Apadāna

Legendary Lives

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

පෙන්වන කොටස් 6801-6900 න් 9840

5114. පත්ථරිත්වාජිනචම්මං අදාසිං සත්ථුනො අහං, නිසීදි තත්ථ භගවා සීහොව ගිරිගබ්භරෙ.
5115. ඛිප්පං පබ්බතමාරුය්හ අම්බස්ස ඵලමග්ගහිං, සාලකල්යාණිකං පුප්ඵං චන්දනං ච මහාරහං.
5116. ඛිප්පං පග්ගය්හ තං සබ්බං උපෙත්වා ලොකනායකං, ඵලං බුද්ධස්ස දත්වාන සාලපුප්ඵමපූජයිං.
5117. චන්දනං අනුලිම්පිත්වා අවන්දිං සත්ථුනො අහං, පසන්නචිත්තො සුමනො විපුලාය ච පීතියා.
5118. අජිනම්හි නිසීදිත්වා සුමෙධො ලොකනායකො, මම කම්මං පකිත්තෙසි හංසයන්තො{1} මමං තදා:
5119. “ඉමිනා ඵලදානෙන ගන්ධමාලෙහි චූභයං, පඤ්චවීසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති. අනූනමනසංකප්පො වසවත්තී භවිස්සති.
5120. ඡබ්බීසතිකප්පසතෙ මනුස්සත්තං ගමිස්සති. භවිස්සති චක්කවත්තී චාතුරන්තො මහිද්ධිකො.
5121. වෙභාරං නාම නගරං විස්සකම්මෙන මාපිතං. හෙස්සති සබ්බසොවණ්ණං නානාරතනභූසිතං,
5122. එතෙනෙව උපායෙන සංසරිස්සති සො භවෙ. සබ්බත්ථ පූජිතො හුත්වා දෙවත්තෙ අථ මානුසෙ. පච්ඡිමෙ{2} භවෙ සම්පත්තෙ බ්රහ්මබන්ධු භවිස්සති.
5123. අගාරා අභිනික්ඛම්ම අනගාරී භවිස්සති, අභිඤ්ඤාපාරගූ හුත්වා නිබ්බායිස්සතනාසවො{3}.”
5124. ඉදං වත්වාන සම්බුද්ධො සුමෙධො ලොකනායකො, මම නිජ්ඣායමානස්ස පක්කාමි අනිලඤ්ජසෙ.
5125. තෙන කම්මෙන සුකතෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං තාවතිංසමගච්ඡහං.
5126. තුසිතාතො{1} චවිත්වාන නිබ්බත්තිං මාතුකුච්ඡියං, භොගෙ මෙ ඌනතා නත්ථි යම්හි ගබ්භෙ වසාමහං.
5127. මාතුකුච්ඡිගතෙ මය්හං{2} අන්නං{3} පානඤ්ච භොජනං, මාතුයා මම ඡන්දෙන නිබ්බත්තති යදිච්ඡකං.
5128. ජාතියා පඤ්චවස්සෙන පබ්බජිං අනගාරියං, ඔරොපිතම්හි කෙසම්හි අරහත්තමපාපුණිං.
5129. පුබ්බකම්මං ගවෙසන්තො ඔරෙන නාද්දසං අහං, තිසකප්පසහස්සම්හි මම කම්මං අනුස්සරිං.
5130. නමො තෙ පුරිසාජඤ්ඤ නමො තෙ පුරිසුත්තම, තව සාසනමාගම්ම පත්තොම්හි අචලං පදං.
5131. තිංසකප්පසහස්සම්හි යං බුද්ධමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
5132. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5133. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5134. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා චන්දනමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
චන්දනමාලියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
486. ධාතුපූජකත්ථෙරාපදානං
5135. නිබ්බුතෙ ලොකනාථම්හි සිද්ධත්ථෙ ලොකනායකෙ, මම ඤාතී සමානෙත්වා ධාතුපූජං අකාසහං.
