Pali BJT1076. පටිගණ්හි මහාවීරො සහත්ථෙන{5} මහාඉසි, භුඤ්ජිත්වා තඤ්ච සබ්බඤ්ඤූ වෙහාසං නභමුග්ගමි.
Sinhala BJT1076. මහර්ෂි වූ මහාවීර වූ (අත්‍ථදස්සි) බුදුරජතෙමේ මී අනුභව කොට අහසට නැංගේ ය.
Pali BJT1077. අන්තලික්ඛෙ ඨිතො සත්ථා අත්ථදස්සී නරාසභො මම චිත්තං පසාදෙන්තො ඉමා ගාථා අභාසථ.
Sinhala BJT1077. අසසෙහි සිටියා වූ නරශ්‍රේෂ්ඨ වූ අත්‍ථදස්සි ශාස්තෘ තෙමේ මාගේ සිත පහදවමින් මෙ ම ගාථාවන් දෙසී ය.
Pali BJT1078. “යෙනි’දං ථවිතං ඤාණං බුද්ධසෙට්ඨො ච ථොමිතො, තෙන චිත්තප්පසාදෙන දුග්ගතිං සො න ගච්ඡති.
Sinhala BJT1078. “මේ (බුද්ධ) ඥානය යමකු විසින් පසසන ලද ද, බුද්ධ ශ්‍රේෂ්ඨ තෙමේ ද (යමකු විසින්) තුති කරණ ලද ද, හෙතෙමේ එ ම චිත්තප්‍රසාදය කරණ කොට ගෙණ දුගතියකට නො යයි.
Pali BJT1079. චතුද්දසක්ඛත්තුං සො දෙවජ්ජං කරිස්සති, පථව්යා රජ්ජං{6} අට්ඨසතං{7} වසුධං ආවසිස්සති.
Sinhala BJT1079. හෙතෙමේ තුදුස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. අටසිය වරක් පෘථිවීරාජ්‍යය (කොට) පොළොවෙහි වාසය කරන්නේ ය.
Pali BJT1080. අථ පඤ්චසතක්ඛත්තුං{1} චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජමසඞ්ඛෙය්යං මහියා කාරයිස්සති.
Sinhala BJT1080. ඉක්බිති පන්සියවරක් සක්විතිරජ වන්නේ ය. පෘථිවියෙහි අසඞ්ඛ්‍යවාරගණනක් ප්‍රදේශරාජ්‍යය කරවන්නේ ය.
Pali BJT1081. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදානපාරගූ, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
Sinhala BJT1081. වේද හදාරන්නා වූ මන්ත්‍රධර වූ වේදත්‍රයයෙහි පරතෙරට ගියා වූ (හෙතෙමේ) ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
Pali BJT1082. ගම්භීරං නිපුණං අත්ථං ඤාණෙන විචිනිස්සති, මොඝරාජාති නාමෙන හෙස්සති සත්ථු සාවකො.
Sinhala BJT1082. ගැඹුරු වූ සියුම් වූ අර්‍ත්‍ථ නුවණින් දැනගන්නේ ය. (හෙතෙමේ) නමින් මෝඝරාජ ය යි බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT1083. තීහි විජ්ජාහි සම්පන්නං කතකිච්චං අනාසවං{2}, ගොතමො සත්ථවාහග්ගො එතදග්ගෙ ඨපෙස්සති.”
Sinhala BJT1083. (සසර කතරින් සත්ත්‍වයන් එතෙර කරණ බැවින්) අග්‍ර සාර්‍ත්‍ථවාහයකු වැනි වූ ගෞතම බුදුරජ තෙමේ ත්‍රිවිද්‍යාවන්ගෙන් යුක්ත වූ කොට නිමවූ කට යුතු ඇති ආශ්‍රව රහිත වූ (ඔහු) ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”
Pali BJT1084. හිත්වා මානුසකං යොගං ඡෙත්වාන භවබන්ධනං, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT1084. මිනිස්යෙදුම් හැර භවබැඳුම් සිඳ සියලු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥාවශයෙන් දැන ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1085. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1085. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මොඝරාජා ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මෝඝරාජස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTමොඝරාජත්ථෙරස්සාපදානං පඤ්චමං.
