Pali BJT1855. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1855. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඤාණසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඤාණසඤ්ඤකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඤාණසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT129. ගන්ධපුප්ඵියත්ථෙරාපදානං.{*}
Sinhala BJT129. ගන්‍ධපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1856. සුවණ්ණවණ්ණො සම්බුද්ධො විපස්සී දක්ඛිණාරහො, පුරක්ඛතො සාවකෙහි ආරාමා අභිනික්ඛමි.
Sinhala BJT1856. දක්‍ෂිණාර්‍හ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවැරුණාහු ආරාමයෙන් නික්මුනු සේක.
Pali BJT1857. දිස්වාන’හං බුද්ධසෙට්ඨං සබ්බඤ්ඤුං තමනාසකං, පසන්නචිත්තො සුමනො ගන්ධපුප්ඵං{2} අපූජයිං.
Sinhala BJT1857. මම මොහඳුරු දුරු කරන්නා වූ සර්‍වඥ වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ දැක පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සුවඳමල් පිදීමි.
Pali BJT1858. තෙන චිත්තප්පසාදෙන දිපදින්දස්ස තාදිනො, හට්ඨො හට්ඨෙන චිත්තෙන පුන වන්දිං තථාගතං.
Sinhala BJT1858. ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජුන් කෙරෙහි (ඇතිකරගත්) ඒ චිත්තප්‍රාසාදය හේතු කොට ගෙන සතුටු වූයෙම් සතුටු සිතින් නැවත තථාගතයන් වැන්දෙමි.
Pali BJT1859. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1859. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1860. එකතාළීසි’තො කප්පෙ චරණො{3} නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1860. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති චරණ නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1861. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1861. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගන්ධපුප්ඵියො{4} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTගන්ධපුප්ඵියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTගන්‍ධපුප්ඵියස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT130. පදුමපූජකත්ථෙරාපදානං.
Sinhala BJT130. පදුමපූජක ස්ථවිරාවදානය
Pali BJT1862. හිමවන්තස්ස අවිදූරෙ ගොතමො නාම පබ්බතො, නානාරුක්ඛෙහි සඤ්ඡන්නො මහාභූතගණාලයො.
Sinhala BJT1862. හිමවතට නුදුරෙහි වෘක්‍ෂයන්ගෙන් ගැවසී ගත් මහාභූත සමූහයාට වාසස්ථාන වූ ගෞතම නම් පර්‍වතයක් විය.
Pali BJT1863. වෙමජ්ඣම්භි ච තස්සාසි අස්සමො අභිනිම්මිතො, පුරක්ඛතො සසිස්සෙහි වසාමි අස්සමෙ අහං.
Sinhala BJT1863. ඒ මධ්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්‍රමයක් විය. මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් අසපුවෙහි වෙසෙමි.
Pali BJT1864. “ආයන්තු මෙ සිස්සගණා පදුමං ආහරන්තු මෙ, බුද්ධපූජං කරිස්සාම දිපදින්දස්ස තාදිනො”
Sinhala BJT1864. “මාගේ ශිෂ්‍ය සමූහයෝ පැමිණෙත්වා! මට පියුම් ගෙණ එත්වා! ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේට පූජා කරන්නෙමු.”
Pali BJT1865. එවන්ති තෙ පටිස්සුත්වා පදුමං ආහරිංසු මෙ, තත්ථ{5} නිමිත්තං කත්වා’හං බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT1865. ඔහු එසේය යි මට පිළිවදන් දී පියුම් ගෙණාහ. එසේ ම මම (බුදුරජානන් වහන්සේ උදෙසා) නිමිත්තක් කොට ඒ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
Pali BJT1866. සිස්සෙ තදා සමානෙත්වා සාධුකං අනුසාසහං, මා ඛො තුම්හෙ පමජ්ජිත්ථ අප්පමාදො සුඛාවහො.
Sinhala BJT1866. එකල්හි ශිෂ්‍යයන් රැස් කරවා මම මනා කොට අනුශාසනා කෙළෙමි: “තෙපි පමා නො වවු. අප්‍රමාදය සුව එළවන්නේ වෙයි” (කියායි.)
Pali BJT1867. එවං සමනුසාසිත්වා තෙ සිස්සෙ{1} වචනක්ඛමෙ, අප්පමාදගුණෙ යුත්තො තදා කාලකතො අහං.
