Aṅguttara Nikāya

Numerical Discourses

BJT Sinhala translation · pathnirvana/tipitaka.lk · pending-verification · Fetched 2026-04-30 · 15980 segments

පෙන්වන කොටස් 401-500 න් 15980

මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට (ප්‍රතිසන්‍ධි වශයෙන්) පැමිණෙත් නම්, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටියෙන් යුක්ත සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයට පැමිණෙත්.
1. 16. 2. 8.
මහණෙනි, යම් ධර්‍මයක් හේතු කොට ගෙණ මෙසේ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට (පිළිසඳ විසින්) පැමිණෙත් නම්, මහණෙනි, මේ සම්‍යග්දෘෂ්ටිය යම්බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සම්‍යග්දෘෂ්ටියෙන් යුක්ත වූ සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති නම් වූ ස්වර්‍ගලෝකයට පැමිණෙත්.
1. 16. 2. 9-15.
මහණෙනි, මිසදිටුගත් පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ සමාප්ත වූ (නිඃශේෂ වූ) සමාදින්න වූ (මුල මැද අග සමකොට ගත්) යම් කායකර්‍මයෙකුත් වේ ද, ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද, දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ මොනවට ගන්නා ලද යම් මනඃකර්‍මයෙකුත් වේ ද, ... (දෘෂ්ටිසහජාත වූ) යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද … යම් චිත්තප්‍රණිධියෙකුත් (චේතනා ප්‍රාර්‍ත්‍ථනාවන්ගේ වශයෙන් සිත පිහිටුවාලීමෙක්) වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙද් ද, ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ අකාන්ත වූ මන නොවඩන්නා වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි. මහණෙනි, යම්සේ කොසඹ බිජුවටෙක් වේවයි, වැටකොළු බිජුවටෙක් වේවයි, තිත්ත ලබු බිජුවටෙක් වේවයි, තෙත් බිම බහාලන ලද්දේ යම් ම පෘථිවිරසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල තිත්තරස බව පිණිස, කටුකරස බව පිණිස, නොමිහිරි රස බව පිණිස පවත්නේ ය. ඒ කවරහෙයින: මහණෙනි, බිජුවට ලාමක ය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම මිසදිටු ගත් පුරුෂ පුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද ... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද ... ඒ සියලු ධර්‍මයෝ අනිටු වූ නොකල් වූ අමනාප වූ අහිත වූ දුක් පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය පවිටු ය, එහෙයිනි.
1. 16. 2. 16-22.
මහණෙනි, සම්‍යග්දෘෂ්ටික වූ පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් වූ යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ, සමාදන් වූ යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් චිත්තප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවර හෙයින: මහණෙනි, දෘෂ්ටිය කල්‍යාණය, එහෙයිනි. මහණෙනි, යම් බඳු උක් බිජුවටෙක් වේවයි, හැල් බිජුවටෙක් වේවයි, මිදි බිජුවටෙක් වේවයි, තෙත් බිමෙහි ඇද බහාලන ලද්දේ යම් ම පෘථිවි රසයකුත් ඇද ගණී ද, යම් ම ආපෝරසයකුත් ඇද ගණී ද, ඒ සියල්ල මධුරභාවය පිණිස, ප්‍රියභාවය පිණිස අසේචනකභාවය (අමුතු රස නො ඉසිය යුතු බව = අත්‍යන්තප්‍රියභාවය) පිණිස පවත්නේය. ඒ කවර හෙයින: මහණෙනි, බිජුවට සොඳුරුය, එහෙයිනි. මහණෙනි, එපරිද්දෙන් ම සම්‍යග්දෘෂ්ටික පුරුෂපුද්ගලයාගේ දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් කායකර්‍මයෙකුත් වේ ද ... යම් වාක්කර්‍මයෙකුත් වේ ද ... දෘෂ්ටියට අනුරූප වූ පිරිපුන් වූ සමාදන් ව ගත් යම් මනඃකර්‍මයෙකුත් වේ ද ... යම් චේතනායෙකුත් වේ ද ... යම් ප්‍රාර්‍ත්‍ථනායෙකුත් වේ ද ... යම් ප්‍රණිධියෙකුත් වේ ද .... යම් සංස්කාර කෙනෙකුත් වෙත් ද, ඒ සියලු ධර්‍මයෝ ඉටු වූ කල් වූ මනාප වූ හිත වූ සුව පිණිස පවත්නාහ. ඒ කවරහෙයින: මහණෙනි, දෘෂ්ටිය සොඳුරු ය, එහෙයිනි.