Sinhala BJTමොඝරාජස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT36. අධිමුත්තත්ථෙරාපදානං.{*}
Sinhala BJT36. අධිමුත්ත ස්ථවිරාවදානය
Pali BJT1086. නිබ්බුතෙ ලොකනාථම්හි අත්ථදස්සිනරුත්තමෙ, උපට්ඨහිං{3} භික්ඛුසංඝං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT1086. මනුෂ්‍යොත්තම වූ අත්‍ථදස්සී බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි (මම) පැහැදි සිතින් යුතු ව භික්‍ෂු සඞ්ඝයාට උපස්ථාන කෙළෙමි.
Pali BJT1087. නිමන්තෙත්වා සඞ්ඝරතනං උජුභූතං සමාහිතං, උච්ඡුනා මණ්ඩපං කත්වා භොජෙසිං සංඝමුත්තමං.
Sinhala BJT1087. ඍජු ගුණ යුත් එකඟ සිත් ඇති සංඝරත්නය පවරා මඩුවක් කරවා උතුම් සඞ්ඝයාට උක් වැළඳවීමි.
Pali BJT1088. යං යං යො’නුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බෙ සතෙ අභිභොමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං
Sinhala BJT1088. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම්, සියලු සත්ත්‍වයන් අභිභවනය කරමි. මේ (එ ම) පුණ්‍යකර්‍මයාගේ ඵලය යි.
Pali BJT1089. අට්ඨාරසෙ කප්පසතෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි උච්ඡුදානස්සි’දං ඵලං.
Sinhala BJT1089. කල්ප එක්දහස්අටසියයකට පෙර වූ එකල්හි යම් දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. උක් දනෙහි මේ විපාකය යි.
Pali BJT1090. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1090. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අධිමුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් අධිමුත්ත ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTඅධිමුත්තත්ථෙරස්සාපදානං ඡට්ඨං.
Sinhala BJTඅධිමුත්තස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT37. ලසුණදායකත්ථෙරාපදානං.
Sinhala BJT37. ලසුණදායක ස්ථවිරාවදානය
Pali BJT1091. හිමවන්තස්ස අවිදූරෙ තාපසො ආස’හං තදා, ලසුණං උපජීවාමි ලසුණං මය්හ භොජනං.
Sinhala BJT1091. මම එකල්හි හිමවතට නුදුරු තන්හි තවුසෙක් වීමි. (රතු) ලුහුණු (ආහාර කොට ගෙණ) ජීවත් වෙමි. මාගේ භෝජනය ලුහුණු ය.
Pali BJT1092. ඛාරියො පූරයිත්වාන සංඝාරාමමගච්ඡ’හං, හට්ඨො හට්ඨෙන චිත්තෙන සංඝස්ස ලසුණං අදං.
Sinhala BJT1092. මම (ලුහුණු) කදක් පුරවාගෙණ සඞ්ඝාරාමයට ගියෙමි. සතුටු වූයෙම් සතුටු සිතින් ම සඞ්ඝයාට ලුහුණු දුන්නෙමි.
Pali BJT1093. විපස්සිස්ස නරග්ගස්ස සාසනෙ නිරතස්ස’හං, සංඝස්ස ලසුණං දත්වා කප්පං සග්ගම්හි මොද’හං
Sinhala BJT1093. මම විපස්සී නරශ්‍රේෂ්ඨයන් (බුදුරජානන්) වහන්සේ සසුනෙහි නිරත වූ සඞ්ඝයාට ලුහුණු දී කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT1094. එකනවුතෙ ඉතො කප්පෙ ලසුණං යම’දං තදා, දුග්ගතිං නාභිජානාමි ලසුණානං{1} ඉදං ඵලං.
Sinhala BJT1094. මෙයින් එකානූවන කල්පයෙහි වූ එකල්හි (මම) යම් ලුහුණු දනක් දිනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ලුසුණදානයාගේ විපාකය යි.
Pali BJT1095. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1095. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ලසුණදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ලසුණදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTලසුණදායකත්ථෙරස්සාපදානං සත්තමං.
Sinhala BJTලසුණදායක ස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT38. ආයාගදායකත්ථෙරාපදානං
Sinhala BJT38. ආයාගදායක ස්ථවිරාවදානය
Pali BJT1096. නිබ්බුතෙ ලොකනාථම්භි සිඛිම්හි වදතං වරෙ, හට්ඨො හට්ඨෙන චිත්තෙන අවන්දිං ථූපමුත්තමං.
