Apadāna

Legendary Lives

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

පෙන්වන කොටස් 9101-9200 න් 9840

644. අනුමොදි මහාවීරො භද්දෙ යං තෙ’භිපත්ථිතං සමිජ්ඣිස්සති තං සබ්බං සුඛිනී හොහී නිබ්බුතා.
645. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන{1} සත්ථා ලොකෙ භවිස්සති.
646. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා භද්දා කුණ්ඩකෙසාති හෙස්සසි සත්ථුසාවිකා.
647. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
648. තතො චුතා යාමමගා තතො’හං තුසිතං ගතා තතො ච නිම්මාණරතිං වසවත්තීපුරං තතො.
649. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා තත්ථ තත්ථෙව රාජූනං මහෙසිත්තමකාරයිං.
650. තතො චුතා මනුස්සෙසු රාජූනං වසවත්තිනං මණ්ඩලීනඤ්ච රාජූනං මහෙසිත්තමකාරයිං.
651. සම්පත්තිං අනුභොත්වාන දෙවෙසු මානුසෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකකප්පෙසු සංසරිං.
652. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන{1} උප්පජ්ජි වදතං වරො.
653. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසි පුරුත්තමෙ.
654. තස්ස ධීතා චතුත්ථා’සිං භික්ඛුදාසීති විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
655. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
656. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨාන නිරතා මුදිතා සත්තධීතරො.
657. සමණී සමණගුත්තාභික්ඛුනී භික්ඛුදාසිකා ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.
658. ඛෙමා උප්පලවණ්ණාපටාචාරා අහං තථා කිසාගොතමී ධම්මදින්නා විසාඛා හොති සත්තමී.
659. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
660. පච්ඡිමෙ ච භවෙදානි ගිරිබ්බජපුරුත්තමෙ ජාතා සෙට්ඨිකුලෙ ඵීතෙ යදා’හං යොබ්බනෙ ඨිතා.
661. චොරං වධත්ථං නීයන්තං දිස්වා රත්තා තහිං අහං පිතා මෙ තං සහස්සෙන මොචයිත්වා වධා තතො.
662. අදාසි තස්ස මං තාතො විදිත්වාන මනං මම තස්සාහමාසිං විස්සත්ථා{2} අතීව දයිතා හීතා.
663. සො මෙ භූසනලොභෙන ඛලිතජ්ඣාසයො{3} දිසො චොරප්පපාතං නෙත්වාන පබ්බතං චෙතයී වධං.
664. තදා’හං පණමිත්වාන භත්තුකං සුකතඤ්ජලී රක්ඛන්ති අත්තනො පාණං ඉදං වචනමබ්රවිං:
665. “ඉදං සුවණ්ණං කෙයූරං මුත්තා වෙළුරියා බහූ සබ්බං හරස්සු භද්දන්තෙ මඤ්ච දාසීති සාවය.”
666. ඔරොපයස්සු කල්යාණි මා බාළ්හං පරිදෙවසි න චා’හං අභිජානාමි අහනත්වා ධනමාභතං.”
667. යතො සරාමි අත්තානං යතො පත්තාස්මි විඤ්ඤුතං න චා’හං අභිජානාමි අඤ්ඤං පියතරං තයා.
668. එහි තං උපගූහිස්සං කස්සඤ්ච{1} තං පදක්ඛිණං. න චදානි පුනො අත්ථි{2} මම තුය්හඤ්ච සඞ්ගමො.
669. න හි{3} සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො ඉත්ථිපි පණ්ඩිතා හොති තත්ථ තත්ථ විචක්ඛණා.
670. න හි3 සබ්බෙසු ඨානෙසු පුරිසො හොති පණ්ඩිතො ඉත්ථිපි පණ්ඩිතා හොති ලහුං අත්ථවිචින්තකා.{4}
671. ලහුඤ්ච වත ඛිප්පඤ්ච නිකිට්ඨෙ{5} සමචෙතයිං මිගමුණ්ණා{6} යථා එවං{7} තදා’හං සත්තුකං වධිං.
672. යො ච උප්පතිතං අත්ථං න ඛිප්පමනුබුජ්ඣති සො හඤ්ඤතෙ මන්දමති චොරොව ගිරිගබ්භරෙ.
673. යො ච උප්පතිතං අත්ථං ඛිප්පමෙව නිබොධති මුච්චතෙ සත්තුසම්බාධා තදා’හං සත්තුකා යථා.
674. තදා තං පාතයිත්වාන ගිරිදුග්ගම්හි සත්තුකං සන්තිකං සෙතවත්ථානං උපෙත්වා පබ්බජිං අහං.
