Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2001-2100 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT105. මුට්ඨිපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT105. මූට්ඨිපූප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1634. සුදස්සනොති නාමෙන මාලාකාරො අහං තදා, අද්දසං විරජං බුද්ධං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT1634. එකල්හි මම නමින් සුදස්සන නම් වූ මල්කරුවෙක් වීමි. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ පහ වූ කෙළෙස් මල ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1635. ජාතිපුප්ඵං ගහෙවොන පූජයිං පදුමුත්තරං, විසුද්ධචක්ඛු සුමනො දිබ්බචක්ඛුං සමජ්ඣගං.
Sinhala BJT1635. (මම) දෑසමන් මල් ගෙණ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිදීමි. ඒ හේතුවෙන් පිරිසිදු ඇස් ඇත්තේ සොම්නස් වූයේ දිවැස ද ලැබීමි.
Pali BJT1636. එතිස්සා පුප්ඵපූජාය චිත්තස්ස පණිධීහි ච, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපපජ්ජහං.
Sinhala BJT1636. මම මේ පුෂ්පපුජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපන්මි.
Pali BJT1637. සොළසාසිංසු රාජානො දෙවුත්තරසනාමකා, ඡත්තිංසම්හි ඉතො කප්පෙ චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1637. මෙයින් සතිස්වන කපෙහි මහත් බල ඇති පදුමුත්තර නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1638. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1638. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මුට්ඨිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTමුට්ඨිපුප්ඵියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTමුට්ඨිපුප්ඵියස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT106. උදකපූජකත්ථෙරාපදානං.
Sinhala BJT106. උදකපූජක ස්ථවිරාවදානය
Pali BJT1639. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ, ඝතාසනං’ව ජලිතං ආදිත්තං’ව හුතාසනං.
Sinhala BJT1639-1640. මම අහස්මගෙහි වඩින්නා වූ රන්වන් වූ ඇවිලගත් දිලිසෙන ගිනිකඳක් වැනි වූ පූජාසත්කාරයන්ට ආසන (ස්ථාන) වූ බුදුරජානන් වහන්සේට අතින් දිය ගෙන අහසෙහි උඩට දැමීමි. මහාවීර වූ කාරුණික ඍෂි වූ බුදුරජ තෙම එය පිළිගත්තේ ය.
Pali BJT1640. පාණිනා උදකං ගය්හ ආකාසෙ උක්ඛිපිං අහං, සම්පටිච්ඡි මහාවීරො බුද්ධො කාරුණිකො ඉසි{1}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1641. අන්තලික්ඛෙ ඨිතො සත්ථා පදුමුත්තරනාමකො, මම සඞ්කප්පමඤ්ඤාය ඉමං ගාථං අභාසථ:
Sinhala BJT1641. අහසෙහි වැඩ සිටියා වූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මේ ගාථාව වදාළේ ය:
Pali BJT1642. “ඉමිනොදකදානෙන පීතිඋප්පාදනෙන ච, කප්පසතසහස්සම්හි{2} දුග්ගතිං නූපපජ්ජති”{3}.
Sinhala BJT1642. “මේ ජලදානයෙන් ද ප්‍රීතිය ඉපදවීමෙන් ද (මෙතෙම) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදී” (කියා යි.)
Pali BJT1643. තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ, පත්තොම්හි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT1643. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද ඒ කර්‍මය හේතු කොට ගෙණ ජය - පරාජය (දෙක) හැර නිශ්චලස්ථානය (=නිවණ) ට පැමිණියෙම් වෙමි.
Pali BJT1644. සහස්සරාජනාමෙන තයො තෙ චක්කවත්තිනො, පඤ්චසට්ඨිකප්පසතෙ චාතුරන්තා ජනාධිපා.
Sinhala BJT1644. සදහස්පන්සියවන කපෙහි සිවුමහදිවයින හා සිවු මහ සමුදුරු කෙළවර කොට ඇති පොළොවට අධිපති වූ ජනශ්‍රේෂ්ඨ වූ ඒ සහස්සරාජ නම් සක්විති රජවරු තිදෙනෙක් වූහ.
