Pali BJT1704. පඨමං සරණං ගඤ්ඡිං{3} දිපදින්දස්ස තාදිනො, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජ ‘හං.
Sinhala BJT1704. පළමු කොට ද්විපදෝත්තම වූ තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේ සරණ ගියෙමි. (ඒ හේතුවෙන්) මම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියෙහි නූපන්මි.
Pali BJT1705. මහාදුන්දුභිනාමා ච{4} සොළසා’සුං රථෙසභා, තිංසකප්පසහස්සම්හි රාජානො චක්කවත්තිනො.
Sinhala BJT1705. තිස්දහස්වන කපෙහි රාජ්‍යධුරවහනයෙහි ශ්‍රේෂ්ඨ වූ මහා දුන්‍දුභි නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1706. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1706. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සරණගමනීයො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සරණගමනීය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක යි.
Pali BJTසරණගමනීයත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTසරණගමනීයස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT114. එකාසනියත්ථෙරාපදානං.
Sinhala BJT114. ඒකාසනිය ස්ථවිරාවදානය
Pali BJT1707. වරුණො නාම නාමෙන දෙවරාජා අහං තදා, උපට්ඨහෙසිං සම්බුද්ධං සයොග්ගබලවාහනො.
Sinhala BJT1707. එකල්හි නමින් වරුණ නම් වූ දිව්‍යරාජයෙක් ව මම බල වාහන සහිත ව බුදුරජුන් හට උවැටැන් කෙළෙමි.
Pali BJT1708. නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සිනරුත්තමෙ, තුරියං සබ්බමාදාය අගමං බොධිමුත්තමං.
Sinhala BJT1708. අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි සියලු තූර්‍ය්‍යයන් ගෙණ උතුම් බෝරුක වෙත එළඹියෙමි.
Pali BJT1709. වාදිතෙන ච නච්චෙන සම්මතාලසමාහිතො, සම්මුඛා විය සම්බුද්ධං උපට්ඨිං බොධිමුත්තමං.
Sinhala BJT1709. වාදිතයෙන් ද, නෘත්‍යයෙන් ද, කුළුතාලම් ආදියෙන් ද යුක්ත වූයේ බුදුරජානන් වහන්සේ ඉදිරියට මෙන් උතුම් බෝධිය වෙත එළඹි යෙමි.
Pali BJT1710. උපට්ඨහිත්වා තං බොධිං ධරණීරුහපාදපං, පල්ලඞ්කං ආභුජිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT1710. මම ඒ බෝධියට උවැටැන් කොට පලඟ බැඳ ගෙණ එහි කලුරිය කෙළෙමි.
Pali BJT1711. සකකම්මාභිරද්ධො’හං පසන්නො බොධිමුත්තමෙ, තෙන චිත්තප්පසාදෙන නිම්මානං උපපජ්ජහං.
Sinhala BJT1711. ස්වකීය පින්කම් වලින් පැහැදුනු මම උතුම් බෝධිය කෙරෙහි ද පැහැදුනේ එම පහන් සිතින් නිර්‍මාණරතී දෙව්ලොව උපන්නෙමි.
Pali BJT1712. සට්ඨි තුරියසහස්සානි පරිවාරෙන්ති මං සදා, මනුස්සෙසු ච දෙවෙසු වත්තමානං භවාභවෙ.
Sinhala BJT1712. මිනිසුන් අතුරෙහි ද දෙවියන් අතුරෙහි ද කුදුමහත් භවයෙහි (ඉපිද) පවත්නා වූ මා සැටදහසක් තූර්‍ය්‍යයෝ හැම දා පිරිවරත්.
Pali BJT1713. සුබාහු නාම නාමෙන චතුත්තිංසාසු ඛත්තියා සත්තරතනසම්පන්නා පඤ්ච කප්පසතෙ ඉතො.
Sinhala BJT1713. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සුබාහු නම් සූතිස් රජකෙනෙක් වූහ.
