465. සුමනතාලවණ්ටියත්ථෙරාපදානං
4884. සිද්ධත්ථස්ස භගවතො තාලවණ්ටමදාසහං, සුමනෙහි පටිච්ඡන්නං ධාරයාමි මහායසං.
4885. චතුනවුතෙ ඉතො කප්පෙ තාලවණ්ටමදාසහං: දුග්ගතිං නාභිජානාමි තාලවණ්ටස්සිදං ඵලං.
4886. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4887. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4888. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා සුමනතාලවණ්ටියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සුමනතාලවණ්ටියත්ථෙරස්ස අපදානං පඤ්චමං.
466. අවණ්ටඵලියත්ථෙරාපදානං
4889. සතරංසි නාම භගවා සයම්භූ අපරාජිතො, විවෙකකාමො සම්බුද්ධො ගොචරායාභිනික්ඛමි.
4890. ඵලහත්ථො අහං දිස්වා උපගච්ඡිං නරාසභං, පසන්නචිත්තො සුමනො අවණ්ටං අදදිං ඵලං.{1}
4891. චතුනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
4892. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4893. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4894. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා අවණ්ටඵලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
අවණ්ටඵලියත්ථෙරාපදානං ඡට්ඨං.
467. ලබුජදායකත්ථෙරාපදානං
4895. නගරෙ බන්ධුමතියා ආරාමිකො අහුං තදා, අද්දසං විරජං බුද්ධං ගච්ඡන්තං අනිලඤ්ජසෙ.
4896. ලබුජං ඵලමාදාය බුද්ධසෙට්ඨස්සදාසහං, ආකාසෙව ඨිතො සන්තො පටිග්ගණ්හි මහායසො.
4897. විත්තිසඤ්ජනනො මය්හං දිට්ඨධම්මසුඛාවහො, ඵලං බුද්ධස්ස දත්වාන විප්පසන්නෙන චෙතසා.
4898. අධිගච්ඡිං තදා පීතිං විපුලං සුඛමුත්තමං, උප්පජ්ජතෙ ච{1} රතනං නිබ්බත්තස්ස තහිං තහිං.
4899. එකනවුතෙ ඉතො කප්පෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
4900. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4901. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4902. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා ලබුජදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
ලබුජදායකත්ථෙරස්ස අපදානං සත්තමං.
468. පිලක්ඛඵලදායකත්ථෙරාපදානං
4903. වනන්තෙ බුද්ධං දිස්වාන{2} අත්ථදස්සිං මහායසං, පසන්නචිත්තො සුමනො පිලක්ඛස්ස{3} ඵලං අදං{4}.
4904. අට්ඨාරසෙ කප්පසතෙ යං ඵලමදදිං තදා, දුග්ගතිං නාභිජානාමි ඵලදානස්සිදං ඵලං.
4905. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4906. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4907. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා පිලක්ඛඵලදායකො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
පිලක්ඛඵලදායකත්ථෙරස්ස අපදානං අට්ඨමං.
469. සයම්පටිභාණියත්ථෙරාපදානං
4908. කකුධං විලසන්තංව දෙවදෙවං නරාසභං, රථියං පටිපජ්ජන්තං කො දිස්වා නප්පසීදති.
4909. තමන්ධකාරං නාසෙත්වා සන්තාරෙත්වා බහුං ජනං, ඤාණාලොකෙන ජොතන්තං කො දිස්වා නප්පසීදති.
4910. වසීසතසහස්සෙහි නිය්යන්තං ලොකනායකං, උද්ධරන්තං බහූ සත්තෙ කො දිස්වා නප්පසීදති.
4911. ආහනන්තං{1} ධම්මභෙරිං මද්දන්තං තිත්ථියෙ ගණෙ, සීහනාදං විනදන්තං කො දිස්වා නප්පසීදති.
4912. යාවතා බ්රහ්මලොකතො ආගන්ත්වාන සබ්රහ්මකා, පුච්ඡන්ති නිපුණෙ පඤ්හෙ කො දිස්වා නප්පසීදති.
4913. යස්සඤ්ජලිං කරිත්වාන ආයාචන්ති සදෙවකා, තෙන පුඤ්ඤං අනුභොන්ති කො දිස්වා නප්පසීදති.