Sinhala BJT1096. කථා කරන්නවුන් අතුරෙන් උතුම් සිඛී බුදුරජානන් වහන්සේ පිරිනිවි කල්හි මම සතුටු වූයෙම් සතුටු සිතින් ශ්‍රේෂ්ඨ චෛත්‍යය වැන්දෙමි.
Pali BJT1097. වඩ්ඪකීහි කථාපෙත්වා මූලං දත්වාන’හං තදා, හට්ඨො හට්ඨෙන චිත්තෙන ආයාගං කාරපෙස’හං.
Sinhala BJT1097. මම එකල්හි වඩුවන් සමග කථා කොට මුදල් දී සතුටු වූයෙම් සතුටු සිතින් දීර්‍ඝ භෝජනශාලාවක් කරවීමි.
Pali BJT1098. අට්ඨ කප්පානි දෙවෙසු අබ්බොච්ඡින්නං වසිං අහං, අවසෙසෙසු කප්පෙසු වොකිණ්ණං සංසරිං අහං.
Sinhala BJT1098. (ඒ හේතුවෙන්) මම අටකපක් නො කඩා කොට දෙව්ලොව විසීමි. සෙසු කල්පයන්හි (දිව්‍ය - මනුෂ්‍ය දෙගතියෙහි) මිශ්‍ර ලෙස සැරි සැරීමි.
Pali BJT1099. කායෙ විසං න කමති සත්ථානි න ච හන්ති මෙ, උදකෙ’හං න මිය්යාමි ආයාගස්ස ඉදං ඵලං.
Sinhala BJT1099. මාගේ කයෙහි විෂ ඇතුළු නොවේ. ශස්ත්‍රයෝ (මා) නො නසත්. දියෙහි මම නො මැරෙමි. ආයාග (දීර්‍ඝශාලා) දානයාගේ මේ විපාකය යි.
Pali BJT1100. යදිච්ඡාමි අහං වස්සං මහාමෙඝො පවස්සති, දෙවාපි මෙ වසං එන්ති පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
Sinhala BJT1100. ඉදින් මම වැස්ස කැමැති වෙම් නම්, මහාවැසි වසින්නේ ය. දෙවියෝ ද මාගේ වසඟයට පැමිණෙත්. (ආයාගදානමය) පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1101. සත්තරතනසම්පන්නො තිංසක්ඛත්තුං අහොස’හං, න මං කෙච’වජානන්ති පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
Sinhala BJT1101. මම තිස්වරක් සත්රුවනින් යුක්ත වූ සක්විතිරජ වීමි. මට කිසිවෙක් නින්‍දා නො කෙරෙත්. පුණ්‍යකර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT1102. එකතිංසෙ ඉතො කප්පෙ ආයාගං යමකාරයිං, දුග්ගතිං නාභිජානාමි ආයාගස්ස ඉදං ඵලං.
Sinhala BJT1102. (මෙයින්) එක්තිස්වන කල්පයෙහි (මම) යම් දීර්‍ඝශාලාවක් කරවීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. දීර්‍ඝශාලාදානයාගේ මේ විපාකය යි.
Pali BJT1103. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1103. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ආයාගදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ආයාගදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTආයාගදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.
Sinhala BJTආයාගදායක ස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT39. ධම්මචක්කිකත්ථෙරාපදානං.
Sinhala BJT39. ධම්මචක්කික ස්ථවිරාවදානය
Pali BJT1104. සිද්ධත්ථස්ස භගවතො සීහාසනස්ස සම්මුඛා, ධම්මචක්කං මයා ඨපිතං සුකතං විඤ්ඤුවණ්ණිතං.
Sinhala BJT1104. සිද්ධාර්‍ත්‍ථ භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මාසනය ඉදිරියෙහි මා විසින් මැනවින් කරණලද නුවණැත්තවුන් විසින් වර්‍ණනා කරණලද ධර්‍මචක්‍රයක් තබන ලදී.
Pali BJT1105. චාරුවණ්ණොව සොභාමි සයොග්ගබලවාහනො, පරිවාරෙන්ති මං නිච්චං අනුයුත්තා බහුජ්ජනා.
