Apadāna

Legendary Lives

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1200 න් 9849

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑකඤ්ජලිකත්ථෙරස්සාපදානං නවමං.
Sinhala BJTඒකඤ්ජලිකස්ථවිරාවදානය නවවැනි යි.
Pali BJT30. ඛොමදායකත්ථෙරාපදානං
Sinhala BJT30. ඛොමදායක ස්ථවිරාවදානය
Pali BJT998. නගරෙ බන්ධුමතියා අහොසිං වාණිජො තදා, තෙනෙ’ව දාරං පොසෙමි රොපෙමි බීජසම්පදං.
Sinhala BJT998. එකල්හි මම බන්‍ධුමතීනගරයෙහි වෙළෙඳෙක් වීමි. එම වණික් කර්‍මයෙන් ම භාර්‍ය්‍යාව පෝෂණය කරමි. (දාන ශීලාදී පුණ්‍ය) බීජසම්පත් ද රෝපණය කරමි.
Pali BJT999. රථියං පටිපන්නස්ස විපස්සිස්ස මහෙසිනො, එකං ඛොමං මයා දින්නං කුසලත්ථාය සත්ථුනො.
Sinhala BJT999. වීථියට පිළිපන් ශාස්තෘ වූ විපස්සී බුදුරජානන් වහන්සේට පින් පිණිස කොමුපිළියක් මා විසින් දෙන ලදී.
Pali BJT1000. එකනවුතෙ ඉතො කප්පෙ යං ඛොමං අදදිං තදා, දුග්ගතිං නාභිජානාමි, ඛොමදානස්සි’දං ඵලං.
Sinhala BJT1000. මෙයින් එක්අනූවන කපෙහි වූ එකල්හි (මම) යම් කොමු පිළියක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. කොමුපිළිදනෙහි මේ විපාකය යි.
Pali BJT1001. සත්තවීසෙ ඉතො කප්පෙ එකො සින්ධවසන්දනො, සත්තරතනසම්පන්නො චතුදීපම්හි ඉස්සරො.
Sinhala BJT1001. මෙයින් සත්විසිවන කපෙහි සිවුමහදිවයිනෙහි අධිපති වූ සප්ත රත්නයන්ගෙන් යුක්ත වී සින්‍ධවසන්‍දන නම් එක් සක්විතිරජෙක් වීමි.
Pali BJT1002. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1002. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ඛොමදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛොමදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඛොමදායකත්ථෙරස්සාපදානං දසමං.
Sinhala BJTඛොමදායක ස්ථවිරාවදානය දසවැනි යි.
Pali BJTඋද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTසුභූති උපවානො ච සරණො සීලගාහකො, අන්නසංසාවකො ධූපො පුලිනො උත්තරියෙන{1} ච. අඤ්ජලී ඛොමදායී ච දසෙව තතියෙ ගණෙ, පඤ්චාසීති සතං වුත්තා ගාථායො සබ්බපිණ්ඩිතා.
Sinhala BJTසුභූති උපවාන ද - සරණ හා සිල් ගත්තේ ද, අහර ද දුම් ද දුන්නෝ - යලි උත්තරිය තෙරිඳු ද. ඇඳිලි බැඳ කෙ මුදුන් - තෙරුන් යී වත් දසයකි, එක්සිය අසූපස් ගය - කින් එය මෙහි කියවින.
Pali BJTසුභූතිවග්ගො තතියො.
Sinhala BJTසුභූති වර්‍ගය තෙවැනියි.
Pali BJTචතුත්ථං භාණවාරං.
Sinhala BJTසතරවෙනි බණවරයි
Pali BJT4. කුණ්ඩධානවග්ගො
Sinhala BJT4. කුණ්ඩධාන වර්‍ගය
Pali BJT31. කුණ්ඩධානත්ථෙරාපදානං
Sinhala BJT31. කුණ්ඩධාන ස්ථවිරාවදානය
Pali BJT1003. සත්තාහං පටිසල්ලීනං සයම්භුං අග්ගපුග්ගලං, පසන්නචිත්තො සුමනො බුද්ධසෙට්ඨං උපට්ඨහිං.
Sinhala BJT1003. සතියක් (නිරෝධසමාත්තියට සමවැදී) විවේකයෙන් සිටි සියල්ල තමා ම අවබෝධ කළාවූ අග්‍ර පුද්ගල වූ (පදුමුත්තර) බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ වෙත එළඹීමි.
Pali BJT1004. වුට්ඨිතං කාලමඤ්ඤාය පදුමුත්තරං මහාමුනිං, මහන්තිං{2} කදලීකණ්ණිං ගහෙත්වා උපගඤ්ඡ’හං.
