Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT149. වටංසකියත්ථෙරාපදානං
Sinhala BJT149. වටංසකිය ස්ථවිරාවදානය
Pali BJT1983. සුමෙධො නාම නාමෙන සයම්භූ අපරාජිතො, විවෙකමනුබ්රූහන්තො අජ්ඣොගාහි මහාවනං.
Sinhala BJT1983. සියල්ල තෙමේ ම දත්තා වූ අපරාජිත වූ නමින් සුමේධ නම් වූ (සර්‍වඥ තෙම) විවෙක සුව වඩනුයේ මහවනයට පිවිසියේ ය.
Pali BJT1984. සලලං පුප්ඵිතං දිස්වා ගන්ථිත්වාන{1} වටංසකං, බුද්ධස්ස අභිරොපෙසිං සම්මුඛා ලොකනායකං.
Sinhala BJT1984. ලෝකනායකයන් වහන්සේ ඉදිරියෙහි පිපුනු සලල ගසක් දැක කඩා මල්කඩක් ගොතා බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT1985. තිංසකප්පසහස්සම්හි යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1985. තිස් දහස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT1986. ඌනවීසෙ කප්පසතෙ සොළසාසිංසු නිම්මිතා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1986. එකුන්විසිවන කප්සියෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1987. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1987. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වටංසකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් වටංසකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවටංසකියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTවටංසකියස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT150. පල්ලඞ්කදායකත්ථෙරාපදානං
Sinhala BJT150. පල්ලඞ්කදායක ස්ථවිරාවදානය
Pali BJT1988. සුමෙධස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, පල්ලඞ්කො හි මයා දින්නො සඋත්තර සපච්ඡදො.
Sinhala BJT1988. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් සහ ඇතිරි සහිත පලගක් මා විසින් දෙන ලදී.
Pali BJT1989. සත්තරතනසම්පන්නො පල්ලඞ්කො ආසි සො තදා, මම සඞ්කප්පමඤ්ඤාය නිබ්බත්තති සදා මම.
Sinhala BJT1989. එකල්හි එය සත්රුවනින් යුත් පලගෙක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්‍ය්‍යඞ්ක) උපදී.
Pali BJT1990. තිංසකප්පසහස්සම්හි පල්ලඞ්කමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පල්ලඞ්කස්ස ඉදං ඵලං.
Sinhala BJT1990. තිස්දහස්වන කපෙහි වූ එකල්හි (යම්) පලගක් දුනිම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකයි.
Pali BJT1991. වීසකප්පසහස්සම්හි සුවණ්ණාභා තයො ජනා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1991. විසිදහස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවණ්ණාභ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1992. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1992. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පල්ලඞ්කදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් පල්ලඞ්කදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපල්ලඞ්කදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපල්ලඞ්කදායකස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඡත්තං ථම්භො ච වෙදි ච පරිවාරුම්මපුප්ඵියො අනුලෙපො මග්ගදායී ඵලකදායී වටංසකො පල්ලඞ්කදායී ගාථායො ඡපඤ්ඤාස පකිත්තිතා.
Sinhala BJTඡත්ත ථම්භ වේදී පරිවාර උම්මපුප්ඵි අනුලේප මග්ගදායී ඵලකදායී වටංසක පල්ලඞ්කදායී වත් දස සපණස්ගයින් බැඳියේ.
Pali BJTඡත්තවග්ගො පණ්ණරසමො.
Sinhala BJTජත්තවර්‍ගය පසළොස්වැනි යි.
Pali BJT16. බන්ධුජීවකවග්ගො
Sinhala BJT16. බන්‍ධුජීවක වර්‍ගය
Pali BJT151. බන්ධුජීවකත්ථෙරාපදානං.
Sinhala BJT151. බන්‍ධුජීවක ස්ථවිරාවදානය
Pali BJT1993. චන්දංව විමලං සුද්ධං විප්පසන්නමනාවිලං, නන්දීභවපරික්ඛීණං තිණ්ණං ලොකෙ විසත්තිකං.
