Pali BJT823. සියා නු ඛො තව{6} එතං කො පජානාති තෙ{7} ඉදං, සද්ධාධුරං ජහසි{8} තෙ{*} කොසජ්ජබහුලාය ච.
Sinhala BJT823. තාගේ මෙබඳු ගතියක් වේ නම්, එය කවරෙක් දනී ද? තාගේ ශ්‍රද්ධාධුරය දුරු කෙරෙහි නම්, (එය) කුසීතබව වැඩි වීම පිණිස ද පවතී.
Pali BJT824. ජිගුච්ඡිස්සන්ති තං විඤ්ඤූ අසුචිං නාගරිකො යථා, ආකඩ්ඪිත්වාන ඉසයො චොදයිස්සන්ති තං සදා.
Sinhala BJT824. යම් සේ නුවර වැසියෙක් අශුචි පිළිකුල් කරන්නේ ද, එසේ නුවණැත්තෝ තට පිළිකුල් කරන්නාහු ය. ඍෂීහු තා ඇද දමා හැම කල්හි චෝදනා කරන්නාහු ය.
Pali BJT825. තං විඤ්ඤූ පවදිස්සන්ති සමතික්කන්තසාසනං, සංවාසං අලභන්තො හි කථං ජීවිස්සසී{9} තුවං.
Sinhala BJT825. නුවණැත්තෝ තා ඉක්මවූ සසුන ඇත්තෙකැයි (චෝදනා වශයෙන්) කියන්නාහු ය. නුවණැත්තන්ගේ සහවාසය නො ලබන්නා වූ තෝ කෙසේ ජීවත් වන්නෙහි ද?
Pali BJT826. තිධා පභින්නමාතඞ්ගං කුඤ්ජරං සට්ඨිහායනං, බලී නාගො උපගන්ත්වා යූථා නීහරතෙ ගජං.
Sinhala BJT826. බලවත් ඇත් රජෙක් තෙම එළඹ ත්‍රිමදගලිත වූ මාතඞ්ග හස්තිකුලයෙහි ජාත වූ උපතින් සැටවස් ඉක්ම ගිය මහඇතෙකු ඇත්රැළෙන් බැහැර කෙරෙයි නම්,
Pali BJT827. යූථා විනිස්සටො සන්තො සුඛං සාතං න වින්දති, දුක්ඛිතො විමනො{1} හොති පජ්ඣායන්තො{2} පවධෙති{3}.
Sinhala BJT827. ඇත්රැළෙන් බැහැර වූ එ ම ඇතා ලොකුසුවයක් නො විඳී. දුඃඛිත ව දොම්නස් සහිත වේ. ලත වමින් වෙවුල යි.
Pali BJT828. තථෙව ජටිලා තම්පි නීහරිස්සන්ති දුම්මතිං,{4} තෙහි ත්වං නිස්සටො සන්තො සුඛං සාතං න ලච්ඡසි.
Sinhala BJT828. එසේ ම ජටාධර තවුසෝ අඥාන වූ තා (තවුස් පිරිසෙන්) බැහැර කෙරෙත්. ඔවුන් විසින් බැහැර කරණ ලද තෝ (සිත - කය දෙකින් ම) සුවයක් නො ලබන්නෙහි ය.
Pali BJT829. දිවා යා යදි වා රත්තිං සොකසල්ලසමප්පිතො, ඩය්හසි පරිළාහෙන ගජො යුථා’ව නිස්සටො{5}.
Sinhala BJT829. දිවාකල්හි ද යලි රාත්‍රියෙහි ද ඇනුනු ශෝක නමැති හුල් ඇත්තේ ඇත් රැලෙන් බැහැර කළ ඇතෙකු මෙන් (තෝ) පරිලාහයෙන් දැවෙහි ය.
Pali BJT830. ජාතරූපං යථා කූටං නෙව ඣාපෙති{6} කත්ථචි, තථා සීලවිහීනො ත්වං න ඣාපෙස්සසි{7} කත්ථචි.
Sinhala BJT830. යම් සේ ස්වර්‍ණය කිසි තැනෙක්හි යකුළ නො දවා ද එසේ ම සීලයෙන් තොර වූ තෝ කිසි තැනෙක්හි (කෙලෙස්) නො දවන්නෙහි ය.
Pali BJT831. අගාරං වසමානොපි කථං ජීවිහිසී තුවං, මත්තිකං පෙත්තිකං චාපි නත්ථි තෙ නිහිතං{8} ධනං.
Sinhala BJT831. තෝ ගිහිගෙයි වසන්නේ නමුදු කෙසේ ජීවත් වන්නෙහි ද? තට මව සතු වූ හෝ පියා සතු වූ තැන්පත් කොට තබන ලද ධනයක් නැත.
Pali BJT832. සයං{9} කම්මං කරිත්වාන ගත්තෙ සෙදං පමොචයං, එවං ජීවිහිසි ගෙහෙ සාධු තෙ තං{10} න රුච්චතී.”
Sinhala BJT832. සිරුරෙහි ඩහ වගුරුවමින් තෙමේ ම කර්‍මාන්ත කොට ගිහිගෙයි මෙසේ ජීවත් වන්නෙහි ය. තට එය රිසි නො වේ නම් මැනවි.”
Pali BJT833. එවාහං තත්ථ වාරෙමි{11} සඞ්කිලෙසගතං මනං, නානාධම්මකථං කත්වා පාපා චිත්තා නිවාරයිං.
