Pali BJT2045. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, ජාතස්සරස්සාවිදූරෙ සඤ්චරිත්ථ මහාමුනි.
Sinhala BJT2045. ලෝකයාගේ පූජාවන් පිළිගැණීමට සුදුසු වූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනි වූ මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ඒ ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.
Pali BJT2046. ජලජං කුමුදං ඡෙත්වා{3} උපනෙසිං මහෙසිනො, මම සඞ්කප්පමඤ්ඤාය පටිග්ගහි මහාමුනි.
Sinhala BJT2046. ජලයෙහි හටගත් කුමුදුමලක් කඩා බුදුරජුන් වෙත එළැවීමි. මහාමුනි වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
Pali BJT2047. තඤ්ච දානං දදිත්වාහං සුක්කමූලෙන චොදිතො, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2047. මම ඒ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
Pali BJT2048. සොළසෙතො කප්පසතෙ ආසුං වරුණනාමකා, අට්ඨ එතෙ ජනාධිපා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2048. මෙයින් එක්දහස්හයසිය වන කපෙහි මහත් බල ඇති වරුණ නම් ජනාධිපති වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT2049. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2049. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුමුදදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකුමුදදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTකුමුදදායකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTබන්ධුජීවො තම්බපුප්ඵි වීථි කක්කාරුපුප්ඵියො මන්දාරවො කදම්බී ච සූලකො නාගපුප්ඵියො පුන්නාගො කොමුදී ගාථා ඡප්පඤ්ඤාස පකිත්තිතාති.
Sinhala BJTබන්‍ධුජීවි තම්බපුප්ඵි - වීථිකක්කාරුපුප්ඵිය මන්‍දාරව කදම්බී සූලික නාගපුප්ඵිය පුන්නාගකුමුදී දසවත් සපණස්ගයින් දැක්වින.
Pali BJTබන්ධුජීවකවග්ගො සොළසමො.
Sinhala BJTබන්‍ධුජීවක වර්‍ගය සොළොස් වැනි යි.
Pali BJT17. සුපාරිචරියවග්ගො
Sinhala BJT17. සුපාරිචරිය වර්‍ගය
Pali BJT161. සුපාරිචරියත්ථෙරාපදානං.
Sinhala BJT161. සුපාරිචරිය ස්ථවිරාවදානය
Pali BJT2050. පදුමො නාම නාමෙන දිපදින්දො නරාසභො, පවනා අභිනික්ඛම්ම ධම්මං දෙසෙසි චක්ඛුමා.
Sinhala BJT2050. ද්වීපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ පසැස් ඇති නමින් පදුම නම් බුදුරජහු තමන් විහරණය කළ උපවනයෙන් නික්ම (අවුත්) දහම් දෙසූහ.
Pali BJT2051. යක්ඛානං සමයො ආසි අවිදූරෙ මහෙසිනො, යෙන කිච්චෙන සම්පත්තා අජ්ඣාපෙක්ඛිංසු තාවදෙ.
Sinhala BJT2051. බුදුරජුනට නුදුරෙහි යක්‍ෂසමාගමයෙක් විය. එකල යම් කරුණකින් ඔහු එහි පැමිණියාහු ද (ඒ කරුණු සපුරනුවෝ) බුදුරජුන් දෙස සාවධාන වැ බලා හුන්හ.
Pali BJT2052. බුද්ධස්ස ගිරමඤ්ඤාය අමතස්ස ච දෙසනං, පසන්නචිත්තො සුමනො අප්ඵොඨෙත්වා{1} උපට්ඨහිං.
Sinhala BJT2052. (මම) බුදුරජුන්ගේ කට හඬ ද දහම් අමා දෙසුම ද දැන, පහන් සිත් ඇත්තෙම් අත්පොළසන් දී ඔබට උවටැන් කෙළෙමි.
Pali BJT2053. සුචිණ්ණස්ස ඵලං පස්ස උපට්ඨානස්ස සත්ථුනො, තිංසකප්පසහස්සෙසු දුග්ගතිං නුපපජ්ජහං.
Sinhala BJT2053. ශාස්තෘන් වහන්සේට මැනැවින් කරණ ලද උපස්ථානයාගේ විපාකය බලනු මැනව. ඒ පිනෙන් මම තිස්දහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො වන්මි.
Pali BJT2054. ඌනතිංසෙ කප්පසතෙ සමලඞ්කතනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2054. දෙදහස්නවසිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමලඞ්කත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2055. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2055. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුපාරිචරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපාරිචරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසුපාරිචරියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසුපාරිචරියස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT162. කණවෙරපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT162. කණවේරපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2056. සිද්ධත්ථො නාම භගවා ලොකජෙට්ඨො නරාසභො, පුරක්ඛතො සාවකෙහි නගරං පටිපජ්ජථ.
Sinhala BJT2056. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සිද්ධාර්‍ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරන ලදුව නගරයට පිළිපන් සේක.
Pali BJT2057. රඤ්ඤො අන්තෙපුරෙ ආසිං ගොපකො අභිසම්මතො, පාසාදෙ උපවිට්ඨොහං අද්දසං ලොකනායකං.
Sinhala BJT2057. මම එකල්හි රජුගේ සාධුසම්මත වූ අන්තඃපුරපාලකයා වීමි. පහයෙහි හුන් මම් ඒ ලෝකනායකයන් වහන්සේ දිටිමි.
Pali BJT2058. කණවෙරං ගහෙත්වාන භික්ඛුසංඝෙ සමොකිරිං, බුද්ධස්ස විසුං කත්වාන තතො භිය්යො සමොකිරිං.
Sinhala BJT2058. කණවේරමල් ගෙණ භික්‍ෂුසංඝයා විෂයෙහි ඉස්සෙමි. එයින් වැඩි කොටස බුදුරජුන්හට වෙන් කොට විසුළෙමි. (පිදීමි).
Pali BJT2059. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං{2}, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT2059. මෙයින් සිවුඅනූවක කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2060. සත්තාසීතිම්හිතො කප්පෙ චතුරො ආසුං මහිද්ධිකා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2060. මෙයින් සත්අනූවන කපෙහි සතුරුවනින් යුත් මහත් බල ඇති මහිද්ධික නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2061. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2061. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කණවෙරපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවේරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකණවෙරපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTකණවේරපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT163. ඛජ්ජකදායකත්ථෙරාපදානං.
Sinhala BJT163. ඛජ්ජදායක ස්ථවිරාවදානය
Pali BJT2062. තිස්සස්ස ඛො භගවතො පුබ්බෙ ඵලමදාසහං, නාළිකෙරඤ්ච පාදාසිං ඛජ්ජකං අභිසම්මතං.
Sinhala BJT2062. මම පෙර තිස්ස බුදුරජානන් වහන්සේට පොල් ද අභිසම්මත ඛාද්‍ය (රස කැවිලි) ද දිනිමි.
Pali BJT2063. බුද්ධස්ස තමහං දත්වා තිස්සස්ස තු මහෙසිනො, මොදාමහං කාමකරී උපපජ්ජිං යදිච්ඡකං{1}.
Sinhala BJT2063. මම මහර්ෂි වූ තිස්ස බුදුරජානන් වහන්සේට එය දී කැමති සේ භවසම්පත් ලබනුයෙම් කැමැති දෑ කරණ සුල්ලෙම් ප්‍රමුදිත වෙමි.
Pali BJT2064. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT2064. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ නාළිකෙරඵලදානයාගේ විපාකය යී.
Pali BJT2065. ඉතො තෙරසකප්පම්හි රාජා ඉන්දසමො අහුං{2}, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2065. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බලැති ඉන්‍දසම නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2066. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2066. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛජ්ජකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛජ්ජදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඛජ්ජකදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඛජ්ජදායකස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT164. දෙසපූජකත්ථෙරාපදානං.
Sinhala BJT164. දෙසපූජක ස්ථවිරාවදානය
Pali BJT2067. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨො නරාසභො, අබ්භුග්ගන්ත්වාන වෙහාසං ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
Sinhala BJT2067. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ අහසට නැගී අහස්මග වඩිනා සේක.
