Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1301-1400 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1151. ද්වෙ සම්පත්තී අනුභොත්වා චිනිත්වා{4} පුඤ්ඤසඤ්චයං, අට්ඨවීසතිකප්පම්භි චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1151. (දිව්‍ය - මනුෂ්‍ය යන) ද්විවිධසම්පත් අනුභව කොට පින් ද රැස් කොට අටවිසිවන කපෙහි සක්විතිරජ වන්නේ ය.
Pali BJT1152. තත්රාපි ව්යම්හං පවරං විස්සකම්මෙන මාපිතං, දසසද්දාවිවිත්තං තං පුරමඣාවසිස්සති.
Sinhala BJT1152. එහි විශ්වකර්‍මයා විසින් මවන ලද උතුම් විමනකි. දශවිධ ශබ්දයන්ගෙන් වෙන් නො වූ ඒ පුරයෙහි අධිපති ව වසන්නේ ය.
Pali BJT1153. අපරිමෙය්යෙ ඉතො කප්පෙ භූමිපාලො මහිද්ධිකො, ඔක්කාකො නාම නාමෙන රාජා රට්ඨෙ භවිස්සති.
Sinhala BJT1153. මෙයින් අපරිමේයකල්පයෙහි පෘථිවිය පාලනය කරන්නා වූ මහර්ධි ඇති නමින් ඔක්කාක නම් වූ රජෙක් රටෙහි වන්නේ ය.
Pali BJT1154. සොළසිත්ථිසහස්සානං සබ්බාසං පවරා ච සා{5}, අභිජාතා ඛත්තියානී නව පුත්තෙ ජනෙස්සති.
Sinhala BJT1154. සියලු සොළොස්දහසක් ස්ත්‍රීන්ට උතුම් වූ විශිෂ්ට ජන්ම ඇති ඒ (=ප්‍රසිද්ධ වූ) කැත්දූ තොමෝ පුතුන් (4, දූන් 5) නව දෙනෙකුන් වදන්නී ය.
Pali BJT1155. තව පුත්තෙ ජනෙත්වාන ඛත්තියානී මරිස්සති, තරුණි ච පියා{6} අඤ්ඤා{*} මහෙසිත්තං කරිස්සති.
Sinhala BJT1155. කැත්දූ තොමෝ පුතුන් නව දෙනෙකුන් වදා මැරෙන්නී ය. (ඉක්බිති) අන්‍ය වූ ප්‍රියාවක් තොමෝ මෙහෙසිබව කරන්නී ය.
Pali BJT1156. ඔක්කාකං තොසයිත්වාන වරං කඤ්ඤා{7} ලභිස්සති, වරං ලද්ධානං{8} සා කඤ්ඤා පුත්තෙ පබ්බාජයිස්සති.
Sinhala BJT1156. ඒ කන්‍යා තොමෝ ඔක්කාකරජ සතුටු කොට වරයක් ලබන්නී ය. වරයා ලැබූ ඒ කන්‍යාතොමෝ පුතුන් රටින් පිටුවහල් කරවන්නී ය.
Pali BJT1157. පබ්බාජිතා ච තෙ සබ්බෙ ගමිස්සන්ති නගුත්තමං, ජාතිභෙදභයා සබ්බෙ භගිනීහි සංවසිස්සරෙ{9}.
Sinhala BJT1157. පිටුවහල් වී ඒ සියල්ලෝ උතුම් පර්‍වතයට (=හිමවතට) යන්නාහු ය. සියල්ලෝ ජාතිභේදය වන බියෙන් සොහොයුරියන් සමග සංවාසය කරන්නාහු ය.
Pali BJT1158. එකා ච කඤ්ඤා ව්යාධීහි භවිස්සති පරික්ඛතා{10}, ‘මා නො ජාති පභිජ්ජී’ ති නිඛණිස්සන්ති ඛත්තියා.
Sinhala BJT1158. (එයින්) එක් (පියා නම්) කන්‍යාවක් තොමෝ ව්‍යාධිය (කුෂ්ටරෝගය) කින් වැලඳගන්නා ලද්දී වන්නී ය. ක්‍ෂත්‍රිය කුමාරවරු “ජාතිසම්භේදය නො කරාවා”යි ඇය වළක දමා (උඩින්) වසත්.
Pali BJT1159. ඛත්තියො නීහරිත්වාන තාය සද්ධිං වසිස්සති, භවිස්සති තදා භෙදො ඔක්කාකකුලසම්භවො.