Sinhala BJT1004. මම (නිරෝධසමාපත්තියෙන්) නැගී සිටි මහාමුනි වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට (දානය පිළිගැන්වීමට) සුදුසු කලැයි දැන මහත් වූ කෙසෙල්කැණක් ගෙන ආයෙමි.
Pali BJT1005. පටිග්ගහෙත්වා{3} භගවා තං ඵලං{4} ලොකනායකො, මම චිත්තං පසාදෙන්තො පරිභුඤ්ජි මහාමුනි.
Sinhala BJT1005. ලෝකනායක වූ මහාමුනි වූ භාග්‍යවතුන් වහන්සේ එ ම ඵලය (කෙසෙල්කැණ) පිළිගෙන මාගේ සිත පහදවනසේක් වැළඳූ සේක.
Pali BJT1006. පරිභුඤ්ජිත්වාන සම්බුද්ධො සත්ථවාහො අනුත්තරො, සකාසනෙ{5} නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT1006. (තමාට වැඩි කෙනෙකුන් නැති බැවින්) අනුත්තර වූ සත්ත්‍වයන් (සසර කතරින් එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහකයකු වැනි වූ බුදුරජානන් වහන්සේ වළඳා ස්වකීය අසුනෙහි වැඩ හිඳ මෙ ම ගාථාවන් වදාළ සේක.
Pali BJT1007. “යෙ වසන්ති සමෙතාරො{6} යක්ඛා ඉමම්හි පබ්බතෙ, අරඤ්ඤෙ භූතභව්යානි සුණන්තු වචනං මම.
Sinhala BJT1007. “මෙ ම පර්‍වතයෙහි රැස් වූ යම් යක්‍ෂ කෙනෙක් වෙසෙත් නම්, (ඔහු ද) අරණෙහි මේ ධර්‍මය ඇසීමට සුදුසු අනිකුත් භූතයෝ ද මාගේ වචනය අසත්වා.
Pali BJT1008. යො සො බුද්ධං උපට්ඨාසි{7} මිගරාජා ච කෙසරී{8} තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1008. ඒ යමෙක් කේශරසිංහයකු මෙන් සර්‍වඥ වූ මට උවැටන් කෙළේ ද, මම ඔහු (කවරෙක් දැ යි) ප්‍රකාශ කරන්නෙමි. (එය) කියන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT1009. සො’යමෙකාදසක්ඛත්තුං{1} දෙවරාජා භවිස්සති, චතුත්තිංසක්ඛත්තුඤ්ච{2} චක්කවත්තී භවිස්සති.
Sinhala BJT1009. ඒ මේ තැනැත්තේ එකොළොස් වරක් ශක්‍ර දේවේන්‍ද්‍ර වන්නේ ය. සූතිස් වරක් සක්විති රජ වන්නේ ය.
Pali BJT1010. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT1010. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT1011. අක්කොසිත්වාන සමණෙ සීලවන්තෙ අනාසවෙ, පාපකම්මවිපාකෙන නාමධෙය්යං ලභිස්සති{3}.
Sinhala BJT1011. සිල්වත් රහත් භික්‍ෂූන්ට ආක්‍රෝශ කොට එ ම පාපකර්‍මයාගේ විපාකයෙන් (කුණ්ඩාධාන යන) නමක් ද ලබන්නේ ය.
Pali BJT1012. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්ම නිම්මිතො, කුණ්ඩධානොති නාමෙන සාවකො සො භවිස්සති.
Sinhala BJT1012. හෙතෙම ඒ (ගෞතම) බුදුරජාණන් වහන්සේගේ ධර්‍මයට දායාද වූ ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි වූ නමින් කුණ්ඩධාන නම් ඖරස (බුද්ධ) පුත්‍ර වූ ශ්‍රාවකයෙක් වන්නේ ය” (කියායි).
Pali BJT1013. පවිවෙකමනුයුත්තො ඣායී ඣානරතො අහං, තොසයිත්වාන සත්ථාරං විහරාමි අනාසවො.
Sinhala BJT1013. මම ප්‍රකර්‍ෂවිවේකයෙහි යෙදුනෙම් ධ්‍යාන කරණසුලු වූයෙම් ධ්‍යානයෙහි ඇලුනෙම් ශාස්තෲන් වහන්සේ සතුටු කොට ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1014. සාවකග්ගෙහි{4} පරිවුතො භික්ඛුසඞ්ඝපුරක්ඛතො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා සලාකං ගාහයී ජිනො.
Sinhala BJT1014. අග්‍රශ්‍රාවකයන් විසින් පිරිවරණ ලද භික්‍ෂුසංඝයා විසින් පෙරටු කරණලද සර්‍වඥ තෙම බික්සඟන මැද හිඳ ලහ ගැන්වී ය.
Pali BJT1015. එකංසං චීවරං කත්වා වන්දිත්වා ලොකනායකං, වදතං වරස්ස පුරතො පඨමං අග්ගහෙස’හං
Sinhala BJT1015. සිවුරු එකස් කොට ලෝකනායක වූ බුදුරජානන් වහන්සේ වැඳ තථාගතයන් වහන්සේ ඉදිරියෙහි දී මම පළමු කොට ම (ලහ) ගතිමි.
Pali BJT1016. තෙන කම්මෙන භගවා දසසහස්සීපකම්පකො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා අග්ගට්ඨානෙ ඨපෙසි මං.
Sinhala BJT1016. ඒ කර්‍මය හේතු කොට ගෙන දසදහසක් සක්වළ කම්පනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසංඝයා මැද හිඳ මා අග්‍රස්ථානයෙහි තැබූ සේක.
Pali BJT1017. විරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT1017. නිර්‍වාණසඞ්ඛ්‍යාත යෝගක්‍ෂේමයට පමුණුවන ධුරවාහකයා (=ගැල් උසුලන ගවයා) මාගේ වීර්‍ය්‍යය යි. (මම මේ) සර්‍වඥ ශාසනයෙහි අන්තිමශරීරය දරමි. (=අන්තිම ආත්මයෙහි සිටිමි).
Pali BJT1018. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1018. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කුණ්ඩධානො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කුණ්ඩධාන ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTකුණ්ඩධානත්ථෙරස්සාපදානං පඨමං.
Sinhala BJTකුණ්ඩධානස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT32. සාගතත්ථෙරාපදානං.
Sinhala BJT32. සාගත ස්ථවිරාවදානය
Pali BJT1019. සොභිතො නාම නාමෙන අහොසිං බ්රාහ්මණො තදා, පුරක්ඛතො සසිස්සෙහි ආරාමං අගමාස’හං
Sinhala BJT1019. එකල්හි මම් නමින් සෝභිත ය යි (ප්‍රකට) බමුණෙක් වීමි. ස්වකීය ශිෂ්‍යන් විසින් පිරිවරණ ලදුයෙම් ආරාමයට ගියෙමි.
Pali BJT1020. භගවා තම්හි සමයෙ භික්ඛුසඞ්ඝපුරක්ඛතො, ආරාමද්වාරා නික්ඛම්ම අට්ඨාසි පුරිසුත්තමො.
Sinhala BJT1020. එකල්හි පුරුෂෝත්තම වූ (පදුමුත්තර) භාග්‍යවත් තෙමේ භික්‍ෂු සංඝයා පිරිවරණ ලදුයේ අරම් දොරටුවෙන් නික්ම සිටියේ ය.
Pali BJT1021. තමද්දසාසිං සම්බුද්ධං දන්තං දන්තපුරක්ඛතං, සකං චිත්තං පසාදෙත්වා සන්ථවිං ලොකනායකං.
Sinhala BJT1021. දැමුනා වූ දැමුනවුන් විසින් පිරිවරණ ලද්දාවූ ඒ ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි. (දැක) ස්වකීය චිත්තය පහදවා සතුටු සාමීචි කථා කළෙමි. (කෙසේ ද ? යත්:)
Pali BJT1022. “යෙ කෙචි පාදපා සබ්බෙ මහියා තෙ විරූහරෙ, බුද්ධිමන්තො තථා සත්තා රූහන්ති ජිනසාසනෙ.
Sinhala BJT1022. “යම්කිසි වෘක්‍ෂ කෙනෙක් වෙත් නම්, ඒ සියලු වෘක්‍ෂයෝ පොළොවෙහි වැඩෙත්. එසේ ම බුද්ධිමත් සත්ත්‍වයෝ සර්‍වඥශාසනයෙහි වැඩෙත්.
Pali BJT1023. සත්ථවාහො’සි සප්පඤ්ඤො මහෙසී{1} බහුකෙ ජනෙ, විපථා උද්ධරිත්වාන පථං ආචික්ඛසෙ තුවං.
Sinhala BJT1023. සප්‍රාඥ වූ මහර්ෂි වූ බුදුරජාණන් වහන්ස, (ඔබ වහන්සේ) බොහෝ ජනයා විෂයයෙහි (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) සාර්‍ත්‍ථවාහයෙක් වන සේක. ඔබ වහන්සේ නො මගින් නගා (සත්ත්‍වයාට) මග කියන සේක.
Pali BJT1024. දන්තො අන්තපරිකිණ්ණො ඣායී ඣානරතෙහි ච, ආතාපී පහිතත්තෙහි උපසන්තෙහි තාදිහි.
Sinhala BJT1024. (එසේ ම ඔබ වහන්සේ) දැමුනුසේක් දැමුනවුන් විසින් පිරිවරණ ලද සේක. ධ්‍යාන කරණ සුලු වූයේ ධ්‍යානයෙහි අලුනවුන් විසින් ද, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ සේක් නිවණ කරා මෙහෙයූ සිත් ඇත්තවුන් විසින් ද උපශාන්ත වූවන් විසින් හා තාදීගුණ යුක්ත වූවන් විසින් ද (පිරිවරණ ලදහ).
Pali BJT1025. අලඞ්කතො පරිසාහි{2} පුඤ්ඤාණෙහි{3} සොභසි, පභා නිද්ධාවතෙ තුය්හං සුරියොදයනෙ{4} යථා.
Sinhala BJT1025. පිණින් හා නුවණින් යුත් පිරිස කරණ කොට ගෙන අලංකාර වූ සේක් හොබනාහ. හිරු උදා වන කල්හි මෙන් ඔබවහන්සේගේ ප්‍රභාව පැතිරේ”යී.
Pali BJT1026. පසන්නචිත්තං දිස්වාන මහෙසී පදුමුත්තරො, භික්ඛුසංඝෙ ඨිතො සත්ථා ඉමා ගාථා අභාසථ.
Sinhala BJT1026. මහාර්ෂි වූ පදුමුත්තර බුදුරජ තෙමේ පහන් සිත් ඇති (මා) දැක බික්සඟන මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේ ද? යත්:)
Pali BJT1027. යො සො හාසං ජනෙත්වාන මමං කිත්තෙසි බ්රාහ්මණො, කප්පානං සතසහස්සං දෙවලොකෙ රමිස්සති.
Sinhala BJT1027. “යම් බමුණෙක් තෙමේ සතුටු සිත් උපදවා මා වර්‍ණා කෙළේ ද, හෙතෙමේ කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේ ය.
Pali BJT1028. තුසිතා හි චවිත්වාන සුක්කමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සති.
Sinhala BJT1028. කුශලමූලයෙන් මෙහෙයන ලදුයේ තුෂිත දිව්‍යලෝකයෙන් ච්‍යුත ව ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේ ය.
Pali BJT1029. තෙන කම්මෙන සුකතෙන{5} අරහත්තං{6} ලභිස්සති, සාගතො නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.
Sinhala BJT1029. මැනැවින් කරණ ලද එම පුණ්‍යකර්‍මය කරණ කොට ගෙණ රහත්බව ලබන්නේ ය. (නමින්) සාගත නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ යී.”
Pali BJT1030. පබ්බජිත්වාන කායෙන පාපකම්මං විවජ්ජයිං, වචීදුච්චරිතං හිත්වා ආජීවං පරිසොධයිං.
Sinhala BJT1030. පැවිදි ව කයින් පව්කම් දුරු කෙළෙමි. වාග්දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි.
Pali BJT1031. එවං විහරමානො’හං තෙජොධාතුසු කොවිදො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT1031. මෙසේ වසන්නා වූ මම තේජෝධාතූන්හි දක්‍ෂ වූයෙම් (සියලු ආශ්‍රවයන්) ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1032. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1032. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සාගතො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සාගතස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළසේක් යී.
Pali BJTසාගතත්ථෙරස්සාපදානං දුතියං.
Sinhala BJTසාගතස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT33. මහාකච්චානත්ථෙරාපදානං.{*}
Sinhala BJT33. මහාකාත්‍යායන ස්ථවිරාවදානය
Pali BJT1033. පදුමුත්තරනාථස්ස පදුමං නාම චෙතියං, සිලාසනං{7} කාරයිත්වා සුවණ්ණෙනා’භිලෙපයිං.
Sinhala BJT1033. පදුමුත්තර බුදුරජානන් වහන්සේගේ පදුම නම් චෛත්‍යයක් වී ය. (එහි) ගල් අසුනක් කරවා ස්වර්‍ණාලේප කරවීමි.
Pali BJT1034. රතනාමයඡත්තඤ්ච පග්ගය්හ වාළවීජනිං, බුද්ධස්ස අභිරොපෙසිං ලොකබන්ධුස්ස තාදිනො.
Sinhala BJT1034. ස්වර්‍ණමය වූ ඡත්‍රයක් ද වල්විදුනාවක් ද ගෙන ලෝකබන්‍ධු වූ තාදිගුණ ඇති බුදුරජානන් වහන්සේට නගා තැබීමි.
Pali BJT1035. යාවතා දෙවතා භුම්මා සබ්බෙ සන්නිපතුං තදා, රතනාමයඡත්තානං විපාකං කථයිස්සති.
Sinhala BJT1035-1036. එකල්හි භූමිය ඇසුරු කළා වූ යම් තාක් දෙවියෝ වූ නම්, ඒ සියල්ලෝ ම රැස් වූහ. (කුමකට ද යත්:) “ස්වර්‍ණමයඡත්‍රයාගේ විපාකය වදාරන්නේ ය. එසේ වදාරන්නා වූ බුදුරජානන් වහන්සේගේ ඒ සියලු කථාව අසන්නෙමු. සම්මාසම්බුදුරජානන් වහන්සේගේ ශාසනයෙහි වැඩියක් සතුට උපදවන්නෙමු”යි යනුවට ය.
Pali BJT1036. තඤ්ච සබ්බං සුණිස්සාම කථයන්තස්ස සත්ථුනො, භිය්යො හාසං ජනෙය්යාම සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1037. හෙමාසනෙ නිසීදිත්වා සයම්භූ අග්ගපුග්ගලො, භික්ඛුසඞ්ඝපරිබ්බූළ්හො ඉමා ගාථා අභාසථ.
Sinhala BJT1037. සියලු දත යුතු දෑ තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ බුදුරජානන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද සේක් ස්වර්‍ණාසනයෙහි හිඳ මෙ ම ගාථාවන් වදාළසේක.
Pali BJT1038. යෙනි’දං ආසනං දින්නං සොවණ්ණරතනාමයං, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1038. “යමකු විසින් ස්වර්‍ණරත්නමය වූ (සත් රුවනින් කරණ ලද,) මෙ ම අසුන පුදන ලද ද, ඔහු (කවරෙක් දැ යි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) පවසන්නා වූ මාගේ වචනය අසවු.
Pali BJT1039. තිංස කප්පානි දෙවින්දො දෙවරජ්ජං කරිස්සති. සමන්තා යොජනසතං ආභායා’භිභවිස්සති.
Sinhala BJT1039. (හෙතෙමේ) තිස් කපක් මුළුල්ලෙහි ශක්‍ර දේවේන්‍ද්‍ර ව දිව්‍යරාජ්‍යය කරන්නේ ය. හාත්පස යොදුන් සියයක් ප්‍රභාවෙන් යටපත් කරන්නේ ය.
Pali BJT1040. මනුස්සලොකං ආගන්ත්වා චක්කවත්තී භවිස්සති, පභස්සරොති නාමෙන උග්ගතෙජො භවිස්සති.
Sinhala BJT1040-1041. මිනිස්ලොව ට අවුත් උග්‍රතේජස් ඇති නමින් ප්‍රභාස්වර නම් වූ සක්විති රජෙක් වන්නේ ය. (මෙ ම) ක්‍ෂත්‍රිය තෙමේ උදා වූ සූර්‍ය්‍යයා මෙන් දිවා රෑ දෙකෙහි ම හාත්පස අටරියනක් (තැන්) බබුළුවන්නේ ය.
Pali BJT1041. දිවා වා යදි රත්තිං සතරංසීව උග්ගතො, සමන්තා අට්ඨරතනං උජ්ජොතෙස්සති ඛත්තියො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1042. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT1042. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT1043. තුසිතා හි චවිත්වාන සුක්කමූලෙන චොදිතො, කච්චානො නාම නාමෙන බ්රහ්මබන්ධු භවිස්සති.
Sinhala BJT1043. කුශල මූලයෙන් මෙහෙයන ලද්දා වූ මෙතෙමේ තුසීපුරයෙන් චුත ව නමින් කච්චායන නම් වූ බමුණෙක් වන්නේ ය.
Pali BJT1044. සො පච්ඡා පබ්බජිත්වාන අරහා හෙස්සත’නාසවො, ගොතමො ලොකපජ්ජොතො අග්ගට්ඨානෙ ඨපෙස්සති.
Sinhala BJT1044. හෙතෙම පසු ව පැවිදි ව ආශ්‍රව රහිත වූ රහත් නමක් වන්නේ ය. ලොව බබුළුවන්නා වූ ගෞතම බුදුරජ තෙමේ (ඔහු) අග්‍රස්ථානයෙහි තබන්නේ ය. (කෙසේ ද? යත්:)
Pali BJT1045. සඞ්ඛිත්තපුච්ඡිතං පඤ්හං විත්ථාරෙන කථෙස්සති, කථයන්තො ච තං පඤ්හං අජ්ඣාසං{1} පූරයිස්සති”
Sinhala BJT1045. මෙතෙම සැකෙවින් විචාරණ ලද ප්‍රශ්නය විතර විසින් කියන්නේ ය. ඒ ප්‍රශ්නය (විතර විසින්) කියන්නේ ද (අසන්නාගේ) අදහස සම්පූර්‍ණ කරන්නේ”යී.
Pali BJT1046. අඩ්ඪෙ කුලෙ අභිජාතො බ්රාහ්මණො මන්තපාරගූ, ඔහාය ධනධඤ්ඤානි පබ්බජිං අනගාරියං.