5136. චතුනවුතෙ ඉතො කප්පෙ යං ධාතුමභිපූජයිං, දුග්ගතිං නාභිජානාමි ධාතුපූජායිදං ඵලං.
5137. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5138. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5139. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා ධාතුපූජකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
ධාතුපූජකත්ථෙරස්ස අපදානං ඡට්ඨං.
487. පුලිනුප්පාදකත්ථෙරාපදානං
5140. පබ්බතෙ හිමවන්තම්හි දෙවළො නාම තාපසො, තත්ථ මෙ චඞ්කමො ආසි අමනුස්සෙහි මාපිතො.
5141. ජටාභාරෙන{1} භරිතො කමණ්ඩලුධරො තදා, උත්තමත්ථං ගවෙසන්තො පවනා අභිනික්ඛමිං.{2}
5142. චුල්ලාසීතිසහස්සානි සිස්සා මය්හං උපට්ඨහුං, සකකම්මාභිපසුතා වසන්ති පවනෙ{3} තදා.
5143. අස්සමා අභිනික්ඛම්ම අකං පුලිනචෙතියං, නානාපුප්ඵං සමානෙත්වා තං චෙතියමපූජයිං.
5144. තත්ථ චිත්තං පසාදෙත්වා අස්සමං පවිසාමහං, සබ්බෙ සිස්සා සමාගන්ත්වා එතමත්ථමපුච්ඡු මං{4}.
5145. “පුලිනෙන කතෙ ථූපෙ{5} යං ත්වං දෙවං{6} නමස්සසි, මයම්පි ඤාතුමිච්ඡාම පුට්ඨො ආචික්ඛ නො තුවං”
5146. නිද්දිට්ඨා නො{7} මන්තපදෙ චක්ඛුමන්තො මහායස, තෙ ඛො අහං නමස්සාමි බුද්ධසෙට්ඨෙ මහායසෙ.
5147. “කීදිසා තෙ මහාවීරා සබ්බඤ්ඤූ ලොකනායකා, කථං වණ්ණා කථං සීලා කීදිසා තෙ මහායසා?”
5148. බත්තිංසලක්ඛණා බුද්ධා චත්තාරීසද්විජාපි ච, නෙත්තා ගොපඛුමා තෙසං ජිඤ්ජුකාඵලසන්නිභා.
5149. ගච්ඡමානා ච තෙ බුද්ධා යුගමත්තංව{8} පෙක්ඛරෙ, න තෙසං ජාණු නදති සන්ධිසද්දො න සුය්යති.
5150. ගච්ඡමානා ච සුගතා උද්ධරන්තාව ගච්ඡරෙ, පඨමං දක්ඛිණං පාදං බුද්ධානං එස ධම්මතා.
5151. අසම්හිතා ච තෙ බුද්ධා මිගරාජාව කෙසරී, නෙවුකක්කංසෙන්ති අත්තානං නො ච වම්භෙන්ති පාණිනං.
5152. මානාවමානතො මුත්තා සමා සබ්බෙසු පාණිසු, අනත්තුක්කංසකා බුද්ධා බුද්ධානං එස ධම්මතා.
5153. උප්පජ්ජන්තා ච සම්බුද්ධා ආලොකං දස්සයන්ති තෙ, ඡප්පකාරං පකම්පෙන්ති කෙවලං වසුධං ඉමං.
5154. පස්සන්ති නිරයං චෙතෙ නිබ්බාති නිරයො තදා, පවස්සති මහාමෙඝො බුද්ධානං එස ධම්මතා.
5155. එදිසා තෙ මහානාගා අතුල්යා{1} ච මහායසා, වණ්ණතො අනතික්කන්තා අප්පමෙය්යා තථාගතා.
5156. අනුමොදිංසු මෙ වාක්යං සබ්බෙ සිස්සා සගාරවා, තථා ච පටිපජ්ජිංසු යථාසත්ති{2} යථාබලං.
