Apadāna

Legendary Lives

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

පෙන්වන කොටස් 8101-8200 න් 9840

6197. නිපච්ච පාදමූලෙහං ඉමං වචනමබ්රවිං, කුලප්පසාදකානග්ගො යො තයා සන්ථුතො{3} මුනෙ.
6198. තාදිසො හොමහං වීර{4} බුද්ධසෙට්ඨස්ස සාසනෙ, තදා මහාකාරුණිකො සිඤ්චන්තො’වාමතෙන මං. -
6199. ආහ මං පුත්ත උත්තිට්ඨ ලච්ඡසෙ තං මනොරථං, කථං නාම ජිනෙ කාරං කත්වාන විඵලො සියා.
6200. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුසලම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
6201. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, උදායි නාම නාමෙන හෙස්සති සත්ථු සාවකො.
6202. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, මෙත්තචිත්තො පරිචරිං පච්චයෙහි විනායකං.
6203. තෙන කම්මවිපාකෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
6204. පච්ඡිමෙ ච භවෙ’දානි රම්මෙ කාපිලවත්ථවෙ, ජාතො මහාමච්චකුලෙ සුද්ධොදනමහීපතෙ.
6205. යදා අජායි සිද්ධත්ථො රම්මෙ ලුම්බිනිකානනෙ, හිතාය සබ්බලොකස්ස සුඛාය ච නරාසභො.
6206. තදහෙව අහං ජාතො සහ තෙනෙව වඩ්ඪිතො, පියො සහායො දයිතො වියත්තො නීතිකොවිදො.
6207. එකූනතිංසො වයසා නික්ඛන්තො පබ්බජිත්ථ සො,{1} ඡබ්බස්සං වීතිනාමෙත්වා බුද්ධො ආසි විනායකො.
6208. ජෙත්වා සසෙනකං මාරං ඛෙපයිත්වාන ආසවෙ, භවණ්ණවං තරිත්වාන ආසි බුද්ධො සදෙවකෙ.{2}
6209. ඉසිව්හයං ගමිත්වාන{3} විනෙත්වා පඤ්චවග්ගියෙ, තතො විනෙසි භගවා ගන්ත්වා ගන්ත්වා තහිං තහිං.
6210. වෙනෙය්යෙ විනයන්තො සො සංගණහන්තො සදෙවකං, උපෙච්ච මාගධගිරිං{4} විහරිත්ථ තදා ජිනො.
6211. තදා සුද්ධොදනෙනාහං භූමිපාලෙන පෙසිතො, ගන්ත්වා දිස්වා දසබලං පබ්බජිත්වා’රහා අහුං.
6212. තදා මහෙසිං යාචිත්වා පාපයිං කපිලව්හයං, තතො පුරාහං ගන්ත්වාන පසාදෙසිං මහාකුලං.
6213. ජිනො තස්මිං ගුණෙ තුට්ඨො මං මහාපරිසාය සො,{5} කුලප්පසාදකානග්ගං පඤ්ඤාපෙසි විනායකො.
6214. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6215. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6216. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා කාළුදායි ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
කාළුදායිත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
547. අභයත්ථෙරාපදානං
6217. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
6218. සරණගමනෙ කඤ්චි{6} නිවෙසෙති තථාගතො, කඤ්චි සීලෙ නිවෙසෙති දසකම්මපථුත්තමෙ.
6219. දෙති කස්සචි සො වීරො සාමඤ්ඤඵලමුත්තමං, සමාපත්ති තථා අට්ඨ තිස්සො විජ්ජා පවෙච්ඡති.{1}
6220. ඡළභිඤ්ඤාසු යොජෙති කඤ්චි සත්තං නරුත්තමො, දෙති කස්සචි සො නාථො චතස්සො පටිසම්භිදා.
6221. බොධනෙය්යං පජං දිස්වා අසඞ්ඛෙය්යෙ පි යොජනෙ,{2} ඛණෙන උපගන්ත්වාන විනෙති නරසාරථි.
