Pali BJTසුත්තපිටකෙ
Sinhala BJTසූත්‍රපිටකයෙහි
Pali BJTඛුද්දකනිකායෙ
Sinhala BJTඛුද්දකනිකායේ
Pali BJTඅපදානපාළි.
Sinhala BJTඅපදානපාළිය
Pali BJTපඨමො භාගො
Sinhala BJTප්‍රථමභාගය
Pali BJTථෙරඅපදාන පාළි
Sinhala BJTථේර අපදාන පාළි
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන්වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. බුද්ධවග්ගො
Sinhala BJT1. බුද්ධ වර්ගය
Pali BJT1.
Sinhala BJT1.
Pali BJTබුද්ධාපදානං.
Sinhala BJTබුද්ධාපදානය
Pali BJT1. {*}තථාගතං ජෙතවනෙ වසන්තං අපුච්ඡි වෙදෙහමුනී නතඞ්ගො, “සබ්බඤ්ඤුබුද්ධා කිර නාම හොන්ති භවන්ති තෙ හෙතූහි කෙහි වීර?{1}”
Sinhala BJT1. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්‍ර (ආනන්දස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස, සර්වඥ බුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ” යි විචාළේ ය.
Pali BJT2. තදා’හ සබ්බඤ්ඤුවරො මහෙසී ආනන්දභද්දං මධුරස්සරෙන, යෙ පුබ්බ{2}බුද්ධෙසු කතාධිකාරා අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
Sinhala BJT2-3. එකල්හි මහර්ෂී වූ සර්වඥ වූ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණ ලද අධිකාර (පින්) ඇති, ඒ බුදුසසුන්හි නො ලැබූ නිවන් ඇති, ඉතා සියුම් නුවණ ඇති, ඒ ප්‍රාඥයෝ ඒ සම්‍යක්සම්බෝධිය ම අරමුණු කොට මහත් ධෛර්ය්යයෙන් කළ පැතුමින් ද, වඩන ලද ප්‍රඥාවෙන් ද, බලයෙන් ද බුදුබවට පැමිණෙත්” ය යි මිහිරි හඬින් වදාළ සේක.
Pali BJT3. තෙනෙව{3} සම්බොධිමුඛෙන ධීරා අජ්ඣාසයෙනාපි මහාබලෙන, පඤ්ඤාය තෙජෙන සුතික්ඛපඤ්ඤා සබ්බඤ්ඤුභාවං අනුපාපුණන්ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT4. අහම්පි පුබ්බබුද්ධෙසු බුද්ධත්තමභිපත්ථයිං, මනසායෙව හුත්වාන ධම්මරාජා අසඞ්ඛියා.{*}
Sinhala BJT4. බුදුවරයෝ අසඞ්ඛ්‍ය වෙති. මම ද ඒ පෙර බුදුවරයන් හමුවෙහි සිතින් ම එසේ වී බුදුබව පැතීමි.
Pali BJT5. අථ බුද්ධාපදානානි සුණාථ සුද්ධමානසා;{†} තිංසපාරමිසම්පුණ්ණා ධම්මරාජා අසඞ්ඛියා.
Sinhala BJT5. අනතුරු ව බුද්ධාපදානයන් (බුදුබවට හේතු කරණු) පිරිසිදු සිතින් අසවු. සමතිස් පැරුම් පිරූ බුදුවරු අසඞ්ඛ්‍ය ගණන් වෙති.
Pali BJT6. සම්බොධිං බුද්ධසෙට්ඨානං සසඞ්ඝෙ ලොකනායකෙ, දසඞ්ගුලී නමස්සිත්වා සිරසා අභිවාදයිං.{4}
Sinhala BJT6. ශ්‍රේෂ්ඨ බුදුවරයන් වහන්සේලාගේ සර්වඥතාඥානය ද, ශ්‍රාවකසඞ්ඝයා සහිත බුදුවරයන් වහන්සේලා ද, බදැඳිලි ව නැමැද හිස නමාත් වැන්ඳෙමි.
Pali BJT7. යාවතා බුද්ධඛෙත්තෙසු රතනා විජ්ජන්ත’සඞ්ඛියා, ආකාසට්ඨා ච භුම්මට්ඨා මනසා සබ්බමාහරිං.{5}
Sinhala BJT7. ඇති තාක් බුද්ධක්ෂේත්රයන්හි අහසෙහි වූ ද පොළොවෙහි වූ ද අනන්තරත්නයන් සිතින් (ඉටා මාගේ ප්‍රාසාදය හාත්පස) රැස් කෙළෙමි.
Pali BJT8. තත්ථ රූපියභුමියං පාසාදං මාපයිං{1} අහං, නෙකභුම්මං{2} රතනමයං උබ්බිද්ධං නභමුග්ගතං.
Sinhala BJT8. එහි රිදීමුවාබිම්හි සත්රුවනින් කරණලද්දා වූ අහස්හි උස් ව නැංගා වූ නොයෙක් මහල් ඇති පහයක් මැවීම්.
Pali BJT9. විචිත්තථම්භං සුකතං සුවිභත්තං මහාරහං, කනකාමයසඞ්ඝාටං{3} තොරණච්ඡත්තමණ්ඩිතං{4}.
Sinhala BJT9. ඒ ප්‍රාසාදය දිගුපුළුලට සරි ලන සේ මැනවින් කළ බෙදුම් ඇති මාහැඟි තොරණින් හා සේසතින් බබලන රුවන්මුවා දැවවළලු ඇති විසිතුරු කණුවලින් යුතු වි ය.
Pali BJT10. පඨමා වෙළුරියා භූමි විමලාබ්භසමා සුභා, නළිතී{5} ජලජාකිණ්ණවරකඤ්චනභූමියා.
