Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1574. එකනවුතෙ ඉතො කප්පෙ සත්තාසුං වජිරව්හයා{2}, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1574. මෙයින් ඒකානූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති වජිර නම් වූ සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1575. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1575. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සූචිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සූචිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTසූචිදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසූචිදායකස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT95. ගන්ධමාලියත්ථෙරාපදානං
Sinhala BJT95. ගන්‍ධමාලිය ස්ථවිරාවදානය
Pali BJT1576. සිද්ධත්ථස්ස භගවතො ගන්ධථූපං අකාසහං, සුමනෙහි පටිච්ඡන්නං බුද්ධානුච්ඡවිකං කතං{3}.
Sinhala BJT1576. මම සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේට (සඳුන් - අගිල් - කපුරු කස්තුරි ආදිය වඩා) සුගන්‍ධස්තූපයක් කෙළෙමි. බුදුරජානන් වහන්සේට සුදුසු සේ කරණ ලද එය සමන්මල්වලින් වසන ලදී.
Pali BJT1577. කඤ්චකනග්ඝියසඞ්කාසං බුද්ධං ලොකග්ගනායකං, ඉන්දීවරං’ව ජලිතං ආදිත්තං’ව හුතාසනං.
Sinhala BJT1577-1578. රන්ඇගෑවක් වැනි වූ ලෝකයෙහි අසහාය නායක වූ සර්‍වඥ වූ උදුල උපුල් මලක් වැනි වූ ඇවිළුනු ගින්නක් වැනි, ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු මෙන් උතුම් වූ, විශිෂ්ට ජන්ම ඇති කේශර සිංහයෙකු වැනි, භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලද, ශ්‍රමණයන්ට අග්‍ර වූ බුදුරජානන් වහන්සේ ද බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාදයුග්මයද වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT1578. ව්යග්ඝූසභං’ව පවරං අභිජාතං’ව කෙසරිං, නිසින්නං සමණානග්ගං භික්ඛුසංඝපුරක්ඛතං, වන්දිත්වා සත්ථුනො පාදෙ පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1579. චතුනවුතෙ ඉතො කප්පෙ ගන්ධමාලං යතො අදං, බුද්ධෙ කතස්ස කාරස්ස ඵලෙනාහං විසෙසතො, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1579. යම් හෙයකින් සිවුඅනූවන කපෙහි යම් ගඳමල් පූජාවක් කරණලද ද, බුදුරජුන් විෂයයෙහි කරන ලද ඒ පුණ්‍යකර්‍මයාගේ විපාකය හේතු කොට ගෙන මම විශේෂයෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1580. චත්තාරීසම්භි එකූනෙ කප්පෙ ආසිංසු සොළස, දෙවගන්ධසනාමා තෙ රාජානො චක්කවත්තිනො.
Sinhala BJT1580. එකුන්සතළිස්වන කපෙහි දෙවගන්‍ධ නම් වූ ඒ සොළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
Pali BJT1581. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1581. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගන්ධමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධමාලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTගන්ධමාලියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTගන්‍ධමාලියස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT96. තිපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT96. තිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1582. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, පාටලිං හරිතං දිස්වා තීණි පුප්ඵානි ඔකිරිං.
Sinhala BJT1582. මම පෙර මහවෙනෙහි වැද්දෙක් වීමි. (විපස්සී බුදුරජුන්ගේ) නිල්වන් වූ පළොල්බෝධිය (=පාටලී බෝධිය) දැක (එයට) මල් තුණක් විසිරවීම් (පිදීමි).
Pali BJT1583. සන්න{1} පත්තානි ගණ්හිත්වා බහි ඡඩ්ඪෙසහං තදා, අන්තොසුද්ධං බහිසුද්ධං සුවිමුත්තං අනාසවං.
Sinhala BJT1583-1584. මම එකල්හි වැටුනු බෝකොළ (අවුලා) ගෙණ පිටත දැමීමි. ඇතුළත පිරිසිදු වූ පිටත ද පිරිසිදු වූ (කෙලෙසුන්ගෙන්) මැනැවින් මිදුනු, ආස්‍රව රහිත වූ ලෝකනායක වූ විපස්සී බුදුරජුන් ඉදිරියෙහි දී මෙන් පළොල් බෝධිය වැඳ මම එහි කලුරිය කෙළෙමි.