Sinhala BJT833. මෙසේ මම එහි දී කිලිටිබවට ගිය සිත වළක්වමි. නොයෙක් ධර්‍මකථා කියා පවින් සිත වැළකීමි.
Pali BJT834. එවං මෙ විහරන්තස්ස අප්පමාදවිහාරිනො, තිංස වස්සසහස්සානි විපිනෙ මෙ{12} අතික්කමුං.
Sinhala BJT834. නො පමා ව වෙසෙනසුලු වූ මෙසේ වනයෙහි වසන මට හවුරුදු තිස්දහසක් ඉක්ම ගියේ ය.
Pali BJT835. අප්පමාදරතං දිස්වා උත්තමත්ථගවෙසකං, පදුමුත්තරසම්බුද්ධො ආගච්ඡි මම සන්තිකං.
Sinhala BJT835. උත්තමාර්‍ත්‍ථය වූ (නිවණ) සොයන අප්‍රමාදයෙහි ඇලුනු මා දැක පදුමුත්තර බුදුරජානන් වහන්සේ මාගේ සමීපයට එළඹි සේක.
Pali BJT836. තිම්බරූසකවණ්ණාභො{13} අප්පමෙය්යො අනූපමො, රූපෙන’සදිසො බුද්ධො ආකාසෙ චඞ්කමී තදා.
Sinhala BJT836. තියඹරාගෙඩියක වර්‍ණයට බඳු පැහැ ඇති පමණ කළ නො හැකි ගුණ ඇති උපමාවිෂයාතික්‍රාන්ත වූ රූපයෙන් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
Pali BJT837. සුඵුල්ලො සාලරාජා’ව විජ්ජූ’ව’බ්භඝනන්තරෙ{14}, ඤාණෙනා’සදිසො බුද්ධො ආකාසෙ චඞ්කමී තදා.
Sinhala BJT837. මැනැවින් පිපුනු මහසල්රුකක් මෙන් ද, වැසිවලාකුළු අතුරෙහි වූ විදුලියක් මෙන් ද, නුවණින් අසදෘශ වූ බුදුරජාණන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
Pali BJT838. සීහරාජාව’සම්භීතො ගජරාජාව දප්පිතො, ලසිතො{15} ව්යග්ඝරාජාව ආකාසෙ චඞ්කමී තදා.
Sinhala BJT838. අභීත වූ සිංහරාජයකු මෙන් ද, දර්පිත වූ ඇත්රජකු මෙන් ද, බැබළුනු ව්‍යාඝ්‍රරාජයකු මෙන් ද, (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
Pali BJT839. සිංගීනික්ඛසුවණ්ණාභො ඛදිරඞ්ගාරසන්නිභො, මණි යථා ජොතිරසො ආකාසෙ චඞ්කමී තදා.
Sinhala BJT839. (දිව්‍යස්වර්‍ණයනට ද වඩා ශ්‍රේෂ්ඨ) සිඞ්ගී නම් ස්වර්‍ණ නිෂ්කයක{*} පැහැයට බඳු පැහැ ඇති කිහිරඟුරු මෙන් (දිලිසෙන්නා) වූ ජෝතිරස නම් මැණික මෙන් වූ බුදුරජානන් වහන්සේ එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
Pali BJT840. විසුද්ධකෙලාසනිභො පුණ්ණමායෙව{16} චන්දිමා, මජ්ඣන්තිකෙව{17} සුරියො ආකාසෙ චඞ්කමී තදා.
Sinhala BJT840. නිර්‍මල කෛලාසය වැනි වූ පූර්‍ණචන්‍ද්‍රයා වැනි වූ මධ්‍යාහ්නයෙහි සූර්‍ය්‍යයා වැනි වූ (බුදුරජානන් වහන්සේ) එකල්හි අහසෙහි සක්මන් කළ සේක.
Pali BJT841. දිස්වා නභෙ{1} චඞ්කමන්තං එවං චින්තෙස’හං තදා, “දෙවො නු ඛො අයං සත්තො, උදාහු මනුජො අයං?
Sinhala BJT841. මම එකල්හි අහසෙහි සක්මන් කරන්නා වූ උන්වහන්සේ දැක මෙසේ සිතීමි :- ‘මේ සත්‍ව තෙමේ දෙවියෙක් ද? නැතහොත් මෙ තෙමේ මනුෂ්‍යයෙක් ද?
Pali BJT842. න මෙ සුතො වා දිට්ඨො වා මහියා එදිසො නරො, අපි මන්තපදං අත්ථි, අයං සත්ථා භවිස්සති.”
Sinhala BJT842. මා විසින් පොළොවෙහි (වසන) මෙබඳු මනුෂ්‍යයෙක් තෙම නො අසනලදී. එසේ ම නො දක්නාලදී. (පුරුෂ ලක්‍ෂණප්‍රකාශක) මන්ත්‍රපදයකුදු ඇත. මේ ශාස්තෘ තෙමේ වන්නේ ය, (කියායි.)
Pali BJT843. එවාහං චින්තයිත්වාන සකං චිත්තං පසාදයිං, නානාපුප්පඤ්ච ගන්ධඤ්ච සන්තිපාතෙත්ව’හං{2} තදා.
Sinhala BJT843. එකල්හි මම මෙසේ සිතා ස්වකීය සිත පැහැදවීමි. මම නොයෙක් මල් ද සුවඳ ද රැස් කොට,
Pali BJT844. පුප්ඵාසනං පඤ්ඤපෙත්වා සාධුචිත්තං මනොරමං, නරසාරථිනං අග්ගං ඉදං වචනමබ්රවිං.