Sinhala BJT1993-1994. (උපක්ලේශ විරහිත) චන්‍ද්‍රයා මෙන් නිර්‍මල වූ, (කෙළෙස් කිලිටි නො මැති බැවින්) පිරිසිදු වූ පැහැදුනා වූ, (කෙළෙස් මඩින්) නො කැලඹුනා වූ, නන්‍දීභව සඞ්ඛ්‍යාත තෘෂ්ණාව හා භවය (ඵල විශේෂයෙන් හාත්පසින් ම) ක්‍ෂය කරණ ලද්දා වූ, ත්‍රිවිධ ලෝකයෙහි ඇල්ම නැති කළ ජනසමූහයා කෙලෙස් ගින්නෙන් නිවන්නා වූ සසර සයුරින් එතෙර වූ, එසේ එතෙර වූවන් අතුරෙන් උතුම් ද වූ වෙනෙහි ධ්‍යාන කරන්නා වූ ඒ එකඟ වූ සන්හුන් වූ සිඛී බුදුරජුන් දුටිමි.
Pali BJT1994. නිබ්බාපයන්තං ජනතං තිණ්ණං තාරයතං වරං{1}, වනස්මිං ඣායමානං තං එකග්ගං සුසමාහිතං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1995. බන්ධුජීවකපුප්ඵානි ලග්ගෙත්වා සුත්තකෙනහං{2}, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJT1995. මම බඳුවදමල් නූලකින් එල්වා ඒ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT1996. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1996. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT1997. ඉතො සත්තමකෙ කප්පෙ මනුජින්දො බ්රහායසො, සමන්තචක්ඛු නාමාසිං චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1997. මෙයින් සත්වැනි කපෙහි මනුජේන්‍ද්‍ර වූ වැඩුනු යසස් ඇති මහබලවත් සමන්තචක්ඛු නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1998. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1998. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බන්ධුජීවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් බන්‍ධුජීවක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTබන්ධුජීවකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTබන්‍ධුජීවකස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT152. තම්බපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT152. තම්බපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1999. පරකම්මායනෙ යුත්තො අපරාධං අකාසහං, වනන්තං අතිධාවිස්සං භයභෙරවසමප්පිතො.
Sinhala BJT1999. අනුනට බැළමෙහෙ කිරීමෙහි යෙදුනා වූ මම අපරාධයක් කෙළෙමි. (ඒ හේතුවෙන්) භයජනක අරමුණුවලින් තැති ගැණුනෙම් වනයට පලාගියෙමි.
Pali BJT2000. පුප්ඵිතං පාදපං දිස්වා පිණ්ඩිබද්ධං සුනිම්මිතං, තම්බපුප්ඵං ගහෙත්වාන බොධියං ඔකිරිං අහං.
Sinhala BJT2000. පොකුරු බැඳී (=වලුබර) වැනැවින් සැදුණු පිපුණු ගසක් දැක (එහි) තඹවන් මල් ගෙණ බෝධිය සමීපයෙහි ඉසීමි.
Pali BJT2001. සම්මජ්ජිත්වාන තං බොධිං පාටලීපාදපුත්තමං, පල්ලඞ්කං ආභුජිත්වාන බොධිමූලෙ උපාවිසිං.
Sinhala BJT2001. ඒ උතුම් පළොල්බෝමුල හැමද ඒ බෝමුලෙහි පලඟ බැඳ (අසරමිණිය ගොතාගෙණ) හුනිමි.
Pali BJT2002. ගතමග්ගං ගවෙසන්තො ආගච්ඡුං මම සන්තිකං, තෙ ච දිස්වාන’හං තත්ථ ආචජ්ජං බොධිමුත්තමං.
Sinhala BJT2002. (අපරාධ කොට) මා පලාගිය මග සොයා යන්නෝ මාගේ සමීපයට පැමිණියාහුය. මම එහි ඔවුන් දැක උතුම් බෝධිය සිහිපත් කෙළෙමි.
Pali BJT2003. වන්දිත්වා ච අහං බොධිං විප්පසන්නෙන චෙතසා, අනෙකතාලෙ පපතිං ගිරිදුග්ගෙ භයානකෙ.
Sinhala BJT2003. මම පැහැදි සිතින් බෝධිය වැඳ (යන්නෙම්) බොහෝ තල්රුක් පමණින් ගිණිය යුතු (ගැඹුරු) වූ භයානක ගිරිදුර්‍ගයෙක්හි පතිත වීමි.
Pali BJT2004. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයි, දුග්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.