Pali BJT1584. සම්මුඛා විය සම්බුද්ධං විපස්සිං ලොකනායකං, පාටලිං අභිවාදෙත්වා තත්ථ කාලකතො අහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1585. එකනවුතෙ ඉතො කප්පෙ යං බොධිමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බොධිපූජායිදං ඵලං.
Sinhala BJT1585. මෙයින් එක්අනූවන කපෙහි යම් බෝධිපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිපූජාවෙහි මේ විපාකයයි.
Pali BJT1586. සමන්තපාසාදිකා නාම තෙරසා’සිංසු රාජිනො, ඉතො තෙත්තිංසකප්පම්හි චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1586. මෙයින් තෙතිස්වන කපෙහි මහත් බල ඇති සමන්තපාසාදික නම් වූ සක්විතිරජවරු තෙළෙස් දෙනෙක් වූහ.
Pali BJT1587. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1587. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTතිපුප්ඵියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTතිපුප්ඵිය ස්ථවිරාවදානය සවැනියි.
Pali BJT97. මධුපිණ්ඩිකත්ථෙරාපදානං.
Sinhala BJT97. මධුපිණ්ඩික ස්ථවිරාවදානය
Pali BJT1588. විපිනෙ{2} කානනෙ දිස්වා අප්පසද්දෙ නිරාකුලෙ, සිද්ධත්ථං ඉසිනං සෙට්ඨං ආහුතීනං පටිග්ගහං.
Sinhala BJT1588-1589. අල්පශබ්ද අති, නිරාකූල වූ මහවනයෙහි දී ඍෂීන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් වැනි වූ නිවී ගිය අත්බැව් ඇති අතිශ්‍රේෂ්ඨ වූ උත්තම ආජානීයයකු වැනි ඕසධී තරුව මෙන් බබලන්නා වූ දිව්‍යසමූහයා විසින් නමස්කාර කරනලද සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දැක මට මහත් ප්‍රීතියක් වී ය. එකෙණෙහි නුවණ ද උපන්නේ ය.
Pali BJT1589. නිබ්බුතත්තං{3} මහානාගං නිසභාජානියං යථා, ඔසධිං’ව විරොචන්තං දෙවසඞ්ඝනමස්සිතං, විත්ති මෙ පහුතා ආසි{4} ඤාණං උප්පජ්ජි තාවදෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1590. වුට්ඨිතස්ස සමාධිම්හා මධුං දත්වාන සත්ථුනො, වන්දිත්වා සත්ථුනො පාදෙ පක්කාමිං පාචිනාමුඛො.
Sinhala BJT1590. සමාධියෙන් නැගී සිටි ඒ බුදුරජානන් වහන්සේට මී දී ඒ බුදුරජානන් වහන්සේගේ ශ්‍රීපාදයුග්මය ද වැඳ නැගෙනහිර දෙසට මුහුණ ලා ගියෙමි.
Pali BJT1591. චතුත්තිංසම්හි කප්පම්හි රාජා ආසිං සුදස්සනො, මධු භිසෙහි සවති භොජනම්හි ච තාවදෙ, මධුවස්සං පවස්සිත්ථ පුබ්බකම්මස්සිදං ඵලං.
Sinhala BJT1591. සූතිස්වන කපෙහි සුදස්සන නම් රජෙක් වීමි. එකල්හි (අනුභය කරණ) භෝජනයෙහි ද නෙළුඹුපැනි වැගිරේ. මීවැසි ද වැස්සේ ය. පූර්‍වකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1592. චතුනවුතෙ ඉතො කප්පෙ යං මධුං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි මධුදානස්සිදං ඵලං.
Sinhala BJT1592. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් මීපැණි දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මධුදානයාගේ මේ විපාකයයි.
Pali BJT1593. චතුත්තිංසෙ ඉතො කප්පෙ චත්තාරො තෙ සුදස්සනා, සත්තරතනම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1593. මෙයින් සූතිස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ඒ සුදස්සන නම් සිවුසක්විති රජකෙනෙන් වූහ.
