Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1229. පුබ්බකම්මෙන සංයුත්තො එකග්ගො සුසමාහිතො, බුද්ධස්ස ඔරසො පුත්තො ධම්මජො’ම්හි සුනිම්මිතො.
Sinhala BJT1229. (මම) පෙර කළ කුශලකර්‍මයෙන් යුක්ත වූයෙම් එකඟ සිත් ඇත්තෙම් සන්හිඳුනෙම් බුදුරදුන් උරදා පුත් වූයෙම් (කර්‍මස්ථාන) ධර්‍මයෙන් ආර්‍ය්‍යජාතියෙහි උපන්නෙම් නිම කළ මගකිස ඇත්තෙම් වීමි.
Pali BJT1230. ධම්මරාජං උපාගම්ම{3} ආපුච්ඡිං පඤ්හමුත්තමං, කථයන්තො ච මෙ පඤ්හං ධම්මසොතං උපානයී.
Sinhala BJT1230. බුදුරජුන් වෙත එළඹ උතුම් ප්‍රශ්න විචාළෙමි. ඔබ මට ප්‍රශ්න (විසඳා) වදාරන්නාහු ම (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) ධර්‍මප්‍රවාහය එළවූහ.
Pali BJT1231. තස්සාහං ධම්මමඤ්ඤාය විහාසිං සාසනෙ රතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT1231. මම උන්වහන්සේගේ ධර්‍මය දැන සසුනෙහි ඇලුනෙම් විසීමි. සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1232. සතසහස්සෙ ඉතො කප්පෙ ජලජුත්තරනායකො, නිබ්බායි අනුපාදානො දීපො’ව තෙලසඞ්ඛයා.
Sinhala BJT1232. මෙයින් කල්පලක්‍ෂයකට පෙර පදුමුත්තර නම් බුදුරජානන් වහන්සේ තෙල් ක්‍ෂීණ වීමෙන් (නිවෙන) පහනක් මෙන් (පඤ්චස්කන්‍ධ සඞ්ඛ්‍යාත) උපාදාන රහිත ව පිරිනිවන් පෑසේක.
Pali BJT1233. සත්තයොජනිකං ආසි ථූපඤ්ච රතනාමයං, ධජං තත්ථ අපූජෙසිං සබ්බභද්දං මනොරමං.
Sinhala BJT1233. එහි උසින් සත්යොදුන් වූ රුවන්මුවා ස්තූපයෙක් වී ය. සියල්ලෙන් යහපත් වූ මනහර ධජයක් එහි පිදීමි.
Pali BJT1234. කස්සපස්ස ච බුද්ධස්ස තිස්සො නාමග්ගසාවකො, පුත්තො මෙ ඔරසො ආසි දායාදො ජිනසාසනෙ.
Sinhala BJT1234. තව ද කාශ්‍යප බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි දායාද වූ තිස්ස නම් අග්‍රශ්‍රාවක තෙමේ මාගේ ඖරසපුත්‍රයා වීය.
Pali BJT1235. තස්ස හීනෙන මනසා වාචං භාසිං අභද්දකං, තෙන කම්මවිපාකෙන පච්ඡිමෙ අද්දසං ජිනං{4}.
Sinhala BJT1235. ඒ මාගේ පුත්‍ර තිස්ස නම් අග්‍රශ්‍රාවකයන් වහන්සේට ලාමක සිතින් අයහපත් වචනයක් ( -“අන්තකයා, පශ්චිමයා”) යන වචනය කීමි. ඒ කර්‍මවිපාකයෙන් පශ්චිම (පරිනිර්‍වාණ) කාලයෙහි බුදුරජ දිටිමි.
Pali BJT1236. උපවත්තනෙ සාලවනෙ පච්ඡිමෙ සයනෙ මුනි, පබ්බාජෙසි මහාවීරො හිතො කාරුණිකො ජිනො.
Sinhala BJT1236. මහාවීර වූ සත්ත්‍වලෝකයාට හිත වූ කාරුණික වූ පස්මරුන් දිනූ (ගෞතම) බුදුරජානන් වහන්සේ උපවර්‍තන සාලවනයෙහි පරිනිර්‍වාණ මඤ්චකයෙහි දී මා පැවිදි කළ සේක.