Pali BJT1645. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1645. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරන ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උදකපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඋදකපූජකත්ථෙරාපදානං චතුත්ථං.
Sinhala BJTඋදකපූජකස්ථවිරාවදානය සවැනියි.
Pali BJT107. නළමාලියත්ථෙරාපදානං.
Sinhala BJT107. නළමාලිය ස්ථවිරාවදානය
Pali BJT1646. පදුමුත්තරබුද්ධස්ස ලොකජෙට්ඨස්ස තාදිනො, තිණත්ථරෙ{4} නිසින්නස්ස උපසන්තස්ස තාදිනො.
Sinhala BJT1646-1647. තාදීගුණ ඇති ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ තණ ඇතිරියක වැඩහුන්නා වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට බටමලක් ගෙන විජිනියක් බැඳ පිළිගැන් වීමි.
Pali BJT1647. නළමාලං ගහෙත්වාන බන්ධිත්වා වීජනිං අහං, බුද්ධස්ස උපනාමෙසිං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1648. පටිග්ගහෙත්වා සබ්බඤ්ඤූ වීජනිං ලොකනායකො, මම සඞ්කප්පමඤ්ඤාය ඉමං ගාථං අභාසථ:
Sinhala BJT1648. ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ විජිනිය පිළිගෙණ මාගේ අදහස දැන මෙම ගාථාව වදාළ සේක:
Pali BJT1649. “යථා මෙ කායො නිබ්බාති පරිළාහො න විජ්ජති, තථෙව තිවිධග්ගීහි චිත්තං තව විමුච්චතු.”
Sinhala BJT1649. “යම් සේ මාගේ සිරුර නිවේ ද, පරිළාහයක් නො වේ ද, එසේ ම ඔබගේ සිත (රාග - ද්වේෂ - මෝහ - යන) ත්‍රිවිධාග්නියෙන් (නිවේවා) කෙලෙසුන්ගෙන් ද මිදේවා” (කියා යි.)
Pali BJT1650. සබ්බෙ දෙවා සමාගච්ඡුං යෙ කෙචි වනනිස්සිතා{5} ‘සොස්සාම බුද්ධවචනං හාසයන්තං ච දායකං’.
Sinhala BJT1650. වනය ඇසුරු කළා වූ යම් කිසි දෙවිකෙනෙක් වූවාහු ද, ඒ සියලු දෙවිවරු ‘දායකයාහට දේශනා කරන්නා වූ බුද්ධවචනය අසමු’ ය යි රැස්වූවාහු ය.
Pali BJT1651. නිසින්නො භගවා තත්ථ දෙවසංඝපුරක්ඛතො, දායකං සම්පහංසෙන්තො ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1651. එහි දිව්‍ය සමූහයා විසින් පිරිවරන ලදු ව වැඩහුන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දායකයා සතුටු කරමින් මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT1652. “ඉමිනා වීජනිදානෙන චිත්තස්ස පණිධීහි ච, සුබ්බතො නාම නාමෙන චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1652. මේ “විජිනිදන හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධිය හේතු කොට ගෙණ ද නමින් සුබ්බත නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
Pali BJT1653. තෙන කම්මාවසෙසෙන සුක්කමූලෙන චොදිතො, මාලුතො නාම නාමෙන චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1653. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ එම කර්‍මයාගේ ඉතිරි විපාකය වශයෙන් නමින් මාලුත නම් වූ සක්විති රජෙක් වන්නේ ය.
Pali BJT1654. ඉමිනා වීජනිදානෙන සම්මානවිපුලෙන ච, කප්පසතසහස්සම්හි දුග්ගතිං නූපපජ්ජති.”
Sinhala BJT1654. මෙම විජිනිදන හේතු කොට ගෙන ද මහත් වූ සත්කාරය හේතු කොට ගෙණ ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේ ය”.
Pali BJT1655. තිංසකප්පසහස්සම්හි සුබ්බතා අට්ඨතිංස තෙ, එකූනතිංසසහස්සෙ අට්ඨ මාලුතනාමකා.
Sinhala BJT1655. තිස්දහස්වන කපෙහි ඒ සුබ්බත නමින් අටතිස් රජකෙනෙක් වූහ. එකුන්තිස්දහස්වන කපෙහි මාලුත නමින් අට රජකෙනෙක් වූහ.
