Apadāna

Legendary Lives

Buddha Jayanthi Tipitaka · pathnirvana/tipitaka.lk · CC BY-ND 4.0 · Fetched 2026-04-29 · 9840 segments

පෙන්වන කොටස් 401-500 න් 9840

379. ඛීණාසවසහස්සෙහි පරිවුතො ලොකනායකො, ඔභාසෙන්තො දිසා සබ්බා භවනං මෙ උපාගමි.
380. උපවිට්ඨං මහාවීරං දෙවදෙවං නරාසභං, සභික්ඛුසඞ්ඝං තප්පෙසිං{8} අන්නපානෙන’හං තදා.
381. අනුමොදි මහාවීරො සයම්භූ අග්ගපුග්ගලො, භික්ඛුසඞ්ඝෙ නිසීදිත්වා ඉමා ගාථා අභාසථ.
382. “යො{1} සො සඞ්ඝං අපූජෙසි{2} බුද්ධඤ්ච ලොකනායකං, තෙන චිත්තප්පසාදෙන දෙවලොකං ගමිස්සති.
383. සත්තසත්තතික්ඛත්තුං ච දෙවරජ්ජං කරිස්සති, පථව්යා රජ්ජං{3} අට්ඨසතං වසුධං ආවසිස්සති.
384. පඤ්චපඤ්ඤාසක්ඛත්තුඤ්ච චක්කවත්තී භවිස්සති. භොගා අසඞ්ඛියා තස්ස උප්පජ්ජිස්සන්ති තාවදෙ.
385. අපරිමෙය්යෙ ඉතො කප්පො ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම නාමෙන{4} සත්ථා ලොකෙ භවිස්සති.
386. නිරයා සො චවිත්වාන මනුස්සත්තං ගමිස්සති, කොලිතො නාම නාමෙන බ්රහ්මබන්ධු භවිස්සති.
387. සො පච්ඡා පබ්බජිත්වාන කුසලමූලෙන චොදිතො, ගොතමස්ස භගවතො දුතියො හෙස්සති සාවකො.
388. ආරද්ධවිරියො පහිතත්තො ඉද්ධියා පාරමිං ගතො, සබ්බාසවෙ පරිඤ්ඤාය නිබ්බායිස්සතනාසවො.”
389. පාපමිත්තොපනිස්සාය කාමරාගවසං ගතො, මාතරං පිතරඤ්චාපි ඝාතයිං දුට්ඨමානසො.
390. යං යං යොනුපපජ්ජාමි නිරයං අථ මානුසං, පාපකම්මසමඞ්ගිත්තා{5} භින්නසීසො මරාමහං.{6}
391. ඉදං පච්ඡිමකං මය්හං චරිමො වත්තතෙ භවො, ඉධාපි එදිසං{7} මය්හං මරණකාලෙ භවිස්සති.
392. පවිවෙකමනුයුත්තො සමාධිභාවනාරතො, සබ්බාසවෙ පරිඤ්ඤාය විහරාමි අනාසවො.
393. ධරණිම්පි සුගම්භීරං බහලං දුප්පධංසියං, වාමඞ්ගුට්ඨෙන ඛොභෙය්යං{8} ඉද්ධියා පාරමිං ගතො.
394. අස්මිමානං න පස්සාමි මානො මය්හං න විජ්ජති, සාමණෙරෙ උපාදාය ගරුචිත්තං කරොමහං.
395. අපරිමෙය්යෙ ඉතො කප්පෙ යං කම්මමභිනීහරිං, තාහං භූමිමනුප්පත්තො පත්තො’ම්හි ආසවක්ඛයං.
396. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
(396, 397, 398 ගාථා 371, 372, 373 ගාථාහි සමා.)
ඉත්ථං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මහාමොග්ගල්ලානත්ථෙරස්ස අපදානං දුතියං.
3. මහාකස්සපත්ථෙරාපදානං
399. පදුමුත්තරස්ස භගවතො ලොකජෙට්ඨස්ස තාදිනො, නිබ්බුතෙ ලොකනාථම්භි පූජං කුබ්බන්ති සත්ථුනො.
400. උදග්ගචිත්තා{1} ජනතා ආමොදිතපමොදිතා, තෙසු සංවෙගජාතෙසු පීති මෙ උපපජ්ජථ{2}.
401. ඤාතිමිත්තෙ සමානෙත්වා ඉදං වචනමබ්රවිං, “පරිනිබ්බුතො මහාවීරො හන්ද පූජං කරොමසෙ.”
402. සාධූති තෙ පටිස්සුත්වා භීයො හාසං ජනිංසු මෙ. “බුද්ධස්මිං ලොකනාථස්මිං කාහාම පුඤ්ඤසඤ්චයං.”