6222. තදාහං හංසවතියං අහොසිං බ්රාහ්මණත්රජො, පාරගූ සබ්බවෙදානං වෙය්යාකරණසම්මතො.
6223. නිරුත්තියා ච කුසලො නිඝණ්ටුම්හි විසාරදො, පදකො කෙටුභවිදූ ඡන්දොවිචිතිකොවිදො.
6224. ජඞ්ඝාවිහාරං විවරං හංසාරාමමුපෙච්චහං, අද්දසං වදතං සෙට්ඨං{3} මහාජනපුරක්ඛතං.
6225. දෙසෙන්තං විරජං ධම්මං පච්චනීකමතී අහං, උපෙත්වා තස්ස වාක්යානි සුත්වාන විමලානහං.{4}
6226. ව්යාහටං{5} පුනරුත්තං වා අපත්ථං වා නිරත්ථකං, නාද්දසං තස්ස මුනිනො තතො පබ්බජිතො අහං.
6227. න චිරෙනෙව කාලෙන සබ්බසත්ථවිසාරදො, නිපුණො බුද්ධවචනෙ අහොසිං ගණිසම්මතො.
6228. තදා චතස්සො ගාථායො ගන්ථයිත්වා සුව්යඤ්ජනා, සන්ථවිත්වා තිලොකග්ගං දෙසයිස්සං දිනෙ දිනෙ.
6229. විරත්තොසි මහාවීර සංසාරෙ සභයෙ වසං, කරුණාය න නිබ්බායි තතො කාරුණිකො මුනි.
6230. පුථුජ්ජනොව යො සන්තො න කිලෙසවසො අහු, සම්පජානො සතියුත්තො තස්මා එසො අචින්තියො.
6231. දුබ්බලානි කිලෙසානි යස්සාසයගතානිමෙ, ඤාණග්ගිපරිදඩ්ඪානි න ඛීයිංසු තදබ්භුතං{1}.
6232. යො සබ්බලොකස්ස ගරු ලොකො යස්ස තථා ගරු, තථාපි ලොකාචරියො ලොකො තස්සානුවත්තකො.
6233. එවමාදීහි සම්බුද්ධං කිත්තයං ධම්මදෙසනං, යාවජීවං කරිත්වාන ගතො සග්ගං තතො චුතො.
6234. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
6235. දෙවලොකෙ මහාරජ්ජං රජ්ජා පාදෙසිකං ච යං,{2} චක්කවත්තීමහාරජ්ජං බහුසො’නුභවිං අහං.
6236. දුවෙ භවෙ පජායාමි දෙවත්තෙ අථ මානුසෙ, අඤ්ඤං ගතිං න ජානාමි කිත්තනාය ඉදං ඵලං.
6237. දුවෙ කුලෙ පජායාමි ඛත්තියෙ අථ බ්රාහ්මණෙ, නීචෙ කුලෙ න ජායාමි කිත්තනාය ඉදං ඵලං.
6238. පච්ඡිමෙ ච භවෙ’ දානි ගිරිබ්බජපුරුත්තමෙ, රඤ්ඤොහං බිම්බිසාරස්ස පුත්තො නාමෙන චාභයො.
6239. පාපමිත්තවසං ගන්ත්වා නිගණ්ඨෙන විමොහිතො, පෙසිතො නාතපුත්තෙන{3} බුද්ධසෙට්ඨං උපෙච්චහං.
6240. පුච්ඡිත්වා නිපුණං පඤ්හං සුත්වා ව්යාකරණුත්තමං, පබ්බජිත්වාන නචිරං අරහත්තමපාපුණිං.
6241. කිත්තයිත්වා ජිනවරං කිත්තිතො හොමි සබ්බදා, සුගන්ධදෙහවදනො ආසිං සුඛසමප්පිතො.
6242. තික්ඛ හාසු ලහුපඤ්ඤො{4} මහාපඤ්ඤො තථෙවහං, විචිත්තපටිභානො ච තස්ස කම්මස්ස වාහසා.
6243. අභිත්ථවිත්වා පදුමුත්තරාඛ්යං{5} පසන්නචිත්තො අසමං සයම්භූං, න ගච්ඡි කප්පානි අපායභුමිං සතං සහස්සානි ඵලෙන තස්ස.
6244. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6245. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6246. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා අභයත්ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
අභයත්ථෙරස්ස අපදානං සත්තමං.
548. ලොමසකඞ්ගියත්ථෙරාපදානං
6247. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන{1} උප්පජ්ජී වදතං වරො.
6248. තදාහං චන්දනො චෙව පබ්බජිත්වාන සාසනෙ, ආපාණකොටිකං ධම්මං පූරයිත්වාන සාසනෙ-
6249. තතො චුතා සන්තුසිතං උපපන්නා උභො මයං. තත්ථ දිබ්බෙහි නච්චෙහි ගීතෙහි වාදිතෙහි ච-
6250. රූපාදිදසහඞ්ගෙහි අභිභොත්වාන සෙසකෙ, යාවතායුං වසිත්වාන අනුභොත්වා මහාසුඛං-
6251. තතො චවිත්වා තිදසං චන්දනො උපපජ්ජථ, අහං කපිලවත්ථුස්මිං අහොසිං{2} සාකියත්රජො.
6252. යදා උදායිථෙරෙන අජ්ඣිට්ඨො ලොකනායකො, අනුකම්පිය සක්යානං උපෙසි කපිලව්හයං.
6253. තදාතිමානිනො සක්යා න බුද්ධස්ස ගුණඤ්ඤුනො, පනමන්ති න සම්බුද්ධං ජාතිත්ථද්ධා අනාදරා.
6254. තෙසං සඞ්කප්පමඤ්ඤාය ආකාසෙ චඞ්කමී ජිනො, පජ්ජුන්නො විය වස්සිත්ථ පජ්ජලිත්ථ යථා සීඛි.
6255. දස්සෙත්වා රූපමතුලං පුන අන්තරධායථ, එකොපි හුත්වා බහුධා අහොසි පුනරෙකකො.
6256. අන්ධකාරං පකාසං ච දස්සයිත්වා අනෙකධා, පාටිහීරං{3} කරිත්වාන විනයී ඤාතකෙ මුනි.
6257. චාතුද්දීපො මහාමෙඝො තාවදෙ සම්පවස්සථ,{1} තදා හි ජාතකං බුද්ධො වෙස්සන්තරමදෙසයි.
6258. තදා තෙ ඛත්තියා සබ්බෙ නිහන්ත්වා ජාතිජං මදං, උපෙසුං සරණං බුද්ධං - ආහ සුද්ධොදනො තදා:
6259. ඉදං තතියං තව භූරිපඤ්ඤ පාදානි වන්දාමි සමන්තචක්ඛු, යදා’භිජාතො පඨවිං{2} පකම්පයි යදා ච තං නජ්ජහි ජම්බුඡායා.
6260. තදා බුද්ධානුභාවං තං දිස්වා විම්හිතමානසො, පබ්බජිත්වාන තත්ථෙව නිවසිං මාතුපූජකො.
6261. චන්දනො දෙවපුත්තො මං උපගන්ත්වාන’පුච්ඡථ, භද්දෙකරත්තස්ස තදා සංඛෙපවිත්ථාරනයං{3}.
6262. චොදිතොහං තදා තෙන උපෙච්ච නරනායකං, භද්දෙකරත්තං සුත්වාන සංවිග්ගො වනමාමකො.
6263. තදා මාතරමාපුච්ඡිං{4} වනෙ වච්ඡාමි එකකො, සුඛුමාලොති මෙ මාතා වාරයි තං තදා’වචං:
6264. දබ්බං කුසං{5} පොටකිලං උසීරං මුඤ්ජබබ්බජං{6}, උරසා පනුදිස්සාමි විවෙකමනුබ්රූහයං.
6265. තදා වනං පවිට්ඨොහං සරිත්වා ජිනසාසනං, භද්දෙකරත්තඔවාදං අරහත්තමපාපුණිං.
6266. අතීතං නාන්වාගමෙය්ය නප්පටිකංඛෙ අනාගතං, යදතීතං පහීනං තං අප්පත්තඤ්ච අනාගතං.
6267. පච්චුප්පන්නඤ්ච යො ධම්මං තත්ථ තත්ථ විපස්සති, අසංහීරං අසංකුප්පං තං විද්වා අනුබ්රූහයෙ.
6268. අජ්ජෙව කිච්චං ආතප්පං කො ජඤ්ඤා මරණං සුවෙ, න හි නො සංගරං තෙන මහාසෙනෙන මච්චුනා.
6269. එවං විහරමාතාපී{1} අහොරත්තමතන්දිතං, තං වෙ භද්දෙකරත්තොති සන්තො ආචික්ඛතෙ මුනි.
6270. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමී අනාසවො.
6271. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6272. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා ලොමසකඞ්ගියො{2} ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
ලොමසකඞ්ගියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
549. වනවච්ඡත්ථෙරාපදානං
6273. ඉමම්හි භද්දකෙ කප්පෙ බ්රහ්මබන්ධු මහායසො, කස්සපො නාම නාමෙන{3} උප්පජ්ජි වදතංවරො.
6274. තදාහං පබ්බජිත්වාන තස්ස බුද්ධස්ස සාසනෙ, යාවජීවං චරිත්වාන බ්රහ්මචරියං තතො චුතො.
6275. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
6276. තතො චුතො අරඤ්ඤම්හි කපොතො ආසහං තහිං, වසතෙ ගුණසම්පන්නො භික්ඛු ඣානරතො සදා -
6277. මෙත්තචිත්තො කාරුණිකො සදා පමුදිතානනො, උපෙක්ඛකො මහාවීරො අප්පමඤ්ඤාසු කොවිදො.
6278. විනීවරණසඞ්කප්පෙ සබ්බසත්තහිතාසයෙ, විස්සත්ථො{4} නචිරෙනාසිං තස්මිං සුගතසාවකෙ.
6279. උපෙච්ච පාදමූලම්හි නිසින්නස්ස තදා ස මෙ,{5} කදාචි ආමිසං දෙති ධම්මං දෙසෙති චෙකදා
6280. තදා විපුලපෙමෙත උපාසිත්වා ජිනත්රජං, තතො චුතො ගතො සග්ගං පවාසා{1} සඝරං යථා.
6281. සග්ගා චුතො මනුස්සෙසු නිබ්බත්තො පුඤ්ඤකම්මුනා, අගාරං ඡඩ්ඩයිත්වාන පබ්බජිං ලහුසො අහං.
6282. සමණො තාපසො විප්පො පරිබ්බාජො තථෙවහං, හුත්වා වාසිං අරඤ්ඤම්හි අනෙකසතසො අහං.
6283. පච්ඡිමෙ ච භවෙ දානි රම්මෙ කාපිලවත්ථවෙ{2}, වච්ඡගොත්තො ද්විජො{3} තස්ස ජායාය අහමොක්කමිං.
6284. මාතු මෙ දොහළො ආසි තිරොකුච්ඡිගතස්ස මෙ, ජායමානසමීපම්හි වනවාසාය නිච්ඡයො.
6285. තතො මෙ අජනී මාතා රමනීයෙ වනන්තරෙ, ගබ්භතො නික්ඛමන්තං මං කාසායෙන පටිග්ගහුං.
6286. තතො කුමාරො සිද්ධත්ථො ජාතො සක්යකුලද්ධජො, තස්ස මිත්තො පියො ආසිං සංවිස්සත්ථො සුමානියො.
6287. සත්තසාරෙ’භිනික්ඛන්තෙ ඔහාය විපුලං යසං, අහම්පි පබ්බජිත්වාන හිමවන්තමුපාගමිං.