Sinhala BJT10. එහි පළමුවැනි මාලය පිරිසිදු වලාකුළක් සේ මනෝඥ වෙරළුමිණියෙන් කරණලද බිම ඇත්තේ වි ය. ජලයෙහි හටගන්නා පියුම්වලින් ගැවසීගත් උතුම් රුවන්මුවා භූමියෙන් ද යුතු වි ය.
Pali BJT11. පවාළංසා{6} පවාළවණණා කාචි ලොහිතකා සුභා, ඉන්දගොපකවණ්ණාභා භූමි ඔභාසතී දිසා.
Sinhala BJT11. එහි කිසි මහලක් මනහර පබළුයෙන් කළ පැති ඇත්තේ පබළුවන් වි ය. අනිකක් රත්පැහැ වි ය. අනිකක් රතිඳුගොව්වන්ගේ පැහැයට බඳු පැහැයෙන් යුතු වූ යේ දසදිගුන් බබුළුවයි.
Pali BJT12. සුවිභත්තා ඝරමුඛා නිය්යුහා සීහපඤ්ජරා, චතුරො වෙදිකා ජාලගන්ධාවෙල{7} මනොරමා.
Sinhala BJT12. මැනැවින් බෙදූ ගෘහද්වාර ද පිටතට නෙරාගිය ප්රමුඛශාලා (=පෝටිකෝ) ද වෙන් වෙන් ව තබනලද සීමැදුරු ද මුතුලැලින් මනහර වූ සුවඳමල්දම් ලෙළෙන වේදිකා සතරක් ද එහි වි ය.
Pali BJT13. නීලා පීතා ලොහිතා ඔදාතා සුද්ධකාළකා, කූටාගාරවරූපෙතා සත්තරතනභූසිතා.{8}
Sinhala BJT13. (ඒ ප්‍රාසාදය) සත්රුවනින් දිලෙන නිල්, කහ, රතු, සුදු, නො මුසු කළුවන් වූ කුළුගෙවලින් ද යුතු වි ය.
Pali BJT14. ඔලොකමයා{9} පදුමා වාළ-විහගසොභිතා, නක්ඛත්තතාරකාකිණ්ණා චන්දසුරියෙහි{10} මණ්ඩිතා.
Sinhala BJT14. (එ ම පහය) පිපුනු (අයුරින් කළ) පියුමින් ද, ව්‍යාල මෘගයන්ගේ හා පක්ෂීන්ගේ ද රුවින් බබලන (ඉතා උස් බැවින් පිළිබිඹු වූ) නැකැත්තරුවලින් ගැවසී ගත් සඳහිරුරූවලින් ද ශෝභන වි ය.
Pali BJT15. හෙමජාලෙන සඤ්ඡන්නා සොණ්ණ-කිඞ්කිණිකායුතා, වාතවෙගෙන කූජන්ති සොණ්ණමාලා මනොරමා.
Sinhala BJT15. එහි රන්කිකිණයෙන් යුත් රුවන්දැලින් ගැවසුනු මනහර වූ රත්මල්දම්හු වායුවේගයෙන් නාද කරති.
Pali BJT16. මඤ්ජෙට්ඨකං ලොහිතකං පීතකං හරිපිඤ්ජරං, නානාරඞ්ගෙහි සුප්පීතං උස්සිතද්ධජමාලිනිං.
Sinhala BJT16. මදටපැහැ, රතු, කහ, පලාවන්, පිඟුවන් යන නන්වැදෑරුම් සායම් පොවනලද ඔසවනලද්දා වූ දදපෙළ ද වෙයි.
Pali BJT17. නානා බහූ නෙකසතා ඵළිකා රජතාමයා, මණිමයා ලොහිතඞ්කා මසාරගල්ලමයා තථා, නානාසයනවිචිත්තා සණ්හකාසිකසන්ථතා.
Sinhala BJT17. එය රිදීමුවා වූ ද නිල්මිණිමුවා වූ ද දෑරඟමිණිමුවා වූ ද, එසේ ම මැසිරිමිණිමුවා වූ ද පුවරු ඇති සියුම් කසීසළු අතුළ නොයෙක් සියගණන් සයනයන්ගෙන් විසිතුරු වි ය.
Pali BJT18. කම්බලා දුකූලා චීනා පත්තුණ්ණා පණ්ඩුපාවුරා, විවිධත්ථරණං{11} සබ්බං මනසා පඤ්ඤපෙස’හං.{12}
Sinhala BJT18. කම්බිලි ද දුහුල්පට ද චීනපට ද පත්තුණ්ණදේසයෙහි කළ පට ද පඬුවන් පට ද යන මෙයින් කළ ප්රාවරණයන් ඇති බැවින් විවිධ ඇතිරිලිවලින් යුත් සියලු (අසුන්) මම සිතින් ඉටා පැණවීමි.
Pali BJT19. තාසු තාස්වෙව භූමීසු රතනකූටලඞ්කතා, මණිවෙරොචනා උක්කා ධාරයන්තා සුතිට්ඨරෙ.
Sinhala BJT19. ඒ ඒ භූමීන්හි රුවන්කුළුවලින් අලඞ්කෘත වූ රත්මිණියෙන් කළ දඬුවැටපහන් දරන්නෝ සිටිත්.
Pali BJT20. සොභන්ති එසිකාථම්භා සුභා කඤ්චනතොරණා, ජමෙබානදා සාරමයා අථො රජතමයාපි ච.
