Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2401-2500 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඉත්ථං සුදං ආයස්මා අත්ථසන්දස්සකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අත්‍ථසන්‍දස්සක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅත්ථසන්දස්සකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඅත්‍ථසන්‍දස්සකස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT138. එකපසාදනියත්ථෙරාපදානං.
Sinhala BJT138. ඒකපසාදනිය ස්ථවිරාවදානය
Pali BJT1923. නාරදො ඉති මෙ නාමං කෙසවො ඉති මං විදූ, කුසලාකුසලං එසං අගමං බුද්ධසන්තිකං.
Sinhala BJT1923. නාරද යනු මාගේ (කුලදත්තිය) නාමය යි. කෙසව යන (ගෝත්‍රනාමයෙනුදු) මා දැනගණිත්. කුසල් අකුසල් කුමැයි සොයමින් බුදුරජුන් සමීපයට පැමිණියෙමි.
Pali BJT1924. මෙත්තචිත්තො කාරුණිකො අත්ථදස්සී මහාමුනි, අස්සාසයන්තො සත්තෙ සො ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1924. මෛත්‍රීචිත්තයෙන් යුත් කාරුණික වූ පසැස් ඇති මහාමුනි වූ ඒ අත්‍ථදස්සී සර්‍වඥ තෙම සත්ත්‍වයන් අස්වසමින් දහම් දෙසයි.
Pali BJT1925. සකං චිත්තං පසාදෙත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, සත්ථාරං අභිවාදෙත්වා පක්කාමිං පාචිනාමුඛො.
Sinhala BJT1925. සිය සිත පහදවා මුදුනෙහි ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කොට නැගෙනහිර දෙසට ගියෙමි.
Pali BJT1926. සත්තරසෙ කප්පසතෙ රාජා ආසිං මහීපති, අමිත්තතාපනො නාම චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1926. සතළොස්වන කප්සියෙහි මහත් බල ඇති මිහිපති වූ අමිත්තතාපන නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1927. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1927. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකපසාදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ඒකපසාදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඑකපසාදනියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඒකාපසදනියස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT139. සාලපුප්ඵදායකත්ථෙරාපදානං
Sinhala BJT139. සාලපුප්ඵදායක ස්ථවිරාවදානය
Pali BJT1928. මිගරාජා තදා ආසිං අභිජාතො සුකෙසරී, ගිරිදුග්ගං ගවෙසන්තො අද්දසං ලොකනායකං.
Sinhala BJT1928. එකල්හි විශිෂ්ට ජන්ම ඇති මනා කෙසරු ඇති සිහරජෙක් වීමි. ගිරිදුර්‍ගයක් සොයන්නෙම් බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක මෙසේ සිතීමි.)
Pali BJT1929. අයං නුඛො මහාවීරො නිබ්බාපෙති මහාජනං, යන්නූනාහං උපාසෙය්යං දෙවදෙවං නරාසභං.
Sinhala BJT1929. මේ මහාවීරයන් වහන්සේ මහාජනයා (කෙලෙස් ගින්නෙන්) නිවති. මම දේවාතිදේව වූ නරශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජුන් වෙත එළඹෙන්නෙම් නම් මැනැවැ යි.
Pali BJT1930. සාඛං සාලස්ස භඤ්ජිත්වා සකොසං{1} පුප්ඵමාහරිං, උපාගන්ත්වාන සම්බුද්ධං අදාසිං පුප්ඵමුත්තමං.
Sinhala BJT1930. සල් අත්තක් බිඳ මිණි නුමුතු (සල්) මලක් ගෙණ ආමි. සම්බුදුරජුන් වෙත එළඹ එම උතුම් පුෂ්පය පිදීමි.
Pali BJT1931. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සිදං ඵලං.
Sinhala BJT1931. මෙයින් එක්අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
Pali BJT1932. ඉතො ච නවමෙ කප්පෙ විරොචන සනාමකා, තයො ආසිංසු රාජානො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1932. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති විරොචන නම් වූ තුන් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1933. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1933. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාලපුප්ඵදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සාලපුප්ඵදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසාලපුප්ඵදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසාලපුප්ඵදායකස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT140. පියාලඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT140. පියාලඵලදායක ස්ථවිරාවදානය
Pali BJT1934. පාරාධකො{2} තදා ආසිං පරපාණුපරොධකො{3}, පබ්භාරෙ සෙය්යං කප්පෙමි අවිදූරෙ සිඛිසත්ථුනො.