Sinhala BJT844. මල්අසුනක් පණවා යහපත් සිත් ඇති මනෝඥ වූ පුරුෂයන් දමනය කරන්නවුන්ට අග්‍ර වූ බුදුරජානන් වහන්සේට මෙම වචනය කීමි.
Pali BJT845. “ඉදං මෙ ආසනං වීර පඤ්ඤත්තං තව’නුච්ඡවිං{3}, හාසයන්තො මමං චිත්තං නිසීද කුසුමාසනෙ.”
Sinhala BJT845. ‘වීරයන්වහන්ස, මා විසින් මේ අසුන ඔබවහන්සේට සුදුසු කොට පණවනලදී. මාගේ සිත සතුටු කරමින් මල්අසුනෙහි වැඩහිඳිනු මැනව, (කියායි).
Pali BJT846. නිසීදි තත්ථ භගවා අසම්භීතොව කෙසරී, සත්තරත්තින්දිවං බුද්ධො පවරෙ කුසුමාසනෙ.
Sinhala BJT846. භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ රෑ දාවල් සතක් (=සතියක්) මුළුල්ලෙහි අභීතකේශරසිංහරාජයකු මෙන් එ ම මල්අසුනෙහි වැඩහුන් සේක.
Pali BJT847. නමස්සමානො අට්ඨාසිං සත්තරත්තින්දිවං අහං, වුට්ඨහිත්වා සමාධිම්හා සත්ථා ලොකෙ අනුත්තරො.
Sinhala BJT847. මම ද සතියක් මුළුල්ලෙහි නමස්කාර කරමින් සිටියෙමි. ලෝක යෙහි (තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති හෙයින්) අනුත්තර වූ ශාස්තෲන් වහන්සේ සමාධියෙන් නැගිට,
Pali BJT848. මම කම්මං පකිත්තෙන්තො ඉදං වචනමබ්රවිං, “භාවෙහි බුද්ධානුස්සතිං භාවනානමනුත්තරං.
Sinhala BJT848. මාගේ කර්‍මය ප්‍රකාශ කරණ සේක් මෙ ම වචනය වදාළ සේක. භාවනාවන් අතුරෙන් ශ්‍රේෂ්ඨ වූ බුද්ධානුස්සතිභාවනාව වඩව.
Pali BJT849. ඉමං සතිං භාවයිත්වා පූරයිස්සසි මානසං,{4} තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සසි.
Sinhala BJT849. මෙ ම බුද්ධානුස්සතිය වඩා අධ්‍යාශය සම්පූර්‍ණ කරන්නෙහි ය. කල්ප තිස්දහසක් මුළුල්ලෙහි දිව්‍යලෝකයෙහි සිත් අලවා වාසය කරන්නෙහි ය.
Pali BJT850. අසීතික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි, සහස්සක්ඛත්තුං චක්කවත්තී රාජා රට්ඨෙ භවිස්සසි.
Sinhala BJT850. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය. දහස් වරක් රටෙහි සක්විතිරජ වන්නෙහි ය.
Pali BJT851. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, අනුභොස්සසි තං සබ්බං බුද්ධානුස්සතියා ඵලං.
Sinhala BJT851. (තමා ලබන) මහත් වූ ප්‍රදේශරාජ්‍යය (මෙපමණ ය යි) ගණන් වශයෙන් ගිණිය නො හැකි ය. එ ම සියල්ල තෝ විඳින්නෙහි ය. (මෙය) බුද්ධානුස්මෘතියෙහි ඵලය යි.
Pali BJT852. භවාභවෙ සංසරන්තො මහාභොගං ලභිස්සසි, භොගෙ තෙ ඌනතා නත්ථි බුද්ධානුස්සතියා ඵලං.
Sinhala BJT852. කුදු මහත් භවයෙහි හැසිරෙන්නේ මහත් වූ භෝගසම්පත් ලබන්නෙහි ය. ඔබගේ (ඒ) භෝගසම්පත්තියෙහි අඩු බවක් (නම්) නැත. මේ බුද්ධානුස්මෘතියෙහි ඵලයයි.
Pali BJT853. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT853. කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකවංසයෙහි උපදින්නා වූ නමින් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළවන සේක.
Pali BJT854. අසීතිකොටිං ඡඩ්ඩෙත්වා දාසෙ{5} කම්මකරෙ බහූ, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සසි.
Sinhala BJT854. අසූකෙළක් (ධනය) ද බොහෝ දස්කම්කරුවන් ද හැරදමා ගෞතම බුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහි ය.
Pali BJT855. ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, සුභූති නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.
Sinhala BJT855. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතමබුදුරජානන් වහන්සේ සතුටු කොට නමින් සුභූති නම් වූ බුද්ධශ්‍රාවකයෙක් වන්නේ ය.
Pali BJT856. භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා දක්ඛිණෙය්යගුණම්භි තං{1}, තථා’රණවිහාරෙ ච{2} ද්වීසු අග්ගෙ ඨපෙස්සති{3}.
Sinhala BJT856. (ඒ ගෞතම බුදුරජානන් වහන්සේ) භික්‍ෂුසඞ්ඝයා මැද වැඩ හිඳ ඒ සුභූති තෙරුන් දක්‍ෂිණේයගුණයෙහි ද එසේ ම නො ඇලී විසීමෙහි ද යන මේ කරුණු දෙකෙහි අග්‍රස්ථානයෙහි ලබන සේක (කියායි.)
