මහණෙනි, යම් කලෙක මහණ විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් ... ද්විතීයධ්‍යානය ... තෘතීයධ්‍යානය ... චතුර්‍ත්‍ථධ්‍යානය උපයා වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, එකල ඔහට එ ද නො වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද එකල ඔහට එ ද නො වෙයි.
මහණෙනි, යම් කලෙක මහණ ආස්‍රවක්‍ෂයයෙන් අනාස්‍රව වූ චේතෝවිමුක්ති හා ප්‍රඥාවිමුක්ති දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට උපයාගෙන වෙසේ ද, ඔහට ප්‍රේමහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ප්‍රේමහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද, ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ප්‍රේමයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි. ඔහට ද්වේෂහේතුයෙන් යම් ද්වේෂයෙක් උපදනේ ද ඔහට එ ද ප්‍රහීණ වෙයි. උසුන් මුල් වෙයි. මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක වෙයි. කළ අනභාව ඇතියේ වෙයි. මතුයෙහි නො උපදනා සැහැවි ඇතියේ වෙයි.
මහණෙනි, මෙ මහණ (දෘෂ්ටි විසින්) නොම හුවන්නේ යයි, (ප්‍රතිවිරුද්ධව කලහ විග්‍රහ විසින්) නො හුවන්නේ යයි, (තෘෂ්ණා විචරිත විසින්) නො දුවන්නේය යි, (බාහිර පස්කඳ ගෙණ තෘෂ්ණාවිචරිත විසින්) නො දිලෙන්නේ ය යි, (අස්මීමාන විසින්) වෙන්කොට නො හඟනේ ය යි කියනු ලැබේ.
මහණෙනි, කෙසෙයින් (දෘෂ්ටි විසින්) හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය ආත්ම විසින් දක්නේ ය. ආත්මය රූපවත් කොට හෝ රූපය ආත්මයෙහි ලා හෝ ආත්මය රූපයෙහි ලා හෝ දක්නේ ය. වේදනාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය වේදනාවත් කොට හෝ වේදනාව ආත්මයෙහි ලා හෝ ආත්මය වේදනායෙහි ලා හෝ දක්නේය. සංඥාව ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංඥාවත් කොට හෝ සංඥාව ආත්මයෙහි ලා හෝ ආත්මය සංඥායෙහි ලා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම විසින් දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට හෝ සංස්කාරයන් ආත්මයෙහි ලා හෝ ආත්මය සංස්කාරයෙහි ලා හෝ දක්නේය. විඥානය ආත්ම විසින් දක්නේ ය. ආත්මය විඥානවත් කොට හෝ විඥානය ආත්මයෙහි ලා හෝ ආත්මය විඥානයෙහි ලා හෝ දක්නේය. මහණෙනි, මෙ සෙයින් මහණ දෘෂ්ටි විසින් හුවන්නේය.
මහණෙනි, කෙසෙයින් මහණ නො හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ රූපය ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය රූපවත් කොට හෝ නො දක්නේ ය. රූපය ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය රූපයෙහි ලා හෝ නො දක්නේ ය. වේදනා ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය වේදනාවත් කොට හෝ නො දක්නේ ය. වේදනාව ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය වේදනායෙහි ලා හෝ නො දක්නේ ය. සංඥාව ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංඥාවත් කොට හෝ නො දක්නේ ය. සංඥාව ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය සංඥායෙහි ලා හෝ නො දක්නේ ය. සංස්කාරයන් ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය සංස්කාරවත් කොට නො දක්නේ ය. සංස්කාරයන් ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය සංස්කාරයෙහි ලා හෝ නො දක්නේ ය. විඥානය ආත්ම විසින් නො දක්නේ ය. ආත්මය විඥානවත් කොට හෝ නො දක්නේ ය. විඥානය ආත්මයෙහි ලා හෝ නො දක්නේය. ආත්මය විඥානයෙහි ලා හෝ නො දක්නේ ය. මහණෙනි, මෙ සෙයින් මහණ නො හුවන්නේ ය.