4914. සබ්බෙ ජනා සමාගම්ම{2} සම්පවාරෙන්ති චක්ඛුමං, න විකම්පති අජ්ඣිට්ඨො කො දිස්වා නප්පසීදති.
4915. නගරං පවිසතො යස්ස රවන්ති භෙරියො බහූ, විනදන්ති ගජා මත්තා කො දිස්වා නප්පසීදති.
4916. රථියා ගච්ඡතො යස්ස සබ්බාභා ජොතතෙ සදා, අබ්භුන්නතා සමා හොන්ති කො දිස්වා නප්පසීදති.
4917. ව්යාහරන්තස්ස බුද්ධස්ස චක්කවාළම්හි සූයති, සබ්බෙ සත්තෙ විඤ්ඤාපෙති කො දිස්වා නප්පසීදති.
4918. සතසහස්සෙ ඉතො කප්පෙ යං බුද්ධමභිකිත්තයිං, දුග්ගතිං නාභිජානාමි කිත්තනාය ඉදං ඵලං.
4919. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගොව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4920. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4921. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා සයම්පටිභාණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
සයම්පටිභාණියත්ථෙරස්ස අපදානං නවමං.
470. නිමිත්තව්යාකරණියත්ථෙරාපදානං
4922. අජ්ඣොගහෙත්වා හිමවං මන්තෙ වාචෙමහං තදා, චතුපඤ්ඤාසසහස්සානි සිස්සා මය්හං උපට්ඨහුං.
4923. අධීතා වෙදගූ සබ්බෙ ඡළඞ්ගෙ පාරමිඞ්ගතා, සකවිජ්ජාහුපත්ථද්ධා හිමවන්තෙ වසන්ති තෙ.
4924. චවිත්වා තුසිතා කායා දෙවපුත්තො මහායසො, උප්පජ්ජි මාතුකුච්ඡිස්මිං සම්පජානො පතිස්සතො.
4925. සම්බුද්ධෙ උපපජ්ජන්තෙ දසසහස්සී පකම්පථ,{1} අන්ධා චක්ඛුං අලභිංසු උප්පජ්ජන්තම්හි නායකෙ.
4926. සබ්බාකාරං පකම්පිත්ථ කෙවලා වසුධා අයං, නිග්ඝොසසද්දං සුත්වාන උබ්බිජ්ජිංසු{2} මහාජනා.
4927. සබ්බෙ ජනා සමාගම්ම ආගච්ඡුං මම සන්තිකං, වසුධා’යං පකම්පිත්ථ කිංවිපාකො භවිස්සති.
4928. අවවාසිං{3} තදා තෙසං ‘මා භෙථ{4} නත්ථි වො භයං, විස්සත්ථා හොථ සබ්බෙපි උප්පාදොයං සුවත්ථිකො.{5}
4929. අට්ඨහෙතූහි සම්ඵුස්ස වසුධායං පකම්පති, තථා නිමිත්තා දිස්සන්ති ඔභාසො විපුලො මහා.
4930. අසංසයං බුද්ධසෙට්ඨො උප්පජ්ජිස්සති චක්ඛුමා, සඤ්ඤාපෙත්වාන ජනතං පඤ්චසීලෙ කථෙසහං.
4931. සුත්වාන පඤ්චසීලානි බුද්ධප්පාදඤ්ච දුල්ලභං, උබ්බෙගජාතා සුමනා තුට්ඨහට්ඨා අහංසු තෙ.
4932. ද්වෙනවුතෙ ඉතො කප්පෙ යං නිමිත්තං වියාකරිං, දුග්ගතිං නාභිජානාමි ව්යාකරණස්සිදං ඵලං.
4933. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4934. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4935. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා නිමිත්තව්යාකරණියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
නිමිත්තව්යාකරණියත්ථෙරාපදානං දසමං.
සාලකුසුමියවග්ගො{1} සත්තචත්තාළීසමො.