Pali BJT1656. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1656. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නළමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නළමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTනළමාලියත්ථෙරස්ස අපදානං{1} සත්තමං.
Sinhala BJTනළමාලියස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJTසත්තමභාණවාරං නිට්ඨිතං.
Sinhala BJTසත්වැනි බණවර නිමියේ ය.
Pali BJT108. ආසනූපට්ඨාපකත්ථෙරාපදානං.
Sinhala BJT108. ආසනූපට්ඨාපක ස්ථවිරාවදානය
Pali BJT1657. කානනං වනමොගය්හ අප්පසද්දං නිරාකුලං, සීහාසනං මයා දින්නං අත්ථදස්සිස්ස තාදිනො.
Sinhala BJT1657. අල්පශබ්ද ඇති නිශ්චල වූ මහවනයට පිවිස තාදිගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට මා විසින් සිහසුනක් පුදන ලදී.
Pali BJT1658. මාලහත්ථං ගහෙත්වාන කත්වා ච නං පදක්ඛිණං, සත්ථාරං පයිරුපාසිත්වා පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT1658. මල්මිටක් ගෙණ ඒ ශාස්තෲන් වහන්සේ පැදකුණු කොට ඇසුරු ද කොට උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT1659. තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ, සන්නිබ්බාපෙමි අත්තානං{2} භවා සබ්බෙ සමූහතා.
Sinhala BJT1659. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණ ලද එම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ ආත්මය (=නිවණ) ලබමි. සියලු භවයෝ නසන ලදහ.
Pali BJT1660. අට්ඨාරසෙ{3} කප්පසතෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි සීහාසනස්සිදං ඵලං.
Sinhala BJT1660. එක්දහසි අටසියවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සිහසුන්දනෙහි මේ විපාකය යි.
Pali BJT1661. ඉතො සත්තකප්පසතෙ සන්නිබ්බාපක ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1661. මෙයින් සත්සියවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සන්නිබ්බාපක නම් සක්විති රජෙක් වී ය.
Pali BJT1662. පටිසම්භිදා චතස්සො විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1662. සිවුපිළිසිඹියාවෝ ද අෂ්ටවිමෝක්‍ෂයෝ ද ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආසනූපට්ඨාපක{4}ත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආසනූපට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTආසනූපට්ඨාපකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTආසනූපට්ඨාපකස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT109. බිළාලිදායකත්ථෙරාපදානං.
Sinhala BJT109. බිළාලිදායක ස්ථවිරාවදානය
Pali BJT1663. හිමවන්තස්ස අවිදූරෙ වසාමි පණ්ණසන්ථරෙ, ඝාසෙසු ගෙධමාපන්නො සෙය්යසීලො චහං තදා.
Sinhala BJT1663. (මම) හිමවතට නුදුරු තන්හි පන්ඇතිරියක වසමි. එකල්හි අහරෙහි ගිජුබවට නො පැමිණියෙම් (නිරතුරු) පන් ඇතිරියෙහි හෝනා වත ඇත්තෙම් වෙමි.
Pali BJT1664. ඛණන්තාලු කලම්බානි බිළාලී තක්කලානි ච, කොලං භල්ලාතකං බිල්ලං ආහිත්වා{1} පටියාදිතං.
Sinhala BJT1664. ඒ මා විසින් කලම්බ බිළාලි තක්කල යන අල වර්‍ග සාරා ඩෙබර බදුලු බෙලි යන ගෙඩි කඩා ගෙණවුත් ආහාරයක් පිළියෙල කරණ ලදී.
Pali BJT1665. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT1665. පූජාවන් පිළිගන්නා වූ නෙහොත් පූජාවනට භාජන වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන මා සමීපයට වැඩි සේක.
Pali BJT1666. උපාගතං මහානාගං දෙවදෙවං නරාසභං, බිළාලිං පග්ගහෙත්වාන පත්තම්හි ඔකිරිං අහං.
Sinhala BJT1666. (එසේ සමීපයට) එළඹ සිටියා වූ මහොත්තම වූ දෙවියනට දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ (දැක) බිළාලි අල ගෙණ පාත්‍රයෙහි බැහීමි.
Pali BJT1667. පරිභුඤ්ජි මහාවීරො තොසයනෙතතා මමං තදා, පරිභුඤ්ජිත්වාන සබ්බඤ්ඤූ ඉමං ගාථං අභාසථ.
Sinhala BJT1667. එකල්හි මහාවීර වූ බුදුරජානන් වහන්සේ මා සතුටු කරමින් වැළඳූ සේක. සර්‍වඥයන් වහන්සේ වළඳා ඉක්බිති මේ ගාථාව වදාළ සේක:
Pali BJT1668. “සකං චිත්තං පසාදෙත්වා බිළාලිං මෙ අදා තුවං, කප්පානං සතසහස්සං දුග්ගතිං නූපගච්ඡසි.”{2}
Sinhala BJT1668. “තෙපි සිය සිත පහදවා මට බිළාලි (අල) දුන්නහු ද (ඒ හේතුවෙන්) කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො පැමිණෙන්නේ ය.”
Pali BJT1669. චතුපඤ්ඤාසිතො කප්පෙ සුමෙඛලිය සව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.{*}
Sinhala BJT1669. මෙයින් සූපණස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමෙඛලිය නම් වූ සක්විති රජෙක් වී ය.
Pali BJT1670. චරිමං වත්තතෙ මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1670. මේ මාගේ අන්තිම (භව) ය වේ. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි අන්තිම දේහය දරමි.
Pali BJT1671. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1671. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩ්භිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බිළාලිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බිළාලිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTබිළාලිදායකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTබිළාලිදායකස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT110. රෙණුපූජකත්ථෙරාපදානං.
Sinhala BJT110. රේණුපූජක ස්ථවිරාවදානය
Pali BJT1672. සුවණ්ණවණ්ණං සම්බුද්ධං සතරංසිං’ව භානුමං, ඔභාසෙන්තං දිසා සබ්බා උළුරාජං’ව පූරිතං.
Sinhala BJT1672-1673. රන්වන් වූ සියක්රස් ඇති හිරු වැනි වූ ද, සියලු දිගුන් බබුළුවන පුන්සඳ වැනි වූ ද, සයුරුවලින් පිරිවැරූ පොළොව මෙන් සව්වන් විසින් පිරිවරණ ලද විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි. (දැක) නාමල් ගෙණ (එහි) රේණුවලින් විපස්සී බුදුරජානන් වහන්සේ පිදීමි.
Pali BJT1673. පුරක්ඛතං සාවකෙහි සාගරෙහෙ’ව{3} මෙදිනිං, නාගං පග්ගය්හ රෙණූහි විපස්සිස්සාභිරොපයිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1674. එකනවුතෙ ඉතො කප්පෙ යං රෙණුමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1674. මෙයින් එක් අනූවන කපෙහි (යම් නාමල්) රොන් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1675. පණ්ණතාළීසිතො කප්පෙ රෙණු නාමාසි ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1675. මෙයින් පන්සාළිස් වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රෙණු නම් සක්විති රජෙක් වී ය.
Pali BJT1676. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1676. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රෙණුපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් රේණුපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTරෙණුපූජකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTරේණුපූජකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTභික්ඛාදායී ඤාණසඤ්ඤී හත්ථියො පදපූජකො, මුට්ඨිපුප්ඵි උදකදො නළමාලී උපට්ඨකො{1} බිළාලිදායී රෙණු ච ගාථායො ඡ ච සට්ඨි ච.
Sinhala BJTභික්ඛාදායී ඤාණසඤ්ඤදී - හත්‍ථිය පද පූජක මුට්ඨිපුප්ඵිඋදකද - නළමාලී උපට්ඨක බිළාලිදායී රෙණු යී - සසැටක් ගයින් බැඳියේ.
Pali BJTභික්ඛාදායීවග්ගො එකාදසමො.
Sinhala BJTභික්ඛාදායිවර්‍ගය එකොළොස් වැනි යි.