Sinhala BJT1867. වචනක්‍ෂම (=කීකරු) වූ ස්වකීය ශිෂ්‍යයනට මෙසේ අනුශාසනා කොට එකල්හි මම අප්‍රමාදී ගුණයෙහි යෙදුනෙම් කලුරිය කෙළෙමි.
Pali BJT1868. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1868. මෙයින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1869. එකපඤ්ඤාසකප්පම්භි රාජා ආසිං ජලුත්තමො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1869. එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ජලුත්තම නම් සක්විතිරජෙක් වීමි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTපදුමපූජකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපදුමපූජකස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසෙරෙය්යකො පුප්ඵථූපී පායසො’දකි{2} ථොමකො, ආසනී ඵලසඤ්ඤී ච ගන්ධපදුමපුප්ඵියො, පඤ්චුත්තරසතා ගාථා භණිතා අත්ථදස්සිහි.
Sinhala BJTසෙරෙය්‍යක පුප්ඵථූපී පායාසී උදකි ථොමක ආසනී ඵලසඤ්ඤී ගන්‍ධ පදුමපුප්ඵිය වත්ප සක් වැඩි සියක් ගයින් මෙහි කියවිනි.
Pali BJTසෙරෙය්යකවග්ගො තෙරසමො.
Sinhala BJTසෙරෙය්‍යකවර්‍ගය තෙළෙස්වැනියි.
Pali BJT14. සොභිතවග්ගො
Sinhala BJT14. සෝභිත වර්‍ගය
Pali BJT131. සොභිතත්ථෙරාපදානං.
Sinhala BJT131. සෝභිත ස්ථවිරාවදානය
Pali BJT1870. පදුමුත්තරො නාම ජිනො ලොකජෙට්ඨො නරාසභො, මහතො ජනකායස්ස දෙසෙති අමතං පදං.
Sinhala BJT1870. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මහත් වූ ජනසමූහයාට අමෘතපදය (නිවණ) දේශනා කරණ සේක.
Pali BJT1871. තස්සාහං වචනං සුත්වා වාචාසභිමුදීරයිං{3}, අඤ්ජලිං පග්ගහෙවොන එකග්ගො ආසහං තදා.
Sinhala BJT1871. මම උන්වහන්සේ විසින් වදාරණ ලද උතුම් වචන අසා එකල්හි ඇඳිලි බැඳගෙණ එකඟ සිත් ඇත්තෙම් වීමි. බුදුනුවණ ද මෙසේ පැසසීමි:
Pali BJT1872. යථා සමුද්දො උදධීනමග්ගො, නෙරූ නගානං පවරො සිලුච්චයො, තථෙව යෙ චිත්තවසෙන වත්තරෙ, න බුද්ධඤාණස්ස කලං උපෙන්ති තෙ.
Sinhala BJT1872. “යම් සේ මහසයුර ජලාශයනට අග්‍ර වේ ද, සිනේරු පර්‍වතය පර්‍වතයනට අග්‍ර වේ ද, එසේ ම යම් කෙනෙක් සචේතන වශයෙන් පවතිත් නම්, ඔහු බුදුනුවණින් කලාවකට ද නො පැමිණෙත්. (හැම නුවණට වඩා අග්‍රය” කියායි).
Pali BJT1873. ධම්මෙ විධිං{4} ඨපෙත්වාන බුද්ධො කාරුණිකො ඉසි, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1873. එකල්හි කාරුණික ඍෂි වූ බුදුරජානන් වහන්සේ ධර්‍මන්‍යාය පිහිටුවා භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT1874. “යො සො ඤාණං පකිත්තෙසි බුද්ධම්හි ලොකනායකො, කප්පානං සතසහස්සං දුග්ගතිං න ගමිස්සති.
Sinhala BJT1874. “ලෝක නායක බුදුරජුන් විෂයෙහි වූ නුවණ යමෙක් ප්‍රශංසා මුඛයෙන් පැවසී ද, (ඒ හේතුවෙන්) හෙතෙම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යන්නේ ය.
Pali BJT1875. කිලෙසෙ ඣාපයිත්වාන එකග්ගො සුසමාහිතො, සොභිතො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො”
Sinhala BJT1875. එකඟ ව සන්සුන් ව කෙලෙස් දවා නමින් සෝභිත නම් වූ ශාස්තෘශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
Pali BJT1876. පඤ්ඤාසෙ කප්පසහස්සෙ සත්තෙවාසුං යසුග්ගතා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1876. මෙයින් පණස්දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති යසුග්ගත නම් සත් සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT1877. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා,{1} තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1877. මා විසින් ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ වනසන ලදහ. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහ. මේ අයුරින් බුදුසසුන කරණලදී.