675. සණ්ඩාසෙන ච කෙසෙ මෙ ලුඤ්චිත්වා සබ්බසො තදා පබ්බාජෙත්වා සසමයං ආචික්ඛිංසු නිරන්තරං.
676. තතො තං උග්ගහෙත්වාන නිසීදිත්වාන එකිකා සමයං තං විචින්තෙසිං සුවානො මානුසං කරං.
677. ඡින්නං ගය්හ සමීපෙ මෙ පාතයිත්වා අපක්කමි දිස්වා නිමිත්තමලභිං හත්ථං තං පුළවාකුලං.
678. තතො වුට්ඨාය සංවිග්ගා අපුච්ඡිං සහධම්මිකෙ තෙ අවොචුං: ‘විජානන්ති තමත්ථං{1} සක්යභික්ඛවො.’
679. සාහං තමත්ථං පුච්ඡිස්සං උපෙත්වා බුද්ධසාවකෙ තෙ මමාදාය ගච්ඡිංසු බුද්ධසෙට්ඨස්ස සන්තිකං.
680. සො මෙ ධම්මමදෙසෙසි ‘ඛන්ධායතනධාතුයො අසුභානිච්චා දුක්ඛාති{2} අනත්තා’ති ච නායකො.
681. තස්ස ධම්මං සුණිත්වා’හං ධම්මචක්ඛුං{3} විසොධයිං තතො විඤ්ඤාතසද්ධම්මා පබ්බජ්ජං උපසම්පදං.
682. ආයාචිං සො{4} තදා ආහ ‘එහි භද්දෙ’ති නායකො තදා’හං උපසම්පන්නා පරිත්තං{5} තොයමද්දසං.
683. පාදපක්ඛාලනෙනා’හං ඤත්වා සඋදයං වයං{6} තථා සබ්බෙපි සඞ්ඛාරා ඉති සංචින්තයිං{7} තදා
684. තතො චිත්තං විමුච්චි මෙ අනුපාදාය සබ්බසො ඛිප්පාභිඤ්ඤානමග්ගං මං තදා පඤ්ඤාපයි{8} ජිනො.
685. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
686. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුවිසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධා’සිං සුනිම්මලා.
687. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං. ඔහිතො ගරුකො භාරො භවනෙත්ති සමූහතා.
688. යස්ස’ත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
689. අථෙධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විපුලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස සාසනෙ.{1}
690. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගීව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවා.
691. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ{2} තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
692. පටිසම්භිදා චතස්සො ච{3} විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං භද්දා කුණ්ඩලකෙසා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
කුණ්ඩලකෙසාථෙරියාපදානං පඨමං.
3. 2 කිසාගොතමී අපදානං.
693. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
694. තදා’හං හංසවතියං ජාතා අඤ්ඤතරෙ කුලෙ උපෙත්වා තං නරවරං සරණං සමුපාගමිං.
695. ධම්මඤ්ච තස්ස අස්සොසිං වතුසච්චූපසංහිතං මධුරං පරමස්සාදං වට්ටසන්ති{4} සුඛාවහං.
696. තදා ච{5} භික්ඛුනිං වීරො ලූඛචීවරධාරිනිං ඨපෙන්තො එතග්ගම්හී වණ්ණයී පුරිසුත්තමො.
697. ජනෙත්වානප්පකං පීතිං සුත්වා භික්ඛුණියා ගුණං කාරං කත්වාන බුද්ධස්ස යථාසත්ති යථාබලං.
698. නිපච්ච මුනිවීරං තං තං ඨානමභිපත්ථයිං තාදානුමොදි සම්බුද්ධො ඨානලාභාය නායකො.
699. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
700. “තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා ගොතමී නාම නාමෙන{1} හෙස්සසි සත්ථු සාවිකා.”
701. තං සුත්වා මුදිතා හුත්වා යාවජීවං තදා ජිනං මෙත්තචිත්තා පරිචරිං පච්චයෙහි විනායකං.
702. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
703. ඉමස්මිං භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන උප්පජ්ජි වදතං වරො.
704. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසි පුරුත්තමෙ.
705. පඤ්චමී තස්ස ධීතා’සිං ධම්මා නාමෙන විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
706. අනුජානි න නො තාතො අගාරෙව තදා මයං වීසං වස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
707. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා බුද්ධුපට්ඨානනිරතා මුදිතා සත්තධීතරො.
708. සමණී සමණගුත්තාභික්ඛුනී භික්ඛුදාසිකා ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා.
709. ඛෙමා උප්පලවණ්ණාපටාචාරාකුණ්ඩලා අහං චෙව ධම්මදින්නා විසාඛා හොති සත්තමී.
710. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
711. පච්ඡිමෙ ච භවෙදානි ජාතා සෙට්ඨිකුලෙ අහං, දුග්ගතෙ අධනෙ නට්ඨෙ{2} ගතා ච සධනං කුලං.
712. පතිං ඨපෙත්වා සෙසා දිසන්ති{3} අධනා ඉති යදා ච සසුතා{4} ආසිං සබ්බෙසං දයිතා තදා.
713. යදා සො තරුණො භද්රො{1} කොමලඞ්ගො{2} සුඛෙධිතො සපාණමිව කන්තො මෙ තදා යමවසං ගතො.
714. සොකට්ටා දීනවදනා අස්සුනෙත්තා රුදම්මුඛා මතං කුණපමාදාය විලපන්තී භමාමහං.
715. තදා එකෙන සන්දිට්ඨා උපෙත්වා භිසජුත්තමං.{3} අවොචං “දෙහි භෙසජ්ජං පුත්තසඤ්ජීවනන්ති භො.”
716. “න විජ්ජන්තෙ මතා යස්මිං ගෙහෙ සිද්ධත්ථෙකං තතො ආහරා”ති ජිනො ආහ විනයොපායකොවිදො.
717. තදා ගමිත්වා සාවත්ථිං න ලභිං තාදිසං ඝරං කුතො සිද්ධත්ථකං කස්මා තතො ලද්ධා සතිං අහං.
718. කුණපං ඡඩ්ඩයිත්වාන උපෙසිං ලොකනායකං දූරතොව මමං දිස්වා අවොච මධුරස්සරො.
719. “යො ච වස්සසතං ජීවෙ අපස්සං උදයබ්බයං එකාහං ජීවිතං සෙය්යො පස්සතො උදයබ්බයං.
720. න ගාමධම්මො නො නිගමස්ස ධම්මො නචාපයං එකකුලස්ස ධම්මො සබ්බස්ස ලොකස්ස සදෙවකස්ස එසොව ධම්මො යදිදං අනිච්චතා.”
721. සාහං සුත්වානිමා ගාථා ධම්මචක්ඛුං විසොධයිං. තතො විඤ්ඤාතසද්ධම්මා පබ්බජිං අනගාරියං.
722. තථා පබ්බජිතා සන්තී යුඤ්ජන්තී ජිනසාසනෙ න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං
723. ඉද්ධීසු ච වසී හොමි දිබ්බාය සොතධාතුයා පරචිත්තානි ජානාමි සත්ථුසාසනකාරිකා.
724. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසොධිතං ඛෙපෙත්වා ආසවෙ සබ්බෙ විසුද්ධාසිං සුනිම්මලා.
725. පරිචිණ්ණො මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං ඔහිතො ගරුකොහාරො භවනෙත්ති සමූහතා.
726. යස්සත්ථාය පබ්බජිතා අගාරස්මානගාරියං සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
727. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙවච ඤාණං මෙ විමලං සුද්ධං බුද්ධසෙට්ඨස්ස වාහසා.
728. සඞ්කාරකූටා ආහත්වා සුසානා රථියාපි ච තතො සඞ්ඝාටිකං කත්වා ලූඛං ධාරෙමි චීවරං.
729. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො ලූඛචීවරධාරණෙ ඨපෙසි එතදග්ගම්හි පරිසාසු විනායකො.
730-732. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං කිසාගොතමී භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
කිසාගොතමීථෙරියාපදානං දුතියං.
3. 3 ධම්මදින්නාපදානං.
733. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මානපාරගූ ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
734. තදා’හං හංසවතියං කුලෙ අඤ්ඤතරෙ අහුං පරකම්මකරී ආසිං නිපකා සීලසංවුතා.
735. පදුමුත්තර බුද්ධස්ස සුජාතො අග්ගසාවකො විහාරා අභිනික්ඛම්ම පිණ්ඩපාතාය ගච්ඡති.
736. ඝටං ගහෙත්වා ගච්ඡන්තී තදා උදකහාරිකා තං දිස්වා අදදිං{1} පූවං{2} පසන්නා සෙහි පාණිහි.
737. පටිග්ගහෙත්වා තත්ථෙව නිසින්නො පරිභුඤ්ජි සො තතො නෙත්වාන තං ගෙහං අදාසිං තස්ස භොජනං.
738. තතො මෙ අය්යකො තුට්ඨො අකරී සුණිසං සකං සස්සුයා සහ ගන්ත්වාන සම්බුද්ධං අභිවාදයිං.
739. තදා සො ධම්මකථිකං භික්ඛුනිං පරිකිත්තයං ඨපෙසි එතදග්ගස්මිං තං සුත්වා මුදිතා අහං.