Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2701-2800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2104. පබ්බතෙ හිමවන්තම්හි මහාජාතස්සරො අහු, තත්ථජො රක්ඛසො ආසිං ඝොරරූපො මහබ්බලො.
Sinhala BJT2104. හිමවත් පව්වෙහි මහත් වූ ස්වයංජාත විලෙක් විය. මම් එය අසල උපන් මහ බලැති බිහිසුණු රකුසෙක් වීමි.
Pali BJT2105. කුමුදං පුප්ඵතෙ තත්ථ චක්කමත්තානි ජායරෙ, ඔචිනාමි ච තං පුප්ඵං ඛලිතො සමිතී තදා.
Sinhala BJT2105. ඒ විලෙහි කුමුදු පිපේ. ඔහු රියසක් පමණව හටගණිත්. ඒ මල් නෙලමි. එකල්හි දශබලයන් වහන්සේගේ (සඟ) පිරිසක් වූය.
Pali BJT2106. අත්ථදස්සී තු භගවා දිපදින්දො නරාසභො, පුප්ඵං සමොචිතං දිස්වා ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT2106. ද්වීපදෝත්තම වූ නරාසභ වූ අත්‍ථදස්සී භාග්‍යවත්හු නෙළූ මල් දැක මා වෙත වැඩියහ.
Pali BJT2107. උපාගතඤ්ච සම්බුද්ධං දෙවදෙවං නරාසභං, සඞ්ගම්ම පුප්ඵං පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2107. දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ එළඹ සිටි තථාගතයන් වෙත පැමිණ මල් ගෙණ ඒ බුදුරජුන්හට පිදීමි.
Pali BJT2108. යාවතා හිමවන්තන්තා පරිසා සා තදා අහු, තාවච්ඡදනසම්පන්නො අගමාසි තථාගතො.
Sinhala BJT2108. එකල්හි (එහි රැස් වූ) ඒ පිරිස හිමවත කෙළවර දක්වා විය. එතෙක් දුර මල්වියන් ඇති සේක් තථාගතයන් වහන්සේ වැඩි සේක.
Pali BJT2109. අට්ඨාරසෙ කප්පසතෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2109. එක්දහස් අටසියවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2110. ඉතො පණ්ණරසෙ කප්පෙ සත්තාහෙසුං ජනාධිපා, සහස්සරථනාමා තෙ චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2110. මෙයින් පසළොස්වන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ සහස්සරථ නම් ඒ සත් සක්විතිරජ කෙනෙක් වූහ.
Pali BJT2111. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2111. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුමුදමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුමුදමාලියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTකුමුදමාලියස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT172. නිස්සෙණිදායකත්ථෙරාපදානං.
Sinhala BJT172. නිස්සෙණිදායක ස්ථවිරාවදානය
Pali BJT2112. කොණ්ඩඤ්ඤස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, ආරොහත්ථාය පාසාදං නිස්සෙණී කාරිතා මයා.
Sinhala BJT2112. ලොවට දෙටු වූ තාදිගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේට නැගීම සඳහා මා විසින් හිණෙක් කරණ ලදී.
Pali BJT2113. තෙන චිත්තප්පසාදෙන අනුභොත්වාන සම්පදා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT2113. ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ සම්පත් වළඳා සම්බුදු සස්නෙහි අන්තිම සිරුර දරමි.
Pali BJT2114. එකතිංසම්භි කප්පානං සහස්සම්හි තයො අහූ, සම්බහුලා නාම රාජානො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2114. එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT2115. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2115. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිස්සෙණිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙණිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTනිස්සෙණිදායකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTනිස්සෙණිදායක ස්ථවිරාවදානය දෙවෙනියි.
Pali BJT173. රත්තිපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT173. රත්තිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2116. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, විපස්සිං අද්දසං බුද්ධං දෙවදෙවං නරාසභං.
Sinhala BJT2116. මම පෙර මහවෙනෙහි (හැසිරෙණ) මුවවැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවි වූ නරර්‍ෂභ වූ විපස්සී බුදුරජුන් දිටිමි.
