Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT75. එකසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT75. ඒකසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1440. ඛණ්ඩො නාමාසි නාමෙන විපස්සිස්ස’ග්ගසාවකො, එකා භික්ඛා මයා දින්නා ලොකාහුතිපටිග්ගහෙ.
Sinhala BJT1440. විපස්සී බුදුරජානන් වහන්සේගේ නමින් ඛණ්ඩ නම් වූ අග්‍රශ්‍රාවකයෙක් විය. ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසු (දක්‍ෂිණාර්‍හ) වූ උන්වහන්සේ කෙරෙහි මා විසින් එක භික්‍ෂාවක් දෙනලදී.
Pali BJT1441. තෙන චිත්තප්පසාදෙන දිපදින්දෙ නරාසභෙ,{4} දුග්ගතිං නාභිජානාමි එකභික්ඛායිදං ඵලං.
Sinhala BJT1441. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි වූ ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. එක භික්‍ෂාවෙහි මේ විපාකය යි.
Pali BJT1442. චත්තාළීසෙ ඉතො කප්පෙ වරුණො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1442. මෙයින් සතළිස්වන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති වරුණ නම් සක්විති රජෙක් විය (=වීමි).
Pali BJT1443. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1443. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTඑකසඤ්ඤකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඒකසඤ්ඤකස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT76. තිණසන්ථරදායකත්ථෙරාපදානං
Sinhala BJT76. තිණසන්‍ථරදායක ස්ථවිරාවදානය
Pali BJT1444. හිමවන්තස්ස අවිදූරෙ මහාජාතස්සරො අහු, සතපත්තෙහි සඤ්ඡන්නො නානාසකුණමාලයො.
Sinhala BJT1444. හිමවතට නුදුරු තන්හි පියුම්මලින් ගැවසීගත් නානා පක්‍ෂින්හට වාසස්ථාන වූ මහාජාතස්සරයක් (ඉබේ හට ගත් මහවිලක්) විය.
Pali BJT1445. තම්හි නහාත්වා පීත්වා ච අවිදූරෙ වසාමහං, අද්දසං සමණානග්ගං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
Sinhala BJT1445. මම (තවුසෙක්ව) ඒ විලෙහි නා පැන් බී (විලට) නුදුරු තන්හි වසමි. (එහි දී) අහස්මගෙහි යන ශ්‍රමණයනට අග්‍ර වූ බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1446. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, ව්යම්හතො ඔරුහිත්වාන භූමියට්ඨාසි තාවදෙ.
Sinhala BJT1446. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෲන් වහන්සේ මාගේ අදහස දැන අහසින් බැස එකෙණෙහි භූමියෙහි වැඩසිටි සේක.
Pali BJT1447. විසාණෙන තිණං ගය්හ නිසීදනමදාසහං, නිසීදි භගවා තත්ථ තිස්සො ලොකග්ගනායකො{1}.
Sinhala BJT1447. මම අඟකින් තෘණ (කපා) ගෙණ නිසීදනයක් (තණඇතිරියක් කොට) දිනිමි. තිස්ස බුදුරජානන් වහන්සේ එහි වැඩහුන් සේක.
Pali BJT1448. සකං චිත්තං පසාදෙත්වා අවන්දිං ලොකනායකං, පතිකුටිකො{2} අපසක්කිං{3} නිජ්ඣායන්තො මහාමුනිං.
Sinhala BJT1448. සිය සිත පහදවා ලෝකනායක වූ බුදුන් වැන්දෙමි. (ඉක්බිති) මහාමුනීන් වහන්සේ සිහි කරමින් (සිරුරෙන්) හැකිළුනෙම් පසුබැස ගියෙමි.
Pali BJT1449. තෙන චිත්තප්පසාදෙන නිම්මාණං උප්පජ්ජහං, දුග්ගතිං නාභිජානාමි සන්ථරස්ස ඉදං ඵලං.
Sinhala BJT1449. එම චිත්තප්‍රසාදය හේතු කොටගෙන මම නිර්‍මාණරති දෙව් ලොව උපනිමි. දුගතියක් නො දනිමි. මෙය තණඇතිරිය පිදීමේ විපාකයයි.
