහන්සේ පැමිණ සිටින) උතුම් ඵලය ගැන විචාරන්නෙම් නම් ඉතා යෙහෙකි. මා විසින් විචාරණ ලද හෙතෙම එය කියන්නේ ය. එකල්හි මම නැවත විචාරමි.
Pali BJT280. පිණ්ඩපාතං{8} චරන්තස්ස පච්ඡතො අගමාස’හං, ඔකාසං පටිමානෙන්තො පුච්ඡිතුං අමතං පදං.
Sinhala BJT280. මම අමෘතපදය ගැණ විචාරන්නට අවසරයක් බලමින් පිඬු පිණිස හැසිරෙන්නා වූ උන්වහන්සේ පසුපස ගියෙමි.