Apadāna

Legendary Lives

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

පෙන්වන කොටස් 501-600 න් 9840

472. “නිට්ඨාපිතො මයා ‘රාමො සම්පටිච්ඡ තුවං මුනි, නිය්යාදෙස්සාමි{12} තෙ{13} වීර අධිවාසෙහි චක්ඛුම”
473. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය අධිවාසෙසි නායකො.
474. අධිවාසනමඤ්ඤාය සබ්බඤ්ඤුස්ස මහෙසිනො, භොජනං පටියාදෙත්වා කාලමාරොචයිං අහං.
475. ආරොචිතම්හි කාලම්හි පුදුමුත්තරනායකො, ඛීණාසවසහස්සෙහි ආරාමං මෙ උපාගමී.
476. නිසින්නං කාලමඤ්ඤාය අන්නපානෙන තප්පයිං, භුත්තාවිං කාලමඤ්ඤාය ඉදං වචනමබ්රවිං:
477. “කීතො සතසහස්සෙන තත්තකෙනෙ’ව කාරිතො, සොභනො නාම ආරාමො සම්පටිච්ඡ තුවං මුනි.{1}
478. ඉමිනා’රාමදානෙන චෙතනාපණිධීහි ච, භවෙ නිබ්බත්තමානො’හං ලභාමි මම පත්ථිතං”.
479. පටිග්ගහෙත්වා සම්බුද්ධො සඞ්ඝාරාමං සුමාපිතං, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉදං වචනමබ්රවී:
480. “යො සො බුද්ධස්ස පාදාසි සඞ්ඝාරාමං සුමාපිතං, තමහං කිත්තයිස්සාමි පුණාථ මම භාසතො.
481. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’දං ඵලං.
482. සට්ඨිතුරියසහස්සානි භෙරියො සමලඞ්කතා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’ද ඵලං.
483. ඡළාසීතිසහස්සානි නාරියො සමලඞ්කතා, විචිත්තවත්ථාභරණා ආමුත්තමණිකුණ්ඩලා.
484. ආළාරපම්හා හසුලා සුසඤ්ඤා තනුමජ්ඣිමා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සඞ්ඝාරාමස්සි’දං ඵලං
485. තිංසකප්පසහස්සානි දෙවලොකෙ රමිස්සති, සහස්සක්ඛත්තුං දෙවින්දො දෙවරජ්ජං කරිස්සති.
486. දෙවරාජෙන පත්තබ්බං සබ්බං පටිලභිස්සති, අනූනභොගො හුත්වාන දෙවරජ්ජං කරිස්සති.
487. සහස්සක්ඛත්තුං චක්කවත්තී රාජා රට්ඨෙ භවිස්සති, පථව්යා රජ්ජං විපුලං ගණනාතො අසඞ්ඛියං.
488. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
489. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, උපාලි නාම නාමෙන හෙස්සති සත්ථුසාවකො.
490. විනයෙ පාරමිං පත්වා{2} ඨානාඨානෙ ච කොවිදො, ජිනසාසනං ධාරයන්තො{3} විහරිස්සත’නාසවො.
491. සබ්බමෙතං අභිඤ්ඤාය ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසස්ති.”
492. අපරිමෙය්යු’පාදාය පත්ථෙමි තව සාසනං, සො මෙ අත්ථො අනුප්පත්තො සබ්බසංයොජනක්ඛයො.
493. යථා සූලාවුතො පොසො රාජදණ්ඩෙන තජ්ජිතො, සූලෙ සාතං අවින්දන්තො{1} පරිමුත්තිංව ඉච්ඡති.
494. තථෙවා’හං මහාවීර භවදණ්ඩෙන තජ්ජිතො, කම්මසූලාවුතො සන්තො පිපාසාවෙදනට්ටිතො.{2}
495. භවෙ සාතං න වින්දාමි ඩය්හන්තො තීහි අග්ගිහි, පරිමුත්තිං ගවෙසාමි යථාපි රාජදණ්ඩිතො.
496. යථා විසාදො{3} පුරිසො විසෙන පරිපීළිතො, අගදං සො ගවෙසෙය්ය විසඝාතායුපාලනං.{4}
497. ගවෙසමානො පස්සෙය්ය අගදං විසඝාතකං, තං පිවිත්වා{5} සුඛී අස්ස විසම්හා පරිමුත්තියා.
498. තථෙවා’හං මහාවීර යථා විසහතො{6} නරො, සම්පීළිතො අවිජ්ජාය සද්ධම්මාගදමෙසයිං.{7}
499. ධම්මාගදං{8} ගවෙසන්තො අද්දක්ඛිං සක්යසාසනං, අග්ගං සබ්බොසධානං තං සබ්බසල්ලවිනොදනං.