Sinhala BJT1105. මනෝඥ වූ (ස්වර්‍ණ) වර්‍ණ වූයෙම් ම (ස්වර්‍ණසිවිකාදි) යාන ද (සේනාපති මහාමාත්‍යාදි) සෙවාභටයන් ද (හස්ති අශ්ව රථ සඞ්ඛ්‍යාත) වාහන ද ඇත්තෙම් බබළමි. මා අනුව පවතින්නා වූ බොහෝ දෙන නිරතුරු ව ම මා පිරිවරත්.
Pali BJT1106. සට්ඨිතුරියසහස්සෙහි පරිචාරෙම’හං{1} සදා, පරිවාරෙන සොභාමි පුඤ්ඤකම්මස්සි’දං ඵලං.
Sinhala BJT1106. මම හැමකල්හි සැටදහසක් තුර්‍ය්‍යයන්ගෙන් පරිවරණය කරමි. පිරිවර කරණ කොට ගෙන බබළමි. පුණ්‍යකර්‍මයාගේ මේ ඵලය යි.
Pali BJT1107. චතුනවුතෙ ඉතො කප්පෙ යං චක්කං ඨපයිං අහං, දුග්ගතිං නාභිජානාමි ධම්මචක්කස්සි’දං ඵලං.
Sinhala BJT1107. මෙයින් සිවුඅනූවන කල්පයෙහි මම යම් (ධර්‍ම) චක්‍රයක් තැබූයෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. ධර්‍මචක්‍රදානයාගේ මේ විපාකය යි.
Pali BJT1108. ඉතො එකාදසෙ කප්පෙ අට්ඨා’සිංසු{*} ජනාධිපා, සහස්සරාජනාමෙන චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1108. මෙයින් එකොළොස්වන කල්පයෙහි නමින් සහස්සරාජ නම් වූ ජනාධිපති වූ මහත් බල ඇති සක්විතිරජවරු අටදෙනෙක් (අටවරකට) වූ වාහු ය.
Pali BJT1109. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1109. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධම්මචක්කිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ධම්මචක්කික ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යී.
Pali BJTධම්මචක්කිකත්ථෙරස්සාපදානං නවමං.
Sinhala BJTධම්මචක්කිකස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT40. කප්පරුක්ඛියත්ථෙරාපදානං.
Sinhala BJT40. කප්පරුක්ඛිය ස්ථවිරාවදානය
Pali BJT1110. සිද්ධත්ථස්ස භගවතො ථූපසෙට්ඨස්ස සම්මුඛා, විචිත්තදුස්සෙ ලග්ගෙත්වා{2} කප්පරුක්ඛං ඨපෙස’හං.
Sinhala BJT1110. මම සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ස්තූපය ඉදිරියෙහි විසිතුරු දුහුල් එල්වා කප්රුකක් තැබීමි.
Pali BJT1111. යං යං යො’නුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සොභයන්තො මම ද්වාරං කප්පරුක්ඛො’පතිට්ඨති{3}.
Sinhala BJT1111. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් ද, (ඒ හැම අත්බැව්හි දී ම) මාගේ දොරටුව හොබවමින් කප්රුකක් පිහිටයි.
Pali BJT1112. අහඤ්ච පරිසා චෙව යෙ කෙචි මම නිස්සිතා,{4} තම්හා දුස්සං ගහෙත්වාන නිවාසෙම මයං සදා.
Sinhala BJT1112. මම ද මා ඇසුරු කළ යම් කිසි පිරිසක් වේ නම්, ඔහු ද යන අපි හැමකල්හි ඒ කප්රුකින් දුහුල් ගෙන හඳිමු.
Pali BJT1113. චතුනවුතෙ ඉතො කප්පෙ යං රුක්ඛං ඨපයිං{5} තදා, දුග්ගතිං නාභිජානාමි කප්පරුක්ඛස්සි’දං ඵලං.
Sinhala BJT1113. මෙයින් සිවු අනූවන කපෙහි වූ එකල්හි යම් කප්රුකක් තැබීම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කල්පවෘක්‍ෂදානයාගේ මේ විපාකය යි.
Pali BJT1114. ඉතො ච සත්තමො කප්පෙ සුචෙළා අට්ඨ ඛත්තියා, සත්තරතනසම්පන්නා චක්කවත්තී මහබ්බලා.