5157. පතිපූජෙන්ති පුලිනං සකකම්මාභිලාසිනො, සද්දහන්තා මමං{3} වාක්යං බුද්ධත්තගතමානසා.
5158. තදා චවිත්වා තුසිතා දෙවපුත්තො මහායසො, උප්පජ්ජි මාතුකුච්ඡිස්මිං{4} දසසහස්සී පකම්පථ.{5}
5159. අස්සමස්සාවිදූරම්හි චඞ්කමම්හි ඨිතො අහං, සබ්බෙ සිස්සා සමාගන්ත්වා ආගච්ඡුං මම සන්තිකං.{6}
5160. උසභො’ව මහී නදති මිගරාජා’ව කූජති, සුංසුමාරො’ව{7} සලති කිං විපාකො භවිස්සති.
5161. “යං පකිත්තෙමි සම්බුද්ධං සිකතාථූපසන්තිකෙ, සො දානි භගවා සත්ථා මාතුකුච්ඡිමුපාගමි.”
5162. තෙසං ධම්මකථං කත්වා කිත්තයිත්වා මහාමුනිං, උය්යොජෙත්වා සකෙ සිස්සෙ පල්ලඞ්කං ආභූජිං අහං.
5163. බලඤ්ච වත මෙ ඛීණං ව්යාධිතො{8} පරමෙනහං,{9} බුද්ධසෙට්ඨං සරිත්වාන තත්ථ කාලකතො{10} අහං.
5164. සබ්බෙ සිස්සා සමාගන්ත්වා අකංසු චිතකං තදා, කලෙබරං ච මෙ ගය්හ චිතකං අභිරොපයුං.
5165. චිතකං පරිවාරෙත්වා සීසෙ කත්වාන අඤ්ජලිං, සොකසල්ලපරෙතා තෙ විකන්දිංසු{11} සමාගතා.
5166. තෙසං ලාලප්පමානානං අගමාසිං චිතන්තිකං{1}, ”අහං ආචරියො තුම්හං මා සොචිත්ථ සුමෙධසා.
5167. සදත්ථෙ වායමෙය්යාථ රත්තින්දිවමතන්දිතා, මා වො පමත්තා අහුවත්ථ{2} ඛණො වො පටිපාදිතො”
5168. සකෙ සිස්සෙනුසායිත්වා දෙවලොකං පුනාගමිං, අට්ඨාරස ච කප්පානි දෙවලොකෙ රමිං අහං.
5169. සතානං පඤ්චක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං, අනෙකසතක්ඛත්තුඤ්ච දෙවරජ්ජමකාරයිං.
5170. අවසෙසෙසු කප්පෙසු වෙකිණ්ණං{3} සංසරිං අහං, දුග්ගතිං නාභිජානාමි පුලිනපූජායිදං ඵලං{4}.
5171. යථා කොමුදිකෙ මාසෙ බහූ පුප්ඵන්ති පාදපා, තථෙවාහම්පි සමයෙ පුප්ඵිතොම්හි මහෙසිනා.
5172. විරියම්මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5173. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
5174. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5175. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5176. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා පුලිනුප්පාදකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
පුලිනුප්පාදකත්ථෙරස්ස අපදානං සත්තමං.
488. තරණියත්ථෙරාපදානං
5177. අත්ථදස්සී තු භගවා සයම්භූ ලොකනායකො, විනකානදියා තීරං උපගච්ඡි තථාගතො.
5178. උදකා අභිනික්ඛම්ම කච්ඡපො වාරිගොචරො, බුද්ධං තාරෙතුකාමොහං උපෙසිං ලොකනායකං.
5179. අභිරූහතු මං බුද්ධො අත්ථදස්සී මහාමුනි, අහං තං තාරයිස්සාමි දුක්ඛස්සන්තකරො තුවං.
