Pali BJT83. නිපන්නඤ්ජලියත්ථෙරාපදානං
Sinhala BJT83. නිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය
Pali BJT1512. රුක්ඛමූලෙ නිසින්නො’හං ව්යාධිතො පරමෙන ච, පරමකාරුඤ්ඤපත්තො’ම්හි අරඤ්ඤෙ කානනෙ අහං.
Sinhala BJT1512. මම (රුක්ඛමූලිකඞ්ගය සමාදන් ව) රුක්මුල්හි හුන්නෙම් තදින් රෝගී වූයෙම් මහවෙනෙහි අතිශය දුඃඛිතභාවයට පත්වූයෙම් වෙමි.
Pali BJT1513. අනුකම්පං උපාදායං තිස්සො සත්ථා උපෙසි මං, සො’හං නිපන්නකො සන්තො සිරෙ කත්වාන අඤ්ජලිං.
Sinhala BJT1513. තිස්ස බුදුරජානන් වහන්සේ අනුකම්පා උපදවා මා වෙත එළඹිසේක. මම වැදහොත්තේ ම සිරසෙහි ඇඳිලි කොට-
Pali BJT1514. පසන්නචිත්තො සුමනො සබ්බසත්තානමුත්තමං, සම්බුද්ධං අභිවාදෙත්වා තත්ථ කාලකතො අහං.
Sinhala BJT1514. පහන්සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් සියලු සත්නට උතුම් වූ බුදුරජානන් වහන්සේ වැඳ මම එහි කලුරිය කෙළෙමි.
Pali BJT1515. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං වන්දිං පුරිසුත්තමං, දුග්ගතිං නාභිජානාමි වන්දනාය ඉදං ඵලං.
Sinhala BJT1515. මෙයින් දෙයානූවන කපෙහි යම් පුරුෂෝත්තම වූ සර්‍වඥ කෙනෙකුන් වැන්දෙම් ද, ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. බුද්ධවන්‍දනාවෙහි මේ විපාකය යි
Pali BJT1516. ඉතො පඤ්චමකෙ කප්පෙ පඤ්චෙවාසුං මහාසිඛා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1516. මෙයින් පස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහාසිඛ නම් වූ සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
Pali BJT1517. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1517. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නිපන්නඤ්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ මේ අයුරින් ආයුෂ්මත් නිපන්නඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTනිපන්නඤ්ජලියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTනිපන්නඤ්ජලිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT84. අධොපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT84. අධෝපුප්ථීය ස්ථවිරාවදානය
Pali BJT1518. අභිභූ නාම සො භික්ඛු සිඛිනො අග්ගසාවකො, මහානුභාවො තෙවිජ්ජො හිමවන්තං උපාගමී{1}.
Sinhala BJT1518. සිඛී බුදුරජානන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මහානුභාව ඇති ත්‍රිවිද්‍යාවෙන් යුත් අභිභූ නම් ප්‍රසිද්ධ භික්‍ෂු තෙමේ හිමවතට එළඹියේ ය.
Pali BJT1519. අහම්පි හිමවන්තම්හි රමනීයස්සමෙ ඉසි, වසාමි අප්පමඤ්ඤාසු ඉද්ධිසු ච තදා වසී.
Sinhala BJT1519. එකල්හි මම අප්‍රාමාණ්‍ය ආලම්බනයන් හි ද ඍද්ධින්හි ද වශීප්‍රාප්ත ඍෂියෙක් වූයෙම් රමණීය අසපුවක වසමි.
Pali BJT1520. පක්ඛජාතො වියාකාසෙ පබ්බතං අධිවත්තයිං{2}, අධොපුප්ඵං ගහෙත්වාන ආගච්ඡිං{3} පබ්බතං අහං.
Sinhala BJT1520. මම (උන්වහන්සේ විසූ) කඳු පහලින් මල් ගෙණ පැමිණියෙමි. (පැමිණ) අහසෙහි පක්‍ෂියෙකු මෙන් පර්‍වතයට නැංගෙමි.
Pali BJT1521. සත්ත පුප්ඵානි ගණ්හිත්වා මත්ථකෙ ඔකිරිං අහං, ආලොකිතෙ ච වීරෙන{4} පක්කාමිං පාචිනාමුඛො.
Sinhala BJT1521. මල් සතක් ගෙණ මම (උන්වහන්සේගේ) මස්තකයෙහි විසිර වීමි. වීර වූ අභිභූ ශ්‍රාවකයන් වහන්සේ විසින් (ඒ දෙස) බලන ලද කල්හි (මම) පෙරදිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT1522. ආවාසං අභිසම්භොසිං පත්වාන අස්සමං අහං, ඛාරිභාරං ගහෙත්වාන පාවිසිං{5} පබ්බතන්තරං.
Sinhala BJT1522. (ගොස් මාගේ) ආවාසයට පැමිණියෙමි. ආශ්‍රමයට පැමිණ මම පිරිකරබර ගෙණ කඳු අතරට ගියෙමි.
Pali BJT1523. අජගරො මං පීළෙසි ඝොරරූපො මහබ්බලො, පුබ්බකම්මං සරිත්වාන කත්ථ කාලකතො අහං.
Sinhala BJT1523. (එහි දී) ඝෝරස්වරූප වූ මහත් බල ඇති පිඹුරෙක් මා පෙළී ය. පෙර කළ (ඒ පුෂ්පපූජා) පුණ්‍යකර්‍මය සිහි කොට මම එහි ම කලුරිය කෙළෙමි.
Pali BJT1524. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT1524. මෙයින් එක්තිස්වන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1525. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1525. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්ස්ගේ සසුන කරණ ල දී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අධොපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ මේ අයුරින් ආයුෂ්මත් අධෝපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTඅධොපුප්ඵියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTඅධෝපුප්ඵිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT85. රංසිසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT85. රංසිසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1526. පබ්බතෙ හිමවන්තම්භි වාසං කප්පෙසහං පුරෙ, අජිනුත්තරවාසො’හං{1} වසාමි පබ්බතන්තරෙ.
Sinhala BJT1526. මම පෙර හිමවත්පව්වෙහි වාසය කෙළෙමි. අඳුන්දිවිසම් උතුරුසළු කොට ඇති මම කඳු අතරෙහි වෙසෙමි.
Pali BJT1527. සුවණ්ණවණ්ණං සම්බුද්ධං සතරංසිංව භානුමං, වනන්තරගතං දිස්වා සාලරාජං’ව පුප්ඵිතං.
Sinhala BJT1527. සියගණන් රැස් ඇති හිරු වැනි වූ පිපුනු සල්රුකක් වැනි වනගත වූ ස්වර්‍ණවර්‍ණ ඇති බුදුරජානන් වහන්සේ දැක -
Pali BJT1528. රංස්යා{2} චිත්තං පසාදෙත්වා විපස්සිස්ස මහෙසිනො, පග්ගය්හ අඤ්ජලිං වන්දිං සිරසා උක්කුටී{3} අහං.
Sinhala BJT1528. ඒ විපස්සී බුදුරජානන් වහන්සේ ගේ රශ්මියෙහි සිත පහදවා මම ඇඳිලි බැඳ උක්කුටික ව හිස නමා වැන්දෙමි.
Pali BJT1529. එකනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි රංසිසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1529. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් (පුණ්‍ය) කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. රශ්මිසංඥාවෙහි (පැහැදී පිදීමේ) මේ විපාකය යි.
Pali BJT1530. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1530. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රංසිසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTරංසිසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඤ්චං.
Sinhala BJTරංසිසඤ්ඤකස්ථිවිරාවදානය පස්වැනි යි.
Pali BJT86. දුතියරංසිසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT86. දුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1531. පබ්බතෙ හිමවන්තම්භි වාකචීරධරො අහං, චඞ්කමඤ්ච සමාරූළ්හො නිසීදිං පාචිනාමුඛො.
Sinhala BJT1531. වැහැරි සිවුරු දරන්නා වූ මම හිමවත්පව්වෙහි සක්මනට නැගුනේ නැගෙනහිර දිගට මුහුණ ලා හුන්නෙමි.
Pali BJT1532. පබ්බතෙ සුගතං දිස්වා ඵුස්සං ඣානරතං තදා, අඤ්ජලිං පග්ගහෙත්වාන රංස්යා{4} චිත්තං පසාදයිං.
Sinhala BJT1532. එකල්හි හිමවත්පව්වෙහි දී ධ්‍යානයෙහි ඇලුනා වූ ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක ඇඳිලි බැඳ (බුදු) රැස්හි සිත පැහැදවීමි.
Pali BJT1533. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි රංසිසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1533. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි (බුද්ධරශ්මිය පිළිබඳ) යම් සංඥාවක් ලැබුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. (බුද්ධ) රශ්මිසංඥාවෙහි (සිත පැහැදවීමේ) මේ විපාකය යි.
Pali BJT1534. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1534. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා රංසිසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් රංසිසඤ්ඤක ස්ථිවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTදුතියරංසිසඤ්ඤකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTදුතියරංසිසඤ්ඤක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT87. ඵලදායකත්ථෙරාපදානං.
Sinhala BJT87. ඵලදායක ස්ථවිරාවදානය
Pali BJT1535. පබ්බතෙ හිමවන්තම්භි ඛුරාජිනධරො අහං, ඵුස්සං ජිනවරං දිස්වා ඵලහත්ථො ඵලං අදං.
Sinhala BJT1535. කුර සහිත අඳුන්දිවිසම් දරන්නා වූ මම පලතුරු ගත් අත් ඇත්තෙම් හිමවත්පව්වෙහි දී ඵුස්ස බුදුරජානන් වහන්සේ දැක පලතුරු දිනිමි.
Pali BJT1536. යමහං ඵලමදාසිං විප්පසන්නෙන චෙතසා, භවෙ නිබ්බත්තමානම්හි ඵලං නිබ්බත්තතෙ මම.
Sinhala BJT1536. මම පැහැදි සිතින් යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) භවයෙහි උපදින කල්හි මට පලතුරු ලැබේ.
Pali BJT1537. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං ඵලං අදදිං අහං, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
Sinhala BJT1537. මෙයින් දෙයානූවන කපෙහි මම යම් පලතුරු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පලතුරුදානයාගේ මේ විපාකය යි.
Pali BJT1538. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1538. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTඵලදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTඵලදායකස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT88. සද්දසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT88. සද්දසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1539. පබ්බතෙ හිමවන්තම්භි වසාමි පණ්ණසන්ථරෙ, ඵුස්සස්ස ධම්මං භණතො සද්දෙ චිත්තං පසාදයිං.
Sinhala BJT1539. (මම) හිමවතෙහි පන්ඇතිරියක වසමි. (එකල්හි) දහම් දෙසන්නා වූ ඵුස්ස බුදුරාජනන් වහන්සේ ගේ (මධුර) ස්වරයෙහි සිත පැහැදවීමි.
Pali BJT1540. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT1540. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ඒ පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1541. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1541. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සද්දසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සද්දසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTසද්දසඤ්ඤකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTසද්දසඤ්ඤකස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT89. බොධිසිඤ්චකත්ථෙරාපදානං
Sinhala BJT89. බෝධිසිඤ්චක ස්ථවිරාවදානය
Pali BJT1542. විපස්සිස්ස භගවතො මහාබොධිමහො අහු, පබ්බජ්ජූපගතො සන්තො උපගච්ඡිං මහං අහං{1}.
Sinhala BJT1542. විපස්සී බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවක් විය. (එකල) පැවිදි ව සිටි මම ඒ පූජාවට එළඹියෙමි.
Pali BJT1543. කුසුමොදකමාදාය බොධියා ඔකිරිං අහං, “මොචයිස්සති නො මුත්තො නිබ්බාපෙස්සති නිබ්බුතො”.
Sinhala BJT1543. මම මල් හි (සුවඳ) පැන් ගෙණ (ඒ කිණිහිරි) බෝධියට ඉස්සෙමි. (ඉස මෙසේ සිතීමි:) “සර්‍වඥතෙම (සසර දුකින්) මිදුනේ අප ද (ඉන්) මුදවන්නේ ය. (කෙලෙස්ගින්නෙන්) නිවුනේ (අප ද ඉන්) නිවීමට පමුණුවන්නේ ය” කියායි.
Pali BJT1544. එකනවුතෙ ඉතො කප්පෙ යං බොධිමභිසිඤ්චයිං, දුග්ගතිං නාභිජානාමි බොධිසිඤ්චායිදං{2} ඵලං.
Sinhala BJT1544. මෙයින් එක්අනූවන කපෙහි (කිණිහිරි) බෝධියට යම් (සුවඳ පැන්) ඉසීමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධියට පැන් ඉසීමේ මේ විපාකය යි.
Pali BJT1545. තෙත්තිංසෙ වත්තමානම්හි කප්පෙ ආසුං ජනාධිපා, උදකාසෙචනා නාම අට්ඨෙතෙ චක්කවත්තිනො.
Sinhala BJT1545. තෙතිස්වන කප පවත්නා කල්හි උදකාසේවන නම් ජනාධිපති වූ ඒ අට සක්විතිරජවරු වූහ.
Pali BJT1546. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1546. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බොධිසිඤ්චකො{3} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බෝධිසිඤ්චක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTබොධිසිඤ්චකත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTබොධිසිඤ්චකස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT90. පදුමපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT90. පදූමපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1547. පොක්ඛරවනං පවිට්ඨො භඤ්ජන්තො පදුමානහං, අද්දසං ඵුස්සසම්බුද්ධං බත්තිංසවරලක්ඛණං.
Sinhala BJT1547. මම නෙළුම් වනයට (=පොකුණකට) පිවිසියෙම් මල් බිඳින්නෙම් (=නෙළන්නෙම්) දෙතිස්මහපුරිස්ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1548. පදුමපුප්ඵං ගහෙත්වාන ආකාසෙ උක්ඛිපිං අහං, පසන්නකම්මං කත්වාන{4} පබ්බජිං අනගාරියං.
Sinhala BJT1548. මම නෙළුම්මල් ගෙණ (ඒ බුදුරජුන් උදෙසා) අහසට දැමීමි. ඒ ප්‍රසන්නකර්‍මය කොට අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි.
Pali BJT1549. පබ්බජිත්වාන කායෙන මනසා සංවුතෙන ච, වචීදුච්චරිතං හිත්වා ආජීවං පරිසොධයිං.
Sinhala BJT1549. පැවිදි ව සංවරණය කළා වූ කයින් ද සිතින් ද යුතු ව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
Pali BJT1550. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1550. මෙයින් දෙඅනූවන කපෙහි යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1551. පදුමාභාසනාමා අට්ඨාරස මහීපතී, අට්ඨාරස්සු කප්පෙසු අට්ඨතාළීසමාසිසුං.
Sinhala BJT1551. කල්ප අටළොසක පදුමාභාස නම් වූ අටළොස් රජකෙනෙක් වූහ. (එසේ ම) අටසාළිස් රජකෙනෙක් ද වූහ.
Pali BJT1552. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1552. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTපදුමපුප්ඵියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපදුමපුප්ඵියස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTතිමිර නඞ්ගලීපුප්ඵි නිපන්නඤ්ජලිකො අධො ද්වෙ රංසිසඤ්ඤී ඵලදො සද්දසඤ්ඤී ච සෙචකො පදුමපුප්ඵි ච ගාථායො ඡප්පඤ්ඤාස පකිත්තිතා.
Sinhala BJTතිමිරය නඞ්ගලී - පුප්ඵියනිපන්නඤ්ජලීකය අධෝ පුප්ඵිය රංසිසඤ්ඤක - සද්දසඤ්ඤී ද සේවක ය පදුමපුප්ඵිය දස - සපණස් ගයකින් බැඳි.
Pali BJTතිමිරපුප්ඵියවග්ගො නවමො.
Sinhala BJTතිමිරපුප්ඵියවර්‍ගය නවවැනියි.
Pali BJT10. සුධාපිණ්ඩියවග්ගො
Sinhala BJT10. සුධා වර්‍ගය
Pali BJT91. සුධාපිණ්ඩියත්ථෙරාපදානං.
Sinhala BJT91. සුධාපිණ්ඩිය ස්ථවිරාවදානය
Pali BJT1553. පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ව සාවකෙ පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ.
Sinhala BJT1553-1554. පිදීමට සුදුසු වූ තණ්හාදි කෙලෙස් ඉක්මවූ තරණය කළ (=නැති කළ) සෝකපරිදේව ඇති බුදුරජුන් කෙරෙහි හෝ සව්වන් කෙරෙහි හෝ පුදන්නහුට (හෙවත් කෙලෙස් පිරිනිවනින්) පිරිනිවි බිය නැති එබඳු උතුමන් කෙරෙහි පුදන්නා වූ ඔවුනට (ලැබෙන) පින මෙපමණ ය යි කිසිවකින් පමණ කිරීමට (=මැනීමට) නො හැකි ය.
Pali BJT1554. තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතොභයෙ, න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉදමෙත්තමපි{1} කෙනෙචි.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1555. චතුන්නමපි දීපානං ඉස්සරං යො’ධ කාරයෙ, එකිස්සා පූජනායෙතං කලං නාග්ඝති සොළසිං.
Sinhala BJT1555. යමෙක් මේ ලෙව්හි සිවුමහදිවයිනට ඉසුරු රජය කරවන්නේ නමුදු එය මෙබඳු එක පිදුමක සොළොස්වැනි කලාවකට ද නො අගී.
Pali BJT1556. සිද්ධත්ථස්ස නරග්ගස්ස චෙතියෙ එළිතන්තරෙ, සුධාපිණ්ඩො මයා දින්නො විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT1556. සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ සෑයෙහි පැළුම් අතර මා විසින් පැහැදි සිතින් සුණුපිඬක් දෙනලදි. (පැළුම් අතරෙහි සුණු බහා සකසන ලදී).
Pali BJT1557. චතුනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පටිසඞ්ඛාරස්සිදං ඵලං.
Sinhala BJT1557. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් පින්කමක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පිළිසකරෙහි (=ප්‍රතිසංස්කරණයෙහි) මේ විපාකය යි.
Pali BJT1558. ඉතො තිංසතිකප්පම්හි පටිසඞ්ඛාරසව්හයා සත්තරතනසම්පන්නා තෙරස චක්කවත්තිනො.
Sinhala BJT1558. මෙයින් තිස්වන කපෙහි සත්රුවනින් යුත් පටිසඞ්ඛාර නම් වූ තෙළෙස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1559. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1559. පිළිසිඹියාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුධාපිණ්ඩියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුධාපිණ්ඩිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTසුධාපිණ්ඩියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසුධාපිණ්ඩියස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT92. සුචින්තිතත්ථෙරාපදානං.
Sinhala BJT92. සුචින්තිත ස්ථවිරාවදානය
Pali BJT1560. තිස්සස්ස ලොකනාථස්ස සුද්ධාපීඨ{1}මදාසහං, හට්ඨො හට්ඨෙන චිත්තෙන බුද්ධස්සාදිච්චබන්ධුනො.
Sinhala BJT1560. මම හිරුගොත්හි වූ සියල්ල දත් තිස්සබුදුරදුන්හට තුටු වූයෙම් තුටුසිතින් ම (සිලිටි දැවමුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.
Pali BJT1561. අට්ඨතිංසෙ ඉතො කප්පෙ රාජා ආසිං මහාරුචී, භොගො ච විපුලො ආසි සයනං ච අනප්පකං.
Sinhala BJT1561. මෙයින් අටතිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝ වූ සයනාසන ද මහත් වූ භොග ද විය.
Pali BJT1562. පීඨං බුද්ධස්ස දත්වාන විප්පසන්නෙන චෙතසා, අනුභොමි සකං කම්මං පුබ්බෙ සුකතමත්තනො.
Sinhala BJT1562. පිරිසිදු සිතින් බුදුරජානන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනැවින් කළ (ඒ ස්වකීය පුණ්‍ය) කර්‍මය අනුභව කරමි.
Pali BJT1563. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං පීඨමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි පිඨදානස්සිදං ඵලං.
Sinhala BJT1563. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් පුටුවක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පීඨාදානයාගේ මේ විපාකය යි.
Pali BJT1564. අට්ඨතිංසෙ ඉතො කප්පෙ තයො තෙ චක්කවත්තිනො, රුචි උපරුචි චෙව මහාරුචි තතීයකො.
Sinhala BJT1564. මෙයින් අටතිස්වන කපෙහි රුචි ය, උපරුචි ය, මහාරුචි ය යන සක්විති රජවරු තිදෙනෙක් වූහ.
Pali BJT1565. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1565. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුචින්තිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTසුචින්තිතත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTසුචින්තිතස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT93. අඩ්ඪචෙලකත්ථෙරාපදානං.
Sinhala BJT93. අඩ්ඪචෙළක ස්ථවිරාවදානය
Pali BJT1566. තිස්සස්සාහං භගවතො උපඩ්ඪදුස්සමදාසහං, පරමකාපඤ්ඤපත්තොම්හි{2} දුග්ගන්ධෙන{3} සමප්පිතො.
Sinhala BJT1566. මම තිස්ස බුදුරජානන් වහන්සේට සිවුරු පිණිස රෙදි කැබැල්ලක් දුන්නෙමි. (එකල) දුගඳින් යුත් මම අතිශයින් කෘපණභාවයට (දුකට) පත් වූයෙම් වෙමි.
Pali BJT1567. උපඩ්ඪදුස්සං දත්වාන කප්පං සග්ගම්හි මොදහං, අවසෙසෙසු කප්පෙසු කුසලං කාරිතං{4} මයා.
Sinhala BJT1567. මම (සිවුරු පිණිස මේ) රෙදිකැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
Pali BJT1568. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං දුස්සමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි දුස්සදානස්සිදං ඵලං.
Sinhala BJT1568. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුන්නෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. වස්ත්‍රදානයාගේ මේ විපාකයයි.
Pali BJT1569. එකූනපණ්ණෙ{5}කප්පම්හි රාජානො චක්කවත්තිනො, සමන්නච්ඡදනා{6} නාම බත්තිංසාසුං ජනාධිපා.
Sinhala BJT1569. එකුන්පණස්වන කපෙහි ජනාධිපති වූ සමන්තච්ඡදන නම් දෙළොස් සක්විතිරජ කෙනෙක් වූහ.
Pali BJT1570. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1570. පිළිසිඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අඩ්ඪචෙලකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචෙලක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTඅඩ්ඪචෙලකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTඅඩ්ඪචෙලකස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT94. සූචිදායකත්ථෙරාපදානං.
Sinhala BJT94. සූචිදායක ස්ථවිරාවදානය
Pali BJT1571. කම්මාරොහං පුරෙ ආසිං බන්ධුමායං පුරුත්තමෙ, සූචිදානං මයා දින්නං විපස්සිස්ස මහෙසිනො.
Sinhala BJT1571. මම පෙර බන්‍ධුමා නම් උතුම් පුරයෙහි කඹුරෙක් වීමි. මා විසින් විපස්සී බුදුරජානන් වහන්සේට හිදි (=ඉදිකටු) දනක් දෙනලදී.
Pali BJT1572. වජිරග්ගසමං ඤාණං හොති කම්මෙන තාදිසා{1}, විරාගො’ම්හි විමුත්තො’ම්හි පත්තො’ම්භි ආසවක්ඛයං.
Sinhala BJT1572. එබඳු කර්‍මය කරන කොට ගෙණ විදුරග වැනි (සියුම්) නුවණ ඇති වේ. පහ වූ රාගය ඇත්තෙම් වෙමි. කෙලෙසුන්ගෙන් මිදුනෙම් වෙමි. ආස්‍රවක්‍ෂයට පැමිණියෙම් වෙමි.
Pali BJT1573. අතීතෙ ච භවෙ සබ්බෙ වත්තමානෙ ච’නාගතෙ, ඤාණෙන විචිනිං සබ්බං සූචිදානස්සිදං ඵලං.
Sinhala BJT1573. අතීතභවයෙහි ද වර්‍තමානභවයෙහි ද අනාගතභවයෙහි ද සියල්ල නුවණින් සොයා දැන ගතිමි. හිදිදනෙහි මේ විපාකය යි.