Apadāna

Legendary Lives

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 8901-9000 න් 9840

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
449. කදාචි සො නරාදිච්චො ධම්මං දෙසෙති අබ්භුතං මහානිදානසුත්තන්තං සුත්වා තං පරියාපුණිං.
450. තෙහි කම්මෙහි සුකතෙහි චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසං අගච්ඡහං.
451. පච්ඡිමෙ ච භවෙදානි සාගලායං පුරුත්තමෙ. රඤ්ඤො මද්දස්ස ධීතාම්හි මනාපා දයිතා පියා.
452. සහ මෙ ජාතමත්තම්හි ඛෙමං තම්හි පුරෙ අහු, තතො ඛෙමාති නාමං මෙ ගුණතො උපපජ්ජථ.{4}
453. යදාහං යොබ්බනං පත්තා රූපලාවඤ්ඤභූසිතා{5} තදා අදාසි මං තාතො බිම්බිසාරස්ස රාජිනො.
454. තස්සාහං සුප්පියා ආසිං රූපකෙලායනෙ රතා රූපානං දොසවාදීති න උපෙසිං මහාදයං.
455. බිම්බිසාරො තදා රාජා මමානුග්ගහබුද්ධියා වණ්ණයිත්වා වෙළුවනං ගායකෙ ගාපයී මමං.
456. “රම්මං වෙළුවනං යෙන න දිට්ඨං සුගතාලයං න තෙන නන්දනං දිට්ඨං ඉති මඤ්ඤාමසෙ මයං
457. යෙන වෙළුවනං දිට්ඨං නරනන්දනනන්දනං සුදිට්ඨං නන්දිනං තෙන අමරින්දසුනන්දනං.
458. විහාය නන්දනං දෙවා ඔතරිත්වා මහීතලං{1} රම්මං වෙළුවනං දිස්වා න තප්පන්ති සුවිම්හිතා.
459. රාජපුඤ්ඤෙන නිබ්බත්තං බුද්ධපුඤ්ඤෙන භූසිතං කො වත්තා තස්ස නිස්සෙසං වනස්ස ගුණසඤ්චයං.”
460. තං සුත්වා වනසමිද්ධිං මම සොතමනොහරං දට්ඨුකාමා තමුය්යානං රඤ්ඤො ආරොචයිං තදා.
461. මහතා පරිවාරෙන තදා ච{2} සො මහීපති මං පෙසෙසි{3} තමුය්යානං දස්සනාය සමුස්සුකං.
462. “ගච්ඡ පස්ස මහාභොගෙ වනං නෙත්තරසායනං යං සදා භාති සිරියා සුගතාභානුරඤ්ජිතං.”
463. යදා ච පිණ්ඩාය මුනි ගිරිබ්බජපුරුත්තමෙ පවිට්ඨො’හං තදායෙව වනං දට්ඨුමුපාගමිං.
464. තදා’හං ඵුල්ලවිපිනං නානාභමරකූජිතං කොකිලාගීතසහිතං මයූරගණනචචිතං.
465. අප්පසද්දමනාකිණ්ණං නානාචඞ්කමභූසිතං කුටිමණ්ඩපසඞ්කිණ්ණං යොගීවරවිරාජිතං.
466. විචරන්තී අමඤ්ඤිස්සං ‘සඵලං නයනං මම’ තත්ථාපි තරුණං භික්ඛුං යුත්තං දිස්වා විචින්තයිං.
467. ඊරිසෙ’පි වනෙ{1} රම්මෙ ඨිතො’යං නවයොබ්බනෙ වසන්තමිව කන්තෙන රූපෙන ච සමන්විතො.
468. නිසින්නො රුක්ඛමූලම්හි මුණ්ඩො සඞ්ඝාටිපාරුතො ඣායතෙ වත’යං භික්ඛු හිත්වා විසයජං රතිං.
469. නනු නාම ගහට්ඨෙන කාමං භුත්වා යථාසුඛං පච්ඡා ජිණ්ණෙන ධම්මො’යං චරිතබ්බො සුභද්දකො.
470. සුඤ්ඤකන්ති විදිත්වාන ගන්ධගෙහං ජිනාලයං උපෙත්වා ජිනමද්දක්ඛිං උදයන්තංව භාකරං.
471. එකකං සුඛමාසීනං වීජමානා{2} වරිත්ථියා දිස්වානෙවං විචින්තෙසිං ‘නායං ලූඛො නරාසභො.’
472. සා කඤ්ඤා කනකාභාසා පදුමානනලොචනා බිම්බොට්ඨි කුන්දදසනා මනොනෙත්තරසායනා.