Sinhala BJT1114. මෙයින් සත්වැනි කල්පයෙහි සත්රුවනින් යුත් මහත්බල ඇති සුචෙල නම් වූ සක්විතිරජවරු අටදෙනෙක් වූහ.
Pali BJT1115. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1115. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කප්පරුක්ඛියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කප්පරුක්ඛිය ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTකප්පරුක්ඛියත්ථෙරස්සාපදානං දසමං.
Sinhala BJTකප්පරුක්ඛියස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTකුණ්ඩ - සාගත - කච්චානා උදායී මොඝරාජකො, අධිමුත්තො ලසුණදො ආයාගී{6} ධම්මචක්කිකො, කප්පරුක්ඛී ච දසමො ගාථායො ද්වාදස සතන්ති.
Sinhala BJTකූංඩ සාගත කසයින් - උදායී මෝඝරාජ ද, අධිමුත්ත ලසුන අයාගී - දම්සක් කප්රුක් දා දැයි. තෙරසිරිත් දසයකි - එක්සිය දොළොස් ගයකින්.
Pali BJTකුණ්ඩධානවග්ගො චතුත්ථො.
Sinhala BJTකුණ්ඩධානවර්‍ගය සිවුවැනි යි.
Pali BJT5. උපාලිවග්ගො
Sinhala BJT5. උපාලි වර්‍ගය
Pali BJT41. භාගිනෙය්යඋපාලිත්ථෙරාපදානං.
Sinhala BJT41. භාගිනෙය්‍ය උපාලි ස්ථවිරාවදානය
Pali BJT1116. ඛීණාසවසහස්සෙහි පරිවුතො ලොකනායකො, විවෙකමනුයුත්තො සො ගච්ඡතෙ පටිසල්ලිතුං.
Sinhala BJT1116. දහසක් රහතුන් විසින් පිරිවරණ ලද ඒ ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ විවේකයෙහි යෙදුනුසේක් එකලා ව වසන්නට යන සේක.
Pali BJT1117. අජිනෙන නිවත්ථො’හං තිදණ්ඩපරිධාරකො{1}, භික්ඛුසංඝපරිබ්බූළ්හං අද්දසං ලොකනායකං.
Sinhala BJT1117. (එකල්හි) ත්‍රිදණ්ඩය දරන්නා වූ අඳුන්දිවිසම් හැන්දා වූ මම ලෝකනායකයන් (=තථාගතයන්) වහන්සේ දිටිමි.
Pali BJT1118. එකංසං අජිනං කත්වා සිරෙ කත්වාන අඤ්ජලිං, සම්බුද්ධං අභිවාදෙත්වා සන්ථවිං ලොකනායකං:
Sinhala BJT1118. අඳුන්දිවිසම එකස් කොට හිසෙහි ඇඳිලි බැඳ බුදුරජානන් වහන්සේ වැඳ ලෝකනායකයන් වහන්සේට ස්තුති කෙළෙමි:
Pali BJT1119. “යථාණ්ඩජා ච සංසෙදා ඔපපාතී ජලාබුජා, කාකාදිපක්ඛිනො සබ්බෙ අන්තළික්ඛවරා සදා{2}.
Sinhala BJT1119-1120. “යම් බඳු අණ්ඩජ වූ සංසේදජ වූ, ඕපපාතික වූ, ජලාබුජ වූ සත්ත්‍වයෝ ද, හැමකල්හි අහසෙහි හැසිරෙන සියලු කාකාදිපක්‍ෂීහු ද යන සංඥී වූ හෝ අසංඥී වූ යම් කිසි ප්‍රාණභූතකෙනෙක් වෙත් නම්, ඒ සියල්ලෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
Pali BJT1120. යෙ කෙචි පාණභූතත්ථි සඤ්ඤිනො වා අසඤ්ඤිනො, සබ්බෙ තෙ තව ඤාණම්හි අන්තො හොන්ති සමොගධා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1121. ගන්ධා ච පබ්බතෙය්යා යෙ භිමවන්තනගුත්තමෙ, සබ්බෙ තෙ තව සීලම්හි කලාය{3}පි න යුජ්ජරෙ.
