3354. තෙන කම්මවිපාකෙන පඤ්චභික්ඛුසතා ඉමෙ, අබ්භක්ඛානං ලභුං සබ්බෙ සුන්දරිකාය කාරණා.
3355. වෙමාතුභාතරං පුබ්බෙ ධනහෙතු හනිං අහං, පක්ඛිපිං ගිරිදුග්ගස්මිං සිලාය ච අපිංසයිං.
3356. තෙන කම්මවිපාකෙන දෙවදත්තො සීලං ඛිපි, අඞ්ගුට්ඨං පිංසයී පාදෙ මම පාසාණසක්ඛරා.
3357. පුරෙභං දාරකො හුත්වා කීළමානො මහාපථෙ, පච්චෙකබුද්ධං දිස්වාන මග්ගෙ සකලිකං ඛිපිං.{1}
3358. තෙන කම්මවිපාකෙන ඉධ පච්ඡිමකෙ භවෙ, වධත්ථං මං දෙවදත්තො අභිමාරෙ පයොජයි.
3359. හත්ථාරොහො පුරෙ ආසිං පච්චෙකමුනිමුත්තමං, පිණ්ඩාය විචරන්තං තං ආසාදෙසිං ගජෙනහං.
3360. තෙන කම්මවිපාකෙන භන්තො නාලාගිරී ගජො, ගිරිබ්බජෙ පුරවරෙ දාරුණො මං උපාගමි{2}.
3361. රාජාහං පත්ථිවො{3} ආසිං සත්තිනා පුරිසං හනිං, තෙන කම්මවිපාකෙන නිරයෙ පච්චිසං භුසං.
3362. කම්මුනො තස්ස සෙසෙන ඉදානි සකලං මම, පාදෙ ඡවිං පකොපෙසි{4} න හි කම්මං විනස්සති.
3363. අහං කෙවට්ටගාමස්මිං අහුං කෙවට්ටදාරකො, මච්ඡකෙ ඝාතිතෙ දිස්වා ජනයිං සොමනස්සකං.
3364. තෙන කම්මවිපාකෙන සීසදුක්ඛං අහූ මම, සබ්බෙ සක්කා ච හඤ්ඤිංසු යදා හනි විඩූඩභො{5}.
3365. ඵුස්සස්සාහං පාවචනෙ සාවකෙ පරිභාසයිං, යවං ඛාදථ භුඤ්ජථ මා ච භුඤ්ජථ සාලයො.{6}
3366. තෙන කම්මවිපාකෙන තෙමාසං ඛාදිතං යවං, නිමන්තිතො බ්රාහ්මණෙන වෙරඤ්ජායං වසිං{7} තදා.
3367. නිබ්බුද්ධෙ වත්තමානම්හි මල්ලපුත්තං නිහෙඨයිං{8}, තෙන කම්මවිපාකෙන පිට්ඨිදුක්ඛං මමං අහුං.
3368. තිකිච්ඡකො අහං ආසිං සෙට්ඨිපුත්තං විරෙචයිං, තෙන කම්මවිපාකෙන හොති පක්ඛන්දිකා මම.
3369. අවචාහං ජොතිපාලො සුගතං කස්සපං තදා, කුතො නු බොධි මුණ්ඩස්ස බොධි පරමදුල්ලභා.
3370. තෙන කම්මවිපාකෙන අචරිං දුක්කරං බහුං, ඡබ්බස්සානුරුවෙලායං තතො බොධිමපාපුණිං.
3371. නාහං එතෙන මග්ගෙනන පාපුණිං බොධිමුත්තමං, කුම්මග්ගෙන ගවෙසිස්සං පුබ්බකම්මෙන චාරිතො.
3372. පුඤ්ඤපාපපරික්ඛීණො සබ්බසන්තාපවජ්ජිතො, අසොකො අනුපායාසො නිබ්බායිස්සමනාසවො.