Sinhala BJT1159. (රාම නම්) රජෙක් තෙම (ඇය ඒ වළින්) ගොඩට ගෙණ ඇය සමග (අඹු සැමියන් ලෙස) වසන්නේ ය. එකල්හි ඔක්කාක කුලයෙහි වූ ජාතිසම්භේදය වන්නේ ය.
Pali BJT1160. තෙසං පජා භවිස්සන්ති කොලියා නාම ජාතියා, තත්ථ මානුසකං භොගං අනුභොස්සන්තනප්පකං. .
Sinhala BJT1160. ඔවුන්ගේ ප්‍රජා තොමෝ (දරුමුනුබුරු පරපුර) ජාතිවශයෙන් කෝලිය නම් වන්නී ය. එහි (ඔහු) මිනිසුන් සතු අනල්ප වූ භොග සම්පත් අනුභව කරන්නාහු ය.
Pali BJT1161. තම්හා කායා චවිත්වාන දෙවලොකං ගමිස්සති, තත්රාපි පවරං ව්යම්හං වින්දිස්සති{1} මනොරමං.
Sinhala BJT1161. එම කයින් ච්‍යුත ව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) යන්නේ ය. එහි ද මනහර වූ උතුම් විමානයෙක්හි (සැප) විඳින්නේ ය.
Pali BJT1162. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, ආගන්ත්වාන මනුස්සත්තං සොණො නාම භවිස්සති.
Sinhala BJT1162. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් ච්‍යුත ව මිනිසත්බවට පැමිණ සෝණ නම් වන්නේ ය.
Pali BJT1163. ආරද්ධවිරියො පහිතත්තො පදහං සත්ථු සාසනෙ, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT1163. බුදුසසුනෙහි පටන් ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ, නිවණ කෙරෙහි මෙහෙයන ලද සිත් ඇත්තේ වීර්‍ය්‍යය කරමින් සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
Pali BJT1164. අනන්තදස්සී{2} භගවා ගොතමො සක්යපුඞ්ගවො, විසෙසඤ්ඤූ මහාවීරො අග්ගට්ඨානෙ ඨපෙස්සති.” {*}---
Sinhala BJT1164. අනන්ත (දැය) දක්නාසුලු වූ ශාක්‍යකුලජ්‍යේෂ්ඨවූ (දත යුතු සියල්ල) විශේෂයෙන් දත්තා වූ ගෞතම බුදුරජ තෙමේ (මොහු) අග්‍රස්ථානයෙහි තබන්නේ ය” (කියායි).
Pali BJT1165. උත්තමෙ දමථෙ{3} දන්තො චිත්තං මෙ සුප්පණීහිතං, භාරො මෙ ඔහිතො සබ්බො නිබ්බුතො’ම්හි අනාසවො.
Sinhala BJT1165. උතුම් දමනයෙහි දැමුනෙමි. මා විසින් සිත මැනැවින් පිහිටුවා ගන්නාලදී. (එසේ ම) මා විසින් සියලු බර බහා තබනලදී. ආස්‍රව රහිත ව (ක්ලේශ පරිනිර්‍වාණයෙන්) පිරිනිවුනෙම් වෙමි.
Pali BJT1166. අංගීරසො මහානාගො අභිජාතොව කෙසරී, භික්ඛුසංඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT1166. (සිරුරෙන් රැස් විහිදෙන බැවින් හෝ අඞ්ගිරස් නම් රුසිහුගේ පරපුරෙහි වූ බැවින්) අංගීරස නම් වූ (සතර අගතියට හෝ සතර අපායට නො යන බැවින්) මහානාග වූ ශ්‍රේෂ්ඨ ජන්ම අත්තා වූ කේශරසිංහයකු වැනි වූ (සර්‍වඥ තෙමේ) භික්‍ෂුසංඝයා මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.
Pali BJT1167. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1167. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සොණො කොටිකණ්ණො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කෝටිකණ්ණ ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසොණකොටිකණ්ණත්ථෙරස්ස අපදානං දුතියං.
Sinhala BJTසෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT43. කාළිගොධාපුත්තභද්දියත්ථෙරාපදානං{4}
Sinhala BJT43. කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරාවදානය
Pali BJT1168. පදුමුත්තරසම්බුද්ධං මෙත්තචිත්තං මහාමුනිං, උපෙති ජනතා සබ්බා සබ්බලොකග්ගනායකං.
