Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 7801-7900 න් 15980

සුන් ලොවුතුරු දහම් ඇතියේ පරිජි අවන්නේ හෝ වෙයි. අභ්‍යන්තර කිලිටි සහිත ඇවතකට හෝ අවදනේ ය. දැඩි රෝගෝපද්‍රවයෙක් හෝ පහස්නේ ය. සම්මූඪ ව කාලක්‍රියා කරන්නේ ය. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙන්නේ ය.
මහණෙනි, යම් මහණෙක් සබ්‍රම්සරුන්හට ආක්‍රෝශ පරිභව කරන්නේ ආර්‍ය්‍යෝපවාදී වේ නම්, ඔහු විසින් මේ ආදීනව පස කැමැති වියයුතු යයි.
5. 5. 2. 2.
[භණ්ඩනකාරක සූත්‍රය]
[සැවැත්නිදාන යි]
12. මහණෙනි, යම් මහණෙක් ඩබරකරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පසෙක් කැමති වියයුතු යි. කවර පසෙක යත්:
අනධිගත ගුණවිශේෂය නො ලබන්නේ ය. අධිගත ගුණවිශේෂය පිරිහෙයි. පාපක කීර්තිශබ්දය නැඟෙයි. සම්මූඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති නම් වූ විනිපාත නම් වූ නිරයට එළඹෙයි.
මහණෙනි, යම් මහණෙක් ඩබර කරන්නේ කලහ කරන්නේ විවාද කරන්නේ වාක්කලහ කරන්නේ සඟුන් කෙරෙහි අධිකරණ කරන්නේ නම්, ඔහු විසින් ආදීනව පස කැමති වියයුතු යි.
5. 5. 2. 3.
[සීල සූත්‍රය]
[සැවැත්නිදාන යි]
13. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි (=සිල්බිඳීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙහි ශීලවිපන්න (=ශීලවිපත්තියට පත්) ගිහි දුශ්ශීලයා ප්‍රමාදය නිසා මහත් භොග හානියට, (පැවිදි දුශ්ශීලයා සප්තාර්‍ය්‍යධ්‍යානහානියට) පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීල විපත්තියෙහි මේ පළමුවන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයාගේ පවිටු කීර්ති ඝෝෂය නැඟේ. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ දෙවන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි යම් යම් පිරිසකට එළඹේ නම්, අවිශාරද (බියසහිත) වූයේ සැක සහිත වූයේ එළඹෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ තුන්වන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා මුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ සිව් වන ආදීනවය යි.
තවද මහණෙනි, ශීලවිපන්න දුශ්ශීලයා කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි. මහණෙනි, දුශ්ශීලයාට ශීලවිපත්තියෙහි මේ පස්වන ආදීනවය යි.
මහණෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, සිල්වතාගේ ශීලසම්පත්තියෙහි (=සිල් පිරීමෙහි) මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
මහණෙනි, මෙහි සීලසම්පන්න සිල්වත් (ගිහියා) අප්‍රමාදය නිසා මහත් භොග රාශිය (පැවිද්දා ආර්‍ය්‍ය ධනය) ලබයි. මහණෙනි, සිල්වත්හුගේ සීලසම්පත්තියෙහි මේ පළමුවන අනුසස යි.
තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත්හට යහපත් කීර්ති ඝෝෂයෙක් නැඟේ. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ දෙවන අනුසස යි.
තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් යම් යම් පිරිසකට ක්‍ෂත්‍රිය පිරිසකට වේවයි බ්‍රාහ්මණ පිරිසකට වේවයි ගෘහපති පිරිසකට වේවයි ශ්‍රමණ පිරිසකට වේවයි එළඹේ නම්, විශාරද (නිර්භීත) වූයේ නිසැක වූයේ එළඹෙයි. මහණෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තියෙහි මේ තුන්වන අනුසස යි.
තවද මහණෙනි, ශීලසම්පන්න සිල්වත් නොමුළා වූයේ කලුරිය කෙරෙයි. මහණෙනි, සිල්වත්හට සීලසම්පත්තියෙහි මේ සිව්වන අනුසස යි.
තවද මහණෙනි, ශීලවසම්පන්න සිල්වත් කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි, සිල්වත්හට ශීලසම්පත්ති යෙහි මේ පස්වන අනුසස යි.
මහණෙනි, මේ සිල්වත්හට ශීලසම්පදාවෙහි අනුසස් පස යි. (මේ සූත්‍රය ගිහි පැවිදි දෙපසට ම සුදුසුසේ යෙදේ.)
5. 5. 2. 4.
[බහුභාණී සූත්‍රය]
[සැවැත්නිදාන යි]
14. මහණෙනි, බහුභාණී (ප්‍රඥාවෙන් නො පිරිසිඳ බොහෝ කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
බොරු කියයි. පිසුනු කියයි. රළුබස් කියයි. හිස්බස් කියයි. කය බිඳීමෙන් මරණින් මතු අපාය වූ දුගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, මේ බහුභාණී පුද්ගලයා කෙරෙහි ආදීනව පස යි.
මහණෙනි, මන්තභාණී (=නුවණින් දැන කථාකරණ) පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොරු නො කියයි. පිසුනු නො කියයි. රළුබස් නො කියයි. හිස්බස් නො කිය යි. කය බිඳීමෙන් මරණින් මතු සුගති වූ ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහණෙනි. මේ මන්තභාණී පුද්ගලයා කෙරෙහි අනුසස් පස යි.
5. 5. 2. 5.
[ප්‍රථම අක්ඛන්ති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
15. මහණෙනි, අක්‍ෂාන්තියෙහි (මෙරමා වරද නො ඉවසීමෙහි) මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. වෛර බහුල ද වෙයි. වද්‍ය බහුල ද වෙයි. සම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ ආදීනව පස යි.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. වෛර බහුල නො වේ. වද්‍ය බහුල නො වේ. අසම්මූඪ ව කලුරිය කෙරෙයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයට පැමිණෙයි.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 6.
[ද්විතීය අක්ඛන්ති සූත්‍රය]
[සැවැත්නිදාන යි]
16. මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට අප්‍රිය අමනාප වෙයි. රෞද්‍ර ද වෙයි. විපිළිසර ඇති යේ ද වෙයි. මුළා වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අක්‍ෂාන්තියෙහි මේ දොස් පස යි.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
බොහෝ දෙනාට ප්‍රිය මනාප වෙයි. රෞද්‍ර ද නො වෙයි. විපිළිසර ඇතියේ ද නො වෙයි. මුළා නො වූ සිහි ඇතියේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ග ලෝකයෙහි උපදනේ ය.
මහණෙනි, ක්‍ෂාන්තියෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 7.
[ප්‍රථම අපාසාදික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
17. මහණෙනි, අප්‍රාසාදිකයා කෙරෙහි මේ දොස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද කෙරෙයි. විඥයෝ දැන ගර්‍හා කරත්. ලාමක කීර්තිශබ්දයෙක් නැඟෙයි. සම්මූඪ ව කලුරිය කරයි. කාබුන් මරණින් මතු අපාය නම් වූ දුර්‍ගති වූ විනිපාත වූ නිරයට පැමිණෙයි.
මහණෙනි, අප්‍රාසාදිකයා කෙරෙහි මේ දොස් පස යි.
මහණෙනි, ප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
තෙමේත් තමහට උපවාද නො කරයි. විඥයෝ දැන පසස්නාහ. කලණකිත්හඬ නැඟෙයි. අසම්මුඪ වූයේ කලුරිය කරයි. කාබුන් මරණින් මතු සුගති ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
මහණෙනි, ප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 8.
[ද්විතීය අපාසාදික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
18. මහණෙනි, අප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
නො පහන්හු නො පහදනාහ. පහන් වූ ද ඇතැමුන්ගේ අන්‍යථාත්‍වය (කළකිරීම) වෙයි. ශාස්තෘ ශාසනය නො කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත නො පහදී.
මහණෙනි, අප්‍රාසාදික පුද්ගලයා කෙරෙහි මේ දොස් පස යි.
මහණෙනි, ප්‍රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අප්‍රසන්නයෝ පහදනාහ. ප්‍රසන්නයන්ගේ ද භූයෝභාවය වෙයි. ශාස්තෘශාසනය කරණ ලද වෙයි. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණෙයි. ඔහුගේ සිත පැහැදෙයි.
මහණෙනි, ප්‍රාසාදිකයා කෙරෙහි මේ අනුසස් පස යි.
5. 5. 2. 9.
[අග්ගි සූත්‍රය]
[සැවැත්නිදාන යි]
19. මහණෙනි, ගින්නෙහි මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
ඇසට අහිත වෙයි. දුර්වර්‍ණ කරනුයේ වෙයි. දුර්‍වල කරනුයේ වෙයි. ගණසඞ්ගණිකා වඩනුයේ වෙයි. තිරශ්චීනකථා පිණිස පවත්නේ වේ.
මහණෙනි, අගතියෙහි මේ පස් ආදීනව යි.
5. 5. 2. 10.
[මධුරා සූත්‍රය]
[සැවැත්නිදාන යි]
20. මහණෙනි, මධුරානගරයෙහි මේ ආදීනව පසෙක. කවර පසෙක යත්:
විෂම වූයේ ය. බොහෝ රජස් ඇතියේ ය. සැඩ ශුනකයන් ඇතියේ ය. ව්‍යාල යක්‍ෂයන් ඇතියේ ය. දුර්‍ලභ පිණ්ඩපාත ඇතියේ ය.
මහණෙනි, මධුරායෙහි මේ පස් ආදීනව යි.
අක්කෝසක වර්‍ගය දෙවැනි යි.
එහි උද්දානය:
අක්කෝසක සූත්‍රය, භණ්ඩන සූත්‍රය, සීල සූත්‍රය, බහුභාණී සූත්‍ර ය, අක්ඛන්ති සූත්‍රදෙක ය, අපාසාදික සූත්‍ර දෙක ය, අග්ගි සූත්‍ර ය, මධුරා සූත්‍රය දැ යි සූත්‍ර දශයෙකි.
3. දීඝචාරික වර්‍ගය
5. 5. 3. 1.
[ප්‍රථම දීඝචාරික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
21. මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත (අනියම්) චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අශ්‍රැත ධර්‍මය නො අසයි. ශ්‍රැතය පිරිසිදු නො කෙරෙයි. මඳ මඳ ව ඇසූ ධර්‍මයෙන් අවිසාරද (සොම්නසට නො පැමිණියේ) වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නොවෙයි.
මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අනියම් චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පස යි.
මහණෙනි, සමවස්ථිත (අවස්ථානුරූප) චාරිකායෙහි මේ අනුසස් පසෙකි. කවර පසෙක යත්:
අශ්‍රැත ධර්‍මය අසයි. ශ්‍රැතය පිරිසිදු කෙරෙයි. අසන ලද ඇතැම් ශ්‍රැතයෙන් විසාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව නො පහස්නේ වෙයි. මිතුරන් ඇතියේද වෙයි.
මහණෙනි, මේ සමවස්ථිත චාරිකායෙහි අනුසස් පස යි.
5. 5. 3. 2.
[ද්විතීය දීඝචාරික සූත්‍රය]
[සැවැත්නිදාන යි]
22. මහණෙනි, දීර්‍ඝචාරිකාවෙහි අවස්ථිත චාරිකාවෙහි යෙදී වසන්නහුට මේ ආදීනව පසෙකි. කවර පසෙක යත්:
අධිගත විශේෂයට නො පැමිණෙයි. අධිගත විශේෂය පිරිහෙයි. අධිගත ඇතැම් දෙයින් අවිශාරද වෙයි. දැඩි රෝගෝපද්‍රව පහස්නේ වෙයි. මිත්‍රයන් ඇතියේ නො වෙයි.
මහණෙනි, දීර්‍ඝචාරිකායෙහි අවස්ථිත චාරිකායෙහි යෙදී වසනුවහට මේ ආදීනව පසයි.