Pali BJT1878. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1878. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොභිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සෝභිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසොභිතත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසෝභිතස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT132. සුදස්සනත්ථෙරාපදානං.
Sinhala BJT132. සුදස්සන ස්ථවිරාවදානය
Pali BJT1879. විතත්ථානදියා{2} තීරෙ පිලක්ඛො{3} ඵලිතො අහු, තාහං රුක්ඛං ගවෙසන්තො අද්දසං ලොකනායකං.
Sinhala BJT1879. විතස්තා නදී තීරයෙහි පුළිලගසක් පල ගත්තේ විය. මම එම ගස සොයන්නෙම් ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1880. කෙතකං පුප්ඵිතං දිස්වා වණ්ටෙ ඡෙත්වාන’හං තදා, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJT1880. එකල්හි මම පිපුනු වැටකේගසක් දැක (එයින් මලක්) නටුවෙන් කඩා ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි. (කෙසේ ද යත්:)
Pali BJT1881. යෙන ඤාණෙන පත්තො’සි අච්චුතං අමතං පදං, තං ඤාණං අභිපූජෙමි බුද්ධසෙට්ඨ මහාමුනි.
Sinhala BJT1881. “මහාමුනීන් වහන්ස, බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේ අච්‍යුත නම් වූ අමෘතපදසංඛ්‍යාත නිවණට යම් නුවණක් කරණ කොට ගෙණ පැමිණිසේක් ද, එම නුවණට පුදමි” (කියායි).
Pali BJT1882. ඤාණම්භි පූජං කත්වාන පිලක්ඛං{4} අද්දසං අහං, පටිලද්ධොම්භි තං පඤ්ඤං{5} ඤාණපූජායිදං ඵලං.
Sinhala BJT1882. ඒ බුදුරජානන් වහන්සේගේ සර්‍වඥතාඥාන විෂයෙහි පුද කොට පුලිල ගස දිටිමි. (ඒ පූජාහේතුවෙන්) ඒ ප්‍රඥාව ලැබුයෙම් වෙමි. ඤාණ පූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1883. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ඤාණපූජායිදං ඵලං.
Sinhala BJT1883. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1884. ඉතො තෙරසකප්පම්භි ද්වාදසාසුං ඵලුග්ගතා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1884. මෙයින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඵලුග්ගත නම් දොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT1885. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1885. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුදස්සනො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුදස්සන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසුදස්සනත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTසුදස්සනස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT133. චන්දනපූජකත්ථෙරාපදානං.
Sinhala BJT133. චන්‍දනපූජක ස්ථවිරාවදානය
Pali BJT1886. චන්දභාගානදීතීරෙ අහොසිං කින්නරො තදා, පුප්ඵභක්ඛො ච’හං ආසිං පුප්ඵනිවසනො තථා{6}.
Sinhala BJT1886. එකල්හි මම චන්‍ද්‍රභාගා නදීතීරයෙහි කිඳුරෙක් වීමි. මම මල් අනුභව කරන්නෙම් එසේ ම මල්මුවා හඳනා ඇත්තෙම් ද වීමි.
Pali BJT1887. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨා නරාසභො, විපිනග්ගෙන{7} නිය්යාසි හංසරාජාව අම්බරෙ.
Sinhala BJT1887. නරශ්‍රේෂ්ඨ වූ ලෝකජ්‍යේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවතුන් වහන්සේ ද අහසෙහි හංසරාජයකු මෙන් වනහිසින් නික්මුනු සේක. (ඒ දුටු මම මෙසේ කීමි:)
Pali BJT1888. “නමො තෙ පුරිසාජඤ්ඤ චිත්තං තෙ සුවිසොධිතං, පසන්නමුඛනෙත්තො’සි{8} විප්පසන්නමුඛින්ද්රියො.
Sinhala BJT1888. “පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ ප්‍රසන්න වූ මුඛය හා නේත්‍ර ඇතිසේක. අතිශයින් පහන් වූ මුහුණ හා ඉන්‍ද්‍රියයන් ඇතිසේක.”