Pali BJT2068. යම්හි දෙසෙ ඨිතො සත්ථා අබ්භුග්ගඤ්ඡි මහාමුනි, තාහං දෙසං අපූජෙසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT2068. මහාමුනි වූ ශාස්තෲන් වහන්සේ යම් දෙසක සිට අහසට නැගුනු සේක් ද මම පහන් සිත් ඇත්තෙම් සියතින් ඒ දෙස පිදීමි.
Pali BJT2069. අට්ඨාරසෙ කප්පසතෙ අද්දසං යං මහාමුනිං, දුග්ගතිං නාභිජානාමි දෙසපූජායිදං ඵලං.
Sinhala BJT2069. එක්දහස් අටසියවන කපෙහි යම් බුදුවරයන් වහන්සේ නමක් දුටුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දිසාපූජාවෙහි මේ විපාකය යී.
Pali BJT2070. එකාදසෙ කප්පසතෙ ගොසුජාත සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2070. එක්දහස් එක්සියවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති ගොසුජාත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2071. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2071. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දෙසපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් දෙසපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTදෙසපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTදෙසපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT165. කණිකාරච්ඡදනියත්ථෙරාපදානං.
Sinhala BJT165. කණිකාරච්ඡදනිය ස්ථවිරාවදානය
Pali BJT2072. වෙස්සභූ නාම සම්බුද්ධො ලොකජෙට්ඨො නරාසභො, දිවාවිහාරාය මුනි ඔභාහිත්ථ{1} මහාවනං.
Sinhala BJT2072. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ සියල්ල මැනැවින් දත් වෙස්සභූ බුදුරජුහු දිවාවිහරණය පිණිස මහවනයට බැස ගත්හ.
Pali BJT2073. කණිකාරං ඔචිනිත්වා ඡත්තං කත්වානහං තද, පුප්ඵච්ඡදනං කත්වාන බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2073. එකල්හි මම කිණිහිරි මල් නෙලා ඡත්‍රයක් තනා මල් වියනක් කොට බුදුරජුන් පිදීමි.
Pali BJT2074. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2074. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි විපාකය යි.
Pali BJT2075. ඉතො වීසතිකප්පම්හි සොණ්ණාභා අට්ඨඛත්තියා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2075. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සෝණ්ණාභ නම් අට සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2076. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2076. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කණිකාරච්ඡදනියො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTකණිකාරච්ඡදනිය{3}ත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTකණිකාරච්ඡදනියස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT166. සප්පිදායකත්ථෙරාපදානං.
Sinhala BJT166. සප්පිදායක ස්ථවිරාවදානය
Pali BJT2077. ඵුස්සො නාමාථ භගවා ආහුතීනං පටිග්ගහො, ගච්ඡතෙ වීථියං වීරො නිබ්බාපෙන්තො මහාජනං.
Sinhala BJT2077. ලෝවැස්සන්ගේ පූජාසත්කාර පිළිගැණීමට සුදුසු වූ මහාවීර වූ ඵුස්ස නම් භාග්‍යවත්හු මහජනයා නිවමින් වීථියෙහි වඩිති.
Pali BJT2078. අනුපුබ්බෙන භගවා ආගච්ඡි මම සන්තිකං, තතොහං{4} පත්තං පග්ගය්හ සප්පිතෙලං අදාසහං.
Sinhala BJT2078. පිළිවෙළින් භාග්‍යවත්හු මා වෙතට වැඩියහ. ඉක්බිති මම පාත්‍රය ගෙණ ගිතෙල් පුරවා දිනිමි.
Pali BJT2079. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං සප්පිමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි සප්පිදානස්සිදං ඵලං.
Sinhala BJT2079. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් ගිතෙල් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ගිතෙල් දනෙහි මේ විපාකය යි.
Pali BJT2080. ඡප්පඤ්ඤාසෙ ඉතො කප්පෙ එකො ආසිං සමොදකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2080. මෙයින් සපණස්වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සම්මෝදක නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2081. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2081. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සප්පිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසප්පිදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTසප්පිදායකස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT167. යූථිකාපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT167. යූථිකාපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2082. චන්දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, සයම්භුං අද්දසං තත්ථ සාලරාජං’ව ඵුල්ලිතං{5}.
Sinhala BJT2082. මම චන්‍ද්‍රභාග ගං තෙර පහළට ගමන් කරමි. එහිදී පිපුනු සල්රුකක් වැනි බුදුරජුන් දිටිමි.