දෙවන වග යි.
[3. තෙවන වර්‍ගය]
1. 16. 3. 1.
මහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: විපරීතදර්‍ශන ඇති මිථ්‍යාදෘෂ්ටික වෙයි. හෙතෙම බොහෝ දෙනා (දශකුශලකර්‍මපථසඞ්ඛ්‍යාත) සද්ධර්‍මයෙන් නඟා (දශ අකුශල කර්‍මපථ සඞ්ඛ්‍යාත) අසද්ධර්‍මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගල තෙමේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස උපන්නේ වෙයි.
1. 16. 3. 2.
මහණෙනි, ලෙව්හි උපදනට සමත් එක් පුද්ගලයෙක් බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක යත්: මහණෙනි, අවිපරීත දර්‍ශන ඇති සම්‍යග් දෘෂ්ටික වෙයි. හෙ තෙමෙ බොහෝ දෙනා අසද්ධර්‍මයෙන් නඟා සද්ධර්‍මයෙහි පිහිටුවයි. මහණෙනි, ලෙව්හි උපදනට සමත් මේ එක් පුද්ගලයා බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඬ පිණිස දෙව්මිනිස්නට හිත පිණිස සුව පිණිස උපන්නේ වෙයි.
1. 16. 3. 3.
මහණෙනි, යමෙක් මෙසේ මහාසාවද්‍ය වේ ද, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් බඳු වේ නම් එබඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, දෝෂයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇතියහ.
1. 16. 3. 4.
මහණෙනි, යමෙක් මෙසේ බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නොසුව පිණිස බොහෝ දෙනාට නොවැඩ පිණිස දෙව්මිනිස්නට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නේ ද, මහණෙනි, මස්කරි මෝඝපුරුෂයා බඳු අන් එක පුඟුලකු මම නො දක්මි. මහණෙනි, යම්සේ හෝමුවදොර බොහෝ මස්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස කෙමිනක් බහා ලන්නේ ද, මහණෙනි, එපරිද්දෙන් ම මස්කරි මෝඝපුරුෂයා බොහෝ සත්නට අහිත පිණිස දුක් පිණිස නොවැඩ පිණිස වැසන පිණිස ලෙව්හි උපන් මිනිස් කෙමිනක් බඳු වේ.
1. 16. 3. 5.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පව් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ඒ ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 6.
මහණෙනි, මොනොවට (ඒකාන්තනෛර්‍ය්‍යාණිකභාවයෙන්) දෙසන ලද ශාසනයෙහි යමෙකුත් සමාදන් කරවා නම්, යමකුදු ලවා සමාදන් කරවා නම්, සමාදන් කරවන ලද යම් අතැවැසියෙකුත් ඒ පිණිස පිළිපදනේ නම්, ඒ හැම දෙන බොහෝ පින් රැස් කෙරෙත්. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 7.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි දායකයා විසින් පමණ දත යුතු වෙයි. ප්‍රතිග්‍රාහකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 8.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි ප්‍රතිග්‍රාහකයා විසින් පමණ දත යුතු වෙයි. දායකයා විසින් නොදත යුතු වේ. ඒ කවරහෙයින: මහණෙනි, ශාසනය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 9.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරකශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 10.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් කුසීත (තුන් විතක් ඇති) වේ ද, හේ දුකසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මනාකොට දෙසන ලද බැවිනි.
1. 16. 3. 11.
මහණෙනි, වරදවා දෙසන ලද බාහිරක ශාසනයෙහි යමෙක් කුසීත වේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය වරදවා දෙසන ලද බැවිනි.
1. 16. 3. 12.
මහණෙනි, මොනොවට දෙසන ලද ශාසනයෙහි යමෙක් පටන්ගත් වැර ඇතියේ ද, හේ සුවසේ වෙසෙයි. ඒ කවරහෙයින: මහණෙනි, ධර්‍මය මොනොවට දෙසන ලද බැවිනි.
1. 16. 3. 13.
මහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූත් ගූථය දුගඳ වේ ද, එසෙයින් ම මම අල්පමාත්‍ර කාලයකුදු යටතින් ඇඟිලිපොළනකල් පමණකුදු භවප්‍රතිසන්‍ධිය නො වණමි.
1. 16. 3. 14-17.
මහණෙනි, යම්සේ අල්පමාත්‍ර වූ ද මුත්‍රය දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද කෙළ දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද පූයා දුඟද වේ ද ... අල්පමාත්‍ර වූ ද ලෙහෙ දුඟද වේ ද, මහණෙනි, එසෙයින් ම අල්පමාත්‍රකාලයකුදු යටත් පිරිසෙයින් ඇඟිලිවටන කලක් පමණකුදු භවය මම නො වණමි.
තෙවන වග යි.
[4. ජම්බුදීපපෙය්‍යාලය]
1. 16. 4. 1.
මහණෙනි, මේ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය යම්සේ අල්පමාත්‍ර වේ ද, වැලිදු ගොඩ හා හෝකඩ බුනු තැන් ද, නදී දුර්‍ග ද, කණු කටු පිහිටි තැන් ද, ගිරි විෂමස්ථාන ද යන මෙය ම ඉබොහෝ වේ, මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්‍ව කෙනෙක් ගොඩ උපදනාහු ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දියෙහි උපදනාහු ද තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 2.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසුන් හැරපියා (නිරෑහි) උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 3.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මධ්‍යම ජනපදයෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අඥ වූ ම්ලෙච්ඡයන් ඇති පසල්දනවුහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 4.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පැණවත් වෙත් ද, මූඪ නො වෙත් ද, වහතොලු නො වෙත් ද, සුභාෂිත දුර්‍භාෂිතයන්ගේ අර්‍ත්‍ථ දන්නට සමත් වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දුෂ්ප්‍රාඥ ද, මූඪ ද, වහතොලු ද, සුභාෂිත දුර්‍භාෂිතයන් ගේ අර්‍ත්‍ථ දන්නට අසමත් ද ඒ සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 5.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ආර්‍ය්‍ය වූ ප්‍රඥාචක්‍ෂුසින් සමන්‍විත වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අවිදු අඳුරෙන් යුක්ත වූවාහු මුළා වූවාහු ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 6.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ ම අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ දක්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 7.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් සිවුසස් පවසා වදහළ ධර්‍මවිනය අසන්නට ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තථාගතයන් වහන්සේ විසින් (සිවුසස්) හෙළි කොට වදාළ ධර්‍මවිනය අසන්නට නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 8.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ දරත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අසා පෙළ නො දරත් ද තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 9.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් පුහුණු පෙළ අරුත් පිරික්සත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දැරු පෙළ අරුත් නො පිරික්සත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 10.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අටුවා දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය (ලොව්තුරා දහමට අනුලොම් පිළිවෙත) පිළිපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අරුත් දැන පෙළ දැන ධර්‍මානුධර්‍මය නො පිළිපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 11.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි (ජාත්‍යාදියෙහි ලා) සංවේග (සාපත්‍රපඥාන) කෙරෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවේග ජනන කරුණෙහි සංවේග නො කෙරෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 12.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු උපා නුවණින් ප්‍රධන් වැර වඩත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් සංවිග්න වූවාහු නුවණින් වැර නො වඩත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 13.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට මාර්‍ගඵලසමාධිය ලබත් ද, චිතෛතකාග්‍රය ලබත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිවන් අරමුණු කොට සමාධිය නො ලබත් ද චිත්තෛකාග්‍රය නො ලබත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 14.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර වූ පඤ්චභෝජයන් හා අග්‍ර වූ රස ලබනසුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අග්‍ර ආහාර හා අග්‍ර රස නො ලබන සුලු වෙත් ද අසුළා ගත් වනමූලඵලයෙන් හෝ කබලින් අළ අහරින් හෝ යපෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 15.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් (චතුඃ ශ්‍රාමණ්‍යඵල සඞ්ඛ්‍යාත) අර්‍ත්‍ථරසයත් (චතුර් මාර්‍ග සඞ්ඛ්‍යාත) ධර්‍මරසයත් (නිර්‍වාණ සඞ්ඛ්‍යාත) විමුක්තිරසයත් ලබනසුලු වෙත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් අර්‍ත්‍ථරස ධර්‍මරස විමුක්තිරස නොලබන සුලු වෙත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. මහණෙනි, එහෙයින් ‘අර්‍ත්‍ථරසය - ධර්‍මරසය - විමුක්තිරසය ලබන සුලු වම්හ’යි මෙසෙයින් හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසෙයින් හික්මිය යුතුයි.