Sinhala BJT1168. සියලු ලෝකයෙහි අසහාය නායක වූ මෙත් සිත් ඇති මහා මුනි වූ පදුමුත්තර බුදුරදුන් වෙත සියලු ජනසමූහයා එළඹෙයි.
Pali BJT1169. වත්ථං සෙනාසනං චෙව{5} ආමිසං පානභොජනං, දදන්ති සත්ථුනො සබ්බෙ පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ.
Sinhala BJT1169. සියල්ලෝ නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි (භික්‍ෂුසංඝයාට ද ශාස්තෲන් වහන්සේට ද) වස්ත්‍ර සෙනසුන් ද පාන හා භෝජන ද (යන) ආමිසය දෙත්.
Pali BJT1170. අහම්පි දානං දස්සාමි දෙවදෙවස්ස තාදිනො, බුද්ධසෙට්ඨං නිමන්තෙත්වා සංඝම්පි ච අනුත්තරං.
Sinhala BJT1170. මම ද බුදුරජානන් වහන්සේ ද අනුත්තර වූ සංඝයා ද පවරා, දෙවියන්ට දෙවි වු තාදීගුණ ඇති බුදුරජානන් වහන්සේ ට දනක් දෙමි.
Pali BJT1171. උය්යොජිතා මයා චෙතෙ නිමන්තෙසුං තථාගතං, කෙවලං භික්ඛුසඞ්ඝඤ්ච පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
Sinhala BJT1171. මා විසින් මෙහෙයන ලද්දා වූ ඒ මනුෂ්‍යයෝ ද තථාගතයන් වහන්සේ ද නිරුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය වූ සියලු භික්‍ෂුසංඝයා ද පැවරූහ.
Pali BJT1172. සතසහස්ස{1}පල්ලඞ්කං සොවණ්ණං ගොණකත්ථතං, තූලිකා පටලිකාය{2} ඛොමකප්පාසිකෙහි{3} ච, මහාරහං පඤ්ඤපෙසිං ආසනං බුද්ධයුත්තකං.
Sinhala BJT1172. කොඳුපලස් අතුරණ ලද්දා වූ ද, පුලුන්ඇතිරි හා ඝන පුප් එළුලොම්ඇතිරි අතුරණ ලද්දා වූ ද, කොමුඇතිරියෙන් හා කපුඇතිරියෙන් අතුරණ ලද්දා වූ ද, ස්වර්‍ණමය වූ (පාදයන්හි ව්‍යාලරූප නගා කළ) සියක් දහසක් අගනා මහාර්‍හ වූ බුදුන්ට යෝග්‍ය අසුනක් පැණවීමි.
Pali BJT1173. පදුමුත්තරො ලොකවිදූ දෙවදෙවො නරාසභො, භික්ඛුසංඝපරිබ්බූළ්හො මම ද්වාරං උපාගමි.
Sinhala BJT1173. දෙවියන්ට ද දෙවි වූ නරශ්‍රේෂ්ඨ වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් මාගේ ගෙදොරට එළඹි සේක.
Pali BJT1174. පච්චුග්ගන්ත්වාන සම්බුද්ධං ලොකනාථං යසස්සිනං, පසන්නචිත්තො සුමානො අතිනාමයිං සකං{4} ඝරං.
Sinhala BJT1174. ලෝකනාථ වූ යශස් ඇති සම්බුදුරජාණන් වහන්සේට පෙරගමන් කොට පහන් සිත් ඇත්තෙම් සතුටු ව ස්වකීය ගෘහය (තුළට) වැඩම කරවීමි.
Pali BJT1175. භික්ඛූනං සතසහස්සං බුද්ධඤ්ච ලොකනායකං, පසන්නචිත්තො සුමනො පරමන්නෙන තප්පයිං.
Sinhala BJT1175. පහන් සිත් ඇත්තෙම් සොම්නස් සහිත වූයෙම් භික්‍ෂූන් සියක් දහස ද ලෝකනායක වූ බුදුරජුන් ද කිරිබතින් සන්තර්‍පණය කෙළෙමි.