Pali BJT1450. ඉතො දුතියකෙ කප්පෙ මිගසම්මතඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1450. මෙයින් දෙවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිග නම් සක්විතිරජෙක් විය.
Pali BJT1451. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1451. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිණසන්ථරදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණ්ණසන්‍ථරදියක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTතිණසන්ථරදායකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTතිණ්සන්‍ථරදායකස්ථවිරාවදානය සවැනියි.
Pali BJT77. සූචිදායකත්ථෙරාපදානං
Sinhala BJT77. සුචිදායක ස්ථවිරාවදානය
Pali BJT1452. තිංසකප්පසහස්සම්හි සම්බුද්ධො ලොකනායකො, සුමෙධො නාම නාමෙන බත්තිංසවරලක්ඛණො.
Sinhala BJT1452. තිස්දහස්වන කපෙහි උතුම් දෙතිස් මහපුරිස්ලකුණු ඇති නමින් සුමේධ නම් වූ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක.
Pali BJT1453. තස්ස කඤ්චනවණ්ණස්ස දිපදින්දස්ස තාදිනො, පඤ්ච සූචී මයා දින්නා සිබ්බනත්ථාය චීවරං.
Sinhala BJT1453. තාදිගුණ ඇති කසුන්වන් වූ ද්විපදෙන්‍ද්‍ර වූ ඒ බුදුරජානන් වහන්සේ ට සිවුරු මසනු පිණිස මා විසින් හිදි (කටු) පසක් දෙනලදි.
Pali BJT1454. තෙනෙ’ව සූචිදානෙන නිපුණත්ථවිපස්සකං, තික්ඛං ලහුඤ්ච ඵාසුඤ්ච ඤාණං මෙ උදපජ්ජථ.
Sinhala BJT1454. ඒ හිදිකටුදන හේතු කොට ගෙන ම සියුම් අර්‍ත්‍ථයක් විශේෂයෙන් දක්නා සුලු වූ තියුණු වූ ශීඝ්‍ර වූ පහසු වූ නුවණ මට උපන්නේ ය.
Pali BJT1455. දිපදාධිපතී නාම රාජානො චතුරො අහුං, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1455. සත්රුවනින් යුත් මහත් බල ඇති ද්විපදාධිපති නම් වූ සිවුරජ කෙනෙක් වූහ.
Pali BJT1456. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1456. මාගේ කෙලෙස් දවනලදී. සියලු භවයෝ නසන ලදහ. සම්බුදුසසුනෙහි පශ්චිමශරීරය දරමි.
Pali BJT1457. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1457. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සූචිදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සූවිදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTසූචිදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTසූවිදායක ස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT78. පාටලිපුප්ඵියත්ථෙරාපදානං
Sinhala BJT78. පාටලිපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1458. සෙට්ඨිපුත්තො තදා ආසිං සුඛුමාලො සුඛෙධිතො උච්ඡඞ්ගෙ පාටලීපුප්ඵං කත්වා තං අභිසංහරිං.
Sinhala BJT1458. එකල්හි මම සියුමැලි වූ සුව සේ වැඩුනු සිටුපුත්‍රයෙක් වීමි. පළොල්මලක් ඔඩොක්කුවෙහි ලා එය ගෙණ ගියෙමි.
Pali BJT1459. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අන්තරාපණෙ, කඤ්චනග්ඝියසඞ්කාසං ද්වත්තිංස{1} වරලක්ඛණං.{*}
Sinhala BJT1459-1460. අතුරු අවුණෙහි (වීථියෙහි) වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්ඇගෑවක් මෙන් බබලන දෙතිස් මහපුරිස්ලකුණු ඇති නරශ්‍රේෂ්ඨ වූ (අනාථ) නාථ වූ සියල්ල අවබෝධ කළ තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් ඒ මලින් පිදීමි. උන්වහන්සේට නමස්කාර ද කෙළෙමි.
Pali BJT1460. හට්ඨො හට්ඨෙන චිත්තෙන පුප්ඵෙන{2} අභිපූජයිං, තිස්සං ලොකවිදුං නාථං නරදෙවං නමස්සහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1461. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT1461. එකල්හි මෙයින් දෙඅනූවන කපෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකයයි.
Pali BJT1462. ඉතො තෙසට්ඨිකප්පම්හි අභිසම්මතනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1462. මෙයින් තෙසැටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අභිසම්මත නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1463. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1463. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරාජනන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පාටලිපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පාටලිපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTපාටලිපුප්ඵියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTපාටලිපුප්ඵියස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT79. ඨිතඤ්ජලියත්ථෙරාපදානං
Sinhala BJT79. ඨිතඤ්ජලිය ස්ථවිරාවදානය
Pali BJT1464. මිගලුද්දො පුරෙ ආසිං අරඤ්ඤෙ කානනෙ අහං, තත්ථද්දසාසිං සම්බුද්ධං තිස්සං පවරලක්ඛණං.
Sinhala BJT1464. මම පෙර මහවනයෙහි මුවවැද්දෙක් වීමි. එහිදී උතුම් ලකුණු ඇති තිස්ස බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1465. තස්සාහං{3} අඤ්ජලිං කත්වා පක්කාමිං පාචිනාමුඛො, අවිදූරෙ නිසින්නස්ස නියකෙ පණ්ණසන්ථරෙ.
Sinhala BJT1465. නුදුරු තන්හි සිය පන්ඇතිරියෙහි වැඩහුන් උන්වහන්සේට මම ඇඳිලි බැඳ පෙරදිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT1466. තතො මෙ අසනීපාතො මත්ථකෙ නිපතී තදා, සො’හං මරණකාලම්හි අකාසිං පුනරඤ්ජලිං.
Sinhala BJT1466. එකල්හි මාගේ හිස මත සෙනක් වැටින. ඉක්බිති මැරෙණ කල්හි ද මම නැවත ඇඳිලි කෙළෙමි.
Pali BJT1467. ද්වෙනවුතෙ ඉතො කප්පෙ අඤ්ජලිං අකරිං තදා, දුග්ගතිං නාභිජානාමි අඤ්ජලිස්ස ඉදං ඵලං.
Sinhala BJT1467. මෙයින් දෙයානූවන කපෙහි එකල්හි යම් ඇඳිලි (බැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. අඤ්ජලිකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1468. චතුපඤ්ඤාසකප්පම්හි මිගකෙතු සනාමකො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1468. සූපණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මිගකේතු නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1469. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1469. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඨිතඤ්ජලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඨිතඤ්ජලිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTඨිතඤ්ජලියත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTඨිතඤ්ජලියස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT80. තිපදුමියත්ථෙරාපදානං
Sinhala BJT80. තිපදුමිය ස්ථවිරාවදානය
Pali BJT1470. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ, දන්තො දන්තපරිවුතො නගරා නික්ඛමී ජිනො.
Sinhala BJT1470. සියලු ධර්‍මයන්ගේ පරතෙරව ගිය දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද පස්මරුන් දිනූ පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ නුවරින් නික්මුනු සේක.
Pali BJT1471. නගරෙ හංසවතියා අහොසිං මාලිකො තදා, යං තත්ථ උත්තමං පුප්ඵං තීණි පුප්ඵානි{1} අග්ගහිං.
Sinhala BJT1471. එකල්හි මම හංසවතීනගරයෙහි මල්කරුවෙක් වීමි. එහි (මල් රැසෙහි) උතුම් මල් වී ද, ඒ මල්වලින් (ඉතා ශෝභාවත්) මල් තුණක් ඇරගතිමි.
Pali BJT1472. අද්දසං විරජං බුද්ධං පටිමග්ගන්තරාපණෙ, සො’හං{2} දිස්වාන සම්බුද්ධං එවං චින්තෙසහං තදා:
Sinhala BJT1472. අතුරු අවුණෙහි පෙරමගට එන කෙලෙස් රජස් විරහිත බුදුරජානන් වහන්සේ දිටිමි. එකල්හි ඒ මම බුදුරජානන් වහන්සේ දැක මෙසේ සිතීමි:
Pali BJT1473. “කිම්මෙ ඉමෙහි පුප්ඵෙහි රඤ්ඤො උපනතෙහි{3} මෙ, ගාමං වා ගාමක්ඛෙත්තං වා සහස්සං වා ලභෙය්යහං.
Sinhala BJT1473. “රජුට පිරිනමනලද මේ මල්වලින් මට කවර ප්‍රයෝජන ද? ඉදින් ප්‍රයෝජනයක් වතොත් මම ගමක් හෝ ග්‍රාමක්‍ෂේත්‍රයක් හෝ ලබන්නෙමි.
Pali BJT1474. අදන්තදමකං ධීරං සබ්බසත්තසුඛාවහං, ලොකනාථං පූජයිත්වා ලච්ඡාමි අමතං ධනං.”
Sinhala BJT1474. නොදැමුනවුන් දමනය කරන්නාවූ ප්‍රාඥ වූ සියලු සතුනට සැප එළවන්නා වූ බුදුරජානන් වහන්සේ (මේ මලින්) පුදා අමෘතධනය (=නිවණ) ලබන්නෙමි” යි කියා යි.
Pali BJT1475. එවාහං චින්තයිත්වාන සකං චිත්තං පසාදයිං, තීණි ලොහිතකෙ ගය්හ ආකාසෙ උක්ඛිපිං{4} තදා.
Sinhala BJT1475. මම මෙසේ සිතා සියසිත පැහැදවීමි. එකල්හි ලෙහෙවන් මල් තුණක් ගෙණ අහසෙහි දැමීමි.
Pali BJT1476. මයා උක්ඛිත්තමත්තම්හි ආකාසෙ පත්ථරිංසු{5} තෙ, ධාරිංසු මත්ථකෙ තත්ථ උද්ධංවණ්ටා අධොමුඛා.
Sinhala BJT1476. මා විසින් උඩට ඉසිනලද කෙණෙහි ඒ කුසුමයෝ අහසෙහි පැතුරුණාහුය. (තථාගතයන් වහන්සේගේ හිස) මතුයෙහි වූ එහි නැටි උඩුකුරු ව මල් අධෝමුඛ ව අහසෙහි නැවතුනාහු ය
Pali BJT1477. යෙ කෙචි මනුජා දිස්වා උක්කුට්ඨිං සම්පවත්තයුං, දෙවතා අන්තලික්ඛම්හි සාධුකාරං පවත්තයුං:
Sinhala BJT1477. යම් කිසි මිනිස් කෙනෙක් එය දැක (සිටියාහු ද ඔහු) ප්‍රීතිඝෝෂා පැවැත්වූවාහු ය. (එසේ ම) අහසෙහි දෙවියෝ ද, සාධුනාද පැවැත්වූහ.
Pali BJT1478. “අච්ඡෙරං ලොකෙ උප්පන්නං බුද්ධසෙට්ඨස්ස වාහසා, සබ්බෙ ධම්මං සුණිස්සාම පුප්ඵානං වාහසා මයං.”
Sinhala BJT1478. “බුදුරජානන් වහන්සේගේ බලයෙන් ලෝකයෙහි ආශ්චර්‍ය්‍ය වූ දෑ පහළ විය. අපි සියල්ලෝ (උන්වහන්සේට ඒ) මල්පිදීමේ බලයෙන් ධර්‍මය අසන්නෙමු” ය කියායි.
Pali BJT1479. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, වීථියං හි ඨිතො සත්ථා{1} ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1479. ලෝකයාගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන් රැස් වීමට ගෙයක් වැනි වූ වීථියෙහි වැඩසිටි ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක:
Pali BJT1480. “යො සො බුද්ධං අපූජෙසි රත්තපද්මෙහි{2} මාණවො, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
Sinhala BJT1480. “යම් ඒ මාණවකයෙක් තෙම රත්පියුම්වලින් බුදුරජානන් වහන්සේ පිදී ද, මම හේ කවරෙක් දැයි ප්‍රකාශ කරන්නෙමි. එසේ පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT1481. තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, තිංස කප්පානි දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT1481. මෙතෙම කප් තිස්දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේ ය. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT1482. මහාවිත්ථාරිකං නාමං ව්යම්හං හෙස්සති තාවදෙ, තියොජනසතුබ්බෙධං දියඩ්ඪසතවිත්ථතං.
Sinhala BJT1482. එකල්හි තුන්සියක් යොදුන් උස ඇති එක්සියපණස් යොදුන් පුළුල ඇති මහාවිත්‍ථාරික නම් (සඳලුසහිත) විමනෙක් පහළ වන්නේ ය.
Pali BJT1483. චත්තාරි සතසහස්සානි නිය්යුහා ච සුමාපිතා, කූටාගාරවරූපෙතා මහාසයනවොසිතා.
Sinhala BJT1483. එහි සුනිර්මිත ද්වාරයෝ හාරලක්‍ෂයක් වෙති. කුළුගෙවලින් යුක්තයහ. මහාසයනයන්ගෙන් නිමවන ලදහ.
Pali BJT1484. කොටිසතසහස්සායො පරිවාරෙස්සන්ති අච්ඡරා, කුසලා නච්චගීතස්ස වාදිතෙපි පදක්ඛිණා
Sinhala BJT1484. නෘත්‍යගීතයන්හි දක්‍ෂ, වාදනයෙහි ද හුරුපුරුදු කෙළලක්‍ෂයක් අප්සරාවෝ පිරිවරන්නාහු ය.
Pali BJT1485. එතාදිසෙ ව්යම්හවරෙ නාරීගණසමාකුලෙ, වස්සිස්සති පුප්ඵවස්සො දිබ්බො ලොහිතකො සදා.
Sinhala BJT1485. දිව්‍යාප්සරා සමූහයා විසින් ගැවසීගත් මෙබඳු උතුම් විමනෙහි හැම කල්හි දිව්‍යමය වූ ලෙහෙවන් මල්වැසි වසී.
Pali BJT1486. භිත්තිඛීලෙ නාගදන්තෙ ද්වාරබාහාය{3} තොරණෙ, චක්කමත්තා ලොහිතකා ඔලම්බිස්සන්ති තාවදෙ.
Sinhala BJT1486. එකල්හි බිත්තියෙහි වූ ඇණවල ද නාදැතිවල ද උළුවසුවල ද තොරන්හි ද චක්‍රප්‍රමාණ වූ ලෙහෙවන් පුෂ්පයෝ එල්බෙන්නාහු ය.
Pali BJT1487. පතෙතන පත්තසඤ්ඡන්නෙ{4} අන්තොව්යම්හවරෙ ඉධ, අත්ථරිත්වා පාරුපිත්වා තුවට්ටිස්සන්ති තාවදෙ.
Sinhala BJT1487. එකල්හි මල් පෙත්තෙන් පෙත්ත වැසෙන සේ වූ මේ විමානය තුළ (ඒ මලින් ම කළ ඇතිරි) අතුරා (පොරෝණා) පෙරොවා හෝනාහු ය.
Pali BJT1488. භවනං පරිවාරෙත්වා සමන්තා සතයොජනං, තෙ විසුද්ධා ලොහිතකා දිබ්බගන්ධං පවායරෙ.
Sinhala BJT1488. භවනය වටා හාත්පස යොදුන් සියයක් ඒ පිරිසිදු ලෙහෙවන් පුෂ්පයෝ දිවසුවඳ පතුරුවත්.
Pali BJT1489. පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT1489. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙතෙකැයි) ගිණිය නො හැකි ය.
Pali BJT1490. සම්පත්තියො දුවෙ භුත්වා අනීති අනුපද්දවො, සම්පත්තෙ පරියොසානෙ නිබ්බානං ඵස්සයිස්සති.”
Sinhala BJT1490. (දිව්‍ය මනුෂ්‍ය) ද්විවිධ සම්පත් අනුභව කොට උවදුරු රහිත වූයේ උපද්‍රව නැත්තේ පශ්චිමභවය පැමිණි කල්හි නිවන පහස්නේ ය - අවබෝධ කරන්නේය” කියායි.
Pali BJT1491. සුදිට්ඨො වත මෙ බුද්ධො වාණිජ්ජං සුප්පයොජිතං, පද්මානි{5} තීණි පූජෙත්වා අනුභොසිං තිසම්පදං.
Sinhala BJT1491. මා විසින් බුදුරජානන් වහන්සේ මැනැවින් දක්නාලදී. වණික් කර්‍මය මැනැවින් යොදන ලදී. තුන්පියුමක් පුදා දිව්‍ය මනුෂ්‍ය නිර්‍වාණ යන ත්‍රිවිධසම්පත්තිය අනුභව කෙළෙමි.
Pali BJT1492. අජ්ජ මෙ ධම්මප්පත්තස්ස විප්පමුත්තස්ස සබ්බසො, සුපුප්ඵිතං ලොහිතකං ධාරයිස්සති මත්ථකෙ.
Sinhala BJT1492. අද නිර්‍වාණධර්‍මයට (සාක්‍ෂාත් කිරීම් වශයෙන්) පැමිණියා වූ සර්‍වාකාරයෙන් (කෙලෙසුන්ගෙන්) මිදුනා වූ මාගේ හිස මතුයෙහි මැනැවින් පිපුනු ලෙහෙවන් පියුමක් පවත්නේ ය.
Pali BJT1493. මම කම්මං{1} කථෙන්තස්ස පදුමුත්තරසත්ථුනො, සත්තපාණසහස්සානං ධම්මාභිසමයො අහු.
Sinhala BJT1493. පදුමුත්තර බුදුරජහු මාගේ කර්‍මය ප්‍රකාශ කරන කල්හි සත්දහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය විය.
Pali BJT1494. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි තිණ්ණං පදුමානිදං{2} ඵලං.
Sinhala BJT1494. මෙයින් සියක්දහස්වන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පියුම් තුණ පිදීමේ මේ ප්‍රතිථලය යී.
Pali BJT1495. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, සබ්බාසවා පරික්ඛීණා නත්ථි’දානි පුනබ්භවො.
Sinhala BJT1495. මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. සියලු ආස්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමෙක් නැත.
Pali BJT1496. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1496. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිපදුමියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිපදුමිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTතිපදුමියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTතිපදුමියස්ථවිරාවදානය දසවැනි යි
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTනාගසමාලො පදසඤ්ඤී සසඤ්ඤොලුවදායකො එකසඤ්ඤි තිණදදො සූචි පාටලිපුප්ඵියො ඨිතඤ්ජලී තිපදුමී ගාථායො පඤ්චසත්තති.
Sinhala BJTනාගසමාල පදසඤ්ඤන - බුද්ධසඤ්ඤක ආලුවදායක, ඒකසඤ්ඤ තිණදද - සූචි පාටලීපුප්ඵිය, ඨිතඤ්ජලී තිපදුමී වත්දස - පන්සැත්තෑ ගයෙක් වේ.
Pali BJTනාගසමාලවග්ගො අට්ඨමො.
Sinhala BJTනාගසමාලවර්‍ගය අටවැනි යි.
Pali BJT9. තිමිරපුප්ඵියවග්ගො
Sinhala BJT9. තිමිර වර්‍ගය
Pali BJT81. තිමිරපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT81. තිමිරපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1497. චන්දභාගානදීතීරෙ අනුසොතං වජාමහං, නිසින්නං සමණං දිස්වා විප්පසන්නමනාවිලං.
Sinhala BJT1497. මම චන්‍දභාගා නදීතීරයෙහි යටිහොයට (=ගඟ බැස යන අතට තැන් තැන්වල ලැගුම් ගණිමින්) යමි. (එකල්හි) වැඩහුන් සන්සිඳුවන ලද පව් ඇති පැහැදුනු නො කැළඹුනු සිත් ඇති බුදුරදුන් දැක-
Pali BJT1498. තත්ථ{3} චිත්තං පසාදෙත්වා එවං චින්තෙසහං තදා, “තාරයිස්සති තිණ්ණො’යං දන්තො’යං දමයිස්සති.
Sinhala BJT1498. මම එහි සිත පහදවා මෙසේ සිතීමි: “මේ (සර්‍වඥ) තෙම (සසරසයුරින්) එතෙර වූයේ (සෙස්සන් ද) එතෙර කරවන්නේ ය. මේ (සර්‍වඥ) තෙමේ දාන්ත වූයේ (සෙස්සන් ද) දමනය කරන්නේ ය.
Pali BJT1499. අස්සාසෙස්සති අස්සත්ථො සන්තො ච සමයිස්සති, මොචයිස්සති මුත්තො ච නිබ්බාපෙස්සති නිබ්බුතො”.
Sinhala BJT1499. තෙමේ අස්වැසුනේ (සෙස්සන් ද) අස්වසන්නේ ය. තෙමේ ශාන්ත වූයේ (සෙස්සන් ද) ශාන්ත කරන්නේ ය. තෙමේ මිදුනේ (සෙස්සන් ද) මුදවන්නේ ය. තෙමේ නිවුනේ (සෙස්සන් ද) නිවණට පමුණුවන්නේ ය” කියායි.
Pali BJT1500. එවං සං{4} චින්තයිත්වාන සිද්ධත්ථස්ස මහෙසිනො, ගහෙත්වා තිමිරං පුප්ඵං මත්ථකෙ ඔකිරිං අහං.
Sinhala BJT1500. මම මෙසේ සිතා සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට තිමිරමල් (=විහිදි නිල් රැසින් වනය අඳුරු වූවාක් මෙන් කරණ මල් වර්‍ගයක්) බුදුරජානන් වහන්සේගේ මත්තෙහි විසිරවීමි.
Pali BJT1501. අඤ්ජලිං පග්ගහෙත්වාන කත්වාන ච පදක්ඛිණං, වන්දිත්වා සත්ථුනො පාදෙ පක්කාමිං අපරං දිසං.
Sinhala BJT1501. ඇඳිලි බැඳ පැදකුණු කොට බුදුරජානන් වහන්සේගේ ශ්‍රී පාදයන් වැඳ බටහිරදිගට ගියෙමි.
Pali BJT1502. අචිරං ගතමත්තං මං මිගරාජා විහෙඨයී{1}, පපාතමනුගච්ඡන්තො තත්ථෙව පපතිං අහං.
Sinhala BJT1502. නොබෝ වේලාවක් ගියා වූ මා සිංහයෙක් පෙළී ය. මම ප්‍රපාතය අනු ව යන්නෙම් එහි ම වැටුනෙමි.
Pali BJT1503. චතුනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1503. මෙයින් සිවුඅනූවන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1504. ඡපඤ්ඤාසම්හි කප්පම්හි සත්තෙවාසුං මහායසා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1504. සපණස්වන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් මහත් බල ඇති සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.
Pali BJT1505. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1505. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිමිරපුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තීමිරපුප්ඵිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTතිමිරපුප්ඵියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTතීමිරපුප්ඵියස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT82. ගතසඤ්ඤකත්ථෙරාපදානං.
Sinhala BJT82. ගතසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1506. ජාතියා සත්තවස්සො’හං පබ්බජිං අනගාරියං, අවන්දිං සත්ථුනො පාදෙ විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT1506. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත ශාසනයෙහි පැවිදි වීමි. පැහැදුනු සිතින් (යුතු ව) ශාස්තෲන් වහන්සේගේ ශ්‍රීපාදයන් වැඳීමි.
Pali BJT1507. සත්ත නඞ්ගලිකීපුප්ඵෙ ආකාසෙ උක්ඛිපිං අහං, තිස්සං බුද්ධං සමුද්දිස්ස අනන්තගුණසාගරං.
Sinhala BJT1507. මම අනන්තගුණසාගරයක් වූ තිස්ස බුදුරජානන් වහන්සේ උදෙසා (නගුලෙන් සෑ බිමෙහි හටගත්{*}) නාඞ්ගලිකී පුෂ්ප (ලාඞ්ගලිකී = ලියනඟලා මල්) සතක් අහසෙහි දැමීමි.
Pali BJT1508. සුගතානුගතං{2} මග්ගං පූජෙත්වා හට්ඨමානසො අඤජලිඤ්ච තදා’කාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT1508. සතුටු සිත් ඇත්තෙම් බුදුරජුන් විසින් අනුගමනය කළ ආර්‍ය්‍ය මාර්‍ගයට පහන්සිත් ඇත්තෙම් පුදා සියතින් ඇඳිලි කෙළෙමි.
Pali BJT1509. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1509. මෙයින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1510. ඉතො අට්ඨමකෙ කප්පෙ තයො අග්ගිසිබා අහුං, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1510. මෙයින් අටවැනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති අග්ගිසිඛ නම් සක්විතිරජවරු තිදෙනෙක් වූහ.
Pali BJT1511. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1511. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගතසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගතසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTගතසඤ්ඤකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTගතසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි