Pali BJT1304. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තරනාමකො, පිණ්ඩපාතං ථවිත්වාන{10} පක්කාමි උත්තරාමුඛො.
Sinhala BJT1304. පදුමුත්තර නම් වූ බුදුරජහු මෙය වදාරා පිණ්ඩපාතය පසසා උතුරුදෙසට මුහුණ ලා වැඩියහ.
Pali BJT1305. සංවුතො පාතිමොක්ඛස්මිං ඉන්ද්රියෙසු ච පඤ්චසු, පවිවෙකමනුයුත්තො විහරාමි අනාසවො.
Sinhala BJT1305. ප්‍රාතිමෝක්‍ෂයෙහි ද පසිඳුරන් විෂයයෙහි ද සංවෘත වූයෙම් ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1306 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1306. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සපරිවාරාසනො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරාසන ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් දේශනා කළ සේක් යී.
Pali BJTසපරිවාරාසනත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTසපරිවාරාසන ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT57. පඤ්චදීපකත්ථෙරාපදානං
Sinhala BJT57. පඤ්චදීපක ස්ථවිරාවදානය
Pali BJT1307. පදුමුත්තරබුද්ධස්ස සබ්බභූතානුකම්පිනො, සුසණ්ඨහිත්වා{1} සද්ධම්මෙ උජුදිට්ඨි අහොසහං.
Sinhala BJT1307. මම සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පී වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ සද්ධර්‍මයෙහි මනා ව පිහිටා ඍජු වූ දෘෂ්ටි ඇත්තෙම් වීමි.
Pali BJT1308. පදීපදානං පාදාසිං පරිවාරෙත්වාන බොධියං, සද්දහන්තො පදීපානි අකරිං තාවදෙ අහං.
Sinhala BJT1308. බෝධිය වට කොට ප්‍රදීපදානයක් දිනිමි. (පහන් පූජාවක් කෙළෙමි). එකෙණෙහි (කර්‍මඵල) අදහමින් පහන් දැල්වීමි.
Pali BJT1309. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, ආකාසෙ උක්කං ධාරෙන්ති දීපදානස්සිදං ඵලං.
Sinhala BJT1309. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ පුණයකර්‍ම හේතුවෙන්) අහසෙහි දඬුවැටපහන් දරත්. ප්‍රදීපදානයාගේ මේ විපාකය යි.
Pali BJT1310. තිරොකුඩ්ඩං තිරොසෙලං සමතිග්ගය්හ පබ්බතං, සමන්තා යොජනසතං දස්සනං අනුභොමහං.
Sinhala BJT1310. පර්‍වතය ද ඉක්මවා බිත්තියෙන් පිටත ද ගල්පව්වෙන් පිටත ද හාත්පස යොදුන් සියක් තැන වූ සියල්ල දර්‍ශනය කරමි.
Pali BJT1311. චතුත්තිංසෙ කප්පසතෙ සතචක්ඛුසනාමකා, රාජා’හෙසුං මහාතෙජා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1311. තුන්දහස්සිවුසියවන කපෙහි සතචක්ඛු යන නම් ඇති මහාතේජස් ඇති මහත් බල ඇති සක්විතිරජවරු වූහ.
Pali BJT1312. තෙන කම්මාවසෙසෙන පත්තො’ම්භි ආසවක්ඛයං, ධාරෙමි අන්තිමං දෙහං දිපදින්දස්ස සාසනෙ.
Sinhala BJT1312. ඒ කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් ආස්‍රවක්‍ෂයයට පැමිණියෙම් වෙමි. සර්‍වඥශාසනයෙහි අන්තිමශරීරය (=අන්තිම ආත්මය) දරමි.
Pali BJT1313 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1313. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පඤ්චදීපකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාතී.
Sinhala BJTමෙහි මේ අයුරින් පඤ්චදීපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේකි.
Pali BJTපඤ්චදීපක{*}ත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTපඤ්චදීපක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT58. ධජදායකත්ථෙරාපදානං
Sinhala BJT58. ධ්වජදායක ස්ථවිරාවදානය
Pali BJT1314. පදුමුත්තරබුද්ධස්ස බොධිම්හි පාදපුත්තමෙ, හට්ඨො හට්ඨෙන චිත්තෙන ධජමාරොපයිං අහං.
Sinhala BJT1314. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටු වූයෙම් සතුටු සිතින් ම ධජයක් නැංවීමි.
Pali BJT1315. පතිත{2}පත්තානි ගණ්හිත්වා බහිද්ධා ඡඩ්ඩයිං අහං, අන්තොසුද්ධං බහිසුද්ධං අධිමුත්තමනාසවං, සම්මුඛා විය සම්බුද්ධං අවන්දිං බොධිමුත්තමං.
Sinhala BJT1315. (බෝධියෙන්) වැටුනු කොළ ගෙන බැහැර ලීමි. ඇතුළත පිරිසිදු පිටත ද පිරිසිදු වූ අධිමුක්ත (නිශ්චයබුද්ධිසහිත) වූ ආස්‍රව රහිත වූ බුදුරජානන් වහන්සේ හමුයෙහි වඳින්නාක් මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
Pali BJT1316. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1316. පූජාවන් පිළිගන්නා වූ නොහොත් ලෝවැස්සන්ගේ පූජාවනට ගෙයක් වැනි වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද වැඩහිඳ මේ ගාථාවන් වදාළසේක:
Pali BJT1317. “ඉමිනා ධජදානෙන උපට්ඨානෙන චූභයං, කප්පානං සතසහස්සං දුග්ගතිං සො න ගච්ඡති.
Sinhala BJT1317. “මේ ධ්වජපූජායෙන් ද උපස්ථානයෙන් ද යන මේ දෙකින් හෙතෙම කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියට නො යයි.
Pali BJT1318. දෙවෙසු දෙවසොභග්ගං{1} අනුභොස්සතනප්පකං, අනෙකසතක්ඛත්තුඤ්ච රාජා රට්ඨෙ භවිස්සති, උග්ගතො නාම නාමෙන චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1318. දෙවියන් අතර බොහෝ වූ දිව්‍යසෞභාග්‍යය (=සම්පත්) අනුභව කරන්නේ ය. නොයෙක් සියගණන් වාරයන්හි රටෙහි රජ වන්නේ ය. උග්ගත නම් වූ සක්විතිරජෙක් ද වන්නේ ය.
Pali BJT1319. සම්පත්තිං අනුභොත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ’භිරමිස්සති”.
Sinhala BJT1319. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ සම්පත් අනුභව කොට ගෞතම බුදුරජානන් වහන්සේගේ සස්නෙහි සිත අලවා වාසය කරන්නේ ය” (කියා යි).
Pali BJT1320. පධානපහිතත්තො’ම්හි උපසන්තො නිරූපධි, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1320. උපශාන්ත වූයෙම් උපධි රහිත වූයෙම් ප්‍රධන්විර්‍ය්‍යයෙහි මෙහෙයූ සිතැත්තෙම් වෙමි. සර්‍වඥශාසනයෙහි අන්තිමශරීරය දරමි.
Pali BJT1321. එකපඤ්ඤාසසහස්සෙ කප්පෙ උග්ගතසව්හයො, පඤ්ඤාසතිසහස්සෙ{2} ඛත්තියො මෙඝසව්හයො.
Sinhala BJT1321. පණස්එක්දහසක් වන කපෙහි උග්ගත නම් රජෙක් වීමි. (එසේ ම) පනස්දහස් කපෙහි මේඝ නම් රජෙක් වීමි.
Pali BJT1322. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1322. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සස්න කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ධ්වජදායකස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTධජදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
Sinhala BJTධ්වජදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT59. පදුමත්ථෙරාපදානං
Sinhala BJT59. පද්ම ස්ථවිරාවදානය
Pali BJT1323. චතුසච්චං පකාසෙන්තො වරධම්මප්පවත්තකො{3}, වස්සතෙ අමතං වුට්ඨිං නිබ්බාපෙන්තො මහාජනං.
Sinhala BJT1323. උත්තම ධර්‍මප්‍රකාශක පදුමුත්තර බුදුරජ තෙම චතුස්සත්‍යය දෙසමින් මහාජනයාගේ (කෙලෙස්ගිනි) නිවමින් අමාවැසි වස්වයි.
Pali BJT1324. සදණ්ඩං{4} පදුමං ගය්හ අඩ්ඪකොසෙ ඨිතො අහං, පදුමුත්තරමුනිස්ස හට්ඨො උක්ඛිපිමම්බරෙ.
Sinhala BJT1324. නැතුව සහිත පියුමක් ගෙණ මුදුන් මැදිරියක සිටි මම සතුටු වූයෙම් පදුමුත්තර බුදුරජානන් වහන්සේට (පූජා පිණිස) අහසෙහි දැමීමි.
Pali BJT1325. ආගච්ඡන්තෙ ච පදුමෙ අබ්භුතො ආසි තාවදො, මම සඞ්කප්පමඤ්ඤාය පග්ගණ්හි වදතං වරො.
Sinhala BJT1325. එකෙණෙහි පියුම පහතට වැටෙන කල්හි ආශ්චර්‍ය්‍යයෙක් විය. වාදිවර වූ බුදුරජහු මාගේ අදහස දැන එය පිළිගත්හ.
Pali BJT1326. කරසෙට්ඨෙන පග්ගය්හ ජලජං පුප්ඵමුත්තමං, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1326. උතුම් පියුම දකුණු අතින් ගෙන බුදුරජහු බික්සඟන මැද හිඳ මේ ගාථාවන් වදාළහ:
Pali BJT1327. “යෙනිදං පදුමං ඛිත්තං සබ්බඤ්ඤූම්හි විනායකෙ{5}, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1327. “විනායක (නිවණට පමුණුවන්නා) වූ සර්‍වඥයන් වහන්සේ කෙරෙහි යමකු විසින් මේ පියුම (උඩට) දමන ලද ද, මම ඔහු ප්‍රකට කොට කියමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT1328. තිංස කප්පානි දෙවින්දො දෙවරජ්ජං කරිස්සති, පථව්යා රජ්ජං සත්තසතං වසුධං ආවසිස්සති.
Sinhala BJT1328. තිස්කපක් මුළුල්ලෙහි ශක්‍රදේවේන්‍ද්‍ර ව දෙව්රජය කරන්නේ ය. සත්සියවරක් පෘථිවිරාජ්‍යය (කරණුයේ) පොළොවෙහි වාසය කරන්නේ ය.
Pali BJT1329. තත්ථ පත්තං ගණෙත්වාන{6} චක්කවත්තී භවිස්සති, ආකාසතො පුප්ඵවුට්ඨි අභිවස්සිස්සති තදා.
Sinhala BJT1329. එහි පියුම් පත් ගැණ (එම පත් ගණනින්) සක්විතිරජ වන්නේ ය. එකල්හි අහසින් මල්වැසි වසින්නේ ය.
Pali BJT1330. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT1330. (මෙයින්) කල්ප ලක්‍ෂයක් ඉක්ම ගිය කල ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘහු ලොව පහළ වන්නාහ.
Pali BJT1331. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.”
Sinhala BJT1331. උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාද වූයේ ඖරස බුද්ධපුත්‍ර වූයේ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූයේ සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් (දැන) දුරු කොට ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය” (කියායි).
Pali BJT1332. නික්ඛමිත්වාන කුච්ඡිම්හා සම්පජානො පතිස්සතො, ජාතියා පඤ්චවස්සො’හං අරහත්තමපාපුණිං.
Sinhala BJT1332. සිහිනුවණින් යෙදී මවුකුසින් බිහි ව උත්පත්තියෙන් පස් හැවිරිදි කල්හි මම රහත් බවට පැමිණියෙමි.
Pali BJT1333 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1333. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTපදුමත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTපදුමස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT60. අසනබොධියත්ථෙරාපදානං
Sinhala BJT60. අසනබෝධිය ස්ථවිරාවදානය
Pali BJT1334. ජාතියා සත්තවස්සො’හං අද්දසං ලොකනායකං, පසන්නචිත්තො සුමනො උපගච්ඡිං නරුත්තමං.
Sinhala BJT1334. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම (තිස්ස) බුදුරජානන් වහන්සේ දිටිමි. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් තථාගතයන් වහන්සේ වෙත එළඹුනෙමි.
Pali BJT1335. තිස්සස්සාහං භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, හට්ඨො හට්ඨෙන චිත්තෙන රොපයිං බොධිමුත්තං.
Sinhala BJT1335. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදිගුණ ඇති තිස්ස බුදුරජානන් වහන්සේට සතුටු වූයෙම් සතුටු සිතින් (උන්වහන්සේගේ පියාබෝරුකින් ඵලයක් ගෙණ) උතුම් බෝධියක් රෝපණය කෙළෙමි.
Pali BJT1336. අසනො නාමධෙය්යෙන ධරණීරුහපාදපො, පඤ්ච වස්සෙ පරිචරිං අසනං බොධිමුත්තමං.
Sinhala BJT1336. එය නමින් අසන (=පියා) නම් වූ බෝධිවෘක්‍ෂය යි. ඒ උතුම් බෝරුක පස්වසක් පරිවරණය (=පෝෂණය) කෙළෙමි.
Pali BJT1337. පුප්ඵිතං පාදපං දිස්වා අබ්භුතං ලොමහංසනං, සකං කම්මං පකිත්තෙන්තො බුද්ධසෙට්ඨං උපාගමිං.
Sinhala BJT1337. ආශ්චර්‍ය්‍ය වූ ලොමුදහගන්වන්නා වූ පිපුනු පියාබෝරුක දැක ස්වකීයකර්‍මය ප්‍රකාශ කරන්නෙම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹුනෙමි.
Pali BJT1338. තිස්සො තදා සො සම්බුද්ධො සයම්භූ අග්ගපුග්ගලො, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1338. එකල්හි සියල්ල තෙමේ ම දැනගත්තා වූ අග්‍රපුද්ගල වූ ඒ තිස්ස සර්‍වඥ තෙමේ භික්‍ෂුසඞ්ඝයා මැද වැඩහිඳ මෙම ගාථාවන් වදාළසේක:
Pali BJT1339. “යෙනායං රොපිතා බොධි බුද්ධපූජා ච සක්කතා, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1339. “යමෙකු විසින් මෙ ම බෝධිය රෝපණය කරණ ලද ද, බුද්ධ පූජාව මැනැවින් කරණ ලද ද, මම ඔහු (කවරෙක් දැයි) ප්‍රකාශ කරන්නෙමි. එය ප්‍රකාශකරන්නා වූ මාගේ වචනය අසවු:
Pali BJT1340. තිංස කප්පානි දෙවෙසු දෙවරජ්ජං කරිස්සති, චතුසට්ඨික්ඛත්තුං සො චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1340. හෙතෙම තිස්කපක් දෙවියන් අතුරෙහි දිව්‍ය රාජ්‍යය කරන්නේ ය. සූසැටවරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT1341. තුසිතා හි චවිත්වාන සුක්කමූලෙන චොදිතො, ද්වෙ සම්පත්ති අනුභොත්වා මනුස්සත්තෙ රමිස්සති.
Sinhala BJT1341. කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ තුෂිත දෙව්ලොවින් ච්‍යුත ව දිව්‍යමනුෂ්‍ය සම්පත් දෙක අනුභව කොට මිනිසත් බැව්හි සිත් අලවා වසන්නේ ය.
Pali BJT1342. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.”
Sinhala BJT1342. වීර්‍ය්‍යයෙන් මෙහෙයන ලද සිත් ඇති උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙම සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිතව පිරිනිවන් පාන්නේ ය” (කියායි).
Pali BJT1343. විවෙකමනුයුත්තො’හං උපසන්තො නිරූපධි, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
Sinhala BJT1343. විවේකයෙහි යෙදුනු උපශාන්ත වූ උපධි රහිත වූ මම හස්තිරාජයෙකු මෙන් බැඳුම් සිඳ ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1344. ද්වෙනවුතෙ ඉතො කප්පෙ බොධිං රොපෙසහං තදා දුග්ගතිං නාභිජානාමි බොධිරොපස්සිදං ඵලං.
Sinhala BJT1344. මෙයින් දෙඅනූවන කපෙහි වූ එකල්හි මම ඒ පියා බෝධිය රෝපණය කෙළෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බෝධිරෝපණයෙහි මේ විපාකය යි.
Pali BJT1345. චතුසත්තති’තො කප්පෙ දණ්ඩසෙනොති විස්සුතො, සත්තරතනසම්පන්නො චක්කවත්තී තදා අහුං.
Sinhala BJT1345. මෙයින් සූසැත්තෑවන කපෙහි වූ එකල්හි සත්රුවනින් යුත් දණ්ඩසේන නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1346. තෙසත්තතිම්හි’තො කප්පෙ සත්තාහෙසුං මහීපතී, සමත්තනෙමි නාමෙන රාජානො චක්කවත්තිනො.
Sinhala BJT1346.මෙයින් තෙසැත්තෑවන කපෙහි පෘථිවීශ්වර වූ සමන්තනෙමි නම් වූ සක්විතිරජවරු සත්දෙනෙක් වූහ.
Pali BJT1347. පණ්ණවීසති’තො කප්පෙ පුණ්ණකො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1347. මෙයින් පස්විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුණ්ණක නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1348 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1348. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අසනබොධියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අසනබෝධිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTඅසනබොධියත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTඅසනබෝධිය ස්ථවිරාවදානය දස වැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTවීජනී සතරංසී ච සයනො’දකි වාහියො පරිවාරො පදීපඤ්ච ධජො පදුමපූජකො බොධී ච දසමො වුත්තො ගාථා ද්වෙ නවුතී තථා.
Sinhala BJTවිජනී සතරංසි සයන - උදක වාහිය පරිවාර ද, පදීප ධජ පදුම පූජක - බෝධිය දැයි වත් දසෙක් වේ, දෙයනූගයකින් බැඳ - මෙහි එය කියන ලද්දේ.
Pali BJTවීජනීවග්ගො ඡට්ඨො.
Sinhala BJTවීජනීවර්‍ගය සවැනියි.
Pali BJT7. සකවිත්තනියවග්ගො
Sinhala BJT7. සකචින්තනිය වර්‍ගය
Pali BJT61. සකචින්තනිය{1}ත්ථෙරාපදානං
Sinhala BJT61. සකචින්තනිය ස්ථවිරාවදානය
Pali BJT1349. පවනං කානනං දිස්වා අප්පසදදමනාවිලං, ඉසීනං අනුචිණ්ණංව ආහුතීනං පටිග්ගහං.
Sinhala BJT1349-1350. ඍෂින් විසින් සෙවුනාලද ස්වල්ප වූ ශබ්ද ඇති කැලඹීම් රහිත මහවනයක් දැක දෙවිමිනිසුන්ගේ පූජාවන් පිළිගන්නා වූ බුදුරජානන් වහන්සේ උදෙසා වැලිසෑයක් කොට නොයෙක් මල් විසිරවීමි. නිර්මිත බුදුරදුන් ඉදිරියෙහි මෙන් මම ඒ සෑය වැන්දෙමි.
Pali BJT1350. ථූපං කත්වාන පුලිනං{2} නානාපුප්ඵං සමොකිරිං. සම්මුඛා විය සම්බුද්ධං නිම්මිතං අභිවන්දහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1351. සත්තරතනසම්පන්නො රාජා රට්ඨම්හි{3} ඉස්සරො, සකකම්මාභිරද්ධො’හං ථූපපූජායිදං ඵලං.
Sinhala BJT1351. ස්වකීය කර්‍මයෙන් සතුටු වූ මම (ඒ පිණින්) සත්රුවනින් යුක්ත ව රටෙහි අධිපති රජ වීමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1352. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵම්භිරොපයිං, දුග්ගතිං නාභිජානාමි ථූපපූජායිදං ඵලං.
Sinhala BJT1352. මෙයින් එක්අනූවන කපෙහි (සෑයට) යම් පුෂ්පපූජාවක් කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ස්තූපපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1353. අසීතිකප්පෙ’නන්තයසො චක්කවත්තී අහොසහං, සත්තරතනසම්පන්නො චතුදීපම්හි ඉස්සරො.
Sinhala BJT1353. මම අසූවන කපෙහි සත්රුවනින් යුක්ත ව සිවුමහදිවයින්හි අධිපති වූ අනන්තයස නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1354 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1354. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සකවිත්තනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සකචින්තනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTසකවිත්තනියත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTසකචින්තනිය ස්ථවිරාවදානය පළමුවැනියි.
Pali BJT62. අවොපුප්ඵියත්ථෙරාපදානං.
Sinhala BJT62. අවොපුප්ඵිය ස්ථවිරාවදානය
Pali BJT1355. විහාරා අභිනික්ඛම්ම අබ්භුට්ඨහිය{1} චඞ්කමෙ, චතුසච්චං පකාසෙන්තො දෙසෙති{2} අමතං පදං.
Sinhala BJT1355. (සිඛී බුදු රජ තෙම) විහාරයෙන් නික්ම සක්මනෙහි සිට චතුස්සත්‍යය ප්‍රකාශ කරන්නේ අමෘතපදය (නිර්‍වාණධර්‍මය) දේශනා කරයි.
Pali BJT1356. සිඛිස්ස ගිරමඤ්ඤාය බුද්ධසෙට්ඨස්ස තාදිනො, නානාපුප්ඵං ගහෙත්වාන ආකාසම්හි සමොකිරිං.
Sinhala BJT1356. තාදීගුණ ඇති සිඛී නම් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හඬ අසා නොයෙක් මල් ගෙණවුත් අහසෙහි විසිරවීමි.
Pali BJT1357. තෙන කම්මෙන දිපදින්දෙ ලොකජෙට්ඨෙ නරාසභෙ{3} පත්තො’ම්භි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT1357. ද්විපදෝත්තම වූ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨයන් වහන්සේ කෙරෙහි කරණලද එ ම කර්‍මය හේතු කොට ගෙණ ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියෙම් වෙමි.
Pali BJT1358. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං.
Sinhala BJT1358. මෙයින් එක්තිස්වන කපෙහි යම් මල්පූජාවක් කෙළෙම් ද, ඒ හේතු කොට ගෙණ දුගතියක් නො දනිමි. මල් පූජාවේ මේ විපාකය යි.
Pali BJT1359. ඉතො වීසතිකප්පම්හි සුමෙධො නාම ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1359. මෙයින් විසිවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුමේධ නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1360 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1360. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අවො{4}පුප්ඵියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අවෙපුප්ඵියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTඅවොපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTඅවොපුප්ඵියස්ථවිරාවදානය දෙවැනියි.
Pali BJT63. පච්චාගමනියත්ථෙරාපදානං
Sinhala BJT63. පච්චාගමනිය ස්ථවිරාවදානය
Pali BJT1361. සින්ධුයා නදියා තීරෙ චක්කවාකො අහං තදා, සුද්ධසෙවාලභක්ඛො’හං පාපෙසු ච සුසඤ්ඤතො.
Sinhala BJT1361. මම එකල සින්‍ධූනදීතීරයෙහි හුදු සෙවෙල් අනුභව කරන්නා වූ පාපයන් කිරීමෙන් වැළකුනා වූ සක්වාලිහිණියෙක් වීමි.
Pali BJT1362. අද්දසං විරජං බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ, තුණ්ඩෙන සාලං{5} පග්ගය්හ විපස්සිස්සාභිරොපයිං.
Sinhala BJT1362. (එකල්හි) කෙලෙස්මල නැත්තා වූ අහස්මගෙහි ගමන් කරන්නා වූ බුදුරජු දිටිමි. (දැක) තුඩින් සල්මලක් ගෙනවුත් ඒ විපස්සී බුදුරජානන් වහන්සේට පිදීමි.
Pali BJT1363. “යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා, තෙන චිත්තප්පසාදෙන දුග්ගතිං සො න ගච්ඡති.”
Sinhala BJT1363. “යමෙකුගේ ශ්‍රද්ධාතොමෝ තථාගතයන් වහන්සේ විෂයයෙහි නිශ්චල ව පිහිටියා ද, හෙතෙම ඒ චිත්තප්‍රසාදය හේතු කොට ගෙණ දුගතියකට නො යේ” යි (විපස්සී බුදුරජ තෙම වදාළේ ය.)
Pali BJT1364. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, විහඞ්ගමෙන සන්තෙන සුබීජං රොපිතං මයා.
Sinhala BJT1364. ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ මනා පැමිණීමෙක් විය. (සක්වා) ලිහිණියෙකු වූ මා විසින් මනා (කුශල) බීජයක් රෝපණය කරනලදී.