Pali BJT1714. තිවිධග්ගී නිබ්බුතා මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1714. මා විසින් ත්‍රිවිධාග්නීහු නිවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
Pali BJT1715. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1715. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකාසනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකාසනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඑකාසනියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඑකාසනියස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT115. සුවණ්ණපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT115. සුවණ්ණපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1716. විපස්සී නාම භගවා ලොකජෙට්ඨො නරාසභො, නිසින්නො ජනකායස්ස දෙසෙති අමතං පදං.
Sinhala BJT1716. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී භාග්‍යවත් තෙමේ වැඩහුන්නේ ජනසමූහයාට අමෘතපදය (නිර්‍වාණධර්‍මය) දේශනා කරයි.
Pali BJT1717. තස්සාහං ධම්මං සුත්වාන දිපදින්දස්ස තාදිනො, සොණ්ණපුප්ඵානි චත්තාරි බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT1717. මම තාදිගුණ ඇති ද්විපදෝත්තම වූ උන්වහන්සේගේ ධර්‍මය අසා රන්මල් සතක් බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT1718. සුවණ්ණච්ඡදනං ආසි යාවතා පරිසා තදා, බුද්ධාභා ච සුවණ්ණාහා ආලොකො විපුලො අහු.
Sinhala BJT1718. එකල්හි යම් තාක් පිරිස වී ද, ඒ තාක් (පැතුරුණු) රන් පියස්සක් විය. බුද්ධරශ්මිය ද ස්වර්‍ණරශ්මිය ද මිශ්‍ර ව ආලෝකය මහත් විය.
Pali BJT1719. උදග්ගචිත්තො සුමනො වෙදජාතො කතඤ්ජලී, විත්තිසඤ්ජනනො තෙසං දිට්ඨධම්මසුඛාවහො.
Sinhala BJT1719. ඔදවැඩි සිත් ඇති සොම්නස් සහිත වූ හටගත් සතුට ඇති ප්‍රීතිය උපදවන්නා වූ ඔවුනට මෙලොව සුව ගෙණ දෙන්නා වූ මම-
Pali BJT1720. ආයාචිත්වාන සම්බුද්ධං වන්දිත්වාන ච සුබ්බතං, පාමොජ්ජං ජනයිත්වාන සකං භවනුපාගමිං.
Sinhala BJT1720. බුදුරජානන් වහන්සේ අයැද මනා ව්‍රත ඇති උන්වහන්සේ වැඳ සතුට උපදවා ස්වකීය භවනයට ගියෙමි.
Pali BJT1721. භවනෙ උපවිට්ඨො’හං බුද්ධසෙට්ඨං අනුස්සරිං, තෙන චිත්තප්පසාදෙන තුසිතං උපපජ්ජහං.
Sinhala BJT1721. භවනයෙහි හුන් මම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ තුෂිත භවනයෙහි උපන්මි.
Pali BJT1722. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1722. මෙයින් එක් අනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1723. සොළසා’සිංසු රාජානො නෙමිසම්මත නාමකා, තෙතාළීසෙ ඉතො කප්පෙ චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1723. මෙයින් තෙසාළිස්වන කපෙහි මහත් බල ඇති නෙමිසම්මත නම් සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1724. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1724. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුවණ්ණපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුවණ්ණපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසුවණ්ණපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTසුවණ්ණපුප්ඵියස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT116. චිතකපූජකත්ථෙරාපදානං.
Sinhala BJT116. චිතකපූජක ස්ථවිරාවදානය
Pali BJT1725. වසාමි රාජායතනෙ සාමච්චො සපරිජ්ජනො, පරිනිබ්බුතෙ භගවති සිඛිනෙ ලොකබන්ධුනෙ{1}.
Sinhala BJT1725-1726. මම ඇමැතියන් සහිත වූයෙම් පිරිවරජනයා සමග වූයෙම් රාජායතනයෙහි වසමි. ලෝකබන්‍ධු වූ සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් චිතකය වෙත ගියෙමි. එහි තූර්‍ය්‍යවාදනය කර සුවඳ මල් ඉස්සෙමි.
