Pali BJT1376. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1376. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පරප්පසාදකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පරප්පසාදක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTපරප්පසාදකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTපරප්පසාදකස්ථවිරාවදානය සිවුවැනියි.
Pali BJT65. භිසදායකත්ථෙරාපදානං
Sinhala BJT65. භිසදායක ස්ථවිරාවදානය
Pali BJT1377. වෙස්සභූ නාම නාමෙන ඉසීනං තතියො අහු, කානනං වනමොගය්හ විහාසි පුරිසුත්තමො.
Sinhala BJT1377. (එක් කපක වූ) බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් නමින් වෙස්සභූ නම් විය. පුරුෂෝත්තම වූ ඒ බුදුරජ තෙම මහවනයට පිවිස එහි විසී ය.
Pali BJT1378. භිසං මුලාලං ගණ්හිත්වා අගමං{8} බුද්ධසන්තිකං, තං ච බුද්ධස්ස පාදාසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT1378. නෙළුඹල ද නෙළුඹුදඬු ද ගෙණ බුදුරජානන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන් වූයෙම් සියසොඬින් එය බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT1379. කරෙන ච පරාමට්ඨො වෙස්සභූවරබුද්ධිනා, සුඛාහං නාභිජානාමි සමං තෙන තතුත්තරිං.
Sinhala BJT1379. උතුම් නුවණැති වෙස්සභූ බුදුරජානන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් පරාමර්‍ශනය කරන (=පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නො දනිමි. එයට වැඩි සැපයක් නම් කොයින් ද?
Pali BJT1380. චරිමො වත්තතෙ මය්හං භවා සබ්බෙ සමූහතා, හත්ථිනාගෙන සන්තෙන කුසලං රොපිතං මයා.
Sinhala BJT1380. සියලු භවයෝ නසන ලදහ. මාගේ මේ අන්තිම භවය වේ. එකල හස්තිරාජයකු වූ මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරනලදි.
Pali BJT1381. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි භිසදානස්සිදං ඵලං.
Sinhala BJT1381. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. නෙළුඹලදානයාගේ මේ විපාක ය යි.
Pali BJT1382. සමොධානා ච රාජානො සොළස මනුජාධිපා, කප්පම්හි තෙරසෙ ආසුං චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1382. තෙළෙස්වන කපෙහි මහත් බල ඇති සමෝධාන නමින් මනුජාධිපති වූ සොළොස් සක්විති රජකෙනෙක් වූහ.
Pali BJT1383 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1383. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භිසදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යි.
Pali BJTභිසදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTභිසදායකස්ථවිරාවදානය පස්වැනියි.
Pali BJT66. සුචින්තිතත්ථෙරාපදානං
Sinhala BJT66. සුචින්තිත ස්ථවිරාවදානය
Pali BJT1384. ගිරිදුග්ගචරො ආසිං අභිජාතොව කෙසරී, මිගසංඝං වධිත්වාන ජීවාමි පබ්බතන්තරෙ.
Sinhala BJT1384. (මම) විශිෂ්ට ජන්ම ඇති කේශරසිංහ රාජයෙකු වැනි දුර්‍ගයන්හි හැසිරෙන නේසාදයෙක් (=වැද්දෙක්) වීමි. මෘග සමූහයා මරාගෙණ කඳු අතරෙහි ජීවත් වෙමි.
Pali BJT1385. අත්ථදස්සී තු භගවා සබ්බඤ්ඤූ වදතං වරො, මමුද්ධරිතුකාමො සො ආගච්ඡි පබ්බතුත්තමං.
Sinhala BJT1385. සර්‍වඥ වූ වාදීවර වූ ඒ අත්‍ථදස්සී භාග්‍යවත්තෙම මා (පවින්) නගා සිටුවනු කැමැත්තේ උතුම් පර්‍වතයට වැඩියේය.
Pali BJT1386. පසදඤ්ච මිගං හන්ත්වා භක්ඛිතුං සමුපාගමිං, භගවා තම්හි සමයෙ භික්ඛමානො{1} උපාගමි.
Sinhala BJT1386. පසදමෘගයකු (තිත්මුවකු) මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්‍යවත් තෙමේ පිඬු සිඟමින් (එතැනට) වැඩියේය.