මහණෙනි, කෙසෙයින් මහණ ප්‍රතිවිරුද්ධ විසින් හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අකෙස්ලි කරණහුට පෙරළා අකෙස්ලි කෙරෙයි. රොස්නහුට පෙරළා රොස්නේ වෙයි. ඩබර කරන්නහුට පෙරළා ඩබර කෙරෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ විරුද්ධ විසින් හුවන්නේය.
මහණෙනි, කෙසෙයින් මහණ විරුද්ධ විසින් නො හුවන්නේ ය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ අකෙස්ලි කරණහුට පෙරළා අකෙස්ලි නො කරණේ වේද, රොස්නහුට පෙරළා නො රොස්නේ වේ ද, කලහ කරන්නහුට පෙරළා කලහ නො කරන්නේ වේ ද, මහණෙනි, මෙ සෙයින් මහණ විරුද්ධ විසින් නො හුවන්නේය.
මහණෙනි, කිසෙයින් මහණ දුමන්නේ ය යත්: මහණෙනි, ‘මම’ය යන්න ඇති වත් ම ‘මෙ ප්‍රකාරයෙන් වෙමි’යි වෙයි. ‘මෙබඳු වෙමි’යි වෙයි. ‘අන් පරිදි වෙමි’යි වෙයි. ‘නිත්‍යයෙමි’යි වෙයි. ‘අනිත්‍යයෙමි’යි වෙයි. ‘වෙම් දෝ හෝ’යි වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. ‘මෙබඳු වෙම් දෝ හෝ’යි වෙයි. ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි වෙයි. ‘මම වෙම්ව’යි වෙයි. ‘මම මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. ‘මම මෙබඳු වෙම්ව’යි වෙයි. ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. ‘මතු වෙම්ව’යි වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. ‘මෙබඳු වෙම්ව’යි වෙයි. ‘අන්පරිදි වෙම්ව’යි වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ දුමන්නේ ය.
මහණෙනි, කිසෙයින් මහණ නො දුමන්නේ ය යත්: මහණෙනි, ‘මම’ය යන්න නැති වත් ම ‘මෙ ප්‍රකාරයෙන් වෙමි’යි නො වෙයි. ‘මෙබඳු වෙමි’යි නො වෙයි. ‘අන් පරිදි වෙමි’යි නො වෙයි. ‘නිත්‍යයෙමි’යි නො වෙයි. ‘අනිත්‍යයෙමි’යි නො වෙයි. ‘වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මෙබඳු වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි නො වෙයි. ‘මම වෙම්ව’යි නො වෙයි. ‘මම මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මම මෙබඳු වෙම්ව’යි නො වෙයි. ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. ‘මතු වෙම්ව’යි නො වෙයි. ‘මේ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. ‘අන්පරිදි වෙම්ව’යි නො වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ නො දුමන්නේ ය.
මහණෙනි, කිසෙයින් මහණ (තෘෂ්ණාවිචරිත විසින්) දුල්නේ ය යත්: මෙබඳු රූපාදියෙන් ‘වෙමි’යි ඇති වත් ම, මෙ රූපාදියෙන් ‘මේ ප්‍රකාරයෙන් වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘නිත්‍යයෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අනිත්‍යයෙමි’යි වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම්ව’යි (ප්‍රාර්‍ත්‍ථනා විසින්) වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මතු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ දුල්නේ ය.
මහණෙනි, කිසෙයින් මහණ නො දුල්නේ ය යත්: මෙ රූපාදියෙන් ‘මම’ය යන්න නැති වත් ම, මෙ රූපාදියෙන් ‘මේ ප්‍රකාරයෙන් වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘නිත්‍යයෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අනිත්‍යයෙමි’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම් දෝ හෝ’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘වෙම්ව’යි ප්‍රාර්‍ත්‍ථනා විසින් නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මතු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙ ප්‍රකාරයෙන් වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘මෙබඳු වෙම්ව’යි නො වෙයි. මෙ රූපාදියෙන් ‘අන් පරිදි වෙම්ව’යි නො වෙයි. මහණෙනි, මෙ සෙයින් මහණ නො දුල්නේ ය.
මහණෙනි, කිසෙයින් මහණ ලමු කොට සිතනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ නො වෙයි ... මතු උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ලමු කොට සිතනේ ය.