3373. එවං ජිනො වියාකාසි භික්ඛුසඞ්ඝස්ස අග්ගතො, සබ්බාභිඤ්ඤාබලප්පත්තො අනොතත්තෙ මහාසරෙ.
ඉත්ථං සුදං භගවා අත්තනො පුබ්බචරිතං පුබ්බකම්මපිලොතිකං{1} නාම ධම්මපරියායං අභාසි.
පුබ්බකම්මපිලොතිකං නාම බුද්ධාපදානං දසමං.
උද්දානං:
අවණ්ටං ලබුජඤ්චෙව උදුම්බරපිලක්ඛු ච ඵාරු වල්ලි ච කාදලී පනසො කොටිවීසකො පුබ්බකම්මපිලොති ච අපදානං මහෙසිනො ගාථායො එකනවුති ගණිතායො විභාවිහි.
අවණ්ටඵලවග්ගො එකූනචත්තාළීසතිමො.
40. පිළින්දිවච්ඡවග්ගො
391. පිළින්දිවච්ඡත්ථෙරාපදානං.
3374. නගරෙ හංසවතියා ආසිං දොවාරිකො අහං, අක්ඛොභං අමිතං භොගං ඝරෙ සන්නිචිතං මම.
3375. රහො ගතො නිසීදිත්වා සම්පහංසිත්ව{2} මානසං, නිසජ්ජ පාසාදවරෙ එවං චින්තෙසහං තදා.
3376. බහූ{3} මෙ’ධිගතා භොගා ඵීතං අන්තෙපුරං මම, රාජාපි සන්නිමන්තෙසි ආනන්දො පඨවිස්සරො{4}.
3377. අයඤ්ච බුද්ධො උප්පන්නො අධිච්චුප්පත්තිකො මුනි, සංවිජ්ජන්ති ච මෙ භොගා දානං දස්සාමි සත්ථුනො.
3378. පදුමෙන රාජපුත්තෙන දින්නං දානවරං ජිනෙ, හත්ථිනාගෙ ච පල්ලඞ්කෙ අපස්සෙනඤ්ච’නප්පකං.
3379. අහම්පි දානං දස්සාමි සඞ්ඝෙ ගණවරුත්තමෙ, අදින්නපුබ්බමඤ්ඤෙසං භවිස්සං ආදිකම්මිකො.
3380. චින්තෙත්වාහං බහුවිධං යාගෙ යස්ස සුඛං ඵලං, පරික්ඛාරදානමද්දක්ඛිං මම සඞ්කප්පපූරණං.
3381. පරික්ඛාරානි දස්සාමි සඞ්ඝෙ ගණවරුත්තමෙ, අදින්නපුබ්බමඤ්ඤෙසං භවිස්සං ආදිකම්මිකො.
3382. නළකාරෙ උපාගම්ම ඡත්තං කාරෙසිං තාවදෙ, ඡත්තසතසහස්සානි එකතො සන්නිපාතයිං.
3383. දුස්සසතසහස්සානි එකතො සන්නිපාතයිං, පත්තසතසහස්සානි එකතො සන්නිපාතයිං.
3384. වාසියො සත්ථකෙ චාපි සූචියො නඛඡෙකෙ{1}, හෙට්ඨා ඡත්තෙ ලග්ගාපෙසිං{2} කාරෙත්වා තදනුච්ඡවෙ.
3385. විධූපනෙ තාලවණෙට මොරහත්ථෙ ච චාමරෙ, පරිස්සාවනෙ තෙලධරෙ{3} කාරයිං තදනුච්ඡවෙ.
3386. සූචිඝරෙ අංසබන්ධෙ අථොපි කායබන්ධනෙ, ආධාරකෙ ච සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
3387. පරිභොගභාජනෙ ච අථොපි ලොහථාලකෙ, භෙසජ්ජෙ පූරයිත්වාන හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
3388. වචං උසීරං ලට්ඨිමධුං පිප්ඵලී මරිචානි ච, හරීතකිං සිඞ්ගිවෙරං{4} සබ්බං පූරෙසිං භාජනෙ.