Sinhala BJT1121. උතුම් වූ හිමවත්පව්වෙහි පර්‍වතයන්හි හටගන්නා (මලයජ) සඳුන් (ආදී) යම් ගන්‍ධයෝ වෙත් නම්, ඒ සියලු සුගන්‍ධයෝ ඔබ වහන්සේගේ සීල (සුගන්‍ධ) යෙහි කලාවකට ද නො යෙදෙත්. (= සම නො වෙත්).
Pali BJT1122. මොහන්ධකාරපක්ඛන්නො අයං ලොකො සදෙවකො, තව ඤාණම්හි ජොතන්තෙ අන්ධකාරා විධංසිතා.
Sinhala BJT1122. මේ දෙවියන් සහිත ලෝකයා මොහඳුරට වැදුනේ වෙයි. ඔබ වහන්සේගේ ඤාණය බබලන කල්හි (ඔහු) වනසන ලද (මෝහ) අඳුර ඇත්තෝ වෙත්.
Pali BJT1123. යථා අත්ථඞ්ගතෙ සුරියෙ හොන්ති සත්තා තමොගතා, එවං බුද්ධො අනුප්පන්නෙ හොති ලොකො තමොගතො.{4}
Sinhala BJT1123. යම් සේ සූර්‍ය්‍යයා අස්තගත වූ කල්හි සත්ත්‍වයෝ අඳුරට ගියාහු වෙත් ද, එසේ ම බුදුරජානන් වහන්සේ නූපන් කල්හි ලෝකයා අඳුරට ගියේ වේ.
Pali BJT1124. යථොදයන්තො ආදිච්චො විනොදෙති තමං සදා, තථෙව ත්වං බුද්ධසෙට්ඨ විද්ධංසෙසි තමං සදා.
Sinhala BJT1124. යම් සේ උදා වන්නා වූ සූර්‍ය්‍යයා හැම කල්හි අඳුරු දුරු කෙරේ ද, එසේ ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්ස, ඔබ වහන්සේ හැම කල්හි අඳුර නසනසේක.
Pali BJT1125. පධාපහිතත්තො’සි බුද්ධො ලොකෙ සදෙවකෙ, තව කම්මාභිරද්ධෙන තොසෙසි ජනතං බහුං.”
Sinhala BJT1125. දෙවියන් සහිත ලෝකයෙහි සර්‍වඥ වූ ඔබ වහන්සේ වීර්‍ය්‍යයෙහි මෙහෙයූ සිත් ඇති සේක. (එසේ ම) ඔබ වහන්සේ ප්‍රීතිජනක වූ කර්‍මයෙන් බොහෝ ජනසමූහයා සතුටු කරණසේක” (කියායි).
Pali BJT1126. තං සබ්බං අනුමොදිත්වා පදුමුත්තරො මහාමුනි, නභං අබ්භුග්ගමී ධීරො හංසරාජා’ව අම්බරෙ.
Sinhala BJT1126. මහාමුනි වූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල අනුමෙව (= සියල්ලට සතුටු ව) අහසෙහි (යන) හංසරාජයකු මෙන් ආකාශයට පැනනැගුනු සේක.
Pali BJT1127. අබ්භුග්ගන්ත්වාන සම්බුද්ධො මහෙසී පදුමුත්තරො, අන්තළික්ඛෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1127. අහසට පැනනැගී ශාස්තෘ වූ මහර්ෂි වූ පදුමුත්තර බුදුරජ තෙමේ අහසෙහි සිටියේ මේ ගාථාවන් වදාළේ ය:
Pali BJT1128. “යෙනි’දං ථවිතං ඤාණං ඔපම්මෙහි සමායුතං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1128. “යමකු විසින් උපමාවන්ගෙන් යුක්ත සේ මාගේ මේ නුවණ පසසන ලද ද, මම ඔහු (කවරෙක් දැ යි) කියන්නෙමි. (එසේ) කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT1129. අට්ඨාරසක්ඛත්තුං සො දෙවරාජා භවිස්සති, පථව්යා රජ්ජං තිසතං වසුධං ආවසිස්සති.
Sinhala BJT1129. හෙතෙමේ අටළොස්වරක් ශක්‍රදිව්‍යරාජයා වන්නේ ය. තුන්සිය වරක් පෘථිවිරාජ්‍යය කරමින් පොළොවෙහි වාසය කරන්නේ ය.
