6107. උපජ්ඣා{5} සාරිපුත්තො මෙ මොග්ගල්ලානො මහිද්ධිකො, කෙසෙ ඔරොපයන්තො මෙ අනුසාසි මහාමති.
6108. කෙසෙසු ඡිජ්ජමානෙසු අරහත්තමපාපුණිං, දෙවා නාගා මනුස්සා ච පච්චයෙ උපනෙන්ති මෙ.
6109. පදුමුත්තරනාථඤ්ච විපස්සිඤ්ච විනායකං, යං පූජයිං පමුදිතො පච්චයෙහි විසෙසතො.
6110. තතො තෙසං විසෙසෙන{1} කම්මානං විපුලුත්තමං, ලාභං ලභාමි සබ්බත්ථ වනෙ ගාමෙ ජලෙ ථලෙ.
6111. රෙවතං දස්සනත්ථාය යදා යාති විනායකො, තිංසභික්ඛුසහස්සෙහි සහ ලොකග්ගනායකො.
6112. තදා දෙවොපනීතෙහි මමත්ථාය මහාමති, පච්චයෙහි මහාවීරො සසඞ්ඝො ලොකනායකො.
6113. උපට්ඨිතො මයා බුද්ධො ගන්ත්වා රෙවතමද්දස, තතො ජෙතවනං ගන්ත්වා එතදග්ගෙ ඨපෙසි මං.
6114. ලාභීනං සීවලී අග්ගො මම සිස්සෙසු භික්ඛවො, සබ්බලොකහිතො සත්ථා කිත්තයී පරිසාසු මං.
6115. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6116. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6117. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා සීවලී ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සීවලිත්ථෙරස්ස අපදානං තතියං.
544. වඞ්ගීසත්ථෙරාපදානං
6118. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
6119. යථාපි සාගරෙ ඌමි ගගනෙ විය තාරකා, එවං පාවචනං තස්ස අරහන්තෙහි චිත්තිතං.
6120. ස දෙවාසුරනාගෙහි මනුජෙහි පුරක්ඛතො, සමණබ්රාහ්මණාකිණ්ණෙ ජනමජ්ඣෙ ජනුත්තමො.
6121. පභාභි අනුරඤ්ජෙන්තො{2} ලොකං{3} ලොකන්තගූ ජිනො, වචනෙන විබොධෙන්තො වෙනෙය්යපදුමානි සො.
6122. වෙසාරජ්ජෙහි සම්පන්නො චතූහි පුරිසුත්තමො, පහීනභයසාරජ්ජො ඛෙමප්පත්තො විසාරදො.
6123. ආසභං පවරං ඨානං බුද්ධභුමිං ච කෙවලං, පටිජානාති ලොකග්ගො නත්ථි සඤ්චොදකො ක්වචි.
6124. සීහනාදමසම්භීතං නදතො තස්ස තාදිනො, දෙවො නරො වා බ්රහ්මා වා පටිවත්තා න විජ්ජති.
6125. දෙසෙන්තො පවරං ධම්මං සන්තාරෙන්තො සදෙවකං, ධම්මචක්කං පවත්තෙති පරිසාසු විසාරදො.
6126. පටිභානවතං අග්ගං සාවකං සාධුසම්මතං, ගුණං බහුං පකිත්තෙත්වා එතදග්ගෙ ඨපෙසි තං.
6127. තදාහං හංසවතියං බ්රාහ්මණො සාධුසම්මතො, සබ්බවෙදවිදූ ජාතො වඞ්ගීසො{1} වාදිසූදනො.
6128. උපෙච්ච තං මහාවීරං සුත්වා තං ධම්මදෙසනං, පීතිවරං පටිලභිං සාවකස්ස ගුණෙ රතො.
6129. නිමන්තයිත්වා{2} සුගතං සසඞ්ඝං ලොකනන්දනං, සත්තාහං භොජයිත්වාහං දුස්සෙහච්ඡාදයිං තදා.
6130. නිපච්ච සිරසා පාදෙ කතොකාසො කතඤ්ජලී, එකමන්තං ඨිතො හට්ඨො සන්ථවිං ජිනමුත්තමං:
6131. “නමො තෙ වාදිසද්දූල{3} නමො තෙ පුරිසුත්තම,{4} නමො තෙ සබ්බලොකග්ග නමො තෙ අභයඞ්කර.
6132. නමො තෙ මාරමථන නමො තෙ දිට්ඨිසූදන, නමො තෙ සන්තිසුඛද නමො තෙ සරණඞ්කර.
6133. අනාථානං භවං නාථො භීතානං අභයප්පදො, විස්සාමභූමි{5} සත්තානං සරණං සරණෙසිනං.
6134. එවමාදීහි සම්බුද්ධං සන්ථවිත්වා මහාගුණං, අවොචං වාදිසූරස්ස{1} ගතිං පප්පොමි භික්ඛුනො.
6135. තදා අවොච භගවා අනන්තපටිභානවා, යො සො බුද්ධං අභොජෙසි සත්තාහං සහ සාවකං.