Sinhala BJT1934. එකල්හි (මම) පරපණ නසන වැද්දෙක් වීමි. සිඛී බුදුරජානන් වහන්සේට නුදුරෙහි ගිරි ගුහාවක සයනය කරමි.
Pali BJT1935. සායං පාතඤ්ච පස්සාමි බුද්ධං ලොකග්ගනායකං, දෙය්යධම්මො ච මෙ නත්ථි දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT1935. ලෝකයෙහි අසහාය නායක වූ බුදුරජුන් සවස හා උදාසන ද දැකිමි. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති උන්වහන්සේට දේයධර්‍මයකුදු මට නැත.
Pali BJT1936. පියාලඵලමාදාය අගමං බුද්ධසන්තිකං, පටිග්ගහෙසි භගවා ලොකජෙට්ඨො නරාසභො.
Sinhala BJT1936. පියල් ගෙඩියක් ගෙණ (මම) බුදුරජුන් වෙතට ගියෙමි. ඉක්බිති එය පිළිගැණීම සඳහා බුදුරජුන්හට පැවැරීමි.
Pali BJT1937. තතො පරං උපාදාය පරිවාරං{4} විනායකං, තෙන චිත්තප්පසාදෙන තත්ථ කාලකතො අහං.
Sinhala BJT1937. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එය පිළිගත්තේය. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතුව එහි ම කලුරිය කෙළෙමි.
Pali BJT1938. එකතිංසෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං අහං, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT1938. මම මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵලදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ඵලදානයාගේ මේ විපාකය යි.
Pali BJT1939. ඉතො පණ්ණරසෙ කප්පෙ තයො ආසුං පියාලිනො, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1939. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පියාලී නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1940. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1940. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පියාලඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් පියාලඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපියාලඵලදායකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපියාලඵලදායකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTසොභිතවග්ගො චුද්දසමො.
Sinhala BJTතුදුස්වැනි සෝභිත වර්‍ගය යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසොභිතො සුදස්සනො ච චන්දනො පුප්ඵඡදනො රහො චම්පකපුප්ඵී ච අත්ථසන්දස්සකෙන ච එකපසාදී{1} සාලදදො දසමො ඵලදායකො ගාථායො සත්තති ද්වෙ ච ගණිතායො විභාවිහි.
Sinhala BJTසෝභිත සුදස්සන - චන්‍දන පුප්ඵඡදන රහෝ චම්පකපුප්ඵී - අත්‍ථසන්‍දස්සක සහ ඒකපසාදි සාලද - ඵලදායකැයි වත්දස එය දෙසැත්තෑගකින් - පිඬු කොට මෙහි කියනලදී.
Pali BJTසොභිතවග්ගො චුද්දසමො.
Sinhala BJTසෝභිත වර්‍ගය තුදුස් වැනි යි.
Pali BJT15. ඡත්තවග්ගො
Sinhala BJT15. ඡත්ත වර්‍ගය
Pali BJT141. අතිඡත්තියත්ථෙරාපදානං
Sinhala BJT141. අතිඡත්තිය ස්ථවිරාවදානය
Pali BJT1941. පරිනිබ්බුතෙ භගවති අත්ථදස්සිනරුත්තමෙ, ඡත්තාතිඡත්තං{2} කාරෙත්වා ථූපම්භි අභිරොපයිං.
Sinhala BJT1941. භාග්‍යවත් වූ අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි (උන්වහන්සේගේ) ධාතුචෛත්‍යයෙහි ඡත්‍රය මතුයෙහි ඡත්‍රයක් කරවා පිදීමි.
Pali BJT1942. කාලෙන කාලං ආගන්ත්වා නමස්සිං සත්ථු චෙතියං{3}, පුප්ඵච්ඡදනං කත්වාන ඡත්තම්හි අභිරොපයිං.
Sinhala BJT1942. කලින් කල අවුත් ශාස්තෲන් වහන්සේගේ චෛත්‍යයට නමස්කාර කෙළෙමි. මල්වියනක් ද කොට ඡත්‍රයෙහි (මත) නගා තැබීමි.
Pali BJT1943. සත්තරසෙ කප්පසතෙ දෙවරජ්ජං අකාරයිං, මනුස්සත්තං න ගච්ඡාමි ථූපපූජායි දං ඵලං.