Pali BJT1726. පසන්නචිත්තො සුමනො චිතකං අගමාසහං, තුරියං තත්ථ වාදෙත්වා ගන්ධමාලං සමොකිරිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1727. චිතම්භි පූජං කත්වාන{2} වන්දිත්වා චිතකං අහං, පසන්නචිත්තො සුමනො සකං භවනුපාගමිං.
Sinhala BJT1727. මම සෑයෙහි පූජාව කොට චිතකය ද වැඳ පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් ස්වකීය භවනයට ගියෙමි.
Pali BJT1728. භවනෙ උපවිට්ඨො’හං චිතපූජං{3} අනුස්සරිං, තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ.
Sinhala BJT1728. භවනයෙහි හුන්නා වූ මම චිතකපූජාව සිහි කෙළෙමි. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ කුශලකර්‍මය හේතු කොට ගෙණ-
Pali BJT1729. අනුභොත්වාන සම්පත්තිං දෙවෙසු මනුජෙසු ච, පත්තොම්හි අචලං ඨානං හිත්වාන ජයපරාජයං.
Sinhala BJT1729. දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සම්පත් අනුභව කොට ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
Pali BJT1730. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි චිතපූජායිදං ඵලං.
Sinhala BJT1730. මෙයින් එක් තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. චිතකපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1731. එකූනතිංසෙ කප්පම්හි ඉතො සොළස රාජානො,{4} උග්ගතා නාම නාමෙන චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1731. මෙයින් එක් තිස්වන කපෙහි නමින් උග්ගත නම් වූ මහත් බල ඇති සොළොස්සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1732. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1732. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චිතකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTචිතකපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTචිතකපූජකස්ථවිරාවදනය සවැනියි.
Pali BJT117. බුද්ධසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT117. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1733. යදා විපස්සී ලොකග්ගො ආයුසංඛාරමොස්සජි, පඨවී සම්පකම්පිත්ථ මෙදිනී ජලමෙඛලා.
Sinhala BJT1733. යම් කලෙක්හි විපස්සී බුදුරජතෙම ආයුඃසංස්කාරය අත්හළේ ද, (එකල්හි) සයුරු මෙවුල් කොට ඇති (සයුරෙන් වට වූ) පෘථිවිය කම්පිත වී ය.
Pali BJT1734. ඔතතං විත්ථතං{5} මය්හං සුවිචිත්තවටංසකං,{6} භවනම්පි පකම්පිත්ථ බුද්ධස්ස ආයුසංඛයෙ.
Sinhala BJT1734. විසිතුරු මලින් සැරසූ මාගේ දිගුවිසල් භවනය ද තථාගතයන් වහන්සේගේ ආයුඃසංස්කාරය හරණා කල්හි කම්පිත වී ය.
Pali BJT1735. තාසො මය්හං සමුප්පන්නො භවනෙ සම්පකම්පිතෙ, උප්පාතො{7} නු කිමත්ථාය ආලොකො විපුලො අහු.
Sinhala BJT1735. මාගේ භවනය කම්පිත වූ කල්හි තැති ගැණීම ද ඇති විය. කුමක් සඳහා ආලොකය මහත් වූයේ ද? උත්පාතය (=මහාභූතවිකාරය) වූ යේ ද?
Pali BJT1736. වෙස්සවණො ඉධාගම්ම නිබ්බාපෙසි මහාජනං, “පාණභුතෙ{8} භයං නත්ථි එකග්ගා හොථ සංවුතා.
Sinhala BJT1736-1737. වෛශ්‍රවණ තෙම මෙහි පැමිණ මහාජනයා සන්සිඳවී ය. (කෙසේ ද? යත්:) එකඟ සිත් ඇත්තෝ සංවරයෙන් යුක්ත වවු. ප්‍රාණීන් කෙරෙහි බියක් නැත. යම් බුදුකෙනෙකුන් උපදනා කල්හි මහාපෘථිවිය කම්පිත වී ද, ඒ බුදුරජතෙම ආශ්චර්‍ය්‍ය ය. ධර්‍මයෝ ද ආශ්චර්‍ය්‍ය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍ය ය (කියායි).