Pali BJT1387. වරමංසානි පග්ගය්හ අදාසිං තස්ස සත්ථුනො, අනුමොදි මහාවීරො නිබ්බාපෙන්තො මමං තදා.
Sinhala BJT1387. උතුම් මස්ගෙණ (මම) ඒ ශාස්තෲන් වහන්සේට දිනිමි. මහා වීර වූ බුදුරජානන් වහන්සේ එකල්හි සිත නිවමින් අනුමෝදනා කළසේක.
Pali BJT1388. තෙන චිත්තප්පසාදෙන ගිරිදුග්ගං පවීසහං, පීතිං උප්පාදයිත්වාන තත්ථ කාලකතො අහං.
Sinhala BJT1388. මම ඒ චිත්තප්‍රසාදයෙන් යුතු ව ගිරිදුර්‍ගයට පිවිසියෙමි. ප්‍රීතිය උපදවා එහි කලුරිය කෙළෙමි.
Pali BJT1389. එතෙන මංසදානෙන චිත්තස්ස පණිධීහි ච, පණ්ණරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිං අහං.
Sinhala BJT1389. මේ මස්දෙන හේතු කොට ගෙණ ද, චිත්තප්‍රණිධීන් (=ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද, එක්දහස් පන්සිය කපක් දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
Pali BJT1390. අවසෙසෙසු කප්පෙසු කුසලං නිචිතං{2} මයා, තෙනෙව මංසදානෙන බුද්ධානුස්සරණෙන ච.
Sinhala BJT1390-1391. අවශේෂ කල්පයන්හි ද මා විසින් කුසල් රැස් කරණ ලදි. එම මාංශදානයෙන් ද බුදුගුණ සිහි කිරීමෙන් ද, අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අට දෙනෙක් වූහ. මෙයින් කල්ප සදහසකින් පෙර වරුණ නමින් රජවරු දෙදෙනෙක් වූහ.
Pali BJT1391. අට්ඨතිංසම්හි කප්පම්හි අට්ඨ දීඝායුනාමකා, සට්ඨිම්හි’තො කප්පසතෙ දුවෙ වරුණනාමකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1392 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1392. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුචින්තිතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTසුචින්තිතත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTසුචින්තිතස්ථවිරාවදානය සවැනියි.
Pali BJT67. වත්ථදායකත්ථෙරාපදානං
Sinhala BJT67. වත්‍ථදායක ස්ථවිරාවදානය
Pali BJT1393. පක්ඛිජාතො තදා ආසිං සුවණ්ණො ගරුළාධිපො, අද්දසං විරජං බුද්ධං ගච්ඡන්තං ගන්ධමාදනං.
Sinhala BJT1393. (මම) පක්‍ෂියෝනියෙහි උපන්නේ මනා පැහැ ඇති ගුරුළු රජෙක් වීමි. එකල්හි ගන්‍ධමාදන පර්‍වතයට වඩින්නා වූ බැහැර කළ කෙලෙස් රජස් ඇති බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1394. ජහිත්වා ගරුළං{1} වණ්ණං මාණවකං අධාරයිං, එකං වත්ථං මයා දින්නං දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT1394. (දැක) ගුරුළු වෙස හැර මාණවක වෙසක් දැරීමි. තාදිගුණ ඇති ද්විපදෝත්තම බුදුරජානන් වහන්සේ ට මා විසින් එක් වස්ත්‍රයක් දෙනලදි.
Pali BJT1395. තඤ්ච දුස්සං පටිග්ගය්හ බුද්ධො ලොකග්ගනායකො, අන්තළික්ඛෙ ඨිතො සත්ථා ඉමං ගාථං අභාසථ:
Sinhala BJT1395. ලෝකයෙහි අසහාය නායක වූ ශාස්තෘ වූ බුදුරජ තෙම ඒ වස්ත්‍රය පිළිගෙන අහසෙහි සිටියේ මේ ගාථාව දෙසීය:
Pali BJT1396. “ඉමිනා වත්ථදානෙන චිත්තස්ස පණිධීහි ච, පහාය ගරුළං යොනිං දෙවලොකෙ රමිස්සති.”