මහණෙනි, කිසෙයින් මහණ ලමු කොට නො සිතනේය යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණහුගේ අස්මිමානය ප්‍රහීණ වූයේ උසුන් මුල් ඇතියේ මුදුන් සුන් තලක් සෙයින් අවස්තුක කරණ ලදුයේ අනභාව්‍යකෘත වූයේ මතු නො උපදනා සැහැවි ඇතියේ වෙයි. මහණෙනි, මෙසෙයින් මහණ ලමු කොට නො සිතනේ ය.
මහාවර්‍ගය පස්වැනි යි.
මහා පණ්ණාසකය සතරවැනි යි.
5. පස්වන මහාපණ්ණාසකය
1. සප්පුරිස වර්‍ගය
4. 5. 1. 1.
[සප්පුරිස සූත්‍රය]
[සැවැත්නිදාන යි]
1.මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව, මනා කොට මෙනෙහි කරව, කියමි යි වදාළහ. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හු. භාග්‍යවතුන් වහන්සේ තෙල සූත්‍රය වදාළහ:
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා කියන්නේ වෙයි. මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි සිටුනාසුලු වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි. තෙමේත් අයිනාදන් ගන්නේ වෙයි. මෙරමාත් අයිනාදනෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවා කියන්නේ වෙයි. මෙරමාත් මුසවායෙහි සමාදන් කරවයි. තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි සිටුනාසුලු වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යී කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරු වූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මුසවායෙන් දුරු වූයේ වෙයි. මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමාත් අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් කාමයෙහි මිසහසරින් දුරු වූයේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් මුසවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් මුසාවයින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේත් මද පමා දෙකට කරුණු වූ රහමෙරින් දුරු වූයේ වෙයි. මෙරමාත් මද පමා දෙකට කරුණු වූ රහමෙර පීමෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 2.
[දෙවන සප්පුරිස සූත්‍රය]
2. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරයා හා දෙසමි. එය අසව …
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැදැහැ නැත්තේ ය. ලජ්ජා නැත්තේ ය. පවට බිය නැත්තේ ය. අල්පශ්‍රැත ය. කුසීත ය. මුළා වූ සිහි ඇතියේ ය. දුෂ්ප්‍රාඥ ය. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සැදැහැ නැත්තේ ය. මෙරමා ද සැදැහැ නැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට ලජ්ජා නැත්තේ ය. මෙරමා ද ලජ්ජානැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද පවට බිය නැත්තේ ය. මෙරමා ද පවට බියනැතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද අල්පශ්‍රැත ය. මෙරමා ද අල්පශ්‍රැතබව්හි සමාදන් කරවයි. තෙමේ ද කුසීත ය. මෙරමා ද කුසීතබව්හි සමාදන් කරවයි. තෙමේ ද මුළාවූ සිහි ඇත්තේ ය. මෙරමා ද මුළාවූ සිහිඇතිසෙයෙහි සමාදන් කරවයි. තෙමේ ද දුෂ්ප්‍රාඥය. මෙරමා ද දුෂ්ප්‍රාඥබව්හි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සැදැහැ ඇතියේ වෙයි. පවට ලජ්ජා ඇතියේ වෙයි. පවට බිය ඇතියේ වෙයි. බහුශ්‍රුත වෙයි. රුකුළවැර ඇතියේ වෙයි. සිහි ඇතියේ වෙයි. පැණවත් වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් ශ්‍රද්ධාසම්පන්න වෙයි. මෙරමාත් ශ්‍රද්ධාසම්පත්තියෙහි සමාදන් කරවයි. තෙමේත් පවට ලජ්ජා ඇතියේ වෙයි. මෙරමා ද පවට ලජ්ජා ඇතිබව්හි සමාදන් කරවයි. තෙමේ ද පවට බිය ඇත්තේ වෙයි. මෙරමා ද පවට බියඇතිබව්හි සමාදන් කරවයි. තෙමේ ද බහුශ්‍රුත වෙයි. මෙරමා ද බහුශ්‍රුත බව්හි සමාදන් කරවයි. තෙමේ ද ඇරඹූ වැර ඇතියේ වෙයි. මෙරමා ද වැර ඇරඹුම්හි සමාදන් කරවයි. තෙමේ ද එළඹ සිටි සිහි ඇත්තේ වෙයි. මෙරමා ද සීවටන්හි සමාදන් කරවයි. තෙමේ ද ප්‍රඥාසම්පන්න වෙයි. මෙරමා ද ප්‍රඥාසම්පත්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 3.