Pali BJT1737. අහො බුද්ධො අහො ධම්මා{9} අහො නො සත්ථු සම්පදා. යස්මිං උප්පජ්ජමානම්හි පඨවී සම්පකම්පති.”
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1738. බුද්ධානුභාවං කිත්තෙත්වා කප්පං සග්ගම්හි මොදහං, අවසෙසෙසු කප්පෙසු කුසලං චරිතං{10} මයා.
Sinhala BJT1738. මම බුදුගුණ පවසා කපක් ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
Pali BJT1739. එකනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1739. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් බුද්ධසංඥාවක් (බුද්ධය යන හැඟීමක්) ලැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධසංඥාවෙහි (බුදුරජානන් වහන්සේගේ ගුණ සිහි කිරීමෙහි) මේ විපාකය යි.
Pali BJT1740. ඉතො චුද්දසකප්පම්හි රාජා ආසිං පතාපවා, සමිතො නාම නාමෙන චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1740. මෙයින් තුදුස්වන කපෙහි මහත් බල ඇති නමින් සමිත නම් වූ ප්‍රතාපවත් රජෙක් වීමි.
Pali BJT1741. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1741. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බුද්ධසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසංඥක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTබුද්ධසඤ්ඤකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTබුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT118. මග්ගසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT118. මග්ගසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1742. පදුමුත්තරබුද්ධස්ස සාවකා වනචාරිනො, විප්පනට්ඨා බ්රහාරඤ්ඤෙ අන්ධාව අනුසූයරෙ.
Sinhala BJT1742. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ වනයෙහි හැසිරෙන්නාහු මහවෙනෙහි මංමුළා වූවාහු අන්‍ධයන් මෙන් ඒ මේ අත හැසිරෙත්.
Pali BJT1743. අනුස්සරිත්වා සම්බුද්ධං පදුමුත්තරනාමකං, තස්ස තෙ මුනිනො පුත්තා විප්පනට්ඨා මහාවනෙ.
Sinhala BJT1743. පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද උන්වහන්සේගේ ඒ මහවෙනෙහි මංමුළා වූ ශ්‍රාවකයන් ද සිහි කොට-
Pali BJT1744. භවනා ඔරුහිත්වාන අගමං භික්ඛුසන්තිකං{1}, තෙසං මග්ගඤ්ච ආචික්ඛිං භොජනඤ්ච අදාස’හං.
Sinhala BJT1744. මම භවනයෙන් බැස ඒ භික්‍ෂූන් වෙතට පැමිණියෙමි. මම උන්වහන්සේලාට මාර්‍ගය ද කීමි. බොජුන් ද දුන්නෙමි.
Pali BJT1745. තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ, ජාතියා සත්තවස්සො’හං අරහත්තමපාපුණිං.
Sinhala BJT1745. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ ඒ පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට ද පැමිණියෙමි.
Pali BJT1746. සචක්ඛූ නාම නාමෙන ද්වාදස චක්කවත්තිනො, සත්තරතනසම්පන්නා පඤ්චකප්පසතෙ ඉතො.
Sinhala BJT1746. මෙයින් පන්සියවන කපෙහි සත්රුවනින් යුත් නමින් සචක්ඛු නම් වූ දොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1747. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1747. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මග්ගසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTමග්ගසඤ්ඤකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTමග්ගසඤ්ඤක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT119. පච්චුපට්ඨානසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT119. පච්චුපට්ඨාන ස්ථවිරාවදානය
Pali BJT1748. අත්ථදස්සිම්හි සුගතෙ නිබ්බුතෙ සමනන්තරා, යක්ඛයොනිං උපපජ්ජිං යසං පත්තො ච’හං තදා.
Sinhala BJT1748. යසසට පත් වූ මම අත්‍ථදස්සී බුදුරජුන් පිරිනිවීමට අනතුරු ව යක්‍ෂයෝනියෙහි උපන්මි. එකල්හි (මම මෙසේ සිතීමි)-
Pali BJT1749. දුල්ලද්ධං වත මෙ ආසිං දුප්පභාතං දුරුට්ඨිතං, යං මෙ භොගෙ විජ්ජමානෙ පරිනිබ්බායි චක්ඛුමා.