Pali BJT1889. ඔරොහිත්වාන ආකාසා භූරිපඤ්ඤො සුමෙධසො, සඞ්ඝාටිං පත්ථරිත්වාන පල්ලඞ්කෙන උපාවිසි.
Sinhala BJT1889. (ඉක්බිති) මහාප්‍රාඥ වූ මනා නුවණැති සර්‍වඥ තෙමේ අහසින් බැස සඟළ සිවුර අතුරා පර්‍ය්‍යඞ්කයෙන් (අසරමිණිය ගොතා) වැඩහුන්නේ ය.
Pali BJT1890. විලීනං චන්දනාදාය අගමාසිං ජිනන්තිකං, පසන්නචිත්තො සුමනො බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT1890. වුරුණු සඳුන් ගෙණ බුදුරජුන් වෙත ගියෙමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස්සහිත වූයෙම් සර්‍වඥයන් වහන්සේට පිදීමි.
Pali BJT1891. අභිවාදෙත්වාන සම්බුද්ධං ලොකජෙට්ඨං නරාසභං, පාමොජ්ජං ජනයිත්වාන සක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT1891. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට අභිවාදනය කොට සතුට උපදවා උත්තරදිශාභිමුඛ ව ගියෙමි.
Pali BJT1892. අට්ඨාරසෙ කප්පසතෙ චන්දනං යං අපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1892. එක්දහස්අටසියවන කපෙහි යම් සඳුන් පූජාවක් කෙළෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1893. චතුද්දසෙ කප්පසතෙ ඉතො ආසිංසු තෙ තයො, රොහිතා{1} නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1893 මෙයින් එක්දහස්හාරසියවන කපෙහි නමින් රෝහිත නම් වූ මහත් බල ඇති ඒ සක්විති රජවරු තිදෙනෙක් වූහ.
Pali BJT1894. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1894. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චන්දනපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චන්‍දනපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTචන්දනපූජකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTචන්‍දනපූජකස්ථවිරාවදානය තෙවැනි යී.
Pali BJTඅට්ඨමභාණවාරං.
Sinhala BJTඅටවැනි බණවරයි.
Pali BJT134. පුප්ඵඡදනියත්ථෙරාපදානං.
Sinhala BJT134. පුප්ඵඡදන ස්ථවිරාවදානය
Pali BJT1895. සුනන්දො නාම නාමෙන බ්රාහ්මණො මන්තපාරගූ, අජ්ඣායකො යාජයොගො{2} වාජපෙය්යං අයාජයී.
Sinhala BJT1895. මන්ත්‍රයන්හි පරතෙරට ගිය වේද හදාරන්නා වූ යාග කිරීමෙහි යෙදුනු, නමින් සුනන්‍ද නම් බමුණු තෙමේ මහායාගයක් කෙළේ ය.
Pali BJT1896. පදුමුත්තරො ලොකවිදූ අග්ගො කාරුණිකො ඉසි, ජනතං අනුකම්පන්තො අම්බරෙ චඞ්කමි තදා.
Sinhala BJT1896. අග්‍රකාරුණික වූ ඍෂි වූ පදුමුත්තර සර්‍වඥ තෙමේ ජනසමූහයාට අනුකම්පා කරන්නේ එකල්හි අහසෙහි සක්මන් කෙළේ ය.
Pali BJT1897. චඞ්කමිත්වාන සම්බුද්ධො සබ්බඤ්ඤූ ලොකනායකො, මෙත්තාය අඵරී සත්තෙ අප්පමාණං නිරූපධි.
Sinhala BJT1897. උපධි විරහිත ලෝකනායක වූ සර්‍වඥ බුදුරජ තෙමේ අහසෙහි සක්මන් කොට අප්‍රමාණ සත්ත්‍වයා කෙරෙහි මෛත්‍රිය පැතිරවීය.
Pali BJT1898. වණ්ටෙ ඡෙත්වාන පුප්ඵානි බ්රාහ්මණො මන්තපාරගූ, සබ්බෙ සිස්සෙ සමානෙත්වා ආකාසෙ උක්ඛිපාපයි.
Sinhala BJT1898. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණුතෙම මල් නටුවෙන් නෙළා සියලු ශිෂ්‍යයන් රැස් කරවා අහසෙහි ලැවී ය.