473. හෙමදොලාභසවනා කලසාකාර{3}සුත්ථනී තනුමජ්ඣා ච සුස්සොණී{4} රම්හොරු{5} චාරුභූසනා.
474. රත්තංසුකූපසබ්යානා{6} නීලමට්ඨනිවාසනා අතප්පනෙය්යරූපෙන{7} හාවභාවසමන්විතා{8}
475. දිස්වා තමෙවං චින්තෙසිං “අහො’යං අභිරුපිනී න මයා’නෙන නෙත්තෙන දිට්ඨපුබ්බා කුදාචනං.”
476. තතො ජරාභිභූතා සා විවණ්ණා විතතානනා භින්නදන්තා සෙතසිරා සලාලවදනා’සුචි.
477. සඞ්ඛිත්තකණ්ණා සෙතක්ඛි ලම්බාසුභපයොධරා වලිවිතතසබ්බඞ්ගී සිරාවිතතදෙහිනී.
478. නතඞ්ගා දණ්ඩදුතියා උප්පණ්ඩුප්පණ්ඩුකා{9} කිසා පවෙධමානා පතිතා නිස්සසන්තී මුහුං මුහුං.
479. තතො මෙ ආසි සංවෙගො අබ්භුතො ලොමහංසනො ධිරත්ථු රූපං අසුචිං රමන්තෙ යත්ථ බාලිසා.
480. තදා මහාකාරුණිකො දිස්වා සංවිග්ගමානසං උදග්ගචිත්තො සුගතො{1} ඉමා ගාථා අභාසථ:
481. “ආතුරං අසුචිං පූතිං පස්ස ඛෙමෙ සමුස්සයං උග්ඝරන්තං පග්ඝරන්තං බාලානං අභිනන්දිතං.
482. අසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං සති කායගතා ත්යත්ථු නිබ්බීදාබහුලා භව.
483. යථා ඉදං තථා එතං යථා එතං තථා ඉදං අජ්ඣත්තඤ්ච බහිද්ධා ච කායෙ ඡන්දං විරාජය.
484. අනිමිත්තඤ්ච භාවෙථ මානානුසයමුජ්ජහ තතො මානාභිසමයා උපසන්තා චරිස්සසි.
485. යෙ රාගරත්තානුපතන්ති සොතං සයං කතං මක්කටකොව ජාලං එතම්පි ඡෙත්වාන පරිබ්බජන්ති අනපෙක්ඛිනො{2} කාමසුඛං පහාය.”
486. තතො කල්ලිතචිත්තං{3} මං ඤත්වාන නරසාරථි මහානිදානං දෙසෙසි සුත්තන්තං විනයාය මෙ.
487. සුත්වා සුත්තන්තසෙට්ඨං තං පුබ්බසඤ්ඤමනුස්සරිං තත්ථ ඨිතාව’හං සන්තී ධම්මචක්ඛුං විසොධයිං.
488. නිපතිත්වා මහෙසිස්ස පාදමූලම්හි තාවදෙ අච්චයං දෙසනත්ථාය ඉදං වචනමබ්රවිං:
489. “නමො තෙ සබ්බදස්සාවී නමො තෙ කරුණාකර නමො තෙ තිණ්ණසංසාර නමො තෙ අමතංදද.
490. දිට්ඨිගහනපක්ඛන්තා{1} කාමරාගවිමොහිතා තයා සම්මා උපායෙන විනීතා විනයෙ රතා.
491. අදස්සනෙන විබ්භොගා තාදිසානං මහෙසිනං අනුභොන්ති මහාදුක්ඛං සත්තා සංසාරසාගරෙ.
492. යදා’හං ලොකසරණං අරණං මරණන්තගුං{2} නාද්දසාසිමදූරට්ඨං දෙසයාමි{3} තමච්චයං.
493. මහාහිතං වරදදං අහිතොති විසඞ්කිතං. නොපෙසිං රූපනිරතා දෙසයාමි තමච්චයං.”
494. තදා මධුරනිග්ගොසො මහාකාරුණිකො ජිනො අවොච ‘තිට්ඨ ඛෙමෙ’ති සිඤ්චන්තො අමතෙන මං.
495. තදා පණම්ය සිරසා කත්වා ච නං පදක්ඛිණං ගන්ත්වා දිස්වා නරපතිං ඉදං වචනමබ්රවිං.
496. “අහො සම්මාඋපායො තෙ චින්තිතො’යමරින්දම වනදස්සනකාමාය දිට්ඨො නිබ්බානදො මුනි.