Pali BJT1176. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1176. පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෙයක් බඳු වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළ සේක:
Pali BJT1177. “යෙනිදං ආසනං දින්නං සොවණ්ණං ගොණකත්ථතං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1177. “යමකු විසින් කොඳුපලස් අතුරණ ලද ස්වර්‍ණමය වූ මේ අසුන දෙන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ (වචනය) අසවු:
Pali BJT1178. චතුසත්තතික්ඛත්තුං සො දෙවරජ්ජං කරිස්සති, අනුභොස්සති සම්පත්තිං අච්ඡරාහි පුරක්ඛතො.
Sinhala BJT1178. හෙතෙමේ සූසැත්තෑවරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය.
Pali BJT1179. පදෙසරජ්ජං සහස්සං වසුධං ආවසිස්සති, එකපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1179. දහස්වරක් ප්‍රදේශරාජ්‍යය කරමින් පොළොවෙහි වසන්නේ ය. එක්පණස්වරක් සක්විතිරජ ද වන්නේ ය.
Pali BJT1180. සබ්බාසු භවයොනීසු උච්චාකුලී{5} භවිස්සති, සො ච පච්ඡා පබ්බජිත්වා සුක්කමූලෙන චොදිතො, භද්දියො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.”
Sinhala BJT1180. සියලු භවයෝනීන්හි උසස් කුල ඇත්තේ වන්නේ ය. කුශල මූලයන් විසින් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව නමින් භද්දිය නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
Pali BJT1181. විවෙකමනුයුත්තො’ම්හි පන්තසෙනනිවාසහං, ඵලඤ්චාධිගතං සබ්බං චත්ත{6}ක්ලෙසො’ම්හි අජ්ජ’හං.
Sinhala BJT1181. මම විවේකයෙහි යෙදුනෙම් වෙමි. අරණෙහි දුරසෙනසුන්හි වසන්නෙම් වෙමි. (මා විසින්) සියලු (ශ්‍රාමණ්‍ය) ඵල ද ලබන ලදී. අද මම හරණා ලද ක්ලේශ ඇත්තෙම් වෙමි.
Pali BJT1182. මම සබ්බං අභිඤ්ඤාය සබ්බඤ්ඤූ ලොකනායකො, භික්ඛුසංඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT1182. ලොකානායක වූ සර්‍වඥතෙමේ මා පිළිබඳ සියල්ල දැන භික්‍ෂුසංඝයා මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT1183. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1183. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා භද්දියො කාළිගොධාය පුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTකාළිගොධාපුත්තස්ස භද්දියත්ථෙරස්ස අපදානං තතියං.
Sinhala BJTකාළිගෝධාපුත්‍රභද්දිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT44. සන්නිට්ඨාපකත්ථෙරාපදානං
Sinhala BJT44. සන්නිට්ඨාපක ස්ථවිරාවදානය
Pali BJT1184. අරඤ්ඤෙ කුටිකං කත්වා වසාමි පබ්බතන්තරෙ, ලාභාලාභෙන සන්තුට්ඨො යසෙන අයසෙන ච.
Sinhala BJT1184. (මම) ලාභ අලාභ දෙකින් ද, යස අයස දෙකින් ද, (සම සේ) සතුටු වූයෙම් කඳු අතුරෙහි වූ අරණෙහි කුටියක් කොට (ගෙණ) වෙසෙමි.
Pali BJT1185. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, වසීසතසහස්සෙහි ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT1185. පූජාවන් පිළිගන්නා වූ නොහොත් පූජාවන්ට ගෘහයක් වැනි වූ පදුමුත්තර බුදුරජතෙමේ සියක් දහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ මාගේ සමීපයට එළඹියේ ය.
Pali BJT1186. උපාගතං මහාවීරං ජලජුත්තරනාමකං, තිණසන්ථරං පඤ්ඤපෙත්වා අදාසිං සත්ථුනො අහං.
Sinhala BJT1186. එළඹ සිටි පදුමුත්තර නම් වූ මහාවීරයන් වහන්සේ (දැක) මම ඒ ශාස්තෲන් වහන්සේට තණ ඇතිරියක් පණවා දිනිමි.
Pali BJT1187. පසන්නචිත්තො සුමනො ආමණ්ඩං පානියඤ්ච’හං, අදාසිං උජුභූතස්ස විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT1187. පැහැදුනු සිත් ඇති සොම්නස් සහිත වූ මම ඍජුගුණ ඇති බුදුරජානන් වහන්සේට පහන් සිතින් කැකිරි ද පැන් ද දිනිමි.
Pali BJT1188. සතසහස්සෙ ඉතො කප්පෙ{1} යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ආමණ්ඩස්ස ඉදං ඵලං.
Sinhala BJT1188. මෙයින් කල්ප ලක්‍ෂයකින් පෙර වූ එකල්හි (මම) යම් දනක් දුන්නෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කැකිරි දානයාගේ මේ ඵලය යි.
Pali BJT1189. එකතාළීසකප්පම්හි එකො ආසිං අරින්දමො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1189. එක්සාළිස්වන කපෙහි සත්රුවනින් යුක්ත වූ මහත් බල ඇති අරින්‍දම නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1190. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1190. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සන්නිට්ඨාපකො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සන්නිට්ඨාපක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTසන්නිට්ඨාපකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
Sinhala BJTසන්නිට්ඨාපක ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT45. පඤ්චහත්ථියත්ථෙරාපදානං
Sinhala BJT45. පඤ්චහත්‍ථිය ස්ථවිරාවදානය
Pali BJT1191. සුමෙධො නාම සම්බුද්ධො ගච්ඡතෙ අන්තරාපණෙ, ඔක්ඛිත්තචක්ඛු{3} මිතභාණී සතිමා සංවුතින්ද්රියො.
Sinhala BJT1191. යටට හෙළන ලද ඇස් ඇති ප්‍රමාණවත් වචන ඇති, සිහියෙන් යුත් සංවරණය කරණලද ඉඳුරන් ඇති, සුමේධ නම් බුදුරජතෙමේ ඇතුළු වීථියෙහි වඩනා කල්හි-
Pali BJT1192. පඤ්ච උප්පලහත්ථානි ආවෙලත්ථං අහංසු{4} මෙ, තෙන බුද්ධං අපූජෙසිං පසන්නො සෙහි පාණිහි.
Sinhala BJT1192. මට මුදුන්මල්කඩ පිණිස උපුල්අත් (උපුල්මිටි) පසක් ගෙණාවාහු ය. මම පහන් වූයෙම් ඒ මලින් සියතින් බුදුන් පිදීමි.
Pali BJT1193. ආරොපිතා ච තෙ පුප්ඵා ඡදනං ආසු{5} සත්ථුනො, සංසාවිංසු{6} මහානාගං සිස්සා ආචරියං යථා.
Sinhala BJT1193. උඩට නැගුනු ඒ මල් බුදුරජානන් වහන්සේට වියනක් වී ය. ශිෂ්‍යයෝ ගුරුවරයෙකුගේ මෙන් සියලු පුෂ්පයෝ බුදුරජානන් වහන්සේගේ ගිමන් නිවූහ.
Pali BJT1194. තිංසකප්පසහස්සම්හි යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1194. මෙයින් තිස්දහස්වන කපෙහි යම් මල් රැසක් (බුදුන් මුදුනෙහි) එළවූයෙම් ද (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1195. ඉතො වීසකප්පසතෙ අහෙසුං පඤ්ච ඛත්තියා, හත්ථියා නාම නාමෙන චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1195. මෙයින් දෙදහස්වන කපෙහි නමින් හත්‍ථිය නම් වූ මහත් බල ඇති සක්විතිරජවරු පස්දෙනෙක් වූහ.
Pali BJT1196. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1196. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පඤ්චහත්ථියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චහත්‍ථියස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTපඤ්චහත්තියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
Sinhala BJTපඤ්චහත්‍ථියස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT46. පදුමච්ඡදනියත්ථෙරාපදානං
Sinhala BJT46. පදුමච්ඡදනිය ස්ථවිරාවදානය
Pali BJT1197. නිබ්බුතෙ ලොකනාථම්භි විපස්සිම්හග්ගපුග්ගලො, සුඵුල්ලං පදුමං ගය්හ චිතකමාරොපයිං අහං.{1}
Sinhala BJT1197. එකල්හි අග්‍රපුද්ගල වූ විපස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම මැනැවින් පිපුනු පියුම් ගෙණ චිතකයට පිදීමි.
Pali BJT1198. ආරොපිතෙ ච චිතකෙ වෙහාසං නභමුග්ගමී, ආකාසච්ඡදනං කත්වා චිතකම්භි අධාරයිං.{2}
Sinhala BJT1198. චිතකයට නැගු කල්හි (ඒ පියුම්) අහසට නැගුනේ ය. එය අහසෙහි වියනක් කොට චිතකයෙහි දැරීමි.
Pali BJT1199. එකනවුතෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
Sinhala BJT1199. මෙයින් එක්අනූවන කපෙහි යම් මලක් පිදුවෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. බුද්ධපූජාවෙහි මේ විපාකය යි.
Pali BJT1200. සත්තතාළීසිතො කප්පෙ පදුමිස්සරනාමකො, චාතුරන්තො විජිතාවී චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1200. මෙයින් සත්සාලිස්වන කපෙහි සිවුමහදිවයින් හා සිවු සයුරු කෙළවර කොට ඇති පෘථිවිශ්චර වූ, සතුරු රජුන් ජය ගන්නාසුලු වූ මහත් බල ඇති පදුමිස්සර නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1201. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1201. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පදුමච්ඡදනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් පදුමච්ඡදනිය ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTපදුමච්ඡදනියත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
Sinhala BJTපදුමච්ඡදනිය ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT47. සයනදායකත්ථෙරාපදානං
Sinhala BJT47. ශයනදායක ස්ථවිරාවදානය
Pali BJT1202. සිද්ධත්ථස්ස භගවතො මෙත්තචිත්තස්ස තාදිනො, සයනග්ගං මයා දින්නං දුස්සභණ්ඩෙහි අත්ථතං.
Sinhala BJT1202. තාදීගුණ ඇති මෛත්‍රී සිත් ඇති සිද්ධත්‍ථ භාග්‍යවතුන් වහන්සේට ඇතිරි ආදි වූ දුස්සභාණ්ඩයන්ගෙන් අතුරණ ලද උතුම් සයනයක් මා විසින් දෙනලදී.
Pali BJT1203. පටිග්ගහෙසි භගවා කප්පියං සයනාසනං, උට්ඨාය ආසනා තම්හා වෙහාසං උග්ගමී ජිනො.
Sinhala BJT1203. භාග්‍යවතුන් වහන්සේ ඒ කැප ශයනාසනය පිළිගත් සේක. පස්මරුන් දිනූ බුදුරජතෙමේ ඒ අසුනින් නැගිට අහසට නැගුනේ ය.
Pali BJT1204. චතුනවුතෙ ඉතො කප්පෙ යං සයනමදාසහං, දුග්ගතිං නාභිජානාමි සයනදානස්සිදං{3} ඵලං.
Sinhala BJT1204. මම මෙයින් සිවුඅනූවන කපෙහි යම් සයනයක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සයනදානයාගේ මේ විපාකය යි.
Pali BJT1205. එකපඤ්ඤාසිතො කප්පෙ වරුණො{4} දෙවසව්හයො, සත්තරතනසම්පන්නො චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT1205. මෙයින් එක්පණස්වන කපෙහි සත්රුවනින් යුත් මහා බල ඇති වරුණදේව නම් සක්විතිරජෙක් වීමි.
Pali BJT1206. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1206. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සයනදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ශයනදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTසයනදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
Sinhala BJTශයනදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT48. චඞ්කමදායකත්ථෙරාපදානං
Sinhala BJT48. චඞ්ක්‍රමදායක ස්ථවිරාවදානය
Pali BJT1207. අත්ථදස්සිස්ස මුනිනො ලොකජෙට්ඨස්ස තාදිනො, ඉට්ඨකාහි චිනිත්වාන චඞ්කමං කාරයිං අහං.
Sinhala BJT1207. මම ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේට ගඩොළින් බැඳ සක්මනක් කරවීමි.
Pali BJT1208. උච්චතො පඤ්චරතනං චඞ්කමං සාධු මාපිතං, ආයාමතො හත්ථසතං භාවනීයං{5} මනොරමං.
Sinhala BJT1208. එය මැනැවින් කරණ ලද්දකි. උසින් පස්රියනකි. දිගින් රියන් සියයකි. සිහි කට යුත්තකි. මනෝඥ ය.
Pali BJT1209. පටිග්ගහෙසි භගවා අත්ථදස්සී නරුත්තමො, හත්ථෙන පුලිනං ගය්හ ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1209. නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සී භාග්‍යවත් තෙමේ ඒ සක්මන පිළිගත්තේ ය. අතින් (එයින්) වැලි (ටිකක්) ගෙන මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT1210. “ඉමිනා පුලිනදානෙන චඞ්කමං සුකතෙන ච, සත්තරතනසම්පන්නං පුලිනං අනුභොස්සති.
Sinhala BJT1210. මේ වැලි දීමේ හේතුවෙන් ද, සක්මන මැනැවින් කළ හේතුවෙන් ද සත්රුවනින් යුත් වැලි (පරිභෝගයට) ලබන්නේ ය.
Pali BJT1211. තීණි කප්පානි දෙවෙසු දෙවරජ්ජං කරිස්සති, අනුභොස්සති සම්පත්තිං අච්ඡරාහි පුරක්ඛතො.
Sinhala BJT1211. තුන්කපක් මුළුල්ලෙහි දෙවියන් අතර දිව්‍යරාජ්‍යය කරන්නේ ය. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයේ (දිව්‍ය) සම්පත් අනුභව කරන්නේ ය.
Pali BJT1212. මනුස්සලොකං ආගන්ත්වා රාජා රට්ඨෙ භවිස්සති, තික්ඛත්තුං චක්කවත්තී ච මහියා සො භවිස්සති.”
Sinhala BJT1212. මිනිස්ලොවට පැමිණි රටෙහි රජ වන්නේ ය. හෙතෙමේ තෙවරක් පෘථිවියෙහි සක්විතිරජ වන්නේ ය” (කියායි).
Pali BJT1213. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා. දුග්ගතිං නාභිජානාමි චඞ්කමස්ස ඉදං ඵලං.
Sinhala BJT1213. එක්දහස්අටසියවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් කර්‍මයක් කෙළෙම් ද ඒ හේතුවෙන් දුගතියක් නො දනිමි. චඞ්ක්‍රමදානයාගේ මේ විපාකය යි.
Pali BJT1214. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1214. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා චඞ්කම{1}දායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් චඞ්ක්‍රමදායක ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTචඞ්කමදායකත්ථෙරස්ස{*} අපදානං අට්ඨමං.
Sinhala BJTචඞ්ක්‍රමදායකස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT49. සුභද්දත්ථෙරාපදානං
Sinhala BJT49. සුභද්‍ර ස්ථවිරාවදානය
Pali BJT1215. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, ජනතං උද්ධරිත්වාන නිබ්බායති මහායසො.
Sinhala BJT1215. පූජාවන් පිළිගන්නා වූ මහා පිරිවර ඇති පදුමුත්තර බුදුරජානන් වහන්සේ ජනසමූහයා සසරින් ගොඩ නගා පිරිනිවන් පානාසේක.
Pali BJT1216. නිබ්බායන්තෙ ච සම්බුද්ධෙ දසසහස්සී පකම්පථ,{2} ජනකායො මහා ආසි දෙවා සන්නිපතුං තදා.
Sinhala BJT1216. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පානා කල්හි දසදහසක් ලෝධා කම්පිත වී ය. (රැස් වූ) ජනසමූහයා ද මහත් වී ය. එකල්හි දෙවියෝ ද රැස් වූහ.
Pali BJT1217. වන්දනං පූජයිත්වාන{3} තගර{4}මල්ලිකාහි ච, හට්ඨො හට්ඨෙන චිත්තෙන ආලෙපෙසිං{5} නරුත්තමං.
Sinhala BJT1217. සතුටු වූයෙම් සතුටු සිතින් තුවරලා හා බෝලිද්ද මලින් යුත් සඳුන් පුදා නරෝත්තමයන් වහන්සේට සඳුනින් අලෙවු දනිමි.
Pali BJT1218. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, නිපන්නකොව සම්බුද්ධො ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1218. ලෝකයෙහි නිරුත්තර ශාස්තෘ වූ සම්බුදුරජ තෙමේ (පරිනිර්‍වාණ මඤ්චකයෙහි) හොත්තේ ම මාගේ අදහස් දැන මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT1219. “යො මෙ පච්ඡිමකෙ කාලෙ ගන්ධමාල්යෙන{6} ඡාදයී, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1219. “යමෙක් මාගේ අන්තිම කාලයෙහි මා ගඳින් මලින් පිදී ද, ඔහු ප්‍රකට කරන්නෙමි. එසේ කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT1220. ඉතො චුතො අයං පොසො තුසිතකායං ගමිස්සති, තත්ථ රජ්ජං කරිත්වාන නිම්මානං සො ගමිස්සති.
Sinhala BJT1220. මේ පුරුෂතෙමේ මෙයින් චුත ව තුෂිත දෙව්ලොවට යන්නේ ය. හෙතෙමේ එහි රාජ්‍යය කොට නිර්‍මාණරති දෙව්ලොවට යන්නේ ය.
Pali BJT1221. එතෙනෙව උපායෙන දත්වා මල්යං{7} වරුත්තමං, සකකම්මාභිරද්ධො සො සම්පත්තිං අනුභොස්සති.
Sinhala BJT1221.මේ ක්‍රමයෙන් ම උතුම් මල් පුදා ස්වකීය කර්‍මයෙන් තුටු වූයේ සම්පත් අනුභව කරන්නේ ය.
Pali BJT1222. පුනාපි තුසිතෙ කායෙ නිබ්බත්තිස්සතයං නරො, තම්හා කායා චවිත්වාන මනුස්සත්තං ගමිස්සති.
Sinhala BJT1222. මේ මිනිස් තෙමේ නැවත ද තුෂිතදෙව්ලොව උපදින්නේ ය. ඒ අත්බැවින් ච්‍යුත ව මිනිසත් බවට පැමිණෙන්නේ ය.
Pali BJT1223. සක්යපුත්තො මහානාගො අග්ගො ලොකෙ සදෙවකෙ, බොධයිත්වා බහූ සත්තෙ නිබ්බායිස්සති චක්ඛුමා.
Sinhala BJT1223. ශාක්‍යපුත්‍ර වූ මහොත්තම වූ දෙවියන් සහිත ලෝකයෙහි අග්‍රපුද්ගල වූ පසැස් ඇති ගෞතම බුදුරජතෙමේ බොහෝ සත්ත්‍වයන්ට ධර්‍මාවබෝධය කරවා පිරිනිවන් පානේ ය.
Pali BJT1224. පබ්බජ්ජූපගතො{1} සන්තො සුක්කමූලෙන චොදිතො, උපසඞ්කම්ම සම්බුද්ධං පඤ්හං පුච්ඡිස්සතී තදා.
Sinhala BJT1224. හේ කුශලමූලයෙන් මෙහෙයන ලද්දේ තවුස් පැවිද්දෙන් පැවිදි වූයේ ම එකල්හි බුදුරජුන් කරා එළඹ ප්‍රශ්න විචාරන්නේ ය.
Pali BJT1225. හාසයිත්වාන{2} සම්බුද්ධො සබ්බඤ්ඤූ ලොකනායකො, පුඤ්ඤකම්මං පරිඤ්ඤාය සච්චානි විවරිස්සති.
Sinhala BJT1225. ලෝකනායක වූ සර්‍වඥ වූ (ගෞතම) බුදුරජ තෙම ඔහු සතුටු කොට (පෙර කළ) පුණ්‍යකර්‍මයන් පිරිසිඳ දැන සත්‍යයන් ප්‍රකට කරන්නේ ය.
Pali BJT1226. ආරද්ධො ච අයං පඤ්හෙ තුට්ඨො එකග්ගමානසො, සත්ථාරං අභිවාදෙත්වා පබ්බජ්ජං යාචයිස්සති.
Sinhala BJT1226. මෙතෙමේ ප්‍රශ්න (විසර්‍ජන)යෙන් ආරාධිත වූයේ සතුටු වූයේ එකඟ සිත් ඇත්තේ ශාස්තෲන් වහන්සේ වැඳ පැවිද්ද ඉල්ලන්නේ ය.
Pali BJT1227. පසන්නමානසං දිස්වා සක්කම්මෙන තොසිතං, පබ්බාජෙස්සති සො බුද්ධො අග්ගධම්මස්ස කොවිදො.
Sinhala BJT1227. අග්‍ර වූ (චතුරාය්‍යසත්‍යය) ධර්‍මයෙහි දක්‍ෂ වූ ඒ සම්‍යක් සම්බුද්ධ තෙමේ ස්වකීය කර්‍මයෙන් සතුටට පැමිණ පහන් සිත් ඇති ඔහු දැක පැවිදි කරන්නේ ය.
Pali BJT1228. වායමිත්වාන’යං පොසො සම්මාසම්බුද්ධසාසනෙ, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො”.
Sinhala BJT1228. මේ පුරුෂ තෙමේ බුදුසසුන්හි වීර්‍ය්‍ය වඩා සියලු ආස්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව පිරිනිවන් පානේ ය” (කියා යි).
Pali BJT(පඤ්චමහාණවාරං.)
Sinhala BJT(පස්වැනි බණවර යි.)