Pali BJT1594. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1594. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මධුපිණ්ඩිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුපිණ්ඩික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTමධුපිණ්ඩිකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTමධුපිණ්ඩිකස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT98. සෙනාසනදායකත්ථෙරාපදං.
Sinhala BJT98. සේනාසනදායක ස්ථවිරාවදානය
Pali BJT1595. සිද්ධත්ථස්ස භගවතො අදාසිං පණ්ණසන්ථරං, සමන්තා උපහාරං{1} ච කුසුමං ඔකිරිං අහං.
Sinhala BJT1595. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පන්ඇතිරියක් දිනිමි. හාත්පස අසේනියකුසුම් ද විසිරවීමි.
Pali BJT1596. පාසාදෙ’වං ගුණං{2} රම්මං{3} අනුභොමි මහාරහං{4}, මහග්ඝානි ච පුප්ඵානි සයනෙ‘භිසවන්ති{5} මෙ.
Sinhala BJT1596. මෙබඳු ගුණ ඇති සිත්කලු මහාර්‍හ වූ පහසක් ලබමි. මාගේ ඇඳෙහි මහඟු පුෂ්පයෝ වැගිරෙත්.
Pali BJT1597. සයනෙ’හං තුවට්ටාමි විචිත්තෙ පුප්ඵසන්ථතෙ, පුප්ඵවුට්ඨි ච සයනෙ අභිවස්සති තාවදෙ.
Sinhala BJT1597. මම විසිතුරු වූ මල් අතුළ සයනයෙහි නිදිමි. එකෙණෙහි සයනෙහි මල්වැසි ද වසින්නේ ය.
Pali BJT1598. චතුනවුතෙ ඉතො කප්පෙ අදාසිං පණ්ණසන්ථරං, දුග්ගතිං නාභිජානාමි සන්ථරස්ස ඉදං ඵලං.
Sinhala BJT1598. මෙයින් සිවුඅනූවන කපෙහි පන්ඇතිරියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඇතිරිදනෙහි මේ විපාකයයි.
Pali BJT1599. තිණසන්ථරකා නාම සත්තෙ‘තෙ චකක්වත්තිනො, ඉතො තෙ පඤ්චමෙ කප්පෙ උප්පජ්ජිංසු ජනාධිපා.
Sinhala BJT1599. මෙයින් පස්වැනි කපෙහි ජනාධිපති වූ තිණසන්‍ථරක නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1600. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1600. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සෙනාසනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සේනාසනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTසෙනාසනදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසේනාසනදායකස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT99. වෙය්යාවච්චකත්ථෙරාපදානං.
Sinhala BJT99. වෙය්‍යාවච්චක ස්ථවිරාවදානය
Pali BJT1601. විපස්සිස්ස භගවතො මහාභූරිගණො{6} අහු, වෙය්යාවච්චකරො ආසිං සබ්බකිච්චෙසු ව්යාවටො.
Sinhala BJT1601. විපස්සී බුදුරජානන් වහන්සේගේ (භක්තිමත්) මහාප්‍රාඥ සමූහයා විය. මම එකල්හි සියලු කටයුතුවල යෙදුනු වතාවත් කරන්නෙක් වීමි.
Pali BJT1602. දෙය්යධම්මො ච මෙ නත්ථි සුගතස්ස මහෙසිනො, අවන්දිං සත්ථුනො පාදෙ විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT1602. මහර්ෂි වූ බුදුරජානන් වහන්සේට පිදිය යුතු දෙයක් මට නැත. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේගේ සිරිපා වැන්දෙමි.
Pali BJT1603. එකනවුතෙ ඉතො කප්පෙ වෙය්යාවච්චං අකාසහං, දුග්ගතිං නාභිජානාමි වෙය්යාවච්චස්සිදං ඵලං.
Sinhala BJT1603. මම මෙයින් එක්අනූවන කපෙහි (බුදුරජුන්ට) වතාවත් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වතාවත් කිරීමෙහි මේ ප්‍රතිඵලයයි.
Pali BJT1604. ඉතො ච අට්ඨමෙ කප්පෙ රාජා ආසිං සුචින්තිතො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1604. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුචින්තිත නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1605. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1605. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජණන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වෙය්යාවච්චකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් වෙය්‍යාවච්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTවෙය්යාවච්චකත්ථෙරස්ස{*} අපදානං නවමං.
Sinhala BJTවෙය්‍යාවච්චකස්ථවිරාවදානය නවවැනි යි
Pali BJT100. බුද්ධුපට්ඨාකත්ථෙරාපදානං.
Sinhala BJT100. බුද්ධුපට්ඨාක ස්ථවිරාවදානය
Pali BJT1606. විපස්සිනො භගවතො අහොසිං සංඛධම්මකො, නිච්චූපට්ඨානයුත්තොම්හි සුගතස්ස මහෙසිනො.
Sinhala BJT1606. (මම) විපස්සී බුදුරජුන්ගේ (කාලයෙහි) සක් පිඹින්නෙක් වීමි. මහර්ෂි වූ සුගතයන් වහන්සේට නිතර (සක් පිඹීමෙන්) උවටැනෙහි යෙදුනෙම් වෙමි.
Pali BJT1607. උපට්ඨානඵලං පස්ස ලොකනාථස්ස තාදිනො, සට්ඨි තුරියසහස්සානි පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT1607. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට උවටැන් කිරීමෙහි විපාකය දකු. හැමකල්හි සැටදහසක් තූර්‍ය්‍යයෝ මා පිරිවරත්.
Pali BJT1608. එකනවුතෙ ඉතො කප්පෙ උපට්ඨහිං මහාඉසිං, දුග්ගතිං නාභිජානාමි උපට්ඨානස්සිදං ඵලං.
Sinhala BJT1608. මෙයින් එක්අනූවන කපෙහි මහර්ෂි වූ බුදුරදුන්ට (සක් පිඹීමෙන් යම්) උවටැනක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උවටැන් කිරීමෙහි මේ විපාකය යි.
Pali BJT1609. චතුවීසෙ{1} ඉතො කප්පෙ මහානිග්ඝොසනාමකා, සොළසාසිංසු රාජානො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1609. මෙයින් සූතිස්වන කපෙහි මහත් බල ඇති මහානිග්ඝෝස නම් වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1610. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1610. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජුන්ගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බුද්ධුපට්ඨාකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධුපට්ඨාකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTබුද්ධපට්ඨාකත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTබුද්ධුපට්ඨාකස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසුධාසුචින්ති චෙලඤ්ච සූචි ච ගන්ධමාලියො, තිපුප්ඵියො මධූ සෙනා - වෙය්යාවච්චො චුපට්ඨකො{2}, සමසට්ඨි ච ගාථායො අස්මිං වග්ගෙ පකිත්තිතා.
Sinhala BJTසුධා සුචින්තී චේල ද - සූචි ද ගන්‍ධමාලිය, තිපුප්ඵිය මධුසෙනසුන - වෙය්‍යාච්චුපට්ඨායක මෙ වගෙහි පවසන ලද - සමසැටගයෙක් වන්නේ
Pali BJTසුධාපිණ්ඩියවග්ගො දසමො.
Sinhala BJTසුධාපිණ්ඩියවර්‍ගය දසවැනියි.
Pali BJTඅථ වග්ගුද්දානං:
Sinhala BJTයලි වර්‍ගඋද්දානය යි:
Pali BJTබුද්ධවග්ගො හි පඨමො සීහාසන සුභූති ච, කුණ්ඩධානො උපාලි ච වීජනී සකචින්ති ච, නාගසමාලො තිමිරො සුධාවග්ගෙන තෙ දස, චතුද්දසසතං ගාථා පඤ්චපඤ්ඤාසමෙව ච.
Sinhala BJTබුදුවග පළමු ය - යලි සිහසුන් සුභූති ය කුණ්ඩධාන ද උපාලිය - විජනිය සකචින්තිය ද නාගසමාලය තිමිරිය - සුධාවග දැ යි දසයකි ගීතුදුස් සියයකි - පස්පණසක් ද වන්නේ
Pali BJTබුද්ධවග්ගදසකං.
Sinhala BJTප්‍රථමවර්‍ගදශකය යි.