Pali BJT1237. අජ්ජෙව’දානි පබ්බජා අජ්ජෙව උපසම්පදා, අජ්ජෙව පරිනිබ්බාණං සම්මුඛා දිපදුත්තමෙ.
Sinhala BJT1237. බුදුරජානන් වහන්සේ ඉදිරියෙහි අද ම (මාගේ) පැවිද්ද විය. අද ම උපසම්පදාව විය. අද ම පරිනිර්‍වාණය ද විය.
Pali BJT1238. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1238. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුභද්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභද්‍රස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTසුභද්දත්ථෙරස්ස අපදානං නවමං.
Sinhala BJTසුභද්‍රස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT50. චුන්දත්ථෙරාපදානං
Sinhala BJT50. චුන්‍ද ස්ථවිරාවදානය
Pali BJT1239. සිද්ධත්ථස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, අග්ඝියං කාරයිත්වාන ජාතිපුප්ඵෙහි ඡාදයිං.
Sinhala BJT1239. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති සිද්ධත්‍ථ බුදුරජානන් වහන්සේට රන්ඇගෑයක් කරවා දෑසමන්මලින් වැසීමි.
Pali BJT1240. නිට්ඨාපෙත්වාන තං පුප්ඵං බුද්ධස්ස උපනාමයිං, පුප්ඵාවසෙසං පග්ගය්හ බුද්ධස්ස අභිරොපයිං.
Sinhala BJT1240. ඒ මල් (වසා) නිමවා බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි. ඉතිරි මල් දෝතින් ගෙණ බුදුරජානන් වහන්සේ මත්තෙහි විසුරුවා හළෙමි.
Pali BJT1241. කඤ්චනග්ඝියසඞ්කාසං බුද්ධං ලොකග්ගනායකං, පසන්නචිත්තො සුමනො පුප්ඵග්ඝියමුපානයිං.
Sinhala BJT1241. පහන්සිතින් යුත් සොම්නස් වූ (මම) රන්ඇගෑයක් සේ බබලන බුදුරජුන්ට මල්ඇගෑය පිළිගැන්වීමි.
Pali BJT1242. විතිණ්ණකඞ්ඛො සම්බුද්ධො තිණ්ණොඝෙහි පුරක්ඛතො, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1242. තරණය කළ සැක ඇති බුදුරජානන් වහන්සේ තරණය කළ ඕඝ ඇත්තවුන් (=රහතුන්) විසින් පිරිවරණ ලදසේක් මේ ගාථාවන් වදාළසේක:
Pali BJT1243. “දිබ්බගන්ධං පවායන්තං යො මෙ පුප්ඵග්ඝියං අදා, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1243. “යමෙක් මට දිවසුවඳ හමන මල්ඇගෑයක් දුන්නේ ද, ඔහු මම ප්‍රකට කරන්නෙමි. එය කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT1244. ඉතො චුතො අයං පොසො දෙවසංඝපුරක්ඛතො, ජාතිපුප්ඵෙහි පරිකිණ්ණො දෙවලොකං ගමිස්සති.
Sinhala BJT1244. මේ පුරුෂතෙමේ මෙයින් ච්‍යුත වූයේ දිව්‍යසමූහයා විසින් පිරිවරණ ලදුයේ සමන් මලින් ගැවසී ගත්තේ දෙව්ලොවට යන්නේ ය.
Pali BJT1245. උබ්බිද්ධං භවනං තස්ස සොවණ්ණඤ්ච මණිමයං, ව්යම්හං පාතුභවිස්සති පුඤ්ඤකම්මප්පභාවිතං.
Sinhala BJT1245. ඔහුට පුණ්‍යකර්‍මයෙන් හටගත්තා වූ ස්වර්‍ණමය වූ ද මණිමය වූ ද පැනනැගුනු සඳලු සහිත විමානයක් පහළ වන්නේ ය.
Pali BJT1246. චතුසත්තතික්ඛත්තුං සො දෙවරජ්ජං කරිස්සති, අනුභොස්සති සම්පත්තිං අච්ඡරාහි පුරක්ඛතො.
Sinhala BJT1246. හෙතෙම සූසැත්තෑවරක් දෙව්රජය කරන්නේ ය. අප්සරාවන් විසින් පිරිවැරුණේ සම්පත් අනුභව කරන්නේ ය.