3389. උපාහනෙ{5} පාදුකායො අථො උදකපුඤ්ඡනෙ, කත්තරදණ්ඩෙ සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
3390. ඔසධඤ්ජනනාළී ච{6} සලාකා ධම්මකුත්තරා, කුඤ්චිකා පඤ්චවණ්ණෙහි සිබ්බිතෙ කුඤ්චිකාඝරෙ.
3391. ආයොගෙ ධූමනෙත්තෙ ච අථොපි දීපධාරකෙ, තුම්බකෙ ච කරණ්ඩෙ ච කාරයිං තදනුච්ඡවෙ.
3392. සණ්ඩාසෙ පිප්ඵලෙ චෙව අථොපි මලහාරකෙ, භෙසජ්ජථවිකෙ චෙව කාරයිං තදනුච්ඡවෙ.
3393. ආසන්දියො පීඨකෙ ච පල්ලඞ්කෙ චතුරොමයෙ, තදනුච්ඡවෙ කාරයිත්වා හෙට්ඨාඡත්තෙ ඨපෙසහං.
3394. උණ්ණාභිසී තූලභිසී අථොපි පීඨිකාභිසී{1}, බිම්බොහනෙ{2} ච සුකතෙ කාරයිං තදනුච්ඡවෙ.
3395. කුරුවින්දෙ මධුසිත්ථෙ තෙලං හත්ථප්පතාපකං, සිපාටී ඵලකෙ සූචි මඤ්චමත්ථරණෙන ච.
3396. සෙනාසනෙ පාදපුඤ්ඡෙ සයනාසනදණ්ඩකෙ, දන්තපොණෙ ච ආටලී සීසාලෙපනගන්ධකෙ.
3397. අරණී පලාලපීඨෙ{3} ච පත්තපිධානථාලකෙ, උදකස්ස කටච්ඡු ච චුණ්ණකං රජනම්මණං{4}.
3398. සම්මජ්ජනිං{5} උදපත්තං තථා වස්සිකසාටිකං, නිසීදනං කණ්ඩුඡාදී අථ අන්තරවාසකං.
3399. උත්තරාසඞ්ගසඞ්ඝාටී නත්ථුකං මුඛසොධනං, බිලඞ්ගලොණං පහූතං ච මධුඤ්ච දධිපානකං.
3400. ධූපං සිත්ථං පිලොතිඤ්ච මුඛපුඤ්ඡනසුත්තකං, දාතබ්බං නාම යං අත්ථි යං ච කප්පති සත්ථුනො.
3401. සබ්බමෙතං සමානෙත්වා ආනන්දං උපසඞ්කමිං, උපසඞ්කම්ම රාජානං ජනෙතාරං මහෙසිනො{6}, සිරසා අභිවාදෙත්වා ඉදං වචනමබ්රවිං:
3402. එකතො ජාතසංවද්ධා උභින්නං එකතො මනං{7}, සාධාරණා සුඛදුක්ඛෙ උභො ච අනුවත්තකා.
3403. අත්ථි චෙතසිකං දුක්ඛං තවාධෙය්යං අරින්දම, යදි සක්කොසි තං දුක්ඛං විනොදෙය්යාසි ඛත්තිය.
3404. තව දුක්ඛං මමං{8} දුක්ඛං උභින්නං එකතො මනං{9}, නිට්ඨිතන්ති විජානාහි මමාධෙය්යං සචෙ තුවං.
3405. ජානාහි මෙ මහාරාජ දුක්ඛං මෙ දුබ්බිනොදයං, පහූ සමානො ගජ්ජස්සු එකං තෙ දුච්චජං වරං.
3406. යාවතා විජිතං අත්ථි යාවතා මම ජීවිතං, එතෙහි යදි තෙ අත්ථො දස්සාමි අවිකම්පිතො.
3407. ගජ්ජිතං ඛො තයා දෙව මිච්ඡා තං බහුගජ්ජිතං, ජානිස්සාමි තුවං අජ්ජ සබ්බධම්මෙ පතිට්ඨිතං.