Pali BJT857. ඉදං වත්වාන සම්බුද්ධො ජලජුත්තරනාමකො{4}, නභං අබ්භුග්ගමී ධීරො හංසරාජාව අම්බරෙ.
Sinhala BJT857. ප්‍රාඥ වූ දීපඞ්කර නමැති බුදුරජානන් වහන්සේ මෙ ම වචනය වදාරා අහසෙහි (යන) හංසරාජයකු මෙන් අහසට පැන නැංගේ ය.
Pali BJT858. සාසිතො ලොකනාථෙන නමස්සිත්වා තථාගතං, සදා භාවෙමි{5} මුදිතො බුද්ධානුස්සතිමුත්තමං.
Sinhala BJT858. ලෝකනාථයන් වහන්සේ විසින් අනුශාසනා කරණ ලද මම තථාගතයන් වහන්සේට වැඳ හැම කල්හි සතුටු වූයෙම් උතුම් වූ බුද්ධානුස්මෘති භාවනාව වැඩීමි.
Pali BJT859. තෙන කම්මෙන සුකතෙන චෙතනා පණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡ’හං.
Sinhala BJT859. මැනැවින් කරණලද එම කර්‍මයන් හා චිත්තප්‍රණිධීන් ද හේතු කොට ගෙණ මම මනුෂ්‍යශරීරය හැරදමා තව්තිසාදෙව්ලොවට (උත්පත්ති වශයෙන්) ගියෙමි.
Pali BJT860. අසීතික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජමකාරයිං, සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී අහොස’හං.
Sinhala BJT860. මම ශක්‍ර දේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍ය රාජ්‍යය කරවීමි. දහස්වරක් සක්විති රජ වීමි.
Pali BJT861. පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං, අනුභොමි සුසම්පත්තිං බුද්ධානුස්සතියා ඵලං.
Sinhala BJT861. මහත් වූ ප්‍රදේස රාජ්‍යය (ලැබූ වාරගණන මෙතෙකැයි) ගණනින් ගණිය නො හැකි ය. උතුම් සම්පත් අනුභව කෙරෙමි. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකය යි.
Pali BJT862. භාවාභවෙ සංසරන්තො මහාභොගං ලභාම’හං, භොගෙ මෙ ඌනතා නත්ථි බුද්ධානුස්සතියා ඵලං.
Sinhala BJT862. මම කුදු මහත් භවයෙහි සැරිසරන්නෙම් මහත් වූ භෝගසම්පත් ලබමි. මාගේ භෝගසම්පත්තියෙහි අඩුබවෙක් නම් නැත. මේ බුද්ධානුස්මෘති භාවනාවෙහි විපාකය යි.
Pali BJT863. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි බුද්ධානුස්සතියා ඵලං.
Sinhala BJT863. මෙයින් කල්පලක්‍ෂයකින් පෙර වූ එ ම කාලයෙහි යම් කර්‍මයක් කෙළෙම් ද, (එයින්) දුගතියක් නො දනිමි. බුද්ධානුස්මෘති භාවනාවෙහි මේ විපාකය යි.
Pali BJT864. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT864. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.
Pali BJTඉත්ථං සුදං ආයස්මා සුභූතිථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
Sinhala BJTමෙහි මේ අයුරින් ආයුෂ්මත් සුභූති ස්ථවිරයන් වහන්සේ මෙ ම ගාථාවන් වදාළ සේක් යි.
Pali BJTසුභූතිත්ථෙරස්සාපදානං පඨමං.
Sinhala BJTසුභූතිස්ථවිරාවදානය පළමුවැනි යි.
Pali BJT22. උපවානත්ථෙරාපදානං.
Sinhala BJT22. උපවාන ස්ථවිරාවදානය
Pali BJT865. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගූ, ජලිත්වා අග්ගික්ඛන්ධො ව සම්බුද්ධො පරිනිබ්බුතො.
Sinhala BJT865. සියලු ධර්‍මයන්ගේ පරතෙරට ගියා වූ පස්මරුන් දිනූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ගිනිකඳක් මෙන් බබළා පිරිනිවන් පෑ සේක.
Pali BJT866. මහාජනා සමාගම්ම පූජයිත්වා තථාගතං, චිතං{6} කත්වාන සුකතං සරීරං අභිරොපයුං.
Sinhala BJT866. මහාජනයා එක් රැස් ව තථාගතයන් වහන්සේ පුදා මැනැවින් සෑයක් කොට සර්‍වඥදේහය (එයට) නැගූහ.
Pali BJT867. සරීරකිච්චං කත්වාන ධාතුං{7} තත්ථ සමානයුං, සදෙවමානුසා සබ්බෙ බුද්ධථූපං අකංසු තෙ.
Sinhala BJT867. එහි ශරීරය පිළිබඳ ආදාහනකෘත්‍යය කොට ධාතු ගෙණාවාහු ය. ඒ සියලු දිව්‍ය මනුෂ්‍යයෝ (එ ම ධාතු නිදන් කොට) බුද්ධස්තූපයක් කළාහු ය.
Pali BJT868. පඨමා කඤ්චනමයා දුතියා’සි මණිමයා, තතියා රූපියමයා චතුත්ථා{8} ඵළිකාමයා.
Sinhala BJT868. (එ ම ස්තූපයෙහි) පළමු නිම්වළල්ල රන්මුවා ය. දෙවැන්න මිණිමුවා ය. තෙවැන්න රිදීමුවා ය. සිව්වැන්න පළිඟුමුවා ය.
