Pali BJTඉත්ථං සුදං ආයස්මා සෙරෙය්යකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙරෙය්‍යක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළෙසේක් යී.
Pali BJTසෙරය්යෙකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසෙරෙය්‍යකස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT122. පුප්ඵථූපියත්ථෙරාපදානං.
Sinhala BJT122. පුප්ඵථූපිය ස්ථවිරාවදානය
Pali BJT1776. හිමවන්තස්සාවිදූරෙ කුක්කුටො{2} නාම පබ්බතො, වෙමජ්ඣෙ තස්ස වසති බ්රාහ්මණො මන්තපාරගූ.
Sinhala BJT1776. හිමවතට නුදුරු තන්හි කුක්කුට නම් පර්‍වතයක් විය. ඒ පර්‍වතය අතුරෙහි මන්ත්‍රයන්හි පරතෙරට ගිය බ්‍රාහ්මණයෙක් විය.
Pali BJT1777. පඤ්ච සිස්සසහස්සානි පරිවාරෙන්ති මං සදා, පුබ්බුට්ඨායී ච තෙ ආසුං මන්තෙසු ච විසාරදා.
Sinhala BJT1777. හැම කල්හි ම පන්දහසක් ශිෂ්‍යයෝ මා පිරිවරත්. ඔහු හැම පළමු උදෑසන නැගිටිනසුලු වූවාහු මන්ත්‍රයන්හි විශාරදයෝ ද වූහ.
Pali BJT1778. බුද්ධො ලොකෙ සමුප්පන්නො තං විජානාථ නො භවං, අසීති ව්යඤ්ජනානස්ස බත්තිංස වරලක්ඛණා, බ්යාමප්පභො ජිනවරො ආදිච්චොව විරොචති.
Sinhala BJT1778. (ඒ ශිෂ්‍යයෝ මෙසේ කීහ:) “බුදුරජ තෙම ලොව පහළ විය. උන්වහන්සේට අසූවක් අනුව්‍යඤ්ජන ඇත. මහාපුරුෂලක්‍ෂණයෝ දෙතිසක් වෙති. ඛ්‍යාමප්‍රභා ඇති ඒ ජිනේන්‍ද්‍රයන් වහන්සේ හිරු මෙන් බබලන සේක. පින්වතුන් වහන්ස, අපගේ වචනය දැනගණු මැනැව”. (කියා යි).
Pali BJT1779. සිස්සානං වචනං සුත්වා බ්රාහ්මණො මන්තපාරගූ, අස්සමා අභිනික්ඛම්ම දිසං පුච්ඡති සිස්සකෙ.{3} යම්හි දෙසෙ මහාවීරො වසතී ලොකනායකො.
Sinhala BJT1779. මන්ත්‍රයන්හි පරතෙරට ගිය බමුණු තෙමේ ශිෂ්‍යන්ගේ වචනය අසා අසපුවෙන් නික්ම ශිෂ්‍යයන්ගේ ලෝකනායක වූ මහාවීරයන් වහන්සේ යම් දිශාවක වැඩවෙසෙන සේක් නම් ඒ (බුදුන් වැඩ වසන) දිශාව විචාරයි.
Pali BJT1780. තාහං දිසං නමස්සිස්සං{4} ජිනං අප්පටිපුග්ගලං, උදග්ගචිත්තො සුමනො පූජෙසිං{5} තං තථාගතං.
Sinhala BJT1780. මම ඒ දිශාවට ද අප්‍රතිපුද්ගල වූ පස්මරුන් දිනුවා වූ උන්වහන්සේට ද නමස්කාර කරන්නෙමි යි (කියා යි.) ඔද වැඩි සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ඒ තථාගතයන් පිදීමි. (එසේ කොට ශිෂ්‍යයනට මෙසේ කීමි).
Pali BJT1781. එථ සිස්සා ගමිස්සාම දක්ඛිස්සාම තථාගතං, වන්දිත්වා සත්ථුනො පාදෙ සොස්සාම ජිනසාසනං.
Sinhala BJT1781. “ශිෂ්‍යයෙනි, එවු. යන්නෙමු ඒ තථාගතයන් දකින්නෙමු. ශාස්තෲන් වහන්සේ සිරිපා වැඳ බුද්ධධර්‍මය අසන්නෙමු” (කියායි).
