Pali BJT2163. කණිකාරං’ව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, අප්පමෙය්යං’ව උදධිං විත්ථතං{1} ධරණිං යථා.
Sinhala BJT2163-2164. පර්‍වත අතුරෙහි (පිපුනු) කිණිහිරි රුකක් මෙන් බබලන වැඩහුන්නා වූ පමණ කළ නො හැකි (ජලය ඇති) සයුර මෙන් අපමණ ගුණ ඇති පැතුරුණා වූ පොළොව මෙන් නිශ්චල අතිශ්‍රේෂ්ඨ ආජානීයයකු මෙන් දිව්‍යසමූහයා විසින් පුදන ලද (සිඛී බුදුරජුන්) දිටිමි. (දැක) සොම්නස් වූයෙම් සතුටු සිතින් නරෝත්තම වූ උන්වහන්සේ වෙත එළඹියෙමි.
Pali BJT2164. පූජිතං{2} දෙවසඞ්ඝෙන නිසභාජානියං යථා, හට්ඨො හට්ඨෙන චිත්තෙන උපගච්ඡිං නරුත්තමං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2165. සත්ත පුප්ඵානි පග්ගය්හ කොටුම්බරසමාකුලං, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJT2165. කොටුම්බර නම් වස්ත්‍ර වර්‍ගයෙහි ගැවසී තුබුනු මල් සතක් ගෙණ ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට පූජා කෙළෙමි.
Pali BJT2166. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං{3}, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2166. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2167. ඉතො වීසතිකප්පම්හි මහානෙලසනාමකො, එකො ආසිං{4} මහාතෙජො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2167. මෙයින් විසිවැනි කපෙහි මහත් බල ඇති මහානෙල නම් මහාතේජස් ඇති එක් සක්විතිරජෙක් වීමි.
Pali BJT2168. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2168. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කොටුම්බරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කොටුම්බරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකොටුම්බරියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTකොටුම්බරියස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT184. පඤ්චහත්ථියත්ථෙරාපදානං.
Sinhala BJT184. පඤ්චහත්‍ථිය ස්ථවිරාවදානය
Pali BJT2169. තිස්සො නාමාසි භගවා ලොකජෙට්ඨො නරාසභො, පුරක්ඛතො සාවකෙහි රථියං පටිපජ්ජථ.
Sinhala BJT2169. ලොවට දෙටු වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් වූ තිස්ස නම් බුදුවරයෙක් විය. (උන්වහන්සේ) සව්වන් විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
Pali BJT2170. පඤ්ච උප්පලහත්ථා ච චතුරො ඨපිතා මයා, ආහුතිං දාතුකාමොහං පග්ගණ්හිං වතසිද්ධියා{5}.
Sinhala BJT2170. මා විසින් උපුල්මල් මිටි පසක් ද හතරක් ද (හෙවත් උපුල් මිටි නවයක්) තබන ලදී. මම (ඒ මල්) ව්‍රතසිද්ධිය සඳහා බුදුරජුන්හට දෙනු කැමැත්තෙම් (තුබූ තැනින්) ගතිමි.
Pali BJT2171. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අන්තරාපණෙ, බුද්ධරංස්යාභිඵුට්ඨොම්භි{6} පූජෙයිං දිපදුත්තමං.
Sinhala BJT2171. ඇතුළු වීථියෙහි ගමන් කරන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජුන් (දිටිමි). මම බුදුරැසින් මැනවින් පහස්නා ලද්දෙම් ද වෙමි. ද්විපදෝත්තම වූ ඒ බුදුරජුන් පිදීමි.
Pali BJT2172. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2172. මෙයින් දෙයානූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2173. ඉතො තෙරසකප්පම්භි පඤ්චාසූසභසම්මතා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2173. මෙයින් තෙළෙස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උසභ නම් වූ පස් සක්විති කෙනෙක් වූහ.
Pali BJT2174. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2174. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පඤ්චහත්ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපඤ්චහත්ථියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTපඤ්චහත්‍ථියස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT185. ඉසිමුග්ගදායකත්ථෙරාපදානං.
Sinhala BJT185. ඉසිමුග්ගදායක ස්ථවිරාවදානය
Pali BJT2175. උදෙන්තං සතරංසිං’ව සිතරංසිං’ව{1} භානුමං, කකුධං විලසන්තං’ව පදුමුත්තරනායකං.