Sinhala BJT1943. (ඒ හේතුවෙන්) සතළොස් කප්සියයක් දිව්‍යරාජ්‍යය කරවීමි. මිනිසත් බවට නො ගියෙමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1944. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1944. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අතිඡත්තියො{4} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අතිඡත්තිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅතිඡත්තියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTඅතිඡත්තියස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT142. ථම්භාරොපකත්ථෙරාපදානං.
Sinhala BJT142. ථම්භාරෝපක ස්ථවිරාවදානය
Pali BJT1945. නිබ්බුතෙ ලොකනාථම්හි ධම්මදස්සිනරාසභෙ, ආරොපෙසිං ධජත්ථම්හං බුද්ධසෙට්ඨස්ස චෙතියෙ.
Sinhala BJT1945. ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධ්වජස්තම්භය (=කොඩි ගස) ක් නැංවීමි.
Pali BJT1946. නිස්සෙණිං මාපයිත්වාන ථූපසෙට්ඨං සමාරුහිං, ජාතිපුප්ඵං ගහෙත්වාන ථූපමහි අභිරොපයිං.
Sinhala BJT1946. ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙණ සෑයෙහි පිදීමි.
Pali BJT1947. අහො බුද්ධො ධම්මො අහො නො සත්ථූසම්පදා, දුග්ගතිං නාභිජානාමි ථූපපූජායි දං ඵලං.
Sinhala BJT1947. බුදුහු ආශ්චර්‍ය්‍යයහ. ධර්‍මය ආශ්චර්‍ය්‍යය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය. (එකී පූජාහේතුවෙන්) දුගතියක් නො දනිමි. ථූපපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1948. චතුනවුතෙ ඉතො කප්පෙ ථූපසිඛරනාමකා, සොළසාසිංසු රාජානො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1948. මෙයින් සිවුඅනූවන කපෙහි මහත් බල ඇති ථූපසිඛර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1949. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1949. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ථම්භාරොපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ථම්භාරෝපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTථම්භාරොපකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTථම්භාරෝපකස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT143. වෙදිකාරකත්ථෙරාපදානං
Sinhala BJT143. වේදිකාරක ස්ථවිරාවදානය
Pali BJT1950. නිබ්බුතෙ ලොකනාථම්හි පියදස්සී නරුත්තමෙ, පසන්නචිත්තො සුමනො මුත්තාවෙදිමකාසහං.
Sinhala BJT1950. ලෝකනායක වූ පියදස්සී බුදුරජුන් පිරිනිවී කල්හි මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් මුතුමුවාවේදිකාවක් කෙළෙමි.
Pali BJT1951. මණීහි පරිවාරෙත්වා අකාසිං වෙදිමුත්තමං, වෙදිකාය මහං කත්වා තත්ථ කාලකතො අහං.
Sinhala BJT1951. මිණියෙන් පිරිවර කොට උතුම් වේදිකාවක් (පිළක්) කෙළෙමි. මම ඒ වේදිකාපූජාව කොට එහි කලුරිය කෙළෙමි.
Pali BJT1952. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, මණී ධාරෙන්ති ආකාසෙ පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT1952. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ යම් යම් යෝනියක උපදිම් ද (ඒ හේතුවෙන්) අහසෙහි මිණිරුවන්හු දරත්. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1953. සොළසෙ ‘තො කප්පසතෙ මණිප්පභාසනාමකා, බත්තිංසාසිංසු රාජානො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1953. මෙයින් සොළොස්කප්සියෙහි මහත් බල ඇති මණිප්පභාස නම් දෙතිස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1954. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1954. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වෙදිකාරකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් වේදිකාරක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTවෙදිකාරකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTවේදිකාරක ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT144. සපරිවාරියත්ථෙරාපදානං.
Sinhala BJT144. සපරිවාරිය ස්ථවිරාවදානය
Pali BJT1955. පදුමුත්තරො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො, ජලිත්වා අග්ගික්ඛන්ධො’ව සම්බුද්ධො පරිනිබ්බුතො.
Sinhala BJT1955. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර නම් බුදුහු ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.
Pali BJT1956. නිබ්බුතෙ ච මහාවීරෙ ථූපො විත්ථාරිකො අහු, අහොරත්තං{1} උපට්ඨෙන්ති ධාතුගෙහෙ වරුත්තමෙ.
Sinhala BJT1956. මහාවීර වූ බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි (උන්වහන්සේගේ දා නිදන් කළ) මහත් සෑයෙක් විය. අති උතුම් දාගෙයට (සැදැහැතියෝ) දිවාරෑදෙක්හි උවැටැන් කෙරෙත්.
