352. ස්වාගතං වත නො ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
353. පටිසම්භිදා චතස්සො විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං
354. ඉද්ධීසු ච වසී හොම දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී හොම මහාමුනෙ.
355. පුබ්බෙනිවාසං ජානාම දිබ්බචක්ඛු විසොධිතං සබ්බාසවා පරික්ඛීණා නත්ථිදානි පුනබ්භවො.
356. අත්ථෙ ච ධම්මෙ නෙරුත්තෙ පටිභානෙ ච විජ්ජති ඤාණං අම්හං මහාවීර උප්පන්නං තව සන්තිකෙ.
357. අස්මාහි පරිචිණ්ණො’සි මෙත්තචිත්තාහි නායක අනුජානාහි සබ්බාසං{1} නිබ්බානාය මහාමුනෙ.”
358. “නිබ්බායිස්සාම ඉච්චෙවං කිං වක්ඛාමි වදන්තියො{2} යස්සදානි ච වො කාලං මඤ්ඤාථා”ති ජිනො’බ්රවි.
359. ගොතමී ආදිකා තායො තදා භික්ඛුනියො ජිනං වන්දිත්වා ආසනා තම්හා වුට්ඨාය අගමංසු තා.
360. මහතා ජනකායෙන සහ ලොකග්ගනායකො අනුසංයාසි සො{3} වීරො මාතුච්ඡං යාව කොට්ඨකං.
361. තදා නිපති පාදෙසු ගොතමී ලොකබන්ධුනො සහෙතරාහි{4} සබ්බාහි පච්ඡිමං පාදවන්දනං.
362. “ඉදං පච්ඡිමකං මය්හං ලොකනාථස්ස දස්සනං. න පුනො අමතාකරං පස්සිස්සාමි මුඛං තව.
363. න ච මෙ වන්දනං වීර තව පදෙ සුකොමලෙ සම්ඵුසිස්සාමි ලොකග්ග අජ්ජ ගච්ඡාමි නිබ්බුතිං.
364. රූපෙන කිං තවා’නෙන දිට්ඨෙ ධම්මෙ යථාතථෙ සබ්බං සඞ්ඛතමෙවෙතං අනස්සාසිතමිත්තරං.”
365. සා තාහි සහ{1} ගන්ත්වාන භික්ඛුනූපස්සයං සකං අඩ්ඪපල්ලඞ්කමාභුජ්ජ නිසීදි පරමාසනෙ.
366. තදා උපාසිකා තත්ථ බුද්ධසාසනවච්ඡලා තස්සා පවත්තිං සුත්වාන උපෙසුං පාදවන්දිකා.
367. කරෙහි උරං පහන්ත්වා ඡින්නමූලා යථා ලතා රොදන්තා කරුණං රාවං{2} සොකට්ටා භූමිපාතිකා{3}
368. “මා නො සරණදෙ නාථෙ විහාය ගමි නිබ්බුතිං නිපතිත්වාන යාචාම සබ්බායො සිරසා මයං.”
369. යා පධානතමා තාසං සද්ධා පඤ්ඤා උපාසිකා තස්සා සීසං පමජ්ජන්තී ඉදං වචනමබ්රවි:
370. “අලං පුත්තා විසාදෙන මාරපාසානුවත්තිනා අනිච්චං සඞ්ඛතං සබ්බං වියොගන්තං චලාචලං.”
371. තතො සා තා විස්සජ්ජිත්වා පඨමං ඣානමුත්තමං දුතියං තතියං චාපි සමාපජ්ජි චතුත්ථකං.
372. ආකාසායතනඤ්චෙව විඤ්ඤාණායතනං තථා ආකිඤ්චඤ්ඤං නෙවසඤ්ඤිං සමාපජ්ජි යථාක්කමං.
373. පටිලොමෙන ඣානානි සමාපජ්ජිත්ථ ගොතමී යාවතා පඨමං ඣානං තතො යාව චතුත්ථකං
374. තතො වුට්ඨාය නිබ්බායි දීපචවීව නිරාසනා{4} භූමිචාලො මහා ආසි නභසා විජ්ජුතා පති.
375. පනාදිතා දුන්දුභියො පරිදෙවිංසු දෙවතා පුප්ඵවුට්ඨි ච ගගනා අභිවස්සථ මෙදිනිං.
376. කම්පිතො මෙරුරාජාපි රඞ්ගමජ්ඣෙ යථා නටො සොකෙනෙවාතිදීනො ච{5} විරවො ආසි සාගරො.
377. දෙවා නාගාසුරා බ්රහ්මා සංවිග්ගා’හංසු{1} තඞ්ඛණෙ: ”අනිච්චා වත සඞ්ඛාරා යථායං විලයං ගතා.
378. යා චෙ’මං පරිවාරිංසු සත්ථුසාසනකාරිකා තායො’පි අනුපාදානා දීපච්චී{2} විය නිබ්බුතා.”
379. “හා යොගා විප්පයොගන්තා හා’නිච්චං සබ්බසඞ්ඛතං හා ජීවිතං විනාසන්තං” ඉච්චාසි පරිදෙවනා.
380. තතො දෙවා ච බ්රහ්මා ච ලොකධම්මානුවත්තනං. කාලානුරූපං කුබ්බන්ති උපෙත්වා ඉසිසත්තමං.
381. තදා ආමන්තයී සත්ථා ආනන්දං සුතිසාගරං,{3} ”ගච්ඡානන්ද නිවෙදෙහි භික්ඛූනං මාතුනිබ්බුතිං.”
382. තදා’නන්දො නිරානන්දො අස්සුනා පුණ්ණලොචනො ගග්ගදෙන සරෙනාහ “සමාගච්ඡන්තු භික්ඛවො.
383. පුබ්බදක්ඛිණපච්ඡාසු උත්තරායං වසන්ති යෙ සුණන්තු භාසිතං මය්හං භික්ඛවො සුගතොරසා.
384. යා වඩ්ඪයී පයත්තෙන සරීරං පච්ඡිමං මුනෙ සා ගොතමී ගතා සන්තිං තාරාව සුරියොදයෙ.
385. බුද්ධමාතාති පඤ්ඤත්තිං ඨපයිත්වා ගතා’සමං න යත්ථ පඤ්චනෙත්තොපි ගතං{4} දක්ඛති නායකො.
386. යස්සත්ථි සුගතෙ සද්ධා යො ච පියො{5} මහාමුනෙ. බුද්ධමාතරි{6} සක්කාරං කරොතුං සුගතොරසො.”
387. සුදූරට්ඨාපි තං සුත්වා සීඝමාගඤ්ඡු භික්ඛවො කෙචි බුද්ධානුභාවෙන කෙචි ඉද්ධිසු කොවිදා.
388. කූටාගාරවරෙ රම්මෙ සබ්බසොණ්ණමයෙ සුභෙ මඤ්චකං සමරොපෙසුං{7} යත්ථ සුත්තාසි ගොතමී.
389. චත්තාරො ලොකපාලා තෙ අංසෙහි සමධාරයුං සෙසා සක්කාදයො දෙවා කූටාගාරෙ සමග්ගහුං.
390. කූටාගාරානි සබ්බානි ආසුං පඤ්චසතානිපි{1} සරදාදිච්චවණ්ණානි විස්සකම්මකතානි හි.
391. සබ්බාපි තා{2} භික්ඛුනියො ආසුං මඤ්චෙසු සායිතා දෙවානං ඛන්ධමාරුළ්හා නීය්යන්ති අනුපුබ්බසො.
392. සබ්බසො ඡාදිතං ආසි විතානෙන නභත්ථලං. සතාරා චන්දසුරියා ලඤ්ඡිතා කනකාමයා
393. පතාකා උස්සිතා නෙකා විතතා පුප්ඵකඤ්චුකා ඔගතාකාසපදුමා මහියා පුප්ඵමුග්ගතං.
394. දිස්සන්ති{3} චන්දසුරියා පජ්ජලන්ති ච තාරකා මජ්ඣංගතොපි චාදිච්චො න තාපෙති සසි යථා.
395. දෙවා දිබ්බෙහි ගන්ධෙහි මාලෙහි සුරභීහි ච වාදිතෙහි ච නඡි සඞ්ගීතීහි ච පූජයුං.
396. නාගා සුරා ච බ්රහ්මානො යථාසත්ති{4} යථාබලං පූජයිංසු ච නීයන්තිං නිබ්බුතං බුද්ධමාතරං.
397. සබ්බායො පුරතො නීතා නිබ්බුතා සුගතොරසා ගොතමී නීයතෙ පච්ඡා සක්කතා බුද්ධපොසිතා.
398. පුරතො දෙවමනුජා සනාගා’සුරබ්රහ්මකා පච්ඡා සසාවකො බුද්ධො පූජත්ථං යාති මාතුයා.
399. බුද්ධස්ස පරිනිබ්බානං නෙදිසං ආසි යාදිසං. ගොතමී පරිනිබ්බානං අතීවච්ඡරියං අහු.
400. බුද්ධො බුද්ධස්ස නිබ්බානෙ{5} නොපදිස්සති{6} භික්ඛවො බුද්ධො ගොතමිනිබ්බානෙ සාරිපුත්තාදිකා{7} තථා.
401. චිතකානි කරිත්වාන සබ්බගන්ධමයානි තෙ ගන්ධචුණ්ණාවකිණ්ණානි ඣාපයිංසු ච තා තහිං.
402. සෙසභාගානි ඩය්හිංසු අට්ඨිසෙසානි සබ්බසො ආනන්දො ච තදා’වොච සංවෙගජනනං වචො:
403. “ගොතමී නිධනං යාතා දඩ්ඪං චස්සා{1} සරීරකං සඞ්කෙ හං{2} බුද්ධනිබ්බානං න චිරෙන භවිස්සති.”
404. තතො ගොතමිධාතූනි තස්සා පත්තගතානි සො උපනාමෙසි නාථස්ස ආනන්දො බුද්ධචොදිතො.
405. පාණිනා තානි පග්ගය්හ අවොච ඉසිසත්තමො: “මහතො සාරවන්තසස යථා රුක්ඛස්ස තිට්ඨතො.
406. යො සො මහත්තරො ඛන්ධො පලුජ්ජෙය්ය අනිච්චතා, තථා භික්ඛුනීසඞ්ඝස්ස ගොතමී පරිනිබ්බුතා.
407. අහො අච්ඡරියං මය්හං{3} නිබ්බුතායපි මාතුයා සරීරමත්තසෙසාය නත්ථි සොකපරිද්දවො.
408. න සොචියා පරෙසං සා තිණ්ණසංසාරසාගරා පරිවජ්ජිතසන්තාපා සීතිභූතා සුනිබ්බුතා.
409. පණ්ඩිතාසි මහාපඤ්ඤා පුථුපඤ්ඤා තථෙව ච රත්තඤ්ඤූ භික්ඛුනීනං සා එවං ධාරෙථ{4} භික්ඛවො.
410. ඉද්ධියා ච වසී ආසි දිබ්බාය සොතධාතුයා චෙතොපරියඤාණස්ස වසී ආසි ච ගොතමී.
411. පුබ්බෙනිවාසං අඤ්ඤාසි දිබ්බචක්ඛු විසොධිතං. සබ්බාසවපරික්ඛීණා නත්ථි තස්සා පුනබ්භවො.
412. අත්ථධම්මනිරුත්තීසු පටිභානෙ තථෙව ච පරිසුද්ධං අහූ ඤාණං තස්මා සොචනියා න සා.
413. අයොඝනහතස්සෙව ජලතො ජාතවෙදසො අනුපුබ්බූපසන්තස්ස යථා න ඤායතෙ ගති.
414. එවං සම්මා විමුත්තානං කාමබන්ධොඝතාරිනං පඤ්ඤාපෙතුං ගති නත්ථි පත්තානං අචලං පදං.{5}
415. අත්තදීපා තතො හොථ සතිපට්ඨානගොචරා භාවෙත්වා සත්තබොජ්ඣඞ්ගෙ දුක්ඛස්සන්තං කරිස්සථා’ති.
ඉත්ථං සුදං මහාපජාපති ගොතමී ඉමා ගාථායො අභාසිත්ථාති.
මහාපජාපති ගොතමී ථෙරියාපදානං සත්තමං.
2. 8 ඛෙමාපදානං
416. පදුමුත්තරනාමජිනො සබ්බධම්මෙසු චක්ඛුමා ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
417. තදා’හං හංසවතියං ජාතා සෙට්ඨිකුලෙ අහුං නානාරතනපජ්ජොතෙ මහාසුඛසමප්පිතා.
418. උපෙත්වා තං මහාවීරං අස්සොසිං ධම්මදෙසනං තතො ජාතප්පසාදා’හං උපෙසිං සරණං ජිනං.
419. මාතරං පිතරං චාපි ආයාචිත්වා විනායකං නිමන්තයිත්වා සත්තාහං භොජයිං සහසාවකං.
420. අතික්කන්තෙ ච සත්තාහෙ මහාපඤ්ඤානමුත්තමං. භික්ඛුනිං එතදග්ගම්හි ඨපෙසි නරසාරථි.
421. තං සුත්වා මුදිතා හුත්වා පුනො තස්ස මහෙසිනො කාරං කත්වාන තං ඨානං පණිපච්ච පණිදහිං.
422. තතො මං ස{1} ජිනො ආහ “සිජ්ඣතං පණිධි තව සසංඝෙ මෙ කතං කාරං අප්පමෙය්යඵලං තයා.
423. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලම්හවො ගොතමො නාම ගොත්තෙන{2} සත්ථා ලොකෙ භවිස්සති.
424. තස්ස ධම්මෙසු දායාදා ඔරසා ධම්මනිම්මිතා එතදග්ගං අනුප්පත්තා ඛෙමා නාම භවිස්සසි”.
425. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගා අහං.
426. තතො චුතා යාමමගං තතො’හං තුසිතං ගතා තතො ච නිම්මාණරතිං වසවත්තිපුරං තතො.
427. යත්ථ යත්ථූපපජ්ජාමි තස්ස කම්මස්ස වාහසා තත්ථ තත්ථෙව රාජූනං මහෙසිත්තමකාරයිං.
428. තතො චුතා මනුස්සත්තෙ රාජූනං චක්කවත්තිනං. මණ්ඩලීනඤ්ච රාජූනං මහෙසිත්තමකාරයිං.
429. සම්පත්තිං අනුභොත්වාන දෙවෙසු මනුජෙසු ච සබ්බත්ථ සුඛිතා හුත්වා නෙකකප්පෙසු සංසරිං.
430. එකනවුතෙ ඉතො{1} කප්පෙ විපස්සී ලොකනායකො උප්පජ්ජි චාරුනයනො{2} සබ්බධම්මවිපස්සකො.
431. තමහං ලොකනායකං උපෙත්වා නරසාරථිං. ධම්මං පණීතං සුත්වාන පබ්බජිං අනගාරියං.
432. දසවස්සහස්සානි තස්ස වීරස්ස සාසනෙ බ්රහ්මචරියං චරිත්වාන යුත්තයොගා බහුස්සුතා.
433. පච්චයාකාරකුසලා චතුසච්චවිසාරදා නිපුණා චිත්තකථිකා සත්ථුසාසනකාරිකා.
434. තතො චුතාහං තුසිතං උපපන්නා යසස්සිනී අහිභොසිං තහිං අඤ්ඤෙ බ්රහ්මචරියඵලෙන’හං
435. යත්ථ යත්ථූපපන්නා’හං මහාභොගා මහද්ධනා මෙධාවිනී රූපවතී{3} විනීතපරිසා’පි ච.
436. භවාමි තෙන කම්මෙන යොගෙන ජිනසාසනෙ සබ්බා සම්පත්තියො මය්හං සුලභා මනසො පියා.
437. යොපි මෙ භවතෙ භත්තා යත්ථ යත්ථ ගතායපි විමානෙති න මං කොචි පටිපත්තිඵලෙන මෙ.
438. ඉමස්මිං{4} භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො නාමෙන කොණාගමනො උප්පජ්ජි වදතං වරො.
439. තදාහං{5} බාරාණසියං සුසමිද්ධ{6}කුලප්පජා ධනඤ්ජානි සුමෙධා ච අහම්පි ච තයො ජනා.
440. සඞ්ඝාරාමමදාසිම්හ දානසහායිකා පුරෙ{7} සඞ්ඝස්ස ච විහාරම්පි{8} උද්දිස්ස කාරිකා{9} මයං.
441. තතො චුතා මයං සබ්බා තාවතිංසූපගා අහුං යසසා අග්ගතං පත්තා මනුස්සෙසු තථෙව ච.
442. ඉමස්මිං යෙව කප්පම්හි බ්රහ්මබන්ධු මහායසො කස්සපො නාම ගොත්තෙන{1} උප්පජ්ජි වදතං වරො.
443. උපට්ඨාකො මහෙසිස්ස තදා ආසි නරිස්සරො කාසිරාජා කිකී නාම බාරාණසිපුරුත්තමෙ.
444. තස්සා’සිං ජෙට්ඨිකා ඨිතා සමණී ඉති විස්සුතා ධම්මං සුත්වා ජිනග්ගස්ස පබ්බජ්ජං සමරොචයිං.
445. අනුජානි න නො තාතො අකාරෙව තදා මයං වීසවස්සසහස්සානි විචරිම්හ අතන්දිතා.
446. කොමාරිබ්රහ්මචරියං රාජකඤ්ඤා සුඛෙධිතා ඛුද්ධූපට්ඨානනිරතා මුදිතා සත්ත ධීතරො.
447. සමණී සමණගුත්තා ච භික්ඛුනී භික්ඛුදාසිකා{2} ධම්මා චෙව සුධම්මා ච සත්තමී සඞ්ඝදාසිකා{3}
448. අහං උප්පලවණ්ණා ච පටාචාරා ච කුණ්ඩලා කිසාගොතමී ධම්මදින්නා විසාඛා හොති සත්තමී.