Pali BJT869. තථා පඤ්චමියා නෙමී{9} ලොහිතඞ්කමයා අහු, ඡට්ඨා මසාරගල්ලස්ස සබ්බරතනමයූපරි.
Sinhala BJT869. එසේ ම පස්වැනි නිම්වළල්ල පියුම්රාමිණිමුවා ය. සවැන්න මැසිරි ගල්මුවා ය. (මේ සියල්ලට) මතුයෙහි (කොටස) සර්‍වරත්නමය ය.
Pali BJT870. ජඞ්ඝා මණිමයා ආසි වෙදිකා රතනාමයා, සබ්බසොවණ්ණයො ථූපො උද්ධං යොජනමුග්ගතො.
Sinhala BJT870. ජඝනය (=යට කොටස) මිණිමුවා ය. වේදිකාව රුවන්මුවා ය. (මෙසේ) සෑය සර්‍වස්වර්‍ණමය ය. යොදුනක් උසට පැන නැංගේ ය.
Pali BJT871. දෙවා තත්ථ සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.
Sinhala BJT871. එකල්හි එහි දෙවියෝ එක් රැස් ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) “තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරමු.
Pali BJT872. ධාතු ආවෙණිකා නත්ථි සරීරං එකපිණ්ඩිතං, ඉමම්හි බුද්ධථූපම්හි කස්සාම කඤ්චුකං මයං.”
Sinhala BJT872. (ඒ පදුමුත්තරබුදුරජානන් වහන්සේගේ) ධාතු වෙන් වෙන් ව නැත. මුළු සිරුර ම එකට කැටි ව තිබේ. (එබැවින්) අපි මේ සෑයෙහි ම කංචුකයක් කරන්නෙමු ය” (කියා යි).
Pali BJT873. දෙවා සත්තරතනෙහි{1} අඤ්ඤං වඩ්ඪෙසු යොජනං, ථූපො ද්වියොජනුබ්බෙධො තිමිරං ව්යපහන්ති සො.
Sinhala BJT873. දෙවියෝ (එ ම සෑය) සත්රුවනින් තවත් යොදුනක් වැඩි කළාහු ය. (ඉක්බිති) එ ම සෑය දෙයොදුනක් උස ය. (එහි ආලොකයෙන්) අඳුර ද දුරු කෙරෙයි.
Pali BJT874. නාගා තත්ථ සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුස්සා චෙව දෙවා ච බුද්ධථූපං අකංසු තෙ.
Sinhala BJT874. එකල්හි නාගයෝ එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේද? යත්:) “ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද බුදුරජානන් වහන්සේට සෑය කළාහු ය.
Pali BJT875. මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා, මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.”
Sinhala BJT875. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වෙති. තාදීගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරවන්නෙමු” (කියා යි).
Pali BJT876. ඉන්දනීලං මහානීලං අථො ජොතිරසං මණිං, එකතො සන්නිපාතෙත්වා බුද්ධථූපං අඡාදයුං.
Sinhala BJT876. ඉඳුනිල් ද මහනිල් ද යලි ජෝතිරස නම් මැණික් ද එක් රැස් කොට බුදුරජානන් වහන්සේගේ සෑය වැසූහ.
Pali BJT877. සබ්බං මණිමයං ආසි තාවතා බුද්ධචෙතියං, තිංසයොජනමුබ්බෙධං{2} ආලොකකරණං තදා.
Sinhala BJT877. එකල්හි (එය) එපමණකින් සියල්ල මිණියෙන් කරණලද එළිය කරන්නා වූ තුන් යොදුන් උස බුද්ධස්තූපයක් වී ය.
Pali BJT878. ගරුළා{3} ච සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මානුසා දෙවා නාගා ච බුද්ධථූපං අකංසු තෙ.
Sinhala BJT878. එකල්හි ගුරුළෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:) ඒ මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද බුද්ධස්තූපයක් කළාහු ය.
Pali BJT879. මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා, මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.
Sinhala BJT879. අපි දු පමා නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑයක් කරන්නෙමු.
Pali BJT880. සබ්බමණිමයං ථූපෙ{4} අකරු’ත්තරකඤ්චුකං{5}, යොජනං තෙපි වඩ්ඪෙසුං ආයතං බුද්ධචෙතියං.
Sinhala BJT880. ගුරුළෝ ස්තූපයෙහි සර්‍වමණිමය පිට සැට්ටයක් (=වැස්මක්) කළාහු ය. ඔහු ද බුද්ධස්තූපයෙහි උස යොදුනකින් වැඩි කළාහු ය.
Pali BJT881. චතුයොජනමුබ්බිද්ධො{6} බුද්ධථූපො විරොචතී, ඔභාසෙති දිසා සබ්බා සතරංසීව උග්ගතො.{*}
Sinhala BJT881. සිවුයොදුන් උස (මෙම) බුද්ධස්තූපය බබළයි. උඩට නැගුනු සූර්‍ය්‍යයා මෙන් සියලු දිශාවන් ආලෝක කෙරෙයි.
Pali BJT882. කුම්භණ්ඩා ච සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුස්සා චෙව දෙවා ච නාගා ච ගරුළා{7} තථා.
Sinhala BJT882-883. එකල්හි කුම්භාණ්ඩයෝ ද (දිව්‍යවිශේෂයෙකි). එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) “මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද එසේ ම ගුරුළෝ ද වෙන වෙන ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට උතුම් සෑයක් කළාහු ය. අපි ප්‍රමත්තයෝ නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති.