Pali BJT1957. පසන්නචිත්තො සුමනො අකං චන්දනවෙදිකං, දීයති ධූමක්ඛන්ධො ච{2} ථූපානුච්ඡවිකො තදා.
Sinhala BJT1957. පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (එහි) සඳුන් වේදිකාවක් කෙළෙමි. එකල්හි සෑයට සුදුසු වූ සඳුන් දුම් ද දින.
Pali BJT1958. භවෙ නිබ්බත්තමානම්හි දෙවත්තෙ අථ මානුසෙ, ඔමත්තං මෙ න පස්සාමි පුබ්බකම්මස්සිදං ඵලං
Sinhala BJT1958. භවයෙහි දිවඅත්බව්හි හෝ මිනිසත්බව්හි හෝ උපදනා කල්හි මාගේ ලාමක බවක් නො දකිමි. පූර්‍වකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1959. පඤ්චදසෙ කප්පසතෙ ඉතො අට්ඨජනා අහු, සබ්බෙ සමත්තනාමා තෙ චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1959. මෙයින් එක්දහස් පන්සියවන කපෙහි මහත් බල ඇති සමත්ත නම් වූ ඒ සියලු සක්විති රජවරු අටදෙනෙක් වූහ.
Pali BJT1960. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1960. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සපරිවාරියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් සපරිවාරිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTසපරිවාරියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසපරිවාරියස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT145. උම්මාපුප්ඵියථෙරාපදානං.
Sinhala BJT145. උම්මාපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1961. නිබ්බුතෙ ලොකනාථම්භි{*} අහුතීනං පටිග්ගහෙ, සිද්ධත්ථම්හි භගවති මහාථූපමහො අහු.
Sinhala BJT1961. ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට පාත්‍ර වූ ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහාචෛත්‍ය පූජාවක් විය.
Pali BJT1962. මහෙ පවත්තමානම්භි සිද්ධත්ථස්ස මහෙසිනො, උම්මාපුප්ඵං ගහෙත්වාන ථූපම්හි අභිරොපයිං.
Sinhala BJT1962. සිදුහත් බුදුරජුන්ට පූජාව පවත්නා කල්හි (මම) දියබෙරලිය මල් ගෙණ සෑයට පිදීමි.
Pali BJT1963. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ථූපපූජායිදං ඵලං.
Sinhala BJT1963. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1964. ඉතො ච නවමෙ කප්පෙ සොමදෙවසනාමකා, පඤ්චාසීති ‘සු රාජානො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1964. මෙයින් නවවන කපෙහි මහත් බල ඇති සෝමදේව නම් වූ පස්අසූ සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1965. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1965. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උම්මාපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් උම්මාපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඋම්මාපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඋම්මාපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT146. අනුලෙපදායකත්ථෙරාපදානං.
Sinhala BJT146. අනුලේපදායක ස්ථවිරාවදානය
Pali BJT1966. අනොමදස්සීමුනිනො බොධිවෙදිමකාස’හං, සුධාය පිණ්ඩං දත්වාන පාතිකම්මමකාය හං{1}.
Sinhala BJT1966. මම අනෝමදස්සී බුදුරජානන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩල වූ) වේදිකාවක් කරවීමි. (එසේ ම) මම සුණුයෙන් අලෙව් පිඬු දී (මතියෙන්) මටහම් කෙළෙමි.
Pali BJT1967. දිස්වා තං සුකතං කම්මං අනොමදස්සී නරුත්තමො, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1967. ශාස්තෘ වූ අනෝමදස්සී නරශ්‍රේෂ්ඨ තෙම මැනැවින් කරණ ලද ඒ කර්‍මය දැක භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාව වදාළේ ය.
Pali BJT1968. “ඉමිනා සුධාකම්මෙන චෙතනාපණිධීහි ච, සම්පත්තිං අනුභොත්වාන දුක්ඛස්සන්තං කරිස්සති.”
Sinhala BJT1968. (මෙතෙම) මේ සුණුවම් හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධිය හේතු කොට ගෙණ ද සම්පත් අනුභව කොට දුක් කෙළවර කරන්නේය (කියායි).