6136. ගුණං ච මෙ පකිත්තෙසි පසන්නො සෙහි පාණිහි, එසො පත්ථයතෙ ඨානං වාදිසූරස්ස භික්ඛුනො.
6137. අනාගතම්හි අද්ධානෙ ලච්ඡතෙ තං මනොරථං, දෙවමානුසසම්පත්තිං අනුභොත්වා අනප්පකං.
6138. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
6139. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, වඞ්ගීසො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
6140. තං සුත්වා මුදිතො හුත්වා යාවජීවං තදා ජිනං, පච්චයෙහි උපට්ඨාසි මෙත්තචිත්තො තථාගතං.
6141. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තුසිතං{2} අගමාසහං.
6142. පච්ඡිමෙ ච භවෙදානි පරිබ්බාජකුලෙ{3} අහං, පච්චාජාතො යදා ආසිං ජාතියා සත්තවස්සිකො.
6143. සබ්බවෙදවිදූ ජාතො වාදසත්ථවිසාරදො, වාදිස්සරො චිත්තකථී පරවාදප්පමද්දනො.
6144. වඞ්ගෙ ජාතො’ති වඞ්ගීසො වචනෙ ඉස්සරොති වා, වඞ්ගීසො ඉති මෙ නාමං අභවී ලොකසම්මතං.
6145. යදාහං විඤ්ඤුතං පත්තො ඨිතො පඨමයොබ්බනෙ, තදා රාජගහෙ රම්මෙ සාරිපුත්තමථද්දසං{4}.
පඤ්චවිසතිමං භාණවාරං.
6146. පිණ්ඩාය විචරන්තං තං පත්තපාණිං සුසංවුතං, අලොලක්ඛිං මිතභාණිං යුගමත්තනිරික්ඛකං.{5}
6147. තං දිස්වා විම්හිතො හුත්වා අවොචං මනනුච්ඡවං{1}. ඛණිකං ඨානරචිතං{2} චිත්තං ගාථාපදං අහං.
6148. ආචික්ඛි සො මෙ සත්ථාරං සම්බුද්ධං ලොකනායකං, තදා සො පණ්ඩිතො වීරො උත්තරං{3} සමවොච මෙ.
6149. විරාගසංහිතං වාක්යං කත්වා දුද්දසමුත්තමං, විචිත්තපටිභානෙහි තොසිතො තෙන තාදිනා, නිපච්ච සිරසා පාදෙ පබ්බාජෙහීති මං බ්රවිං.
6150. තතො මං ස මහාපඤ්ඤො බුද්ධසෙට්ඨමුපානයි, නිපච්ච සිරසා පාදෙ නිසීදිං සත්ථු සන්තිකෙ.
6151. මමාහ වදතං සෙට්ඨො කච්චි වඞ්ගීස ජානසි,{4} කිඤ්චි සිප්පන්ති තස්සාහං ජානාමි ති ච අබ්රවිං.{5}
6152. මතසීසං වනච්ඡුද්ධං අපි බාරසවස්සිකං, තව විජ්ජාවිසෙසෙන සචෙ සක්කොසි භාසය.{6}
6153. ආමාති මෙ පටිඤ්ඤාතෙ තීණි සීසානි දස්සයී. නිරය නර දෙවෙසු උපපන්නෙ අවාචයිං.
6154. තදා පච්චෙකබුද්ධස්ස{7} සිරං දස්සෙසි නායකො, තතොහං විහතාරම්භො පබ්බජ්ජං සමයාචිසං.
6155. පබ්බජිත්වාන සුගතං සන්ථවාමි තහිං තහිං, තතො මං කබ්බවීත්තොති{8} උජ්ඣායන්තිහ භික්ඛවො.
6156. තතො විමංසනත්ථං මෙ ආහ බුද්ධො විනායකො, තක්කිතා පනිමා ගාථා ඨානසො පටිභන්ති වා
6157. න කබ්බවිත්තොහං වීර ඨානසො පටිභන්ති මං,{9} තෙන හි දානි වඞ්ගීස ඨානසො සන්ථවාහි මං.
6158. තදාහං සන්ථවිං වීරං ගාථාහි ඉසිසත්තමං, ඨානාසො මෙ තදා තුට්ඨො ජිනො අග්ගෙ ඨපෙසි මං.
6159. පටිභානෙන චිත්තෙන අඤ්ඤෙ සමතිමඤ්ඤහං, පෙසලෙ තෙන සංවිග්ගො අරහත්තමපාපුණිං.
6160. පටිහානවතං අග්ගො අඤ්ඤො කොචි න විජ්ජති, යථායං භික්ඛු වඞ්ගීසො එවං ධාරෙථ භික්ඛවො.
6161. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං{1}.
6162. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6163. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6164. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා වඞ්ගීසො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
වඞ්ගීසත්ථෙරස්ස අපදානං චතුත්ථං.
545. නන්දකත්ථෙරාපදානං
6165. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
6166. හිතාය සබ්බසත්තානං සුඛාය වදතං වරො, අත්ථාය පුරිසාජඤ්ඤො පටිපන්නො සදෙවකෙ.