Pali BJT1899. යාවතා නගරං ආසි පුප්ඵානං ඡදනං තදා, බුද්ධස්ස ආනුභාවෙන සත්තාහං න විගච්ඡථ.
Sinhala BJT1899. එකල්හි නගරය යම් තාක් වී නම්, ඒතාක් අහස මල්වියනක් මෙන් විය. බුද්ධානුභාවයෙන් එය සතියක් මුළුල්ලෙහි (ඉවත් ව) නො ගියේ ය.
Pali BJT1900. තෙනෙව සුක්කමූලෙන අනුභොත්වාන සම්පදා, සබ්බාසවෙ පරිඤ්ඤාය තිණ්ණො ලොකෙ විසත්තිකං.
Sinhala BJT1900. එ ම කුශල මූලය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට සියලු ආස්‍රවයන් (ප්‍රහාණපරිඥාවශයෙන්) දැන් ලෝකයෙහි විසත්තිකා සංඛ්‍යාත තෘෂ්ණාව තරණය කරණ ලදී.
Pali BJT1901. එකාදසෙ කප්පසතෙ පඤ්චතිංසා’සු ඛත්තියා, අම්බරංස සනාමා තෙ චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1901. එක්දහස්එක්වන කපෙහි මහත් බල ඇති අම්බරංස නම් වූ ඒ පන්තිස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුප්ඵජදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපුප්ඵඡදනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTපුප්ඵඡදනියස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT135. රහොසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT135. රහෝසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1902. හිමවන්තස්සාවිදූරෙ වසභො නාම පබ්බතො, තස්මිං පබ්බතපාදම්හි අස්සමො ආසි මාපිතො.
Sinhala BJT1902. හිමවතට නුදුරෙහි වසභ නම් පර්‍වතයක් විය. එම පර්‍වත පාදයෙහි (මට) අසපුවක් මැවිනි.
Pali BJT1903. තීණි සිස්සසහස්සානි වාචෙසිං බ්රාහ්මණො{1} තදා, සංහරිත්වාන{2} තෙ සිස්සෙ එකමන්තං උපාවිසිං.
Sinhala BJT1903. එකල්හි බමුණෙක් වූ මම තුන් දහසක් සිසුනට ඉගැන්වීමි. ඒ සිසුන් රැස් කරවා විවෙකස්ථානයක හුන්නෙමි.
Pali BJT1904. එකමන්තං නිසීදිත්වා බ්රාහ්මණො මන්තපාරගූ, බුද්ධවෙදං{3} ගවෙසන්තො ඤාණෙ චිත්තං පසාදයිං.
Sinhala BJT1904. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණ වූ මම එකත්පසෙක හිඳ බුද්ධධර්‍මය සොයන්නෙම් (මෙනෙහි කරන්නෙම්) බුද්ධඥානයෙහි සිත පැහැදවීමි.
Pali BJT1905. තත්ථ චිත්තං පසාදෙත්වා නිසීදිං පණ්ණසන්ථරෙ, පල්ලඞ්කමාභුජිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT1905. ඒ මම එහි සිත පහදවා ගෙණ පන්ඇතිරියක හුනිමි. එහි පලක් බැඳගෙණ ම කලුරිය කෙළෙම් ද වෙමි.
Pali BJT1906. එකතිංසෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි ඤාණසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1906. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි බුද්ධඥානය පිළිබඳ සංඥාවක් ලැබූයෙම් ද, යම් (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඥානසංඥාවෙහි මේ විපාකය යි.
Pali BJT1907. සත්තවීසතිකප්පම්හි{4} රාජා සිරිධරො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1907. සත්විසිවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සිරිධර නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1908. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1908. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රහොසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් රහෝසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTරහොසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTරහෝසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT136. චම්පකපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT136. චම්පකපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1909. කණිකාරංව ජොතන්තං නිසින්නං පබ්බතන්තරෙ, ඔභාසෙන්තං දිසා සබ්බා ඔසධිං විය තාරකං.
Sinhala BJT1909. සුපිපි කිණිහිරිරුකක් මෙන් බබලන කඳුඅතුරෙහි හුන්නා වූ ඕසධී තාරකාවක් මෙන් සියලු දිගුන් ආලොකවත් කරණ (බුදුරජුන් දිටිමි.)
Pali BJT1910. තයො මාණවකා ආසුං සකෙ සිප්පෙ සුසික්ඛිතා, ඛාරිභාරං ගහෙත්වාන අන්වෙන්ති මම පච්ඡතො.
Sinhala BJT1910. ස්වකීය බ්‍රාහ්මණධර්‍ම සඞ්ඛ්‍යාත ශිල්පයෙහි මැනැවින් හික්මුනු මාණවකයෝ තිදෙනෙක් වූහ. ඔහු පිරිකරබර ගෙණ මා පසුපසින් එත්.
Pali BJT1911. පුටකෙ සත්ත පුප්ඵානි නික්ඛිත්තානි තපස්සිනා, ගහෙත්වා තානි ඤාණම්භි වෙස්සභුස්සාභිරොපයිං.
Sinhala BJT1911. තවුසකු විසින් ගොටුවක තබන ලද මල් සතක් ගෙණ ඒ මල් වෙස්සභූ බුදුරජුන්ගේ සර්‍වඥතාඥානයට පිදීමි.
Pali BJT1912. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ඤාණපූජායිදං ඵලං.
Sinhala BJT1912. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඤාණපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1913. එකූනතිංසෙ කප්පම්හි විපුලාභ සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1913. එකුන්තිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විපුලාභ නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1914. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1914. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චම්පකපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ ආයුෂ්මත් චම්පකපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTචම්පකපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTචම්පකපුප්ඵියස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT137. අත්ථසන්දස්සකෙත්ථරාපදානං.
Sinhala BJT137. අත්‍ථසන්‍දස්සක ස්ථවිරාවදානය
Pali BJT1915. විසාලමාලෙ ආසීනො අද්දසං ලොකනායකං, ඛීණාසවං බලප්පත්තං භික්ඛුසඞ්ඝපුරක්ඛතං.
Sinhala BJT1915. විශාල ලෙස පිපී පැතිරී ගිය මල් ඇති වෙනෙහි හුන්නෙම් ලෝකනායක වූ ක්‍ෂීණාස්‍රව වූ බලප්‍රාප්ත වූ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1916. සතසහස්සා තෙවිජ්ජා ඡළභිඤ්ඤා මහිද්ධිකා, පරිවාරෙන්ති සම්බුද්ධං කො දිස්වා නප්පසීදති.
Sinhala BJT1916. ත්‍රිවිද්‍යාවෙන් යුත් ෂඩභිඥ වූ මහත් ඍද්ධි ඇති සියක් දහසක් රහත්හු සර්‍වඥයන් වහන්සේ පිරිවරත්. එය දැක කවරෙක් නො පහදී ද?.
Pali BJT1917. ඤාණෙ උපනිධා යස්ස න විජ්ජති සදෙවකෙ, අනන්තඤාණං සම්බුද්ධං කො දිස්වා නප්පසීදති.
Sinhala BJT1917. යමකුගේ නුවණෙහි සසඳා දැක්විය හැකි උපමාවක් දෙවියන් සහිත ලෝකයෙහි නැද්ද, අනන්තඤාණ ඇති ඒ සර්‍වඥයන් වහන්සේ දැක කවරෙක් නො පහදී ද.
Pali BJT1918. ධම්මකායඤ්ච දීපෙන්තං කෙවලං රතනාකරං, විකොපෙතුං{1} න සක්කොන්ති කො දිස්වා නප්පසීදති.
Sinhala BJT1918. හුදු රත්නාකරයක් මෙන් දක්වන දහම්කය ද විකෝපනය කරන්නට නො හැකි වෙත්. (එබඳු උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?.
Pali BJT1919. ඉමාහි තීහි ගාථාහි නාරදො සරගච්ඡියො{2}, පදුමුත්තරං ථවිත්වාන සම්බුද්ධං අපරාජිතං.
Sinhala BJT1919. නාරද සරගච්ඡිය (නම් වූ මම) පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජුන්හට මේ තුන් ගයින් ස්තුති කොට-
Pali BJT1920. තෙන චිත්තප්පසාදෙන බුද්ධසන්ථවනෙන ච, කප්පානං සතසහස්සං දුග්ගතිං නුපපජ්ජහං{3}.
Sinhala BJT1920. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ද, බුදුරජානන් වහන්සේට ස්තුති කිරීම හේතු කොට ගෙණ ද, කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපන්මි.
Pali BJT1921. ඉතො තිංසෙ කප්පසතෙ සුමිත්තො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1921. මෙයින් තුන් දහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමිත්ත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1922. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1922. පටිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.