Pali BJT1130. පඤ්චවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT1130. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. (ලබන ලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT1131. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT1131. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රනාමයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT1132. තුසිතා හි චවිත්වාන සුක්කමූලෙන චොදිතො, භිනො’ව ජාතියා සන්තො උපාලි නාම හෙස්සති.
Sinhala BJT1132. (එකල) කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ තුෂිත දිව්‍යලෝකයෙන් චුත ව ජාතියෙන් හීන වූයේ උපාලි නම් වන්නේ ය.
Pali BJT1133. සො ච පච්ඡා පබ්බජිත්වා විරාජෙත්වාන පාපකං, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.
Sinhala BJT1133. හෙතෙමේ පසු ව පැවිදි ව පව් දුරු කර සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත වූයේ පිරිනිවන් පාන්නේ ය.
Pali BJT1134. තුට්ඨො ච ගොතමො බුද්ධො සක්යපුත්තො මහායසො, විනයාධිගතං තං ස එතදග්ගෙ ඨපෙස්සති.”
Sinhala BJT1134. මහායශස් ඇති ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතමබුදුරජ තෙමේ සතුටු වූයේ විනය පිටකය අවබෝධ කළ ඔහු ඒතදග්‍රස්ථානයෙහි තබන්නේ ය.”
Pali BJT1135. සද්ධායාහං පබ්බජිතො කතකිච්චො අනාසවො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT1135. මම ශ්‍රද්ධාවෙන් පැවිදි වූයෙම් කොට නිමවන ලද කටයුතු ඇත්තෙම් ආස්‍රව රහිත වූයෙම් සියලු ආස්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1136. භගවා චානුකම්පි මං විනයෙ’හං විසාරදො, සකකම්මාභිරද්ධො ච විහාරාමි අනාසවො.
Sinhala BJT1136. භාග්‍යවත් තෙමේ මට අනුකම්පා කෙළේ ය. මම විනයයෙහි විශාරද වෙමි. ස්වකීය කුශලකර්‍මයෙන් පිණා ගියෙම් ආස්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1137. සංවුතො පාතිමොක්ඛම්හි ඉන්ද්රියෙසු ච පඤ්චසු, ධාරෙමි විනයං සබ්බං කෙවලං රතනාකරං.
Sinhala BJT1137. ප්‍රාතිමෝක්‍ෂ(ශීල)යෙහි ද පසිඳුරන් විෂයෙහි ද මැනැවින් සංවෘත වූයෙම් හුදු මැණික් ආකාරයක් වැනි සියලු විනය (ධර්‍මය) දරමි.
Pali BJT1138. මමඤ්ච ගුණමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, භික්ඛුසංඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT1138. ලෝකයෙහි නිරුත්තර වූ ශාස්තෘ තෙමේ මාගේ ගුණ දැන භික්‍ෂුසඞ්ඝයා මද මා (විනයප්‍රශ්නයන්හි තියුණු නුවණ ඇත්තවුන් අතුරෙහි{*}) ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT1139. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT1139. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උපාලිථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් (භාගිනෙය්‍ය) උපාලි ස්ථවිරයන් වහන්සේ මේ ගාථාවන් වදාළසේක් යි.
Pali BJTභාගිනෙය්යඋපාලිත්ථෙරස්ස{1} අපදානං පඨමං.
Sinhala BJTභාගිනෙය්‍ය උපාලිස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT42. සොණකොටිකණ්ණ{2}ත්ථෙරාපදානං
Sinhala BJT42. සෝණකෝටිකණ්ණ ස්ථවිරාවදානය
Pali BJT1140. {*}අනොමදස්සිමුනිනො ලොකජෙට්ඨස්ස තාදිනො, සුධාය ලෙපනං කත්වා චඞ්කමං කාරයිං අහං.
Sinhala BJT1140. {†}මම තාදිගුණ ඇති ලෝකජ්‍යේෂ්ඨ වූ අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට සුණින් ආලේප කොට සක්මනක් කරවීමි.
Pali BJT1141. නානාවණ්ණෙහි පුප්ඵෙහි චඞ්කමං සන්ථරිං අහං, ආකාසෙ විතානං කත්වා භොජසිං බුද්ධමුත්තමං.
Sinhala BJT1141. මම නානාවර්‍ණ පුෂ්පයන්ගෙන් සක්මන අතුරා වැසීමි. අහසෙහි වියනක් ද කොට (බඳවා) උතුම් වූ බුදුරජාණන් වහන්සේ වැළඳවීමි.
Pali BJT1142. අඤ්ජලිම්පග්ගහෙත්වාන අභිවාදෙත්වාන සුබ්බතං, දීඝසාලං භගවතො නිය්යාදෙසිමහං තදා.
Sinhala BJT1142. මනා ව්‍රත ඇති බුදුරජානන් ඇඳිලි බැඳ වැඳ මම එකල්හි භාග්‍යවතුන් වහන්සේ ට දීර්‍ඝශාලාව පිළිගැන්වීමි.
Pali BJT1143. මම සඞ්කප්පමඤ්ඤාය සත්ථා ලොකෙ අනුත්තරො, පටිග්ගහෙසි භගවා අනුකම්පාය චක්ඛුමා.
Sinhala BJT1143. ලෝකයෙහි අනුත්තර වූ භාග්‍යවත් වූ පසැස් අත්තා වූ ශාස්තෘ තෙමේ මාගේ අදහස දැන අනුකම්පාවෙන් (එය) පිළිගත්තේ ය.
Pali BJT1144. පටිග්ගහෙත්වා සම්බුද්ධො දක්ඛිණෙය්යො සදෙවකෙ, භික්ඛුසංඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ:
Sinhala BJT1144. දෙවියන් සහිත ලෝකයෙහි දක්‍ෂිණේය වූ සර්‍වඥ වහන්සේ (එය) පිළිගෙණ භික්‍ෂුසඞ්ඝයා මැද හිඳ මේ ගාථාවන් වදාළසේක:
Pali BJT1145. “යො සො හට්ඨෙන චිත්තෙන දීඝසාලං අකාසි{1} මෙ, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1145. “ඒ යමෙක් සතුටු සිතින් මට දීර්‍ඝශාලාවක් කරවී ද, මම ඔහු කවරෙක් දැ යි ප්‍රකාශ කරන්නෙමි. (එය) ප්‍රකාශ කරන්න වූ මාගේ වචනය අසවු.
Pali BJT1146. ඉමස්ස මච්චුකාලම්හි පුඤ්ඤකම්මසමඞ්ගිනො, සහස්සයුත්ත’ස්සරථො උපට්ඨිස්සති තාවදෙ.
Sinhala BJT1146. පුණ්‍යකර්‍මයන්ගෙන් යුක්ත වූ මොහුට මැරෙණ අවස්ථාවෙහි දහසක් අසුන් යෙදූ අශ්වරථයක් එකෙණෙහි එළඹෙන්නේ ය.
Pali BJT1147. තෙන යානෙන’යං පොසො දෙවලොකං ගමිස්සති, අනුමොදිස්සරෙ දෙවා සම්පත්තෙ කුසලෙ භවෙ.
Sinhala BJT1147. මේ පුරුෂ තෙමේ ඒ යානයෙන් දෙව්ලොවට යන්නේ ය. කුශලවිපාකය එළඹ සිටි කල්හි දෙවියෝ සතුටු වෙත්.
Pali BJT1148. මහාරහං ව්යම්හසෙට්ඨං රතනමත්තිකලෙපනං{2}, කූටාගාරවරූපෙතං ව්යම්හං අජ්ඣාවසිස්සති.
Sinhala BJT1148. රන්සුණුඅලෙව් දුන් උතුම් කුළුගෙවලින් යුක්ත වූ මාහැඟි වූ ශ්‍රේෂ්ඨ සඳලු සහිත විමනක වසන්නේ ය.
Pali BJT1149. තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, පඤ්චවීසති කප්පානි දෙවරාජා භවිස්සති.
Sinhala BJT1149. කල්ප තිස්දහසක් දිව්‍යලෝකයෙහි සිත් අලවා වසන්නේ ය. පස්විසිකපක් ශක්‍රදේවේන්‍ද්‍රයා වන්නේ ය.
Pali BJT1150. සත්තසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති. යසොධර සනාමා{3} තෙ සබ්බෙපි එකනාමකා.
Sinhala BJT1150. සත්සැත්තෑවරක් සක්විතිරජ වන්නේ ය. ඒ සියල්ලෝ යසෝධර යන සමාන නං ඇත්තාහු එක ම නම ඇත්තෝ වෙත්.