Sinhala BJT2175. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, (උදා වූ) අතිශයින් දීප්ත රැස් ඇති හිරු මෙන් ද, මල්ගෙඩිදලුවලින් හොබනා කුඹුක්ගසක් මෙන් ද බබලන්නා වූ පදුමුත්තර බුදුරජුන් (දිටිමි.)
Pali BJT2176. ඉසිමුග්ගානි පිංසෙත්වා{2} මධුඛුද්දෙ අනීළකෙ, පාසාදෙ’ව ඨිතො සන්තො අදාසිං ලොකබන්ධුනො.
Sinhala BJT2176. ඍෂිමුද්ග (ඍෂීන් පරිභෝග කරණ මුං) අඹරා නිමැසි (මැස්සන් නැති) ඛුද්දක මධු (කණමී) ද (ගෙණ) පහයෙහි සිටියෙම් ම ලෝකබන්‍ධු වූ බුදුරජුන්හට දුනිමි.
Pali BJT2177. අට්ඨසතසහස්සානි අහෙසුං බුද්ධසාවකා, සබ්බෙසං පත්තපූරං තං{3} තතො චාපි බහුත්තරං.
Sinhala BJT2177. එහි අටලක්‍ෂයක් බුද්ධශ්‍රාවකයෝ වූහ. ඒ මුං හා මී ඒ හැමදෙනා වහන්සේගේ ම පාත්‍ර පුරාසිටියේ එයිනුදු වැඩිතරම් විය.
Pali BJT2178. තෙන චිත්තප්පසාදෙන සුක්කමූලෙන චොදිතො, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2178. ඒ චිත්තප්‍රසාදය හේතුකොටගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි (මම) දුගතියක නො උපනිමි.
Pali BJT2179. චත්තාරීසම්හි සහසෙස කප්පානං අට්ඨතිංස තෙ, ඉසිමුග්ගසනාමා තෙ{4} චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2179. සතළිස් දහස්වන කපෙහි මහත් බල ඇති ඉසිමුග්ග නම් වූ ඒ අටතිස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2180. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2180. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඉසිමුග්ගදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඉසිමුග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඉසිමුග්ගදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඉසිමුග්ගදායකස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT186. බොධිඋපට්ඨාකත්ථෙරාපදානං.
Sinhala BJT186. බෝධිඋපට්ඨාක ස්ථවිරාවදානය
Pali BJT2181. නගරෙ රම්මවතියා ආසිං මුරජවාදකො, නිච්චුපට්ඨානයුත්තො’ම්භි ගතොහං බොධිමුත්තමං.
Sinhala BJT2181. මම අමරවතී නගරයෙහි මිහිඟුබෙර වයන්නෙක් වීමි. මම උතුම් බෝධිය වෙතට ගියෙම් නිතර උවටැනෙහි යෙදුනෙම් වෙමි.
Pali BJT2182. සායං පාතං උපට්ඨිත්වා සුක්කමූලෙන චොදිතො, අට්ඨාරසකප්පසතෙ දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2182. උදය සවස එළඹ (උවටැන් කොට) ඒ කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් එක්දහස් අටසිය කපක් මම දුගතියෙක නො උපනිමි.
Pali BJT2183. පඤ්චදසෙ{5} කප්පසතෙ ඉතො ආසිං ජනාධිපො, මුරජො{6} නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2183. මෙයින් එක්දහස් පන්සිය වන කපෙහි ජනාධිපති වූ මහත් බල ඇති මුරජ නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT2184. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2184. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බොධිඋපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිඋපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබොධිඋපට්ඨාකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTබෝධිඋපට්ඨාකස්ථවිරාවදානය සවැනියි.
Pali BJT187. එකචින්තිකත්ථෙරාපදානං.
Sinhala BJT187. ඒකචින්තික ස්ථවිරාවදානය
Pali BJT2185. යදා දොවො දෙවකායා චවතෙ ආයුසඞ්ඛයා, තයො සද්දා නිච්ඡරන්ති දෙවානං අනුමොදතං.