Pali BJT1782. එකාහං අභිනික්ඛම්ම ව්යාධිං පටිලභිං අහං, ව්යාධිනා පීළිතො සන්තො සාලං වෙසයිතුං{6} ගමිං.
Sinhala BJT1782. (එහෙත්) නික්ම එක් දිනකින් මම රෝගී වීමි. රෝගයෙන් පෙළුනෙම් ශයනය කරන්නට ශාලාවකට ගියෙමි.
Pali BJT1783. සබ්බෙ සිස්සෙ සමානෙත්වා අපුච්ඡිං තෙ තථාගතං{7}, කීදිසං ලොකනාථස්ස ගුණං පරමබුද්ධිනො.
Sinhala BJT1783. සියලු ශිෂ්‍යයන් රැස් කරවා “තථාගතයන් කෙබඳු ද? පරම බුද්ධිමත් ලෝකනාථයන් වහන්සේගේ ගුණ කෙබඳු දැ” යි ඔවුන්ගෙන් විචාළෙමි.
Pali BJT1784. තෙ මෙ පුට්ඨා ව්යාකරිංසු යථා දස්සාවිනො තථා, සක්කච්චං{1} බුද්ධසෙට්ඨං තං දස්සෙසුං මම සම්මුඛා.
Sinhala BJT1784. මා විසින් විචාරණ ලද ඔහු යම් සේ බුදුරජුන් දක්නා සුලු වූවාහු නම් එසේ ම විස්තර කළාහු ය. මාගේ හමුයෙහි ඒ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ මැනැවින් (වචනයෙන්) දැක්වූහ.
Pali BJT1785. තෙසාහං වචනං සුත්වා සකං චිත්තං පසාදයිං, පුප්ඵෙහි ථූපං කත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT1785. මම ඔවුන්ගේ වචනය අසා සිත පැහැදවීමි. මම එහි මල්වලින් සෑයක් කොට කලුරිය කෙළෙමි.
Pali BJT1786. තෙ මෙ සරීරං ඣාපෙත්වා අගමුං{2} බුද්ධසන්තිකෙ, අඤ්ජලිං පග්ගහෙත්වාන සත්ථාරං අභිවාදයුං.
Sinhala BJT1786. ඔහු මාගේ සිරුර දවා බුදුරජුන් සමීපයට ගියාහු ය. ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේට අභිවාදනය කළාහු ය.
Pali BJT1787. පුප්ඵෙහි ථූපං කත්වාන සුගතස්ස මහෙසිනො, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT1787. මම සුගත වූ මහර්ෂි බුදුරජානන් වහන්සේට මල්වලින් සෑයක් කොට කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
Pali BJT1788. චත්තාරීසසහස්සම්භි කප්පෙ සොළස ඛත්තියා, නාමෙන’ග්ගිසමා නාම චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1788. සතළිස් දහස්වන කපෙහි නමින් අග්ගිසම නම් මහත් බල ඇති සොළොස් සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT1789. වීසෙ කප්පසහස්සම්හි රාජානො චක්කවත්තිනො, ඝතාසනසනාමා ච අට්ඨතිංස මහීපති.
Sinhala BJT1789. විසිදහස්වන කපෙහි ඝතාසන නම් වූ පෘථිවීශ්වර වූ අටතිස් සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT1790. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1790. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුප්ඵථූපියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵථූපිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපුප්ඵථූපියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTපුප්ඵථූපියස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT123. පායාසදායක{*}ත්ථෙරාපදානං.
Sinhala BJT123. පායාසදායක ස්ථවිරාවදානය
Pali BJT1791. සුවණ්ණවණ්ණං සම්බුද්ධං{3} බත්තිංසවරලක්ඛණං,{4} පවනා අභිනික්ඛන්තං භික්ඛුසංඝපුරක්ඛතං.
Sinhala BJT1791-1792. මහලොහොතලියක කිරිබතක් බහා ගෙණ දනක් දෙනු කැමැත්තා වූ ඒ මම ඒ පූජාව දෙතිස්මහපුරිස් ලකුණින් යුත් ස්වර්‍ණවර්‍ණ වූ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද අරණින් නික්මුනා වූ විපස්සී බුදුරජුන් වෙත පැමිණවීමි.