Pali BJT2117. රත්තිකං පුප්ඵිතං දිස්වා කුටජං ධරණීරුහං, සමූලං පග්ගහෙත්වාන උපනෙසිං මහෙසිනො.
Sinhala BJT2117. රතු මල් ඇති පිපුනු කෙළිඳගසක් දැක ඒ මල් නටු සහිතව ම නෙළා ගෙණ බුදුරජුන්හට පිරිනැමීමි.
Pali BJT2118. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිදං ඵලං.
Sinhala BJT2118. මෙයින් එක්අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
Pali BJT2119. ඉතො ච අට්ඨමෙ කප්පෙ සුප්පසන්නසනාමකො, සත්තරතනසම්පන්නො රාජාහොසිං මහබ්බලො.
Sinhala BJT2119. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති සුප්පසන්ත නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT2120. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2120. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රත්තිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් රත්තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTරත්තිපුප්ඵියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTරත්තිපුප්ඵියස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT174. උදපානදායකත්ථෙරාපදානං.
Sinhala BJT174. උදපානදායක ස්ථවිරාවදානය
Pali BJT2121. විපස්සිනො භගවතො උදපානො කතො මයා, පිණ්ඩපාතඤ්ච දත්වාන නිය්යාතෙසිං අහං තදා.
Sinhala BJT2121. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට ලිඳක් කරණ ලදී. මම එකල්හි පිණ්ඩපාතය ද දී (ඒ ලිඳ ද) පිරිනැමීමි.
Pali BJT2122. එකනවුතෙ ඉතො කප්පෙ යං කමම්මකරිං තදා, දුග්ගතිං නාභිජානාමි උදපානස්සිදං ඵලං.
Sinhala BJT2122. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් (උදපානදාන සඞ්ඛ්‍යාත) කර්‍මයක් කරණ ලද ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ලිඳක් පිදීමෙහි මේ විපාකය යි.
Pali BJT2123. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2123. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදපානදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උදපානදායකො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋදපානදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඋදපානදායක ස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT175. සීහාසනදායකත්ථෙරාපදානං.
Sinhala BJT175. සීහාසනදායක ස්ථවිරාවදානය
Pali BJT2124. නිබ්බුතෙ ලොකනාථම්භි පදුමුත්තරනායකෙ, පසන්නචිත්තො සුමනො සීහාසනමදාසහං.
Sinhala BJT2124. පදුමුත්තර බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිහසුනක් පිදීමි.
Pali BJT2125. පහුතගන්ධමාලෙහි{1} දිට්ඨධම්මෙ සුඛාවහෙ, තත්ථ පූජං කරිත්වාන{2} නිබ්බායති බහුජ්ජනො.
Sinhala BJT2125. මෙ ලොව සුව එළවන ඒ සිංහාසනයෙහි බොහෝ ගඳින් මලින් පූජා පවත්වා බොහෝ ජනයා (දුක් ගින්නෙන්) නිවෙයි.
Pali BJT2126. පසන්නචිත්තො සුමනො වන්දිත්වා බොධිමුත්තමං, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2126. මම පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් බෝධිය වැඳ (ඒ හේතුවෙන්) කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
Pali BJT2127. පණ්ණරසසහස්සම්හි කප්පානං අට්ඨ ආසු තෙ{3}, සිලුච්චය සනාමා ච රාජානො චක්කවත්තිනො.
Sinhala BJT2127. පසළොස්දහස්වන කපෙහි සිලුවච්ය නම් ප්‍රසිද්ධ වූ අට සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT2128. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2128. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සීහාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සීහාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසීහාසනදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTසීහාසනදායක ස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT176. මග්ගදත්තිකත්ථෙරාපදානං
Sinhala BJT176. මග්ගදත්තික ස්ථවිරාවදානය
Pali BJT2129. අනොමදස්සී භගවා දිපදින්දො නරාසභො, දිට්ඨධම්මසුඛත්ථාය අබ්භොකාසම්හි චඞ්කමි.