6167. යසග්ගප්පත්තො සිරිමා කිත්තිවණ්ණභතො{2} ජිනො, පූජිතො සබ්බලොකස්ස දිසාසබ්බාසු විස්සුතො.
6168. උත්තිණ්ණවිචිකිච්ඡො සො වීතිවත්තකථංකථො, පරිපුණ්ණමනසංකප්පො පත්තො සම්බොධිමුත්තමං.
6169. අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා නරුත්තමො, අනක්ඛාතඤ්ච අක්ඛාසි අසඤ්ජාතං ච සඤ්ජනී.
6170. මග්ගඤ්ඤූ සො මග්ගවිදූ{1} මග්ගක්ඛායී නාරාසභො, මග්ගස්ස කුසලො සත්ථා සාරථීනං වරුත්තමො.
6171. තදා මහාකාරුණිකො ධම්මං දෙසෙති{2} නායකො, නිමුග්ගෙ මොහපඞ්කම්හි{3} සමුද්ධරති පාණිනො{4}.
6172. භික්ඛුනීනං ඔවදනෙ සාවකං සෙට්ඨසම්මතං, වණ්ණයං එතදග්ගම්හි පඤ්ඤාපෙසි මහාමුනි.
6173. තං සුත්වාහං පමුදිතො නිමන්තෙත්වා තථාගතං, භොජයිත්වා සසඞ්ඝං තං පත්ථයිං ඨානමුත්තමං.
6174. තදා පමුදිතො නාථො මං අවොච මහාඉසි, සුඛී භවස්සු දීඝායු{5} ලච්ඡසෙ තං මනොරථං.
6175. සතසහස්සෙ ඉතො කප්පෙ ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන සත්ථා ලොකෙ භවිස්සති.
6176. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, නන්දකො නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
6177. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසූපගො අහං.
6178. පච්ඡිමෙ ච භවෙ’දානි ජාතො සෙට්ඨිකුලෙ අහං, සාවත්ථියං පුරවරෙ{6} ඉද්ධෙ ඵීතෙ මහද්ධනෙ.
6179. පුරප්පවෙසෙ සුගතං දිස්වා විම්හිතමානසො, ජෙතාරාමපටිග්ගාහෙ පබ්බජිං අනගාරියං.
6180. න චිරෙනෙව කාලෙන අරහත්තමපාපුණිං, තතොහං තිණ්ණසංසාරො සාසිතො සබ්බදස්සිනා.
6181. භික්ඛුනීනං ධම්මකථං පටිපුච්ඡා කරිං අහං, සාසිතා තා මයා සබ්බා අභවිංසු අනාසවා.
6182. සතානි පඤ්චනූනානි තදා තුට්ඨො මහාහිතො, භික්ඛුනීනං ඔවදතං අග්ගට්ඨානෙ ඨපෙසි මං.
6183. සතසහස්සෙ කතං කම්මං ඵලං දස්සෙසි මෙ ඉධ, සුමුත්තො සරවෙගොව කිලෙසෙ ඣාපයිං අහං.
6184. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
6185. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
6186. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා නන්දකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
නන්දකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
546. කාළුදායිත්ථෙරාපදානං
6187. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මෙසු චක්ඛුමා, ඉතො සතසහස්සම්හි කප්පෙ උප්පජ්ජි නායකො.
6188. නායකානං වරො සත්ථා ගුණාගුණවිදූ ජිනො, කතඤ්ඤූ කතවෙදී ච තිත්ථෙ යොජෙති පාණිනො{2}
6189. සබ්බඤ්ඤුතෙන ඤාණෙන තුලයිත්වා දයාසයො, දෙසෙති පවරං ධම්මං අනන්තගුණසඤ්චයො.
6190. ස කදාචි මහාවීරො අනන්තජනසංසදි{3}, දෙසෙති මධුරං ධම්මං චතුසච්චුපසංහිතං.
6191. සුත්වාන තං ධම්මවරං ආදිමජ්ඣන්තසොභනං, පාණසතසහස්සානං ධම්මාභිසමයො අහු.
6192. නින්නාදිතා තදා භූමී ගජ්ජිංසු ච පයොධරා, සාධුකාරං පවත්තෙසුං{1} දෙවබ්රහ්මනරාසුරා.
6193. අහො කාරුණිකො සත්ථා අහො සද්ධම්මදෙසනා, අහො භවසමුද්දම්හි නිමුග්ගෙ උද්ධරී ජිනො.
6194. එවං පවෙදජාතෙසු{2} සනරාමරබ්රහ්මසු, කුලප්පසාදකානග්ගං සාවකං වණ්ණයී ජිනො.
6195. තදාහං හංසවතියං ජාතොමච්චකුලෙ අහුං, පාසාදිකො දස්සනීයො පහූතධනධඤ්ඤවා.
6196. හංසාරාම මුපෙච්චාහං වන්දිත්වා තං තථාගතං, සුණිත්වා මධුරං ධම්මං කාරං කත්වා ච තාදිනො.