Apadāna

Legendary Lives

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

පෙන්වන කොටස් 9301-9400 න් 9840

837. තමහං එහි සුභගෙ යෙනත්ථා තං වදෙහි මෙ කුලං තෙ නාමගොත්තඤ්ච වද මෙ යදි තෙ පියං.
838. න පඤ්හකාලො{9} සුභගෙ උච්ඡඞ්ගෙ මං නිවෙසය{10} සීදන්තීව{11} මමඞ්ගානි සුපසුප්පය මුහුත්තකං.
839. තතො සීසං මමඞ්කෙ සා කත්වා සයි සුලොචනා තස්සා නලාටෙ පතිතා ලූතා{12} පරමදාරුණා.
840. සහ තස්සා නිපාතෙන පිළකා උප්පජ්ජථ පග්ඝරිංසු පභින්නා ච කුණපා පුබ්බලොහිතා.
841. පභින්නං වදනං චාසි කුණපං පූතිගන්ධිකං{1} උදධුමාතං විනීලඤ්ච විපුබ්බඤ්ච{2} සරීරකං.
842. සා පවෙධිතසබ්බඞ්ගී නිස්සසන්තී මුහුං මුහුං වෙදයන්තී සකං දුක්ඛං කරුණං පරිදෙවයී.
843. “දුක්ඛෙන දුක්ඛිතා හොමි ඵුසයන්ති ච වෙදනා මහාදුක්ඛෙ නිමුග්ගාම්හි සරණං හොහි මෙ සඛී.”
844. “කුහිං වදනසොහා තෙ කුහිං තෙ තුඞ්ගනාසිකා තම්බබිම්බවරොට්ඨං තෙ වදනං තෙ කුහිං ගතං.
845. කුහිං සසිනිභං වත්තං{3} කම්බුගීවා කුහිං ගතා දොළාලාලා ච{4} තෙ කණ්ණා වෙවණ්ණං සමුපාගතා.
846. මකුළම්බුරුහාකාරා{5} කලසාව{6} පයොධරා පභින්නා පූතිකුණපා දුග්ගන්ධිත්තමාගතා.
847. තනුමජ්ඣා පුථුස්සොණි{7} සූනා වණිතකිබ්බිසා{8} ජාතා අමෙජ්ඣභරිතා අහො රූපං අසස්සතං.
848. සබ්බං සරීරසඤ්ජාතං පූතිගන්ධං භයානකං සුසානමිව බීභච්ඡං රමන්තෙ යත්ථ බාලිසා{9}”
849. තදා මහාකාරුණිකො භාතා මෙ ලොකනායකො දිස්වා සංවිග්ගචිත්තං මං ඉමා ගාථා අභාසථ.
850. “ආතුරං අසුචිං පූතිං පස්ස නන්දෙ සමුස්සයං අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං.
851. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං දුග්ගන්ධං පූතිකං වාපි බාලානං අභිනන්දිතං.
852. එවමෙතං අවෙක්ඛන්තී රත්තින්දිවමතන්දිතා තතො සතාය පඤ්ඤාය අභිනිබ්බිජ්ජ දක්ඛසි.”
853. තතො’හං අතිසංවිග්ගා{1} සුත්වා ගාථා සුභාසිතා තත්රට්ඨිතා විපස්සන්තී{2} අරහත්තමපාපුණිං.
854. යත්ථ යත්ථ නිසින්නාහං සදා ඣානපරායනා ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං.
855-857. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං නන්දා භික්ඛුනී ජනපදකල්යාණී ඉමා ගාථායො අභාසිත්ථාති.
නන්දාථෙරියාපදානං පඤ්චමං.
3. 6 සොණාපදානං.
858. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
859. තදා සෙට්ඨිකුලෙ ජාතා සුඛිතා පූජිතා පියා උපෙත්වා තං මුනිවරං අස්සොසිං මධුරං වචං.
860. ආරද්ධවිරියානග්ගං වණ්ණෙසි{3} භික්ඛුනිං ජිනො තං සුත්වා මුදිතා හුත්වා කාරං කත්වාන සත්ථුනො.
861. අභිවාදිය සම්බුද්ධං තං ඨානං පත්ථයිං තදා අනුමොදි මහාවීරො “සිජ්ඣතං පණිධී තව.
862. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
863. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා සොණාති නාම නාමෙන හෙස්සසි සත්ථුසාවිකා.”
864. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
865. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගඤ්ඡහං.
866. පච්ඡිමෙ ච භවෙදානි ජාතා සෙට්ඨිකුලෙ අහං සාවත්ථියං පුරවරෙ ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
867. යදා ච යොබ්බනප්පත්තා ගන්ත්වා පතිකුලං අහං දසපුත්තානි අජනිං සුරූපානි විසෙසතො.
868. සුඛෙධිතා ච තෙ සබ්බෙ ජනනෙත්තමනොහරා අමිත්තානම්පි තෙ රුචිතා මමං පගෙව{1} තෙ පියා.
869. තතො මය්හං අකාමාය දසපුත්තපුරක්ඛතො පබ්බජිත්ථ ස මෙ භත්තා දෙවදෙවස්ස සාසනෙ.
870. තදෙකිකා විචින්තෙසුං ජිවිතෙනාලමත්ථු මෙ චත්තාය{2} පතිපුත්තෙහි වුඩ්ඪාය ච වරාකියා.
871. අහම්පි තත්ථ ගච්ඡිස්සං සම්පත්තො යත්ථ මෙ පති” එවා’හං චින්තයිත්වාන පබ්බජිං අනගාරියං.
872. තතො ච මං භික්ඛුනියො එවං භික්ඛුනුපස්සයෙ විහාය ගච්ඡුමොවාදං “තාපෙහි උදකං” ඉති.
873. තදා උදකමාහිත්වා ඔකිරිත්වාන කුම්භියා චුල්ල්යං{3} ඨපෙත්වා ආසීනා තතො චිත්තං සමාදහිං.
874. ඛන්ධෙ අනිච්චතො දිස්වා දුක්ඛතො ච අනත්තතො ඡෙත්වාන{4} ආසවෙ සබ්බෙ අරහත්තමපාපුණිං.
875. තදා’ගන්ත්වා භික්ඛුනියො උණ්හොදකමපුච්ඡිසුං තෙජොධාතුං අධිට්ඨාය ඛිප්පං සන්තාපයිං ජලං.
876. විම්හිතා තා ජිනවරං එතමත්ථමසාවයුං තං සුත්වා මුදිතො නාථො ඉමං ගාථං අභාසථ:
877. යො චෙ{1} වස්සසතං ජීවෙ කුසීතො හීනවීරියො එකාහං ජීවිතං සෙය්යො විරියමාරභතො දළ්හං.”
878. ආරාධිතො මහාවීරො මම{2} සුප්පටිපත්තියා ආරද්ධවිරියානග්ගං මමාහ ස{3} මහාමුනි.
879-881. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං සොණා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
සොණාථෙරියාපදානං ඡට්ඨං.
3. 7 භද්දාකාපිලානි අපදානං.
882. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා{4} ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
883. තදා’හු හංසවතියං විදෙහො නාම නාමතො{5} සෙට්ඨි පහූතරතනො තස්ස ජායා අහොස’හං
884. කදාචි සො නරාදිච්චං උපෙච්ච සපරිජ්ජනො{6} ධම්මමස්සොසි බුද්ධස්ස සබ්බදුක්ඛක්ඛයාවහං.{7}
885. සාවකං ධුතවාදානං අග්ගං කිත්තෙසි නායකො සුත්වා සත්තාහිතං දානං දත්වා බුද්ධස්ස තාදිනො.
886. නිපච්ච සිරසා පාදෙ තං ඨානං අභිපත්ථයි ස හාසයන්තො පරිසං තදා හි නරපුඞ්ගවො.
887. සෙට්ඨිනො අනුකම්පාය ඉමා ගාථා අභාසථ: “ලච්ඡසෙ පත්ථිතං ඨානං නිබ්බුතො හොහි පුත්තක.
888. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
889. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො කස්සපො නාම නාමෙන හෙස්සසි සත්ථුසාවකො.”
890. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තො පරිචරි පච්චයෙහි විනායකං.
891. සාසනං ජොතයිත්වාන{1} මද්දිත්වා ච කුතිත්ථියෙ වෙනෙය්යෙ{2} විනයිත්වා ච නිබ්බුතො සො සසාවකො.