Sinhala BJT2129. ද්විපදෝත්තම වූ නරර්‍ෂභ වූ අනෝමදස්සී භාග්‍යවත්හු දිට්ඨධම්මසුඛය (=දිටුදැමියෙහි සිරුරු සුවය) පිණිස එළිමහනෙහි සක්මන් කළහ.
Pali BJT2130. පසන්නචිත්තො සුමනො වන්දිත්වා පුප්ඵමොකිරිං, උද්ධතෙ පාදෙ පුප්ඵානි සීසමුද්ධනි{1} තිට්ඨරෙ.
Sinhala BJT2130. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (මම උන්වහන්සේ) වැඳ මල් විසුරුවාලීමි. සක්මන් කිරීම සඳහා ඒ බුදුරජහු පා එසෙ වූ කල්හි (ඒ පියුම් උපුල් ආදී) මල් (විසිරී) උන්වහන්සේගේ හිස මතුයෙහි බබළමින් සිටියි.
Pali BJT2131. වීසකප්පසහස්සම්හි ඉතො පඤ්ච ජනා අහූ, පුප්ඵච්ඡදනියා නාම චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2131. මෙයින් විසිදහස්වන කපෙහි පුප්ඵච්ඡදනිය නම් මහබල ඇති පස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2132. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2132. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මග්ගදත්තිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදත්තික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමග්ගදත්තිකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTමග්ගදත්තිකස්ථවිරාවදානය සවැනියි.
Pali BJT177. එකදීපියත්ථෙරාපදානං
Sinhala BJT177. ඒකදීපිය ස්ථවිරාවදානය
Pali BJT2133. පදුමුත්තරස්ස මුනිනො සලලෙ බොධිමුත්තමෙ, පසන්නචිත්තො සුමනො එකදීපං අදාසහං.
Sinhala BJT2133. පදුමුත්තර බුදුරජුන්ගේ සළලබෝරුකෙහි සහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මම එක් පහනක් දැල්වීමි.
Pali BJT2134. භවෙ නිබ්බත්තමානම්හි නිබ්බත්තෙ පුඤ්ඤසඤ්චයෙ, දුග්ගතිං නාභිජානාමි දීපදානස්සිදං ඵලං.
Sinhala BJT2134. භවයෙහි උපදනා කල්හි නිපන් පින් රැසෙහි (විපාක වශයෙන්) දුගතියක් නො දනිමි. ප්‍රදීපදානයාගේ මේ විපාකයයි.
Pali BJT2135. සොළසකප්පසහස්සෙ ඉතො තෙ චතුරො ජනා, චන්දාභා නාම නාමෙන චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2135. මෙයින් සොළොස්දහස්වන කපෙහි චන්‍ද්‍රභ නම් වූ මහත් බල ඇති සිවු සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT2136. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2136. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකදීපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් එකදීපියො ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකදීපියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඒකදීපියස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJTනවමං භාණවාරං.
Sinhala BJTනවවැනි බණවර යි.
Pali BJT178. මණිපූජකත්ථෙරාපදානං.
Sinhala BJT178. මණිපූජක ස්ථවිරාවදානය
Pali BJT2137. ඔරෙන හිමවන්තස්ස නදිකා{2} සම්පවත්තථ, තස්සා චානුපඛෙත්තම්භි සයම්භූ වසතෙ තදා.
Sinhala BJT2137. හිමවතැ මොබ පෙදෙසෙක්හි (එක්) නදියක් ගලා බැස්සේය. එකල්හි ඒ ගං ඉවුර සමීපයෙහි පදුමුත්තර බුදුරජානන් වහන්සේ වැඩ වසන සේක.
Pali BJT2138. මණිං පග්ගය්හ පල්ලඞ්කං සාධුචිත්තං මනොරමං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2138. මැනැවින් විසිතුරු මනරම් වූ මිණිපළඟක් ගෙණ පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බුදුරජුන්හට පිරිනැමීමි.
Pali BJT2139. චතුනවුතෙ ඉතො කප්පෙ යං මණිං අභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2139. මෙයින් සිවු අනූවන කපෙහි යම් මිණිපළඟක් පිදූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2140. ඉතො ච ද්වාදසෙ කප්පෙ සතරංසි සනාමකා, අට්ඨ තෙ ආසුං රාජානො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2140. මෙයින් සොළොස්වන කපෙහි මහබල ඇති සතරංසී නම්වූ අට සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2141. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2141. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මණිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මණිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමණිපූජකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTමණිපූජකස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT179. තිකිච්ඡකත්ථෙරාපදානං.
Sinhala BJT179. තිකිච්ඡක ස්ථවිරාවදානය
Pali BJT2142. නගරෙ බන්ධුමතියා වෙජ්ජො ආසිං සුසික්ඛිතො, ආතුරානං සදුක්ඛානං මහාජනසුඛාවහො.{1}
Sinhala BJT2142. මම බන්‍ධුමතී නගරයෙහි රෝගී වූ දුක්සහිත මහාජනයාට සුව ගෙණ දෙන්නා වූ (වෛද්‍යශාස්ත්‍රයෙහි) මැනැවින් හික්මුනු වෛද්‍යවරයෙක් වීමි.
Pali BJT2143. ව්යාධිතං සමණං දිස්වා සීලවන්තං මහාජුතිං, පසන්නචිත්තො සුමනො භෙසජ්ජමදදිං තදා.
Sinhala BJT2143. එකල්හි සිල්වත් වූ මහත් ගුණ ඇති රෝගී වූ ශ්‍රමණයන් වහන්සේ නමක් දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් බෙහෙතක් දුනිමි.
Pali BJT2144. අරොගො ආසි තෙනෙව සමණො සංවුතින්ද්රියො, අසොකො නාම නාමෙන උපට්ඨාකො විපස්සිනො.
Sinhala BJT2144. විපස්සී බුදුරජුන්ගේ උපස්ථායක වූ අසෝක නම් සන්හුන් ඉඳුරන් ඇති ඒ ශ්‍රමණයන් වහන්සේ එම බෙහෙතින් ම නීරෝග වූහ.
Pali BJT2145. එකනවුතෙ ඉතො කප්පෙ යමොසධමදාසභං, දුග්ගතිං නාභිජානාමි භෙසජ්ජස්ස ඉදං ඵලං.
Sinhala BJT2145. මම මෙයින් එක්අනූවන කපෙහි යම් ඖෂධයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෙහෙත්දනෙහි මේ විපාකය යි.
Pali BJT2146. ඉතො ච අට්ඨමෙ කප්පෙ සබ්බොසධසනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2146. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්බොසධ නම් වූ සක්විතිරජෙක් වීමි.
Pali BJT2147. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2147. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිකිච්ඡකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිච්ඡක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතිකිච්ඡකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTතිකිච්ඡකස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT180. සඞ්ඝුපට්ඨාකත්ථෙරාපදානං.
Sinhala BJT180. සඞ්ඝුපට්ඨාක ස්ථවිරාවදානය
Pali BJT2148. වෙස්සභුම්භි භගවති අහොසාරාමිකො අහං, පසන්නචිත්තො සුමනො උපට්ඨිං සංඝමුත්තමං.
Sinhala BJT2148. වෙස්සභූ බුදුරජුන්ගේ කාලයෙහි මම ආරාමිකයෙක් (අරමෙහි උවටැන් කරන්නෙක්) වීමි. පහන්සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් උතුම් සඞ්ඝයාට උවටැන් කෙළෙමි.
Pali BJT2149. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
Sinhala BJT2149. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සඟනට උවටැන් කිරීමේ මේ විපාකය යි.
Pali BJT2150. ඉතො තෙ සත්තමෙ කප්පෙ සත්තෙවාසුං සමොදකා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2150. මෙයින් සත්වැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමෝදක නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT2151. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2151. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සඞ්ඝුපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සඞ්ඝුපට්ඨාක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසඞ්ඝුපට්ඨාකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTසඞ්ඝුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකුමුදො අථ නිස්සෙණී රත්තිකො උදපානදො සීහාසනී මග්ගදදො එකදීපි මණිප්පදො තිකිච්ඡකො උපට්ඨාකො එකූනපඤ්ඤාස ගාථකාති.