Sinhala BJT1749. මාගේ සම්පත් පවත්නා කල්හි යම් හෙයකින් බුදුරජානන් වහන්සේ පිරිනිවී සේක් ද, එය මට අලාභයකි. නපුරු පහන් වීමකි. නපුරු (හිරු) නැගීමෙකි.
Pali BJT1750. මම සඞ්කප්පමඤ්ඤාය සාගරො නාම සාවකො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි මම සන්තිකං{1}.
Sinhala BJT1750. (මෙසේ සිතන්නා වූ) මාගේ අදහස සාගර නම් ශ්‍රාවකයෙක් තෙමේ දැන ගෙණ හෙ තෙමේ මා දුකින් ගොඩ ගණු කැමැත්තේ මාගේ සමීපයට පැමිණියේ ය.
Pali BJT1751. “කින්නු සොචසි මා භාසි චර ධම්මං{2} සුමෙධස, අනුප්පදින්නා බුද්ධෙන සබ්බෙසං බීජසම්පදා.
Sinhala BJT1751. “නුවණැත්තානෙනි, කවර හෙයින් ශෝක කෙරෙහි ද? බිය නො වනු මැනැව. ධර්‍මයෙහි හැසිරෙන්න. බුදුරජුන් විසින් සියලු දෙනාට කුශලබීජසම්පත්තිය නැවත නැවත දෙන ලදී.
Pali BJT1752. යො ච පූජෙය්ය සම්බුද්ධං තිට්ඨන්තං ලොකනායකං, ධාතුං සාසපමත්තං හි නිබ්බුතස්සාපි පූජයෙ.
Sinhala BJT1752. යමෙක් ජීවමාන වූ ලෝකනායක බුදුරජුන් පුදන්නේ නම්, එසේ ම පිරිනිවි බුදුරජුන්ගේ අබැටක් පමණ වූ ධාතූන් වහන්සේ නමකුදු පුදන්නේ නම්-
Pali BJT1753. සමෙ චිත්තප්පසාදම්භි සමං පුඤ්ඤං මහග්ගතං, තස්මා ථූපං කරිත්වාන පූජෙහි ජිනධාතුයො”.
Sinhala BJT1753. චිත්තප්‍රසාදය සම වූ කල්හි පින ද සමාන ය. මහත් බවට ගියේ ද වේ. එහෙයින් සෑයක් කොට සර්‍වඥධාතූන් පුදනු මැනව”.
Pali BJT1754. සාගරස්ස වචො සුත්වා බුද්ධථූපං අකාසහං, පඤ්ච වස්සෙ පරිචරිං මුනිනො ථූපමුත්තමං.
Sinhala BJT1754. සාගර ශ්‍රාවකයන් වහන්සේගේ වචනය අසා මම සර්‍වඥ (ධාතු නිදන් කොට) සෑයක් කෙළෙමි. බුදුරජුන්ගේ ඒ උතුම් සෑය පස්වසක් ම පරිචරණය කෙළෙමි.
Pali BJT1755. තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ, සම්පත්තිං අනුභොත්වාන අරහත්තං අපාපුණිං.
Sinhala BJT1755. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කළ එ ම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ සම්පත් අනුභව කොට රහත්බවට පැමිණියෙමි.
Pali BJT1756. භූරිපඤ්ඤා ච චත්තාරො සත්තකප්පසතෙ ඉතො, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1756. මෙයින් සත්සියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති භූරිපඤ්ඤ නම් සිවු සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT1757. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1757. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පච්චුපට්ඨානසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපච්චුපට්ඨානසඤ්ඤකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTපච්චුපට්ඨානසඤ්ඤක ස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT120. ජාතිපූජකත්ථෙරාපදානං.