892. නිබ්බුතෙ තම්හි ලොකග්ගෙ පූජනත්ථාය සත්ථුනො ඤාතිමිත්තෙ සමානෙත්වා සහ තෙහි අකාරයි.
893. සත්තයොජනිකං ථූපං උබ්බිද්ධං රතනාමයං ජලන්තං සතරංසීව සාලරාජංව ඵුල්ලිතං.
894. සත්තසතසහස්සානි පාතියො{3} තත්ථ කාර’යි නළග්ගි විය ජොතන්තී{4} රතනෙහෙව සත්තහි.
895. ගන්ධතෙලෙන පූරෙත්වා දීපානුජාලයි තහිං පූජත්ථාය{5} මහෙසිස්ස සබ්බභූතානුකම්පිනො.
896. සන්ත සතසහස්සානි පුණ්ණකුම්භානි කාරයි රතනෙහෙව පුණ්ණානි පූජත්ථාය මහෙසිනො.
897. මජ්ඣෙ අට්ඨට්ඨ කුම්හීනං උස්සිතා කඤ්චනග්ඝියා අතිරොචන්ති වණ්ණෙන සරදෙව දිවාකරො.
898. චතුද්වාරෙසු සොභන්ති තොරණා රතනාමයා උස්සිතා ඵලකා රම්මා සොභන්ති රතනාමයා.
899. විරොචන්ති පරික්ඛිත්තා අවතංසා{6} සුනිම්මිතා උස්සිතානි පටාකානි රතනානි විරොචරෙ.
900. සුරත්තං සුකතං චෙතං{7} චෙතියං රතනාමයං අතිරොචති වණ්ණෙන සසඤ්ඣොව{8} දිවාකරො.
901. ථූපස්ස වෙදියො තිස්සො{1} හරිතාලෙන පූරයි එකං මනොසිලායෙකං අඤ්ජනෙන ච එකිකං.
902. පූජාමෙතාදිසං රම්මං කාරෙත්වා වරවාදිනො අදාසි දානං සඞ්ඝස්ස යාවජීවං යථාබලං.
903. සහා’හං සෙට්ඨිනා තෙන තානි පුඤ්ඤානි සබ්බසො. යාවජීවං කරිත්වාන සහාව සුගතිං ගතා.
904. සම්පත්තියොනුභොත්වාන දෙවත්තෙ අථ මානුසෙ ඡායා විය සරීරෙන සහ තෙනෙව සංසරිං.
905. එකනවුතෙ ඉතො කප්පෙ විපස්සී නාම නායකො උප්පජ්ජි චාරුනයනො{2} සබ්බධම්මවිපස්සකො.
906. තදා’යං බන්ධුමතියං බ්රාහ්මණො සාධුසම්මතො අඩ්ඪො සත්ථාගමෙනා’සි{3} ධනෙන ච සුදුග්ගතො.
907. තදාපි තස්ස’හං ආසිං බ්රාහ්මණී සමචෙතසා කදාචි සො දිජවරො සංගමෙසි මහාමුනිං.
908. නිසින්නං ජනකායස්මිං දෙසෙන්තං අමතං පදං සුත්වා ධම්මං පමුදිතො අදාසි එකසාටකං.
909. ඝරමෙකෙන වත්ථෙනාගත්වානෙතං{4} මම’බ්රවි{5} අනුමොද මහාඤ්ඤෙ{6} දින්නං බුද්ධස්ස සාටකං.
910. තදා’හං අඤ්ජලිං කත්වා අනුමොදිං සුපීණිතා{7} සුදින්නො සාටකො සාමි බුද්ධසෙට්ඨස්ස තාදිනො.
911. සුඛිතො සජ්ජිතො හුත්වා සංසරන්තො භවාභවො බාරාණසීපුරෙ රම්මෙ රාජා ආසි මහීපති.
912. තදා තස්ස මහෙසීහං ඉත්ථිගුම්බස්ස උත්තමා තස්සාතිදයිතා ආසිං පුබ්බස්නෙහෙන භත්තුනො.{8}
913. පිණ්ඩාය විචරන්තෙ සො{1} අට්ඨ පච්චෙකනායකෙ දිස්වා පමුදිතො හුත්වා දත්වා පිණ්ඩං මහාරහං.
914. පුනො නිමන්තයිත්වාන කත්වා රතනමණ්ඩපං කම්මාරෙහි කතං ඡත්තං{2} සොවණ්ණං සතහත්ථකං.{3}
915. සමානෙත්වාන තෙ සබ්බෙ තෙසං දානමදාසි සො සොණ්ණාසනොපවිට්ඨානං{4} පසන්නො සෙහි පාණිහි.
916. තම්පි දානං සහා’දාසිං කාසිරාජෙන’හං තදා පුනා’හං බාරාණසියං අජායිං ද්වාරගාමකෙ{5}
917. කුටුම්බිකකුලෙ ඵීතෙ සුඛිතො සො සහාතුකො ජෙට්ඨස්ස භාතුනො ජායා අහොසිං සුපතිබ්බතා.
918. පච්චෙකබුද්ධං දිස්වාන මම භත්තු කනීයසී{6} භාගන්නං තස්ස දත්වාන ආගතෙ තම්හි පාවදි{7}
919. නාභිනන්දිත්ථ සො දානං තතො තස්ස අදාස’හං ඌඛා ආනීය තං අන්නං පුනො තස්සෙව සො අදා.
920. තදන්නං ඡඩ්ඩයිත්වාන දුට්ඨා බුද්ධස්ස’හං තදා පත්තං කලලපුණ්ණං තං අදාසිං තස්ස තාදිනො.
921. දානෙ ච ගහණෙ චෙව අමෙජ්ඣෙ පදුමෙ යථා{8} සමචිත්තමුඛං දිස්වා තදාහං සංවිජිං භුසං.
922. පුනො පත්තං ගහෙත්වාන සොධයිත්වා සුගන්ධිනා පසන්නචිත්තා පූරෙත්වා සඝතං සක්ඛරං අදං.
923. යත්ථ යත්ථූපපජ්ජාමි සුරූපා හොමි දානතො බුද්ධස්ස අපකාරෙන{9} දුග්ගන්ධා වදනෙන ච.
924. පුන කස්සපවීරස්ස නිට්ඨායන්තම්හි{10} චෙතියෙ සොවණ්ණඉට්ඨකවරං අදාසිං මුදිතා අහං.
925. චතුජ්ජාතෙන ගන්ධෙන නිචයිත්වා{1} තමිට්ඨකං මුත්තා දුග්ගන්ධදොසම්හා සබ්බඞ්ගසුසමාගතා.
926. සත්තපාතිසහස්සානි රතනෙහෙව සත්තහි කාරෙත්වා ඝතපූරානී වට්ටියො{2} ච සහස්සසො.
927. පක්ඛිපිත්වා පදීපෙත්වා ඨපයී{3} සත්තපන්තියො පූජත්ථං{4} ලොකනාථස්ස විප්පසන්නෙන චෙතසා.
928. තදාපි තම්හි පුඤ්ඤම්හි භාගිනී’හං විසෙසතො පුන කාසිසු සඤ්ජාතො සුමිත්තො ඉති විස්සුතො.
929. තස්සා’හං භරියා සුඛිතා සජ්ජිතා පියා තදාපි පච්චෙකමුනිනො අදාසි{5} ඝනවෙඨනං.
930. තස්සා’පි භාගිනී ආසිං මොදිත්වා දානමුත්තමං පුනා’පි කාසිරට්ඨම්හි ජාතො කොලියජාතියා.
931. තදා කොලියපුත්තානං සතෙහි සහ පඤ්චහි පඤ්ච පච්චෙකබුද්ධානං සතානි සමුපට්ඨහි.
932. තෙමාසං තප්පයිත්වාන{6} අදාසි ච තිචීවරං{7} ජායා තස්ස තදා ආසිං පුඤ්ඤකම්මපථානුගා.
933. තතො චුතො අහූ රාජා නන්දො නාම මහායසො තස්සාපි මහෙසී ආසිං සබ්බකාමසමිද්ධිනී.
934. තදා ච සො{8} භවිත්වාන බ්රහ්මදත්තො මහීපති පදුමවතීපුත්තානං පච්චෙකමුනිනං තදා.