Pali BJT12. මහාපරිවාරවග්ගො
Sinhala BJT12. මහාපරිවාර වර්‍ගය
Pali BJT111. මහාපරිවාරත්ථෙරාපදානං.{*}
Sinhala BJT111. මහාපරිවාර ස්ථවිරාවදානය
Pali BJT1677. විපස්සී නාම භගවා ලොකජෙට්ඨො නරාසභො, අට්ඨසට්ඨිසහස්සෙහි පාවිසී බන්ධුමං තදා.
Sinhala BJT1677. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ විපස්සී නම් භාග්‍යවතුන් වහන්සේ එකල්හි අටසැටදහසක් භික්‍ෂූන් සමග බන්‍ධුම නගරයට පිවිසි සේක.
Pali BJT1678. නගරා අභිනික්ඛම්ම අගමං දීපචෙතියං, අද්දසං විරජං බුද්ධං ආහුතීනං පටිග්ගහං.
Sinhala BJT1678. නුවරින් නික්ම ද්වීප චෛත්‍යස්ථානයට ගියෙමි. (එහිදී) කෙලෙස් රජස් විරහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1679. චුල්ලාසීතිසහස්සානි යක්ඛා මය්හං උපන්තිකෙ, උපට්ඨහන්ති සක්කච්චං ඉන්දං’ව තිදසා ගණා.
Sinhala BJT1679. අසූදහසක් අවශේෂ යක්‍ෂයෝ මා සමීපයෙහි තව්තිසාවැසි දිව්‍යසමූහයෝ ශක්‍රයාට මෙන් (මට) සකසා උවටැන් කෙරෙත්.
Pali BJT1680. භවනා අභිනික්ඛම්ම දුස්සං පග්ගය්හ’හං තදා, සිරසා අභිවාදෙසිං තං වාදාසිං මහෙසිනො.
Sinhala BJT1680. මම එකල්හි භවනයෙන් නික්ම වස්ත්‍රයක් ද ගෙණ බුදුරජුන්ට හිස නමා වැන්දෙමි. එම වස්ත්‍රය ද දුනිමි.
Pali BJT1681. “අහො බුද්ධො අහො ධම්මො{2} අහො නො සත්ථුසම්පදා බුද්ධස්ස ආනුභාවෙන වසුධා’යං පකම්පථ.
Sinhala BJT1681. අහෝ! බුදුරජ තෙම ආශ්චර්‍ය්‍යය ය. ධර්‍මය ද ආශ්චර්‍ය්‍යය ය. අපගේ ශාස්තෘසම්පත්තිය ද ආශ්චර්‍ය්‍යය ය. බුදුරජානන් වහන්සේගේ ආනුභාවයෙන් මේ පෘථිවියද කම්පිත වී ය.
Pali BJT1682. තං ච අච්ඡරියං දිස්වා අබ්භුතං ලොමහංසනං, බුද්ධෙ චිත්තං පසාදෙසිං දිපදින්දම්හි තාදිනෙ.
Sinhala BJT1682. ආශ්චර්‍ය්‍යය වූ ලොමු දැහැ ගන්වනා වූ එම විස්මය දැක තාදි ගුණ ඇති ද්විපදෝත්තම වූ බුදුරජුන් කෙරෙහි සිත පැහැද වීමි.
Pali BJT1683. සොහං චිත්තං පසාදෙත්වා දුස්සං දත්වාන සත්ථුනො, සරණඤ්ච උපාගඤ්ඡිං සාමච්චො සපරිජ්ජනො.
Sinhala BJT1683. ඒ මම සිත පහදවා ශාස්තෲන් වහන්සේට වස්ත්‍රය පුදා ඇමතියන් සහිත වූ පිරිවර ජනයා සමග සරණගත ද වීමි.
Pali BJT1684. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1684. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් පුණ්‍යකර්‍මයක් කෙළෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක යි.
Pali BJT1685. ඉතො පණ්ණරසෙ කප්පෙ සොළසා’සුං සුවාහනා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1685. මෙයින් පහළොස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවාහන නම් සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
Pali BJT1686. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1686. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාපරිවාරො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාපරිවාර ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTමහාපරිවාරත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTමහාපරිවාරස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT112. සුමඞ්ගලත්ථෙරාපදානං.