Sinhala BJT1046. ආඪ්‍යකුලයෙහි උපන්නා වූ මන්ත්‍රයන්හි පරතෙරට ගියා වූ බ්‍රාහ්මණයෙක් වූ (මම) ධනධාන්‍යන් ඇත හැර දමා අනගාර්‍ය්‍යසඞ්ඛ්‍යාත සසුනෙහි පැවිදි වීමි.
Pali BJT1047. සඞ්ඛිත්තෙනපි පුච්ඡන්තෙ විත්ථාරෙන කථෙම’හං, අජ්ඣාසං{1} තෙසං පූරෙමි, තොසෙමි දිපදුත්තමං.
Sinhala BJT1047. මම සංක්‍ෂිප්ත ලෙස විචාරණ කල්හි දු විස්තර වශයෙන් කියමි. ( විචාරන්නා වූ) ඔවුන්ගේ අදහස් සම්පූර්‍ණ කරමි. ද්විපදෝත්තම වූ බුදුරජානන් වහන්සේ සතුටු කරමි.
Pali BJT1048. තොසිතො මෙ මහාවීරො සයම්භූ අග්ගපුග්ගලො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT1048. මා විසින් තුටු කරණ ලද මහාවීර වූ සියල්ල තෙමේ ම දත්තා වූ අග්‍රපුද්ගල වූ (ගෞතම බුදුරජතෙම) බික්සඟන මැද හිඳ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT1049. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1049. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා මහාකච්චානො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් මහාකාත්‍යායන ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTමහාකච්චානත්ථෙරස්සාපදානං තතියං.
Sinhala BJTමහාකාත්‍යායනස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT34. කාළුදායිත්ථෙරාපදානං.
Sinhala BJT34. කාළුදායි ස්ථවිරාවදානය
Pali BJT1050. පදුමුත්තරබුද්ධස්ස{1} ලොකජෙට්ඨස්ස තාදිනො, අද්ධානං පටිපන්නස්ස චරතො චාරිකං තදා.
Sinhala BJT1050-1051. මම එකල්හි ලෝකජ්‍යේෂ්ඨ වූ තාදීගුණ ඇති, මහමගට පිළිපන්, චාරිකාවෙහි හැසිරෙන්නා වූ ශාස්තෘ වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේට මැනැවින් පිපුනු පියුම් ද උපුල් ද බෝලිද්ද ද කිරිබත් ද ගෙන (එහි) ගියෙමි.
Pali BJT1051. සුඵුල්ලං පදුමං ගය්හ උප්පලං මල්ලිකඤ්චහං, පරමන්නං ගහෙත්වාන අදාසිං සත්ථුනො අහං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1052. පරිභුඤ්ජි මහාවීරො පරමන්නං{2} සුභොජනං, තඤ්ච පුප්ඵං ගහෙත්වාන ජනස්ස සම්පදස්සයී.
Sinhala BJT1052. මහාවීර වූ බුදුරජ තෙමේ මනා භෝජනය (කිරිබත) වැළඳී ය. ඒ මල් ද ගෙන මහාජනයාට දැක්වී ය. (කෙසේද? යත්:)
Pali BJT1053. “ඉට්ඨං කන්තං පියං ලොකෙ ජලජං පුප්ඵමුත්තමං, සුදුක්කරං තෙන කතං යො{3} මෙ පුප්ඵං අදාසි’දං{4}.
Sinhala BJT1053. (මේ) ලෝකයෙහි ඉෂ්ට වූ මන වඩන්නා වූ ප්‍රිය වූ උතුම් ජලජ (ජලයෙහි හටගන්නා) පුෂ්පයෝ වෙති. යමෙක් තෙමේ මට මේ මල් දුන්නේ ද, ඔහු විසින් ඉතා දුෂ්කර (පින්කමක්) කරණලදි.
Pali BJT1054. යො පුප්ඵමභිරොපෙසි පරමන්නඤ්ච’දාසි මෙ, තමහං කිත්තයිස්සාමි සුණාථ මම භාසතො.
Sinhala BJT1054. යමෙක් මට මල් නගා දුන්නේ ද, උතුම් වූ ආහාරය දුන්නේ ද ඔහු (කවරෙක් දැයි) මම කියන්නෙමි. කියන්නා වූ මාගේ වචනය අසවු. (කෙසේ ද යත්?)
Pali BJT1055. දස චට්ඨක්ඛත්තුං සො{5} දෙවරජ්ජං කරිස්සති, උප්පලං පදුමඤ්චාපි මල්ලිකඤ්ච තදුත්තරි.
Sinhala BJT1055-1056. හෙතෙමේ අටළොස් වරක් දිව්‍යරාජ්‍යය කරන්නේ ය. එකෙණෙහි ඔහුගේ පුණ්‍යවිපාකයෙන් දිව්‍යමය සුගන්‍ධයෙන් යුතු උපුල් ද පියුම් ද බෝලිද්ද ද ඔහු මත අහසෙහි වියනක් කොට දරන්නේ ය.
Pali BJT1056. අස්ස පුඤ්ඤවිපාකෙන දිබ්බගන්ධසමායුතං, ආකාසෙ ඡදනං කත්වා ධාරයිස්සති තාවදෙ.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT1057. පඤ්චවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති, පථව්යා රජ්ජං පඤ්චසතං වසුධං ආවසිස්සතී.
Sinhala BJT1057. පස්විසිවරක් සක්විතිරජ වන්නේ ය. පන්සියවරක් පෘථිවි රාජ්‍යය ලබා පොළොවෙහි වෙසෙන්නේ ය.
Pali BJT1058. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT1058. මෙයින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නා වූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේ ය.
Pali BJT1059. සකකම්මාභිරද්ධො සො සුක්කමූලෙන චොදිතො, සක්යානං නන්දිජනනො ඤාතිබන්ධු භවිස්සති.
Sinhala BJT1059. කුශලමූලයෙන් මෙහෙයන ලද ස්වකීය කර්‍මයෙන් සන්තුෂ්ට වූ හෙතෙමේ ශාක්‍යයන්ගේ සතුට ඇති කරන්නා වූ නෑ සබඳ කම් ඇත්තෙක් වන්නේ ය.
Pali BJT1060. සො පච්ඡා පබ්බජිත්වාන සුක්කමූලෙන චොදිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සත’නාසවො.
Sinhala BJT1060. කුශලමූලයෙන් මෙහෙයන ලද හෙතෙමේ පසු ව පැවිදි ව සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥාවශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව පිරිනිවන් පාන්නේ ය.
Pali BJT1061. පටිසම්භිදා ච’නුප්පත්තං කතකිච්චමනාසවං, ගොතමො ලොකබන්ධු සො එතදග්ගෙ ඨපෙස්සති.
Sinhala BJT1061. ලෝකබන්‍ධු වූ ගෞතමබුදුරජානන් වහන්සේ පැමිණ (සිවු) පිළිසිඹියාවන් ඇති, කරණ ලද කටයුතු ඇති, ආශ්‍රව රහිත වූ ඔහු ඒතදග්‍රස්ථානයෙහි තබන සේක.
Pali BJT1062. පධානපහිතත්තො සො උපසන්තො නිරූපධි, උදායි නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.”
Sinhala BJT1062. වීර්‍ය්‍යය වැඩූ, නිවණ කෙරෙහි මෙහෙයූ සිත් ඇති, උපශාන්ත වූ උපධි රහිත වූ හෙතෙමේ නමින් උදායී නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT1063. රාගො දොසො ච මොහො ච{6} මානො මක්ඛො ච ධංසිතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
Sinhala BJT1063. රාගය ද ද්වේෂය ද මෝහය ද මක්ඛය (ගුණමකුබව) ද විනාශ කරණ ලද්දේ ය. සියලු ආශ්‍රවයන් ප්‍රහාණපරිඥා වශයෙන් දැන (දුරු කොට) ආශ්‍රව රහිත ව වෙසෙමි.
Pali BJT1064. තොසයිඤ්චාපි{7} සම්බුද්ධං ආතාපී නිපකො අහං, පමොදිතො ච{8} සම්බුද්ධො එතදග්ගෙ ඨපෙසි මං.
Sinhala BJT1064. කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්ත වූ ප්‍රඥාවත් වූ මම බුදුරජානන් වහන්සේ සතුටු කෙළෙමි. ප්‍රමුදිත වූ බුදුරජ තෙමේ මා ඒතදග්‍රස්ථානයෙහි තැබී ය.
Pali BJT1065. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT1065. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා කාළුදායී ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් කාළුදායි ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් දේශනා කළ සේක් යී.
Pali BJTකාළුදායිත්ථෙරස්සාපදානං චතුත්ථං.
Sinhala BJTකාළුදායි ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT35. මොඝරාජත්ථෙරාපදානං.
Sinhala BJT35. මෝඝරාජ ස්ථවිරාවදානය
Pali BJT1066. අත්ථදස්සී තු භගවා සයම්භූ අපරාජිතො, භික්ඛුසඞ්ඝපරිබ්බූළ්හො රථියං පටිපජ්ජථ.
Sinhala BJT1066. සියල්ල තෙමේ ම දැනගත්තා වූ අපරාජිත වූ (පස්මරුන් දිනූ) අත්‍ථදස්සි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුසඞ්ඝයා විසින් පිරිවරණ ලද්දාහු වීථියට පිළිපන් සේක.
Pali BJT1067. සිස්සෙහි සම්පරිවුතො ඝරම්හා අභිනික්ඛමිං, නික්ඛමිත්වානහං තත්ථ අද්දසං ලොකනායකං.
Sinhala BJT1067. මම ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයෙම් ගෘහයෙන් නික්මුනෙමි. නික්ම එහි ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
Pali BJT1068. අභිවාදිය{1} සම්බුද්ධං සිරෙ කත්වාන අඤ්ජලිං, සකං චිත්තං පසාදෙත්වා සන්ථවිං ලොකනායකං.
Sinhala BJT1068. සිරසෙහි ඇඳිලි බැඳ බුදුරජුන් වැඳ සිය සිත පහදවා ලෝකනාථයන් වහන්සේ (හා) පිළිසඳර කථා කෙළෙමි.
Pali BJT1069. “යාවතා රූපිනො සත්තා අරූපී වා අසඤ්ඤිනො, සබ්බෙ තෙ තව ඤාණම්භි අන්තො හොන්ති සමොගධා{2}.
Sinhala BJT1069. “යම් පමණ රූපාවචර බ්‍රහ්මලෝක වාසි සත්ත්‍වයෝ වෙත් ද, එසේ ම අරූපාවචර බ්‍රහ්මලෝකවාසි සත්ත්‍වයෝ වෙත් ද, අසංඥතලවාසි සත්ත්‍වයෝ වෙත් ද, ඒ සියල්ලෝ ඔබ වහන්ස්ගේ ඤාණයෙහි ඇතුළත් වෙත්. (ඔබ වහන්සේගේ නුවණට ඔහු පෙණෙත්.)
Pali BJT1070. සුඛුමච්ඡිකජාලෙන උදකං යො පරික්ඛිපෙ, යෙ කෙචි උදකෙ පාණා අන්තො ජාලෙ භවන්ති තෙ.
Sinhala BJT1070. යමෙක් කුඩා සිදුරු ඇති දැලක් දියෙහි බහන්නේ නම්, (එවිට) දියෙහි කිසියම් ප්‍රාණි කෙනෙක් වෙත් ද, ඔවුහු දැල තුළෙහි වෙත්.
Pali BJT1071. යෙසඤ්ච චෙතනා අත්ථි රූපිනො ච අරූපිනො, සබ්බෙ තෙ තව ඤාණම්භි අන්තො හොන්ති සමොගධා.
Sinhala BJT1071. රූපීසත්ත්‍වයන් පිළිබඳ වූ හෝ අරූපීසත්ත්‍වයන් පිළිබඳ වූ යමෙකුගේ චේතනාවක් ඇත් නම්, ඒ සියලු චේතනාවෝ ඔබ වහන්සේගේ නුවණෙහි ඇතුළත් වෙත්.
Pali BJT1072. සමුද්ධරසි’මං ලොකං අන්ධකාරසමාකුලං, තව ධම්මං සුණිත්වාන කඞ්ඛාසොතං තරන්ති තෙ.
Sinhala BJT1072. අඳුරෙහි ගැවසී ගත් මේ ලෝකයා (ඔබවහන්සේ) නගා සිටුවන සේක. ඔහු ඔබ වහන්සේගේ ධර්‍මය අසා සැකය නමැති සැඩපහර තරණය කෙරෙත්.
Pali BJT1073. අවිජ්ජානිවුතො ලොකො අන්ධකාරෙන ඔත්ථටො, තව ඤාණම්භි ජොතන්තෙ අන්ධකාරා පධංසිතා.
Sinhala BJT1073. ලෝකවාසි සත්ත්‍ව තෙමේ අවිද්‍යාව විසින් වසාගන්නා ලදී. (මෝහ) අන්‍ධකාරය විසින් වෙළාගන්නා ලදී. ඔබ වහන්සේගේ නුවණ බබළන කල්හි (ලෝවැස්සෝ) නසන ලද මොහාන්‍ධකාර ඇත්තෝ වෙත්.
Pali BJT1074. තුවං චක්ඛූ’සි සබ්බෙසං මහාතමපනූදනො, තව ධම්මං සුණිත්වාන නිබ්බායති බහුජ්ජනො.”
Sinhala BJT1074. ඔබ වහන්සේ සියලු දෙනාගේ මහා මෝහාන්‍ධකාරය දුරුකරන්නා වූ ඇසක් වන සේක. බොහෝ ජන තෙමේ ඔබ වහන්සේගේ ධර්‍මය අසා (කෙලෙස් ගින්න) නිවාගණී.
Pali BJT1075. පිඨරං{3} පූරයිත්වාන මධුඛුද්දං{4} අනෙළකං, උභොහත්ථෙහි පග්ගය්හ උපනෙසිං මහෙසිනො.
Sinhala BJT1075. නිදොස් වූ බුද්දකමධු (දඬුවෙල්බෑ මීපැණි) සැළියක් පුරවා දොහොතින් ගෙන ගොස් බුදුරජානන් වහන්සේට පිළිගැන්වීමි.