5180. මම සඞ්කප්පමඤ්ඤාය අත්ථදස්සී මහායසො, ආරුහිත්වාන{1} මෙ පිට්ඨිං අට්ඨාසි ලොකනායකො.
5181. යතො සරාමි අත්තානං යතො පත්තොස්මිං විඤ්ඤුතං, සුඛං මෙ තාදිසං නත්ථි ඵුට්ඨෙ පාදතලෙ යථා.
5182. උත්තරිත්වාන සම්බුද්ධො අත්ථදස්සී මහායසො, නදීතීරම්හි ඨත්වාන ඉමා ගාථා අභාසථ.
5183. “යාවතා වත්තතෙ චිත්තං ගඞ්ගාසොතං තරාමහං, අයඤ්ච කච්ඡපො රාජා තාරෙසි මම පඤ්ඤවා.
5184. ඉමිනා බුද්ධතරණෙන මෙත්තචිත්තවතාය ච, අට්ඨාරසෙ කප්පසතෙ දෙවලොකෙ රමිස්සති.
5185. දෙවලොකා ඉධාගන්ත්වා සුක්කමූලෙන චොදිතො, එකාසනෙ නිසීදිත්වා කඞ්ඛාසොතං කරිස්සති.”
5186. යථාපි භද්දකෙ ඛෙත්තෙ බීජමප්පම්පි රොපිතං, සම්මාධාරෙ පවච්ඡන්තෙ{2} ඵලං තොසෙති කස්සකං.
5187. තථෙවිදං බුද්ධඛෙත්තං සම්මාසම්බුද්ධදෙසිතං, සම්මාධාරෙ පවච්ඡන්තෙ ඵලං මං තොසයිස්සති.
5188. පධානපහිතත්තොම්හි උපසන්තො නිරූපධි, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
5189. අට්ඨාරසෙ කප්පසතෙ යං කම්මමකරිං තදා, දුග්ගතිං නාභිජානාමි තරණාය ඉදං ඵලං.
5190. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
5191. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
5192. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා තරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
තරණියත්ථෙරස්ස අපදානං අට්ඨමං.
489. ධම්මරුචිත්ථෙරාපදානං{*}
5193. යදා දීපඞ්කරො බුද්ධො සුමෙධං ව්යාකරී ජිනො, “අපරිමෙය්යෙ ඉතො කප්පෙ අයං බුද්ධො භවිස්සති.
5194. ඉමස්ස ජනිකා මාතා මායා නාම භවිස්සති, පිතා සුද්ධොදනො නාම අයං හෙස්සති ගොතමො.
5195. පධානං පදහිත්වාන කත්වා දුක්කරකාරිකං, අස්සත්ථමූලෙ සම්බුද්ධො බුජ්ඣිස්සති මහායසො.
5196. උපතිස්සො කොලිතො ච අග්ගා හෙස්සන්ති සාවකා, ආනන්දො නාමුපට්ඨාකො{1} උපට්ඨීස්සතිමං ජිනං.
5197. ඛෙමාඋප්පලවණ්ණා ච අග්ගා හෙස්සන්ති සාවිකා, චිත්තො ආළවකො චෙව අග්ගා හෙස්සන්තුපාසකා.
5198. ඛුජ්ජුත්තරා නන්දමාතා අග්ගා හෙස්සන්තුපාසිකා, බොධී ඉමස්ස වීරස්ස අස්සත්ථොති පවුච්චති. “
5199. ඉදං සුත්වාන වචනං අසමස්ස මහෙසිනො, අමොදිතා නරමරූ නමස්සන්ති කතඤ්ජලී.
5200. තදාහං මාණවො ආසිං මෙඝො නාම සුසික්ඛිතො, සුත්වා ව්යාකරණං සෙට්ඨං සුමෙධස්ස මහාමුනෙ. -
5201. සංවිස්සත්ථො භවිත්වාන සුමෙධෙ කරුණාසයෙ{2}, පබ්බජ්ජන්තං ච තං වීරං සහාව අනුපබ්බජිං.