Sinhala BJT2185. යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුත වේ ද, (එකල්හි) අනුමෝදනය කරන්නා වූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිට ව යෙත්. (කෙසේ ද යත්:)
Pali BJT2186. ඉතො භො සුගතිං ගච්ඡ මනුස්සානං සහව්යතං, මනුස්සභූතො සද්ධම්මෙ ලභ සද්ධමනුත්තරං{7}.
Sinhala BJT2186. “පින්වත, මෙයින් ච්‍යුත ව මනුෂ්‍යයන්ගේ සහභාවය වූ සුගතියට යනු මැනව. මිනිස් ව සසුනෙහි උතුම් වූ ශ්‍රද්ධාව ලබව.
Pali BJT2187. සා තෙ සද්ධානිවිට්ඨාස්ස{1} මූලජාතා පතිට්ඨිතා, යාවජීවං අසංහීරා සද්ධම්මෙ සුප්පවෙදිතෙ.
Sinhala BJT2187. “තාගේ ඒ ශ්‍රද්ධා තොමෝ මනා සේ පවසන ලද සද්ධර්‍මයෙහි බැසගත්තී හටගත් මුල් ඇත්තී මැනවින් පිහිටියා දිවි ඇතිතාක් නිශ්චල වේවා.
Pali BJT2188. කායෙන කුසලං කත්වා වාදාය කුසලං බහුං, මනසා කුසලං කත්වා අව්යාපජ්ඣං{2} නිරූපධිං.
Sinhala BJT2188. කයින් ද, වචනයෙන් ද, සිතින් ද, බොහෝ කුසල් කොට නිදුක් වූ (ක්ලේශෝපාධි රහිත බැවින්) පිරිසිදු වූ -
Pali BJT2189. තතො ඔපධිකං පුඤ්ඤං කත්වා දානෙන තං බහුං, අඤ්ඤෙපි මච්චෙ සද්ධම්මෙ බ්රහ්මචරියෙ නිවෙසය.
Sinhala BJT2189. (ආත්මභාව සම්පත් හා භවභෝග සම්පත් උපදනා) ඔපධික වූ ඒ බොහෝ කුසල් ද කොට පරිත්‍යාගයෙන් යුතු ව අනෙක් මිනිසුන් ද බ්‍රහ්මචර්‍ය්‍ය සඞ්ඛ්‍යාත සද්ධර්‍මයෙහි පිහිටුවනු මැනව” කියා යි.
Pali BJT2190. ඉමාය අනුකම්පාය දෙවා දෙවං යදා විදූ, චවන්තං අනුමොදන්ති එහි දෙවපුරං පුන{3}.
Sinhala BJT2190. යම් කලෙක නුවණැති දෙවිවරු චුත වන්නා වූ දෙවියා දැන ගණිත් ද “දෙව්පුරයට නැවත එනු මැනවැ” යි කියා මේ අනුකම්පාවෙනුදු අනුමෝදනය කෙරෙත්.
Pali BJT2191. සංවෙගො මෙ{4} තදා ආසි දෙවසඞ්ඝෙ සමාගතෙ, කං සු නාම අහං යොනිං ගමිස්සාමි ඉතො චුතො.
Sinhala BJT2191. දිව්‍ය සමූහයා රැස් වූ එකල්හි මට සංවේගයෙක් ඇති විය. (කෙසේ ද? යත්:) “මම මෙයින් චුත ව කිනම් යොනියකට (උත්පත්ති වශයෙන්) යන්නෙම් ද” (කියා යි).
Pali BJT2192. මම සංවෙගමඤ්ඤාය සමණො භාවිතින්ද්රියො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT2192-2193. වඩන ලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම මාගේ දුක දැන මා ඒ දුකින් ගොඩනගනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය. එකල්හි ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සුමන නම් ශ්‍රාවක තෙම අර්‍ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනා කොට මා සංවේගයට පත් කෙළේ ය.
Pali BJT2193. සුමනො නාම නාමෙන පදුමුත්තරසාවකො, අත්ථධම්මානුසාසිත්වා සංවෙජෙසි මමං තදා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT2194. තස්සා හං වචනං සුත්වා බුද්ධෙ චිත්තං පසාදයිං, තං ධීරමභිවාදෙත්වා තත්ථ කාලකතො අහං.
Sinhala BJT2194. මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්‍රාඥයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කලුරිය කෙළෙමි.
Pali BJT2195. උපපජ්ජිං ස තත්ථෙව සුක්කමූලෙන චොදිතො, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2195. ඒ මම එ කී කුශල මූලයෙන් මෙහෙයන ලදුයෙම් ඒ දෙව්ලොවෙහි උපනිමි. කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
Pali BJT2196. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2196. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකචින්තිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචින්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකචින්තිකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඒකචින්තිකස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT188. තිකණ්ණිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT188. තිකණ්ණිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2197. දෙවභූතො අහං සන්තො අච්ඡරාහි පුරක්ඛතො, පුබ්බකම්මං සරිත්වාන බුද්ධසෙට්ඨමනුස්සරිං.
Sinhala BJT2197. දෙවි වූ මම අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර කරණ ලද කර්‍මය සිහි කොට බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහිපත් කෙළෙමි.
Pali BJT2198. තිකණ්ණිපුප්ඵං පග්ගය්හ සකං චිත්තං පසාදිය{5}, බුද්ධම්හි අභිරොපෙසිං විපස්සිම්හි නරාසභෙ.
Sinhala BJT2198. සිහින් මිදිමල් තුණක් ගෙණ සිය සිත පහදවා නරර්‍ෂභ වූ විපස්සී බුදුරජුන් කෙරෙහි පිදීමි.
Pali BJT2199. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං{6}, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2199. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2200. තෙසත්තතිම්භිතො කප්පෙ චතුරාසුං රමුත්තමා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2200. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති රමුත්තම නම් සිවු සක්විතිරජ කෙනෙක් වූහ.
Pali BJT2201. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2201. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිකණ්ණිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකණ්ණිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිකණ්ණිපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTතිකණ්ණිපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT189. එකචාරියත්ථෙරාපදානං.
Sinhala BJT189. ඒකචාරිය ස්ථවිරාවදානය
Pali BJT2202. තාවතිංසෙසු දෙවෙසු මහාඝොසො තදා අහු, බුද්ධො ච ලොකෙ නිබ්බාති මයං චම්හ සරාගිනො.
Sinhala BJT2202. එකල්හි තව්තිසා වැසි දෙවියන් අතර මහත් ඝොෂයක් විය. (කෙසේ ද? යත්:) “බුදුරජානන් වහන්සේ ලෝකයෙහි පිරිනිවන් පානා සේක. අපිදු (මේ තාක් ම) රාග සහිතයෝ වමු” (කියා යි).
Pali BJT2203. තෙසං සංවෙගජාතානං සොකසල්ලසමඞ්ගිනං, සබලෙන උපත්ථද්ධො අගමං බුද්ධසන්තිකං.
Sinhala BJT2203. සංවේගයට පත් ශෝක නමැති උල් ඇනුනු ඒ (දෙවියන් අතුරෙන්) මම චිත්ත බලයෙන් දැඩි වූයෙම් බුදුරජුන් සමීපයට ගියෙමි.
Pali BJT2204. මන්දාරවං ගහෙත්වාන සණ්හිතං{1} අභිනිම්මිතං, පරිනිබ්බාණකාලම්භි බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2204. මවන ලද සියුම් වූ මදාරා (මල්) ගෙණ පිරිනිවන් පාන වේලෙහි බුදුරජුන්හට පිදීමි.
Pali BJT2205. සබ්බෙ දෙවානුමොදිංසු අච්ඡරායො ච මෙ තදා, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2205. එකල්හි සියලු දෙවියෝ ද අප්සරාවෝ ද මාගේ පින අනුමෝදන් වූහ. (ඒ හේතුවෙන්) මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක් නො දනිමි.
Pali BJT2206. සට්ඨිකප්පසහස්සම්හි ඉතො සොළස තෙ ජනා, මහාමල්ලජනා නාම චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2206. මෙයින් සැටදහස්වන කපෙහි මහත් බල ඇති මහාමල්ලජන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT2207. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2207. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකචාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකචාරියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTඑකචරියස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT190. තිවණ්ටිපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT190. තිවණ්ටිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2208. අභිභූතො පනිජ්ඣන්ති{2} සබ්බෙ සඞ්ගම්ම තෙ මමං{3}, තෙසං නිජ්ඣායමානානං පරිළාහො අජායථ.
Sinhala BJT2208. ඒ සියල්ලෝ රැස් වැ සොවින් මැඩුනෝ ලං වැ මා දෙස බලත්. එසේ ලං වැ බලන ඔවුන්හට සිත්හි දැවිල්ල ඇති විය.
Pali BJT2209. සුනන්දො නාම නාමෙන බුද්ධස්ස සාවකො තදා, ධම්මදස්සිස්ස මුනිනො ආගච්ඡි මම සන්තිකෙ.
Sinhala BJT2209. එකල්හි ධම්මදස්සී බුදුරජානන් වහන්සේගේ සුනන්‍ද නම් ශ්‍රාවක තෙමේ මා වෙත පැමිණියේ ය.
Pali BJT2210. යෙ මෙ බද්ධචරා ආසුං තෙ මෙ පුප්ඵං අදුං තදා, තාහං පුප්ඵං ගහෙත්වාන සාවකෙ අභිරොපයිං.
Sinhala BJT2210. එදා යම් කෙනෙක් මාගේ සහචරයෝ වූ හු ද, ඔවුහු මට මල් දුන්නාහු ය. මම ඒ මල් ගෙණ (සුනන්‍ද නම්) ශ්‍රාවකයන් වහන්සේ කෙරෙහි පිදීමි.
Pali BJT2211. සොහං කාලකතො තත්ථ පුනාපි උපපජ්ජහං, අට්ඨාරසෙ කප්පසතෙ විනිපාතං න ගච්ඡහං.
Sinhala BJT2211. (ඉක්බිති) කලුරිය කළා වූ මම් ඒ දෙව්ලොවෙහි ම උපනිමි. කප් එක්දහස් අටසියක් ම දුගතියකට නො ගියෙමි.
Pali BJT2212. තෙරසෙතො කප්පසතෙ අට්ඨාසුං ධූමකෙතුනො, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2212. මෙයින් එක්දහස් තෙසියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ධූමකේතු නම් අට සක්විති කෙනෙක් වූහ.
Pali BJT2213. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2213. සිවුපිළිසැඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිවණ්ටිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිවණ්ටිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිවණ්ටිපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTතිවණ්ටිපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකුටජො බන්ධුජීවී ච කොටුම්බරිකහත්ථියො ඉසිමුග්ගො ච බොධී ච එකචින්තී තිකණ්ණිකො එකචාරී තිවණ්ටී ච ගාථා ද්වාසට්ඨි කිත්තිතා.
Sinhala BJTකුටජ බන්‍ධුජීවී - කොටුම්බරික හත්‍ථිය ඉසිමුග්ග බෝධි ද - ඒකචින්තී තිකණ්ණික ද ඒකචාරී තිවණ්ටී දස - දෙසැට ගයෙකින් බැඳියේ.
Pali BJTකුටජපුප්ඵියවග්ගො එකූනවීසතිමො.
Sinhala BJTකුටජපුප්ඵියවර්‍ගය එකුන්විසිවැනි යි.
Pali BJT20. තමාලපුප්ඵියවග්ගො
Sinhala BJT20. තමාලපුප්ඵිය වර්‍ගය
Pali BJT191. තමාලපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT191. තමාලපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2214. චුල්ලාසීතිසහස්සානි ථම්භා සොවණ්ණමයා අහු, දෙවලට්ඨිපටිභාගං විමානං මෙ සුනිම්මිතං.
Sinhala BJT2214. මට කප්රුකක් (දිව්‍යවෘක්‍ෂයක්) වැනි විමනක් මැනවින් මැවින. එහි ස්වර්‍ණමය වූ සුවාසූදහසක් ස්තම්භයෝ වූහ.
Pali BJT2215. තමාලපුප්ඵං පග්ගය්හ විප්පසන්නෙන චෙතසා, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJT2215. තමළු මලක් ගෙන පහන් සිතින් ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජුන් හට පිදීමි.
Pali BJT2216. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2216. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් පුෂ්ප පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2217. ඉතො වීසතිමෙ කප්පෙ චන්දතිත්තොති එකකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2217. මෙයින් විසිවෙනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති චන්‍දතිත්ත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2218. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2218. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තමාලපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තමාලපුප්ඵිය ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතමාලපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTතමාලපුප්ඵියස්ථිවිරාවදානය පළමුවැනි යි.
Pali BJT192. තිණසන්ථරදායකත්ථෙරාපදානං{*}
Sinhala BJT192. තිණසන්‍ථරදායක ස්ථවිරාවදානය
Pali BJT2219. යං දායවාසිකො{1} ඉසි තිණං ලායති සත්ථුනො, සබ්බෙ පදක්ඛිණාවත්තා{2} පුථව්යා{3} නිපතිංසු තෙ.
Sinhala BJT2219. වන වැසි තවුසෙක් බුදුරජානන් වහන්සේට (සෙවෙනියක් කරණු පිණිස) යම් තෘණයක් කපා ද, ඒ සියලු තෘණ දක්‍ෂිණාවර්‍ත වැ පොළොවෙහි වැටින.
Pali BJT2220. තමහං තිණමාදාය සන්ථරිං ධරණුත්තමෙ, තීණෙව තාලපත්තානි ආහරිත්වානහං තදා.
Sinhala BJT2220. මම් ඒ තෘණ ගෙන වැඩ වසන ඒ උතුම් බිම ඇතිරීමි. ඒ කල්හි මම තල්පත් තුණක් ද ගෙණ අවුත්,
Pali BJT2221. තිණෙන ඡදනං කත්වා සිද්ධත්ථස්ස අදාසහං, සත්තාහං ධාරයුං තස්ස සත්ථුනො දෙවමානුසා.
Sinhala BJT2221. සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන් හට තෘණයෙන් සෙවෙනියක් කොට දිනිමි. දෙවිමිනිස්සු (සමවතින් හුන්) ශාස්තෲන් වහන්සේට සතියක් මැ එය දැරූහ.
Pali BJT2222. චතුනවුතෙ ඉතො කප්පෙ යං තිණං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි තිණදානස්සිදං ඵලං.
Sinhala BJT2222. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එ දවස් යම් තණ (සෙවෙනියක්) දිනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. තණ (සෙවෙනි) දනෙහි මේ විපාකය යි.
Pali BJT2223. පඤ්චසට්ඨිම්හිතො කප්පෙ චත්තාරොසුං මහද්ධනා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2223. මෙයින් පන්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහද්ධන නම් වූ සිවු සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT2224. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2224. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිණසන්ථරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසන්‍ථරදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිණසන්ථරදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTතිණසන්‍ථරදායකස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT193. ඛණ්ඩඵුල්ලියත්ථෙරාපදානං.
Sinhala BJT193. ඛණ්ඩඵුල්ලිය ස්ථවිරාවදානය
Pali BJT2225. ඵුස්සස්ස ඛො භගවතො ථූපො ආසි මහාවනෙ, කුඤ්ජරෙහි තදා භින්නො පරූළ්හපාදපො{1} තහිං.
Sinhala BJT2225. මහවෙනෙහි ඵුස්ස භාග්‍යවතුන් වහන්සේගේ ස්තූපයක් විය. එය එ කල්හි ඇතුන් විසින් බිඳින ලදුයේ වැඩුනු ගස් ඇත්තේ ද විය.
Pali BJT2226. විසමඤ්ඤ සමං කත්වා සුධාපිණ්ඩං අදාසහං, තිලොකගරුනො තස්සගුණ්හි පරිතොසිතො.
Sinhala BJT2226. ඒ තිලෝගුරු වූ බුදුරජානන් වහන්සේගේ ගුණයෙන් සතුටු වූ මම (ඒ සෑයෙහි) විසමතැන් සම කොට සුණුපිඬු දිනිමි. (සුණුපිරියම් කෙළෙමි.)
Pali BJT2227. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි සුධාපිණ්ඩස්සිදං ඵලං.
Sinhala BJT2227. මෙයින් දෙයානූවන කපෙහි වූ එ දවස යම් පිළිසකරක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුණු පිඬු දනෙහි මේ විපාකය යි.
Pali BJT2228. සත්තසත්තතිකප්පම්භි ජිතසෙනාසුං සොළස, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2228. සත්සැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති ජිතසේන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.