Sinhala BJT120. ජාතිපූජක ස්ථවිරාවදානය
Pali BJT1758. ජායන්තස්ස විපස්සිස්ස අලොකො විපුලො අහු, පඨවී ච පකම්පිත්ථ සසාගරා{3} සපබ්බතා.
Sinhala BJT1758. විපස්සී බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ කල්හි සාගර සහිත පර්‍වත සහිත පෘථිවිය කම්පිත වී ය.
Pali BJT1759. නෙමිත්තා ච වියාකංසු බුද්ධො ලොකෙ භවිස්සති, අග්ගො ච සබ්බසත්තානං ජනතං උද්ධරිස්සති.
Sinhala BJT1759. නිමිත්තපාඨකයෝ මෙසේ පැවසූහ: (කෙසේ ද? යත්) “සියලු සත්ත්‍වයන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ සර්‍වඥ තෙම ලොව පහළ වන්නේ ය. ජනසමූහයා සසරසයුරින් නගා සිටුවන්නේ ය.”
Pali BJT1760. නෙමිත්තානං සුණිත්වාන ජාතිපූජමකාසහං, එදිසා පූජනා නත්ථි යාදිසා ජාතිපූජනා.
Sinhala BJT1760. මම නිමිත්තපාඨකයන්ගේ වචනය අසා (උත්පත්තිය නිමිති කොට පැවැත්වූ) ජාතිපූජාව කෙළෙමි. (බුදුරජුන්ගේ උපත පිළිබඳ ව පවත්වන) ජාතිපූජාව යම් බඳු නම්, එබඳු උතුම් පූජාවක් ලෙව්හි නැත.
Pali BJT1761. සංවරිත්වාන{4} කුසලං සකං චිත්තං පසාදයිං, ජාතිපූජං කරිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT1761. කුසල් රැස් කොට සිත පැහැදවීමි. එහි දී එම ජාතිපූජාව කොට කලුරිය කෙළෙම් වෙමි.
Pali BJT1762. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බෙ සත්තෙ අතිභොමි ජාතිපූජායිදං ඵලං.
Sinhala BJT1762. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, සම්පත්තියෙන් සියලු සත්ත්‍වයන් ඉක්මවමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1763. ධාතියො{1} මං උපට්ඨන්ති මම චිත්තවසානුගා, න තා{2} සක්කොන්ති කොපෙතුං ජාතිපූජායිදං ඵලං.
Sinhala BJT1763. මාගේ චිත්තාචාරයට අනුව පවතින්නා වූ කිරිමවුවරු මට උවටැන් කෙරෙත්. (ඒ ස්ත්‍රීහු) මා කෝප කිරීමට නො හැක්කාහු වෙත්. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1764. එකනවුතෙ ඉතො කප්පෙ යං පූජමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ජාතිපූජායිදං ඵලං.
Sinhala BJT1764. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ජාතිපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1765. සුපාරිචාරියා නාම චතුත්තිංස ජනාධිපා, ඉතො තතියකප්පම්භි චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1765. මෙයින් තෙවන කල්පයෙහි මහත් බල ඇති ජනාධිපති වූ සුපාරිචාරිය නම් සූතිස් සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT1766. පටිසම්භිදා චතස්සො විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1766. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ජාතිපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ජාතිපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTජාතිපූජකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTජාතිපූජකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTපරිවාර සුමඞ්ගලා සරණාසන පුප්ඵකා, චිතපූජී බුද්ධසඤ්ඤී මග්ගුපට්ඨාන ජාතිනා, ගාථායො නවුතී වුත්තා ගණිතායො විභාවිහි.
Sinhala BJTපරිවාර සුමඞ්ගල සරණ ආසන පුප්ඵික, චිතපූජී බුද්ධසඤ්ඤී මග්ග උපට්ඨාන ජාති යී, දසවතක් පිඬු කොට මෙහි අනූගයකින් බැඳුනේ.
Pali BJTමහාපරිවාරවග්ගො ද්වාදසමො.
Sinhala BJTමහාපරිවාරවර්‍ගය දොළොස් වැනි යි.