1. 16. 4. 16-18.
මහණෙනි, යම්සේ මෙ දඹදිව අරම් රමණීය, වන රමණීය, බිම් රමණීය, පොකුණු රමණීය අල්පමාත්‍ර වේ. වැලිදු යම් ගොඩවළ තැන්, නදීදුර්‍ග, කණු කටු ගැවසීගත් තැන් හා පර්‍වත විෂමස්ථාන ඇත් ද, මෙයම බහුතර වේ. මහණෙනි, එපරිද්දෙන් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු මනුෂ්‍යයන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති. ... තිරිසන්යොන්හි උපදිත් ද, ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 19-21.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් මිනිසත් බැවින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 22-24.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 25-27.
... මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මනුෂ්‍යන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. යම් සත්ත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙත් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 28-30.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 31-33.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 34-36.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 37-39.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනියෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් තිරිසන්යෝනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන් යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙති.
1. 16. 4. 40-42.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
1. 16. 4. 43-45.
මහණෙනි, එසෙයින් ම යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් ද, ඒ සත්ත්‍වයෝ අල්ප වෙති. වැලිදු යම් සත්ත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් ද ... තිරිසන්යොන්හි උපදිත් ද ... ප්‍රේතවිෂයෙහි උපදිත් ද, තෙල සත්ත්‍වයෝ ම බහුතර වෙත්.
[ජම්බූද්වීප පෙය්‍යාලය නිමි]
සතරවන වග යි.
[5. සොළොස්ප්‍රසාදකරධර්‍ම]
1. 16. 5. 1-16.
මහණෙනි, යම් ආරණ්‍යක බවෙක් වේ ද, ... පිණ්ඩපාතික බවෙක් වේ ද, ... පංසුකූලික බවෙක් වේ ද, ... තෙචීවරික බවෙක් වේ ද, ... ධර්‍මකථික බවෙක් වේ ද, ... විනයධර බවෙක් වේ ද, ... බහුශ්‍රුත බවෙක් වේ ද, ... ස්ථාවරප්‍රාප්ත බවෙක් වේ ද, ... ආකල්පසම්පත්තියෙක් වේ ද, ... පරිවාරසම්පත්තියෙක් වේ ද, ... මහපිරිවර ඇති බවෙක් වේ ද, ... කුලපුත් බවෙක් වේ ද, ... රූපසම්පන්න බවෙක් වේ ද, ... බස්කම්හි මියුරු හඬ ඇති බවෙක් වේ ද, ... අල්පෙච්ඡ බවෙක් වේ ද, ... ආරෝග්‍යසම්පත්තියෙක් වේ ද, මෙය ලාභයන් අතුරෙහි ඒකාන්ත ලාභය වේ.
[සොළොස්ප්‍රසාදකරධර්‍ම නිමි]
පස්වන වග යි.
[6. අච්ඡරාසඞ්ඝාත වර්‍ගය]
1. 16. 6. 1.
මහණෙනි, ඉදින් මහණ ඇගිලි පොළන පමණ කලෙකුදු ප්‍රථමධ්‍යානය භවා නම්, මහණෙනි, මේ මහණ නො හළ දැහැන් ඇතිව වසතියි කියනු ලැබේ. ශාස්තෘශාසනය කරන්නේ (ශාස්තෲන් වහන්සේගේ) අවවාදය පිළිපදනේ රට වැසියාගේ (සවිපාක හෙයින්) නො සිස් වූ පිණ්ඩපාතය වළඳතියි කියනු ලැබේ. යම් කෙනෙක් එය බහුල වශයෙන් කෙරෙත් නම් කවර කථා ය.
1. 16. 6. 2-8.