Pali BJTඉත්ථං සුදං ආයස්මා උපවානො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උපවානස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඋපවානත්ථෙරස්සාපදානං දුතියං.
Sinhala BJTඋපවානස්ථවිරාවදානය දෙවැනි යි.
Pali BJT23. සරණගමනියත්ථෙරාපදානං{*}
Sinhala BJT23. සරණගමනිය ස්ථවිරාවදානය
Pali BJT920. නගරෙ චන්දවතියා{1} මාතුපට්ඨායකො අහුං, අන්ධා මාතා පිතා මය්හං තෙ පොසෙමි අහං තදා.
Sinhala BJT920. මම චන්‍ද්‍රවතී නගරයෙහි දෙමාපියනට උවටැන් කරන්නෙක් වීමි. එකල්හි මාගේ ඒ අඳ දෙමාපියන් පෝෂණය කරමි.
Pali BJT921. රහොගතො නිසීදිත්වා එවං චින්තෙස’හං තදා, පොසෙන්තො මාතාපිතරෙ පබ්බජ්ජං න ලභාම’හං
Sinhala BJT921. එකල්හි මම රහසිගත ව හිඳ මෙසේ සිතීමි. (කෙසේද? යත්:) “මම දෙමාපියන් පෝෂණය කරන්නෙම් පැවිද්ද නො ලබමි.
Pali BJT922. තමන්ධකාරපිහිතා{2} තිවිධග්ගීහි ඩය්හරෙ, එතාදිසෙ භයෙ{3} ජාතෙ නත්ථි කොචි විනායකො.
Sinhala BJT922. මහත් වූ මොහඳුරින් වසන ලදී. (රාග ද්වේෂ මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් (සත්ත්‍වයෝ) දැවෙත්. මෙබඳු බිය ඇති වූ කල්හි කිසි ගලවන්නෙක් නැත.
Pali BJT923. බුද්ධො ලොකෙ සමුප්පන්නො දිප්පති ජිනසාසනං, සක්කා උද්ධරිතුං{4} අත්තා පුඤ්ඤකම්මෙන{5} ජන්තුනා.
Sinhala BJT923. බුදුරජ තෙම ලොව පහළ වී ය. සර්‍වඥශාසනය බබළයි. පින්කම් ඇත්තහු විසින් (ස්වකීය) ආත්මය ගොඩ නගා තැබිය හැකි ය.
Pali BJT924. උග්ගය්හ තීණි සරණෙ පරිපුණ්ණානි ගොපයිං, තෙන කම්මෙන සුකතෙන පටිමොක්ඛාමි{6} දුග්ගතිං.
Sinhala BJT924. තුන් සරණ ඉගෙණ සම්පූර්‍ණ ලෙස රැකීමි. මැනැවින් කරණලද එම කර්‍මය හේතු කොට ගෙණ දුගතියෙන් මිදෙමි.
Pali BJT925. නිසභො නාම සමණො බුද්ධස්ස අග්ගසාවකො, තමහං උපගන්ත්වාන සරණාගමනං ගහිං.
Sinhala BJT925. බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ නිසභ නම් භික්‍ෂුනමක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ සරණගමනය ගතිමි. (සරණ ගත වීමි)
Pali BJT926. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා සරණාගමනං පරිපුණ්ණං අගොපයිං.
Sinhala BJT926. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සරණගමනය සම්පූර්‍ණ ලෙස රැකීමි.
Pali BJT927. චරිමෙ වත්තමානම්හි සරණං තං අනුස්සරිං, තෙන කම්මෙන සුකතෙන තාවතිංසං අගච්ඡ’හං.
Sinhala BJT927. අන්තිම අවස්ථාව පවත්නා කල්හි (මරණ සමයෙහි) එ ම සරණය සිහි කෙළෙමි. මම මැනැවින් කරණ ලද එ ම කර්‍මය හේතු කොට ගෙණ තව්තිසාවට ගියෙමි.
Pali BJT928. දෙවලොකගතො සන්තො පුඤ්ඤකම්මසමාහිතො, යං දෙසං උපගච්ඡාමි{7} අට්ඨ හෙතූ ලභාමහං.
Sinhala BJT928. දෙව්ලොවට ගියෙම් පින්කමින් යුත් වූයෙම් යම් දෙසකට යෙම් නම්, අට හේතුවක් (=ආනිසංසයක්) ලබමි.
Pali BJT929. දිසාසු පූජිතො හොමි තික්ඛපඤ්ඤො භවාම’හං, සබ්බෙ දෙවා’නුවත්තන්ති අමිතභොගං ලභාම’හං.