[තෙවන සප්පුරිස සූත්‍රය]
3. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා, සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. එය අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවා කරන්නේ වෙයි. අයිනාදන් ගන්නේ වෙයි. කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මුසවා බණන්නේ වෙයි. පිසුනුබස් ඇතියේ වෙයි. පරොස්බස් ඇතියේ වෙයි. පලප් ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂයයි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් තෙමේ ද පණිවා කරන්නේ වෙයි. මෙරමා ද පණිවායෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදන් ගන්නේ වෙයි. මෙරමා ද අයිනාදන්හි සමාදන් කරවයි. තෙමේ ද කාමයෙහි මිසහසර ඇතියේ වෙයි. මෙරමා ද කාමයෙහි මිසහසරෙහි ලා සමාදන් කරවයි. තෙමේ ද මුසවා බණන්නේ වෙයි. මෙරමා ද මුසවායෙහි සමාදන් කරවයි. තෙමේ ද පිසුනුබස් ඇතියේ වෙයි. මෙරමා ද පිසුනුබස් හි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බස් ඇතියේ වෙයි. මෙරමා ද පරොස් බස්හි සමාදන් කරවයි. තෙමේ ද පලප් ඇතියේ වෙයි. මෙරමා ද පලප්හි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැමෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි. අයිනාදනින් දුරුවූයේ වෙයි. කාමයෙහි මිසහසරින් දුරුවූයේ වෙයි. මුසවායෙන් දුරුවූයේ වෙයි. පිසුනුබසින් දුරු වූයේ වෙයි. පරොස්බසින් දුරු වූයේ වෙයි. පලපින් දුරු වූයේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේ පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමා ද පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද අයිනාදනින් දුරු වූයේ වෙයි. මෙරමා ද අයිනාදනින් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේ ද පිසුනු බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පිසුනු බසින් දුරු වීමෙහි සමාදන් කරවයි. තෙමේ ද පරොස් බසින් දුරු වූයේ වෙයි. මෙරමා ද පරොස් බසින් දුරු වීමෙහි සමාදන් කරව යි. තෙමේ ද පලපින් දුරු වූයේ වෙයි. මෙරමා ද පලපින් දුරු වීමෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 4.
[සිව්වන සප්පුරිස සූත්‍රය]
4. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... අභිධ්‍යා බහුල වෙයි. ව්‍යාපාදයට පැමිණි සිතැත්තේ වෙයි. මිසදිටු ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් අභිධ්‍යාබහුල වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් කරවයි. තෙමේත් ව්‍යාපාද ඇත්තේ වෙයි. මෙරමාත් ව්‍යාපාදයෙහි සමාදන් කරව යි. තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරු වූයේ වෙයි ... අභිධ්‍යාබහුල කොට නැත්තේ වෙයි. ව්‍යාපාද රහිත සිතැත්තේ වෙයි. සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරු වූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් අභිධ්‍යාබහුල කොට නැත්තේ වෙයි. මෙරමාත් අභිධ්‍යායෙහි සමාදන් නොකරවයි. තෙමේත් අව්‍යාපාද සිතැත්තේ වෙයි. මෙරමාත් අව්‍යාපාදයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 5.