Sinhala BJT2004. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2005. ඉතො ච තතියෙ කප්පෙ රාජා සුසඤ්ඤතො{1} අහං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2005. මම මෙයින් තෙවනු කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුසඤ්ඤත නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT2006. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2006. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තම්බපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් තම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTතම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTතම්බපුප්ඵියස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT153. විථිසම්මජ්ජකත්ථෙරාපාදනං.
Sinhala BJT153. වීථිසම්මජ්ජක ස්ථවිරාවදානය
Pali BJT2007. උදෙන්තං සතරංසිංව පීතරංසිංව{2} භානුමං, පණ්ණරසෙ යථා චන්දං නිය්යන්තං ලොකනායකං.
Sinhala BJT2007. උදා වන්නා වූ සූර්‍ය්‍යයා මෙන් ද, රන්වන් රැස් ඇති හිරු මෙන් ද, පණුරැසි දින සඳු මෙන් ද, නික්මෙන්නා වූ බුදුරජුන් දිටිමි.
Pali BJT2008. අට්ඨසට්ඨිසහස්සානි සබ්බෙ ඛීණාසවා අහූ, පරිවාරිංසු සම්බුද්ධං දිපදින්දං නරාසභං.
Sinhala BJT2008. අටසැටදහසක් වූ සියල්ලෝ ක්‍ෂීණාස්‍රවයෝ වූහ. (ඔහු) ද්වීපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජුන් පිරිවැරූහ.
Pali BJT2009. සම්මජ්ජිත්වාන තං වීථිං නීයන්තෙ ලොකනායකෙ, උස්සාපෙසිං ධජං තථෙ විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT2009. බුදුරජුන් නික්මෙන කල්හි (මම) ඒ වීථිය හැමද එහි පිරිසිදු සිතින් ධජයක් එසවීමි.
Pali BJT2010. එකනවුතෙ ඉතො කප්පෙ යං ධජං අභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ධජදානස්සිදං ඵලං.
Sinhala BJT2010. මෙයින් එක්අනූවන කපෙහි යම් ධජයක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධජදානයාගේ මේ විපාක යි.
Pali BJT2011. ඉතො චතුත්ථකෙ කප්පෙ රාජා’හොසිං මහබ්බලො, සබ්බාකාරෙන සම්පන්නො සුධජො ඉති විස්සුතො.
Sinhala BJT2011. මෙයින් සිවුවන කපෙහි සර්‍වාකාරයෙන් සම්පූර්‍ණ වූ සුධජ ය යි ප්‍රසිද්ධ රජෙක් වීමි.
Pali BJT2012. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2012. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විථිසම්මජ්ජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් වීථියසම්මජ්ජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවීථිසම්මජ්ජකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTවීථිසම්මජ්ජකස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT154. කක්කාරුපූජකත්ථෙරාපදානං.
Sinhala BJT154. කක්කාරුපූජක ස්ථවිරාවදානය
Pali BJT2013. දෙවපුත්තො අහං සන්තො පූජයිං සිඛිනායකං, කක්කාරුපුප්ඵං පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2013. දිව්‍යපුත්‍රයෙක් වූ මම සිඛී බුදුරජුන් පිදීමි. කැකිරි මලක් ද ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි.
Pali BJT2014. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2014. මෙයින් එක් තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2015. ඉතො ච නවමෙ කප්පෙ රාජා සත්තුත්තමො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2015. මෙයින් නවවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සත්තුත්තම නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2016. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2016. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කක්කාරුපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTකක්කාරුපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTකක්කාරුපූජකස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT155. මන්දාරවපූජකත්ථෙරාපදානං.
Sinhala BJT155. මන්‍දාරවපූජක ස්ථවිරාවදානය
Pali BJT2017. දෙවපුත්තො අහං සන්තො පූජෙසිං සිඛිනායකං, මන්දාරවෙන පුප්ඵෙන බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2017. දිව්‍යපුත්‍රයෙකු වූ මම සිඛී බුදුරජුන් පිදීමි. මදාරා මලින් ද ඒ බුදුරජුන් පිදීමි.
Pali BJT2018. සත්තාහං ඡදනං ආසි දිබ්බං මාල්යං තථාගතෙ, සබ්බෙ ජනා සමාගන්ත්වා නමස්සිංසු තථාගතං.
Sinhala BJT2018. සත්දිනක් මුළුල්ලෙහි ම තථාගතයන් කෙරෙහි (පිදූ ඒ) දිව මල් වියනක් (මෙන්) විය. සියලු ජනයෝ එක් ව තථාගතයන් වහන්සේට නමස්කාර කළාහු ය.
Pali BJT2019. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2019. මෙයින් එක් තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2020. ඉතො ච දසමෙ කප්පෙ රාජා’හොසිං ජුතින්ධරො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2020. මෙයින් දසවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2021. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2021. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මන්දාරවපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්‍දාරවපූජකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTමන්දාරවපූජකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTමන්‍දාරවපූජකස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT156. කදම්බපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT156. කදම්බපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2022. හිමවන්තස්ස අවිදූරෙ කුක්කුටො නාම පබ්බතො, තම්හි පබ්බතපාදම්හි සත්තබුද්ධා වසන්ති තෙ.
Sinhala BJT2022. හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්‍වතයෙක් විය. ඒ පර්‍වතපාදයෙහි (පසේ) බුදුවරු සත්නමක් වෙසෙත්.
Pali BJT2023. කදම්බං පුප්ඵිතං දිස්වා දීපරාජං’ව උග්ගතං, උභොහත්ථෙහි පග්ගය්හ සත්තබුද්ධෙ සමොකිරිං.
Sinhala BJT2023. උදා වූ සඳු වැනි ව (බබලන) පිපුනු කොළොම් ගසක් දැක (මල්) දොහොතින් ගෙණ සත් පසේ බුදුවරයන් කෙරෙහි පිදීමි.
Pali BJT2024. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං{1}, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2024. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT2025. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ සත්තාසුං පුප්ඵනාමකා{2}, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT2025. මෙයින් දෙඅනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵ නම් වූ සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT2026. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2026. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කදම්බපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTකදම්බපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTකදම්බපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT157. තිණසූලකත්ථෙරාපදානං.
Sinhala BJT157. තිණසූලක ස්ථවිරාවදානය
Pali BJT2027. හිමවන්තස්ස අවිදූරෙ භුතගණො නාම පබ්බතො, වසතෙ’කො ජිනො තත්ථ සයම්භූ ලොකනිස්සටො.
Sinhala BJT2027. හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්‍වතයෙක් විය. එහි සියල්ල තෙමේ ම දැනගත් ලොව හා නො ගැටුනු එක් සිඛී නම් පසේබුදුවරයෙක් වැඩ වෙසෙයි.
Pali BJT2028. තිණසූලෙ ගහෙත්වාන බුද්ධස්ස අභිරොපයිං, එකූනසතසහස්සං කප්පං{1} න විනිපාතිකො.
Sinhala BJT2028. බෝලිද්ද මල් ගෙණ ඒ බුදුරජුන්හට පිරිනැමීමි. (ඒ හේතුවෙන්) එකුන්සියදහස් කපක් මුළුල්ලෙහි දුගතියකට නො ගියෙම් වෙමි.
Pali BJT2029. ඉතො එකාදසෙ කප්පෙ එකො’සිං ධරණීරුහො සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2029. මෙයින් එකොළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධරණීරුහ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2030. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2030. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිණසූලකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසූලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTතිණසූලකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTතිණසූලකස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT158. නාගපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT158. නාගපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2031. සවච්ඡො නාම නාමෙන බ්රාහ්මණො මන්තපාරගූ, පුරක්ඛතො සසිස්සෙහි වසතී පබ්බතන්තරෙ.
Sinhala BJT2031. මන්ත්‍රයන්හි පරතෙරට ගිය නමින් සවච්ජ නම් වූ බමුණෙක් ස්වකීය ශිෂ්‍යයන් සමග පර්‍වතාන්තරයෙහි වෙසෙයි.
Pali BJT2032. පදුමුත්තරො නාම ජිනො ආහුතීනං පටිග්ගහො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT2032. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ පදුමුත්තර නම් ඒ සර්‍වඥ තෙමේ මා (සසරසයුරින්) ගොඩ නගනු කැමැත්තේ මා සමීපයට පැමිණියේ ය.
Pali BJT2033. වෙහාසම්භි චඞ්කමති ධූපෙති{2} ජලතෙ තථා, හාසං මම විදිත්වාන{3} පක්කාමි පාචිනාමුඛො.
Sinhala BJT2033. (පැමිණ) අහසෙහි සක්මන් කරයි. දුමයි. එසේ ම ඇවිලෙයි. (එසේ කොට) මාගේ සතුට දැන ප්‍රාචීන දිශාභිමුඛ ව වැඩියේ ය.
Pali BJT2034. තඤ්ච අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං, නාගපුප්ඵං ගහෙත්වාන ගතමග්ගම්හි ඔකිරිං.
Sinhala BJT2034. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍යය දැක නාමල් ගෙණ (උන්වහන්සේ) වැඩියා වූ මගෙහි විසිර වීමි.
Pali BJT2035. සතසහස්සෙ ඉතො කප්පෙ යං පුප්ඵං ඔකිරිං අහං{4}, තෙන චිත්තප්පසාදෙන දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT2035. මෙයින් සියදහස්වන කපෙහි මම යම් චිත්තප්‍රසාදයෙකින් මල් විසිරැවීම් ද, ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ මම් දුගතියකට නො පැමිණියෙමි.
Pali BJT2036. එකතිංසෙ කප්පසතෙ{5} රාජා ආසිං මහාරථො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2036. තුන්දහස් එක්සිය වන කපෙහි සත්රුවනින් ආඪ්‍ය වූ මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2037. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2037. පිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාගපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTනාගපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTනාගපුප්ඵියස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT159. පුන්නාගපුප්ඵියත්ථොරාපදානං.
Sinhala BJT159. පුන්නාගපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT2038. කානනං වනමොගය්හ වසාමි ලුද්දකො අහං, පුන්නාගං පුප්ඵිතං දිස්වා බුද්ධසෙට්ඨං අනුස්සරිං.
Sinhala BJT2038. වැද්දෙක් වූ මම මහවනයට පිවිස වෙසෙමි. පිපුනු දොඹ ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
Pali BJT2039. තං පුප්ඵං විචිනිත්වාන සුගන්ධං ගන්ධිතං සුභං, ථූපං කරිත්වා පුලිනෙ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT2039. වැල්ලෙහි සෑයක් කොට ඒ මල් නෙලා ශුභ වූ සුවඳ කැවුනු සුගන්‍ධවත් ඒ මල් බුදුරජුන්හට පිරිනැමීමි.
Pali BJT2040. ද්වෙ නවුතෙ අතො කප්පෙ යං පුප්ඵමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT2040. මෙයින් පෙර දෙයානූවන කපෙහි යම් මලෙකින් බුදුරජුන් පිදිම් ද, (ඒ පිණින්) දුගතියක් නො දනිමි. මේ බුද්ධපූජාවෙහි ඵලය යි.
Pali BJT2041. එකම්හි නවුතෙ කප්පෙ එකො ආසිං තමොනුදො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT2041. මෙයින් එකානූවන කපෙහි සත්රුවනින් ආඪ්‍ය මහත් බල ඇති තමෝනුද නම් සක්විති රජෙක් වීමි.
Pali BJT2042. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT2042. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුන්නාගපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාගපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපුන්නාගපුප්ඵියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTපුන්නාගපුප්ඵියස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT160. කුමුදදායකත්ථෙරාපදානං
Sinhala BJT160. කුමුදදායක ස්ථවිරාවදානය
Pali BJT2043. හිමවන්තස්ස අවිදූරෙ මහාජාතස්සරො අහු, පදුමුප්පලසඤ්ඡන්නො පුණ්ඩරීකසමොත්ථටො{1}.
Sinhala BJT2043. හිමවතට නුදුරෙහි රත්පියුම්වලිනුත් උපුල්වලිනුත් ගැවසී ගත් හෙළපියුමින් වැසුනු මහත් වූ ස්වයංජාත (තෙමේ ම හටගත්) විලෙක් විය.
Pali BJT2044. කුකුත්ථො{2} නාම නාමෙන තත්ථාසිං සකුණො තදා, සීලවා බුද්ධිසම්පන්නො පුඤ්ඤාපුඤ්ඤෙසු කොවිදො.
Sinhala BJT2044. එකල්හි සිල්වත් වූ බුද්ධිමත් වූ කුසල් අකුසල් මේ මේ ය යි දැන ගැණීමෙහි දක්‍ෂ වූ කුකුත්‍ථ නම් පක්‍ෂියෙක් වීමි.