Pali BJT2083. පුප්ඵං යූථිකමාදාය උපගච්ඡිං මහාමුනිං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2083. මම සීනිද්ද මලක් ගෙණ මහාමුනි වු බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් එය බුදුරජුන්හට පිරිනැමීමි.
Pali BJT2084. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2084. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT2085. සත්තසට්ඨිම්හි‘තො කප්පෙ එකො සමුද්ධරො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2085. මෙයින් සත්සැටවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සමුද්ධර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2086. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2086. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා යූථිකාපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTයූථිකාපුප්ඵියත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTයූථිකාපුප්ඵියස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT168. දුස්සදායකත්ථෙරාපදානං.
Sinhala BJT168. දුස්සදායක ස්ථවිරාවදානය
Pali BJT2087. තීවරායං පුරෙ රම්මෙ රාජපුත්තො අහං තදා, පණ්ණාකාරං ලභිත්වාන උපසන්තස්ස’දාසහං.
Sinhala BJT2087. මම එකල්හි රම්‍ය වූ තීවරා නගරයෙහි රාජපුත්‍රයෙක් වීමි. මම පඬුරක් කොට දුන් වස්ත්‍රයක් ලැබ උපශාන්ත වූ බුදුරජුන්හට පිළිගැන්වීමි.
Pali BJT2088. අධිවාසෙසි භගවා වත්ථං හත්ථෙන ආමසි, සිද්ධත්ථො අධිවාසෙත්වා වෙහාසං නභමුග්ගමී.
Sinhala BJT2088. භාග්‍යවත් තෙමේ (ඒ වස්ත්‍රය) ඉවැසීය. එය අතින් ස්පර්‍ශ කෙළේ ය. සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවත් තෙම එය ඉවසා (=පිළිගෙණ) අහසට නැංගේ ය.
Pali BJT2089. බුද්ධස්ස ගච්ඡමානස්ස දුස්සා ධාවන්ති පච්ඡතො, තත්ථ චිත්තං පාසාදෙසුං බුද්ධො නො අග්ගපුග්ගලො.
Sinhala BJT2089. බුදුරජුන් අහසෙහි වඩින කල්හි දුහුල් වස්ත්‍රයෝ පසුපසින් දිවෙත්. එහිදී බුදුරජහු අපගේ අග්‍රපුද්ගලයන් වහන්සේ යි සිත පැහැදැවීමි.
Pali BJT2090. චතුනවුතෙ ඉතො කප්පෙ යංදු ස්සමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දුස්සදානස්සිදං ඵලං.
Sinhala BJT2090. මෙයින් සිවු අනූවන කපෙහි වූ එ දවස් යම් වස්ත්‍රයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකය යි.
Pali BJT2091. සත්තසට්ඨිම්හි’තො කප්පෙ චක්කවත්තී තදා අහුං, පරිසුද්ධොති නාමෙන මනුජින්දො මහබ්බලො.
Sinhala BJT2091. මෙයින් සත්සැටවන කපෙහි වූ එ දවස් මහත් බල ඇති මනුජේන්‍ද්‍ර වූ පරිසුද්ධ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2092. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2092. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා දුස්සදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් දුස්සදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTදුස්සදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTදුස්සදායකස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT169. සමාදපකත්ථෙරාපදානං.
Sinhala BJT169. සමාදපක ස්ථවිරාවදානය
Pali BJT2093. නගරෙ බන්ධුමතියා මහාපූගගණො අහු, තෙසාහං පවරො ආසිං මම බද්ධවරා ච තෙ.
Sinhala BJT2093. බන්‍ධුමතී නගරයෙහි මහත් උවසු මුළුවෙක් වූහ. මම ඔවුන්ගේ ගණදෙටු වීමි. ඔහු ද මාගේ සහචරයෝ වූහ.
Pali BJT2094. තෙ සබ්බෙ සන්නිපාතෙත්වා පුඤ්ඤකම්මෙ සමාදයිං, මාලං කස්සාම සඞ්ඝස්ස පුඤ්ඤක්ඛෙත්තමනුත්තරං.
Sinhala BJT2094. ඒ සියල්ලන් රැස් කරවා ‘නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයාට මාලකයක් කරවන්නෙමු’යි පින්කමෙහි සම්මාදම් කරවීමි.
Pali BJT2095. සාධූ’ති තෙ පටිස්සුත්වා මම ඡන්දවසානුගා, නිට්ඨාපෙසුං{1} ච තං මාලං විපස්සිස්ස අදම්හසෙ.
Sinhala BJT2095. මාගේ අදහස් අනුව ගියා වූ ඔහු ‘මැනවැ’යි පිළිවදන් දී ඒ මාලකය නිම වූහ. අපි විපස්සී බුදුරජුන්හට එය දුනුම්හ.
Pali BJT2096. එකනවුතෙ ඉතො කප්පෙ යං මාලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මාලදානස්සිදං ඵලං.
Sinhala BJT2096. මෙයින් එක් අනූවන කපෙහි වූ එදවස යම් මාලකයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාලකදානයාගේ මේ විපාකය යි.
Pali BJT2097. එකූනසට්ඨිකප්පම්හි{1} එකො ආසි ජනාධිපො, ආදෙය්යො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2097. එකුන් සැටවන කපෙහි මහත් බල ඇති ජනාධිපති වූ ආදෙය්‍ය නම් වූ සක්විති රජෙක් වීමි.
Pali BJT2098. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2098. සිවුපිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සමාදපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සමාදපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසමාදපකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසමාදපකස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT170. පඤ්චඞ්ගුලියත්ථෙරාපදානං.
Sinhala BJT170. පඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය
Pali BJT2099. තිස්සො නාමාසි භගවා ලොකජෙට්ඨො නරාසභො, පවිසන්තං ගන්ධකුටිං විහාරකුසලං මුනිං.
Sinhala BJT2099. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ තිස්ස නම් බුදුවරයෙක් විය. මම ශ්‍රේෂ්ඨ විහරණයෙහි දක්‍ෂ වූ ගඳකිළියට පිවිසෙන සර්‍වඥයන් වහන්සේ දිටිමි.
Pali BJT2100. සුගන්ධමාලමාදාය අගමාසිං ජිනන්තිකං, අප්පසද්දො’ව සම්බුද්ධෙ පඤ්චඞ්ගුලිමදාසහං.
Sinhala BJT2100. සුවඳමල ගෙණ බුදුරජානන් වහන්සේ වෙතට ගියෙමි. නිශ්ශබ්දව ම බුදුරජුන්ගේ කයෙහි පසඟුල් දිනිමි.
Pali BJT2101. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං ගන්ධමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පඤ්චඞ්ගුලිස්සිදං ඵලං.
Sinhala BJT2101. මෙයින් දෙයානූවන කපෙහි යම් සුගන්‍ධ පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පසඟුල් දීමෙහි මේ විපාකය යි.
Pali BJT2102. ද්වෙ සත්තතිම්හි’තො කප්පෙ රාජා ආසි සයම්පභො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2102. මෙයින් දෙසැත්තෑවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති සයම්පභ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2103. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2103. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පඤ්චඞ්ගුලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චඞ්ගුලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTපඤ්චඞ්ගුලියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපඤ්චඞ්ගුලිය ස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසුපාරිචාරී කණවෙරී ඛජ්ජකො දෙසපූජකො, කණිකාරො සප්පිදදො යූථිකො දුස්සදායකො මාලො ච පඤ්චඞ්ගුලිකො චතුපඤ්ඤාස ගාථකාති.
Sinhala BJTසුපාරිචාරී කණවේරී - ඛජ්ජක දෙසපූජක කණිකාර සප්පීද ද - යූථිකා දුස්සදායක මාලද පඤ්චඞ්ගුලික - සිවුපණස් ගයින් බැඳියේ.
Pali BJTසුපාරිචරියවග්ගො සත්තරසමො.
Sinhala BJTසුපාරිචරියවර්‍ගය සතළොස් වැනි යි.
Pali BJT18. කුමුදවග්ගො
Sinhala BJT18. කුමුද වර්‍ගය
Pali BJT171. කුමුදමාලියත්ථෙරාපදානං
Sinhala BJT171. කුමුදමාලිය ස්ථවිරාවදානය