403. අග්ඝියං සුකතං කත්වා සතහත්ථසමුග්ගතං, දියඩ්ඪත්ථපත්ථටං{3} විමානං නභමුග්ගතං.
404. කත්වාන හම්මියං{4} තත්ථ තාලපන්තීහි චිත්තිතං, සකං චිත්තං පසාදෙත්වා චෙතියං පූජයුත්තමං.
405. අග්ගික්ඛන්ධොව ජලිතො සාලරාජා’ව{5} ඵුල්ලිතො, ඉන්දලට්ඨී’ව ආකාසෙ ඔභාසෙති චතුද්දිසා.
406. තත්ථ චිත්තං පසාදෙත්වා කත්වාන කුසලං බහුං, පුබ්බකම්මං සරිත්වාන තිදසං උපපජ්ජහං.
407. සහස්සයුත්තහයවාහිං දිබ්බයානමධිට්ඨිතො, උබ්බිද්ධං{6} භවනං මය්හං සත්තභූමං{7} සමුග්ගතං.
408. කූටාගාරසහස්සානි සබ්බසොණ්ණමයා{8} අහූ, ජලන්ති සකතෙජෙන දිසා සබ්බා පභාසයං.
409. සන්ති අඤ්ඤෙපි නිය්යූහා ලොහිතඞ්කමයා තදා, තෙපි ජොතෙන්ති ආභාය සමන්තා චතුරො දිසා.
410. පුඤ්ඤකම්මාභිනිබ්බත්තා කූටාගාරා සුනිම්මිතා, මණිමයාපි ජොතෙන්ති දිසා දස සමන්තතො.
411. තෙසං උජ්ජොතමානානං ඔභාසො විපුලො අහු, සබ්බෙ දෙවෙ අතිභොමි පුඤ්ඤකම්මස්සිදං ඵලං.
412. සට්ඨිකප්පසහස්සම්හි උබ්බිද්ධො{9} නාම ඛත්තියො, චාතුරන්තො විජිතාවී පඨවිං{10} ආවසිං අහං.
413. තථෙව{11} භද්දකෙ කප්පෙ තිංසක්ඛත්තුං අහොසහං, සකකම්මාභිරද්ධොම්හි චක්කවත්තී මහබ්බලො, සත්තරතනසම්පන්නො චතුදීපම්හි ඉස්සරො.
414. තත්ථාපි භවනං මය්හං ඉන්දලට්ඨි’ව උග්ගතං, ආයාමතො චතුබ්බීසං{12} විත්ථාරෙන ච ද්වාදසං{13}.
415. රම්මකං නාම නගරං දළ්හපාකාරතොරණං, ආයාමතො පඤ්චසතං විත්ථාරෙන තදඩ්ඪකං, ආකිණ්ණං ජනකායෙහි තිදසානං පුරං විය.
416. යථා සූචිඝරෙ සූචි පක්ඛිත්තා පණ්ණවීසති, අඤ්ඤමඤ්ඤං පඝට්ටෙනති ආකිණ්ණං හොති තං තදා{1}.
417. එවම්පි නගරං මය්හං හත්ථස්සරථසඞ්කුලං, මනුස්සෙහි සදාකිණ්ණං{2} රම්මකං නගරුත්තමං.
418. තත්ථ භුත්වා පිවිත්වා{3} ච පුන දෙවත්තනං{4} ගතො, භවෙ පච්ඡිමකෙ මය්හං අහොසි කුලසම්පදා.
419. බ්රහ්මඤ්ඤකුලසම්භූතො මහාරතනසඤ්චයො, අසීතිකොටියො හිත්වා හිරඤ්ඤස්සා’පි පබ්බජිං.{5}
420-422. කිලෙසා ඣාපිතා මය්හං -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා මහාකස්සපො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
මහාකස්සපත්ථෙරස්ස අපදානං තතියං.
4. අනුරුද්ධත්ථෙරාපදානං
423. සුමෙධං භගවන්තාහං ලොකජෙට්ඨං නරාසභං, වූපකට්ඨං විහරන්තං අද්දසං ලොකනායකං.
424. උපගන්ත්වාන සම්බුද්ධං සුමෙධං ලොකනායකං, අඤ්ජලිම්පග්ගහෙත්වාන බුද්ධසෙට්ඨමයාච ‘හං.
425. “අනුකම්ප{6} මහාවීර ලොකජෙට්ඨ නරාසභ, පදීපං තෙ පදස්සාමි රුක්ඛමූලම්හි ඣායතො.”