Pali BJT1247. පථව්යා රජ්ජං තිසතං වසුධං ආවසිස්සති, පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1247. තෙසියවරක් පෘථිවිරාජ්‍යය ලැබ පොළොවෙහි වාසය කරන්නේ ය. පන්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය.
Pali BJT1248. දුජ්ජයො නාම නාමෙන හෙස්සති මනුජාධිපො, අනුභොත්වාන තං පුඤ්ඤං සකකම්මං අපස්සිතො.
Sinhala BJT1248. නමින් දුජ්ජය නම් රජෙක් වන්නේ ය. ස්වකීය කර්‍මය ඇසුරු කෙළේ ඒ පින් පල විඳ,
Pali BJT1249. විනිපාතං අගන්ත්වාන{1} මනුස්සත්තං ගමිස්සති, හිරඤ්ඤස්ස ච නිචිතං කොටිසතමනප්පකං.
Sinhala BJT1249-1250. දුගතියකට නො ගොස් මිනිසත්බවට යන්නේ ය. ඔහුගේ නොඅඩු කෙළසියක් රන් නිදන්ගත වෙයි. හෙතෙම බමුණු කුලයෙහි උපදින්නේ ය. වඞ්ගන්ත බ්‍රාහ්මණයාගේ ද සාරී නම් බැමිණියගේ ද ප්‍රාඥ වූ ප්‍රිය වූ ඹෟරසපුත්‍රයෙක් වන්නේ ය.
Pali BJT1250. නිබ්බත්තිස්සති යොනිම්හි{2} බ්රාහ්මණෙ{3} සො භවිස්සති, වඞ්ගත්තස්ස සුතො ධීමා සාරියා ඔරසො පියො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1251. සො ච පච්ඡා පබ්බජිත්වා අඞ්ගීරසස්ස සාසනෙ, චූලවුන්දො’ති නාමෙන හෙස්සති සත්ථු සාවකො.
Sinhala BJT1251. හෙ ද පසු ව සම්බුදුසසුනෙහි පැවිදි ද නමින් චූලචුන්‍ද නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT1252. සාමණෙරො’ව සො සන්තො ඛීණාසවො භවිස්සති, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො”.
Sinhala BJT1252. හෙ තෙම සාමණේර වූයේ ම රහත් වන්නේ ය. සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත වැ පිරිනිවන් පානේ ය” කියා යි.
Pali BJT1253. උපට්ඨහිං මහාවීරං අඤ්ඤෙ ච පෙසලෙ බහූ, භාතරං චෙ චුපට්ඨාසිං උත්තමත්ථස්ස පත්තියා.
Sinhala BJT1253. උත්තමාර්‍ත්‍ථයට (රහත්බවට) පැමිණීම පිණිස මහාවීර වූ බුදුරජානන් වහන්සේට ද අනිත් ප්‍රියශීල වූ බොහෝ සඞ්ඝයාට ද උපස්ථාන කෙළෙමි. මාගේ සොහොයුරු (ශාරීපුත්‍රයන්) හට උවැටන් ද කෙළෙමි.
Pali BJT1254. භාතරං මෙ උපට්ඨිත්වා ධාතූ පත්තම්හි ඔපිය, සම්බුද්ධං උපනාමෙසිං ලොකජෙට්ඨං නරාසභං.
Sinhala BJT1254. මාගේ සොහොයුරාට උවැටන් කොට (උන්වහන්සේ පිරිනිවි කල්හි) ධාතූන් පාත්‍රයෙහි බහා ගෙණ ලෝකජ්‍යේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.
Pali BJT1255. උභො හත්ථෙහි පග්ගය්හ බුද්ධො ලොකෙ සදෙවකෙ, සංදස්සයන්තො තං ධාතුං කිත්තයී අග්ගසාවකං.
Sinhala BJT1255. දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වූ (බුදුරජ තෙම) ධාතු දොහොතින් නගාගෙන දක්වන්නේ ඒ අගසව්වානන් පැසැසී ය.
Pali BJT1256. චිත්තං ච සුවිමුත්තං මෙ සද්ධා මය්හං පතිට්ඨිතා, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT1256. මාගේ සිත කෙලෙසුන්ගෙන් මැනැවින් මිදුනේ ය. මාගේ ශ්‍රද්ධාව මැනැවින් පිහිටියේ ය. සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ච වෙසෙමි.