Sinhala BJT20. එහි නුවරදොර හොබවනුවස් සිටවූ ඉන්ද්රඛීලයෝ බබලත්. ස්වර්ණමය වූ ද ජාම්බූනදස්වර්ණමය වූ ද ඛදිර(=කිහිරි)දාරුමය වූ ද රජතමය වූ ද තොරන්හු බබලති.
Pali BJT21. නෙකා සන්ධි{13} සුවිභත්තා කවාටග්ගළචිත්තිතා, උභතො පුණ්ණඝටා’නෙකා පදුමුප්පලසංයුතා.
Sinhala BJT21. මැනවින් බෙදූ බොහෝ සන්ධීහු වෙත්. (ඒ පහය) ජනෙල් වලින් හා අගුළුවලින් විසිතුරු වි ය. පියුම්උපුල් වලින් යුත් දෙපස තැබූ නොයෙක් පුන්කලස්හු ද එහි වෙති.
Pali BJT22. අතීතෙ සබ්බබුද්ධෙ ච සසංඝෙ ලොකනායකෙ, පකතිවණ්ණරූපෙන නිම්මිනිත්වා සසාවකෙ.
Sinhala BJT22. අතීතයෙහි වූ ශ්‍රාවකසඞ්ඝයා සහිත ලෝකනායක සම්මා සම්බුදුවරයන් ද එසේ ම ශ්රාවකසමූහයා සහිත පසේබුදුවරයන් ද පියවිසටහනින් මවා-
Pali BJT23. තෙන ද්වාරෙන පවිසිත්වා සබ්බෙ බුද්ධා සසාවකා, සබ්බසොවණ්ණයෙ{*} පීඨෙ නිසින්නා අරියමණ්ඩලා.
Sinhala BJT23. ශ්‍රාවකයන් සහිත ඒ බුදුවරු එකී දොරටුවෙන් (ප්‍රාසාදයට) ඇතුළුව ආර්ය්යසමූහ ව සර්ව සෞවර්ණ්ය (=සියල්ල රුවන්මුවා) වූ පුටුවල වැඩහුන්හ.
Pali BJT24. යෙ ච එතරහි අත්ථි බුද්ධා ලොකෙ අනුත්තරා, අතීතා{1} වත්තමානා ච භවනං සබ්බෙ සමාරුහුං.{2}
Sinhala BJT24. මෙකල ලෝකයෙහි අනුත්තර වූ යම් බුදුකෙනෙක් වෙත් ද, එසේ ම අතීතයෙහි වූ ද, වර්තමානයෙහි වූ ද ඒ සියලු බුදුවරයෝ ම මේ ප්‍රාසාදයට නැංගහ.
Pali BJT25. පච්චෙකබුද්ධෙ නෙකසතෙ සයම්භූ අපරාජිතෙ, අතීතෙ වත්තමානෙ{3} ච භවනං සබ්බෙ සමාරුහුං.{4}
Sinhala BJT25. තමන් විසින් ම පරෝපදේශ රහිතව ධර්මය අවබෝධ කර ගත් පස්මරුන් දිනූ අතීතයෙහි හා වතර්මානයෙහි වූ නොයෙක් සියගණන් පසේබුදුවරු ද මේ පහයට නැංගහ.
Pali BJT26. කප්පරුක්ඛා බහූ අත්ථි යෙ දිබ්බා යෙ ච මානුසා, සබ්බං දුස්සං සමාහත්වා අච්ඡාදෙමි{5} තිචීවරා.
Sinhala BJT26. දිව්‍ය වූ ද මනුෂ්‍ය වූ ද කල්පවෘක්‍ෂයෝ බොහෝ වෙති (එයින්) සියලු වස්ත්‍ර ගෙණවුත් තුන්සිවුරින් (උන්වහන්සේලා) හැඳවීමි.
Pali BJT27. ඛජ්ජං භොජ්ජං සායනීයං සම්පන්නං{6} පානභොජනං, මණිමයෙ සුභෙ පත්තෙ සම්පූරෙත්වා අදාසහං.
Sinhala BJT27. කෑයුතු වූ ද, බිදියයුතු වූ ද, රස විඳගත යුතු වූ ද, සමෘද්ධ වූ ආහාරපානයෙන් මනෝඥ වූ මිණිමුවා පාත්‍රයන් පුරවා මම උන්වහන්සේලාට දිනිමි.
Pali BJT28. දිබ්බචක්ඛුසමා හුත්වා මට්ඨචීවරසංයුතා,{7} මධුනා සක්ඛරා චෙව තෙලෙන මධුඵාණිතා.
Sinhala BJT28-29. දිවැස් ඇත්තවුන් වැනි වූවාහු මටසිලුටු සිවුරු දැරුවා වූ මී සකුරු තලතෙල් මීපැණි යන මෙකී උතුම් ආහාරපානයන්ගෙන් සෑහීමට පත් වූ ඒ සියලු ආර්‍ය්‍යසමූහයා ගුහාවන්හි සයනය කරණ කේශරසිංහයන් මෙන් රත්නගර්භයට පිවිස–
Pali BJT29. තප්පිතා පරමන්නෙන සබ්බෙ තෙ අරියමණ්ඩලා, රතනගබ්භං පවිසිත්වා කෙසරීව ගුහාසයා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT30. මහාරහම්හි සයනෙ සීහසෙය්යමකප්පයුං, සම්පජානා සමුද්ධාය සයනෙ පල්ලඞ්කමාභුජුං, ගොචරං සබ්බබුද්ධානං ඣානරතිසමප්පිතා.