Pali BJT1792. මහච්චා{5} කංසපාතියා වඩ්ඪෙත්වා පායාසං අහං, ආහුතිං යිට්ඨුකාමො සො උපනෙසිං{6} බලිං අහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1793. භගවා තම්හි සමයෙ ලොකජෙට්ඨො නරාසභො, චඞ්කමං සුසමාරූළ්හො අම්බරෙ අනිලායනෙ.
Sinhala BJT1793. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ භාග්‍යවත් තෙමේ එකල්හි වායුපථය වූ අහසෙහි (මවන ලද) සක්මනට නැගුනේ වේ.
Pali BJT1794. තං ච අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං, ඨපයිත්වා කංසපාතිං විපස්සිං අභිවාදයිං.
Sinhala BJT1794. විස්මය ජනක වූ ලොමුදහ ගන්වන ඒ ආශ්චර්‍ය්‍යය දැක ලොහොතලිය (පසෙක) තබා විපස්සී බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි. මෙසේ ද කීමි:
Pali BJT1795. තුවං දෙවො’සි සබ්බඤ්ඤූ සදෙවෙ සහමානුසෙ, අනුකම්පං උපාදාය පටිගණ්හ මහාමුනි.
Sinhala BJT1795. “දෙවි මිනිසුන් සහිත ලොවෙහි නුඹ වහන්සේ සර්‍වඥ ද දේව ද වන සේක. මහාමුනි වූ බුදුරජානන් වහන්ස, අනුකම්පා උපදවා මෙය පිළිගත මැනැව” (කියා යී).
Pali BJT1796. පටිග්ගහෙසි භගවා සබ්බඤ්ඤූ ලොකනායකො, මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ මහාමුනි.
Sinhala BJT1796. ලෝකයෙහි ශාස්තෘ වූ මහාමුනි වූ ලෝකනායක වූ භාග්‍යවත් සර්‍වඥ තෙමේ මාගේ අදහස දැන එය පිළිගත්තේ ය.
Pali BJT1797. එකනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පායාසස්ස ඉදං ඵලං.
Sinhala BJT1797. මෙයින් ඒකානූවන කපෙහි වූ එකල්හි මම යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කිරිබත්දනෙහි මේ විපාකය යි.
Pali BJT1798. එකතාළීසිතො කප්පෙ බුද්ධො නාමාසි ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1798. මෙයින් එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති බුද්ධ නම් සක්විතිරජෙක් විය.
Pali BJT1799. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1799. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පායාසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පායාසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපායාසදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTපායාසදායකස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT124. ගන්ධොදකියත්ථෙරාපදානං.
Sinhala BJT124. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
Pali BJT1800. නිසජ්ජ පාසාදවරෙ විපස්සිං අද්දසං ජිනං, කකුධං විලසන්තංව සබ්බඤ්ඤුං තමනාසකං{1}.
Sinhala BJT1800. උතුම් පහයෙහි හිඳ බබලන කුඹුක්ගසක් වැනි මොහඳුරු දුරු කරන්නා වූ පස්මරුන් දිනූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1801. පාසාදස්සාවිදූරෙ ච ගච්ඡති ලොකනායකො, පභා නිද්ධාවතෙ තස්ස යථා ච සතරංසිනො{2}.
Sinhala BJT1801. පහයට නුදුරෙහි බුදුරජානන් වහන්සේ වඩනා කල්හි සුර්‍ය්‍යයාගේ (ප්‍රභාව) මෙන් උන්වහන්සේගේ ප්‍රභා විහිදෙයි.
Pali BJT1802. ගන්ධොදකඤ්ච පග්ගය්හ බුද්ධසෙට්ඨං සමොකිරිං, තෙන චිත්තප්පසාදෙන තත්ථ කාලකතො අහං.
Sinhala BJT1802. සුවඳ පැන් ද ගෙණ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතු ව කලුරිය කෙළෙමි.
Pali BJT1803. එකනවුතෙ ඉතො කප්පෙ යං ගන්ධොදකමාකිරිං{3}, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1803. මෙයින් එක් අනූවනකපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1804. එකතිංසෙ ඉතො කප්පෙ සුගන්ධො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1804. මෙයින් එක්තිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුගන්‍ධ නම් සක්විති රජෙක් විය.