426. අධිවාසෙසි සො ධීරො සයම්භූ වදතං වරො, දුමෙසු විනිවිජ්ඣිත්වා යන්තං යොජෙත්ව ‘හං{7} තදා.
427. සහස්සවට්ටිං පාදාසිං බුද්ධස්ස ලොකබන්ධුනො, සත්තාහං පජ්ජලිත්වාන දීපා වූපසමිංසු මෙ{8}.
428. තෙන චිත්තප්පසාදෙන චෙතනාපණිධීහි ච, ජහිත්වා මානුසං දෙහං විමානමුපපජ්ජහං.
429. උප්පන්නස්ස දෙවත්තං ව්යම්හං ආසි සුනිම්මිතං{9}, සමන්තතො පජ්ජලති දීපදානස්සි’දං ඵලං.
430. සමන්තා යොජනසතං විරොචෙසිං{10} අහං තදා, සබ්බෙ දෙවෙ අතිභොමි දීපදානස්සි’දං ඵලං.
431. තිංස කප්පානි දෙවින්දො දෙවරජ්ජමකාරයිං, න මං කෙච’තිමඤ්ඤන්ති{1} දීපදානස්සි’දං ඵලං.
432. අට්ඨවීසතික්ඛත්තුඤ්ච චක්කවත්තී අහොස’හං, දිවාරත්තිඤ්ච පස්සාමි සමන්තා යොජනං තදා.
433. සහස්සලොකං ඤාණෙන පස්සාමි සත්ථුසාසනෙ, දිබ්බචක්ඛුං අනුප්පත්තො දීපදානස්සි’දං ඵලං.
434. සුමෙධො නාම සම්බුද්ධො තිංසකප්පසහස්සි’තො, තස්ස දීපො මයා දින්නො විප්පසන්නෙන චෙතසා.
435. 436, 437. කිලෙසා ඣාපිතා -පෙ- කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා අනුරුද්ධො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
අනුරුද්ධත්ථෙරස්ස අපදානං චතුත්ථං.
5. පුණ්ණත්ථෙරාපදානං
438. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, පුරක්ඛතො’ම්හි සිස්සෙහි උපගච්ඡිං නරුත්තමං.
439. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම කම්මං පකිත්තෙසි සඞ්ඛිත්තෙන මහාමුනි.
440. තා’හං ධම්මං සුණිත්වාන අභිවාදෙත්වාන සත්ථුනො, අඤ්ජලිම්පග්ගහෙත්වාන පක්කාමිං දක්ඛිණාමුඛො.
441. සඞ්ඛිත්තෙන සුණිත්වාන විත්ථාරෙන අදෙසයිං,{2} සබ්බෙ සිස්සා{3} අත්තමනා සුත්වාන මම භාසතො.
442. සකදිට්ඨිං විනොදෙත්වා බුද්ධෙ චිත්තං පසාදයුං, සඞ්ඛිත්තෙනපි දෙසෙමි{4} විත්ථාරෙන තථෙව ‘හං.{5}
443. අභිධම්මනයඤ්ඤු’හං{6} කථාවත්ථුවිසුද්ධියො, සබ්බෙසං විඤ්ඤපෙත්වාන විහරාමි අනාසවො.
444. ඉතො පඤ්චසතෙ කප්පෙ චතුරො සුප්පකාසකා, සත්තරතනසම්පන්නා චතුදීපම්හි ඉස්සරා.
445. පටිසම්භිදා චතස්සො ච විමොක්ඛා’පි ච අට්ඨිමෙ, ඡළභිඤ්ඤා සච්ඡිකතා කතං බුද්ධස්ස සාසනං.
ඉත්ථං සුදං ආයස්මා පුණ්ණො මන්තානිපුත්තො ථෙරො ඉමා ගාථායො අභාසිත්ථාති.
පුණ්ණමන්තානිපුත්තත්ථෙරස්ස අපදානං පඤ්චමං.
6. උපාලිත්ථෙරාපදානං
446. නගරෙ හංසවතියා සුජාතො නාම බ්රාහ්මණො, අසීතිකොටිනිචයො පහූතධනධඤ්ඤවා.
447. අජ්ඣායකො මන්තධරො තිණ්ණං වෙදාන පාරගූ, ලක්ඛණෙ ඉතිහාසෙ ච සධම්මෙ{1} පාරමිං ගතො.
448. පරිබ්බාජා එකසිඛා{2} ගොතමා{3} බුද්ධසාවකා, චරකා{4} තාපසා චෙව චරන්ති මහියා තදා.