Pali BJT883. පච්චෙකං බුද්ධසෙට්ඨස්ස අකංසු ථූපමුත්තමං, මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT884. මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො, රතනෙහි ඡාදයිස්සාම ආයතං බුද්ධචෙතියං.
Sinhala BJT884. තාදිගුණ ඇති බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට අපි දු සෑයක් කරවන්නෙමු. උස් වූ බුද්ධස්තූපය අපි දු රත්නයන්ගෙන් වසන්නෙමු” (කියායි.)
Pali BJT885. යොජනං තෙපි වඩ්ඪෙසුං ආයතං බුද්ධචෙතියං, පඤ්චයොජනමුබ්බිද්ධො ථූපො ඔභාසතෙ තදා.
Sinhala BJT885. ඔහු ද බුද්ධස්තූපය යලි යොදුනක් (උස) වැඩි කළාහු ය. එකල්හි පස් යොදුන් උස සෑය බබළයි.
Pali BJT886. යක්ඛා තත්ථ සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුස්සා දෙවනාගා ච ගරුළා කුම්භඅණ්ඩකා.
Sinhala BJT886-887. එකල්හි යක්‍ෂයෝ ද එහි එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) මනුෂ්‍යයෝ ද දෙවියෝ ද නාගයෝ ද ගුරුළෝ ද කුම්භාණ්ඩයෝ ද වෙනවෙන ම බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ ට උතුම් සෑයක් කළාහු ය. අපි ප්‍රමාදී නො වෙමු. දෙවියන් සහිත ලෝවැස්සෝ ද පමා නො වූවෝ වෙති.
Pali BJT887. පච්චෙකං බුද්ධසෙට්ඨස්ස අකංසු ථූපමුත්තමං, මා නො පමත්තා අස්සුම්හා අප්පමත්තා සදෙවකා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT888. මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො, එළිකාහි{1} ඡාදයිස්සාම ආයතං බුද්ධචෙතියං.
Sinhala BJT888. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේ ට අපි දු සෑයක් කරවන්නෙමු. උස් වූ බුද්ධස්තූපය පළිඟුයෙන් වසන්නෙමු” (කියායි.)
Pali BJT889. යොජනං තෙපි වඩ්ඪෙසුං ආයතං බුද්ධචෙතියං, ඡ යොජනානි උබ්බීද්ධො ථූපො ඔභාසතෙ තදා.
Sinhala BJT889. ඔහු ද උස් වූ බුද්ධස්තූපය යොදුනක් වැඩි කළාහු ය. එකල්හි (එම) සෑය සයොදුනක් උස් වේ.
Pali BJT890. ගන්ධබ්බා ච සමාගන්ත්වා එකතො මන්තයුං තදා, “මනුජා දෙවතා නාගා කුම්භණ්ඩා ගුරුළා තථා{2}.
Sinhala BJT890-891. එකල්හි ගන්‍ධර්‍වයෝ ද එක් රැස්ව මන්ත්‍රණය කළාහු ය. (කෙසේ ද? යත්:-) “මනුෂ්‍යයෝ ද, දෙවියෝ ද, නාගයෝ ද, ගුරුළෝ ද, කුම්භාණ්ඩයෝ ද, යක්‍ෂයෝ ද යන සියල්ලෝ බුද්ධස්තූපය කළාහු ය. මෙහි අපි (කිසිවක්) නො කළමෝ වෙමු. තාදිගුණ ඇති ලෝකනාථයන් වහන්සේට අපි දු සෑය කරවන්නෙමු. (කියායි.)
Pali BJT891. සබ්බෙ’කංසුං{3} බුද්ධථූපං මයමෙත්ථ අකාරකා, මයම්පි ථූපං කස්සාම ලොකනාථස්ස තාදිනො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT892. වෙදියො සත්ත කත්වාන ඡත්තමාරොපයිංසු තෙ{4}, සබ්බසොණ්ණමයං{5} ථූපං ගන්ධබ්බා කාරයුං තදා{*}.
Sinhala BJT892. ඔවුහු (එහි) වේදිකා සතක් කොට ඡත්‍රයක් ද නැගූහ. එකල්හි ගන්‍ධර්‍වයෝ සෑය සර්‍වස්වර්‍ණමය කරවූහ.
Pali BJT893. සත්තයොජනමුබ්බිද්ධො ථූපො ඔභාසතෙ තදා, රත්තින්දිවා න ඤායන්ති ආලොකො හොති{6} සබ්බදා.
Sinhala BJT893. එකල්හි සත්යොදුන් උස සෑය බබළයි. රෑදාවල්හු නො දැනෙත්. හැමකල්හි ආලෝකය වේ.
Pali BJT894. අභිභොන්ති න තස්සා’භා චන්දසූරා සතාරකා, සමන්තා යොජනසතෙ පදීපොපි න පජ්ජලි.
Sinhala BJT894. තාරකා සහිත වූ චන්‍ද්‍රසූර්‍ය්‍යයෝ එ ම චෛත්‍යයාගේ ප්‍රභාව නො මඩිත්. හාත්පස යොදුන් සියයක් තන්හි පහනකුදු නො දැල්වුනේ ය.
Pali BJT895. තෙන කාලෙන යෙ කෙචි ථූපං පූජෙන්ති මානුසා, න තෙ ථූපමාරුහන්ති අම්බරෙ උක්ඛිපන්ති තෙ.