Sinhala BJT30. මාහැඟි සයනයෙහි සිහියෙන් යුතු ව සීහසෙය්යාවෙන් දකුණැළයෙන් සැතපුනහ. සිහියෙන් යුතු ව නැගිට සයනයෙහි ම පලක් බැඳ වැඩහිඳ සියලු බුදුවරයනට විෂය වූ ධ්‍යානයට සමවන්හ.
Pali BJT31. අඤ්ඤෙ ධම්මානි දෙසෙන්ති අඤ්ඤෙ කීළන්ති ඉද්ධියා, අඤ්ඤෙ අභිඤ්ඤා අප්පෙන්ති අභිඤ්ඤාවසිභාවිතා, විකුබ්බනා විකුබ්බන්ති අඤ්ඤෙ නෙකසහස්සියො.{8}
Sinhala BJT31. (ඒ පසේබුදුවරයන් අතුරෙන්) ඇතැම් කෙනෙක් දහම් දෙසත්. අනික් කෙනෙක් ධ්‍යානයෙන් උපදවාගත් ඍද්ධියෙන් ක්‍රීඩා කෙරෙත්. තව කෙනෙක් පඤ්චවශීන්ගේ වශයෙන් වසඟ කළ අභිඥාවනට සමවදිති ඇතැම්හු නොයෙක් දහස්ගණන් ඍද්ධිවිකුර්වණයන් කෙරෙත්.
Pali BJT32. බුද්ධාපි බුද්ධෙ පුච්ඡන්ති විසයං සබ්බඤ්ඤුමාලයං, ගම්භීරං නිපුණං ඨානං පඤ්ඤාය විනිබුජ්ඣරෙ.
Sinhala BJT32. බුදුවරු සර්වඥතාඥානයට ගෝචර වූ කරුණු බුදුවරුන්ගෙන් විචාරත්. ගැඹුරු වූ ද සියුම් වූ ද තැන් ප්‍රඥාවෙන් අවබෝධ කෙරෙත්.
Pali BJT33. සාවකා බුද්ධෙ පුච්ඡන්ති බුද්ධා පුච්ඡන්ති සාවකෙ, අඤ්ඤමඤ්ඤං ච පුච්ඡන්ති{9} අඤ්ඤොඤ්ඤං{10} බ්යාකරොන්ති තෙ.
Sinhala BJT33. ශ්‍රාවකයෝ බුදුවරුන්ගෙන් විචාරත්. බුදුවරු ශ්‍රාවකයන්ගෙන් විචාරත් ඔවුනොවුනු දු විචාරත්. ඔහු ඔවුනොවුන්ගේ පැණ විසඳත්.
Pali BJT34. බුද්ධා පච්චෙකබුද්ධා ච සාවකා පරිචාරකා, එවං සකාය රතියා{11} පාසාදෙ’ භිරමන්ති තෙ.
Sinhala BJT34. සම්‍යක් සම්බුදුවරු ද පසේබුදුවරු ද ශ්‍රාවකයෝ ද පිරිවරජනයා ද මෙසේ ස්වකීය කැමැත්ත පරිදි ඒ (වෛජයන්ත) ප්‍රාසාදයෙහි ඇලී වෙසෙති.
Pali BJT35. ඡත්තා තිට්ඨන්තු රතනා කඤ්චනාවෙලපන්තිකා{12}, මුත්තාජාලපරික්ඛිත්තා සබ්බෙ{13} ධාරෙන්තු{14} මත්ථකෙ.
Sinhala BJT35. සත්රුවන්මුවා ඡත්රයෝ රන්ලැල් සහිත පත්‍ර ඇතිව එල්බෙමින් සිටිත්වා, මුතුලැල් එල්බුනු සියලු ඡත්‍ර මාගේ මුදුනෙහි (හිසට) දරත්වා සි (සිතූ කෙණෙහි එසේ පහළ වි ය.)
Pali BJT36. භවන්තු චෙළවිතානා සොණ්ණතාරකචිත්තිතා, විචිත්තමාල්යවිතානා{15} සබ්බෙ ධාරෙන්තු මත්ථකෙ.
Sinhala BJT36. රුවන්තරුයෙන් බබලන සෙල්වියන් පහළ වේවා! විසිතුරු මල් ගැවසුනු නොයෙක් වියන් මාගේ මස්තකයෙහි දරත්වා!
Pali BJT37. විතතා මාල්යදාමෙහි ගන්ධදාමෙහි සොභිතා, දුස්සදාමෙහි පරිකිණ්ණා රතනදාමවිභූසිතා.
Sinhala BJT37. මල්දමින් ගැවසීගත්, සුවඳ දමින් හෙබුනා වූ, දුස්සදාමයන්ගෙන් ආකූල වූ, රත්නදාමයන්ගෙන් අලඞ්කෘත වූ–
Pali BJT38. පුප්ඵාභිකිණ්ණා සුචිත්තා සුරභිගන්ධධූපිතා{1}, ගන්ධපඤ්චඞ්ගුලිකතා{2} හෙමච්ඡදනඡාදිතා.{3}
Sinhala BJT38. විසිතුරු මලින් ගැවසීගත් සුවඳදුම් ගැස්වූ සුවඳ පසඟුල් කළ රන්වහලින් වැසූ-
Pali BJT39. චතුද්දිසා පොක්ඛරඤ්ඤො පදුමුප්පලසන්ථතා, සොවණ්ණරූපා ඛායන්තු පදුමරෙණුරජුග්ගතා.
Sinhala BJT39. සිවුදිගෙහි වූ පුෂ්කරිණිහු පියුම්උපුල්වලින් ගැවසීගත්තාහු උඩට නැගි පියුම් රොන් රජස් ඇත්තාහු ස්වර්ණමය ව මෙන් වැටහෙත්වා!