Pali BJT1805. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1805. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගන්ධොදකියො{*} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවෙන් වදාළ සේක් යී.
Pali BJTගන්ධොදකියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT125. සම්මුඛාත්ථවිකත්ථෙරාපදානං.
Sinhala BJT125. සම්මුඛාත්‍ථවික ස්ථවිරාවදානය
Pali BJT1806. ජායමානෙ විපස්සිම්හි නිමිත්තං ව්යාකරිං අහං, නිබ්බාපයඤ්ච ජනතං බුද්ධො ලොකෙ භවිස්සති.
Sinhala BJT1806. මම විපස්සී බුදුරජුන් ලොව පහළ වන කල්හි (ඇති වූ) නිමිති බලා මෙසේ පැවසීමි: (කෙසේ ද යත්:) “ජනසමූහයා (කෙලෙස් ගින්නෙන්) නිවමින් බුදුරජ තෙම ලොව පහළ වන්නේ ය.
Pali BJT1807. යස්මිඤ්ච ජායමානස්මිං දසසහස්සී පකම්පති, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1807. යම් උතුමකු උපදින කල්හි දසදහසක් ලෝදා කම්පිත වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1808. යස්මිඤ්ච ජායමානස්මිං ආලොකො විපුලො අහූ, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1808. යම් උතුමකු උපදින කල්හි මහත් ආලෝකය වී ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1809. යස්මිං ච ජායමානස්මිං සරිතායො න සන්දිසුං, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1809. යම් උතුමකු උපදින කල්හි ගඞ්ගාවෝ නො ගැලුවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1810. යස්මිං ච ජායමානස්මිං අවීචග්ගි න පජ්ජලි, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1810. යම් උතුමකු උපදින කල්හි අවීචියෙහි ගිනි නො දැල්විනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1811. යස්මිං ච ජායමානස්මිං පක්ඛිසංඝො න සඤ්චරි, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1811. යම් උතුමකු උපදින කල්හි පක්‍ෂිසමූහයා (ඒ මේ අත) නො හැසිරිනි ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1812. යස්මිං ච ජායමානස්මිං වාතක්ඛන්ධො න වායති, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1812. යම් උතුමකු උපදින කල්හි වාතස්ඛන්‍ධය නො හමා ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1813. යස්මිං ච ජායමානස්මිං සබ්බරතනානි ජොතිසුං, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1813. යම් උතුමකු උපදින කල්හි සියලු රත්නයෝ බැබලුනාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1814. යස්මිං ච ජායමානස්මිං සත්තා’සුං{1} පදවික්කමා, සො’දානි භගවා සත්ථා ධම්මං දෙසෙති චක්ඛුමා.
Sinhala BJT1814. යම් උතුමකු උපදින කල්හි සප්තපදවික්‍රමයෝ වූවාහු ද, දැන් ඒ ශාස්තෘ වූ පසැස් ඇති භාග්‍යවත් තෙමේ දහම් දෙසයි.
Pali BJT1815. ජාතමත්තො ච සම්බුද්ධො දිසා සබ්බා විලොකයි, වාචාසභිමුදීරෙසි එසා බුද්ධාන ධම්මතා.
Sinhala BJT1815. උපන්නා හා ම සර්‍වඥ තෙමේ සියලු දිගුන් බැලී ය. අභීත වචන පැවසී ය. මෝ බුදුවරයින්ගේ ධර්‍මතා යි.
Pali BJT1816. සංවෙජයිත්වා ජනතං ථවිත්වා ලොකනායකං, සම්බුද්ධං අභිවාදෙත්වා පක්කාමිං පාචිනාමුඛො.
Sinhala BJT1816. (මෙසේ) ජනතාව සංවේගයට පමුණුවා ලෝකනායකයන් වහන්සේට ස්තුති කොට සර්‍වඥයන් වහන්සේ වැඳ නැගෙනහිරට මුහුණ ලා ගියෙමි.
Pali BJT1817. එකනවුතෙ ඉතො{2} කප්පෙ යං බුද්ධමභිථොමයිං, දුග්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.