Pali BJTපඨමසතකං සමත්තං
Sinhala BJTප්‍රථමශතකය සමාප්තයි.
Pali BJT11. භික්ඛාදායීවග්ගො
Sinhala BJT11. භික්ඛදායි වර්‍ගය
Pali BJT101. භික්ඛාදායකත්ථෙරාපදානං.
Sinhala BJT101. භික්ඛාදායක ස්ථවිරාවදානය
Pali BJT1611. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, පවනා අභිනික්ඛන්තං වනා නිබ්බනමාගතං.
Sinhala BJT1611. මම ස්වර්‍ණවර්‍ණ වූ ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවනට ගෙයක් වැනි වූ වනලැහැබින් නික්මුනා වූ තෘෂ්ණාවෙන් නික්ම නිවණට පැමිණියා වූ ප්‍රඥාවෙන් උපශාන්ත වූ සම්බුදුරජ (දිටිමි).
Pali BJT1612. කටච්ඡුභික්ඛං පාදාසිං සිද්ධත්ථස්ස මහෙසිනො, පඤ්ඤස්ස{3} උපසන්තස්ස මහ වීරස්ස තාදිනො.
Sinhala BJT1612. තාදිගුණ ඇති මහාවීර වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සැන්දක් පමණ වූ භික්‍ෂාවක් දිනිමි.
Pali BJT1613. පදෙනානුපදං යන්තං{4} නිබ්බාපෙන්තෙ{5} මහාජනං, උළාරා විත්ති මෙ ජාතා බුද්ධෙ ආදිච්චබන්ධුනි{6}.
Sinhala BJT1613. සූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජානන් වහන්සේ පියෙන් පිය අනු ව (පසුපස්සෙන්) යන මහාජනයා (දහම්වැස්සෙන්) නිවන කල්හි මට මහත් ප්‍රීතියෙක් විය.
Pali BJT1614. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භික්ඛාදානස්සිදං ඵලං.
Sinhala BJT1614. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාකය යි.
Pali BJT1615. සත්තාසීතිම්හි’තො කප්පෙ මහාරෙණුසනාමකා, සත්තරතනසම්පන්නා සත්තෙ’ව චක්කවත්තිනො.
Sinhala BJT1615. මෙයින් සත්අසූවන කපෙහි සත්රුවනින් යුත් මහාරෙණු නම් සත් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1616. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1616. සිවුපිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භික්ඛාදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් භික්ඛාදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTභික්ඛාදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTභික්ඛාදායකස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT102. ඤාණසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT102. ඤාණසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1617. සුවණ්ණවණ්ණං සම්බුද්ධං නිසභාජානියං යථා, තිධා පභින්නමාතඞ්ගං කුඤ්ජරං’ව මහෙසිනං.
Sinhala BJT1617-1618. මම ස්වර්‍ණවර්‍ණ වූ උතුම් ආජානීයයකු මෙන් ශ්‍රේෂ්ඨ වූ ත්‍රිමදගලිතමාතඞ්ගහස්තිකුලයෙහි ඇත්රජකු වැනි මහර්ෂී වූ පුන්සඳ මෙන් සියලු දිගුන් බබුළුවන්නා වූ ලෝකජ්‍යේෂ්ඨ වූ විථීයට පිළිපන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1618. ඔභාසන්තං දිසා සබ්බා උළුරාජං’ව පූරිතං, රථියං පටිපජ්ජන්තං ලොකජෙට්ඨං අපස්සිසං.{1}
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1619. ඤාණෙ චිත්තං පසාදෙත්වා පග්ගහෙත්වාන අඤ්ජලිං, පසන්නචිත්තො සුමනො සිද්ධත්ථං අභිවාදයිං.
Sinhala BJT1619. (උන්වහන්සේගේ) නුවණෙහි සිත පහදවා ඇඳිලි බැඳ සොම්නස් වූයෙම් පහන් සිත් ඇත්තෙම් සිද්ධාර්‍ත්‍ථ බුදුරජුන්හට අභිවාදනය කෙළෙමි.
Pali BJT1620. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ඤාණසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1620. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධඥානය පැහැදි සිතින් මෙනෙහි කිරීමේ මේ විපාකය යි.