Pali BJT13. සෙරෙය්යකවග්ගො
Sinhala BJT13. සෙරෙය්‍ය වර්‍ගය
Pali BJT121. සෙරෙය්යකත්ථෙරාපදානං.
Sinhala BJT121. සෙරෙය්‍යක ස්ථවිරාවදානය
Pali BJT1767. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, අබ්භොකාසෙ ඨිතො සන්තො අද්දසං ලොකනායකං.
Sinhala BJT1767. වේද හදාරන්නා වූ මන්ත්‍ර දරන්නා වූ වේදත්‍රයෙහි පරතෙරට ගිය–
Pali BJT1768. සීහං යථා වනචරං ව්යග්ඝරාජංව නිත්තසං, තිධා පභින්නමාතඞ්ගං කුඤ්ජරංව මහෙසිනං.
Sinhala BJT1768. (මම) එළිමහන්තන්හි සිටියෙම් වනයෙහි හැසිරෙණ සිංහයකු වැනි වූ තැති නො ගන්නා ව්‍යාඝ්‍රරාජයකු වැනි වූ මාතඞ්ග කුලයෙහි වූ ත්‍රිමදගලිත හස්තිරාජයකු වැනි වූ මහර්ෂී ලෝකනායක බුදුරදුන් දිටිමි.
Pali BJT1769. සෙරෙය්යකං ගහෙත්වාන ආකාසෙ උක්ඛිපිං අහං, බුද්ධස්ස ආනුභාවෙන පරිවාරෙන්ති සබ්බතො{3}.
Sinhala BJT1769. මම කටුකරඬුමල් ගෙණ අහසෙහි දැමීමි. බුදුරදුන්ගේ ආනුභාවයෙන් (පුෂ්පයෝ) හැම දෙසින් පිරිවරත්.
Pali BJT1770. අධිට්ඨාසි මහාවීරො සබ්බඤ්ඤූ ලොකනායකො, සමන්තා පුප්ඵච්ඡදනා{4} ඔකිරිංසු නරාසභං.
Sinhala BJT1770. මහාවීර වූ ලෝකනායක සර්‍වඥයන් වහන්සේ අදිටන් කළසේක. (ඒ අදිටන්බලයෙන්) නරශ්‍රේෂ්ඨයන් වහන්සේ හාත්පස මල් වියන්හු විසුරුණාහ.
Pali BJT1771. තතො සා පුප්ඵකඤ්චුකා{5} අන්තොවණ්ටා බහීමුඛා, සත්තාහං ඡදනං හුත්වා{6} තතො අන්තරධායථ.
Sinhala BJT1771. ඉක්බිති ඇතුළට ගිය නැටි ඇති පිටතට හැරුණු මල් ඇති ඒ පුෂ්ප කඤ්චුකය (මල්වියන) සතියක් මුළුල්ලෙහි සෙවෙනියක් වී එතැනින් අතුරුදහන් විය.
Pali BJT1772. තං ච අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං, බුද්ධෙ චිත්තං පසාදෙසිං සුගතෙ ලොකනායකෙ.
Sinhala BJT1772. විස්මයජනක වූ ලොමුදහ ගන්වන්නා වූ ඒ ආශ්චර්‍ය්‍ය ය දැක සුගත වු ලෝකනායක වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි.
Pali BJT1773. තෙන චිත්තප්පසාදෙන සුක්කමූලෙන චොදිතො, කප්පානං සතසහස්සං දුග්ගතිං නුපපජ්ජහං.
Sinhala BJT1773. මම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ කුශලමූලයෙන් මෙහෙයන ලද්දෙම් කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නො උපනිමි.
Pali BJT1774. පණ්ණරසසහස්සම්භි කප්පානං පඤ්චවීස තෙ, චිත්තමාලාසනාමා{1} ච චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1774. එක්දහස්පන්සියවන කපෙහි මහත් බල ඇති චිත්තමාල නම් පස්විසි සක්විතිරජකෙනෙක් වූහ.
Pali BJT1775. පටිසම්භිදා චතස්සො විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1775. ප්‍රතිසම්භිදාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.