Sinhala BJT1817. මෙයින් එක් අනූවන කපෙහි යම් බුද්ධ ස්තුතියක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ස්තුතියෙහි මේ විපාකය යි.
Pali BJT1818. ඉතො නවුතිකප්පම්භි සම්මුඛාථවිකව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1818. මෙයින් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සම්මුඛාථවික නම් සක්විතිරජෙක් විය.
Pali BJT1819. පඨවිදුන්දුභී{3} නාම එකූනනවුතිම්භි’තො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1819. මෙයින් එකුන් අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පඨවිදුන්‍දුභි නම් සක්විතිරජෙක් විය.
Pali BJT1820. අට්ඨාසීතිම්හි’තො කප්පෙ ඔභාසො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1820. මෙයින් අටාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඕභාස නම් සක්විතිරජෙක් විය.
Pali BJT1821. සත්තාසීතිම්හි’තො කප්පෙ සරිතච්ඡෙදනව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1821. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සරිතච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
Pali BJT1822. අග්ගිනිබ්බාපනො නාම කප්පානං ඡළසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1822. මෙයින් සයඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිනිබ්බාපන නම් සක්විතිරජෙක් විය.
Pali BJT1823. ගතිපච්ඡෙදනො නාම කප්පානං පඤ්චසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1823. මෙයින් පස්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ගතිපච්ඡේදන නම් සක්විතිරජෙක් විය.
Pali BJT1824. රාජා වාතසමො නාම කප්පානං චුල්ලසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1824. මෙයින් සූඅසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වාතසම නම් සක්විතිරජෙක් විය.
Pali BJT1825. රතනපජ්ජලො නාම කප්පානං තෙඅසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1825. මෙයින් තෙයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රතනපජ්ජල නම් සක්විතිරජෙක් විය.
Pali BJT1826. පදවික්කමනො නාම කප්පානං ද්වෙඅසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1826. මෙයින් දෙයාසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පදවික්කමන නම් සක්විතිරජෙක් විය.
Pali BJT1827. රාජා විලොකනො නාම කප්පානං එකසීතියා, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1827. මෙයින් එක් අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති විලෝකන නම් සක්විතිරජෙක් විය.
Pali BJT1828. ගිරිසාරො’ති නාමෙන කප්පෙ’සිතිම්භි ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1828. අසූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නමින් ගිරිසාර නම් සක්විතිරජෙක් විය.
Pali BJT1829. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1829. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සම්මුඛාථවිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සම්මුඛාථවික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTසම්මුඛාථවිකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTසම්මුඛාථවිකස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT126. කුසුමාසනියත්ථෙරාපදානං.
Sinhala BJT126. කුසුමාසනිය ස්ථවිරාවදානය
Pali BJT1830. නගරෙ ධඤ්ඤවතියා අහොසිං බ්රාහ්මණො තදා, ලක්ඛණෙ ඉතිහාසෙ ච සනිඝණ්ඩු සකෙටුභෙ.
Sinhala BJT1830. මම එකල්හි නිඝණ්ඩුශාස්ත්‍රය හා (කවීනට හිත වූ) කෛටභ ශාස්ත්‍රය සහිත ලක්‍ෂණශාස්ත්‍රයෙහි ද, ඉතිහාසයෙහි ද දක්‍ෂ වූයෙම් ධන්‍යවතී නගරයෙහි බමුණෙක් වීමි.
Pali BJT1831. පදකො වෙය්යාකරණො{1} නිමිත්තෙ කොවිදො අහං, මන්නෙත ච සිස්සෙ වාචෙසිං තිණ්ණං වෙදාන පාරගූ.
Sinhala BJT1831. පදපාඨ දන්නෙම් ව්‍යාකරණශාස්ත්‍රය දන්නෙම් නිමිතිශාස්ත්‍රයෙහි ද දක්‍ෂ වූයෙම් වේදත්‍රයෙහි පරතෙරට ගියෙම් ශිෂ්‍යයනට මන්ත්‍ර කියවීමි.
Pali BJT1832. පඤ්ච උප්පලහත්ථානි පීඨියං{2} ඨපිතානි මෙ, ආහුතිං යිට්ඨුකාමො’හං පිතුමාතුසමාගමෙ.