Sinhala BJT112. සුමඞ්ගල ස්ථවිරාවදානය
Pali BJT1687. අත්ථදස්සී ජිනවරො ලොකජෙට්ඨො නරාසභො, විහාරා අභිනික්ඛම්ම තළාකං උපසඞ්කමි.
Sinhala BJT1687. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි බුදුරජානන් වහන්සේ විහාරයෙන් නික්ම තඩාගයක් වෙත එළඹි සේක.
Pali BJT1688. නහාත්වා පීත්වා ච සම්බුද්ධො උත්තරිත්වෙකචීවරො, අට්ඨාසි භගවා තත්ථ විලොකෙන්තො දිසොදිසං.
Sinhala BJT1688. භාග්‍යවත් සර්‍වඥ තෙම (එහි) නා (පැන්) බී එයින් ගොඩ නැග (හඳනය පමණක් හැඳීමෙන්) එක සිවුර ඇත්තේ දිශානුදිශාවන් බලමින් එහි වැඩ සිටියේ ය.
Pali BJT1689. භවනෙ උපවිට්ඨොහං අද්දසං ලොකනායකං. හට්ඨො හට්ඨෙන චිත්තෙන අප්පොඨෙසිං අහං තදා.
Sinhala BJT1689-1690. (රුක් දෙවි වූ) මම භවනයෙහි හුන්නෙම් එකල්හි සූර්‍ය්‍යයා මෙන් බබලන ස්වර්‍ණයක් මෙන් දිලිසෙන ලෝකනායකයන් වහන්සේ දිටිමි. (දැක) සතුටු වූයෙම් සතුටු සිතින් අත්පොළසන් දිනිමි. (ඒ හේතුවෙන්) නෘත්‍යයෙහි ද, ගීතයෙහි ද, පඤ්චාඞ්ගිකතූර්‍ය්‍යයෙහි ද යෙදුනා වූ මම-
Pali BJT1690. සතරංසිං’ව ජොතන්තං පභාසන්තං’ව කඤ්චනං, නච්චෙ ගීතෙ ච යුත්තො’හං{1} පඤ්චඞ්ගතුරියම්හි ච{2}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1691. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බෙ සත්තෙ අතිභොමි විපුලො හොති මෙ යසො.
Sinhala BJT1691. දිව්‍ය වූ හෝ යලි මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් (යසසින්) සියලු සත්ත්‍වයන් ඉක්ම වමි. මාගේ යසස විශාල වේ.
Pali BJT1692. “නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, අත්තානං තොසයිත්වාන පරෙ තොසෙසි ත්වං මුනෙ.”
Sinhala BJT1692. පුරුෂශ්‍රේෂ්ඨයන් වහන්ස! ඔබ වහන්සේට නමස්කාර වේවා. පුරුෂෝත්තමයන් වහන්ස! ඔබවහන්සේට නමස්කාර වේවා. සර්‍වඥයන් වහන්ස! නුඹ වහන්සේ තමා තුටු කොට අනුනුදු තුටු කරණ සේක්වා.
Pali BJT1693. පරිග්ගය්හ{3} නිසීදිත්වා හාසං කත්වාන සුබ්බතෙ{4}, උපට්ඨහිත්වා සම්බුද්ධං තුසිතං උපපජ්ජ හං.
Sinhala BJT1693. මනා ව්‍රත ඇත්තේ (තථාගතයන් වහන්සේ) පිරිවරා ගෙණ හිඳ (උන්වහන්සේ ද) සතුටු කොට මම බුදුරජානන් වහන්සේට උවැටැන් කොට තුසිත භවනයෙහි උපනිමි.
Pali BJT1694. සොළසෙතො කප්පසතෙ දවි- නව එකචින්තිතා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1694. මෙයින් එක්දහස් හයසියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒකවින්තිත නම් එකොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1695. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1695. සිවුපිළිසිඹියාවෝ ද, අෂ්ටවිමෝක්‍ෂයෝ ද, ෂඩභිඥාවෝ ද සාක්‍ෂාත් කරණ ලදහ. බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමඞ්ගලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ මේ අයුරින් ආයුෂ්මත් සුමඞ්ගල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසුමඞ්ගලත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTසුමඞ්ගලස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT113. සරණගමනීයත්ථෙරාපදානං
Sinhala BJT113. දුතියසරණගමනීය ස්ථවිරාවදානය
Pali BJT1696. උභින්නං දෙවරාජූනං සඞ්ගාමො පච්චුපට්ඨිතො{5} අහොසි සමුපබ්බූළ්හො මහාඝොසො පවත්තථ.