500. ධම්මොසධං පිවිත්වාන විසං සබ්බං සමූහනිං,{9} අජරාමරං සීතිභාවං නිබ්බානං ඵස්සයිං{10} අහං.
501. යථා භූතට්ටිතො{11} පොසො භූතගාහෙන පීළිතො, භූතවෙජ්ජං ගවෙසෙය්ය භූතස්මා පරිමුත්තියා.
502. ගවෙසමානො පස්සෙය්ය භූතවිජ්ජාසු කොවිදං,{12} තස්ස සො විහනෙ{13} භූතං සමූලඤ්ච විනාසයෙ.
503. තථෙවා’හං මහාවීර තමග්ගාහෙන පීළිතො, ඤාණාලොකං ගවෙසාමි තමතො පරිමුත්තියා.
504. අථ’ද්දසං සක්යමුනිං කිලෙසතමසොධනං, සො මෙ තමං විනොදෙසි භූතවෙජ්ජොව භූතකං.{14}
505. සංසාරසොතං සංඡින්දිං තුණ්හාසොතං නිවාරයිං, භවං උග්ඝාටයිං සබ්බං භූතවෙජ්ජොව මූලතො.
506. ගරුළො යථා ඔපතති{15} පන්නගං භක්ඛමත්තනො, සමන්තා යොජනසතං වික්ඛොභෙති මහාසරං.
507. පන්නගං සො ගහෙත්වාන අධොසීසං විහෙඨයං{16}, ආදාය සො පක්කමති යෙන කාමං විහඞ්ගමො.
508. තථෙවාහං{17} මහාවීර යථාපි ගරුළො බලී{18}, අසඞ්ඛතං ගවෙසන්තො දොසෙ වික්ඛාලයිං අහං.
509. දිට්ඨො අහං ධම්මවරං සන්තිපදමනුත්තරං, ආදාය විහරාමෙතං ගරුළො පන්නගං යථා.
510. ආසාවතී නාම ලතා ජාතා චිත්තලතාවනෙ, තස්සා වස්සසහස්සෙන එකං නිබ්බත්තතෙ ඵලං.
511. තං දෙවා පටිරුපාසන්ති තාව දූරෙ ඵලෙ සති,{1} දෙවානං සා පියා{2} එවං ආසාවතීලතුත්තමා.
512. සතසහස්සුපාදාය තා’හං{3} පරිචරෙ මුනිං, සායං පාතං නමස්සාමි දෙවා ආසාවතිං යථා.
513. අවඤ්ඣා පාරිචරියා අමොඝා ච නමස්සනා, දූරාගතම්පි මං සන්තං ඛණො මං{4} න විරාධයී.
514. පටිසන්ධිං න පස්සාමි විචිනන්තො භවෙ අහං, නිරූපධී විප්පමුත්තො උපසන්තො චරාම’හං.
515. යථාපි පදුමං නාම සුරියරංසෙන පුප්ඵති, තථෙවා’හං මහාවීර බුද්ධරංසෙන පුප්ඵිතො.
516. යථා බලාකායොනිම්හි න විජ්ජති පුමා{5} සදා, මෙඝෙසු ගජ්ජමානෙසු ගබ්භං ගණ්හන්ති තා සදා.
517. චිරම්පි ගබ්භං ධාරෙන්ති යාව මෙඝො න වස්සති,{6} භාරතො පරිමුච්චන්ති යදා මෙඝො පවස්සති.
518. පදුමුත්තරබුද්ධස්ස ධම්මමෙඝෙන ගජ්ජතො, සද්දෙන ධම්මමෙඝස්ස ධම්මගබ්භං අගණ්හි’හං.
519. සතසහස්සුපාදාය{7} පුඤ්ඤගබ්භං ධරෙම’හං, නප්පමුඤ්චාමි භාරතො ධම්මමෙඝෙ{8} න ගජ්ජති{9}.
520. යදා තුවං සක්යමුනෙ රම්මෙ කාපිලවත්ථවෙ, ගජ්ජසි{10} ධම්මමෙඝෙන භාරතො පරිමුත්ත’හං{11}.
521. සුඤ්ඤතං අනිමිත්තඤ්ච තථාප්පණිහිතම්පි{12} ච, චතුරො ච ඵලෙ සබ්බෙ ධම්මෙ විජනයිං අහං.{13}
දුතියභාරණවාරං
522. අපරිමෙය්යුපාදාය පත්ථෙමි තව සාසනං, සො මෙ අත්ථො අනුප්පත්තො සන්තිපදමනුත්තරං.
523. විනයෙ පාරමිං පත්තො යථාපි පාඨිකො{1} ඉසි, න මෙ සමසමො අත්ථි{2} ධාරෙමි සාසනං අහං.