Pali BJT40. පුප්ඵන්තු පාදපා සබ්බෙ පාසාදස්ස සමන්තතො, සයං ච පුප්ඵා මුඤ්චිත්වා ගන්ත්වා{4} භවනමොකිරුං{5}
Sinhala BJT40. මාගේ (වෛජයන්ත) ප්‍රාසාදය හාත්පස සියලුගස් පිපේවා! ඒ මල් ඉබේ ම ගිලිහී පහය මතුයෙහි විසිරේවා!
Pali BJT41. සිඛිනො තත්ථ නච්චන්තු දිබ්බහංසා පකූජරෙ, කරවීකා ච ගායන්තු දිජසංඝා සමන්තතො.
Sinhala BJT41. එහි මොනරු නටත්වා! දිව්යහංසයෝ ශබ්ද කෙරෙත්වා! හාත්පස්හි කොවුලෝ ද පක්ෂි සමූහයෝ ද ගයත්වා!
Pali BJT42. භෙරියො සබ්බා වජ්ජන්තු වීණා සබ්බා රවන්තු{6} තා, සබ්බා සංගීතී වත්තන්තු පාසාදස්ස සමන්තතො.
Sinhala BJT42. සියලු භේරීහු වාදනය කරණු ලැබෙත්වා! ඒ සියලු වීණාවෝ රැව් දෙත්වා! පහය හාත්පස සියලු සඞ්ගීතයෝ පවතිත්වා!
Pali BJT43. යාවතා බුද්ධඛෙත්තම්හි චක්කවාළෙ තතො පරෙ, මහන්තා ජොතිසම්පන්නා අච්ඡිද්දා රතනාමයා.
Sinhala BJT43-44. බුද්ධක්‍ෂේත්‍රය හැමතැන ද, එයින් පිටත් සක්වළෙහි ද, මහත් වූ පලුදු නො වූ දිලිසෙන රුවන්මුවා රන්පලඟහු වෙත්වා! ප්රදීපවෘක්ෂයෝ දැල්වෙත්වා! දසදහස් ලෝදා පරපුර එකාලොක වෙත්වා!
Pali BJT44. තිට්ඨන්තු සොණ්ණපල්ලඞ්කා දීපරුක්ඛා ජලන්තු තෙ, භවන්තු එකපජ්ජොතා දසසහස්සීපරම්පරා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT45. ගණිකා ලාසිකා චෙව නච්චන්තු අච්ඡරාගණා, නානාරඞ්ගා පදිස්සන්තු පාසාදස්ස සමන්තතො.
Sinhala BJT45. ගණිකාවෝ ද නිළියෝ ද දිව්‍යප්සරාවෝ ද නටත්වා! පහය අවට නන් රඟමඬුලු පෙණේවා!
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙසේ ඒ තුන්ලෝ ජයගත් සක්විති රජතෙම පහයෙහි ද තමාගේ ද අනුභාවය වර්ණනා කොට දැන් එය ලැබීමට තමා කළ කුශලය දක්වයි.)
Pali BJT46. දුමග්ගෙ පබ්බතග්ගෙ වා සිනෙරුගිරිමුද්ධනි, උස්සාපෙමි ධජං සබ්බං විචිත්තං පඤ්චවණ්ණිකං.
Sinhala BJT46. (එකල්හි මම තිලෝක විජය නම් සක්විතිරජ ව මුළුසක්වළ) ගස් මුදුනෙහි ද පර්වත මුදුනෙහි ද සිනේරුපර්වතමුදුනෙහි ද, පස්වණින් විසිතුරු වූ සියලු දද එසවීමි.
Pali BJT47. නරා නාගා ච ගන්ධබ්බා සබ්බෙ දෙවා උපෙන්තු තෙ, නමස්සන්තා පඤ්ජලිකා පාසාදං පරිවාරයුං.
Sinhala BJT47. මනුෂ්‍යයෝ ද නාගයෝ ද ගන්ධර්වයෝ ද දෙවියෝ ද යන ඒ සියල්ලෝ එළඹෙත්වා! ඒ මිනිස් ආදීහු නමදින්නාහු බදැඳිළි ඇත්තාහු ඒ ප්‍රාසාදය පිරිවරාගණිත්වා!
Pali BJT48. යං කිඤ්චි කුසලං කම්මං කත්තබ්බං කිරියං මම, කායෙන වාචා මනසා තිදසෙ සුකතං කතං.
Sinhala BJT48. තව්තිසාවෙහි ඉපදීමට සුදුසු යම් කුශලයක් කළයුතු වී ද එය කයින් වචනයෙන් හා සිතින් මම මැනවින් කෙළෙමි.
Pali BJT49. යෙ සත්තා සඤ්ඤිනො අත්ථි යෙ ච සත්තා අසඤ්ඤිනො, කතං පුඤ්ඤඵලං මය්හං සබ්බෙ භාගී භවන්තු තෙ.
Sinhala BJT49. (දිව්‍ය මනුෂ්‍යාදි) සංඥී සත්ත්වයෝ ද (අසඤ්ඤසත්තයෙහි වූ) අසංඥී සත්ත්වයෝ ද යම් තාක් වෙත් නම්, ඒ සියල්ලෝ මා විසින් කරණලද එකී පුණ්‍යඵලය අනුමෝදන් වෙත්වා!
Pali BJT50. යෙසං කතං සුවිදිතං දින්නං පුඤ්ඤඵලං මයා, යෙ ච තස්මිං න ජානන්ති දෙවා ගන්ත්වා නිවෙදයුං.