Pali BJT1365. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵම්භිරොපයිං, දුග්ගතිං නාභිජානාමි පුප්ඵපූජායිදං ඵලං
Sinhala BJT1365. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පුෂ්පපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1366. සුචාරුදස්සනා නාම අට්ඨෙත එකනාමකා, කප්පෙ සත්තරසෙ ආසු චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1366. සතළොස්වනකපෙහි සුවාරුදස්සන නම් එකනම ඇති මහාබලවත් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
Pali BJT1367 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1367. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පච්චාගමනියො{6} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චාගමනියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTපච්චාගමනියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTපච්චාගමනියස්ථවිරාවදානය තෙවැනියි.
Pali BJT64. පරප්පසාදකත්ථෙරාපදානං
Sinhala BJT64. පරප්පසාදක ස්ථවිරාවදානය
Pali BJT1368. උසභං පවරං වීරං මහෙසිං විජිතාවිනං, සුවණ්ණවණ්ණං සම්බුද්ධං කො දිස්වා නප්පසීදති.
Sinhala BJT1368. ශ්‍රේෂ්ඨ වූ උතුම් වූ වීර වූ මහර්ෂි වූ කෙලෙස්සතුරන් ජය ගන්නාසුලු වූ ස්වර්‍ණවර්‍ණ වූ බුදුරජු දැක කවරෙක් (නම්) නො පහදී ද?
Pali BJT1369. හිමවා ‘වාපරිමෙය්යො සාගරො’ව දුරුත්තරො, තථෙව ඣානං බුද්ධස්ස{1} කො දිස්වා නප්පසීදති.
Sinhala BJT1369. ප්‍රමාණ කළ නො හැකි හිමවත්පව්ව යම්සේ ද, තරණය කළ නො හැකි සාගරය යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ධ්‍යානය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් (නම්) නො පහදී ද?
Pali BJT1370. වසුධා යථා අප්පමෙය්යා චිත්තා වනවටංසකා, තථෙව සීලං බුද්ධස්ස කො දිස්වා නප්පසීදති.
Sinhala BJT1370. විසිතුරු වන අරම් නමැති මුදුන්මල්කඩ ඇති පොළොව යම් සේ ප්‍රමාණ නො කට හැකි ද, බුදුරජානන් වහන්සේගේ ශීලය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නො පහදී ද?
Pali BJT1371. අනිලජො’ව අසඞ්ඛොභො{2} යථාකාසො අසඞ්ඛියො, තථෙව ඤාණං බුද්ධස්ස කො දිස්වා නප්පසීදති.
Sinhala BJT1371. නො කැලඹිය හැකි සයුර යම් සේ ද, පමණ කළ නො හැකි අහස යම් සේ ද, බුදුරජානන් වහන්සේගේ ඤාණය ද එසේ ම ය. (උන්වහන්සේ) දැක කවරෙක් නො පහදී ද?
Pali BJT1372. ඉමාහි චතුගාථාහි{3} බ්රාහ්මණො සෙනසව්හයො, බුද්ධසෙට්ඨං ථවිත්වාන සිද්ධත්ථං අපරාජිතං.
Sinhala BJT1372. සේන නම් වු බ්‍රාහ්මණ තෙමේ මේ සිවු ගයින් පස්මරුන් දිනූ සිද්ධත්‍ථ නම් වූ බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට ස්තූති කොට -
Pali BJT1373. චතුනවුතිකප්පානි දුග්ගතිං නුපපජ්ජථ,{4} සුගතීසු සුසම්පත්තිං{5} අනුභොසි{6} අනප්පකං.
Sinhala BJT1373. සිවු අනූ කපක් මුළුල්ලෙහි දුගතියක නූපන්නේ ය. සුගතීන්හි බොහෝ වූ මනා සම්පත් අනුභව කෙළේ ය.
Pali BJT1374. චතුනවුතෙ ඉතො කප්පෙ ථවිත්වා ලොකනායකං, දුග්ගතිං නාභිජානාමි ථොමනාය ඉදං ඵලං.
Sinhala BJT1374. මෙයින් සිවුඅනූවන කපෙහි ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ පසසා (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. පැසසීමෙහි මේ විපාකය යි.
Pali BJT1375. චතුද්දසම්භි කප්පම්හි චතුරො ආසුමුග්ගතා{7} සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1375. තුදුස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති උග්ගත නම් වූ සක්විතිරජවරු සිවුදෙනෙක් වූහ.