Pali BJT1969. පසන්න මුඛවණ්ණොම්හි එකග්ගො සුසමාහිතො, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1969. (මම) පහන් වූ මුව පැහැ ඇත්තෙම් වෙමි. එකඟ වූයෙම් සන්හුන් වූයෙම් සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
Pali BJT1970. ඉතො කප්පසතෙ ආසිං පරිපුණ්ණෙ අනූනකෙ, රාජා සබ්බඝනො නාම චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1970. මෙයින් නො අඩුව කප් සියයක් සම්පූර්‍ණ වූ කල්හි සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1971. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1971. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අනුලෙපදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් අනුලේපදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඅනුලෙපදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTඅනුලේපදායකස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT147. මග්ගදායකත්ථෙරාපදානං
Sinhala BJT147. මග්ගදායක ස්ථවිරාවදානය
Pali BJT1972. උත්තරිත්වාන නදිකං වනං ගච්ඡති චක්ඛුමා, තමද්දසාසිං සම්බුද්ධං සිද්ධත්ථං වරලක්ඛණං.
Sinhala BJT1972. පසැස් ඇති බුදුරජ තෙම කුඩා ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති ඒ සිද්ධාර්‍ත්‍ථ සම්බුදුරජුන් දිටිමි.
Pali BJT1973. කුද්දාලපිටකමාදාය සමං කත්වාන තං පථං, සත්ථාරං අභිවාදෙත්වා සකං චිත්තං පසාදයිං.
Sinhala BJT1973. උදැල්ල හා කූඩය ද ගෙණ ඒ මග සම කොට ශාස්තෲන් වහන්සේ වැඳ සියසිත පැහැද වීමි.
Pali BJT1974. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි මග්ගදානස්සිදං ඵලං.
Sinhala BJT1974. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මාර්‍ගදානයාගේ මේ විපාකය යි.
Pali BJT1975. සත්තපඤ්ඤාසකප්පම්හි එකො ආසිං ජනාධිපො, නාමෙන සුප්පබුද්ධොති නායකො සො නරිස්සරො.
Sinhala BJT1975. සත්පණස්වන කපෙහි ජනාධිපති වූ නමින් සුප්පබුද්ධ නම් වූ නරශ්‍රේෂ්ඨ වූ එක් සක්විති රජෙක් වීමි.
Pali BJT1976. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1976. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මග්ගදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් මග්ගදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTමග්ගදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTමග්ගදායකස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT148. ඵලකදායකත්ථෙරාපදානං.
Sinhala BJT148. ඵලකදායක ස්ථවිරාවදානය
Pali BJT1977. යානකාරො පුරෙ ආසිං දාරුකම්මෙ සුසික්ඛිතො, චන්දනං ඵලකං කත්වා අදාසිං ලොකබන්ධුනො.
Sinhala BJT1977. පෙර දැවකම්හි මැනැවින් හික්මුනු වඩුවෙක් වීමි. (මම) සඳුන් පුවරුවක් කොට ලෝකබන්‍ධු වූ බුදුරජානන් වහන්සේට දුනිමි.
Pali BJT1978. පභාසති ඉදං ව්යම්හං සුවණ්ණස්ස සුනිම්මිතං, හත්ථියානං අස්සයානං දිබ්බයානං උපට්ඨිතං.
Sinhala BJT1978. (ඒ හේතුවෙන්) රනින් නිම වූ මේ විමන බබලයි. හස්තියාන ද අශ්වයාන ද දිව්‍යමය යාන ද එළඹ සිටියේ වෙයි.
Pali BJT1979. පාසාදා සිවිකා චෙව නිබ්බත්තන්ති යදිච්ඡකං, අක්ඛොභං රතනං මය්හං ඵලකස්ස ඉදං ඵලං.
Sinhala BJT1979. ප්‍රාසාදයෝ ද සිවිකාවෝ ද රිසි පමණ උපදිත්. මාහට තහවුරු රුවන් වෙයි. සඳුන් පුවරු දීමෙහි මේ විපාකය යි.
Pali BJT1980. එකනවුතෙ ඉතො කප්පෙ ඵලකං යමහං දදිං, දුග්ගතිං නාභිජානාමි ඵලකස්ස ඉදං ඵලං.
Sinhala BJT1980. මම මෙයින් එක් අනූවන කපෙහි යම් පුවරු දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුවරු දනෙහි මේ විපාකයි.
Pali BJT1981. සත්තපඤ්ඤාසකප්පම්හි චතුරො නිම්මිතව්හයා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1981. සත්පණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් සිවු සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1982. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1982. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵලකදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් ඵලකදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTඵලකදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඵලකදායකස්ථවිරාවදානය අටවැනි යි.