Sinhala BJT50. මා විසින් කරණලද පින යම් දිව්යමනුෂ්යනාගාදි කෙනෙකුන් විසින් මැනැවින් දැනගන්නා ලද ද, ඔවුන්ට මා විසින් පුණ්‍යඵලය දෙනලදී. මා විසින් ඒ කරණලද පින දුන් බව යම් කෙනෙක් නො දනිත් නම්, දෙවිවරු ගොස් ඔවුනට එය දන්වත්වා!
Pali BJT51. සබ්බලොකම්භි{7} යෙ සත්තා ජීවන්තා’හාරහෙතුකා, මනුඤ්ඤං භොජනං සබ්බං ලභන්තු මම තෙජසා{8}.
Sinhala BJT51. ආහාර හේතුවෙන් ජීවත් වන සියලු ලෝකවාසී සත්ත්වයෝ සියලු ම මනහර බොජුන් මාගේ පුණ්‍යර්ධියෙන් ලබත්වා!
Pali BJT52. මනසා දානං මයා දින්නං මනසා පාසාදමාවහිං,{9} පූජිතා සබ්බසම්බුද්ධා පච්චෙකා ජිනසාවකා.
Sinhala BJT52. පිරිසිදු සිතින් යම් දානයක් මා විසින් දෙනලද නම් එහි අනන්ත චේතනාවන්ගෙන් සතුට ඉපදවීමි. සියලු සම්බුදුවරයෝ ද පසේ බුදුවරයෝ ද බුදුසව්වෝ ද මා විසින් පුදන ලදහ.
Pali BJT53. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගඤ්ඡහං.
Sinhala BJT53. මැනවින් කළ ඒ පිණින් ද කරණ ලද ප්රාර්ත්ථනාවන්ගෙන් ද මම මිනිස් සිරුර හැර තව්තිසාදෙව්ලොවට ගියෙමි.
Pali BJT54. දුවෙ භවෙ පජානාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි මනසා පත්ථනාඵලං.
Sinhala BJT54. දෙව් මිනිස් දෙගතිය දනිමි. එයින් පිටත් අනික් ගතියක් ගැණ නොදනිමි. සිතින් කළ පැතුමෙහි මේ ඵලයයි.
Pali BJT55. දෙවානං අධිකො හොමි භවාමි මනුජාධිපො, රූපලක්ඛණසම්පන්නො පඤ්ඤාය අසමො භවෙ.
Sinhala BJT55. (දෙව්ලොව උපන් කල්හි) දෙවියන්ට ශ්‍රෙෂ්ඨ වෙමි. (මිනිස් ලොව උපන් කල්හි) මනුෂ්‍යයන්ට ශ්‍රෙෂ්ඨ වූ රජ වෙමි. රූපලක්ෂණයෙන් සමන්විත වූයෙම් අසම වූ ප්‍රඥාව ඇත්තේ ද වෙමි.
Pali BJT56. භොජනං විවිධං සෙට්ඨං රතනඤ්ච අනප්පකං, නානාවිධානි{1} වත්ථානි නභා ඛිප්පං උපෙන්ති මං.
Sinhala BJT56. ශ්‍රෙෂ්ඨ වූ නානාප්‍රකාර භෝජන ද බොහෝ වූ සත්රුවන් ද නානාප්‍රකාර පට්ටකෝසෙය්යාදි වස්ත්‍ර ද මා වෙතට අහසින් වහා පැමිණේ.
Pali BJT57. පථව්‍යා{2} පබ්බතෙ චෙව ආකාසෙ උදකෙ වනෙ, යං යං හත්ථං පසාරෙමි දිබ්බා භක්ඛා උපෙන්ති මං.{3}
Sinhala BJT57. පෘථිවි ය, පර්වත ය, ආකාශ ය, ජල ය, වන ය යන යම් යම් තැනෙක්හි අත දික් කරම් ද, ඒ ඒ හැම තැනකින් ම මා වෙත දිවබොජුන් පහළ වේ.
Pali BJT58. පථව්‍යා{2} පබ්බතෙ චෙව ආකාසෙ උදකෙ වනෙ, යං යං හත්ථං පසාරෙමි රතනා සබ්බෙ උපෙන්ති මං{3}
Sinhala BJT58-65. පෘථිවිය –පෙ– යම් යම් තැනෙක්හි අත දික්කරම් ද, ඒ හැම තැනකින් ම රුවන් ද සියලු සුගන්ධවර්ග ද යානා මාලා අලඞ්කාරයෝ ද සියලු කන්‍යාවෝ ද මී සකුරු ද කැවිලි ද මා වෙත පැමිණෙත් (පහළ වෙති).
Pali BJT59. පථව්‍යා{2} -පෙ- පසාරෙමි සබ්බෙ ගන්ධා උපෙන්ති මං{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT60. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බෙ යානා උපෙන්ති මං{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT61. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බා මාලා උපෙන්ති මං{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT62. පථව්‍යා -පෙ- පසාරෙමි අලඞ්කාරා උපෙන්ති මං{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT63. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බා කඤ්ඤා උපෙන්ති මං{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT64. පථව්‍යා -පෙ- පසාරෙමි උපෙන්ති මධුසක්ඛරා.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT65. පථව්‍යා -පෙ- පසාරෙමි සබ්බ ඛජ්ජා උපෙන්ති මං{3}.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT66. අධනෙ අද්ධිකජනෙ යාචකෙ ච පථාවිනො, දදාම’හං{4} දානවරං සම්බොධිවරපත්තියා
Sinhala BJT66. ශ්‍රෙෂ්ඨ වූ සම්‍යක්සම්බෝධියට පැමිණීම පිණිස දුගී මගී යාචකාදීන්ට මම උතුම් දන් දෙමි.