497. යදි තෙ රුච්චතෙ රාජ{4} සානෙ තස්ස තාදිනො පබ්බජිස්සාමි රූපෙ’හං නිබ්බින්නා මුනිවාණිනා.{5}
භාණවාරං දුතියං.
498. අඤ්ජලිං පග්ගහෙත්වාන තදාහ ස මහීපති “අනුජානාමි තෙ භද්දෙ පබ්බජ්ජා තව සිජ්ඣතු.”
499. පබ්බජිත්වා තදාචාහං අද්ධමාසෙ{6} උපට්ඨිතෙ දීපොදයඤ්ච භෙදඤ්ච දිස්වා සංවිග්ගමානසා.
500. නිබ්බින්නා සබ්බසඞ්ඛාරෙ පච්චයාකාරකොවිදා චතුරොඝෙ අතික්කම්ම අරහත්තමපාපුණිං.
501. ඉද්ධියා ච වසී ආසිං දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී චාපි භවාමහං.
502. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
503. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච පරිසුද්ධං මම ඤාණං උප්පන්නං බුද්ධසාසනෙ.
504. කුසලා’හං විසුද්ධීසු කථාවත්ථු විසාරදා අභිධම්මනයඤ්ඤූ ච වසිප්පත්තා’ම්හි සාසනෙ.
505. තතො භොජනවත්ථුස්මිං{1} රඤ්ඤා කොසලසාමිනා පුච්ඡිතා නිපුණෙ පඤ්හෙ ව්යාකරොන්තී යථාතථං.
506. තදා ස රාජා සුගතං උපසඞ්කම්ම පුච්ඡථ තථෙව බුද්ධො ව්යාකාසි යථා තෙ ව්යාකතා මයා.
507. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො එතදග්ගෙ ඨපෙසි මං “මහාපඤ්ඤානමග්ගාති භික්ඛුනීනං නරුත්තමො.
508-510. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ඛෙමා භික්ඛුනී ඉමා ගාථායො අභාසිත්ථාති.
ඛෙමාථෙරියාපදානං අට්ඨමං.
2. 9 උප්පලවණ්ණාපදානං.
511. භික්ඛුනී උප්පලවණ්ණා ඉද්ධියා පාරමිඞ්ගතා වන්දිත්වා සත්ථුනො පාදෙ ඉදං වචනමබ්රවි.
512. නිත්තිණ්ණා ජාතිසංසාරං{2} පත්තා’හං අචලං පදං සබ්බදුක්ඛං මයා ඛීණං අරොචෙමි මහාමුනි.
513. යාවතා පරිසා අත්ථි පසන්නා ජානසාසනෙ යෙසඤ්ච{3} මෙ’පරධො’ත්ථි ඛමන්තු ජිනසම්මුඛා.
514. සංසාරෙ සංසරන්තාය{4} ඛලිතං මෙ සචෙ භවෙ ආරොචෙමි මහාවීර අපරාධං ඛමස්සු තං{5}
515. “ඉද්ධිං චාපි නිදස්සෙහි මම සාසනකාරිකෙ චතස්සො පරිසා අජ්ජ කඞ්ඛං ජින්දාහි යාවතා”
516. “ධීතු{1} තුය්හං මහාවීර පඤ්ඤාවන්ත ජුතින්ධර බහුං ච දුක්කරං කම්මං කතං මෙ අතිදුක්කරං.
517. උප්පලස්සෙව මෙ වණ්ණො නාමෙනුප්පලනාමිකා සාවිකා තෙ මහාවීර පාදෙ වන්දති චක්ඛුම.
518. රාහුලො ච අහඤ්චෙව නෙකජාතිසතෙ බහූ එකස්මිං සම්භවෙ ජාතා සමානච්ඡන්දමානසා.
519. නිබ්බත්ති එකතො හොති ජාතිසු බහුසො මම{2} පච්ඡිමභවෙ{3} සම්පත්තෙ උභොපි නානාසම්භවා.
520. පුත්තො ච රාහුලො නාම ධීතා උප්පලසව්හයා පස්ස වීර මමං ඉද්ධිං බලං දස්සෙමි සත්ථුනො.
521. මහාසමුද්දෙ චතුරො පක්ඛිපි හත්ථපාතියං තෙලං හත්ථගතං{4} චෙව වෙජ්ජො{5} කොමාරකො යථා.
522. උබ්බත්තයිත්වා පඨවිං පක්ඛිපි හත්ථපාතියං චිත්තමුඤ්ජං{6} යථා නාම ලුඤ්චි කොමාරකො යුවා.
523. චක්කවාළසමං පාණිං ඡාදයිත්වාන මත්ථකෙ. වස්සාපෙත්වාන ඵුසිතං නානාවණ්ණං පුනප්පුනං.
524. භූමිං උදුක්ඛලං කත්වා ධඤ්ඤං කත්වාන සක්ඛරං සිනෙරු මුසලං කත්වා මද්දි කොමාරිකා යථා.
525. “ධීතා’හං බුද්ධසෙට්ඨස්ස නාමෙනුප්පලසව්හයා අභිඤ්ඤාසු වසීභූතා තව සාසනකාරිකා.
526. නානා විකුබ්බණං කත්වා දස්සෙත්වා ලොකනායකං නාමගොත්තඤ්ච සාවෙත්වා{7} පාදෙ වන්දාමි චක්ඛුම.
527. ඉද්ධියා ච වසී හොමි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොමි මහාමුනෙ.
528. පුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛු විසොධිතං. සබ්බාසවා පරික්ඛීණා{1} නත්ථිදානි පුනබ්භවො.
529. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච ඤාණං මෙ විමලං සුද්ධං පභාවෙන මහෙසිනො.
530. පුරිමානං ජිනග්ගානං සම්මුඛා ච පරම්මුඛා{2} අධිකාරං බහුං මය්හං තුය්හත්ථාය මහාමුනි.
531. යං මයා පූරිතං{3} කම්මං කුසලං සර මෙ{4} මුනි තවත්ථාය මහාවීර පුඤ්ඤං උපචිතං මයා.
532. අභබ්බට්ඨානෙ වජ්ජෙත්වා පරිවජ්ජෙන්තී{5} අනාචාරං{6} තවත්ථාය මහාවීර චත්තං ජීවිතමුත්තමං.
533. දසකොටිසහස්සානි අදාසිං මම{7} ජීවිතං පරිච්චත්තං{8} ච මෙ හොති{9} තවත්ථාය මහාමුනි.”
534. තදාතිවිම්හිතා සබ්බා සිරසාව කතඤ්ජලී අවොච’ය්යෙ කථං ආසි අතුලිද්ධිපරක්කමා.
535. සතසහස්සෙ ඉතො{10} කප්පෙ නාගකඤ්ඤා අහුං{11} තදා විමලා නාම නාමෙන කඤ්ඤානං සාධුසම්මතා.
536. මහොරගො මහානාගො පසන්නො ජිනසාසනෙ පදුමුත්තරං මහාතෙජං නිමන්තෙසි සසාවකං.
537. රතනාමයං{12} මණ්ඩපඤ්ච පල්ලඞ්කං රතනාමයං රතන{13}වාලුකාකිණ්ණං උපභොගං රතනාමයං
538. මග්ගං ච පටියාදෙසි රතනද්ධජභූසිතං පච්චුග්ගන්ත්වාන සම්බුද්ධං වජ්ජන්තො තුරියෙහි{14} සො
539. පරිසාහි චතුහි{1} සො සහිතො{2} ලොකනායකො මහොරගස්ස භවනෙ නිසීදි පරමාසනෙ.
540. අන්නං පානං ඛාදනීයං භොජනීයං{3} මහාරහං වරං වරඤ්ච පාදාසි නාගරාජා මහායසො.{4}
541. භුඤ්ජිත්වාන සම්බුද්ධො පත්තං ධොවිය{5} යොනිසො අනුමොදනීයං’කාසි නාගරඤ්ඤො මහිද්ධිනො.{6}
542. සබ්බඤ්ඤුං ඵුල්ලිතං{7} දිස්වා නාගකඤ්ඤා මහායසා{8} පසන්නා{9} සත්ථුනො චිත්තං සුනිබද්ධඤ්ච මානසං.
543. මමඤ්ච චිත්තමඤ්ඤාය ජලජුත්තමනායකො තස්මිං ඛාණෙ මහාවීරො භික්ඛුනිං දස්සයිද්ධියා.
544. ඉද්ධී අනෙකා දස්සෙසි භික්ඛුනී සා විසාරදා පමොදිතා වෙදජාතා සථොරං ඉදමබ්රවිං.{10}
545. අද්දසාහං ඉමං ඉද්ධිං සුමනායිතරායපි{11} ‘කථං අහොසි සා වීර ඉද්ධියා සුවිසාරදා’?
546. “ඔරසා මුඛතො ජාතා ධීතා මම මහිද්ධිකා මමානුසාසනිකරා ඉද්ධියා සුවිසාරදා.”