449. තෙපි මං පරිවාරෙන්ති බ්රාහ්මණො විස්සුතො ඉති, බහුජ්ජනො මං පූජෙති නාහං පූජෙමි කඤ්චනං.{5}
450. පූජාරහං න පස්සාමි මානත්ථද්ධො අහං තදා, බුද්ධොති වචනං{6} නත්ථි තාව නුප්පජ්ජතෙ ජිනො.
451. අච්චයෙන අහොරත්තා පදුමුත්තරනායකො{7}, සබ්බං තමං විනොදෙත්වා ලොකෙ උප්පජ්ජි චක්ඛුමා.
452. විත්ථාරිතෙ{8} බාහුජඤ්ඤෙ පුථුභූතෙ ච සාසනෙ, උපාගමි තදා බුද්ධො නගරං හංසසව්හයං.
453. පිතු අත්ථාය සො බුද්ධො ධම්මං දෙසෙසි චක්ඛුමා, තෙන කාලෙන පරිසා සමන්තා යොජනං තදා.
454. සම්මතො මනුජානං සො{9} සුනන්දො නාම තාපසො, යාවතා බුද්ධපරිසා පුප්ඵෙහ’ච්ඡාදයී තදා.
455. චතුසච්චං පකාසෙන්තෙ සෙට්ඨෙ ච{10} පුප්ඵමණ්ඩපෙ, කොටිසතසහස්සානං ධම්මාභිසමයො අහු.
456. සත්තරත්තින්දිවං බුද්ධො වස්සෙත්වා{11} ධම්මවුට්ඨියො,{12} අට්ඨමෙ දිවසෙ පත්තෙ සුනන්දං කිත්තයී ජිනො.
457. “දෙවලොකෙ මනුස්සෙ වා සංසරන්තො අයං භවෙ, සබ්බෙසං පවරො හුත්වා භවෙසු සංසරිස්සති.
458. කප්පසතසහස්සම්හි ඔක්කාකකුලසම්භවො, ගොතමො නාම ගොත්තෙන සත්ථා ලොකෙ භවිස්සති.
459. තස්ස ධම්මෙසු දායාදො ඔරසො ධම්මනිම්මිතො, මන්තානිපුත්තො පුණ්ණොති හෙස්සති සත්ථුසාවකො.”
460. එවං කිත්තයි සම්බුද්ධො{13} සුනන්දං තාපසං තදා, භාසයන්තො ජනං සබ්බං දස්සයන්තො සකං බලං.
461. කතඤ්ජලී නමස්සන්ති සුනන්දං තාපසං ජනා{1}, බුද්ධෙ කාරං කරිත්වාන සොධෙසි{2} ගතිමත්තනො.
462. තත්ථ මෙ අහු සඞ්කප්පො සුත්වාන මුනිනො වචං, අහම්පි කාරං කස්සාමි යථා පස්සාමි ගොතමං.
463. එවා’හං චින්තයිත්වාන කිරියං චින්තයිං{3} මමං, ක්යාහං කම්මං ආචරාමි පුඤ්ඤක්ඛෙත්තෙ අනුත්තරෙ?
464. අයඤ්ච පාඨිකො{4} භික්ඛු සබ්බපාඨීන{5} සාසනෙ, විනයෙ ච අග්ගනික්ඛිත්තො තං ඨානං පත්ථයිං{6} අහං.
465. ඉදං මෙ අමිතං භොගං අක්ඛොභං සාගරූපමං, තෙන භොගෙන බුද්ධස්ස ආරාමං මාපයිං{7} අහං.
466. සොභනං නාම ආරාමං නගරස්ස පුරත්ථතො, කීත්වා{8} සතසහස්සෙන සඞ්ඝාරාමං අමාපයිං.
467. කූටාගාරෙ ච පාසාදෙ මණ්ඩපෙ හම්මියෙ ගුහා, චඞ්කමෙ සුකතෙ කත්වා සඞ්ඝාරාමං අමාපයිං.
468. ජන්තාඝරං අග්ගිසාලං අථො උදකමාළකං, නහානඝරං මාපයිත්වා භික්ඛුසඞ්ඝස්ස’දාසහං.
469. ආසන්දියො පීඨකෙ ච පරිභොගෙ ච භාජනෙ, ආරාමිකඤ්ච භෙසජ්ජං සබ්බමෙතං අදාසහං.
470. ආරක්ඛං පට්ඨපෙත්වාන පාකාරං කාරයිං දළ්හං, මා නං කොචි විහෙඨෙසි සන්තචිත්තාන තාදිනං.
471. ආවාසං සතසහස්සෙන{9} සඞ්ඝාරාමෙ{10} අමාපයිං, වෙපුල්ලතං පාපයිත්වා{11} සම්බුද්ධං උපනාමයිං.