Pali BJT1621. තෙසත්තතිම්හි’තො කප්පෙ සොළසා’සුං නරුත්තමා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1621. මෙයින් තෙසැත්තෑවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති නරශ්‍රේෂ්ඨ වූ සක්විති රජවරු සෙළොස් දෙනෙක් වූහ.
Pali BJT1622. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1622. සිවු පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඤාණසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඤාණසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඤාණසඤ්ඤකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඤාණසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT103. උප්පලහත්ථියත්ථෙරාපදානං
Sinhala BJT103. උප්පලහත්‍ථිය ස්ථවිරාවදානය
Pali BJT1623. තිවරායං නිවාසී’හං අහොසිං මාලිකො තදා, අද්දසං විරජං බුද්ධං සිද්ධත්ථං ලොකනායකං.
Sinhala BJT1623. එකල්හි මම තිවරා නගරයෙහි වෙසෙන මල්කරුවෙක් වීමි. පහ වූ කෙලෙස් රජස් ඇති ලෝකනායක වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1624. පසන්නචිත්තො සුමනො පුප්ඵහත්ථමදාසහං, යත්ථ යත්ථුපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා.
Sinhala BJT1624. මම පහන් සිත් ඇත්තෙම් සොම්නස් වූයෙම් (උන්වහන්සේට) උපුල් මල් මිටක් දිනිමි. ඒ කර්‍මයාගේ විපාකයෙන් යම් යම් භවයක උපදිම් ද,
Pali BJT1625. අනුභොමි ඵලං ඉට්ඨං පුබ්බෙ සුකතමත්තනො, පරික්ඛිත්තො සුමල්ලෙහි පුප්ඵදානස්සිදං{2} ඵලං.
Sinhala BJT1625. මනා වූ මල්ලයන් විසින් පිරිවරණ ලදුයෙම් පෙර තමා කළ පින් කම්හි ඉෂ්ටවිපාක අනුභව කරමි. පුෂ්පදානයාගේ මේ විපාකය යි.
Pali BJT1626. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1626. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1627. චතුනවුතුපාදාය ඨපෙත්වා වත්තමානකං, පඤ්චරාජසතා තත්ථ නජ්ජූපම{3} සනාමකා.
Sinhala BJT1627. මෙම භවය හැර සිවුඅනූවන කපෙහි පටන් ම නජ්ජූපම නම් පන්සියයක් රජවරු වූහ.
Pali BJT1628. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1628. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උප්පලහත්ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උප්පලහත්‍ථිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඋප්පලහත්ථියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඋප්පලහත්‍ථියස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT104. පදපූජකත්ථෙරාපදානං
Sinhala BJT104. පදපූජක ස්ථවිරාවදානය
Pali BJT1629. සිද්ධත්ථස්ස භගවතො ජාතිපුප්ඵමදාසහං, පාදෙසු සත්තපුප්ඵානි හාසෙනොකිරිතානි{1} මෙ.
Sinhala BJT1629. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට සමන් මල් පිදීමි. (උන්වහන්සේගේ) ශ්‍රීපාදයෙහි මා විසින් මල් සතක් සතුටින් විසුරුවන ලදී.
Pali BJT1630. තෙන කම්මෙන’හං අජ්ජ අතිභොමි නරාමරෙ, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1630. එම පුණ්‍යකර්‍මය හේතු කොට ගෙණ අද දෙවිමිනිසුන් අතුරෙහි අතිශයින් බබළමි. සම්බුදුසසුනෙහි අන්තිම ශරීරය දරමි.
Pali BJT1631. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT1631. මෙයින් සිවුඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1632. සමන්තගන්ධනාමාසුං තෙරස චක්කවත්තිනො, ඉතො පඤ්චමකෙ කප්පෙ චාතුරන්තා ජනාධිපා.{2}
Sinhala BJT1632. මෙයින් පස්වෙනි කපෙහි සිවුමහදිවයින හා සිවුසයුර කෙළවර කොට ඇති (පෘථිවියෙහි) ජනාධිපති වූ සමන්තගන්‍ධ නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1633. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1633. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදපූජක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTපදපූජකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTපදපූජකස්ථවිරාවදානය සිවුවැනියි.