Sinhala BJT1696. දෙව්රජුන් දෙදෙනකුගේ සංග්‍රාමයක් එළඹ සිටියේ ය. (පෙරමුණෙහි) රැස් වූයේ විය. මහත් ඝෝෂාව ද පැවැත්තේ ය.
Pali BJT1697. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, අන්තළික්ඛෙ ඨිතො සත්ථා සංවෙජෙසි මහාජනං.
Sinhala BJT1697. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් බඳු වූ තුන්ලෝ දත් ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ මහා ජනයා සංවේගයට පත් කළේ ය.
Pali BJT1698. සබ්බෙ දෙවා අත්තමනා නික්ඛිත්තකවචාවුධා, සම්බුද්ධම්භිවාදෙත්වා එකග්ගා’සිංසු තාවදෙ.
Sinhala BJT1698. එකෙණෙහි සියලු දෙවිවරු සතුටු වූවාහු බැහැර කරණ ලද යුදඇඳුම් හා ආයුධ ඇත්තාහු බුදුරජානන් වහන්සේට වැඳ එකඟව සිටියාහු ය.
Pali BJT1699. අම්හං සඞ්කප්පමඤ්ඤාය වාචාසභිමුදීරයී, අනුකම්පකො ලොකවිදූ නිබ්බාපෙසි මහාජනං.
Sinhala BJT1699. බුදුරජානන් වහන්සේ අපගේ අදහස් දැන ශ්‍රේෂ්ඨ වචන ප්‍රකාශ කළ සේක. හට ගත් අනුකම්පා ඇත්තේ මහාජනයා (දුක්ගිනි හැර) නිවූ සේක. (කෙසේ ද? යත්:)
Pali BJT1700. “පදුට්ඨචිත්තො මනුජො එකපාණං{1} විහෙඨයං, තෙන චිත්තප්පදොසෙන අපායං උපපජ්ජති.
Sinhala BJT1700. එක ප්‍රාණියකු දු නසන්නා වූ ප්‍රදූෂ්‍ය සිත් ඇති මනුෂ්‍යතෙමේ එම ප්‍රදූෂ්‍යචිත්තය හේතු කොට ගෙණ අපායෙහි උපදී.
Pali BJT1701. සඞ්ගාමසීසෙ නාගො’ව බහූ පාණෙ විහෙඨයං, නිබ්බාපෙථ සකං චිත්තං මා හඤ්ඤිත්ථො පුනප්පුනං”
Sinhala BJT1701. යුදපෙරමුණෙහි බොහෝ ප්‍රාණීන් නසන්නා වූ ඇතකු මෙන් සිය සිත නිවවු. නැවත නැවත නො නසවු” (යි කියා යි).
Pali BJT1702. ද්වින්නම්පි යක්ඛරාජූනං සෙනායො විම්හිතා අහූ, සරණඤ්ච උපාගච්ඡුං ලොකජෙට්ඨං සුතාදිනං.
Sinhala BJT1702. දෙ-යක් රජුන්ගේ ම සේනාවෝ විස්මයට පත්වූහ. තාදීගුණ ඇති ලෝකනායකයන් වහන්සේ සරණ කොට ගියහ.
Pali BJT1703. සඤ්ඤාපෙත්වාන ජනතං උද්ධරී පන{2} චක්ඛුමා, පෙක්ඛමානොව දෙවෙහි පක්කාමි උත්තරාමුඛො.
Sinhala BJT1703. පසැස් ඇති බුදුරජ තෙම ජනසමූහයාට කරුණු අවබෝධ කරවා (පවින්) ගොඩ ගත්තේ ය. දෙවියන් විසින් බලනු ලබන්නේ ම උතුරුදිගට මුහුණ ලා වැඩියේ ය.