Pali BJT67. නාදෙන්තො පබ්බතං සෙලං ගජ්ජෙන්තො{5} බහලං ගිරිං, සදෙවලොකං හාසෙන්තො{6} බුද්ධො ලොකෙ භවාම’හං.
Sinhala BJT67. ඝන බහල ශෛලපර්වතයන් ගර්ජනය කරවමින් දෙවියන් සහිත ලෝකයා සොම්නස් කරවමින් මම ලෙව්හි බුදු වෙමි.
Pali BJT68. දිසා දසවිධා ලොකෙ යායතො නත්ථි අන්තකං, තස්මිඤ්ච දිසාභාගම්භි බුද්ධක්ඛෙත්තා{7} අසඞ්ඛියා.
Sinhala BJT68. ලෙව්හි ඒ ඒ දිගට ගමන් කරන්නහුට කෙළවරක් දැක ගත නො හැකි දිසා දසයකි. ඒ ඒ දිශාවෙහි ද බුද්ධක්ෂේත්රයෝ අනන්ත වෙති.
Pali BJT69. පභා පකිත්තිතා මය්හං යමකා රංසිවාහනා, එත්ථන්තරෙ රංසිජාලං ආලොකො විපුලො භවෙ.
Sinhala BJT69. ඒ සක්විතිරජවූ කල්හි චක්‍රරත්නාදීන්ගේ ආලොකය රැස් විහිදුවමින් ප්‍රකට වි ය. මේ දස දහසක් සක්වළ අතුරෙහි රැස්සමූහය ද ආලොකය ද අධික වි ය.
Pali BJT70. එත්තකෙ ලොකධාතුම්හි සබ්බෙ පස්සන්තු මං ජනා, සබ්බෙ ච සුමනා හොන්තු සබ්බෙ මං අනුවත්තරෙ,{*} (සබ්බෙ මං අනුවත්තන්තු යාව බ්රහ්මනිවෙසනං).{†}
Sinhala BJT70. මෙපමණ වූ ලෝකධාතූන්හි සියලු දෙන මා දකිත්වා! එසේ ම සියලු දෙන සතුටු සිත් ඇත්තෝ වෙත්වා! බඹලොව දක්වා වූ හැම දෙනම මා අනුගමනය කෙරෙත්වා!
Pali BJT71. විස්සට්ඨ{8} මධුනාදෙන අමතං භෙරිමාහනිං{9}, එත්ථන්තරෙ ජනා සබ්බෙ සුණන්තු මධුරං ගිරං.
Sinhala BJT71. විහිද වූ මධුරනාදයෙන් අමා බෙරය ගැසීමි. (=දම් දෙසීමි) මේ දස දහසක් සක්වළ ඇතුළත සියලු ජනයෝ මිහිරි නාදය අසත්වා!
Pali BJT72. ධම්මමෙඝෙ පවස්සන්තෙ සබ්බෙ හොන්තු අනාසවා, යෙ’ත්ථ පච්ඡිමකා සත්තා සොතාපන්නා භවන්තු තෙ.
Sinhala BJT72. දහම්වැසි වස්නා කල්හි සියල්ලෝ ආශ්රවරහිතයෝ (=රහත්හු) වෙත්වා! මේ ජනයා අතුරෙහි යමෙක් පශ්චිමක (=අඩු ගුණ ඇත්තෝ) වෙත් නම්, ඔහු සෝවාන් වෙත්වා!
Pali BJT73. දත්වා දාතබ්බකං දානං සීලං පූරෙත්ව’සෙසතො, නෙක්ඛම්මෙ පාරමිං ගන්ත්වා{10} පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT73. දිය යුතු දන් දී නිරවශේෂයෙන් සිල් පුරා නෛෂ්ක්රම්යපාරමීකෝටි ප්‍රාප්ත ව සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT74. පණ්ඩිතෙ පරිපුච්ඡිත්වා කත්වා විරියමුත්තමං, ඛන්තියා පාරමිං ගන්ත්වා පත්තො සම්බොධිමුත්තමං,
Sinhala BJT74. නැණවතුන් විචාරා උතුම් වීර්‍ය්‍යය කොට ඉවසීමේ කෙළවරට ම ගොස් ක්ෂාන්තිපාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
Pali BJT75. කත්වා දළ්හමධිට්ඨානං{11} පූරෙත්වා සච්චපාරමිං{12}, මෙත්තාය පාරමිං ගන්ත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT75. දෘඪ අධිෂ්ඨානය කොට සත්‍යපාරමිතාව හා මෛත්‍රීපාරමිතාව පුරා සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
Pali BJT76. ලාභාලාභෙ සුඛෙ දුක්ඛෙ සම්මානෙ චාවමානනෙ{13}, සබ්බත්ථ සමකො හුත්වා පත්තො සම්බොධිමුත්තමං.
Sinhala BJT76. ලාභ ය, අලාභ ය, සැප ය, දුක ය, සම්මාන ය, අවමාන ය යන මේ සියලු තන්හි සමසිත් ඇත්තේ උපේක්ෂා පාරමිතාව පුරා බුදුබවට පැමිණියෙමි.
Pali BJT77. කොසජ්ජං භයතො දිස්වා විරියඤ්චාපි{1} ඛෙමතො, ආරද්ධවිරියා හොථ එසා බුද්ධානුසාසනී.
Sinhala BJT77. කුසීත බව භය වශයෙන් ද වීර්‍ය්‍යය ක්ෂේම (ආරක්ෂා ස්ථානය) වශයෙන් ද දැක පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වවු. මෙය බුද්ධානුශාසනයයි.