3408. අතිබාළ්හං තිපීළෙසි දදමානස්ස මෙ සතො, කින්තෙ මෙ පීළිතෙනත්ථො පත්ථිතං තෙ කථෙහි මෙ.
3409. ඉච්ඡාමහං මහාරාජා බුද්ධසෙට්ඨමනුත්තරං, භොජයිස්සාමි සම්බුද්ධං වජ්ජං මෙ මාහු ජීවිතං.
3410. අඤ්ඤං තෙහං වරං දම්මි මා යාචිත්ථො තථාගතං{1}, අදෙය්යො කස්සචි බුද්ධො මණිජොතිරසො යථා.
3411. නනු තෙ ගජ්ජිතං දෙව යාව ජීවිතමත්තනො,{2} ජීවිතං දදමානෙන යුත්තං දාතුං තථාගතං.
3412. ඨපනීයො මහාවීරො අදෙය්යො කස්සචි ජිනො, න මෙ පටිස්සුතො බුද්ධො චරස්සු අමිතං ධනං.
3413. විනිච්ඡයං පාපුණාම පුච්ඡිස්සාමි විනිච්ඡයෙ, යථාසන්තං{3} කථෙස්සන්ති පටිපුච්ඡාම තං තථා.
3414. රඤ්ඤො හත්ථෙ හහෙත්ථාන අගමාසිං විනිච්ඡයං, පරතො අක්ඛදස්සානං ඉදං වචනමබ්රවිං.
3415. සුණන්තු මෙ අක්ඛදස්සා ජීවිතම්පි පචාරයී{4}, න කිඤ්චි ඨපයිත්වාන රාජා වරමදාසි මෙ{5}.
3416. තස්ස මෙ වරදින්නස්ස බුද්ධසෙට්ඨං වරිං අහං, සුදින්නො හොති මෙ බුද්ධො අථවා{6} සංසයං මම.
3417. සොස්සාම තව වචනං භූමිපාලස්ස රාජිනො, උභින්නං වචනං සුත්වා ඡින්දිස්සාමෙත්ථ සංසයං.
3418. සබ්බං දෙව තයා දින්නං ඉමස්ස සබ්බගාහිකං{7}, න කිඤ්චි ඨපයිත්වාන ජීවිතම්පි පවාරයි.
3419. කිච්ඡප්පත්තොව හුත්වාන යාචී චරමනුත්තරං{1}, ඉමං සුදුක්ඛිතං ඤාත්වා අදාසිං සබ්බගාහිකං.
3420. පරාජයො තවං{2} දෙව, අස්ස දෙය්යො තථාගතො, උභින්නං සංසයො ඡින්නො යථාසන්තම්හි{3} තිට්ඨථ.
3421. රාජා තත්ථෙව ඨත්වාන අක්ඛදසෙස්තදබ්රවි, සම්මා මය්හම්පි දෙය්යාථ පුන බුද්ධං ලභාමහං.
3422. පූරෙත්වා තව සඞ්කප්පං භොජයිත්වා තථාගතං, පුන දෙය්යාසි සම්බුද්ධං ආනන්දස්ස යසස්සිනො.
3423. අක්ඛදස්සෙ’භිවාදෙත්වා ආනන්දඤ්චාපි ඛත්තියං, තුට්ඨො පමුදිතො හුත්වා සම්බුද්ධමුපසඞ්කමිං.
3424. උපසඞ්කම්ම සම්බුද්ධං ඔඝතිණ්ණමනාසවං, සිරසා අභිවාදෙත්වා ඉදං වචනමබ්රවිං.
3425. වසීසතසහස්සෙහි අධිවාසෙහි චක්ඛුම, හාසයන්තො මමං{4} චිත්තං නිවෙසනමුපෙහි මෙ.