Sinhala BJT1832. මම දෙමාපියන් හමුවෙහි (ඔවුනට) පුදනු කැමැත්තෙම් වීමි. ඒ සඳහා මා විසින් උපුල් මිටි සතක් අස්නක තබන ලදී.
Pali BJT1833. තදා විපස්සීභගවා භික්ඛුසඞ්ඝපුරක්ඛතො, ඔභාසෙන්තා දිසා සබ්බා ආගච්ඡති නරාසභො.
Sinhala BJT1833. එකල්හි නරශ්‍රේෂ්ඨ වූ විපස්සී බුදුරජ තෙමේ භික්‍ෂු සඞ්ඝයා විසින් පිරිවරණ ලදුයේ සියලු දිගුන් බබුළුවමින් වැඩම කරයි.
Pali BJT1834. ආසනං පඤ්ඤපෙත්වාන නිමන්තෙත්වා මහාමුනිං, සන්ථරිත්වාන තං පුප්ඵං අභිනෙසිං{3} සකං ඝරං.
Sinhala BJT1834. බුදුරජානන් වහන්සේ පවරා ඒ මල් අතුරා අසුනක් පණවා සිය ගෙදොරට වැඩම කරවීමි.
Pali BJT1835. යං මෙ අත්ථි සකෙ ගෙහෙ ආමිසං පච්චුපට්ඨිතං, තාහං බුද්ධස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT1835. ස්වකීය ගෘහයෙහි මට එළවා ලූ යම් ආහාරයක් ඇද්ද එය මම පහන් සිතැත්තෙම් සියතින්ම බුදුරජුහට පිදීමි.
Pali BJT1836. භුත්තාවිං කාලමඤ්ඤාය පුප්ඵහත්ථං{4} අදාසහං, අනුමොදිත්වාන සබ්බඤ්ඤූ පක්කාමි උත්තරාමුඛො.
Sinhala BJT1836. මම වළඳා අවසන් වූ උන්වහන්සේට සුදුසු කලැයි දැන මල් මිටක් ද පිරිනැමීමි. සර්‍වඥයන් වහන්සේ අනුමෝදනා කොට උත්තරදිශාභිමුඛ ව වැඩි සේක.
Pali BJT1837. එකනවුතෙ ඉතො{5} කප්පෙ යං පුප්ඵමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පුප්ඵදානස්සි’දං ඵලං.
Sinhala BJT1837. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පුෂ්පදානයක් දිනිම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පදානයෙහි මේ විපාකය යි.
Pali BJT1838. අනන්තරා ඉතො කප්පෙ රාජා’හුං වරදස්සනො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1838. මෙයින් ඉක්බිති අනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වරදස්සන නම් සක්විතිරජෙක් විය.
Pali BJT1839. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1839. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුසුමාසනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුසුමාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTකුසුමාසනියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTකුසුමාසනියස්ථවිරාවදානය සවැනියි.
Pali BJT127. ඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT127. ඵලදායක ස්ථවිරාවදානය
Pali BJT1840. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, හිමවන්තස්සාවිදූරෙ වසාමි අස්සමෙ අහං.
Sinhala BJT1840. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය මම හිමවතට නුදුරෙහි අසපුවක වසමි.
Pali BJT1841. අග්ගිහුත්තඤ්ච මෙ අත්ථි පුණ්ඩරීකඵලානි ච, පුටකෙ නික්ඛිපිත්වාන දුමග්ගෙ ලග්ගිතං මයා.
Sinhala BJT1841. මාගේ අගනිහොත්‍රයක් ද ඇත. මා විසින් ඇටඹපැල මුළක බහා ගසක් මුදුනෙහි එල්ලන ලදී.
Pali BJT1842. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මමුද්ධරිතුකාමො සො භික්ඛන්තො මං උපාගමි.
Sinhala BJT1842. ලෝකයාගේ පූජාවන්ට භාජන වූ ඒ පදුමුත්තර බුදුරජ තෙමේ මා (සසරින්) ගොඩ නගනු කැමැත්තේ පිඬු පිණිස හැසිරෙමින් මා වෙත එළඹියේ ය.