Pali BJT78. විවාදං භයතො දිස්වා අවිවාදඤ්ච ඛෙමතො, සමග්ගා සඛිලා හොථ එසා බුද්ධානුසාසනී.
Sinhala BJT78. විවාදය භය වශයෙන් ද අවිවාදය ක්ෂේමවශයෙන් ද දැක සමගි ව සිලිටු මෘදුගුණ ඇත්තෝ වවු. මෙය බුද්ධානු ශාසනය යි.
Pali BJT79. පමාදං භයතො දිස්වා අප්පමාදං ච ඛෙමතො, භාවෙථ’ට්ඨඞ්ගිකං මග්ගං එසා බුද්ධානුසාසනී.
Sinhala BJT79. ප්‍රමාදය භයවශයෙන් ද අප්‍රමාදය ක්ෂේමවශයෙන් ද දැක අරි අටඟිමග වඩවු. මෙය බුද්ධානුශාසනය යි.
Pali BJT80. සමාගතා බහූ බුද්ධා අරහන්තා ච සබ්බසො, සම්බුද්ධෙ අරහන්තෙ ච වන්දමානා නමස්සථ,
Sinhala BJT80. නොයෙක් සිය දහස් ගණන් පසේබුදුවරු ද රහත්හු ද රැස් වූහ. ඒ බුදුවරයන් ද රහතුන් ද වඳිමින් නමස්කාර කරවු.
Pali BJT81. එවං අචින්තියා බුද්ධා බුද්ධධම්මා අචින්තියා, අචින්තියෙසු පසන්නානං විපාකො හොති අචින්තියො.
Sinhala BJT81. මෙසේ බුදුවරයෝ චින්තාවිෂයාතික්රාන්නතයහ. බුදධදේශිතධර්මය ද චින්තාවිෂයාතික්රාන්තය. චින්තාවිෂයාතික්‍රාන්ත වූ බුදුන් කෙරෙහි ද ධර්මය කෙරෙහි ද පහන් වූවන්ට ලැබෙන විපාකය ද චින්තාවිෂයාතික්‍රාන්ත වේ, හෙවත් සිතා අවසන් කළ නොහැකි වේ.
Pali BJTඉත්ථං සුදං භගවා අත්තනො බුද්දචරියං{2} සම්භාවයමානො බුද්ධාපදානියං නාම ධම්මපරියායං අභාසිත්ථාති.
Sinhala BJTමෙසේ බුදුරජානන් වහන්සේ තමන්වහන්සේගේ බුද්ධචරිතය පවසන සේක් බුද්ධාපදානය නම් වූ ධර්මපර්ය්යායය වදාළසේක.
Pali BJTබුද්ධාපදානං සමත්තං.
Sinhala BJTබුද්ධාපදානය සමාප්ත යි.
Pali BJT2.
Sinhala BJT2.
Pali BJTපච්චෙක බුද්ධාපදානං
Sinhala BJTපච්චේකබුද්ධාපදානය
Pali BJTඅථ පච්චෙකබුද්ධාපදානං සුණාථ.
Sinhala BJTඅනතුරු ව පච්චෙකබුද්ධාපදානය අසවු:-
Pali BJT82. තථාගතං ජෙතවනෙ වසන්තං අපුච්ඡි වෙදෙහමුනී නතඞ්ගො, “පච්චෙකබුද්ධා කිර නාම හොන්ති, භවන්ති තෙ හෙතූහි කෙහි වීර.”
Sinhala BJT82. (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වේදේහිපුත්‍ර (ආනන්ද ස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් “වීරයන් වහන්ස පසේබුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ?” යි නැමදුම් පෙරටු ව විචාළේ ය.
Pali BJT83. තදා’හ සබ්බඤ්ඤුවරො මහෙසී ආනන්දභද්දං මධුරස්සරෙන, යෙ පුබ්බබුද්ධෙසු{3} කතාධිකාරා අලද්ධමොක්ඛා ජිනසාසනෙසු.
Sinhala BJT83-84. එකල්හි මහර්ෂී වූ සර්වඥ බුදුරජානන් වහන්සේ භද්‍ර වූ ආනන්දස්ථවිරයන් වහන්සේට “පෙර බුදුවරයන් වෙත කරණලද පුණ්යසම්භාර ඇති ඒ බුදුසසුන්හි නො ලබන ලද නිවන් ඇති ඉතා සියුම් නුවණින් යුත් ඒ ප්‍රාඥයෝ එ ම සංවේගය ම මුල් කොට බුදුවරුන්ගේ අවවාදානුශාසනාවන් රහිත ව ස්වල්පමාත්‍ර වූ ද අරමුණක් හේතු කොට ගෙණ පසේබුදුබවට පැමිණෙත් ය” යි මධුර ස්වරයෙන් වදාළසේක.
Pali BJT84. තෙනෙව සංවෙගමුඛෙන ධීරා විනාපි බුද්ධෙහි සුතික්ඛපඤ්ඤා, ආරම්මණෙනාපි පරිත්තකෙන පච්චෙකබොධිං අනුපාපුණන්ති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT85. සබ්බම්හි ලොකම්හි මමං ඨපෙත්වා පච්චෙකබුද්ධෙහි සමො’ව නත්ථි, තෙසං ඉමං වණ්ණපදෙසමත්තං වක්ඛාමහං සාධු මහාමුනීනං.
Sinhala BJT85. සකල ලෝකයෙහි (සර්වඥබුද්ධ වූ) මා හැර පසේ බුදුවරයන් සමාන වූ අනිකෙක් නැත්මය. ඒ පසේබුදුවරයන්ගේ ගුණයන් පිළිබඳ කොටසක් පමණක් මම (දැන් තොපට) මැනවින් දේශනා කරමි.