524. විනයෙ ඛන්ධකෙ චාපි තිකච්ඡෙදෙ ච පඤ්චමෙ, එත්ථ මෙ{3} විමතී නත්ථි අක්ඛරෙ ව්යඤ්ජනෙපි වා.
525. නිග්ගහෙ පටිකම්මෙ ච ඨානාඨානෙ ච කොවිදො, ඔසාරණෙ වුට්ඨාපනෙ සබ්බත්ථ පාරමිං ගතො.
526. විනයෙ ඛන්ධකෙ චාපි නික්ඛිපිත්වා පදං අහං, උභතො විනිවෙඨෙත්වා රසතො ඔසරෙය්ය’හං.
527. නිරුත්තියා සුකුසලො අත්ථානත්ථෙ ච කොවිදො, අනඤ්ඤාතං මයා නත්ථි එකග්ගො සත්ථුසාසනෙ.
528. රූපදක්ඛො අහං අජ්ජ සක්යපුත්තස්ස සාසනෙ, කඞ්ඛං සබ්බං විනොදෙමි ඡින්දාමි සබ්බසංසයං.
529. පදං අනුපදඤ්චාපි අක්ඛරඤ්චාපි ව්යඤ්ජනං{4}, නිදානෙ පරියොසානෙ සබ්බත්ථ කොවිදො අහං.
530. යථාපි රාජා බලවා නිග්ගණ්හිත්වා පරන්තපෙ{5}, විජිනිත්වාන සඞ්ගාමං නගරං තත්ථ මාපයෙ.
531. පාකාරං පරිඛඤ්චාපි එසිකං ද්වාරකොට්ඨකං, අට්ටාලකෙ ච විවිධෙ කාරයෙ නගරෙ බහූ.
532. සිඞ්ඝාටකං වච්චරඤ්ච{6} සුවිභත්ත’න්තරාපණං, කාරයෙය්ය{7} සභං තත්ථ අත්ථානත්ථවිනිච්ඡයං.
533. නිග්ඝාතත්ථං අමිත්තානං ඡිද්දාඡිද්දඤ්ච ජානිතුං, බලකායස්ස රක්ඛාය{8} සෙනාපච්චං ඨපෙති{9} සො.
534. ආරක්ඛත්ථාය භණ්ඩස්ස නිධානකුසලං නරං, මා මෙ භණ්ඩං විනස්සීති භණ්ඩරක්ඛං ඨපෙති{9} සො.
535. මාමකො{1} හොති යො රඤ්ඤො වුද්ධිං යස්ස ච ඉච්ඡති, තස්සාධිකරණං දෙති මිත්තස්ස පටිපජ්ජිතුං.
536. උප්පාතෙසු නිමිත්තෙසු ලක්ඛණෙසු ච කොවිදං, අජ්ඣායකං මන්තධරං පොරොහිච්චෙ ඨපෙති{2} සො.
537. එතෙහඞ්ගෙහි සම්පන්නො ඛත්තියොති පවුච්චති. සදා රක්ඛන්ති රාජානං චක්කවාකොව දුක්ඛිතං{3}
538. තථෙව ත්වං මහාවීර හතාමිත්තොව{4} ඛත්තියො, සදෙවකස්ස ලොකස්ස ධම්මරාජාති වුච්චති.
539. තිත්ථියෙ නිහනිත්වාන{5} මාරඤ්චාපි සසෙනකං, තමන්ධකාරං විධමිත්වා ධම්මනගරං අමාපයී.
540. සීලං පාකාරකං{6} තත්ථ ඤාණං තෙ ද්වාරකොට්ඨකං, සද්ධා තෙ එසිකා ධීර ද්වාරපාලො ච සංවරො.
541. සතිපට්ඨානමට්ටාලං පඤ්ඤා තෙ චච්චරං මුනෙ, ඉද්ධිපාදඤ්ච සිඞ්ඝාටං ධම්මවීථි සුමාපිතා{7}.
542. සුත්තන්තං අභිධම්මො{8} ච විනයො{9} චා පි කෙවලං, නවඞ්ගං බුද්ධවචනං එසා{10} ධම්මසභා තව.
543. සුඤ්ඤතං අනිමිත්තඤ්ච අප්පණිහිතවිහාරකං{11}, අනෙජං{12} ච නිරොධො ච එසා ධම්මකුටී තව.
544. පඤ්ඤාය අග්ගනික්ඛිත්තො{13} පටිභානෙ ච කොවිදො, සාරිපුත්තොති නාමෙන ධම්මසෙනාපතී තව.
545. චුතූපපාතකුසලො ඉද්ධියා පාරමිඞ්ගතො, කොලිතො නාම නාමෙන මුනෙ තව පුරොහිතො.{14}
546. පොරාණකවංසධරො උග්ගතෙජො දුරාසදො, ධුතවාදිගුණෙන’ග්ගො{15} අක්ඛධස්සො තවං මුනෙ.
547. බහුස්සුතො ධම්මධරො සබ්බපාඨි ච සාසනෙ, ආනන්දො නාම නාමෙන ධම්මාරක්ඛො තවං මුනෙ.
548. එතෙ සබ්බෙ අතික්කම්ම පමෙසි{1} භගවා මමං, විනිච්ඡයම්මෙ පාදාසි විනයෙ{2} විඤ්ඤුදෙසිතං{3}.
549. යො කොචි විනයෙ පඤ්හං පුච්ඡති බුද්ධසාවකො, තත්ථ මෙ චින්තනා නත්ථි තඤ්ඤෙව’ත්ථං කථෙම’හං.
550. යාවතා බුද්ධඛෙත්තම්හි ඨපෙත්වා තං මහාමුනිං, විනයෙ මාදිසො{4} නත්ථි කුතො භිය්යො භවිස්සති.
551. භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එවං ගජ්ජති ගොතමො, උපාලිස්ස සමො නත්ථි විනයෙ ඛන්ධකෙසු ච.{5}
552. යාවතා බුද්ධභණිතං නවඞ්ගං සත්ථුසාසනං, විනයොගධිතං{6} සබ්බං විනයමූලංති පස්සතො.{7}
553. මම කම්මං සරිත්වාන ගොතමො සක්යපුඞ්ගවො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා එතදග්ගෙ ඨපෙසි මං.
554. සතසහස්සුපාදාය ඉමං ඨානමපත්ථයිං, සො මෙ අත්ථො අනුප්පත්තො විනයෙ පාරමිඞ්ගතො.
555. සක්යානං නන්දිජනනො කප්පකො ආස’හං පුරෙ, විජහිත්වාන{8} තං ජාතිං පුත්තො ජාතො මහෙසිනො.
556. ඉතො දුතියකෙ කප්පෙ අඤ්ජසො නාම ඛත්තියො, අනන්තතෙජො අමිතයසො භූමිපාලො මහද්ධනො.
557. තස්ස රඤ්ඤො අහං පුත්තො චන්දනො{9} නාම ඛත්තියො, ජාතිමදෙනුපත්ථද්ධො යසභොගමදෙන ච.
558. නාගසතසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, තිධා පභින්නමාතඞ්ගා පරිවාරෙන්ති මං සදා.
559. සබලෙහි පරිතො’හං{10} උය්යානං ගන්තුකාමකො, ආරුය්හ සිරිකං නාගං නගරා නික්ඛමිං තදා.
560. චරණෙන ච සම්පන්නො ගුත්තද්වාරො සුසංවුතො, දෙවලො නාම සම්බුද්ධො ආගච්ඡි පුරතො මම.
561. පෙසෙත්වා සිරිකං නාගං බුද්ධං ආසාදයිං තදා, තතො සඤ්ජාතකොපො සො නාගො නුද්ධරතෙ{11} පදං.
562. නාගං දුට්ඨමනං{12} දිස්වා බුද්ධෙ කොපං අකාසහං, විහෙසයිත්වා{13} සම්බුද්ධං උය්යානං අගමාස’හං.
563. සාතං තත්ථ න වින්දාමි සිරො{1}පජ්ජලිතො යථා, පරිළාහෙන ඩය්හාමී මච්ඡො’ව බළිසාදකො.
564. සසාගරන්තා පඨවී ආදිත්තා විය හොති මෙ, පිතුසන්තිකු’පාගම්ම ඉදං වචනමබ්රවිං:
565. “ආසීවිසං’ව කුපිතං අග්ගික්ඛන්ධං’ව ආගතං, මත්තං’ව කුඤ්ජරං දන්තිං යං සයම්භුමසාදයිං.
566. ආසාදිතො මයා බුද්ධො ඝොරො උග්ගතපො ජිනො, පුරා සබ්බෙ විනස්සාම ඛමාපෙස්සාම තං මුනිං.
567. නො චෙ තං නිජ්ඣපෙස්සාම{2} අත්තදන්තං සමාහිතං, ඔරෙන සත්තදිවසා{3} රට්ඨං මෙ විධමිස්සති.
568. සුමෙඛලො කොසියො ච සිග්ගවො චාපි සත්තුකො{4}, ආසාදයිත්වා ඉසයො දුග්ගතා තෙ සරට්ඨකා.{5}
569. යදා කුප්පන්ති ඉසයො සඤ්ඤතා බ්රහ්මචාරිනො{6}, සදෙවකං විනාසෙන්ති සසාගරං සපබ්බතං.”
570. තියොජනසහස්සම්හි පුරිසෙ සන්නිපාතයිං, අච්චයං දෙසනත්ථාය සයම්භුං උපසඞ්කමිං.