[පස්වන සප්පුරිස සූත්‍රය]
5. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව …
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු ඇතියේ වෙයි. මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මිථ්‍යාවාක් ඇතියේ වෙයි. මිථ්‍යාකර්‍මාන්ත ඇතියේ වෙයි. මිථ්‍යා ආජීව ඇතියේ වෙයි. මිථ්‍යාව්‍යායාම ඇතියේ වෙයි. මිථ්‍යාස්මෘති ඇතියේ වෙයි. මිථ්‍යාසමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාසඞ්කල්ප ඇතියේ වෙයි. මෙරමාත් මිථ්‍යාසඞ්කල්පයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවාක් ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවචනයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාකර්‍මාන්ත ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාකර්‍මාන්තයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාආජීව ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යා ආජීවයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාව්‍යායාම ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාව්‍යායාමයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාස්මෘති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාස්මෘතියෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාසමාධි ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාසමාධියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි. සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. සම්‍යග් වචන ඇතියේ වෙයි. සම්‍යක්කර්‍මාන්ත ඇතියේ වෙයි. සම්‍යග් ආජීව ඇතියේ වෙයි. සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. සම්‍යක්ස්මෘති ඇතියේ වෙයි. සම්‍යක්සමාධි ඇතියේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග්දෘෂ්ටික වේ. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යක්සඞ්කල්ප ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යක්සඞ්කල්පයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් වචන ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග් වචනයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යක් කර්‍මාන්ත ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යක්කර්‍මාන්තයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් ආජීව ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග් ආජීවයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්ව්‍යායාම ඇතියේ වෙයි. මෙරමාත් සම්‍යග්ව්‍යායාමයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යක් ස්මෘති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යක් ස්මෘතියෙහි සමාදන් කරවන්නේ වෙයි. තෙමේත් සම්‍යක් සමාධි ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යක් සමාධියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 6.
[සවන සප්පුරිස සූත්‍රය]
6. මහණෙනි, තොපට අසත්පුරුෂයා හා අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතරයා හා සත්පුරුෂයා හා සත්පුරුෂයාට වැඩි සිටි සත්පුරුෂතරයා හා දෙසමි. ඒ අසව…
මහණෙනි, අසත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි … මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ අසත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, අසත්පුරුෂයාට වැඩි සිටි අසත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිසදිටු වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ අසත්පුරුෂයාට වැඩිසිටි අසත්පුරුෂතරය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂ කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග් දෘෂ්ටික වෙයි ... සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ සත්පුරුෂය යි කියනු ලැබේ.
මහණෙනි, සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ සත්පුරුෂයාට වැඩිසිටි සත්පුරුෂතරය යි කියනු ලැබේ.
4. 5. 1. 7.
[පළමුවන පාප - කල්‍යාණ සූත්‍රය]
7. මහණෙනි, පාපයාත් පාපයාට වැඩිසිටි පාපතරයාත් කල්‍යාණයාත් කල්‍යාණයාට වැඩිසිටි කල්‍යාණතරයාත් දෙසමි. ඒ අසව ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළහ:
මහණෙනි, පාප නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා ඇත්තේ වෙයි ... මිසදිටුහ ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
මහණෙනි, පාපයා කෙරෙන් වැඩි සිටි පාපතර නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවායෙහි සමාදන් කරවයි ... තෙමේත් මිසදිටු ඇත්තේ වෙයි. මෙරමාත් මිසදිටුයෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතර යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණ (භද්‍ර) කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග් දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතරය යි කියනු ලැබේ.
4. 5. 1. 8.
[දෙවන පාප - කල්‍යාණ සූත්‍රය]
8. මහණෙනි, පාපයා ද පාපයාට වැඩිසිටි පාපතරයා ද කල්‍යාණයා ද කල්‍යාණයාට වැඩි සිටි කල්‍යාණතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාප කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිසදිටු වේ ... මිථ්‍යාඥාන ඇතියේ වේ. මිථ්‍යාවිමුක්ති ඇතියේ වේ. මහණෙනි, මේ පාප යි කියනු ලැබේ.
මහණෙනි, පාපයාට වැඩිසිටි පාපතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවන්නේ වෙයි. මහණෙනි, මේ පාපයා කෙරෙන් වැඩිසිටි පාපතරය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණ නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වේ ... සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණයාට වඩා කල්‍යාණතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග් දෘෂ්ටික වේ. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග් විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණයාට වඩා කල්‍යාණතරය යි කියනු ලැබේ.
4. 5. 1. 9.
[පළමුවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]
9. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්‍යාණධර්‍මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්‍යාණධර්‍මතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාපධර්‍ම නම් කවරේය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවා කරන්නේ වෙයි ... මිථ්‍යාදෘෂ්ටික වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, පාපධර්‍මයා කෙරෙන් වැඩිසිටි පාපධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් පණිවා කරන්නේ වෙයි. මෙරමාත් පණිවා කිරීමෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්‍මතරය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණධර්‍ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් පණිවායෙන් දුරුවූයේ වෙයි ... සම්‍යග්දෘෂ්ටික වෙයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණධර්‍මයාට වැඩි සිටි කල්‍යාණධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගයෙක් තෙමේත් පණිවායෙන් දුරුවූයේ වෙයි. මෙරමාත් පණිවායෙන් දුරු වීමෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග් දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග් දෘෂ්ටියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතරය යි කියනු ලැබේ.
4. 5. 1. 10.
[දෙවන පාපධම්ම - කල්‍යාණධම්ම සූත්‍රය]
10. මහණෙනි, පාපධර්‍මයා ද පාපධර්‍මයාට වැඩසිටි පාපධර්‍මතරයා ද කල්‍යාණධර්‍මයා ද කල්‍යාණධර්‍මයාට වැඩිසිටි කල්‍යාණධර්‍මතරයා ද දෙසමි. ඒ අසව …
මහණෙනි, පාපධර්‍ම කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් මිථ්‍යාදෘෂ්ටික වෙයි ... මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ පාපධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, පාපධර්‍මයාට වැඩි සිටි පාපධර්‍මතරයා කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් මිථ්‍යාදෘෂ්ටික වෙයි. මෙරමාත් මිථ්‍යාදෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් මිථ්‍යාඥාන ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් මිථ්‍යාවිමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් මිථ්‍යාවිමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ පාපධර්‍මයාට වඩා පාපධර්‍මතරය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණධර්‍ම නම් කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් සම්‍යග්දෘෂ්ටික වෙයි ... සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. සම්‍යග් විමුක්ති ඇත්තේ වෙයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මය යි කියනු ලැබේ.
මහණෙනි, කල්‍යාණධර්‍මයාට වැඩි සිටි කල්‍යාණධර්‍මතර කවරේ ය? මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් තෙමේත් සම්‍යග්දෘෂ්ටික වෙයි. මෙරමාත් සම්‍යග්දෘෂ්ටියෙහි සමාදන් කරවයි ... තෙමේත් සම්‍යග්ඥාන ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්ඥානයෙහි සමාදන් කරවයි. තෙමේත් සම්‍යග්විමුක්ති ඇත්තේ වෙයි. මෙරමාත් සම්‍යග්විමුක්තියෙහි සමාදන් කරවයි. මහණෙනි, මේ කල්‍යාණධර්‍මයාට වඩා කල්‍යාණධර්‍මතරය යි කියනු ලැබේ.
සත්පුරුෂ වර්‍ගය පළමුවැනි යි
2. පරිසසෝභන වර්‍ගය
4. 5. 2. 1.
[පරිසසෝභන සූත්‍රය]
[සැවැත්නිදාන යි]
11. මහණෙනි, මේ පරිසදූසනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:
මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ මහණ පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ මෙහෙණ පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ උවසු පිරිස් කෙලෙසන්නේ වෙයි. මහණෙනි, දුශ්ශීල වූ පාපධර්‍ම වූ උවැසි පිරිස් කෙලෙසන්නී වෙයි. මහණෙනි, මේ සතර පරිසදූසනයෝ යි.
මහණෙනි, මේ පරිසසෝභනයෝ සතර දෙනෙකි. කවර සතර දෙනක යත්:
මහණෙනි, සිල්වත් කලණදහම් ඇති මහණ පිරිස් හොබවන්නේ වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති මෙහෙණ පිරිස් හොබවන්නී වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති උවසු පිරිස් හොබවන්නේ වෙයි. මහණෙනි, සිල්වත් කලණදහම් ඇති උවැසි පිරිස් හොබවන්නී වෙයි. මහණෙනි, මේ සතර පරිසසෝභනයෝ යි.
4. 5. 2. 2.
[පළමුවන නිරය - සග්ග නික්ඛිත්ත සූත්‍රය]
12. මහණෙනි, දහම් සතරෙකින් සමන්‍වාගත වූයේ ගෙණවුත් බහා තබන ලද්දක් සෙයින් නිරයෙහි නිඃක්‍ෂිප්ත වෙයි. කවර සතරෙකින යත්: