ආවාසමාත්සර්‍ය්‍ය ය, කුලමාත්සර්‍ය්‍ය ය, ලාභමාත්සර්‍ය්‍ය ය, වර්‍ණමාත්සර්‍ය්‍ය ය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්‍ම පස ප්‍රහීණ කොට [ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය] උපයා වාසය කරන්නට නිසි වෙයි.
5. 6. 1. 14-17.
[සෝතාපත්ති ඵලාදිසච්ඡිකිරියා සූත්‍ර]
[සැවැත්නිදාන යි]
14-17. මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... අර්‍හත් ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි. කවර පසෙක යත්;
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යයය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත්ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවාන් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමි ඵලය ... රහත් ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, ධර්‍මමාත්සර්‍ය්‍ය යි.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට ශ්‍රෝතාපත්තිඵලය ... සකෘදාගාමිඵලය ... අනාගාමිඵලය ... අර්‍හත්ඵලය සාක්‍ෂාත් කරන්නට භව්‍ය වෙයි.
5. 6. 1. 18-21.
[අපරසෝතාපතතිඵලාදි සච්ඡිකිරියා සූත්‍ර]
[සැවැත්නිදාන යි]
18-21. මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමි ඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි නො වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යයය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ නො කොට සෝවත් ඵලය … සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නො නිසි වෙයි
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත්ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි. කවර පසෙක යත්:
ආවාසමාත්සර්‍ය්‍යය, කුලමාත්සර්‍ය්‍යය, ලාභමාත්සර්‍ය්‍යය, වර්‍ණමාත්සර්‍ය්‍යය, අකෘතඥතා අකෘතවේදිතා යි.
මහණෙනි, මේ ධර්‍මපස ප්‍රහීණ කොට සෝවත් ඵලය සාක්‍ෂාත් කරන්නට ... සෙදගැමිඵලය ... අනගැමිඵලය ... රහත්ඵලය සාක්‍ෂාත් කරන්නට නිසි වෙයි.
උපසම්පදාවර්‍ගය පළමුවැනි යි.
වර්‍ගාතිරෙක සූත්‍ර
[භත්තුද්දෙසක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
ඡන්‍දයෙන් අගතියට යෙයි. ද්වේෂයෙන් අගතියට යෙයි. මෝහයෙන් අගතියට යෙයි. භයෙන් අගතියට යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව නො දනී.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත නො කටයුත්තේ ය.
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ ය. කවර පසෙකින් යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි. ද්වේෂයෙන් අගතියට නො යෙයි. මෝහයෙන් අගතියට නො යෙයි. භයෙන් අගතියට නො යෙයි. උදෙසන ලද නො උදෙසන ලද බව දනියි.
මහණෙනි, මෙ කරුණු පසෙකින් සමන්‍වාගත භක්තෝද්දේශක මහණ සම්මත කටයුත්තේ යයි.
[දුතිය භත්තුද්දෙසකාදි සූත්‍ර]
[සැවැත්නිදාන යි]
2-5. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ නමුදු [බත් උදෙසනු සඳහා] නො යැවිය යුතු ... [ කවර පසෙකින් යත්: ඡන්‍දාගතියට යෙයි ...]
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ සම්මත කටයුතු, සම්මත වූයේ [බත් උදෙසනු සඳහා] යැවිය යුතු ... [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ] බාලයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත බත් උදෙසන මහණ] පණ්ඩිතයෙකැ යි දතයුතු. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] සාරා දමන ලද ගුණ ඇති නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: … ඡන්‍දයෙන් අගතියට යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] නො සාරා දැමූ ගුණ ඇති නො නසන ලද ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි. [කවර පසෙකින් යත්: ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය ... [ඡන්‍දයෙන් අගතියට යයි ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත භත්තුද්දෙසක] ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:]
ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, උදෙසන ලද නො උදෙසන ලද බව දනී.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත බත් උදෙසන මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යි.
[සේනාසනපඤ්ඤාපකාදි සූත්‍ර]
[සැවැත්නිදාන යි]
6. මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සේනාසන පඤ්ඤාපක මහණ සම්මත නො කටයුතු. කවර පසෙකින යත්:
ඡන්‍දයෙන් අගතියට යෙයි, ද්වේෂයෙන් අගතියට යෙයි, මෝහයෙන් අගතියට යෙයි, භයෙන් අගතියට යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් නො දනියි.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත නො කටයුතු.
මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත කළ යුතු. කවර පසෙකින් යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, පනවන ලද නො පනවන ලද සෙනසුන් දනියි.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත සෙනසුන් පනවන මහණ සම්මත කටයුත්තේ යි.
7. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත සෙනසුන් ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් සෙනසුන් නො දනියි. ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සෙනසුන් ගන්වන මහණ සම්මතකටයුතු ... ගත් නො ගත් සෙනසුන් දනියි ...
8. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] භාණ්ඩාගාරික මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට නො යෙයි ...] ගෝපනය කළ නො කළ භාණ්ඩය දනී ...
9. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත නො කටයුතු ... [ඡන්‍දයෙන් අගතියට යෙයි ...] ගත් නො ගත් සිවුරු නො දනියි ...
[මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත] සිවුරු පිළිගන්නා මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් සිවුරු දනියි.
10. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු බෙදන මහණ සම්මත නො කටයුතු ... බෙදූ නො බෙදූ සිවුරු නො දනී ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සිවුරු බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ සිවුරු දනියි ...
11. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හුළුකැන් බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ හුළුකැන් දනියි ...
12. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඵල බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඵල නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඵල බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඵල දනී ...
13. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඛාද්‍ය බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්‍ය නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ඛාද්‍ය බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ ඛාද්‍ය දනී ...
14. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත නො කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] මඳ පිරිකර බෙදන මහණ සම්මත කටයුතු … බෙදූ නො බෙදූ පිරිකර දනියි ...
15. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් වැසිසළු නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] වැසිසළු ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් වැසිසළු දනියි ...
16. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] පාත්‍රය ගන්වන මහණ සම්මත නො කටයුතු ... ගත් නො ගත් පාත්‍රය නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] පාත්‍රය ගන්වන මහණ සම්මත කටයුතු ... ගත් නො ගත් පාත්‍රය දනියි ...
17. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා නො දනියි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] ආරාමිකයන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ ආරාමිකයා දනී ...
18. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත නො කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු නොදනි ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] හෙරණුන් මෙහෙයන මහණ සම්මත කටයුතු ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු දනියි ...
19. [මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සාමණරපෙසක මහණ සම්මත නො කටයුතු. සම්මත වූයේ ද නො මෙහෙයන්නේය ...
[මහණෙනි, පස්කරුණෙකින් සමන්‍වාගත] සාමණේරපෙසක මහණ සම්මත කටයුතු. සම්මත වූයේ මෙහෙයන්නේය ...
20. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසෙක බාල මහණ] දතයුතු … [ඡන්‍දාගතියට යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනී ...]
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක පණ්ඩිත මහණ] දතයුතු ... [ඡන්‍දාගතියට නො යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් දනී ...]
21. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] සාරා දැමූ ගුණ ඇති නැසූ ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි ... [ඡන්‍දාගතියට යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනී ...]
මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ නො සාරාලූ ගුණ ඇති නො නැසූ ගුණ ඇති ආත්මය පරිහරණ කෙරෙයි ... [ඡන්‍දාගතියට නො යේ ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් දනී ...]
22. [මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය ... මෙහෙයූ නො මෙහෙයූ හෙරණුන් නො දනියි ...
[මහණෙනි, කරුණු පසෙකින් සමන්‍වාගත සාමණේර පෙසක මහණ] ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ ය ... කවර පසෙකින් යත්:
ඡන්‍දයෙන් අගතියට නො යෙයි, ද්වේෂයෙන් අගතියට නො යෙයි, මෝහයෙන් අගතියට නො යෙයි, භයෙන් අගතියට නො යෙයි, මෙහෙයූ නො මෙහෙයූ හෙරණහු දනී.
මහණෙනි, මෙ පස් කරුණෙන් සමන්‍වාගත හෙරණුන් මෙහෙයන මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් ස්වර්‍ගයෙහි උපදනේ යයි.
[භික්ඛු සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ ය. කවර පසෙකින් යත්:
ප්‍රාණවධ කරනුයේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. අබ්‍රම්සැරි වෙයි. මුසවා කියනුයේ වෙයි. මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානය කරනුයේ වේ.
මහණෙනි, මෙ කරුණු පසින් සමන්‍වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් නිරයෙහි උපදනේ වෙයි.
මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත මහණ ගෙණවුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ ය. කවර පසෙකින් යත්:
ප්‍රාණවධයෙන් වැළකුනේ වෙයි, අයිනාදන් ගැනීමෙන් වැළකුනේ වෙයි, අබ්‍රම්සරින් වැළකුනේ වෙයි, මුසාවාදයෙන් වැළකුනේ වෙයි, මදප්‍රමාදයට කරුණු වූ රහමෙර පානයෙන් වැළකුනේ වේ.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත මහණ ගෙණ වුත් තබන ලද්දකු සෙයින් දෙව්ලොව උපදනේ වේ ය යි.
[භික්ඛුනී සූත්‍රාදිය]
[සැවැත්නිදාන යි]
2-7. මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත මෙහෙණ ... සික්මන් ... හෙරණ ... හෙරැණි ... උවසු ... උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
ප්‍රාණවධ කරන්නී වෙයි, අයිනාදන් ගන්නී වෙයි, කාමයෙහි මිසහසර ඇත්තී වෙයි, මුසවා කියන්නී වෙයි, මදයට හා පමාවට කරුණු වූ රහමෙර පානය කරන්නී වේ.
මහණෙනි, මෙ පස් කරුණින් සමන්‍වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් නිරයෙහි උපදින්නී වේ.
මහණෙනි, පස් කරුණෙකින් සමන්‍වාගත උවැසි ගෙණවුත් තබන ලද්දක සෙයින් ස්වර්‍ගයෙහි උපදින්නී වෙයි. කවර පසෙකින් යත්:
ප්‍රාණවධයෙන් වැළකුනී වෙයි, අයිනාදනින් වැළකුනී වෙයි, කාමයෙහි මිසහසරින් වැළකුනී වෙයි, මුසාවායෙන් වැළකුනී වෙයි, මදප්‍රමාදකාරණ වූ රහමෙරින් වැළකුනී වේ.
මහණෙනි, මෙ පස් දහමින් සමන්‍වාගත උවැසි ගෙණ වුත් තබන ලද්දක සෙයින් ස්වර්‍ගයෙහි උපදින්නී වේ යයි.