Sinhala BJT1396. “මේ වස්ත්‍රදානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙණ ද ගුරුළු අත්බව හැර දෙව්ලොව සිත් අලවා වසන්නේය.”
Pali BJT1397. අත්ථදස්සී තු භගවා ලොකජෙට්ඨො නරාසභො, වත්ථදානං පසංසිත්වා පක්කාමි උත්තරාමුඛො.
Sinhala BJT1397. ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ වස්ත්‍රදානය පසසා උතුරු දිගට මුහුණ ලා වැඩියේය.
Pali BJT1398. භවෙ තිබ්බත්තමානම්හි හොන්ති මෙ වත්ථසම්පදා, ආකාසෙ ඡදනං හොති වත්ථදානස්සිදං ඵලං.
Sinhala BJT1398. භවයෙහි උපදින කල්හි මට වස්තුසම්පත් (ඇති) වේ. අහසෙහි වියනත් ඇති වේ. වස්තුදානයාගේ මේ විපාකය යි.
Pali BJT1399. අරුණකා{2} සත්ත ජනා චක්කවත්තී මහබ්බලා, ඡත්තිංසතිම්හි කප්පම්හි ආසිංසු මනුජාධිපා.
Sinhala BJT1399. සතිස්වන කපෙහි මනුෂ්‍යාධිපති වූ මහත් බල ඇති අරුණක නම ඇති සක්විති රජවරු සත්දෙනෙක් වූහ.
Pali BJT1400 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1400. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා වත්ථදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් වත්‍ථදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTවත්ථදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTවත්‍ථදායකස්ථවිරාවදානය සත්වැනියි.
Pali BJT68. අම්බදායකත්ථෙරාපදානං
Sinhala BJT68. අම්බදායක ස්ථවිරාවදානය
Pali BJT1401. අනොමදස්සී භගවා නිසින්නො පබ්බතන්තරෙ, මෙත්තාය අඵරී ලොකං අප්පමාණං නිරූපධි.
Sinhala BJT1401. හිමවත් පර්‍වතාන්තරයෙහි වැඩහුන් උපධිරහිත වූ අනෝමදස්සී බුදුරජතෙම අප්‍රමාණ වූ (සත්ත්‍ව) ලෝකයෙහි මෛත්‍රිය පැතිරවීය.
Pali BJT1402. කපි අහං තදා ආසිං හිමවන්තෙ නගුත්තමෙ, දිස්වා අනොමං අමිතං බුද්ධෙ චිත්තං පසාදයිං.
Sinhala BJT1402. එකල්හි මම උතුම් හිමවත් පව්වෙහි වඳුරෙක් වීමි. අලාමක වූ අපමණ ගුණ ඇති (උන්වහන්සේ) දැක ඒ බුදුරදුන් කෙරෙහි සිත පැහැදවීමි.
Pali BJT1403. හිමවතන්තස්ස අවිදූරෙ{3} අම්බාසුං ඵලිනො තදා, තතො පක්කං ගහෙත්වාන අම්බං සමධුකං අදං.
Sinhala BJT1403. එකල්හි හිමවතට නුදුරු තන්හි පලගත් අඹරුක් වූහ. එයින් අඹගෙඩියක් මීවදයක් සහිතව බුදුරජානන් වහන්සේට දිනිමි.
Pali BJT1404. තම්මෙ බුද්ධො වියාකාසි අනොමදස්සී මහාමුනි, “ඉමිනා මධුදානෙන අම්බදානෙන චූභයං.
Sinhala BJT1404-1405. අනෝමදස්සී බුදුරජානන් වහන්සේ මට මෙසේ ප්‍රකාශ කළසේක: “මේ මීවද දානයෙන් ද අඹදානයෙන් ද යන දෙකින් මෙතෙම සත් පණස් කපක් මුළුල්ලෙහි දවේලොව සිත් අලවා වසන්නේ ය. සෙසු කල්පයන්හි (දිව්‍යමනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍රවශයෙන් සැරිසරන්නේ ය.
Pali BJT1405. සත්තපඤ්ඤාස කප්පානි දෙවලොකෙ රමිස්සති, අවසෙසෙසු කප්පෙසු වොකිණ්ණං සංසරිස්සති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1406. ඛෙපෙත්වා පාපකං කම්මං පරිපක්කාය බුද්ධියා, විනිපාතමගන්ත්වාන{4} කිලෙසෙ ඣාපයිස්සති.”
Sinhala BJT1406. පිරිපැසුනු නුවණින් පව්කම් ගෙවා දුගතියකට නොගොස් කෙලෙස් දවන්නේ ය.” (කියායි.)
Pali BJT1407. දමෙන උත්තමෙනාහං දමිතො’මබි මහෙසිනා, පත්තො’ම්භි අචලං{5} ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT1407. මම මහර්ෂීන් වහන්සේ විසින් උත්තම වූ දමනයෙන් (රහත් බැවින්) දමනය කරණ ලදුයේ වෙමි. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙම්.
Pali BJT1408. සත්තසත්තතිකප්පසතෙ අම්බට්ඨජ සනාමකා, චතුද්දසා තෙ රාජානො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1408. සත්දහස්සත්සියවන කපෙහි මහත් බල ඇති අම්බට්ඨ නම් වූ ඒ තුදුස් සක්විති රජවරු වූහ.
Pali BJT1409. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1409. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අම්බදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අම්බදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTඅම්බදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTඅම්බදායකස්ථවිරාවදානය අටවැනියි.
Pali BJT69. සුමනත්ථෙරාපදානං
Sinhala BJT69. සුමන ස්ථවිරාවදානය
Pali BJT1410. සුමනො නාම නාමෙන මාලාකාරො අහං තදා අද්දසං විරජං බුද්ධං ලොකාහුතිපටිග්ගහං{1}
Sinhala BJT1410. මම එකල්හි නමින් සුමන නම් වූ මල්කරුවෙක් වීමි. (ඒ මම) කෙලෙස් රජස් රහිත ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ නෙහොත් පූජාවනට ගෙයක් වැනි වූ සිඛී බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1411. උභො හත්ථෙහි පග්ගය්හ සුමනං පුප්ඵමුත්තමං, බුද්ධස්ස අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJT1411. දෝතින් උතුම් සමන් මල් ගෙණ සිඛී බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT1412. ඉමාය පුප්ඵපූජාය චෙතනාපණිධීහි ච, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT1412. මේ මල්පූජාව හේතු කොට ගෙණ ද චිත්තප්‍රණිධීන් (ප්‍රාර්‍ත්‍ථනාවන්) හේතු කොට ගෙණ ද දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1413. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵම්භිරොපයිං. දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT1413. මෙයින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1414. ඡබ්බීසතිම්හි කප්පම්හි චත්තාරොසුං{2} මහායසා, සත්තරතනසම්පන්නා රාජානො චක්කවත්තිනො.
Sinhala BJT1414. සවිසිවන කපෙහි මහත් යශස් ඇති සත්රුවනින් යුත් සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.
Pali BJT1415. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1415. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුමනො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTසුමනත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසුමනස්ථවිරාවදානය නවවැනියි.
Pali BJT70. පුප්ඵචඞ්ගොටියත්ථෙරාපදානං
Sinhala BJT70. පුප්ඵචඞ්ගොටිය ස්ථවිරාවදානය
Pali BJT1416. අභීතරූපං සීහංව අභිජාතංව කෙසරිං, ව්යග්ඝූසභංව පවරං ගරුළග්ගංව පක්ඛිනං.{*}
Sinhala BJT1416. උත්තම ජන්මවත් අභීත ස්වභාවය ඇති කේශර සිංහරාජයකු මෙන් ද, උතුම් ව්‍යාඝ්‍රයෙකු මෙන් ද, පක්‍ෂීන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වූ ගුරුළකු මෙන් ද,
Pali BJT1417. සිඛිං තිලොකසරණං අනෙජං අපරාජිතං, නිසින්නං සමණානග්ගං භික්ඛුසංඝපුරක්ඛතං.
Sinhala BJT1417-1418. කෙලෙස් රහිත වූ පස්මරුන් දිනුවා වූ ශ්‍රමණයනට අග්‍ර වූ භික්‍ෂුසංඝයා පිරිවරා හුන් තිලොවට පිළිසරණ වූ සිඛී බුදුරජානන් වහන්සේට උතුම් කටුකරඬු මල් ගොටුවක තබා ගොටුව ද සමග පිදීමි.
Pali BJT1418. වඞ්ගොටකෙ ඨපෙත්වාන අනොජං පුප්ඵමුත්තමං, සහ චඞ්ගොටකොනෙව බුද්ධසෙට්ඨං සමොකිරිං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1419. තෙන චිත්තප්පසාදෙන දිපදින්දෙ නරාසභෙ{3} පත්තො’ම්භි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT1419. ද්විපදෝත්තම වූ නරශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේ කෙරෙහි එම චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ ජයපරාජය දෙක ම (හැර) නිශ්චලස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
Pali BJT1420. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1420. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාක ය යි.
Pali BJT1421. සම්පුණ්ණෙ තිංසකප්පම්භි දෙවභූතිසනාමකා, සත්තරතනසම්පන්නො පඤ්චාසුං චක්කවත්තිනො.
Sinhala BJT1421. තිස්කපක් සම්පූර්‍ණ වූ කල්හි සත්රුවනින් යුත් දේවභූති නම් සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
Pali BJT1422. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1422. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුප්ඵචඞ්ගොටියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵවඞ්ගොටිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTපුප්ඵචඞ්ගොටියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTපුප්ඵචඞ්ගොටියස්ථවිරාවදානය දසවැනියි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසකවින්තී අවොපුප්ඵි පච්චාභිගමනෙන ච පරප්පසාදී භිසදො සුචින්තී වත්ථදායකො අම්බදායී ච සුමනො පුප්ඵචඞ්ගොටියො’පි ච ගාථෙකසත්තතී වුත්තා ගණිතා අත්ථදස්සිහි.
Sinhala BJTසකචින්තිය ආවොපුපඵිය - පච්චාගමනීය ද, පරප්පවාදිය භිසදය - සුචින්තිය වත්‍ථදායකය, අම්බදායක සුමනය - පුප්ඵචඞ්ගොටිය දස ගී එක්සැත්තෑවකින් - පිඬුකොට මෙහි කියන ලදි.
Pali BJTසකවිත්තනියවග්ගො සත්තමො.
Sinhala BJTසකවින්තනියවර්‍ගය සත්වැනියි.
Pali BJT8. නාගසමාලවග්ගො
Sinhala BJT8. නාගසමාල වර්‍ගය
Pali BJT71. නාගසමාලගත්ථෙරාපදානං
Sinhala BJT71. නාගසමාල ස්ථවිරාවදානය
Pali BJT1423. ආපාටලිං{1} අහං පුප්ඵං උච්චිතස්මිං මහාපථෙ,{2} ඵූපම්භි අභිරොපෙසිං සිඛිනො ලොකබන්ධුනො.
Sinhala BJT1423. මම (නගරවාසීන්ගේ වැඳුම් පිදුම් සඳහා) නගරමැද වීථියෙහි (ගඩොල් ආදියෙන්) නිමවනලද සිඛී බුදුරජුන්ගේ ස්තූපයෙහි ආදර සහිතව පළොල්මලක් ගෙණ පිදීමි.{*}
Pali BJT1424. එකතිංසෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ථූපපූජායිදං ඵලං.
Sinhala BJT1424. මෙයින් එක්තිස්වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1425. ඉතො පණ්ණරසෙ කප්පෙ භූමියො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1425. මෙයින් පසළොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භූමිය නම් සක්විති රජෙක් වීමි.
Pali BJT1426 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1426. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා නාගසමාලො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTනාගසමාලත්ථෙරස්ස අපදානං පඨමං.{*}
Sinhala BJTනාගසමාලස්ථවීරාවදානය පළමුවැනි යි.
Pali BJT72. පදසඤ්ඤකත්ථෙරාපදානං
Sinhala BJT72. පදසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1427. අක්කන්තං ච පදං දිස්වා තිස්සස්සාදිච්චබන්ධුනො. හට්ඨො හට්ඨෙන චිත්තෙන පාදෙ චිත්තං පසාදයිං.
Sinhala BJT1427. තිස්ස බුදුරජානන් වහන්සේගේ ඇක්මුනු පදලස් දැක සතුටු වූයේ සතුටු සිතින් ඒ ශ්‍රීපාදයෙහි සිත පැහැදවීමි.
Pali BJT1428. දෙවනවුතෙ ඉතො කප්පෙ යං සඤ්ඤමලභිං තදා, දුග්ගතිං නාභිජානාමි පදසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1428. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි (ශ්‍රීපාදය පිළිබඳ) යම් සංඥාවක් ලැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පදසංඥාවෙහි (සිරිපාසටහන් පිදීමෙහි) මේ විපාකය යි.
Pali BJT1429. ඉතො සත්තමකෙ කප්පෙ සුමෙධො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1429. මෙයින් සත්වන කපෙහි වූ සත්රුවනින් යුත් මහත් බලඇති සුමේධ නම් සක්විති රජෙක් වි ය.
Pali BJT1430 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1430. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේ ගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTපදසඤ්ඤකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTපදසඤ්ඤකස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT73. බුද්ධසඤ්ඤකත්ථෙරාපදානං{1}
Sinhala BJT73. බුද්ධසඤ්ඤක ස්ථවිරාවදානය
Pali BJT1431. දුමග්ගෙ පංසුකූලිකං ලග්ගං දිස්වාන සත්ථුනො, තතො තමඤ්ජලිං කත්වා පංසුකූලං අවන්දහං.
Sinhala BJT1431. ගසක් මුදුනෙහි ලැගුනු බුදුරජානන් වහන්සේගේ පවුල් සිවුර දැක ඉක්බිති එයට ඇඳිලි බැඳ මම ඒ පවුල්සිවුර වැන්දෙමි.
Pali BJT1432. ද්වෙ නවුතෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධසඤ්ඤායිදං ඵලං.
Sinhala BJT1432. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධ ය යන හැඟීමෙහි මේ විපාකයයි.
Pali BJT1433. ඉතො චතුත්ථකෙ කප්පෙ දුමසාරො’සි ඛත්තියො{2} චාතුරන්තො විජිතාවී චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1433. මෙයින් සිවුවැනි කපෙහි සිවුමහ සයුර කෙළවර කොට ඇති පොළවට අධිපති වූ සතුරුරජුන් ජයගත්තා වූ මහත් බලඇති දුමසාර නම් සක්විති රජෙක් වී ය. (=වීමි)
Pali BJT1434. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1434. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා බුද්ධසඤ්ඤකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්ධසඤ්ඤක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTබුද්ධසඤ්ඤකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTබුද්ධසඤ්ඤකස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT74. භිසාලුවදායකත්ථෙරාපදානං
Sinhala BJT74. භිසාලුවදායක ස්ථවිරාවදානය
Pali BJT1435. කානනං වනමොගය්හ වසාමි විපිනෙ{3} අහං, විපස්සිං අද්දසං බුද්ධං ආහුතීනං පටිග්ගහං.
Sinhala BJT1435. මම මහවනයට පිවිස (එම) වනයෙහි වසමි. ලෝවැසියන්ගේ පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවට ගෙයක් වැනි වූ විපස්සී බුදුරජානන් වහන්සේ දිටිමි.
Pali BJT1436. භිසාලුවඤ්ච පාදාසිං උදකං හත්ථධොවනං, වන්දිත්වා සිරසා පාදෙ පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT1436. (උන්වහන්සේට) අත දෝනා දිය ද නෙළුඹල ද පිදීමි. (ඉක්බිති) හිස නමා (උන්වහන්සේගේ) ශ්‍රීපාදයන් වැඳ උතුරුදිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT1437. එකනවුතෙ ඉතො කප්පෙ භිසාලුවමදං තදා, දුග්ගතිං නාභිජානාමි පුඤ්ඤාකම්මස්සිදං ඵලං.
Sinhala BJT1437. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි නෙළුඹල දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ ඒ පුණ්‍යකර්‍මයාගේ විපාකය යි.
Pali BJT1438. ඉතො තතියකෙ කප්පෙ භිසසම්මතඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1438. මෙයින් තෙවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති භිස නම් සක්විති රජෙක් විය (=වීමි).
Pali BJT1439. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1439. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාන්න වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භිසාලුවදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසාලුවදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTභිසාලුවදායකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTභිසාලුවදායකස්ථවිරාවදානය සිවුවැනියි.