Sinhala BJTකුමුදනිස්සෙණි රත්තික උදපානද සීහාසනී මග්ගදද එකදීපී මණිප්පද තිකිච්ඡකුපට්ඨාකැයි දසවතෙකුන්පණස් ගී.
Pali BJTකුමුදවග්ගො අට්ඨාරසමො.
Sinhala BJTකුමුදවර්‍ගය අටළොස් වැනි යි.
Pali BJT19. කුටජපුප්ඵියවග්ගො
Sinhala BJT19. කුටජපුප්ඵිය වර්‍ගය
Pali BJT181. කුටජපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT181. කුටජපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2152. සුවණ්ණවණ්ණං සම්බුද්ධං සතරංසිං’ව උග්ගතං, දිසං අනුවිලොකෙන්තං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
Sinhala BJT2152. උදා වූ හිරු මෙන් අහසෙහි වඩින්නා වූ දිශා විලෝකනය කරන්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජානන් වහන්සේ (දිටිමි).
Pali BJT2153. කුටජං පුප්ඵිතං දිස්වා සංවිත්ථතසමොත්ථතං, රුක්ඛතො ඔචිනිත්වාන ඵුස්සස්ස අභිරොපයිං.
Sinhala BJT2153. දිගුපුළුල් ලෙස පැතිරී ගිය පිපුනු කෙළිඳගසක් දැක ඒ ගසින් මල් නෙළා ඵුස්ස බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT2154. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2154. මෙයින් දෙ අනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2155. ඉතො සත්තරසෙ කප්පෙ තයො ආසිංසු පුප්ඵිතා{1}, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2155. මෙයින් සතළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ථිත නම් තුන් සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT2156. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2156. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුටජපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුටජපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTකුටජපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTකුටජපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT182. බන්ධුජීවකත්ථෙරාපදානං.
Sinhala BJT182. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
Pali BJT2157. සිද්ධත්ථො නාම සම්බුද්ධො සයම්භු සබ්භි වණ්ණිතො, සමාධිං සො සමාපන්නො නිසීදි පබ්බතන්තරෙ.
Sinhala BJT2157. සියල්ල තෙමේ ම අවබෝධ කළා වූ සත්පුරුෂයන් විසින් වර්‍ණනා කරණ ලද සිද්ධාර්‍ත්‍ථ නම් ඒ බුදුරජහු සමාධියට සමවැදුනාහු පර්‍වතය අතුරෙහි වැඩ හුන්හ.
Pali BJT2158. ජාතස්සරෙ ගවෙසන්තො දකජං පුප්ඵමුත්තමං, බන්ධුජීවකපුප්ඵානි අද්දසං සමනන්තරං.
Sinhala BJT2158. ස්වයංජාත විලෙක්හි ජලයෙහි හටගන්නා වූ උතුම් මල් සොයන්නෙම් (ඒ නො දැක) ඉක්බිති ව බඳුවදමල් දිටිමි.
Pali BJT2159. උභො හත්ථෙහි පග්ගය්හ උපගච්ඡිං මහාමුනිං, පසන්නචිත්තො සුමනො සිද්ධත්ථස්සාභිරොපයිං.
Sinhala BJT2159. (ඒ මල්) දෝතින් ගෙණ මහාමුනි වූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට එය පිරිනැමීමි.
Pali BJT2160. චතුනවුතෙ ඉතො{2} කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT2160. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2161. ඉතො චතුද්දසෙ{3} කප්පෙ එකො ආසිං ජනාධිපො, සමුද්දකප්පො නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2161. මෙයින් තුදුස් වන කපෙහි ජනාධිපති වූ සමුද්දකප්ප නම් මහත් බල ඇති සක්විති රජෙක් වීමි.
Pali BJT2162. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2162. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බන්ධුජීවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTබන්ධුජීවකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTබන්‍ධුජීවකස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT183. කොටුම්බරියත්ථෙරාපදානං.
Sinhala BJT183. කොටුම්බරිය ස්ථවිරාවදානය