Sinhala BJT895. එකල්හි යම්කිසි මනුෂ්‍යකෙනෙක් සෑයට (කිසිවක්) පූජා කෙරෙත් නම්, ඔහු සෑයට නො නගිත්. ඔහු අහසෙහි උඩ දමත්.
Pali BJT896. දෙවෙහි ඨපිතො යක්ඛො අභිසම්මතනාමකො, ධජං වා පුප්ඵදාමං වා අභිරොපෙති උත්තරි.
Sinhala BJT896. දෙවියන් විසින් තබන ලද අභිසම්මත නම් යක්‍ෂෙයෙක් වී ය. (හෙතෙම උඩට දැමූ) ධජයක් වුවත් පුෂ්පාදාමයක් (=මල්දමක්) වුවත් සෑ මුදුනෙහි නගා තබයි.
Pali BJT897. න තෙ පස්සන්ති තං යක්ඛං දාමං පස්සන්ති ගච්ඡතො, එවං පස්සිත්වා ගච්ඡන්තා{7} සබ්බෙ ගච්ඡන්ති සුග්ගතිං.
Sinhala BJT897. ඔහු එ ම යක්‍ෂයා නො දකිත්. එය ගෙනයන යක්‍ෂයාගේ මල්දම පමණක් දකිත්. මෙසේ දැක යන සියල්ලෝ සුගතියට යෙත්.
Pali BJT898. විසද්ධා{8} යෙ පාවචනෙ පසන්නා යෙ ච සාසනෙ, පාටිහීරං දට්ඨටුකාමා ථූපං පූජෙන්ති මානුසා.
Sinhala BJT898. ත්‍රිපිටක බුද්ධවචන සඞ්ඛ්‍යාත ධර්‍මයෙහි සැදැහැ නැති යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද, සසුනෙහි පහන් වූ යම් කෙනෙක් වෙත් නම්, ඔහු ද, (යන සියලු) මනුෂ්‍යයෝ ප්‍රාතිහාර්‍ය්‍යය දකිනු කැමැත්තාහු ස්තූපය (මල්දම්ආදියෙන්) පුදත්.
Pali BJT899. නගරෙ හංසවතියා අහොසිං භතකො{9} තදා, ආමොදිතං ජනං දිස්වා එවං චින්තෙස’හං තදා.
Sinhala BJT899. එකල්හි මම හංසවතීනගරයෙහි බැළයෙක් වීමි. එකල්හි සතුටු වූ ජනයා දැක මම මෙසේ සිතීමි:
Pali BJT900. “උළාරො භගවා හෙ’සො{10} යස්ස ධාතුඝරෙ’දිසං, ඉමා ච ජනතා තුට්ඨාකාරං කුබ්බන්තනප්පකං{11}.
Sinhala BJT900. “යම් (බුදු) කෙනෙකුන්ගේ දාගෙය මෙබඳු (ගරු සත්කාර ලබා) නම් (එ ම ධාතු අයත්) ඒ භාග්‍යවත් තෙමේ උදාර කෙනෙකි. මේ ජනසමූහයා ද සතුටු වූවාහු බොහෝ වූ සත්කාර කෙරෙත්.
Pali BJT901. අහම්පි කාරං කස්සාමි ලොකනාථස්ස තාදිනො, තස්ස ධම්මෙසු දායාදො භවිස්සාමි අනාගතෙ.
Sinhala BJT901. මම ද තාදිගුණ ඇති (පදුමුත්තර) ලෝකනාථයන් වහන්සේගේ (චෛත්‍යයට) සත්කාරයක් කරන්නෙමි. අනාගතයෙහි උන්වහන්සේගේ ධර්‍මයෙහි කොටස් හිමියෙක් වන්නෙමි”.
Pali BJT902. සුධොතං රජකෙනා’හං උත්තරෙය්යපටං මම, වෙළග්ගෙ ආලගෙත්වාන ධජං උක්ඛිපිමම්බරෙ.
Sinhala BJT902. රජකයකු විසින් මැනවින් සෝදා පිරිසිදු කරණලද මාගේ උතුරු සළුව උණදඬුවක අග එල්වා ධජයක් කොට අහසෙහි (උඩට) ඔසොවා තැබීමි.
Pali BJT903. අභිසම්මතකො ගය්හ අම්බරෙ’හාසි මෙ ධජං, වාතෙරිතං ධජං දිස්වා භීයො හාසං ජනෙස’හං.
Sinhala BJT903. අභිසම්මත යක්‍ෂ තෙමේ මාගේ ධජය ගෙණ අහසෙහි එල්වා තැබී ය. වාතයෙන් සෙලවෙන්නා වූ ධජය දැක මම බොහෝ සතුට ඉපදවීමි.
Pali BJT904. තත්ථ චිත්තං පසාදෙත්වා සමණං උපසඞ්කමිං, තං භික්ඛුං අභිවාදෙත්වා විපාකං පුච්ඡ’හං ධජෙ.
Sinhala BJT904. එහි සිත පහදවා ශ්‍රමණයෙකු වෙත එළඹුනෙමි. මම ඒ භික්‍ෂුහු වැඳ ධජ(දාන)යෙහි විපාක විමසීමි.
Pali BJT905. සො මෙ කථෙසි ආනන්දපීතිසඤ්ජනනං මම, “තස්ස ධජස්ස විපාකං අනුභොස්සසි සබ්බදා.