Sinhala BJT929. සියලු දිගුන්හි පුදන ලදුයෙම් වෙමි. මම තියුණු නුවණැත්තෙම් වෙමි. සියලු දෙවියෝ (මා) අනුව පවතිත්. මම අපමණ වූ භෝගසම්පත් ලබමි.
Pali BJT930. සුවණ්ණවණ්ණො සබ්බත්ථ පටිකන්තො භවාම’හං, මිත්තානං අචලො හොමි යසො අච්චුග්ගතො{8} මම.
Sinhala BJT930. මම ස්වර්‍ණවර්‍ණ වූයෙම් හැම තන්හි දී ප්‍රිය වූයෙක් වෙමි. මිතුරන්ට ස්ථිර වෙමි. මාගේ යසස ඉතා උස් ව නැංගේ ය.
Pali BJT931. අසීතික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, දිබ්බං සුඛං අනුභවිං අච්ඡරාහි පුරක්ඛතො.
Sinhala BJT931. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් දිවසුව අනුභව කෙළෙමි.
Pali BJT932. පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT932. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබන ලද) මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් කිය නො හැකි ය. (අපමණ ය.)
Pali BJT933. පච්ඡිමභවෙ සම්පත්තෙ පුඤ්ඤකම්මසමාහිතො, පුරෙ සාවත්ථියං ජාතො මහාසාලෙ සු අඩ්ඪකෙ
Sinhala BJT933. අන්තිමභවය පැමිණි කල්හි පුණ්‍යකර්‍මය හා එක් වූයෙම් සැවැත්නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.
Pali BJT934. නගරා නික්ඛමිත්වාන දාරකෙහි පුරක්ඛතො, හාසඛිඩ්ඪාසමංගීහං{9} සඞ්ඝාරාමං උපාගමි.
Sinhala BJT934. මම කුමරුන් විසින් පිරිවරණ ලද්දෙමි. සතුටින් හා කෙළි සෙල්ලමින් යුතු වූ මම සඞ්ඝාරාමයට එළඹියෙමි.
Pali BJT935. තත්ථ’ද්දසාසිං සමණං විප්පමුත්තං නිරූපධිං, සො මෙ ධම්මමදෙසෙසි සරණඤ්ච අදාසි මෙ.
Sinhala BJT935. එහි දී කෙලෙසුන් කෙරෙන් මිදුනා වූ උපධි රහිත වූ භික්‍ෂුනමක් දුටුවෙමි. හෙතෙම මට දහම් දෙසී ය. (මට) සරණ ද දුන්නේ ය.
Pali BJT936. සො’හං සුත්වාන සරණං සරණං මෙ අනුස්සරිං, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
Sinhala BJT936. මම ඒ සරණ අසා (පෙර) මාගේ සරණය සිහි කෙළෙමි. ඒ අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
Pali BJT937. ජාතියා සත්තවස්සෙන අරහත්තං අපාපුණිං, උපසම්පාදෙසි{1} සම්බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා.
Sinhala BJT937. උත්පත්තියෙන් සත්හැවිරිදි කල්හි රහත්බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජානන් වහන්සේ (මාගේ) ගුණ දැන (මා) උපසම්පන්න කළ සේක.
Pali BJT938. අපරිමෙය්යෙ ඉතො කප්පෙ සරණානි අගච්ඡි’හං, තතො මෙ සුකතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ.
Sinhala BJT938. මම මෙයින් අපරිමේය කල්පයකට පෙර සරණගත වීමි. ඉක්බිති මා විසින් මැනැවින් කරණලද (ඒ මාගේ) කර්‍මය තෙම මෙහි දී ඵලය දැක්වී ය.
Pali BJT939. සුගොපිතං මෙ සරණං මානසං සුප්පණිහිතං, අනුභොත්වා යසං සබ්බං පතෙතාම්භි අචලං පදං.
Sinhala BJT939. මා විසින් සරණය මැනැවින් රක්නාලදී. සිත මනා ව පිහිටුවන ලදී. සියලු සම්පත් අනුභව කොට නිශ්චල වූ නිර්‍වාණපදයට පැමිණියෙම් වෙමි.
Pali BJT940. යෙසං සොතාවධානත්ථි සුණාථ මම භාසතො, අහං{2} වො කථයිස්සාමි සාමං දිට්ඨං පදං{3} මම.
Sinhala BJT940. යමෙකුට ඇසීමෙහි එකඟකම ඇත්තේ නම්, (ඒ තෙපි) කියන්නා වූ මාගේ වචනය අසවු. මා විසින් (භික්‍ෂුනමකගේ මාර්‍ග දේශකත්‍වයෙන්) තමා විසින් දක්නා ලද ශාන්තපදය මම තොපට කියන්නෙමි. (කෙසේද? යත්:)
Pali BJT941. “බුද්ධො ලොකෙ සමුප්පන්නො වත්තතෙ ජිනසාසනං, අමතා වාදිතා භෙරී සොකසල්ලවිනොදනා.
Sinhala BJT941. “බුදුරජානන් වහන්සේ ලොව පහළ වූ සේක. සර්‍වඥශාසනය පවතී. සෝහුල් දුරු කරන්නා වූ අමාබෙරය වයන ලදී.
Pali BJT942. යථා සකෙන ථාමෙන පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ, අධිකාරං කරෙය්යාථ ඵස්සයිස්සථ{4} නිබ්බුතිං.
Sinhala BJT942. ස්වකීය ශක්ති පමණින් නිරුත්තර වූ පුණ්‍යක්‍ෂේත්‍රයෙහි කුසල් කරන්නහු නම්, නිවණ පහස්නහු ය. (=ලබන්නහු ය.)
Pali BJT943. පග්ගය්හ තීණි සරණෙ පඤ්ච සීලානි ගොපිය{5}, බුද්ධෙ චිත්තං පසාදෙත්වා දුක්ඛස්සන්තං කරිස්සථ.
Sinhala BJT943. තිසරණ ගෙණ පන්සිල් රැක බුදුන් වහන්සේ කෙරෙහි සිත පහදවා දුක් කෙළවර කරන්නහු ය.
Pali BJT944. මමොපමං කරිත්වාන{6} සීලානි පරිගොපිය, අචිරං අරහත්තං වො සබ්බෙපි පාපුණිස්සථ”.
Sinhala BJT944. මා උපමා කොට ගෙණ සිල් රැක තෙපි සියල්ලෝ නො බෝ කලකින් ම රහත්බවට පැමිණෙන්නහු ය”.
Pali BJT945. තෙවිජ්ජො ඉද්ධිපත්තො’ම්හි චෙතොපරියකොවිදො, සාවකො තෙ මහාවීර චරණෙ{7} වන්දති සත්ථුනො.
Sinhala BJT945. ත්‍රිවිද්‍යා ඇත්තෙම් පරසිත් දන්නා නුවණෙහි දක්‍ෂ වූයෙම් ඍධියට පත් වූයෙම් ද වෙමි. මහාවීරයන් වහන්ස, ඔබ වහන්සේගේ (ඒ) ශ්‍රාවක තෙම ශාස්තෲන්වහන්සේගේ සිරිපා වඳියි.
Pali BJT946. අපරිමෙය්යෙ ඉතො කප්පෙ සරණං බුද්ධස්ස ගච්ඡහං, දුග්ගතිං නාභිජානාමි සරණාගමනෙ ඵලං.
Sinhala BJT946. මම මෙයින් අපරිමේය කල්පයෙහි බුදුරජානන් වහන්සේ සරණ කොට ගියෙමි. දුගතියක් නො දනිමි. (මෙය) සරණගමනයෙහි ඵලය යි.
Pali BJT947. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT947. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා තිසරණගමනියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් තිසරණගමනිය ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යි.
Pali BJTතිසරණගමනියත්ථෙරස්සාපදානං{8} තතියං.
Sinhala BJTතිසරණගමනිය ස්ථවිරාවදානය තෙවැනි යි.
Pali BJT24. පඤ්චසීලසමාදානියත්ථෙරාපදානං
Sinhala BJT24. පඤ්චසීල සමාදානිය ස්ථවිරාවදානය
Pali BJT948. නගරෙ චන්දවතියා භතකො ආස’හං තදා, පරකම්මායනෙ යුත්තෙ පබ්බජ්ජං න ලභාම’හං.
Sinhala BJT948. එකල්හි මම චන්‍ද්‍රවතී නගරයෙහි බැළයෙක් (=බැළයට මෙහෙ කරන්නෙක්) වීමි. අනුන්ගේ කටයුතු කිරීමෙහි යෙදුනා වූ මම පැවිද්ද නො ලබමි.
Pali BJT949. තමන්ධකාරපිහිතා{9} තිවිධග්ගීහි{10} ඩය්හරෙ, කෙන නු ඛො උපායෙන විසංයුත්තො භවෙ අහං.
Sinhala BJT949. මහත් වූ මෝහාන්‍ධකාරයෙන් වසන ලද (සත්ත්‍වයෝ) (රාග-ද්වේෂ-මෝහ යන) ත්‍රිවිධාග්නියෙන් දැවෙත්. මම කවර නම් උපායයකින් (භව දුකින්) වෙන් වූවෙක් වන්නෙම් ද?
Pali BJT950. දෙය්යධම්මො ච මෙ නත්ථි වරාකො භතකො{11} අහං, යන්නූනා’හං පඤ්චසීලං රක්ඛෙය්යං පරිපූරයං.
Sinhala BJT950. මා ලඟ දිය යුතු දැයක් (=දෙයධර්‍මයක්) ද නැත. මම දුඃඛිත වූ බැළයෙක්මි. මම පඤ්චසීලය පරිපූර්‍ණ කරමින් රකින්නෙම් නම් ඉතා යෙහෙකි.
Pali BJT951. අනොමදස්සී{1} මුනිනො නිසභො නාම සාවකො, තම’හං උපසඞ්කම්ම පඤ්චසික්ඛාපද’ග්ගහිං.
Sinhala BJT951. අනවමදර්ශී බුදුරජානන් වහන්සේගේ නිසභ නම් ශ්‍රාවකයෙක් වී ය. මම උන්වහන්සේ වෙත එළඹ පඤ්චශික්‍ෂාපද (=පන්සිල්) ගතිමි.
Pali BJT952. වස්සසතසහස්සානි ආයු විජ්ජති තාවදෙ, තාවතා පඤ්ච සීලානි පරිපුණ්ණානි ගොපයිං.
Sinhala BJT952. එකල්හි හවුරුදු ලක්‍ෂයක් ආයුෂ විද්‍යමාන වේ. එපමණ කලක් සම්පූර්‍ණ වූ පන්සිල් රැකීමි.
Pali BJT953. මච්චුකාලම්භි{2} සම්පත්තෙ දෙවා අස්සාසයන්ති මං, රථො සහස්සස්සයුත්තො මාරිසා’යං{3} උපට්ඨිතො.
Sinhala BJT953. මැරෙණ කල පැමිණි කල්හි දෙවියෝ මා අස්වසත්. (කෙසේද? යත්:) “නිදුකානෙනි, ඔබට මේ දහසක් අසුන් යෙදූ (දිව්‍ය) රථය එළඹ සිටියේ යˮ (කියායි.)
Pali BJT954. වත්තන්තෙ{4} චරිමෙ චිත්තෙ මම සීලං අනුස්සරිං, තෙන කම්මෙන සුකතෙන තාවතිංසං අගච්ඡ’හං.
Sinhala BJT954. අන්තිම සිත (=චුතිචිත්තය) පවත්නාකල්හි මාගේ (පඤ්ච) සීලය සිහි කෙළෙමි. මැනැවින් කරණ ලද (ඒ කුශල) කර්‍මය හේතු කොට ගෙණ මම තව්තිසාදෙව්ලොවට ගියෙමි.
Pali BJT955. තිංසක්ඛත්තුඤ්ච දෙවින්දො දෙවරජ්ජං අකාරයිං, දිබ්බං සුඛං අනුභවිං අච්ඡරාහි පුරක්ඛතො.
Sinhala BJT955. ශක්‍රදේවේන්‍ද්‍රව තිස්වරක් දිව්‍යරාජ්‍යය කරවීමි. අප්සරාවන් විසින් පිරිවරණ ලදු ව දිවසුව අනුභව කෙළෙමි.
Pali BJT956. පඤ්චසත්තතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසංඛියං.
Sinhala BJT956. මම පන්සැත්තෑවරක් සක්විති රජ වීමි. (ලබනලද) මහත් වූ ප්‍රදේශරාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණ ය යි) කිය නො හැකිය.
Pali BJT957. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, පුරෙ වෙසාලියං ජාතො මහාසාලෙ සුඅඩ්ඪකෙ.
Sinhala BJT957. කුශලමූලයෙන් මෙහෙයන ලදුයෙම් දෙව්ලොවින් චුත ව වෛශාලී නගරයෙහි අතිශයින් ආඪ්‍ය වූ මහාසාරකුලයෙහි උපන්නෙමි.
Pali BJT958. වස්සූපනායිකෙ කාලෙ දිප්පන්තෙ ජිනසාසනෙ, මාතා ච මෙ පිතා චෙව පඤ්චසික්ඛාපද’ග්ගහුං.
Sinhala BJT958. බුදුසසුන බබළද්දී වස් එළඹෙන කාලයෙහි මාගේ මවු තොමෝ ද පිය තෙමේ ද පඤ්චශික්‍ෂාපද (පන්සිල්) ගත්තාහු ය.
Pali BJT959. සහ සුතෙන’හං සීඝං මම සීලං අනුස්සරිං, එකාසනෙ නිසීදිත්වා අරහත්තමපාපුණිං.
Sinhala BJT959. (එය) ඇසීම හා සමග ම වහා මාගේ ශීලය මම සිහි කෙළෙමි. එම අසුනෙහි ම හිඳ රහත්බවට පැමිණියෙමි.
Pali BJT960. ජාතියා පඤ්චවස්සො’හං අරහත්තමපාපුණිං, උපසම්පාදයී බුද්ධො ගුණමඤ්ඤාය චක්ඛුමා.
Sinhala BJT960. උත්පත්තියෙන් පස්හැවිරිදි වූ මම රහත්බවට පැමිණියෙමි. පසැස් ඇති බුදුරජ තෙම (මාගේ) ගුණ දැන (මා) උපසපන් කරවී ය.
Pali BJT961. පරිපුණ්ණානි ගොපෙත්වා පඤ්ච සික්ඛාපදාන’හං, අපරිමෙය්යෙ ඉතො කප්පෙ විනිපාතං න ගච්ඡ’හං.
Sinhala BJT961. මම සම්පූර්‍ණ පන්සිල් රැක මෙයින් අපරිමේයකල්පයෙහි (සිට) දුගතියකට නො ගියෙමි.
Pali BJT962. ස්වාහං යසමනුභවිං තෙසං සීලානවාහසා, කප්පකොටිම්පි කිත්තෙන්තො කිත්තෙය්ය එකදෙසකං.
Sinhala BJT962. එ ම පන්සිල්හි අනුහසින් ඒ මම සම්පත් අනුභව කෙළෙමි. (ඒ සම්පත්) කල්පකෝටියක් මුළුල්ලෙහි වර්‍ණනා කරන්නේ නමුදු ලේශ මාත්‍රයක් ම වර්‍ණනා කරන්නේ ය.
Pali BJT963. පඤ්ච සීලානි ගොපෙත්වා තයො හෙතු ලභාමහං, දීඝායුකො මහාභොගො තික්ඛපඤ්ඤො භවාම’හං.
Sinhala BJT963. මම පන්සිල් රැක අනුසස් තුණක් ලබමි. (කවර නම් අනුසස් තුණක් ද? යත්-) මම දීර්‍ඝායු ඇත්තෙම් වෙමි. මහත් වූ භෝගසම්පත් ඇත්තෙම් වෙමි. තීක්‍ෂණ ප්‍රඥා ඇත්තෙම් ද වෙමි.
Pali BJT964. පකිත්තෙන්තො{5} ව සබ්බෙසං අධිමත්තඤ්ච පොරිසං, භවාභවෙ සංසරිත්වා එතෙ ඨානෙ ලභාමහං.
Sinhala BJT964. සියලු දෙනාහට (තමාගේ) අධිමාත්‍ර වූ ශූර භාවය ප්‍රකාශ කරන්නාක් මෙන් කුදුමහත් භවයෙහි (සසරෙහි) හැසිර මම මෙ ම තනතුරු ලබමි.
Pali BJT965. අපරිමෙය්යසීලෙසු වත්තන්තො ජිනසාවකො{6}, භවෙසු යදි රජ්ජෙය්ය{7} විපාකො කීදිසො භවෙ.
Sinhala BJT965. අප්‍රමාණ වූ ශීලයන්හි (රැකීම් වශයෙන්) පවත්නා බුද්ධශ්‍රාවක තෙමේ ඉදින් භවයන්හි රැඳෙන්නේ නම්, විපාකය කෙබඳු වන්නේ ද
Pali BJT966. සුචිණ්ණං මෙ පඤ්චසීලං භතකෙන විපස්සිනා, තෙන සීලෙන’හං අජ්ජ මොචයිං{1} සබ්බබන්ධනං.
Sinhala BJT966. විශේෂ දැකුම් ඇති බැළයකු වූ මා විසින් පන්සිල් මැනැවින් හැසිරෙණ (=රක්නා) ලදී. මම එ ම ශීලය හේතු කොට ගෙණ අද සියලු භව බන්‍ධන මිදුවෙමි.
Pali BJT967. අපරිමෙය්යෙ ඉතො කප්පෙ පඤ්ච සීලානි ගොපයිං, දුග්ගතිං නාභිජානාමි පඤ්චසීලානි’දං ඵලං.
Sinhala BJT967. මෙයින් අපරිමේයකල්පයෙහි පන්සිල් රැක්කෙමි. (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මේ පන්සිල් (රැකීමේ) විපාක ය යි.
Pali BJT968. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT968. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පඤ්චසීලසමාදානියො ථෙරො. ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පඤ්චසීල සමාදානිය ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළසේක් යී.
Pali BJTපඤ්චසීලසමාදානියත්ථෙරස්සාපදානං චතුත්ථං.
Sinhala BJTපඤ්චසීලසමාදානිය ස්ථවිරාවදානය සිවුවැනි යි.
Pali BJT25. අන්නසංසාවකත්ථෙරාපදානං
Sinhala BJT25. අන්නසංසාවක ස්ථවිරාවදානය
Pali BJT969. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අන්තරාපණෙ, කඤ්චනග්ඝියසඞ්කාසං ද්වත්තිංසවරලක්ඛණං.
Sinhala BJT969-970. (අවන්හල් සහිත) ඇතුළු වීථියෙහි වඩින්නා වූ ස්වර්‍ණවර්‍ණ වූ රන්තොරණක් මෙන් බබළන දෙතිස් මහපුරිස්ලකුණු ඇති ලොව බබුළුවන්නා වූ අපමණ ගුණ ඇති අනුපම (උපමා රහිත) වූ දැමුනා වූ දීප්තිය දරන්නා වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ දැක අධික වූ ප්‍රීතියක් ලැබීමි.
Pali BJT970. සිද්ධත්ථං ලොකපජ්ජොතං අප්පමෙය්යං අනොපමං, අලත්ථං පරමං පීතිං දිස්වා දන්තං ජුතින්ධරං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT971. සම්බුද්ධං අභිමන්තෙත්වා{2} භොජයිං තං මහාමුනිං, මහාකාරුණිකො{3} නාථො{4} අනුමොදි මමං තදා.
Sinhala BJT971. මම බුදුරජානන් වහන්සේට නිමන්ත්‍රණය කොට ඒ මහාමුනීන් වහන්සේ වැළඳවීමි. එකල්හි මහාකාරුණික වූ බුදුරජානන් වහන්සේ මට අනුමෝදනා (ධර්‍මය දේශනා) කළසේක.
Pali BJT972. තස්මිං මහාකාරුණිකෙ පරමස්සාසකාරකෙ, බුද්ධෙ චිත්තං පසාදෙත්වා කප්පං සග්ගම්හි මොද’හං.
Sinhala BJT972. (සත්ත්‍වයාට) උතුම් වූ අස්වැසිලි කරණ ඒ මහාකාරුණික වූ බුදුරජානන් වහන්සේ කෙරෙහි සිත පහදවා මම කල්පයක් ස්වර්‍ගයෙහි සතුටු වීමි.
Pali BJT973. චතුනවුතෙ ඉතො කප්පෙ යං දානමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි භික්ඛාදානස්සි’දං ඵලං.
Sinhala BJT973. මෙයින් සිවු අනූවනකපෙහි වූ එකල්හි යම් දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. භික්‍ෂාදානයාගේ මේ විපාකය යි.
Pali BJT974. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT974. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා අන්නසංසාවකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ‘අන්නසංසාවක’ ස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTඅන්නසංසාවකත්ථෙරස්සාපදානං පඤ්චමං.
Sinhala BJTඅන්නසංසාවක ස්ථවිරාවදානය පස්වැනි යි.
Pali BJT26. ධූපදායකත්ථෙරාපදානං
Sinhala BJT26. ධූපදායක ස්ථවිරාවදානය
Pali BJT975. සිද්ධත්ථස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, කුටිධූපං{5} මයා දින්නං විප්පසන්නෙන චෙතසා.
Sinhala BJT975. ලෝකජ්‍යේෂ්ඨ වූ තාදිගුණ ඇති සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේට පැහැදුනු සිතින් මා විසින් කුටිධූපයක් (ගඳ කිළියට සුවඳ දුමක්) දෙනලදී.
Pali BJT976. යං යං යොනුපපජ්ජාමි දෙවත්තං අථ මානුසං, සබ්බෙසම්පි පියො හොමි ධූපදානස්සි’දං ඵලං.
Sinhala BJT976. දිව්‍ය වූ හෝ මනුෂ්‍ය වූ හෝ යම් යම් යෝනියක උපදිම් නම් සියලු දෙනාට ම ප්‍රිය වෙමි. සුගන්‍ධධූපදානයාගේ මේ විපාකය යි.
Pali BJT977. චතුනවුතෙ ඉතො කප්පෙ යං ධූපං අදදිං තදා{1}, දුග්ගතිං නාභිජානාමි ධූපදානස්සි’දං ඵලං.
Sinhala BJT977. මෙයින් සිවුඅනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳදුම්දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. සුගන්‍ධධූපදානයාගේ මේ විපාකය යි.
Pali BJT978. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT978. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා ධූපදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ධූපදායක ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTධූපදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.
Sinhala BJTධූපදායක ස්ථවිරාවදානය සවැනි යි.
Pali BJT27. පුලිනපූජකත්ථෙරාපදානං
Sinhala BJT27. පුලිනපූජක ස්ථවිරාවදානය
Pali BJT979. විපස්සිස්ස භගවතො බොධියා පාදපුත්තමෙ, පුරාණපුලිනං ඡඩ්ඩෙත්වා සුද්ධං පුලිනමාකිරිං.
Sinhala BJT979. විපස්සීබුදුරජානන් වහන්සේගේ බුද්ධත්‍වයට උපකාර වූ උතුම් වූ ද්‍රැමමූලයෙහි පරණ වැලි අස් කොට පිරිසිදු (අළුත්) වැලි විසිරවීමි.
Pali BJT980. එකනවුතෙ ඉතො කප්පෙ යං පුලිනමදාස’හං, දුග්ගතිං නාභිජානාමි පුලිනදානස්සි’දං ඵලං.
Sinhala BJT980. මෙයින් එක් අනූවන කපෙහි මම යම් වැලි දනක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. මෙය වාලුකා (=වැලි) දානයාගේ විපාකය යි.
Pali BJT981. තිපඤ්ඤාසෙ{2} ඉතො කප්පෙ රාජා ආසිං ජනාධිභූ, මහාපුලිනනාමෙන{3} චක්කවත්තී මහබ්බලො.
Sinhala BJT981. මෙයින් තෙපණස්වන කපෙහි ජනයා අධිපති වන මහත් බල ඇති මහාපුලින නම් වූ සක්විති රජෙක් වීමි.
Pali BJT982. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT982. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා පුලිනපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් පුලිනපූජකො ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTපුලිනපූජකත්ථෙරස්සාපදානං සත්තමං.
Sinhala BJTපුලිනපූජකස්ථවිරාවදානය සත්වැනි යි.
Pali BJT28. උත්තරියත්ථෙරාපදානං
Sinhala BJT28. උත්තරිය ස්ථවිරාවදානය
Pali BJT983. චන්දභාගානදීතීරෙ සුංසුමාරො අහං තදා, සගොචරප්පසුතො’හං{4} නදීතිත්ථං අගඤ්ඡ’හං.
Sinhala BJT983. මම එකල්හි චන්‍ද්‍රභාගානදීතීරයෙහි කිඹුලෙක් වීමි. සිය ගොදුරු සෙවීමෙහි නිරත වූ මම නදීතීර්‍ත්‍ථයකට පැමිණියෙමි.
Pali BJT984. සිද්ධත්ථො තම්හි සමයෙ සයම්භූ අග්ගපුග්ගලො, නදිං තරිතුකාමො සො නදීතිත්ථං උපාගමි.
Sinhala BJT984. එසමයෙහි තෙමේ ම සියල්ල අවබෝධ කළා වූ අග්‍රපුද්ගල වූ ඒ සිද්ධාර්‍ත්‍ථ බුදුරජානන් වහන්සේ ගඟ තරණය කරණු කැමැති සේක් නදී තීර්‍ත්‍ථයට පැමිණියහ.
Pali BJT985. උපාගතෙ ච{5} සම්බුද්ධෙ අහම්පි තත්ථු’පාගමිං, උපගන්ත්වාන සම්බුද්ධං ඉමං වාචං උදීරයිං.
Sinhala BJT985. බුදුරජානන් වහන්සේ එළෙඹි කල්හි මම ද එහි ගියෙමි. එළඹ තථාගතයන් වහන්සේට මෙ ම වචනය කීමි. (කෙබඳු වචනයක් ද? යත්:)
Pali BJT986. අභිරූහ මහාවීර තාරෙස්සාමි අහං තුවං, පෙත්තිකං විසයං මය්හං අනුකම්ප මහාමුනෙ.
Sinhala BJT986. “මහාවීරයන් වහන්ස, (මා පිට) නගිනු මැනව, මම ඔබ (ගඟින්) එතෙර කරන්නෙමි. (මේ ජලය) මාගේ පිතෘපරම්පරාවෙන් හිමි ස්ථානය යි. මහාමුනීන් වහන්ස, අනුකම්පා කරණු මැනැව.
Pali BJT987. මම උග්ගජ්ජනං සුත්වා අභිරූහි මහාමුනි, හට්ඨො හට්ඨෙන චිත්තෙන තාරෙසිං ලොකනායකං.
Sinhala BJT987. මාගේ ගිගුම් හඬ (ආරාධනය) අසා බුදුරජානන් වහන්සේ (මාගේ පිටෙහි) නැගුනුසේක. සතුටු සිතින් පිණා ගියෙම් ලෝකනාථයන් වහන්සේ එතෙර කෙළෙමි.
Pali BJT988. නදියා පාරිමෙ තීරෙ සිද්ධත්ථො ලොකනායකො, අස්සාසෙසි මමං තත්ථ අමතං පාපුණිස්සසි.
Sinhala BJT988. ගඟ පරතෙරෙහි වූ සිද්ධාර්‍ත්‍ථ බුදුරජ තෙම එහි දී “(තෝ) නිවණට පැමිණෙන්නෙහි ය” යි මා සැනසී ය.
Pali BJT989. තම්හා කායා චවිත්වාන දෙවලොකං අගච්ඡහං, දිබ්බං සුඛං අනුභවිං අච්ඡරාභි පුරක්ඛතො.
Sinhala BJT989. මම එ ම කයින් චුත ව දෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි. දිව්‍යාප්සරාවන් විසින් පිරිවරණ ලදුයෙම් දිවසුව අනුභව කෙළෙමි.
Pali BJT990. සත්තක්ඛත්තුඤ්ච දෙවින්දො දෙවරජ්ජං අකාස’හං, තීණික්ඛත්තුං චක්කවත්තී මහියා ඉස්සරො අහුං.
Sinhala BJT990. මම ශක්‍ර දේවේන්‍ද්‍රව සත්වරක් දිව්‍යරාජ්‍යය කෙළෙමි. තෙවරක් පෘථිවීශ්වර වූ සක්විතිරජ වීමි.
Pali BJT991. විවෙකමනුයුත්තො’හං නිපකො ච සුසංවුතො, ධාරෙමි අන්තිමං දෙහං සම්මාසම්බුද්ධසාසනෙ.
Sinhala BJT991. මම විවේකයෙහි යෙදුනෙම් ප්‍රඥා ඇත්තෙම් මැනැවින් සංවරණය වූ ඉඳුරන් ඇත්තෙම් සම්‍යක් සම්‍බුදු රජානන් වහන්සේගේ සසුනෙහි මේ අන්තිම ශරීරය දරමි.
Pali BJT992. චතුනවුතෙ ඉතො කප්පෙ තාරෙසිං යං නරාසභං, දුග්ගතිං නාභිජානාමි තාරණාය{1} ඉදං ඵලං.
Sinhala BJT992. යම්හෙයකින් මෙයින් සිවුඅනූවනකපෙහි නරශ්‍රේෂ්ඨයන් වහන්සේ (ගඟින්) එතෙර කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිමි. එතෙර කිරීමෙහි මේ විපාකය යි.
Pali BJT993. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT993. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා උත්තරියො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් උත්තරියස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.
Pali BJTඋත්තරියත්ථෙරස්සාපදානං{3} අට්ඨමං.
Sinhala BJTඋත්තරියස්ථවිරාවදානය අටවැනි යි.
Pali BJT29. එකඤ්ජලිකත්ථෙරාපදානං
Sinhala BJT29. ඒකඤ්ජලික ස්ථවිරාවදානය
Pali BJT994. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ගච්ඡන්තං අන්තරාපණෙ, විපස්සිං සත්ථවාහග්ගං නරවීරං විනායකං.
Sinhala BJT994. 995. ඇතුළු වීථියෙහි වඩින්නා වූ (සසර කතරින් සත්ත්‍වයා එතෙර කරණ බැවින්) ශ්‍රේෂ්ඨ සාර්‍ත්‍ථවාහකයකු වූ මනුෂ්‍ය වීරයකු වූ (සත්ත්‍වයා නිවන්පුරයට පමුණුවන බැවින්) විනායක වූ නො දැමුනු අය දමනය කරන්නා වූ තාදිගුණ ඇති මහාවාදී වූ මහාප්‍රාඥ වූ ස්වර්‍ණවර්‍ණ වූ විපස්සී බුදුරජානන් වහන්සේ දැක මම පැහැදුනෙම් සොම්නස් සිත් ඇත්තෙම් දෑත් එක් කොට එක්වරක් ඇඳිලි කෙළෙමි.
Pali BJT995. අදන්තදමකං{4} තාදිං මහාවාදිං මහාමතිං{5}, දිස්වා පසන්නො සුමනො එකඤ්ජලිමකාස’හං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT996. එකනවුතෙ ඉතො කප්පෙ යමඤ්ජලිං කරිං{6} තදා, දුග්ගතිං නාභිජානාමි අඤ්ජලිස්ස ඉදං ඵලං.
Sinhala BJT996. මෙයින් එක් අනූවන කපෙහි වූ එකල්හි (විපස්සී බුදුරජුන්හට) යම් ඇඳිලි බැඳීමක් (වැඳීමක්) කෙළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නො දනිම්. අඤ්ජලි කර්‍මයාගේ මේ විපාකය යි.
Pali BJT997. පටිසම්භිදා -පෙ- බුද්ධස්ස සාසනං.
Sinhala BJT997. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා එකඤ්ජලිකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් ඒකඤ්ජලිකස්ථවිරයන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක් යී.