3426. පදුමුත්තරො ලොකවිදූ ආහුතීනං පටිග්ගහො, මම සඞ්කප්පමඤ්ඤාය අධිවාසෙසි චක්ඛුමා,
3427. අධිවාසනමඤ්ඤාය අභිවාදිය සත්ථුනො, හට්ඨො උදග්ගචිත්තොහං නිවෙසනමුපාගමිං.
3428. මිත්තාමච්චෙ සමානෙත්වා ඉදං වචනමබ්රවිං, සුදුල්ලභො මයා ලද්ධො මණි ජොතිරසො යථා.
3429. කෙන තං පූජයිස්සාම අප්පමෙය්යො අනූපමො, අතුලො අසමො ධීරො ජිනො අප්පටිපුග්ගලො.
3430. තථා සමසමො චෙව අදුතියො නරාසභො, දුක්කරං අධිකාරං හි බුද්ධානුච්ඡවිකං මයා.
3431. නානාපුප්ඵෙ සමානෙත්වා කරොම පුප්ඵමණ්ඩපං, බුද්ධානුච්ඡවිකං එතං සබ්බපූජා භවිස්සති.
3432. උප්පලං පදුමං වාපි වස්සිකං අධිමුත්තකං, චම්පකං නාගපුප්ඵඤ්ච මණ්ඩපං කාරයිං අහං.
3433. සතාසනසහස්සානි ඡත්තච්ඡායාය පඤ්ඤපිං, පච්ඡිමං ආසනං මය්හං අධිකං සතමග්ඝති.
3434. සතාසනසහස්සානි ඡත්තච්ඡායාය පඤ්ඤපිං, පටියාදෙත්වා අන්නපානං කාලමාරොචයිං අහං.
3435. ආරොචිතම්හි කාලම්හි පදුමුත්තරො මහාමුනි, වසි සතසහස්සෙහි නිවෙසනමුපෙසි මෙ.
3436. ධාරෙන්තමුපරිච්ඡත්තෙ{1} සුඵුල්ලපුප්ඵමණ්ඩපෙ, වසීසතසහස්සෙහි නිසීදි පුරිසුත්තමො.
3437. ඡත්තසතසහස්සානි සතසහස්සමාසනං, කප්පියං අනවජ්ජඤ්ච පටිගණ්හාහි චක්ඛුම.
3438. පදුමුත්තරො ලොවිදූ ආහුතීනං පටිග්ගහො, මමං තාරෙතුකාමො සො සම්පටිච්ඡි මහාමුනි.
3439. භික්ඛුනො එකමෙකස්ස පච්චෙකං පත්තදාසහං, ජභිංසු පුබ්බකං{2} පත්තං ලොහපත්තමධාරයුං.
3440. සත්තරත්තින්දිවං බුද්ධො නිසීදි පුප්ඵමණ්ඩපෙ, බොධයන්තො බහූ සත්තෙ ධම්මචක්කං පවත්තයී.
3441. ධම්මචක්කං පවත්තෙන්තෙ{3} හෙට්ඨතො පුප්ඵමණ්ඩපෙ, චුල්ලාසීතිසහස්සානං ධම්මාභිසමයො අහු.
3442. සත්තමෙ දිවසෙ පත්තෙ පදුමුත්තරො මහාමුනි, ඡත්තච්ඡායාය මාසීනො ඉමා ගාථා අභාසථ:
3443. “අනූනකං දානවරං යො මෙ පාදාසි මාණවො, තමහං කිත්තයිස්සාමි සුණොථ මම භාසතො.
3444. හත්ථි අස්සා රථා පත්තී සෙනා ච චතුරඞ්ගිනී, පරිවාරෙස්සන්ති’මං{4} නිච්චං සබ්බදානස්සිදං ඵලං.
3445. හත්ථියානං අස්සයානං සිවිකා සන්දමානිකා, උපට්ඨිස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.
3446. සට්ඨිරථසහස්සානි සබ්බාලඞ්කාරභූසිතා, පරිවාරෙස්සන්ති’මං නිච්චං සබ්බදානස්සිදං ඵලං.