Sinhala BJT905. හෙතෙමේ මාගේ මහත් ප්‍රීතිය ඇති කරණ (අනුසස්) මට මෙසේ කී ය. (කෙසේ ද? යත්:) “හැම කල්හි එ ම ධජයාගේ විපාකය අනුභව කරන්නෙහි ය.
Pali BJT906. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති{1} තං නිච්චං ධජදානස්සි’දං ඵලං.
Sinhala BJT906. ඇත් අස් රිය පාබළ යන සිවුරඟසේනාවෝ නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
Pali BJT907. සට්ඨි තුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සි’දං ඵලං
Sinhala BJT907. සැටදහසක් තූර්‍ය්‍යයෝ ද මැනැවින් අලඞ්කාර කරණලද භේරීහු ද ඔබ නිරතුරු ව ම (වැයීමෙන්) පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
Pali BJT908. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
Sinhala BJT908-909. සැරසුනු අසූදහසක් (පමණ) ස්ත්‍රීහු විසිතුරු අබරණ ඇත්තාහු පැලඳි මිණිකොඬොල් ඇත්තාහු දිග ඇසිපිය ඇත්තාහු සිනා සහිත වුවාහි ඉතා මොළොක් ශරීරාවයව ඇත්තාහු සිහින් කටිප්‍රදේශ ඇත්තාහු නිරතුරු ව ම ඔබ පිරිවරන්නාහු ය. මෙය ධජදානයාගේ විපාකය යි.
Pali BJT909. අළාරපම්හා හසුලා සුසණ්හා{2} තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති තං නිච්චං ධජදානස්සි’දං ඵලං.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT910. තිංස කප්පසහස්සානි දෙවලොකෙ රමිස්සසි, අසීතික්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සසි.
Sinhala BJT910. කල්ප තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොවෙහි සිත් අලවා වසන්නෙහි ය. ශක්‍රදේවේන්‍ද්‍ර ව අසූවරක් දිව්‍යරාජ්‍යය කරන්නෙහි ය.
Pali BJT911. සහස්සක්ඛත්තුං රාජා ච චක්කවත්තී භවිස්සසි, පදෙසරජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
Sinhala BJT911. දහස්වරක් සක්විතිරජ වන්නෙහි ය. මහත් වූ ප්‍රදේශරාජ්‍යය ලබන වාර ගණන මෙතෙකැයි ගණන් වශයෙන් ගිණිය නො හැකි ය.
Pali BJT912. කප්පසතසහස්සම්හි ඔක්කාක කුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
Sinhala BJT912. මෙයින් කල්පලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාකකුලයෙහි උපදින්නාවූ ගෝත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෲන් වහන්සේ ලොව පහළ වන සේක.
Pali BJT913. දෙවලොකා චවිත්වාන සුක්කමූලෙන චොදිතො, පුඤ්ඤකම්මෙන සංයුත්තො බ්රහ්මබන්ධු භවිස්සසි.
Sinhala BJT913. කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ දෙව්ලොවින් චුත ව පුණ්‍ය කර්‍මය හා එක් වූයේ බ්‍රාහ්මණයෙක් වන්නෙහි ය.
Pali BJT914. අසීතිකොටිං ඡඩ්ඩෙත්වා දාසෙ කම්මකරෙ බහූ, ගොතමස්ස භගවතො සාසනෙ පබ්බජිස්සසි.
Sinhala BJT914. අසූකෙළක් ධනය ද බොහෝ දස්කම්කරුවන් ද හැර දමා ගෞතමබුදුරජානන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නෙහි ය.
Pali BJT915. ආරාධයිත්වා සම්බුද්ධං ගොතමං සක්යපුඞ්ගවං, උපවානොති නාමෙන හෙස්සසි සත්ථු සාවකො”ති.
Sinhala BJT915. ශාක්‍යකුලශ්‍රේෂ්ඨ වූ ගෞතම බුදුරජානන් වහන්සේ සතුටු කොට නමින් උපවාන ය යි බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේ ය” යි වදාළ සේක.
Pali BJT916. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්ත සරවෙගොව කිලෙසෙ ඣාපයී{3} මම.
Sinhala BJT916. කල්පලක්‍ෂයකට පෙර මා විසින් කරණලද කර්‍මය මෙහි දී විපාක දැක්වී ය. (දුනුදියෙන්) මැනවින් මිදීගිය හීයක වේගය මෙන් මාගේ කෙලෙස් දැවී ය.
Pali BJT917. චක්කවත්තිස්ස සන්තස්ස චතුදීපිස්සරස්ස මෙ, තියොජනානි සාමන්තා{4} උස්සීයන්ති ධජා සදා.
Sinhala BJT917. සතර මහදිවයිනට අධිපති වූ සක්විතිරජ වූ මට හැම කල්හි හාත්පස තුන් යොදුනක් ධජයෝ ඔසවනු ලබත්.
Pali BJT918. සතසහස්සෙ ඉතො කප්පෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි ධජදානස්සි’දං ඵලං.
Sinhala BJT918. මෙයින් කල්ප ලක්‍ෂයකින් පෙර වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම් ද, (ඒ හේතුයෙන්) දුගතියක් නො දනිමි. ධජ දානයාගේ මේ විපාකය යි.
Pali BJT919. පටිසම්භිදා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJT919. ප්‍රතිසම්භිදාවෝ -පෙ- බුදුරජානන් වහන්සේගේ සසුන කරණ ලදී.