Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT86. සයමෙව බුද්ධානං මහාඉසීනං{4} සාධූනි වාක්යානි මධුංව {5}ඛුද්දං, අනුත්තරං භෙසජං පත්ථයන්තා සුණාථ සබ්බෙසු පසන්නචිත්තා.
Sinhala BJT86. පරෝපදේශරහිත ව තමන් ම අවබෝධ කරගත් පසේබුදුවරයන්ගේ මිහිරි වූ උදානවාක්‍යයෝ දඬුවෙල් බෑ මීවදයක් මෙන් මිහිරි වෙති. අනුත්තර වූ නිර්‍වාණ සඞ්ඛ්‍යාත ඖෂධය පතන (තෙපි) සියල්ලෝ ම මනා කොට පහන් වූ සිත් ඇත්තෝ (එය) අසවු.
Pali BJT87. පච්චෙකබුද්ධානං සමාගතානං{6} පරම්පරව්යාකරණානි යානි, ආදීනවො යඤ්ච විරාගවත්ථු යථා ච බොධිං අනුපාපුණිංසු.
Sinhala BJT87. එහි රැස් වූ පසේබුදුබවට පත් උතුමන් පිළිවෙළින් කළ යම් යම් ප්‍රකාශයෝ වෙත් නම්, කාමයන් පිළිබඳ ආදීනව ද නො ඇලීමේ කරුණු ද උන්වහන්සේලා ප්‍රත්‍යෙක සම්බෝධියට පත් වූ පරිදි ද, (පවසන ඒ ප්‍රකාශයන්) අසවු.
Pali BJT88. සංරාගවත්ථූසු{1} විරාගසඤ්ඤී රත්තම්හි ලොකම්හි විරත්තචිත්තා, හිත්වා පපඤ්චෙ{2} විජිය ඵන්දිතානි{3} තථෙව{4} බොධිං අනුපාපුණිංසු.
Sinhala BJT88. ඇලුම් කට යුතු දැයෙහි නො ඇලෙන හැඟීම් ඇත්තාහු ඇලුම් කට යුතු ලෝකයෙහි නො ඇලුනු අදහස් ඇත්තාහු රාගාදි කෙලෙස් නසා දෘෂ්ටිචලනයන් දිනා එසේ ම ප්‍රත්‍යෙක බුද්ධත්‍වයට පිළිවෙළින් පැමිණියාහු ය.
Pali BJT89. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං, මෙත්තෙන චිත්තෙන හිතානුකම්පී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.{*}
Sinhala BJT89. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර ඒ සත්‍වයන් අතුරෙන් කිසිවකුට හිංසා ද නො කරන්නේ මෙත් සිතින් යුතු ව හිතානුකම්පා ඇතිව ඒ පසේබුදුරජතෙම කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
Pali BJT90. සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං අවිහෙඨයං අඤ්ඤතරම්පි තෙසං, න පුත්තමිච්ඡෙය්ය කුතො සහායං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT90. සියලු සත්ත්‍වයන් කෙරෙහි කිසි දඬුවමක් (කායාදි ද්වාරත්‍රයයෙන් කරණ වරදක් නොහොත් පහර දීමක්) නො කර කිසි දූ කෙනෙකුට හිංසා ද නො කරන්නේ පුත්‍රයා ගැණ පවා බලාපොරොත්තුවක් නැත්තේය. සහායයන් ගැණ කියනු ම කිම? (ඒ පසේ බුදු තෙමේ) කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
Pali BJT91. සංසග්ගජාතස්ස භවන්ති ස්නෙහා ස්නෙහන්වයං දුක්ඛමිදං පහොති, ආදීනවං ස්නෙහජං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT91. හටගත් සංසර්‍ග ඇත්තහුට (ඒ හේතුවෙන්) ස්නේහය ඇති වේ. ඒ ස්නේහය අනු ව යන්නාවූ මේ දුක ඇති වේ. ස්නේහයෙන් හටගත්තා වූ දොස් දකින්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව හැසිරෙන්නේ ය.
Pali BJT92. මිත්තෙ සුහජ්ජෙ අනුකම්පමානො හාපෙති අත්ථං පටිබද්ධචිත්තො, එතං භයං සන්ථවෙ පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT92. සුහද මිතුරන්ට අනුකම්පා කරන්නේ මිත්‍රයා හා පිළිබඳ සිත් ඇතිබව හේතු කොට ගෙණ තමාගේ දෙලෝ අභිවෘද්ධිය පිරිහෙළා ගණී. සන්‍ථවයෙහි ඇති මේ භය දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT93. වංසො විසාලොව යථා විසත්තො පුත්තෙසු දාරෙසු ච යා අපෙක්ඛා, වංසකළීරොව අසජ්ජමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT93. යම්සේ එකට ගෙතුනා වූ විශාල හුණපඳුරක් මෙන් පුත්‍රදාරාවන් කෙරෙහි යම් ස්නේහයක් වී නම්, (එය ඒ ඒ වස්තූන් හෝ අය ගොතා ගෙණ සිටී. එහි ආදීනව දක්නේ) හුණකිළිලක් මෙන් නො ඇලෙන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT94. මිගො අරඤ්ඤම්හි යථා අබද්ධො. යෙ නිච්ඡකං ගච්ඡති ගොචරාය, විඤ්ඤූ නරො සෙරිතං පෙක්ඛමානො එකො වරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT94. යම් සේ තිත්මුවා උයනෙහි රැහැන් ආදියකින් නො බඳනා ලද්දේ කැමැති කැමැති තැනට ගොදුරු පිණිස යේ ද, නුවණැති මනුෂ්‍ය තෙමේ ස්වෛරී බව ද එසේ ම දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT95. ආමන්තනා හොති සහායමජ්ඣෙ වාසෙ ච{5} ඨානෙ ගමනෙ චාරිකාය, අනභිජ්ඣිතං සෙරිතං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT95. මිතුරන් මැද සිටින විට සයනයෙහි ද සිටීමෙහි ද ගමනෙහි ද චාරිකාවෙහි ද (‘පින්වත, මෙහි එන්න. මාගේ බස් අසන්න. මෙය දෙන්න’ යනාදි වශයෙන්) ඇමතීම් ඇති වේ. (නින්‍දිත පුරුෂයන් විසින්) නො පතනලද (ප්‍රව්‍රජ්‍යා සඞ්ඛ්‍යාත) සෛවරීභාවයෙහි අනුසස් දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
Pali BJT96. ඛිඩ්ඩා රතී හොති සහායමජ්ඣෙ පුත්තෙසු පෙමං විපුලඤ්ච හොති, පියවිප්පයොගං{6} විජිගුච්ඡමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT96. මිතුරන් අතර සිටිනවිට (කායික වාචසික) ක්‍රීඩාවෝ ද, පඤ්චකාමගුණිකරාගයෝ ද වෙති. එසේ ම පුත්‍රයන් කෙරෙහි ප්‍රේමය ද අධික වේ. එහි ඇතිවන ප්‍රියවිප්‍රයෝගය පිළිකුල් කරණුයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT97. චාතුද්දිසො අප්පටිඝො ච හොති සන්තුස්සමානො ඉතරීතරෙන, පරිස්සයානං සහිතා අඡම්භී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT97. ලද දෙයින් සතුටු වන තැනැත්තේ ගැටුම් නැති ව හැසිරිය හැකි සිවු දිග ඇත්තේ නොහොත් සිව්දිගෙහි පැතිර වූ මෙත්සිත් ඇත්තේ කිසිවකු හා නො ගැටෙන්නේ වේ. (සිංහාදීන්ගෙන් හා කාමච්ඡන්‍දාදියෙන් ද වූ) කායචිත්ත උපද්‍රවයන් ඉවසන සුලු ව ලොමුදහගැණීම් නැත්තේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT98. දුස්සඞ්ගහා පබ්බජිතාපි එකෙ අථො ගහට්ඨා ඝරමාවසන්තා, අප්පොසුක්කො පරපුත්තෙසු හුත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT98. ඇතැම් පැවිද්දෝ ද යලි ගිහිගෙයි වසන ගෘහස්ථයෝ ද සඞ්ග්‍රහ කිරීමෙන් තෘප්ත කළ නො හැක්කෝ වෙත්. (ඒ ගතියට පිළිකුල් කරන්නේ) අන්‍යපුත්‍රයන් කෙරෙහි කළකිරුණේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT99. ඔරොපයිත්වා ගිහිබ්යඤ්ජනානි සංසීනපත්තො{1} යතා කොවිළාරො, ඡෙත්වාන වීරො{2} ගිගිබන්ධනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT99. කොළ වැටුනු කොබෝලීලගසක් මෙන් (මාර්‍ග) වීර්‍ය්‍යයෙන් යුත් පුද්ගලතෙමේ (කෙස් රැවුල් ආදි) ගිහි ලකුණු හැරදමා කාමාදි ගිහිබැඳුම් සිඳ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT100. සචෙ ලභෙථ නිපකං සහායං සද්ධිංචරං සාධුවිහාරි ධීරං, අභිභුය්ය සබ්බානි පරිස්සයානි චරෙය්ය තෙනත්තමනො සතීමා.
Sinhala BJT100. ධෛර්‍ය්‍යවත් වූ (අර්‍පණා-උපචාර-සමාධීන්හි යෙදීම් වශයෙන්) යහපත් විහරණ ඇති සමග හැසිරෙන්නා වූ ස්ථානෝචිතප්‍රාඥමිත්‍රයකු ඉදින් ලැබේ නම්, සියලු කරදර මැඩ සිහියෙන් යුතු ව ඔහු සමග සතුටු ව හැසිරෙන්නේ ය.
Pali BJT101. නො චෙ ලභෙථ නිපකං සහායං සද්ධිංචරං සාධුවිහාරි ධීරං, රාජාව රට්ඨං විජිතං පහාය එකො චරෙ මාතඞ්ග’රඤ්ඤෙව’ නාගො{3}.
Sinhala BJT101. ධෛර්‍ය්‍යයවත් වූ යහපත් විහරණ ඇති සමග හැසිරෙන්නා වූ ප්‍රාඥමිත්‍රයකු ඉදින් නො ලැබේ නම්, යම් සේ රජතෙමේ ජයගත් රට (උවදුරු සහිත ය යි සිතා) හරණේ ද, එසේ ම මහ අරන්හි ඇත් රජකු මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT102. අද්ධා පසංසාම සහායසම්පදං සෙට්ඨා සමා සෙවිතබ්බා සහායා, එතෙ අලද්ධා අනවජ්ජභොජී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT102. ඒකාන්තයෙන් මිත්‍රසම්පත්තියට පසසමු. තමාට වඩා ගුණධර්‍මයන්ගෙන් ශ්‍රේෂ්ඨ වූවෝ ද සම වූවෝ ද සේවනය කටයුතු මිත්‍රයෝ වෙති. නිවරදබොජුන් ඇත්තේ මෙබඳු මිතුරන් නො ලැබ (කුහන ලප නාදියෙන් උපදවාගත් ආහාරයෙන් නොයැපෙන බැවින්) කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT103. දිස්වා සුවණ්ණස්ස පභස්සරානි කම්මාරපුත්තෙන සුනිට්ඨිතානි, සංඝට්ටමානානි දුවෙ භුජස්මිං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT103. රන්කරුවකු විසින් මැනවින් නිමා කළ දීප්තිමත් රන්වළලු (එක්තැන් වූ කල) දෑතෙහි ගැටෙන අයුරු ද (එසේ එක්තැන් නො වී වෙන ම පවත්නා කල නො ගැටී ශබ්දවිරහිත ව පවත්නා අයුරු ද) දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT104. එවං දුතියෙන සභා මම’ස්ස වාචාභිලාපො අභිසජ්ජනා ච, එතං භයං ආයතිං පෙක්ඛමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT104. මෙසේ දෙවැන්නකු සමග සල්ලාපයෙහි යෙදීම ද ඇලීම ද යන දෙක ම මතු (ඇති වන අධිගමයට අන්තරාය කර ය යි) මේ භය දක්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
Pali BJT105. කාමා හි චිත්රා මධුරා මනොරමා විරූපරූපෙන මථෙන්ති චිත්තං, ආදීනවං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT105. වස්තුකාමක්ලේශකාමයෝ විචිත්‍රයහ. මධුරයහ. සිත් අලවන සුල්ලහ. විවිධ ස්වභාව ඇති රූපයන්ගෙන් සිත කලඹත්. කාමගුණයන්හි ඇති මේ ආදීනව දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
Pali BJT106. ඊතී ච ගණ්ඩො ච උපද්දවො ච රොගො ච සල්ලඤ්ච භයඤ්චමෙතං, එතං භයං කාමගුණෙසු දිස්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT106. පඤ්වකාමය නොයෙක් ව්‍යසන එළවන්නකි. ක්ලේශාශුචි වැගිරෙන බැවින් ගඩෙකි. (අවැඩ සිදුකරණ බැවින්) උවදුරකි. (නීරෝග බව පැහැරගන්නා බැවින්) රෝගයකි (හදවත විදින බැවින්) උලකි. (දෙලොව භය උපදවන බැවින්) බියකි. කාමගුණයන්හි ඇති මේ බිය දැක කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT107. සීතඤ්ච උණ්හඤ්ච ඛුදං පිපාසං වාතාතපෙ ඩංසසිරිංසපෙ ච, සබ්බානි පෙ’තානි අභිබ්භවිත්වා{4} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT107. සීතය ද උෂ්ණය ද බඩගින්න ද පවස ද අව් සුළං දෙක ද ඩැහැ ලෙහෙ බොන මැස්සන් හා සර්‍පයන් ද යන මේ සියල්ල මැඩ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT108. නාගොව යූථානි විවජ්ජයිත්වා සංජාතඛන්ධො පදුමී උළාරො, යථාභිරන්තං{*} විහරං{1} අරඤ්ඤෙ එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT108. මැනවින් හටගත් ග්‍රීවා ඇති ගෝමර ඇත්තා වූ උදාර වූ ඇත් රජෙක් හස්ති සමූහයා හැර දමා කැමැති තාක් කල් අරණෙහි වෙසේ ද, එමෙන් කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
Pali BJT109. අට්ඨාන තං සඞ්ගණිකාරතස්ස යං ඵස්සයෙ සාමයිකං විමුත්තිං, ආදිච්චබන්ධුස්ස වචො නිසම්ම එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT109. යමක් හේතු කොට ගෙණ ලෞකික සමාපත්තියට පැමිණේ නම්, ගණසඞ්ගණිකාවෙහි ඇලුනහුට ඒ සමාපත්තිය සිදු නො වේ. පසේ බුදුරජානන් වහන්සේගේ මේ වචනය අසා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
Pali BJT110. දිට්ඨිවිසූකානි උපාතිවත්තො පත්තො නියාමං පටිලද්ධමග්ගො, උප්පන්නඤාණො’ම්හි අනඤ්ඤනෙය්යො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT110. මිසදිටු නමැති හුල් ඉක්මවූයේ ගති නියත බවට පැමිණියේ ලබන ලද සෙසු මාර්‍ග ද ඇත්තේ අනිකෙකුගේ මාර්ගෝපදේශකත්‍වයක් නො මැති ව ලබනලද ප්‍රත්‍යෙකබෝධිඥානය ඇත්තේ වෙම් ද, එහෙයින් කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT111. නිල්ලොලුපො නික්කුහො නිප්පිපාසො නිම්මක්ඛ{2} නිද්ධන්තකසාවමොහො, නිරාසයො{3} සබ්බලොකෙ භවිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT111. ලොල් නො වූයේ කුහක නො වූයේ රසතෘෂ්ණා රහිත වූයේ ගුණමකු නො වූයේ නසනලද රාගාදි කසට හා මෝහ ඇත්තේ තුන්ලොව මැඩගෙණ සිටින තෘෂ්ණාවෙන් තොර වූයේ ව කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT112. පාපං සහායං පිරිවජ්ජයෙථ අනත්ථදස්සිං විසමෙ නිවිට්ඨං, සයං{4} න සෙවෙ පසුතං පමත්තං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT112. අවැඩ දක්නාසුලු වූ කායදුශ්චරිතාදියෙහි යෙදෙන පවිටු මිතුරන් දුරු කරන්නේ ය. ඒ ඒ තන්හි ඇලුනා වූ ප්‍රමාදයෙන් යුත් එබඳු මිතුරන් තෙමේ නො සෙව්නේ ය. කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT113. බහුස්සුතං ධම්මධරං භජෙථ මිත්තං උළාරං පටිභානවන්තං, අඤ්ඤාය අත්ථානි විනෙය්ය කඞ්ඛං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT113. බහුශ්‍රුත වූ පැමිණ අධිගම ඇති වැටහෙනපැණැති උසස් මිතුරකු භජනය කරන්නේ ය. මෙලෝ පරලෝ වැඩ දැන සැක දුරු කොට සිටියේ කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
Pali BJT114. ඛිඩ්ඩං රතිං කාමසුඛඤ්ච ලොකෙ අනලඞ්කරිත්වා අනපෙක්ඛමානො, විභූසනට්ඨානා විරතො සච්චවාදී එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT114. ලෙව්හි ක්‍රීඩාව ද රතිය ද කාමසුඛය ද නො සලකා හැර එහි අපේක්‍ෂා නැත්තේ සිරුර සැරසීමෙන් ද තොර වූයේ සත්‍යවාදී වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT115. පුත්තඤ්ච දාරං පිතරඤ්ච මාතරං ධනානි ධඤ්ඤානි ච බන්ධවානි, හිත්වාන කාමානි යථොධිකානි{5} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT115. තමතමනට අයත් අඹුදරුවන් ද දෙමාපියන් ද අධික ලෙසින් වූ ධනධාන්‍ය ද බන්‍ධූන් ද යන මේ කාමවස්තූන් හැර දමා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලාව ම හැසිරෙන්නේ ය.
Pali BJT116. සඞ්ගො එසො පරිත්තං එත්ථ සොබ්යං අප්පස්සාදො දුක්ඛමෙවෙත්ථ භිය්යො, ගාහො{6} එසො ඉති ඤත්වා මතීමා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT116. “මේ පස්කම් සුවය ඇලෙන තැනකි. මෙහි ඇති සැපත ද ස්වල්ප ය. මෙහි ආස්වාදය ටික ය. දුක ම වැඩි ය. නුවණැත්තේ මෙය මත්ස්‍යයන් බඳින්නා වූ බිලියක් මෙනැ” යි සලකා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT117. සන්දාලයිත්වාන සංයොජනානි ජාලං ව’ භෙත්වා{7}සලිලම්භුචාරී, අග්ගීව දඩ්ඪං අනිවත්තමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT117. දැල පළාගෙණ ගිය මත්ස්‍යයකු මෙන් සංයෝජනයන් සිඳ, දැවීගිය තැන නො නැවතෙන ගින්න යම්සේ ද, එසේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT118. ඔක්ඛිත්තචක්ඛු න ච පාදලොලො ගුත්තින්ද්රියො රක්ඛිතමානසානො, අනවස්සුතො අපරිඩය්හමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT118. යටට හෙළන ලද බැලුම් ඇත්තේ ගණසඞ්ගණිකාවෙහි ඇලීම සඳහා පිරිස් මැදට යාමෙහි ලොල්බව නැත්තේ රක්නා ලද පසිඳුරන් ඇත්තේ රැකගත් සිත ඇත්තේ අරමුණු විෂයෙහි කෙලෙස් වැගිරෙන ගතියෙන් තොර වූයේ කෙලෙස්ගින්නෙන් නො දැවෙන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT119. ඔහාරයිත්වා{1} ගිහිබ්යඤ්ජනානි සංඡින්නපත්තො යථා පාරිඡත්තො, කාසායවත්ථො අභිනික්ඛමිත්වා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT119. කොළ හැලුනු පරසතුරුකක් මෙන් ගිහිසලකුණු හැරදමා කසාවත් හැඳගත්තේ ගිහිගෙන් නික්ම කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT120. රසෙසු ගෙධං අකරං අලොලො අනඤ්ඤපොසී සපදානචාරී, කුලෙ කුලෙ අප්පටිබද්ධචිත්තො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT120. ලොල් නො වූයේ රසයෙහි ගිජුබවක් නැත්තේ පෝෂණය කළ යුතු අනිකෙකු නැත්තේ ගෙපිළිවෙළින් පිඬු සිඟා වඩිනේ ක්‍ෂත්‍රිය කුලාදි යම් කිසි තැනක කෙලෙස්වසයෙන් නො ඇලුනු සිත් ඇත්තේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT121. පහාය පඤ්චාවරණානි චෙතසො උපක්කිලෙසෙ බ්යපනුජ්ජ සබ්බෙ, අනිස්සිතො ඡෙජ්ජ සිනෙහදොසං{2} එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT121. පඤ්චනීවරණයන් සිතින් ම හැරදමා සියලු කෙලෙසුන් දුරු කොට දෘෂ්ටිනිශ්ශ්‍රිත නො වූයේ කාමරාගසඞ්ඛ්‍යාත තෘෂ්ණාදෝෂය සිඳ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT122. විපිට්ඨි කත්වාන සුඛං ච දුක්ඛං{3} පුබ්බෙව ච සොමන-දොමනස්සං{4}, ලද්ධානුපෙක්ඛං සමථං විසුද්ධං එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT122. (ප්‍රථමධ්‍යානෝපචාරයෙහි දී ම දුක ද තෘතීයධ්‍යානෝපචාරයෙහි දී ම සුඛය ද හරණා බැවින්) පළමු කොට ම සැප ද දුක ද ගැණ නො බලා එසේ ම සොම්නස් දොම්නස් දෙක ද හැර (පඤ්චනීවරණයන්ගෙන් හා විතර්‍ක විචාර ප්‍රීති සුඛයන්ගෙන්) පිරිසිදු වූ උපේක්‍ෂාවෙන් යුත් (චතුර්‍ත්‍ථධ්‍යාන) සමථය ලබා කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT123. ආරද්ධවිරියො{5} පරමත්ථපත්තියා අලීනචිත්තො අකුසීතවුත්තී, දළ්හනික්කමො ථාමබලූපපන්නො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT123. නිවණට පැමිණීම සඳහා ඇරඹු වීර්‍ය්‍යය ඇත්තේ නො ම හැකුළුණු සිත් ඇත්තේ කුසීත පැවැත්මෙන් තොර වූයේ වීර්‍ය්‍යයෙන් ප්‍රතිපක්‍ෂ කෙලෙසුන් කෙරෙන් ඉවත් වූයේ (මාර්‍ගක්‍ෂණයෙහි) ස්ථිර කාය ශක්තියෙන් හා ඥානශක්තියෙන් ද යුක්ත වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් තනි ව හැසිරෙන්නේ ය.
Pali BJT124. පටිසල්ලානං{6} ඣානමරිඤ්චමානො{7} ධම්මෙසු නිච්චං අනුධම්මචාරී, ආදීනවං සම්මසිතා භවෙසු එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT124. කායවිවේක චිත්තවිවේක දෙක සිස් නො කරණුයේ නිරතුරු ධර්‍මයනට අනුව හැසිරෙන්නේ ත්‍රිවිධ භවයෙහි ආදීනව මෙනෙහි කරන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT125. තණ්හක්ඛයං පත්ථයං අප්පමත්තො අනෙළමූගො සුතවා සතීමා, සඞ්ඛාතධම්මො නියතො පධානවා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT125. අප්‍රමාද වූයේ නිවණ පතනුයේ කෙළතොලු නො වූයේ බහුශ්‍රුත වූයේ සිහි ඇත්තේ අවබෝධ කරගන්නා ලද ධර්‍මය ඇත්තේ (ආර්‍ය්‍යමාර්‍ගයෙන්) ගතිනියත වූයේ සම්‍යක් ප්‍රදහන වීර්‍ය්‍යයෙන් යුක්ත වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT126. සීහොව සද්දෙසු අසන්තසන්තො වාතොව ජාලම්හි අසජ්ජමානො, පදුමංව තොයෙන අලිප්පමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT126. ශබ්දයන් විෂයයෙහි තැති ගැණිමකට පත් නො වන සිංහයකු මෙන් ද, දැලක නො බැඳෙන වාතය මෙන් ද, දිය නො තැවරෙණ පියුම් පතක් මෙන් ද වූයේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT127. සීහො යථා දාඨබලී පසය්හ රාජා මිගානං අභිභුය්යචාරී, සෙවෙථ පන්තානි සෙනාසනානි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT127. දාඨාබලය ඇති මෘගයන් බලාත්කාරකමින් මැඩපවත්වා හැසිරෙණ සුලු කේශර සිංහයෙකු මෙන් (ගමින්) දුර වූ සෙනසුන් සෙවුනේ ය. කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT128. මෙත්තං උපෙක්ඛං කරුණං විමුත්තිං ආසෙවමානො මුදිතඤ්ච කාලෙ, සබ්බෙන ලොකෙන ‘විරුජ්ඣමානො එකො චරෙ ඛග්ගවිසාණකප්පො
Sinhala BJT128. ප්‍රත්‍යනීක ක්ලේශයන්ගෙන් මිදුනා වූ මෛත්‍රිය ද, උපේක්‍ෂාව ද කරුණාව ද, මුදිතාව ද ඒ ඒ සුදුසු කල්හි සෙවුනේ සකල ලෝකවාසී සත්ත්‍වයන් සමග විරුද්ධ නො වන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT129. රාගඤ්ච දොසඤ්ච පහාය මොහං සන්දාලයිත්වාන සංයොජනානි, අසන්තසං ජීවිතසඞ්ඛයම්හි එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT129. රාග ද්වේෂ මෝහයන් හැර (මාර්‍ගයෙන්) දශසංයෝජනයන් සිඳ මරණාසන්නයෙහි තැති නො ගන්නේ කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT130. භජන්ති සෙවන්ති ච කාරණත්ථා නික්කාරණා දුල්ලභා අජ්ජ මිත්තා, අත්තත්ථපඤ්ඤා අසුචී මනුස්සා එකො චරෙ ඛග්ගවිසාණකප්පො.
Sinhala BJT130. මිත්‍රයෝ කිසියම් ලාභයක් සඳහා ම යම් යම් අය භජනය ද සේවනය ද කෙරෙත්. එසේ ලාභාපෙක්‍ෂාවක් නො මැති ව භජනය කරණ මිත්‍රයෝ මෙකල දුර්‍ලභ වෙති. මිනිස්සු ආත්මාර්‍ත්‍ථකාමී කල්පනාවන් ගෙන් හා අපිරිසිදු කායවාඞ්මනඃ කර්‍මයන්ගෙන් යුක්ත වූවාහු ය. (එබැවින්) කඟවෙහෙණකුගේ අඟ මෙන් හුදකලා ව ම හැසිරෙන්නේ ය.
Pali BJT131. විසුද්ධසීලා සුවිසුද්ධපඤ්ඤා සමාහිතා ජාගරියානුයුත්තා, විපස්සකා ධම්මවිසෙසදස්සි මග්ගඞ්ගබොජ්ඣඞ්ගගතෙ විජඤ්ඤා.
Sinhala BJT131. වෙසෙසින් පිරිසිදු සිල් ඇති එසේ ම අතිපරිශුද්ධ ප්‍රඥාව ද ඇති එකඟ සිත් ඇති නිදි වැරීමෙහි යෙදුනා වූ විදර්‍ශක වූ (දශකුශල චතුස්සත්‍ය නවලෝකොත්තර) ධර්‍මයන් වෙසෙසින් දක්නාසුලු වූ මාර්‍ගාඞ්ඟ බොද්ධ්‍යඞ්ගයන් හා එක් ව යෙදුනා වූ ආර්‍ය්‍යධර්‍මයන් විශේෂයෙන් දන්නාවූ,
Pali BJT132. සුඤ්ඤතප්පණිහිතඤ්චානිමිත්තං{1} ආසෙවයිත්වා ජිනසාසනම්හි, යෙ සාවකත්තං න වජන්ති ධීරා භවන්ති පච්චෙකජිනා සයම්භූ.
Sinhala BJT132. සුඤ්ඤත අප්පණිහිත අනිමිත්ත සඞ්ඛ්‍යාත විමෝක්‍ෂයන් වඩා ඒ ප්‍රාඥයෝ සර්‍වඥශාසනයෙහි ශ්‍රාවක බවට නො පැමිණෙද්ද ඔහු පරෝපදේශ රහිත ව තුමූ ම (චතුස්සත්‍යය) අවබෝධ කරගත් පසේබුදුවරයෝ වෙත්.
Pali BJT133. මහන්තධම්මා බහුධම්මකායා චිත්තිස්සරා සබ්බදුක්ඛොඝතිණ්ණා, උදග්ගචිත්තා පරමත්ථදස්සී සීහොපමා ඛග්ගවිසාණකප්පා.
Sinhala BJT133. පුරණලද මහත් බෝධිසම්භාරධර්‍ම ඇති බොහෝ වූ ධර්‍මකාය සම්පත් ඇති සිතට අධිපති වූ සකල සංසාරඕඝය තරණය කළා වූ සොම්නස් සිත් ඇති පරමාර්‍ත්‍ථ ධර්‍මයන් දක්නාසුලු වූ සිංහයන් වැනි වූවෝ ද කඟවෙහෙණකුගේ අඟ වැනි වෙති.
Pali BJT134. සන්තින්ද්රියා සන්තමනා සමාධි පච්චත්තගම්භීරමතප්පචාරා{2} දීපා පරත්ථං ඉධ විජ්ජලන්තා පච්චෙකබුද්ධා සත්තච්චිතා’මෙ.{3}
Sinhala BJT134. සන්හුන් ඉඳුරන් ඇති සන්සුන් සිත් ඇති තමා තුළ ම ගැඹුරු වූ ප්‍රඥාවගේ පැතිරීම් ඇති (අනුන් ලවා චතුස්සත්‍ය ධර්‍මාවබෝධය කරවිය නො හැකි) (අන්‍යයන්ට) ප්‍රතිෂ්ඨාධාර වූ මෙ ලොව අන්‍යයන් පිණිස බබලන්නා වූ මේ පසේබුදුවරයෝ හැමකල්හි ම පුදන ලද්දෝ වෙත්.
Pali BJT135. පහීණසබ්බාවරණා ජනින්දා ලොකප්පදීපා ඝනකඤ්චනාභා, නිස්සංසයං ලොකසුදක්ඛිණෙය්යා පච්චෙකබුද්ධා සත්තච්චිතා’මෙ.{4}
Sinhala BJT135. ජනෙන්‍ද්‍ර වූ ප්‍රහීණ කරණලද සියලු නීවරණ ඇත්තාවූ ගනරන් පැහැ ඇත්තාහු ලෝකයාට අසහාය ප්‍රදීප වූවෝ වෙති. නිසැක ව ම ලෝකයෙහි ශ්‍රේෂ්ඨ දක්‍ෂිණාර්‍හ වූ ඒ පසේබුදුවරයෝ හැමකල්හි ම පුදන ලද්දෝ වෙත්.
Pali BJT136. පච්චෙකබුද්ධානං සුභාසිතානි චරන්ති ලොකම්හි සදෙවකම්භි, සුත්වා තථා යෙ න කරොන්ති බාලා චරන්ති දුක්ඛෙසු පුනප්පුනං තෙ.
Sinhala BJT136. පසේබුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ දෙවියන් සහිත ලෝකයෙහි පවතිත්. යමෙක් තුමූ එ ම ධර්‍මය අසා ඒ වූ පරිදි නො කෙරෙත් නම්, ඔහු සංසාර දුක්ඛයෙහි නැවත නැවත හැසිරෙති.
Pali BJT137. පච්චෙකබුද්ධානං සුභාසිතානි මධුං යථා බුද්දමවස්සවනතං{5} සුත්වා තථා යෙ පටිපත්තියුත්තා භවන්ති තෙ සච්චදසා සපඤ්ඤා.
Sinhala BJT137. පසේබුදුවරුන්ගේ සුභාෂිත වචනයෝ පැණි වැගිරෙන්නා වූ මීවද වැනි ය. එය අසා යමෙක් තුමූ ඒ වූ පරිදි ප්‍රතිපත්තියෙහි යෙදුනාහු නම්, ඔහු තුමූ චතුස්සත්‍යය දක්නා වූ සප්‍රාඥයෝ වෙති.
Pali BJT138. පච්චෙකබුද්ධෙහි ජිනෙහි වුත්තා{6} ගාථා{7} උළාරා අභිනික්ඛමිත්වා, තා සක්යසීහෙන නරුත්තමෙන පකාසිතා ධම්මවිජානනත්ථං.
Sinhala BJT138. ගෘහාභිනිෂ්ක්‍රමණය කොට කෙලෙසුන් දිනූ පසේ බුදුවරයන් විසින් වදාළා වූ ගාථාවෝ උදාර වෙති. ශාක්‍යසිංහ ගෞතම බුදුරජුන් වහන්සේ විසින් ඒ ගාථා (ලෝකයාගේ) ධර්‍මාවබෝධය පිණිස දේශනා කරණ ලද හ.
Pali BJT139. ලොකානුකම්පාය ඉමානි තෙසං පච්චෙකබුද්ධාන විකුබ්බිතානි, සංවෙගා‘සඞ්ගමති{8} මතිවඩ්ඪනත්ථං සයම්භූසීහෙන පකාසිතානි.
Sinhala BJT139. ඒ පසේබුදුවරයන් විසින් දේශනා කරණලද මේ ගාථාවෝ (නුවණැත්තන්ගේ) සංවේගය හා නො ඇලීම ද ඉතා වැඩීම පිණිස ස්වයම්භූ ශ්‍රේෂ්ඨ සම්‍යක්සම්බුද්ධයන් වහන්සේ විසින් වදාරණ ලදහ.
Pali BJTපචෙචක බුද්ධාපදානං සමත්තං.
Sinhala BJTප්‍රත්‍යෙකබුද්ධාවදානය සමාප්තයි.
Pali BJT3.
Sinhala BJT3.
Pali BJTඅථ ථෙරාපදානං සුණාථ.
Sinhala BJTයලි ස්ථවිරාවදානය අසවු.
Pali BJT1. සාරිපුත්තත්ථෙරාපදානං
Sinhala BJT1. ශාරීපුත්‍ර ස්ථවිරාවදානය
Pali BJT140. හිමවන්තස්ස අවිදූරෙ ලම්බකො නාම පබ්බතො, අස්සමො සුකතො මය්හං පණ්ණසාලා සුමාපිතා.
Sinhala BJT140. හිමවතට නුදුරෙහි ‘ලම්බක’ නම් පර්‍වතයකි. එහි මට අසපුවක් කරණ ලදී පර්‍ණශාලාවක් (=පන්සලක්) ද මැනවින් මවන ලදි.
Pali BJT141. උත්තානකූලා නදිකා සුපතිත්ථා මනොරමා, සුසුද්ධ{1} පුලිනාකිණ්ණා අවිදූරෙ මම’ස්සමා.
Sinhala BJT141. නො ගැඹුරු ඉවුරු ඈති මනා වූ කුඩා තොටුපළවල් ඇති මනෝඥ වූ සුදෝසුදුවැලිතලාවන්ගෙන් ගැවසීගත් කුඩා ගඟක් මාගේ අසපුවට නුදුරෙහි වි ය.
Pali BJT142. අසක්ඛරා අපබ්භාරා සාදු අප්පටිගන්ධිකා, සන්දති නදිකා තත්ථ සොභයන්තා මම’ස්සමං.
Sinhala BJT142. බොරළු රහිත වූ ගැඹුරු ඉවුරු නැති මිහිරි ජලයෙන් යුත් දුර්‍ගන්‍ධ විරහිත වූ කුඩා ගඟ එහි මාගේ අසපුව හොබවමින් ගලා බසී.
Pali BJT143. කුම්භීලා මකරා චෙත්ථ සුංසුමාරා ච කච්ඡපා, චරන්ති නදියා{2} තත්ථ සොභයන්තා මම’ස්සමං.
Sinhala BJT143. කිඹුල්ලු ද මෝරු ද ගැටකිඹුල්ලු ද කැසුබුවෝ ද එහි වූ මාගේ අසපුව හොබවමින් ගඟෙහි හැසිරෙත්.
Pali BJT144. පාඨීනා පාවුසා මච්ඡා වලජා{3} මුඤ්ජරොහිතා, මග්ගුරා{4} පපතායන්තා{5} සොභයන්ති මම’ස්සමං.
Sinhala BJT144. පෙටියෝ ද ලූල්ලු ද වලයෝ ද මොද්දු ද රෙහෙරු ද මගුරෝ ද (යන මත්ස්‍යයෝ) පෙරළෙමින් මාගේ අසපුව හොබවත්.
Pali BJT145. උභොකූලෙසු නදියා පුප්ඵිනො ඵලිනො දුමා, උභතො අභිලම්බන්තා සොභයන්ති මම’ස්සමං.
Sinhala BJT145. එ ම ගඟ දෙපසෙහි (හැම කල්හි) මල් පිපුනා වූ ද පල ගත්තා වූ ද වෘක්‍ෂයෝ දෙතෙරෙහි නැමුනාහු මාගේ අසපුව හොබවත්.
Pali BJT146. අම්බා සාලා ච{6} තිලකා පාටලී සින්දුවාරකා{7} දිබ්බගන්ධං{8} සම්පවන්ති පුප්ඵිතා මම අස්සමෙ.
Sinhala BJT146. අඹ සල් මදට පළොල් නික යන මේ වෘක්‍ෂයෝ පිපීගිය මල් ඇත්තාහු මාගේ අසපුවෙහි හාත්පස දිව්‍යමය සුවඳ පතුරුවත්.
Pali BJT147. චම්පකා සලලා නීපා{9} නාගපුන්නාගකෙතකා, දිබ්බගන්ධං{8} සම්පවන්ති පුප්ඵිතා මම අස්සමෙ.
Sinhala BJT147. පිපුනු මල් ඇති සපු සලල කොළොම් නා දොඹ වැටකේ යන මේ වෘක්‍ෂයෝ ද මාගේ අසපුව හාත්පස දිව්‍යමය සුවඳ වහනය කරත්.
Pali BJT148. අතිමුත්තා අසොකා ච භගිනිමාලා ච පුප්ඵිතා, අඞ්කොලා බිම්බිජාලා{10} ච පුප්ඵිතා මම අස්සමෙ.
Sinhala BJT148. මාගේ අසපුවෙහි යොහොඹු වැල් ද හෝපලු රුක් ද භගිනිමාලා නම් වෘක්‍ෂයෝ ද මල් පිපී ගියාහු ය. එසේ ම රුකඟුණු රත්කරවු යන වෘක්‍ෂයෝ ද සුපුෂ්පිත වූවාහු ය.
Pali BJT149. කෙටකා{11} කන්දලී චෙව ගොධුකා{12} තිණසූලිකා, දිබ්බගන්ධං{8} සම්පවන්ති සොභයන්තා{13} මම’ස්සමං.
Sinhala BJT149. වැටකේ කඳල ගෝධුක බෝලිද්ද යන මොහු ද මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
Pali BJT150. කණිකාරා කණ්ණිකා{14} ච අසනා අජ්ජුනා{15} බහූ, දිබ්බගන්ධං සම්පවන්ති සොභයන්තා{16} මමස්ස’මං.
Sinhala BJT150. කිණිහිරි ය සිහින් මිදි ය පියා ය කුඹුක් ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
Pali BJT151. පුන්නාගා ගිරිපුන්නාගා කොවිළාරා ච පුප්ඵිතා, දිබ්බගන්ධං සම්පවන්ති සොභයන්තා{16} මමස්ස’මං.
Sinhala BJT151. දොඹ ය ගල්දොඹ ය කොබෝලීල ය යන වෘක්‍ෂයෝ සුපුෂ්පිත වූවාහු මාගේ අසපුව හොබවමින් දිවසුවඳ වහනය කරත්,
Pali BJT152. උද්දාලකා ච කුටජා කදම්බා වකුලා{17} බහූ, දිබ්බගන්ධං සම්පවන්ති සොභයන්තා මමස්ස’මං.
Sinhala BJT152. ඇසල ය කෙළිඳ ය කොළොම් ය මුහුනමල් ය යන බොහෝ වෘක්‍ෂයෝ මාගේ අසපුව හොබවමින් දිවසුවඳ හමවත්.
Pali BJT153. ආළකා ඉසිමුග්ගා ච කදලී මාතුලුඞ්ගියො, ගන්ධොදකෙන සංවද්ධා ඵලානි ධාරයන්ති තෙ.
Sinhala BJT153. ආළක ය ඉසිමුග්ග (වනමුං) ය කෙසෙල් ය ලප්නාරං ය යන මේ ගස් සුවඳ දියෙන් වැඩුනාහු ඵල දරත්.
Pali BJT154. අඤ්ඤෙ පුප්ඵන්ති පදුමා අඤ්ඤෙ ජායන්ති කෙසරී, අඤ්ඤෙ ඔපුප්ඵා පදුමා පුප්ඵිතා තළාකෙ{18} සදා.
Sinhala BJT154. (අසපුව අසල වූ) තඩාගයෙහි හැමකල්හි ඇතැම් පද්මයෝ පිපෙත්. ඇතැම් කේසරපද්මයෝ හටගණිත්. ඇතැම් පිපුනු පද්මයෝ ගිලිහුනු පත් හා කෙසරු ඇත්තෝ වෙත්.
Pali BJT155. ගබ්භං ගණ්හන්ති පදුමා නිද්ධාවන්ති මුලාලියො, සිඞ්ඝාටකපත්තමාකිණ්ණා{1} සොභන්ති{2} තළාකෙ සදා.
Sinhala BJT155. පද්මයෝ කැකුළු ව හට ගණිත්, නෙළුඹුඅල (මඩ අතුරින් ඇත්දළ මෙන්) වැඩී යෙත්. පත්‍ර ගැවසුනු ‘සිඞ්ඝාටක’{*} නම් පැළෑටි හැමකල්හි එ ම විලෙහි බබලත්.
Pali BJT156. නයිතා අම්බගන්ධී ච උත්තාලා{3} බන්ධුජීවකා, දිබ්බගන්ධං සම්පවන්ති තළාකෙ පුප්ඵිතා{4} සදා{3}.
Sinhala BJT156. විල අසල පිරීගිය නයිත ය, ආම්‍රගන්‍ධි ය, උස් වූ බඳුවද ය යන මේ ගස්හු හැම කල්හි දිවසුවඳ හමවත්.
Pali BJT157. පාඨීනා පාවුසා මච්ඡා වලජා මුඤජ-රොහිතා සඞ්ගුලා{5} මඞ්ගුරා{6} චෙව වසන්ති තළාකෙ සදා.
Sinhala BJT157. පෙටියෝ ය, ලූල්ලු ය, වලයෝ ය, මොද්දු ය, රෙහෙරු ය, අඟුලුවෝ ය, මගුරෝ ය යන මත්ස්‍යයෝ ද හැම කල්හි තඩාගයෙහි වසත්,
Pali BJT158. කුම්භීලා සුංසුමාරා ච තන්තිගාහා ච රක්ඛසා, ඔගුහා{7} අජගරා{8} ච වසන්ති තළාකෙ සදා.
Sinhala BJT158. කිඹුලෝ ය, සුංසුමාරයෝ ය, තන්තිගාහයෝ ය, රක්ඛසයෝ ය, ඔගුහයෝ ය, අජගරයෝ ය යන මොවුහු හැම කල්හි මෙම තඩාගයෙහි වසත්,
Pali BJT159. පාරෙවතා රවිහංසා චක්කවාකා නදීචරා, කොකිලා සුකසාළීකා{9} උපජීවන්ති තං සරං.
Sinhala BJT159. පරෙවියෝ ය, රවිහංසයෝ ය, සක්වාලිහිණියෝ ය, නදීචරයෝ ය, කොකිලයෝ ය, ගිරවු ය, සැළලිහිණියෝ ය යන මේ පක්‍ෂීහු ඒ පිල ඇසුරෙන් ජීවත් වෙති.
Pali BJT160. කුකුත්ථකා කුලීරකා වනෙ පොක්ඛරසාතකා දින්දිභා සුවපොතා ච උපජීවන්ති තං සරං.
Sinhala BJT160. වලිකුකුළෝ ය, රන්වන් කකුළුවෝ ය, පියුම් වෙනෙහි විල්ලිහිණියෝ ය, කිරල්ලු ය, ගිරාමලිත්තෝ ය යන මේ පක්‍ෂීහු එම විල ඇසුරෙන් ජීවත් වෙති.
Pali BJT161. හංසා කොඤ්චා මයූරා ච කොකිලා තම්බ චූළිකා, පම්පකා{10} ජීවංජීවා ච උපජීවන්ති තං සරං.
Sinhala BJT161. හංසයෝ ය, කොස්වා ලිහිණියෝ ය. මොනරු ය, කොවුලෝ ය, කුකුළෝ ය, හුණපුපුලෝ ය, ජීවඤ්ජීවයෝ ය යන මේ පක්‍ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
Pali BJT162. කොසිකා පොට්ඨසීසා ච කුරරා{11} සෙනකා බහූ, මහාකාලා ච සකුණා උපජීවන්ති තං සරං.
Sinhala BJT162. බකමුහුණෝ ය, පොට්ඨසීසයෝ ය, කබරුස්සෝ ය, උකුස්සෝ ය, මහාකාලයෝ ය යන බොහෝ පක්‍ෂීහු එම විල ඇසුරු කොට ජීවත් වෙති.
Pali BJT163. පසදා ච වරාහා ච චකා{12} භෙරණ්ඩකා{13} බහූ, රොහිච්චා සුග්ගපොතා{14} ච උපජීවන්ති තං සරං.
Sinhala BJT163. තිත්මුවෝ ය, වල්ඌරෝ ය, වෘකයෝ ය, සිවල්ලු ය, රේරුමුවෝ ය, සුග්ගපොතයෝ ය යන බොහෝ මෘගයෝ එම පිල ඇසුරු කොට ජීවත් වෙති.
Pali BJT164. සීහ ව්යග්ඝා ච දීපී ච අච්ඡකොකතරච්ඡකා, තිධාපභින්නා මාතඞ්ගා{15} උපජීවන්ති තං සරං.
Sinhala BJT164. සිංහයෝ ය, ව්‍යාඝ්‍රයෝ ය, දිවියෝ ය, වලස්සු ය, කර බානා වලස්සු ය, තෙතැනකින් මද වැහෙන ඇත්තු ය යන මොහු ඒ විල ඇසුරු කොට වෙසෙත්.
Pali BJT165. කින්නරා වානරා චෙව අථො පි වනකම්මිකා, චෙතා ච ලුද්දකා චෙව උපජීවන්ති තං සරං.
Sinhala BJT165. කිඳුරෝ ද, වඳුරෝ ද, තවද වනයෙහි කර්‍මාන්තයන්හි යෙදුනෝ ද, දාසයෝ ද, වැද්දෝ ද එම විල ඇසුරු කොට වෙසෙත්.
Pali BJT166. තින්දුකානි පියාලානි මධුකා කාසුමාරයො{16}, ධුවප්ඵලානි{17} ධාරෙන්ති අවිදූරෙ මම’ස්සමා.
Sinhala BJT166. තිඹිරි ය, පියල් ය, මීගස් ය, ඇද්දෙමට ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරෙහි නිරතුරු ව ඵල දරත්.
Pali BJT167. කොසුම්භා{18} සලලා නීපා{19} සාදුඵලසමායුතා{20}, ධුවප්ඵලානි ධාරෙන්ති අවිදූරෙ මම’ස්සමා.
Sinhala BJT167. මිහිරි ඵලයන්ගෙන් යුත් කොසුම්භ ය, සලල ය, බක්මී ය යන මේ වෘක්‍ෂයෝ මාගේ අසපුවට නුදුරු තන්හි නිරතුරු ව ම ඵල දරත්.
Pali BJT168. හරීතකා ආමලකා අම්බා ජම්බුවිභීටකා{21}, කොලා භල්ලාතකා බිල්ලා{22} ඵලානි ධාරයන්ති තෙ.
Sinhala BJT168. අරළු ය, නෙල්ලි ය, අඹ ය, ජම්බු ය, බුළු ය, ඩෙබර ය, බදුලු ය, බෙලි ය යන මෙකී වෘක්‍ෂයෝ ඵල දරති.
Pali BJT169. ආලුවා ච කලම්බා ච බිළාලීතක්කළානි{23}ච, ජීවකා සුතකා{24} චෙව බහුකා මම අස්සමෙ.
Sinhala BJT169. ආලු ය, කලම්බ ය, බීළාලී (කිරිබදු) ය, තක්කල ය, ජීවක ය, සුතක ය යන බොහෝ අලවර්‍ගයෝ මාගේ අසපුවෙහි වෙති.
Pali BJT170. අස්සමස්සාවිදූරම්හි තළාකා‘සුං{1} සුනිම්මිතා, අච්ඡොදකා සීතජලා සුපතිත්ථා මනොරමා.
Sinhala BJT170. අසපුවට නුදුරෙහි මැනවින් මැවූ පිරිසිදු සිසිල් දියඇති මනා තොටින් යුත් මනහර වූ තඩාගයෝ වූහ.
Pali BJT171. පදුමුප්පලසංච්ඡන්නා පුණ්ඩරීකසමායුතා, මන්දාලකෙහි{2} සංඡන්නා දිබ්බගන්ධො පවායති.{3}
Sinhala BJT171. සුදුනෙළුම් රතුනෙළුම් හා උපුල් මලින් අනාකුල වූ තඩාගයන්ගෙන් දිවසුවඳ හමයි.
Pali BJT172. එවං සබ්බඞ්ගසම්පන්නෙ පුප්ඵිතෙ ඵලිතෙ වනෙ, සුකතෙ අස්සමෙ රම්මෙ විහරාමි අහං තදා{4}.
Sinhala BJT172. මෙසේ සුපුෂ්පිත වූ ඵල දැරුවා වූ සර්‍වාඞ්ගසම්පූර්‍ණ වනයෙහි මැනවින් කරණලද රම්‍ය වූ ආශ්‍රමයෙහි මම එකල්හි වෙසෙමි.
Pali BJT173. සීලවා වතසම්පන්නො ඣායී ඣානරතො සදා, පඤ්චාභිඤ්ඤාබලප්පත්තො{5} සුරුචී නාම තාපසො.
Sinhala BJT173. සිල්වත් වූ ව්‍රතසම්පන්න වූ ධ්‍යාන කරණසුලු වූ හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනා වූ පඤ්චාභිඥා බලයට පැමිණියා වූ ‘සුරුචි’ නම් තවුසෙක් වීමි.
Pali BJT174. චතුබ්බීසසහස්සානි සිස්සා මය්හං උපට්ඨහුං, සබ්බෙව බ්රාහ්මණා එතෙ ජාතිමන්තො යසස්සිනො.
Sinhala BJT174. සූවිසි දහසක් ශිෂ්‍යයෝ මට උවටැන් කළාහු ය. මේ සියලු ශිෂ්‍යයෝ ජාතිමත් කීර්‍තතිමත් බ්‍රාහ්මණයෝ වූහ.
Pali BJT175. ලක්ඛණෙ ඉතිහාසෙ ච සනිඝණ්ඩුසකෙටුභෙ, පදකා වෙය්යාකරණා සධම්මෙ{6} පාරමිං ගතා.
Sinhala BJT175. නිඝණ්ඩු කෙටුභ සහිත අඞ්ගලක්‍ෂණ ශාස්ත්‍රයෙහි ද, ඉතිහාසයෙහි ද, වේදත්‍රයයෙහි ද, ස්වකීය බ්‍රාහ්මණධර්‍මයෙහි ද, පරතෙරට ගියාහු වෙදපදපාඨකයෝ වූහ. එසේ ම ව්‍යාකරණයෙහි ද දක්‍ෂයෝ වූහ.
Pali BJT176. උප්පාතෙසු{7} නිමිත්තෙසු ලක්ඛණෙසු ච කොවිදා, පථව්යා භූම්යන්තලික්ඛෙ{8} මම සිස්සා සුසික්ඛිතා.
Sinhala BJT176. උල්කාපාත භූමිචලනාදිය පිළිබඳ වැඩ අවැඩ දැනගන්නා උත්පාතශාස්ත්‍රයෙහි ද, ශුභාගුභ නිමිති දැනගන්නා ශාස්ත්‍රයෙහි ද, ස්ත්‍රී පුරුෂයන්ගේ හා මහා පුරුෂයන් ගේ ලකුණු දන්නා ශාස්ත්‍රයෙහි ද දක්‍ෂ වූවාහු ය. එසේ ම පෘථිවිය පිළිබඳ වූ ද අහස පිළිබඳ වූ ද ශාස්ත්‍රයන්හි මාගේ ශිෂ්‍යයෝ දක්‍ෂයෝ වූහ.
Pali BJT177. අප්පිච්ඡා නිපකා එතෙ අප්පාහාරා අලොලුපා, ලාභාලාභෙන සන්තුට්ඨා පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT177. අල්පෙච්ඡ වූ අල්පාහාර වූ ලොල්බව නො මැති මුහුකුරා ගිය නුවණැති ඔහු ලාභ අලාභ දෙකින් ම එක සේ සතුටු වූවාහු හැම කල්හි මා පිරිවරත්.
Pali BJT178. ඣායී ඣානරතා ධීරා සන්තචිත්තා සමාහිතා, ආකිඤ්චඤ්ඤං පත්ථයන්තා පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT178. ධ්‍යාන වඩන්නා වූ ධාන්‍යායෙහි ඇලුනා වූ ධෛර්‍ය්‍යසම්පන්න වූ ශාන්ත වූ එකඟ වූ සිත් ඇති අකිඤ්චනභාවය (පළිබෝධ විරහිත බව) කැමැති වන්නා වූ ඒ තවුසෝ හැම කල්හි මා පිරිවරත්.
Pali BJT179. අභිඤ්ඤාපාරමිප්පත්තා පෙත්තිකෙ ගොචරෙ රතා, අන්තලික්ඛචරා ධීරා පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT179. පඤ්චාභිඥාවන්හි පරතෙරට පත් පරම්පරානුගත ගෝචරයෙහි ඇලුනාවූ අහසින් යාම ඊම් කරන්නා වූ ස්ථිරගති ඇති එම තවුසෝ හැමකල්හි මා පිරිවරත්.
Pali BJT180. සංවුතා ඡසු ද්වාරෙසු අනෙජා රක්ඛිතින්ද්රියා, අසංසට්ඨා ච තෙ ධීරා මම සිස්සා දුරාසදා.
Sinhala BJT180. සදොර සංවරණය කරගත් තෘෂ්ණාවෙන් තොර සුරැකි ඉඳුරන් ඇති ගිහියන් සමග නො ගැටෙන ධෛර්‍ය්‍යවත් ඒ මාගේ ශිෂ්‍යයෝ ලං විය නො හැක්කෝ වෙත්.
Pali BJT181. පල්ලඞ්කෙන නිසජ්ජාය ඨාන{9} වඞ්කමනෙන ච, වීතිනාමෙන්ති තෙ රත්තිං මම සිස්සා දුරාසදා.
Sinhala BJT181. දුරාසද වූ ඒ මාගේ ශිෂ්‍යයෝ පලඟ බැඳීමෙන් ද, හිඳීමෙන් ද, සිටීමෙන් හා සක්මන් කිරීමෙන් ද රාත්‍රිය ගෙවත්.