Pali BJT1257 පටිසම්භිදා අනුප්පත්තා විමොක්ඛාපි ච ඵස්සිතා, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1257. සිවුපිළිසැඹියා ලැබින. විමෝක්‍ෂයෝ පහස්නා ලදහ. ෂඩ්භිඥාවෝ මා විසින් සාක්‍ෂාත්කෘතයහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චුන්දො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චුන්‍දස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTචුන්දත්ථෙරස්ස අපදානං දසමං.
Sinhala BJTචුන්‍ද ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTඋපාලි සොණො භද්දියො සන්තිට්ඨාපක{1}හත්ථියො, ඡදනං සෙය්යචඞ්කමං සුභද්දො චුන්දසව්හයො, ගාථා සතං ච තාළීසං චතස්සො ච තදුත්තරි.
Sinhala BJTඋපාලිසෝණ බද්දිය - සන්නිට්ටාපක හත්තිය, සියන් සෙය සක්මන් - සුබද සුඳු යයි දසවත්, එක්සියසුසාළිස් ගයකින් මෙහි කියන ලදී.
Pali BJTඋපාලිවග්ගො පඤ්චමො.
Sinhala BJTඋපාලිවර්‍ගය පස්වැනි යි.
Pali BJT6. වීජනීවග්ගො
Sinhala BJT6. බීජනි වර්‍ගය
Pali BJT51. විධූපනදායකත්ථෙරාපදානං
Sinhala BJT51. විධූපනදායක ස්ථවිරාවදානය
Pali BJT1258. පදුමුත්තරබුද්ධස්ස ලොකජෙට්ඨස්ස තාදිනො, වීජනිකා{2} මයා දින්නා දිපදින්දස්ස තාදිනො.
Sinhala BJT1258. තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ ද්විපදෝත්තම වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ට මා විසින් විදුනාවක් දෙන ලදි.
Pali BJT1259. සකං චිත්තං පසාදෙත්වා පග්ගහෙත්වාන අඤ්ජලිං, සම්බුද්ධං අභිවාදෙත්වා පක්කාමිං උත්තරාමුඛො.
Sinhala BJT1259. සිය සිත පහදවා ඇඳිලි බැඳ සම්බුදුන් වැඳ උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
Pali BJT1260. වීජනිං පග්ගහෙත්වාන සත්ථා ලොකෙ අනුත්තරො,{3} භික්ඛුසංඝෙ ඨිතො සන්තො ඉමං ගාථං අභාසථ:
Sinhala BJT1260. ලෝකයෙහි අසහාය ශාස්තෘ වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂු සඞ්ඝයා මැද හිඳ විදුනාව ගෙන මේ ගාථාව වදාළසේක:
Pali BJT1261. “ඉමිනා වීජනිදානෙන චිත්තස්ස පණිධීහි ච, කප්පානං සතසහස්සං විනිපාතං න ගච්ඡති”.
Sinhala BJT1261. “මේ වීජනී දානය හේතු කොට ගෙන ද චිත්තප්‍රණිධීන් හේතු කොට ගෙන ද කල්පලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියකට නො යයි” යනු යි.
Pali BJT1262. ආරද්ධවිරියො පහිතත්තො චෙතොගුණසමාහිතො, ජාතියා සත්තවස්සො’හං අරහත්තමපාපුණිං.
Sinhala BJT1262. පිරිපුන් වීර්‍ය්‍යය ඇති (නිවණ) කෙරෙහි මෙහෙයන ලද සිත් ඇති සමාධිගුණයෙන් යුත් උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි.
Pali BJT1263. සට්ඨිකප්පසහස්සම්හි වීජමානසනාමකා{4}, සොළසා’සිංසු රාජානො චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1263. සැටදහසක් කපින් මතුයෙහි විජමාන යන සමාන නම් ඇති මහා බලවත් සක්විතිරජවරු සොළොස්දෙනෙක් වූහ.
Pali BJT1264. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1264. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා විධූපනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් විධූපනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTවිධුපනදායකත්ථෙරස්ස අපදානං පඨමං.
Sinhala BJTවිධූපනදායක ස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT52. සතරංසිකත්ථෙරාපදානං
Sinhala BJT52. සතරංසික ස්ථවිරාවදානය
Pali BJT1265. උච්චියං{1} සෙලමාරුය්හ නිසීදි පුරිසුත්තමො, පබ්බතස්සාවිදූරම්හි බ්රාහ්මණො මන්තපාරගූ.
Sinhala BJT1265. පුරුෂෝත්තම වූ පදුමුත්තර බුදුරජහු උස වූ පව්වකට නැගී වැඩ හුන්හ. ඒ පර්‍වතයට නුදුරෙහි හුන් වේදමන්ත්‍රයෙහි පරතෙරට ගිය බමුණෙක් වූ (මම) -
Pali BJT1266. උපවිට්ඨං මහාවීරං දෙවදෙවං නරාසභං, අඤ්ජලිම්පග්ගහෙත්වාන සන්ථවිං ලොකනායකං:
Sinhala BJT1266. එසේ වැඩහුන්නා වූ මහාවීර වූ දේවාතිදේව වූ නර ශ්‍රේෂ්ඨ වූ ලෝකනායකයන් වහන්සේට ඇඳිලි බැඳගෙන ස්තුති කෙළෙමි:
Pali BJT1267. “එස බුද්ධො මහාවීරො වරධම්මප්පකාසකො, ජලතී අග්ගිඛන්ධො’ව භික්ඛුසංඝපුරක්ඛතො.
Sinhala BJT1267. “උතුම් ධර්‍මය ප්‍රකාශ කරන්නා වූ මහාවීර වූ මේ සර්‍වඥයන් වහන්සේ භික්‍ෂුසංඝයා විසින් පිරිවරණ ලදසේක් ගිනිකඳක් මෙන් බබලන සේක.
Pali BJT1268. මහාසමුද්දො ‘වක්ඛොභො අණ්ණවො ‘ව දුරුත්තරො, මිගරාජා’වසම්භීතො ධම්මං දෙසෙති චක්ඛුමා”.
Sinhala BJT1268. මහාසමුදුර මෙන් නො කැලඹිය හැකි සයුර මෙන් තරණය කළ නො හැකි සිහරජෙකු මෙන් අසම්භීත වූ පසැස් ඇත්තා වූ බුදුරජානන් වහන්සේ ධර්‍ම දේශනා කරණ සේක” යනුයි.
Pali BJT1269. මම සඞ්කප්පමඤ්ඤාය පදුමුත්තරනායකො, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1269. ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ අදහස් දැන භික්‍ෂුසංඝයා මැද වැඩසිටිසේක් මේ ගාථාවන් වදාළසේක:
Pali BJT1270. “යෙනායං අඤ්ජලි දින්නො බුද්ධාසෙට්ඨො ච ථොමිතො, තිංසකප්පසහස්සානි දෙවරජ්ජං කරිස්සති.
Sinhala BJT1270. “යමකු විසින් (සර්‍වඥයන්හට) ඇඳිලි බඳනා ලද ද, එසේ ම යමකු විසින් බුද්ධශ්‍රේෂ්ඨ තෙම පසසන ලද ද, (එසේ කළ) මේ තෙමේ තිස්දහසක් කප් දිව්‍යරාජ්‍යය කරන්නේ ය.
Pali BJT1271. කප්පසතසහස්සම්හි අංගීරසසනාමකො, විවත්තච්ඡද්දො{2} සම්බුද්ධො උප්පජ්ජිස්සති තාවදෙ.
Sinhala BJT1271. මෙයින් කල්පලක්‍ෂයක් ඉක්ම ගිය කල්හි අංගීරස නම් වූ බැහැර කළ කෙලෙස්සෙවෙනි ඇති ගෞතම සම්බුදුරජ තෙමේ උපදින්නේ ය.
Pali BJT1272. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, . සතරංසීති නාමෙන අරහා සො භවිස්සති.”
Sinhala BJT1272. හෙතෙම ඒ බුදුරජානන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ඖරස පුත්‍ර වූ ධර්‍මය වූ නමින් සතරංසී වූ රහතෙක් වන්නේ ය” කියා යි.
Pali BJT1273. ජාතියා සත්තවස්සො’හං පබ්බජිං අනගාරියං, සතරංසී’ම්හි නාමෙන පභා නිද්ධාවතෙ මම.
Sinhala BJT1273. උත්පත්තියෙන් සත්හැවිරිදි වූ මම සසුනෙහි පැවිදි වීමි. නමින් සතරංසි වෙමි. මාගේ සිරුරින් පැහැය නික්ම දිවෙයි.