Pali BJT1843. පසන්නචිත්තො සුමනො ඵලං බුද්ධස්ස’දාසහං, විත්තිසඤ්ජනනො මය්හං දිට්ඨධම්මසුඛාවහො.
Sinhala BJT1843-1844. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් බුදුරජුන්හට එ ම ඵල පිදීමි. මාගේ ප්‍රීතිය ඇති කරන්නා වූ මේ ලොව මැ සුව එළවන්නා වූ රන්වන් වූ ලෝවැස්සාගේ පූජාවන් පිළිගන්නාවූ ශාස්තෘ තෙමේ අහසෙහි වැඩ සිටියේ මේ ගාථාව වදාළේ ය:
Pali BJT1844. සුවණ්ණවණ්ණො සම්බුද්ධො ආහුතීනං පටිග්ගහො, අන්තලික්ඛෙ ඨිතො සත්ථා ඉමං ගාථං අභාසථ:
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1845. “ඉමිනා ඵලදානෙන චෙතනා පණිධීහි ච, කප්පානං සතසහස්සං දුග්ගති නූපගච්ඡති”{1}.
Sinhala BJT1845. මෙ ම ඵලදානය හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො එළෙඹේ ය (කියායි.)
Pali BJT1846. තෙනෙව සුක්කමූලෙන අනුභොත්වාන සම්පදා, පත්තො’ම්භි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT1846. එම කුශලමූලය හේතු කොට ගෙණ ගෙණ සම්පත් අනුභව කොට ජය – පරාජය හැර අචලස්ථානය (නිවණ) ට පැමිණියෙම් වෙමි.
Pali BJT1847. ඉතො සත්තසතෙ කප්පෙ{2} රාජා ආසිං සුමඞ්ගලො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1847. මෙයින් සත්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමඞ්ගල නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1848. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1848. ප්‍රතිසම්භිදාවෝ –පෙ– බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාව වදාළ සේක් යි.
Pali BJTඵලදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඵලදායකස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT128. ඤාණසඤ්ඤකත්ථෙරාපදානං.{*}
Sinhala BJT128. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1849. පබ්බතෙ හිමවන්තම්හි වසාමි පබ්බතන්තරෙ, පුලිනං සොභනං දිස්වා බුද්ධසෙට්ඨං අනුස්සරිං.
Sinhala BJT1849. හිමවත් පව්වෙහි කඳුඅතුරෙහි වෙසෙමි. ශෝභන වූ වැලිතලාවක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.
Pali BJT1850. “ඤාණෙ උපනිධා{3} නත්ථි සඞ්ගාමං{4} නත්ථි සත්ථුනො, සබ්බං ධම්මං අභිඤ්ඤාය ඤාණෙන අධිමුච්චති.
Sinhala BJT1850. “නුවණෙහි (සැසඳීමට) උපමාවක් නැත. ශාස්තෘන් වහන්සේට සංග්‍රාමයකුදු නැත. සියලු ධර්‍මයන් මොනවට දැන නුවණින් නිශ්චයට පැමිණේ.
Pali BJT1851. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, ඤාණෙන තෙ සමො නත්ථි යාවතා ඤාණමුත්තමං”{5}.
Sinhala BJT1851. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස, ඔබවහන්සේට නමස්කාර වේවා. උතුම් නුවණ යම් තාක් ද, (ඒ තාක් නුවණැති) ඔබවහන්සේට නුවණින් සම කෙනෙක් නැත”.
Pali BJT1852. ඤාණෙ චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොදහං, අවසෙසෙසු කප්පෙසු කුසලං කරිතං{6} මයා.
Sinhala BJT1852. බුද්ධඥානයෙහි සිත පහදවා කැපක් මුළුල්ලෙහි මම ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
Pali BJT1853. එකනවුතෙ ඉතො{7} කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි ඤාණසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1853. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (බුද්ධ) ඥානසංඥාවක් ලැබුයෙම් ද, ඒ හේතුයෙන් දුගතියක් නො දනිමි. බුද්ධඥානසංඥාවෙහි මේ ප්‍රතිඵලය යි.
Pali BJT1854. ඉතො තෙසත්තතිකප්පෙ{1} එකො පුලිනපුප්ඵියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1854. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුලිනපුප්ථිය නම් එක් සක්විතිරජෙක් විය.