උද්දානං:
සාලකුසුමියො ථෙරො පූජානිබ්බාපකො පිච සෙතුදො තාලවණ්ටී ච අවණ්ට ලබුජප්පදො පිලක්ඛපටිභාණි ච වෙය්යාකරණියො{2} දිජො ද්වෙසත්තති{3} ගාථායො ගණිතායො විභාවිහි
48. නළමාලීවග්ගො
471. නළමාලියත්ථෙරාපදානං
4936. සුවණ්ණවණ්ණං සම්බුද්ධං ආහුතීනං පටිග්ගහං, පවනග්ගෙන{4} ගච්ඡන්තං අද්දසං ලොකනායකං.
4937. නළමාලං ගහෙත්වාන නික්ඛමන්තොව තාවදෙ, තත්ථද්දසාසිං සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං.
4938. පසන්නචිත්තො සුමනො නළමාලං අපූජයිං, දක්ඛිණෙය්යං මහාවීරං සබ්බලොකානුකම්පකං.
4939. එකතිංසෙ ඉතො කප්පෙ යං පුප්ඵමභිරොපයිං,{5} දුග්ගතිං නාභිජානාමි බුද්ධපූජායිදං ඵලං.
4940. කිලෙසා ඣාපිතා මය්හං භවා සබ්බෙ සමූහතා, නාගො’ව බන්ධනං ඡෙත්වා විහරාමි අනාසවො.
4941. ස්වාගතං වත මෙ ආසි බුද්ධසෙට්ඨස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
4942. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛාපි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා නළමාලියො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
නළමාලියත්ථෙරස්ස අපදානං පඨමං.
472. මණිපූජකත්ථෙරාපදානං
4943. පදුමුත්තරො නාම ජිනො සබ්බධම්මාන පාරගු, විවෙකකාමො සම්බුද්ධො ගච්ඡතෙ අනිලඤ්ජසෙ.
4944. අවිදූරෙ හිමවතො මහාජාතස්සරො අහු, තත්ථ මෙ භවනං ආසි පුඤ්ඤකම්මෙන සංයුතං.
4945. භවනා අභිනික්ඛම්ම අද්දසං ලොකනායකං, ඉන්දීවරංව ජලිතං ආදිත්තංව හුතාසනං.
4946. විචිනං නාද්දසං{1} පුප්ඵං පූජයිස්සන්ති නායකං, සකං චිත්තං පසාදෙත්වා අවන්දිං සත්ථුනො අහං.
4947. මම සීසෙ මණිං ගය්හ පූජයිං ලොකනායකං, ඉමාය මණිපූජාය විපාකො හොතු භද්දකො.
4948. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, අන්තළික්ඛෙ ඨිතො සත්ථා ඉමං ගාථං අභාසථ.
4949. සො තෙ ඉජ්ඣතු සඞ්කප්පො ලභස්සු විපුලං සුඛං, ඉමාය මණිපූජාය අනුභොහි මහායසං.
4950. ඉදං වත්වාන භගවා ජලජුත්තමනාමකො, අගමාසි බුද්ධසෙට්ඨො යත්ථ චිත්තං පණීහිතං.
4951. සට්ඨිකප්පානි දෙවින්දො දෙවරජ්ජමකාරයිං, අනෙකසතක්ඛත්තුඤ්ච චක්කවත්තී අහොසහං.
4952. පුබ්බකම්මං සරන්තස්ස දෙවභූතස්ස මෙ සතො, මණි නිබ්බත්තතෙ මය්හං ආලොකකරණො මමං.
4953. ඡළාසීතිසහස්සානි නාරියො මෙ පරිග්ගහා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා{2}
4954. අළාරපම්හා හසුලා සුත්ථනා{3} තනුමජ්ඣිමා, පරිවාරෙන්ති මං නිච්චං මණිපූජායිදං ඵලං.
4955. සොණ්ණමයා මණිමයා ලොහිතඞ්කමයා තථා, භණ්ඩා මෙ සුකතා හොන්ති යදිච්ඡාය{1} පිළන්ධනා.
4956. කූටාගාරා ගුහා රම්මා සයනඤ්ච මහාරහං, මම සඞ්කප්පමඤ්ඤාය නිබ්බත්තන්ති යදිච්ඡකං.
4957. ලාභා තෙසං සුලද්ධං ච යෙ ලභන්ති උපස්සුතිං, පුඤ්ඤක්ඛෙත්තං මනුස්සානං ඔසධං සබ්බපාණිනං.