Pali BJT1274. මණ්ඩපෙ රුක්ඛමූලෙ වා ඣායී ඣානරතො අහං, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1274. මණ්ඩපයක හෝ වෘක්‍ෂමූලයක හෝ ධ්‍යාන කරණසුලු වූ ධ්‍යානයෙහි ඇලුනා වූ මම සර්‍වඥශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (මේ අන්තිම භවය යි.)
Pali BJT1275. සට්ඨිකප්පසහස්සම්හි චතුරො රාම{3}නාමකා, සත්තරතනසම්පන්නා වක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1275. සැටදහස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති රාම නම් වූ සක්විති රජවරු සිවුදෙනෙක් වූහ.
Pali BJT1276. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1276. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සතරංසියො{4} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සතරංසි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළහ.
Pali BJTසතරංසිකත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTසතරංසිකස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT53. සයනදායකත්ථෙරාපදානං
Sinhala BJT53. ශයනදායක ස්ථවිරාවදානය
Pali BJT1277. පදුමුත්තරබුද්ධස්ස සබ්බලොකානුකම්පිනො, සයනං තස්ස පාදාසිං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT1277. සියලු ලොවැසියනට අනුකම්පා කරණසුලු වූ ඒ පදුමුත්තර බුදුරජානන් වහන්සේට පහන්සිතින් යහනක් දිනිමි.
Pali BJT1278. තෙන සයනදානෙන සුඛෙත්තෙ බීජසම්පදා, භොගා නිබ්බත්තරෙ{5} තස්ස සයනස්ස ඉදං ඵලං.
Sinhala BJT1278. ඒ ශයනදානය කරණ කොට ගෙන යහපත් කෙතක සස්‍යසම්පත් මෙන් ඔහුට භෝගයෝ උපදිත්. ශයනදානයාගේ මේ විපාකය යි.
Pali BJT1279. ආකාසෙ සෙය්යං කප්පෙමි ධාරෙමි පඨවිං ඉමං, පාණෙසු මෙ ඉස්සරියං සයනස්ස ඉදං ඵලං.
Sinhala BJT1279. අහසෙහි ශයනය කරමි. මේ පෘථිවිය (ඊශ්වරත්‍වයෙන්) දරමි. සත්ත්‍වයන් කෙරෙහි මාගේ අධිපතිත්‍වය පවතී. ශයනදානයාගේ මේ විපාකය යි.
Pali BJT1280. පඤ්චකප්පසහස්සම්හි අට්ඨ ආසුං මහාවරා,{1} චතුත්තිංසෙ කප්පසතෙ චතුරො ච මහබ්බලා.
Sinhala BJT1280. මෙයින් පන්දහස්වන කපෙහි මාහාවර නමින් රජවරු ඇට දෙනෙක් වූහ. තුන්දහස්සිවුසියවන කපෙහි මහත් බල ඇති රජවරු සිය දෙනෙක් වූහ.
Pali BJT1281 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1281. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සයනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTසයනදායකත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTශයනදායකස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT54. ගන්ධොදකියත්ථෙරාපදානං
Sinhala BJT54. ගන්‍ධොදකිය ස්ථවිරාවදානය
Pali BJT1282. පදුමුත්තරබුද්ධස්ස මහාබොධිමහො අහු, විචිත්තං ඝටමාදාය ගන්ධොදකමදාසහං.
Sinhala BJT1282. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ මහාබෝධියට පූජාවෙක් විය. විසිතුරු කළයක් ගෙණ මම එහි සුවඳ පැන් දිනිමි.
Pali BJT1283. නහාපනකාලෙ බොධියා{2} මහාමෙඝො පවස්සථ, නින්නාදො ච මහා ආසි{3} අසනියා ඵලන්තියා.
Sinhala BJT1283. බෝධිය නාවනකල්හි මහවැසි වැස්සේ ය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්ද ද විය.
Pali BJT1284. තෙනෙවාසනිවෙගෙන තථෙ කාලකතො අහුං,{4} දෙවලොකෙ ඨිතො සන්තො ඉමං ගාථං අභාසහං.
Sinhala BJT1284. ඒ අසනිවේගයෙන් (=හෙන පහරින්) එහි ම කලුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නෙම් මේ ගාථාව කීමි:
Pali BJT1285. “අහො බුද්ධො! අහො ධම්මො! අහො නො සත්ථූසම්පදා! කලෙබරං මෙ පතිතං දෙවලොකෙ රමාමහං.”
Sinhala BJT1285. “සර්‍වඥ වහන්සේ ආශ්ච්‍යර්‍ය හ. ධර්‍මය ආශ්ච්‍යර් ය. අපගේ ශාස්තෘසම්පත්තිය ආශ්ච්‍යර් ය. මාගේ සිරුර (සෙණපහරින්) ඇද වැටිනි. එයින් චුත වූ මම දෙව්ලොව සිත් අලවා වසමි.”
Pali BJT1286. උබ්බිද්ධං භවනං මය්හං සතභූමං සමුග්ගතං, කඤ්ඤාසතසස්සානි පරිවාරෙන්ති මං සදා.
Sinhala BJT1286. පැන නැගුනා වූ මාගේ සත්බුමු විමන උස් ව නැගුනේ ය. හැම කල්හි සියක් දහසක් කන්‍යාවෝ මා පිරිවරත්.
Pali BJT1287. ආබාධා මෙ න විජ්ජන්ති සොකො මය්හං න විජ්ජති, පරිළාහං න පස්සාමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
Sinhala BJT1287. මට ආබාධයෝ නො වෙත්. මට ශෝකයෙක් ද නැත. පරිලාභයක් (=තැවීමක්) නො දකිමි. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1288. අට්ඨවීසෙ කප්පසතෙ රාජා සංවසිතො අහුං, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1288. දෙදහස්අටසියවන කපෙහි සත්රුවනින් යුත් වූ මහත් බල ඇති සංවසිත නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1289 පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1289. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදි.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ගන්ධොදකියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධොදකිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTගන්ධොදකියත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTගන්‍ධොදකිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT55. ඔපවය්හ{5} ත්ථෙරාපදානං
Sinhala BJT55. ඕපවය්හ ස්ථවිරාවදානය
Pali BJT1290. පදුමුත්තරබුද්ධස්ස ආජානීයමදාසහං, නිය්යාදෙත්වාන සම්බුද්ධෙ{6} අගමාසිං සකං ඝරං.
Sinhala BJT1290. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට අජානීය අශ්වයකු දිනිමි. බුදුරජානන් වහන්සේට (ඒ අශ්වයා) දක්වා දී ස්වකීය ගෘහයට ගියෙමි.
Pali BJT1291. දෙවලො නාම නාමෙන සත්ථුනො අග්ගසාවකො, වරධම්මස්ස දායාදො ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT1291. උතුම් ධර්‍මයට දායාද වූ (පදුමුත්තර) ශාස්තෲන් වහන්සේගේ අග්‍රශ්‍රාවක නමින් දේවල නම් වූ තෙරණුවෝ මා වෙත පැමිණියහ. (පැමිණ මෙසේ කීහ:)
Pali BJT1292. “සපත්තභාරො භගවා ආජානෙය්යො න කප්පති, තව සඞ්කප්පමඤ්ඤාය අධිවාසෙසි චක්ඛුමා.”
Sinhala BJT1292. “භාග්‍යවත්හු සපත්තභාරයහ. (= පාත්‍රය සහිත අටපිරිකරබර උසුලන්නෝ ය. උන්වහන්සේට) අජානීය අශ්ව තෙමේ කැප නො වේ. පසැස් ඇත්තා වූ බුදුරජහු ඔබගේ අදහස දැන එය පිළිගත්හ” කියා යි.
Pali BJT1293. අග්ඝාපෙත්වා වාතජවං සින්ධවං සීඝවාහනං, පදුමුත්තරබුද්ධස්ස ඛමනීයමදාසහං.
Sinhala BJT1293. ඉක්බිති මම වාතවේගය ඇති ශීඝ්‍ර ව ගමන් යන වාහනයක් වූ සෛන්‍ධවයා අගය කොට (විකුණා) පදුමුත්තර බුදුරජානන් වහන්සේට යෝග්‍ය වූ පිරිකරක් දිනිමි.
Pali BJT1294. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං,{1} ඛමනීයා වාතජවා{2} චිත්තා{3} නිබ්බත්තරෙ{4} මම.
Sinhala BJT1294. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, මට රිසි වූ විසිතුරු වූ වාතජවයෝ (සෛන්‍ධවයෝ) උපදිත්.
Pali BJT1295. ලාභා තෙසං සුලද්ධං’ව යෙ ලභන්තුපසම්පදං, පුනපි පයිරුපාසෙය්යං බුද්ධො ලොකෙ සචෙ භවෙ.
Sinhala BJT1295. (ඒ බුදුන් වෙත) යම්කෙනෙක් උපසම්පදාව ලබත් ද, (ඔවුනට) එය ලාභයෙකි. මනා ලාභයෙකි. ඉඳින් බුදුකෙනෙක් ලෙව්හි (පහළ) වන්නෝ නම්, නැවත ද පයිරුපාසානය කරන්නෙමි.
Pali BJT1296. අට්ඨවීසතික්ඛත්තුං’හං රාජා ආසිං මහබ්බලො, චාතුරන්තො විජිතාවී ජම්බුසණ්ඩස්ස{5} ඉස්සරො.
Sinhala BJT1296. මම අටවිසිවරක් මහත් බල ඇති සතරමහ දිවයින් හා සිවු මහ සයුරු කෙළවර කොට ඇති පෘථිවියෙහි අධිපති වූ සතුරු රජුන් ජය ගන්නා සුලු වූ ජම්බුද්වීපයට අධිපති වූ සක්විතිරජ වීමි.
Pali BJT1297. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, පත්තො’ස්මි අචලං ඨානං හිත්වා ජයපරාජයං.
Sinhala BJT1297. මෙය මාගේ පශ්චිමදේහය යි. පැසිම් උපත වේ. ජය පරාජය දෙක හැර නිශ්චලස්ථානය (= නිවණ) ට පැමිණියෙම් වෙමි.
Pali BJT1298. චතුත්තිංසසහස්සම්හි මහාතෙජො’සි ඛත්තියො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1298. සූතිස්දහස්වන කපෙහි මහත් බල ඇති සත්රුවනින් යුත් මහත් තේජස් ඇති සක්විති රජෙක් විය.
Pali BJT1299. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1299. පිළිසැඹියාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඔපවය්හො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඕපවය්හ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේකි.
Pali BJTඔපවය්හත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTඕපවය්හ ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT56. සපරිවාරාසනත්ථෙරාපදානං
Sinhala BJT56. සපරිවාරාසන ස්ථවිරාවදානය
Pali BJT1300. පදුමුත්තරබුද්ධස්ස පිණ්ඩපාතං අදාසහං, ගන්ත්වා තං භොජනට්ඨානං{6} මල්ලිකාහි පරික්ඛිපිං{7}.
Sinhala BJT1300. මම පදුමුත්තර බුදුරජානන් වහන්සේට පිණ්ඩපාත දානයක් දිනිමි. ඒ වළඳන ස්ථානයට ගොස් බෝලිද්ද මලින් පිරිකෙව් කෙළෙමි.(සැරසීමි)
Pali BJT1301. තම්හාසනම්භි ආසීනො බුද්ධො ලොකග්ගනායකො, අකිත්තයී පිණ්ඩපාතං උජුභූතො සමාහිතො:
Sinhala BJT1301. ලෝකයෙහි අග්‍රනායක වූ ඍජුගුණ ඇති සන්හුන් වූ බුදුරජහු ඒ අසුනෙහි වැඩහුන්නාහු එ ම පිණ්ඩපාතය (පිළිබඳ අනුසස්) වදාළහ:
Pali BJT1302. “යථාපි භද්දකෙ ඛෙත්තෙ බීජං අප්පම්පි රොපිතං, සම්මා ධාරං පවෙච්ඡන්තෙ ඵලං තොසෙති කස්සකං.
Sinhala BJT1302. “යම්සේ මනා කෙතක රෝපණය කළ ස්වල්ප වූ ද බීජයක් මැනැවින් වැසිදහර වස්නා කල්හි ඵලය ගොවියා සතුටු කෙරේ ද,
Pali BJT1303. තථෙවායං පිණ්ඩපාතො සුඛෙත්තෙ රොපිතො තයා, භවෙ නිබ්බත්තමානං හි{8} ඵලතො තොසයිස්සති”{9}
Sinhala BJT1303. එසේ ම තා විසින් මනා කෙතෙහි රෝපණය කරණ ලද මේ පිණ්ඩපාත (කර්‍ම)ය තෙම භවයෙහි උපදින්නා වූ තා ඵලයෙන් සතුටු කරන්නේ ය.”